මේ සම්බන්ධව මම මගේ අදහස මම ප්‍රකාශ කලා..
වැලිවේරිය සම්බන්ධ සිදුවීමේ දෙපැත්තක් තියෙනවා..බහුතරය ගත්තම ගමේ මිනිසුන් පිරිසකට වෙච්ච අසාධාරණයක් තියෙන්නේ.. බොන්න තියෙන දිය පොදක් වෙනුවෙන් කල අරගලයක්.ඇත්ත ඒ මිනිස්සුට තරම් මේ කාටවත් ඔය ප්‍රශ්නේ දැනෙන්නේ නෑ.(දැනෙනවා යැයි හැඟෙව්වට)
ඒත් ඔය සිදුවීම මැඩලන්න යොදා ගත්තේ අපේ රටේ අවු 30ක් තිබුණ යුද්ධය අවසන් කල හමුදාවමයි.ඉතින් ඒ යුධ හමුදාවට යුද්ධෙන් පස්සේ යුධ අපරාධකාරයෝ කියලා ලෝකයා ඇඟිල්ල දික් කලා..ඉතින් ඒ ඇඟිලි දිගු කල අයවලුයි ඔබෙයි ඇති වෙනස කුමක්ද?
මේ වගේ රූපරාමූ හදන කෙනා වගේම ෂෙයා කරන කෙනත් ලෝකයට කියන්නේ හදන පණිවුඩය කුමක්ද?
ඒකට දෙන්න ඕන උත්තරය තියෙන්නෙත් ඔබ සතුවමයි..උත්තරය ටිකක් පරණයි.(අර එදා වැනල් 4 වගේ කොටි නාළිකා වලට මීට අවු. කිහිපයකට කලින් අපි දීපු උත්තරයම තමා..)වගේම හමුදාවක් කරන්නේ අණ පිළිපැදීමයි.අහිංසක මිනිසුන් පිරිසක් වෙනුවෙන් හමුදාවක් යොදවන්නේ නෑ..අපේ රටේ දෙයක් රටකින් එහා නොයවා විසඳගන්න පුලුවන් නම් ඒකට උදව් කරන්න.ෂෙයාර් කරාටවත් ලයික් කරාටවත් ප්‍රශ්න විසඳෙන්නෙ නෑ.මොකද දේශපාලනේ FB එකෙන් නෙමෙයි වෙන්නේ..මේ වැඩෙන් වෙන්නේ ලෝකෙටම වැරදි අර්ථකථනයක් දෙනවා යම් සිදුවීමක් ගැන. වැලිවේරිය ප්‍රදේශයේ ජනතාවට උද්ගත වූ ගැටලුව තවත් මරණෙකින් තොරව විසඳේවා..



