සාටකයා ඝාතකයා බව තවමත් තේරුම් නොගත් මහජනත
සාටකයා ඝාතකයා බව තවමත් තේරුම් නොගත් මහජනතාව වෙතයි
(ලංකා ඊ නිව්ස් -2013.අගෝ.05, ප.ව.11.30)
ප්‍රවීන මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන අවමගුලේදී ප්‍රධාන තේමාව වූයේ ..සාටකයා ඝාතකයා.. යන්නයි. එකී පාඨය වචනයකට පමණක් සීමා නොවී දිගින් දිගටම පවත්වාගෙන යාමට වර්තමාන පාලක සාටකයා සමත්වී තිබේ. ලසන්තගේ ඝාතනයේ සිට මේ වන විට ඝාතනය කර හෝ අතුරුදහන් කර ඇති ප්‍රමාණය ගණන් හැදිය නොහැකි තරම්ය. ඔහු මෙතක් සිදු කර ඇති ඝාතන පෙළේ අවසන් සමූහ ඝාතනය බීමට පිරිසිදු වතුර ඉල්ලු වැලිවේරිය ජනතාවගෙන් අවසන් විය. එය ඔහුගේ අවසන් ඝාතනය යැයි විශ්වාස කළ හැක්කේ කාටද?
විරුද්ධවාදීන් ඝාතනය කිරීම ඔහුගේ සංස්කෘතියයි. ඒ පිළිබඳ කිසිදු හෝ චකිතයක් අද ඔහුට නැත. ගව ඝාතනයට විරුද්ධ වෙමින් මිනිසුන් ඝාතනය කරන්නේ එදා 88-89 කාලවකවානුවේදී ගවයන් මෙන් මිනිසුන් ඝාතනය කරන විට මිනිසුන් වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ගිය පුද්ගලයා වීම අප කෙසේ නම් තේරුම් ගන්නද?
ශ්‍රී ලංකාව තුළ මෙතෙක් බිහිවූ පාලකයන් අතර දක්ෂම ඝාතකයා (අනෙකුත් ඝාතකයින් අතර) ඔහුය. උතුරේ එල්ටීටීඊ සංවිධානයට එරෙහි යුද්ධයේදී ප්රභාකරන්ද ඇතුළු සිවිල් ජනතාව විශාල පිරිසක් ඝාතනය කිරීමට ඔහු විසින් නායකත්වය දුන් බැවින් දකුණේ සිංහල ජනතාව විසින් යුද්ධය අවසන් කළ නායකයා ලෙස දක්ෂතම ඝාතකයාට හිමි සම්මානය ඔහුට පිරිනමනු ලැබීය. මෙම සම්මානයත් සමඟ දැන් ඔහු සිතන්නේ ඔහුට කළ නොහැක්කක් නැත කියාය. ඒ අනුව ප්‍රගීත් එක්නැලිගොඩ වැන්නවුන් අතුරුදහන් වන අතර තමන්ට අත දුන් භාරත ලකෂ්මන් වැනි අය කුඩුකාරයින් ලවා ඝාතනය කරයි. සාමය හා සහජීවනය ගැන කථා කළවුන් ත්රස්තවාදීන් වූ අතර, ත්රස්තවාදීන් (කේපී, කරුණා, පිල්ලෙයාන්, දයා මාස්ටර්) ඔහුගේ ගෝලයන් බවට පත් විය. යෝජිත විශ්‍රාම වැටුප් සංශෝධන පනතට එරෙහිව උත්ඝෝෂණය කළ කටුනායක රොෂාන්ලා සහ බීමට ජලය ඉල්ලු වැලිවේරිය සාමාන්‍ය වැසියන් හමුදාව යොදවා ඝාතනය කිරීමට තරම් ඔහු ම්ලේච්ඡය. ආරක්ෂක ලේකම් වන ඔහුගේ මල්ලීද උපන්ගෙයි ඝාතකයෙක් බවට චෝදනා වඩාත් තහවුරු වන්නේ මාතලේ සමූහ මිනී වලෙන් මතු වූ මිනිස් ඇට කැබලි තොගයත් සමගය.
වර්තමාන පාර්ලිමේන්තුවේ වැඩි කාලයක් හිඳිමින් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයේ අත්දැකීම් ඇති සාටකයා අද රටේ පාලකයා බවට පත්වී පැහැරගැනීම්, බිය ගැන්වීම්, ඇන්දවීම් හා රැවැට්ටවීම් හරහා රට පාලනය කරන්නේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය බල්ලාට දමමිනි. ඔහුට අද පාර්ලිමේන්තුව අවශ්‍ය වන්නේ ඔහුගේ ආරක්ෂාවට අවශ්‍ය පලිහක් ලෙස විනා ප්රජාතන්ත්රවාදයේ වුවමානවට නොවේ.
මිනිසුන් ඝාතනයට අමතරව තවත් විශේෂ දක්ෂතා ඔහු සතු බව කාගෙත් පිළිගැනීමයි. බොහෝ විචාරකයින් කියන්නේ බලවේග කළමණාකරනයේ ඔහු අති දක්ෂයෙකු බවයි. විපක්ෂය විනාශ කිරීමේ හැකියාව ඒ අතර ප්‍රධානය. ඊට කදිම නිදසුන නම් ලසන්තගේ ඝාතනයේදී සාටකයා ඝාතකයා යැයි කී විපක්ෂයේ බොහෝ දෙනා අද සාටකයාගේ සාටකය ඇඳගෙන සිටින බැවිනි (දයාසිරිද ඇතුළුව)
ඝාතනයට සමගාමීව ජනතාව ඇන්දවීමේ හැකියාව ඔහුට ඇති තවත් හැකියාවකි. ඔහු වෙනුවෙන් ජනතාව ඇඳ ගැනීමේ ද කෙළවරක් නැති තරම්ය. සංවර්ධන ඇන්දවීමට ඔහු වඩාත් කැමැත්තක් දක්වන බව පෙන්වයි. ඔහු පමණක් නොව ඔහුගේ මල්ලිලාද ඊට වඩාත් කැමතිය මන්දයත් ඒවායෙන් ලැඛෙන කොමිස් මුදල් සුළු පටු නොවන නිසාය. මෙකී කොමිස් මුදල් සඳහා බාප්පලා පුතාලා ගහගන්නා තත්වයට පත්වී තිඛෙන බවක් පසුගිය කාලයේ වාර්තාවිය.
තවද, පවිත්‍රා ලවා විදුලි බිල වැඩිකර දෙවනුව එම බිල අඩුකරා යැයි කියා ජනතාව අන්දවයි. හෙට අනිද්දාට වැලිවේරිය ජනතාව ඇන්දවීමට උත්සාහ ගන්නවා නොඅනුමානය. වැලිවේරිය පරීක්ෂණ වාර්තා එලියට ආ පසු ඊට අණදුන් නිළධාරියා හිරේ යවා ඔහු ඉන් ගැලවෙනවා ඇත. මන්ද යත් දැන් ඔහුගේ වැඩේ කෙරී හමාරය. දැන් උද්ඝෝෂන කරුවෝ මහපාරේ නැත. ඔවුහු ඇසිඩ් වතුර බිබී හ~ හ~ා සිටිති. හෙට අනිද්දා මැතිවරණයක් ලඟ එන නිසාත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ලඟකදී ශ්‍රී ලංකාවට එන නිසාත්, නොවැම්බරයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ලංකාවේදී පැවැත්වෙන නිසාත්, මේවා ඉදිරියේ ප්රජාතන්ත්රවාදී නායකයෙකු ලෙස පෙනී සිටීමට සාටකයාට අවශ්‍ය නිසාත් බොහෝ විට වැලිවේරියේදී අණදුන්නා කියා කවුරුන් හෝ වැරදිකාරයෙක් කරනු ඇත. වැලිවේරිය ජනතාවට වතුරද ලැඛෙනු ඇත. ඝාතනයන් අමතක කර දමා ජනතාව සෑහීමකට පත්වනු ඇත. ඝාතනය වූවන්ගේ පවුල් වලට පමණක් දුක සීමා වනු ඇත.
ප්රශ්නය තිඛෙන්නේ සාටකයාගේ හෝ ඔහුගේ පවුලේ අයගේ පමණක් නොවේ. දහස් ගණනක් සිවිල් මිනිසුන් ඝාතනය කරන විට, පාර්ලිමේන්තුව ඇතුළු ප්‍රධාන විපක්ෂය භේදභින්න කොට එම ආයතන විනාශ කරනවිට, පවුල් පාලනයක් රට පුරා ව්‍යාප්ත කරනවිට, අසාර්ථක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවිට, (හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපල, නොරොච්චෝලේ විදුලි බලාගාරය අතුළු තවත් බොහෝ ව්‍යාපෘති) අධිකරණයට අත පොවා නීත්‍යානුකූල අගවිනිසුරු එලවා ඔහුගේ හෙන්චයියෙක් අගවිනිසුරු කරනවිට, පොලිසිය යොදවා කොන්ත්‍රාත් ක්‍රමයට මිනීමරණ විට, ප්රජාතන්ත්රවාදී උද්ඝෝෂණ හමුදාව යොදවා උද්සෝෂක කරුවන් මරා දමන විට, ,රටේ ජනතාව, එය තේරුම් ගත්තේ හෝ ක්‍රියා කලේ කෙසේද? යන්නයි
උතුරෙන් මතුව ආ ප්රජාතන්ත්රවාදී ඉල්ලීම් සිංහල ජාතියට එරෙහි ඉල්ලීම් ලෙස සලකා උතුරේ ත්‍රස්තවාදී සංවිධානයක් ගොඩනැගී රට විනාශ කරන තත්වයක් දක්වා එම ප්රශ්නය තල්ලූකර දැමුවේද මේ බහුතර ජනතාවමය, උතුරේ සිවිල් ජනයා දහස් ගණන් මැරෙද්දී හිත යටින් හෝ දෙමළු මේ රටෙන් හැඳි ගෑවිලා ගියානම් අපිට සතුටින් ජීවත් විය හැකියැයි සිතුවේද මේ ජනතාවමය, දහස් ගණනින් මිනීමැරීමේ සතුට කිරිබත් කා භුක්ති වින්දේද මේ ජනතාවමය, සාමය හා සහජීවනය ගැන කථා කළ මාධ්‍යවේදීන් හා සිවිල් ක්‍රියාකාරීන් වැනි බොහෝ අය ත්රස්තවාදීන්ට උදව් දෙන්නන්, ඩොලර් කාක්කන්, අධිරාජ්‍ය ගැත්තන්, රට පාවා දෙන්නන් ලෙස හැඳින්වූයේද මේ ජනතාව විසින්මය. දේශපාලන බලය ඛෙදීම රට ඛෙදීමක් යැයි හඳුන්වන්නේද මේ ජනතාවමය. රට තුළ තමන්ට කැමති විදිහට හොරා කද්දී එය නොපෙනුනා මෙන් සිටින්නේද මේ ජනතාවමය, උතුරේ සටන් කරනවිට වීරෝධාර රණවිරුවන් යැයි කියමින් ඔවුන්ට සෙත් පතා බෝධි පූජා පැවැත්වූයේද, ලේ දන්දුන්නේද මේ ජනතාවමය,
නමුත් දැන් සාටකයා විසින් ඒ හමුදාවම යොදවා මාධ්‍යවේදීන්, සිවිල් පුරවැසියන් ඝාතනය කරන විට ඒ ජනතාව කියන්නේ කුමක්ද? කරන්නේ කුමක්ද? යෝජිත පනතකට එරෙහිව උද්සෝෂණය කිරීම හේතුවෙන් කටුනායක රොෂාන් ලා ඝාතනය කරනවිට, බීමට වතුර ඉල්ලා උද්සෝෂණයේ යෙදුන දරුවන් ඝාතනය කරන විට, ඒ ජනතාව කියන්නේ කුමක්ද? කරන්නේ කුමක්ද?
මේ ලිපිය අවසන් කරන්නට මත්තෙන් මෙම ජනතාවට 1982 දී කුට්ටුමනී විසින් උසාවිය තුළදී කරන ලද ප්‍රකාශය මතක් කර දෙන්නට කැමැත්තෙමි.
, අපි ජාතිවාදීන් නොවෙමු. සිංහල ජනයාගේ අයිතිය උදුරා නොගනිමු. අපි අපේ සටනේදී සිංහල ජනතාව ආදරයෙන් සිහිපත් කරමු. ඔවුන්ගේ සාධාරණ සටන් වලදී අපගේ සහයෝගය පල කරමු. එලෙසම අපගේ විමුක්ති සටනට සිංහල ජනයා සහය දිය යුතුය. අනෙකාගේ නිදහස ගැන උනන්දු නොවන පුද්ගලයා තමන්ගේ නිදහස වළලා ගනී. අපට අත්වූ ඉරණම ශ්‍රී ලංකා ජනතාවට මතු දිනක අත් වනු ඇත. එදාට අලිමංකඩ වද කඳවුර හම්බන්තොටට ගෙන යනු ඇත. ගුරුනගර් වධ කඳවුර කුරුණෑගලට ගෙන යනු ඇත. අද ද්‍රවිඩ තරුණයන් වෙනුවට එදාට සිංහල තරුණයන් ඒවායෙහි වධ විඳිනු ඇත.,
මෙය දකුණේ ජනයා තේරුම් නොගත් දේයි. බලය සඳහා උතුරට හැරවු තුවක්කුව දකුණටද ඒ ලෙසම හැරෙනු ඇත. වැලිවේරියේදී හැරවුනේ බයිනේත්තුව පමණි එදාට විඳවන්නේ අපි හැමෝමය. විසඳුම නම් ඝාතක සාටකයා බලයෙන් පන්නා දමා ප්රජාතන්ත්රවාදී පාලනයක් වෙනුවෙන් සැවොම එක්වී සටන් කිරීමය.
සේනක වත්තේගෙදර විසිනි

but why?