කාලය හරහා යන්න පුලුවන් වෙයිද

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    thanks machan. atthatama machan alokaya witharada salakanna ona. kalayath ekka ape wenas wena dewal alokayen witharada dakinna puluwan, eh kianne alokayata sapekshawa witharada.

    api katha karanne alokay
    a gana nemeyi.alokaye wegaya gana.eka wegayak witharayi.

    aththama kiwuwoth 299 792 458 m / s ganayi api katha karanne.

    (m/s = thathparayata meetara)​
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    පි මෙතනදී කත කරපු ක්වොන්ටම් විද්‍යාව හැදුනු හැටි. (මේක ඇත්තද නම් දන්නෙ නෑ )

    පදාර්ථයක් කියන්නේ ඝණ දෙයක්. උදාහරණයක් හැටියට මාබල් බෝලයක් කියන්නේ ඝණ දෙයක්. ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ ඉතාම කුඩා පදාර්ථ අංශුවක් හැටියටයි සැළකෙන්නෙ. හරියට කුඩා මාබල් බෝලයක් වගේ.

    snap013.jpg

    මාබල් බෝලයක්

    පොඩි පරීක්ෂණයක් කරමු. මේක ඇත්තටම භෞතික විද්‍යාඥයින් කරපු පරීක්ෂණයක්.
    මාබල් බෝල විදින මැෂින් එකක් මගින්, හතරැස් දිග සිදුරක් තියෙන බෝඩ් එකකට මාබල් විදිමු. සිදුර තුළින් යන මාබල් බෝල ඊට එහා එපිටින් තියන තවත් බෝඩ් එකක වැදිලා, ඒ වැදෙන තැන සළකුණක් හිටිනවා කියලා හිතන්න.

    snap014.jpg

    මාබල් බෝල විදිනය, දිගු සිදුර සහිත බෝඩය, සහ ඊට එපිටින් ඇති දෙවනි බෝඩය

    දැන් මාබල් විදිනයෙන් මාබල් විදිමු. එතකොට සිදුර තුළින් මාබල් ගිහින්, ඒවා දෙවනි බෝඩ් එකේ වැදිලා, දිගු සිදුරේ හැඩයට සමාන හැඩයක් දෙවනි බෝඩ් එකේ හැදේවි. මේ වගේ:

    snap015.jpg

    මාබල් විදීම

    snap016.jpg

    මාබල් සිදුර තුළින් ගොස් දෙවනි බෝඩ් එකේ දිගු ඉරක් සෑදීම

    දැන් පරීක්ෂණය පොඩ්ඩක් වෙනස් කරලා, සිදුරැ දෙකක් තියන බෝඩ් එකක් පාවිච්ච කර, නැවත මාබල් විදිමු. මොකද වෙන්නේ? දෙවනි බෝඩ් එක මත ඉරි දෙකක් ඇති වෙනව නේ.

    snap017.jpg

    සිදුරැ දෙකේ බෝඩය

    snap018.jpg

    මාබල් විද්දායින් පසු දෙවැනි බෝඩ් එකේ ඇති වන ඉරි දෙක

    ඒ පදාර්ථ ක්‍රියා කරන හැටි. දැන් තරංගයක් ක්‍රියාකරන හැටි බලමු මේ පරීක්ෂණයම තරංග මගින් කරලා. මෙතනදී අපි තරංග විදියට ගන්නේ ජල තරංග. අපි කරන්නේ, බෝඩ් දෙක අඩක් වතුරේ ගිල්වලා, ජල තරංග ඇති කරවන එකයි. මුලින්ම එක සිදුරක් සහිත බෝඩ් එක පාවිච්චි කරමු. පහල පින්තූර වලින් පේන්නේ එතකොට වෙන දේ.

    snap019.jpg

    තරංගය සිදුර දෙසට ඇදී යයි

    snap020.jpg

    තරංය සිදුර තුළින් යන විට එතැනින් නව තරංගයක් ආරම්භ වෙයි.
    එම අළුත් තරංගයේ මධ්‍ය ලක්ෂය හෙවත් උච්චස්ථානය දෙවැනි බෝඩ් එකේ
    හැපුණු විට එතැන බෝඩ් එක මත සලකුණක් ඇති වෙයි

    ඉහත දී දෙවැනි බෝඩ් එක මත ලැබෙන සළකුණ හෙවත් ප්‍රතිඵලය, අප කළින් සිදු කළ මාබල් පරීක්ෂණයේ ප්‍රතිඵලයට සමාන බව ඔබට පේනවා. අවස්ථා දෙකේදීම ලැබුණේ තනි ඉරක්.

    දැන් නැවතත්, තනි සිදුරක් වෙනුවට සිදුරැ දෙකක් සහිත බෝඩ් එකක් තුළින් ජල තරංග යවමු.

    snap021.jpg

    snap022.jpg

    snap023.jpg

    දැන් සිදුවූ දේ බලන්න. ජල තරංග සිදුරැ දෙක තුළින් යන විට, ඒ සිදුරැ දෙක මගින් නැවත කුඩා තරංග දෙකක් සදනවා. දැන් ඒ තරංග දෙක එකට එක හැපීමෙන්, ඒ හැපෙන ස්ථානයේ පීඩනය වැඩි වෙනවා. මේ වැඩි පීඩන ස්ථාන දෙවැනි බෝඩ් එකේ හැපුනු විට ඇති වන්නේ දෙවැනි හා තෙවැනි රෑපයේ පෙනෙනවා වගේ ඉරි රාශියක්. මේ ප්‍රතිඵලය, මාබල් සිදුරැ දෙකක් තුළින් යැවීමෙන් ඇති වූ ප්‍රතිඵලයට වෙනස් බව ඔබට පේනවා. මාබල් යැවීමෙන් ඇති වුනේ ඉරි දෙකක් පමණයි.

    දැන් මෙයින් නිගමනය කරන්න පුළුවන් දේ තමා, මාබල් වැනි පදාර්ථයක් සිදුරැ දෙකක් තුළින් විදීමෙන් දෙවැනි බෝඩ් එක මත ඉරි දෙකක් ඇති වන බව සහ ජල තරංග වැනි තරංග සිදුරැ දෙකක් තුළින් යැවීමෙන් දෙවැනි බෝඩ් එක මත ඉරි රාශියක් ඇති වන බවත්.

    අපි කලින් කීවා වගේ, ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ කුඩා පදාර්ථයක්නෙ. ඉතිං දැන් ඉලෙක්ට්‍රෝන අණු තනි සිදුර තුළින් විදීමෙන් දෙවැනි බෝඩ් එකේ ඇති වෙන්න ඕනත් මාබල් විදීමෙන් ඇති වුනා වගේ තනි ඉරක්නෙ. බලමු එහෙම නේද කියලා.

    snap024.jpg

    ඉලෙක්ට්‍රෝන විදිනයකින්, තනි සිදුර තුළින් ඉලෙක්ට්‍රෝන විදීම

    snap025.jpg

    මාබල් පරීක්ෂණයේදී මෙන්ම දෙවැනි බෝඩ් එක මත තනි ඉරක් සළකුණු වෙයි

    දැන්, ඉලෙක්ට්‍රෝන සිදුරැ දෙකක් තුළින් විදීමෙන් සිද්ද වෙන්නේ මොකක්ද? ඉලෙක්ට්‍රෝන කියන්නේ කුඩා පදාර්ථයන් නිසා, මාබල් පරීක්ෂණයේදී වගේම දෙවැනි බෝඩ් එක මත ඉරි දෙකක් සළකුණු වෙන්න ඕන. බලමු ඒ පරීක්ෂණයත් කෝකටත් කරලා.

    snap026.jpg

    snap028.jpg

    මොකක්? දෙවනි බෝඩ් එක මත ඉරි රාශියක් ඇති වෙලා. මේක අපි ජල තරංග සිදුරැ දෙක තුළින් යැව්වාම ලැබුණු ප්‍රතිඵලයනේ. ඒත් පදාර්ථයක් වන ඉලෙක්ට්‍රෝන යැවුවාම මෙහෙම දෙයක් වෙන්නෙ කොහොමද?

    මෙහෙම ප්‍රතිඵලයක් ලැබුණාම විද්‍යාඥයින් හිතුවා, ඉලෙක්ට්‍රෝන සිදුරැ දෙක තුළින් ගිහින්, එකට එක වැදිලා විසිරිලා ගිහින් දෙවනි බෝඩ් එකේ වැදිලා මෙහෙම ඉරි ගොඩක් හැදෙන්න ඇතියි කියලා. ඉතිං ඔවුන් කලේ, ඉලෙක්ට්‍රෝන එක පාර සිය ගානක් නොවිද, එකින් එක විදින එක. එතකොට ඉලෙක්ට්‍රෝන දෙකක් එකටෙක හැප්පෙන්න විදියක් නෑනෙ.

    snap029.jpg

    ඉලෙක්ට්‍රෝන එක බැගින් විදීම

    snap030.jpg

    ඉලෙක්ට්‍රෝන එක බැගින් සිදුරැ දෙක තුළින් යාම

    මේ විදියට පැයක් ඉලෙක්ට්‍රෝන විදීම සිදු කලා. දැන් සිදුවුනේ මොකක්ද? නැවතත් දෙවෙනි බෝඩ් එක මතුපිට ඉරි ගණනාවක් ඇති වුනා! හරියට තරංගයක් සිදුරැ දෙක තුලින් ගියා ව‍ගේ.

    snap028.jpg

    මෙයින් විද්‍යඥයන් පැමිණි නොවැලැක්විය හැකි නිගමනය ‍මොකක්ද. ඒක තමා, හෑම ඉලෙක්ට්‍රෝනයක්ම සිදුරැ දෙක අසළට ගොස්, දෙකට බිදී, සිදුරැ දෙක තුළින්ම ගොස්, එහා පැත්තේදී එකෙටෙක හැපී දෙපැත්තට විසී වී ගොස් දෙවැනි බෝඩ් එකේ වැදුනු බව! පහත රෑප වලින් පෙන්නන්නේ මේකයි:

    snap035.jpg

    ඉලෙක්ට්‍රෝනය පළමු බෝඩය අසළදී දෙකට බිදීම

    snap032.jpg

    දෙකට බිදුණු ඉලෙක්ට්‍රෝනය

    snap033.jpg

    ඉලෙක්ට්‍රෝන දෙකක් වුනු තනි ඉලෙක්ට්‍රෝනය සිදුරැ දෙකම තුළින් යාම

    snap034.jpg

    සිදුරැ දෙකෙන් එහා පසදී, ඉලෙක්ට්‍රෝන දෙක එකටෙක ගැටීම

    විද්‍යාඥයින් මේ නිරීක්ෂණය තුලින් විශ්මයට පැමිණියා. ඔවුන් මීළගට කලේ, සැබෑ ලෙසම මෙවැනි දෙයක් සිද්ද වෙනවා දැයි බැලීමට සමත් උපකරණයක් සිදුරැ දෙක සහිත බෝඩය අසළින් තැබීම.

    snap036.jpg

    සිදුරැ දෙකෙන් අසළ තැබූ නිරීක්ෂක උපකරණය

    දැන් ඔවුන් නැවත පරීක්ෂණය සිදු කලා, වරකට එක් ඉලෙක්ට්‍රෝනයක් බැගින් විදිමින්. දැන්, අර නිරීක්ෂක උපකරණයෙන් ඔවුන්ට පෙනුනේ මොකක්ද? ඔවුන්ට පෙනුනේ, ඉලෙක්ට්‍රෝනය සාමාන්‍ය පදාර්ථයක් වගේ සිදුරැ දෙකෙන් එකක් තුළින් යන හැටි. හරියටම මාබල් එකක් වගේ. ඒ වගේම, දෙවැනි බෝඩ් එක මත හැදුනේත් ඉරි දෙකක් පමණයි. නිකං පිස්සු වගේද? ඔවු, විද්‍යාඥයින්ටත් පිස්සු හැදීගෙන ආවා. මොකද, අර බැලීමේ උපකරණයෙන් ඉලෙක්ට්‍රෝනය නිරීක්ෂණය කරනකොට ඉලෙක්ට්‍රෝන සාමාන්‍ය පදාර්ථ වගේ ක්‍රියා කරනවා. නිරීක්ෂණ උපකරණය අයින් කරලා පරීක්ෂණය කරන කොට, ඉලෙක්ට්‍රෝන තරංග වගේ හැසිරිලා, දෙවන බෝඩය මත ඉරි රාශියක් ඇති කරනවා -- හරියට ජල තරංග පරීක්ෂණයේදී වගේ.

    මේකෙන් කියවෙන්නේ මොකක්ද? නිරීක්ෂණය කිරීම මගින් ඉලෙක්ට්‍රෝනය තම හැසිරීම වෙනස් කරගෙන තියනවා. ඒ කියන්නේ, ඉලෙක්ට්‍රෝනයට පුළුවන් වුනා, තමා දිහා කවුරැ හරි බලාගෙන ඉන්න බව දැනගෙන, තමන්ගේ හැසිරීම වෙනස් කරන්න!

    snap037.jpg

    මෙතැනදී තමයි විද්‍යාඥයෝ පළවෙනි වාරයට, ඉලෙක්ට්‍රෝන ආදී කුඩා අංශු අපේ සාමාන්‍ය භෞතික නියාමයන්ට අනුව ක්‍රියා නොකරන බව තේරැම් ගත්තේ. පදාර්ථ යනු මොනවාද? ඝණ ද්‍රව්‍යද? නැත්තම් තරංගද? තරංග නම්, මොන වගේ තරංගද? ඒ වගේම, නිරීක්ෂකයා සහ ඉලෙක්ට්‍රෝනය අතර ඇති මේ පුදුමාකාර සම්බන්ධය මොකක්ද? නිරීක්ෂකයා විසින් ඉලෙක්ට්‍රෝනයේ තරංගමය ගතිගුණය වෙනස් කර තිබුණා.

    ඉතිං විද්‍යාඥ‍යින්, කුඩා අංශු වල හැසිරීම අධ්‍යයනය කරන්න අළුත් විද්‍යාවක් නිර්මාණය කළා. ඒක තමයි "ක්වොන්ටම් විද්‍යාව" කියලා දැන් හදුන්වන්නේ.

    "ක්වොන්ටම් මූළධර්මය මගින් යමෙකු විශ්මයට පත් නොවූයේ නම්, ඔහු ක්වොන්ටම් මූළධර්මය අවබෝධ කොටගෙන නොමැත"
    - භෞතික විද්‍යඥ, නීල්ස් බෝර්.

    බ්ලොග් එකක තිබිලයි හමුවුනේ අහම්බෙන්
     
    Last edited:

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo

    :yes:
     
    madukp

    Member
    Aug 27, 2011
    117
    4
    0
    පි මෙතනදී කත කරපු ක්වොන්ටම් විද්‍යාව හැදුනු හැටි. (මේක ඇත්තද නම් දන්නෙ නෑ )

    "ක්වොන්ටම් මූළධර්මය මගින් යමෙකු විශ්මයට පත් නොවූයේ නම්, ඔහු ක්වොන්ටම් මූළධර්මය අවබෝධ කොටගෙන නොමැත"
    - භෞතික විද්‍යඥ, නීල්ස් බෝර්.

    බ්ලොග් එකක තිබිලයි හමුවුනේ අහම්බෙන්

    Thanks for valuable ideas.

    i also fond of these theories when i was in AL's. I remebered i have serached these books in public library those days (since we dont have much internet facilities like now).

    please continue good works.

    those days i learnt that atom can be divided into many sub sections liek electron, protron, neutron, and photon emission.. few years ago i heard that scientist were able to "create" photon out of light (in SLBC news, so not sure about it, and i was not that interest in that time and didn't have any chance to search it yet.)

    if these experiments get succeeded, i guess Transformation of energy into matter will become reality. in other words it will be one step to traveling in light speed?

    pls share what you know :yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    me kiyana de samanyen therenna kiyamuko. onna umba hithapan mama athitheta giya kiyala. gihin mama danne nathuwa waliyak dagena ape seeyawa maruwa. onna ethakota ape thaththa ipadila na kiyamu. ethakota thaththa na. e hinda mama na. ethakota seeya marenna. ethakota eya marennathi unama thaththa innawa e nisa mama innawa ethakota mama athitheta gihin seeya maranawa ethakota thaththa na ....:angry: mala keliyayi. hariyata biththareyi kukulayi wage.

    එහෙම වෙන්නෑ උඹ සියව මරන්න අතීතයට යන එක යහතින් අංග උපාංග අඩු නැතුව ගියානම් සීයව nuke කරල ආයි එනකොටත් යහතින් එන්න ඕනෙ. පණ තියන මිනිහෙක් එක පාරක් ගියානම් දෙවෙනි පාරත් යන්න ඕනෙ. ඒකට කාගෙ කවුද කියල බලන්නෑනෙ.

    ඔන්න ඉතින් ආයි ආව. ආවට පස්සෙ
    "උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ...
    පියාගෙ නම ඉරක් වුනේ කොහොමද අම්.. (මළා අම්මත් නෑ:baffled::rofl::rofl:)

    ඕපපාතික nigga :sorry:
     
    usernameiwari

    Member
    Sep 19, 2013
    169
    52
    0
    Area 51
    alokaye wegen gihilla kalaya haraha yanna ba ban. api alokaye wegayen giyath anthimata kalayak gathawela. wenasa thiyenne alokaye wegayen giyoth api ahipillamak gahanakota saaaaahena durak gihilla. namuth eka kalaya haraha yamak newei, nikan eka thanaka idala ikmanin thawa thanakata yaamak. eka nikan ara film wala wampiresla eka thanaka idala patas gala anith thanata yanawa wage. :D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    alokaye wegen gihilla kalaya haraha yanna ba ban. api alokaye wegayen giyath anthimata kalayak gathawela. wenasa thiyenne alokaye wegayen giyoth api ahipillamak gahanakota saaaaahena durak gihilla. namuth eka kalaya haraha yamak newei, nikan eka thanaka idala ikmanin thawa thanakata yaamak. eka nikan ara film wala wampiresla eka thanaka idala patas gala anith thanata yanawa wage. :D

    ආලෝකයේ වේගය ඉක්මවා ගියොත් (අයියට(einstein:rofl:) අනුව ශක්තිය බවට හැරෙන්නැත්තන්) අතීතය පේනව.