ඉර පවතින්නෙ තව අවුරුදු බිලියන 4.5 ක් විතරයි විද්‍යාඥයෝ කොහොමද බන් එහෙම කියන්නෙ උන් කියන බයිල ඇත්තද නැත්ද කියල බලන්නෙ කොහොමද???
මචන් ටිකක් හැන්දෑ වුනාම අහස දිහා බලපන්, තරු වගේ දීප්තිමහ්ව උන් හදපු චන්ද්‍රිකා පෘතුවිය වටේ යනවා.
ඊටපස්සේ උන් හදපු කොම්පියුටරේක , උන් හදපු ඉන්ටනෙට් එකෙන් ගිහින් හොයපන් විද්‍යාත්මක ක්‍රමය කියන්නේ මොකද්ද කියල.
ඊට පස්සේ හොයපන් ඩොප්ලර් ආචරණය , හබල් ඉෆෙක්ට් එක ගැන., විද්යුත් චුම්භක තරංග ගැන. , අයින්ස්ටයින් සමීකරණය ගැන.
ඊට පස්සේ බලපන් ඒවගේ සොයාගැනීම් වලින් එදිනෙදා අපි කොච්චර ප්‍රයෝජන ගන්නවද කියල. ඒ ක්‍රම බොරුනම් අපිට කිසි ප්‍රයෝජනයක් තියෙන්න බැහැනේ.
ඊටත් පස්සේ බලපන් තරුවක වයස නිර්ණය කරන්නෙත් ඔය ක්‍රම වලින්ම නෙවෙයිද කියල.
උන් කියන්නේ බයිලම නෙවේ කියල උඹට තේරෙයි.




