විලි ලැජ්ජයි යකෝ...
මම නම් කියන්නේ සිංහල බෞද්ධ ආගම ජාතිය රක ගන්න ඕනේ කියල කියන එලකිරියේ සාමාජිකයන්ට.. ඔව් ආගම ජාතිය රැක ගන්න පන උනත් දීගෙන ඒ වෙනුවෙන් සටන් කරන එකක් වරදක් නෙවෙයි... නමුත් කෙනෙක් ආගම ජාතිය ගැන කැක්කුමෙන් වගේ කතාකල පලියට ඒ අයව අසීමිත අන්ධ භක්තියකින් ෆොලෝ කරන්න ගියාම වරදින්නේ අපිටමයි.
ලජ්ජ වෙන්න ඕනේ මේ අයව කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව විශ්වාස කරන අය මිසක් මේ අය නෙවෙයි...
සිංහලයගේ අවංක කමයි අසීමිත විශ්වාසයයි වැරදියට වෙන අය පාවිච්චි කරනව කියන එක කෙසේ වෙතත් මේ අය පාවිච්චි කරන්නේ සිවුරට මුවා වෙලයි.
ඒ නිසා මම මාත් එක්ක හොඳින් ඉන්න සිංහල බෞද්ධ සහෝදරයන්ට කියන්නේ ආගම ජාතිය රට වෙනුවෙන් කාගෙවත් උසි ගැන්වීමකට නැතිව අපි හොඳින් හිතලා බලලා අවන්කවම අපි අපිම ඒ දේ කරන්න ඕන මිසක් මේ වගේ අයව ෆොලෝ නොකරන එකයි.
තමන් අවංකවම ජාතිය ගන හිතනවානම් ඇතිවෙලා තියෙන මොරාල් එක නැතිවෙන්නේ නෑ මේ අයගේ මේ වැඩ එලි උනාට...






