විශ්වය ගැන ඔබ නොදන්නේ මොනවාද?

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    TFS මචං. ගොඩක් වටින කරුණු.

    #3 වෙනි එකේ සඳහන් වෙලා නැති වැදගත් දෙයක් මෙතනට එකතු කරන්න කැමතියි.



    #3. අඳුරු පදාර්ථ
    darkmatter.png


    විශ්වයේ තියෙන සියළුම තරු,මණ්දාකිණි,කළුකුහර වල ස්කන්ධය; විශ්වයේ මුළු ස්කන්ධයෙන් 5% ක් විතරයි.එතකොට ඉතිරිය? විද්‍යාඥයන් අනුමාන කරන්නේ මේ 95% සමන්විත වෙන්නේ අඳුරු පදාර්ථ කියන ද්‍රව්‍යයෙන් බව.හැබැයි අද වෙනකන් මේ අත්භූත ද්‍රව්‍ය ගැන හෝ මේවා තියෙන්නේ කොහෙද කියලාවත් කිසිම කෙනෙක් දන්නේ නැහැ.


    මේ chart එකේ වැදගත්ම කොටස...... අපිට වෙන්වෙන ප්‍රතිශතය පෙන්වල නැහැ. ඒ කියන්නෙ... ජීවී කොටස්වලට (වඩා සුදුසුයි මූලද්‍රව්‍ය කිව්වොත්) වෙන්වී ඇති ප්‍රමාණය.

    ඇත්තටම කිව්වොත්... විශ්වයේ සියළු සංසිද්ධීන් අරගත්තම... විද්‍යාඥයින්ට පෙනිල තියෙනව....
    අපි තමයි විශ්වයේ විශේෂිත කොටස... Higher Elements... අපි තමයි ඵලය...
    අපිට වෙන්වෙන්නෙ මුළු මහත් විශ්වයෙන් 0.03% ක් වගේ ඉතාම අල්ප මාත්‍රයක්. :shocked:

    මේ chart එකේ 73% ප්‍රතිශතයකින් පෙන්නුම් කරන Dark Energy කියන දේ කුමක්‍ හෝ වේවා... භෞතික විද්‍යාඥයෝ තාමත් හොයමින් ඉන්නව හරියටම මොකද්ද ඒ කියල. ලංකාවේ ඒ සම්බන්ධයෙන් කරන පර්යේෂණ ගැන විශ්ව විද්‍යාලවල උගන්වනවාද යන්න ගැන මම හරියටම දන්නෙ නැහැ. නමුත් දැනට ලෝකයේ ඒ සම්බන්ධව පර්යේෂණ කරන න්‍යාය හඳුන්වනවා "String Theory" කියල. ඒ ගැන පර්යේෂණ කරන්න නිර්මාණය කරපු ලෝකයේ විශාලතම නිර්මාණය තමයි Large Hadron Collider.

    ඒ ගැන දැනගන්න කැමති කෙනෙක් ට මේ පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න පුළුවන්.
    http://en.wikipedia.org/wiki/Large_Hadron_Collider


     
    Last edited: