ටික දවසකින් මේ පැත්තෙන් සද්දයක් නැති හන්ද ඔන්න අද මම මගේ පලවෙනි සටහන මෙහි තබනවා.......
මේ සින්දුව ගැන මීට කලින් මෙහි සඳහන් වී නැතැයි සිතමි.
මේක මගේ හිතට අල්ලලා ගියේ ඉතාමත් පුංචි සන්දියේදීමයි...ඒ වෙන මොකක්වත් හන්ද නෙවෙයි,මේකේ තියෙන ළයාන්විත නාද මාලාව හන්දයි...පස්සේ පස්සේ දැනුම් තේරුම් ඇති කාලෙක තමයි මේකේ අරුත් රසය විඳින්න පටන් ගත්තේ.
ඒ හදබැඳී නාද මාලාවට මේකේ වචනාර්ථයෙන් තවත් ඌන පුරණ සපයලා තියෙනවා මිසක් කිසිම අසාධාරණයක් ඉෂ්ට කරලා නෑ කියල මම හිතනවා......
මේක ගායනා කරන විශිෂ්ට පුද්ගලයා ගැනත් සඳහනක් තැබීම වටී වයි සිතමි.භද්‍රජි මහින්ද ජයතිලක නම් ඒ අසහාය කලාකරුවා ගායනයට,වාදනයට රුසියෙක් මෙන්ම ඉතා දක්ෂ සිත්තරෙක්...
මේ ගීතය මගේ සිතට හොඳින්ම වැදුනේ මම ඉස්කෝලේ 11 වසරේ ඉන්නකොට භද්‍රජි මහත්තයා අපේ ඉස්කෝලෙට ආවා මොකක් හරි වැඩමුළුවකට.එදා මෙතුමා වේදිකාව උඩ ගිටාරය වයමින් මේ සින්දුව කියන ගමන්ම බෝර්ඩ් එකක පාට ප්ලැටිග්නම් පාවිච්චි කරලා හරි අපුරුවට ඇඳපු බට්ටිත්තගේ රුපය මගේ හිතේ තාමත් මැවිලා පේනවා.....
හන්තාන කඳු පෙළ හඳට ආවඩා...
සරසවියට පිණි පොදක් වැටෙනවා...
මගෙ හද මැදුරට අඳුර ගලනවා...
බට්ටිත්තෙක් මගෙ දුකට හඩනවා...
කෝ ඈ..
කොහෙද මගෙ රන් කිරිල්ලී..
ඇයිදො ගියෙ ඉගිල්ලී...
මා මෙහි හැරදා...
ඈතයි...
ඔබ ගියෙ දුර ඈතයි..
නිවහන මගෙ සීතයි..
එන්න යළි පියඹා...
මා මෙන් තනි උන බට්ටිත්තෝ..
ගොම්මන් අඳුරට බිය වීදෝ..
විරහ ගීය මගෙ ගයනවදෝ..
මා සනසන්නට හඩනවදෝ..
පියඹා යන්නට මට නම් බෑ..
ඈ සරසවියට එන්නෙත් නෑ..
ගග ලග පෙම් තොට පාළු වෙලා..
මල් පෙති බොර දියෙ මලින වෙලා...
කෝ ඈ..
කොහෙද මගෙ රන් කිරිල්ලී..
ඇයිදො ගියෙ ඉගිල්ලී...
මා මෙහි හැරදා...
ඈතයි...
ඔබ ගියෙ දුර ඈතයි..
නිවහන මගෙ සීතයි..
එන්න යළි පියඹා...
ගායනය:-භද්‍රජී මහින්ද ජයතිලක
මේක පේරාදෙණිය සරසවියේ ඇතිවූ පෙම් හුටපටයක් ගැන කියවෙන සින්දුවක්.....
සරසවියේදී බොහෝ දෙනා පෙමින් බඳුනට ඉන් සඵල වෙන්නේ ඉතාමත් ස්වල්පයයි...මේ ගැන සරසවි අධ්‍යාපනය ලබපු අයට ඉතින් අටුවා ටීකා ඕන නැහැනේ.....
තමුන්ගේ පෙම්වතියගේ නික්මනින් සිත් තැවුලට පත්වෙලා තමියම කල්පනා කර කර ඉන්න පෙම්වතාට ඇහෙනවා ලඟපාත ගහක ඉඳන් බට්ටිත්තෙක් හඬ දෙනවා....
බට්ටිත්තට කරන ආමන්ත්‍රණයක් හැටියට තමුන්ගේ හිතේ හිරවෙලා තියෙන දුක් සුසුම් මේ තනිකඩ පෙම්වතා වා තලයට පිට කරලා හරින්නේ මෙන්න මෙහෙමයි....