බුදු_දහම

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පේනවද?

    මං කිව්වේ මෙන්න මේක ගැන තමා.

    අන්‍යාගමික බැතිමතුන් එක්ක තර්ක විතර්ක වලට යනවට වඩා ධර්මය සාකච්චා කිරීම කොච්චර හිතට සහනයක්ද.
     
    • Like
    Reactions: rchithral

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,977
    99,383
    113
    පේනවද?

    මං කිව්වේ මෙන්න මේක ගැන තමා.

    අන්‍යාගමික බැතිමතුන් එක්ක තර්ක විතර්ක වලට යනවට වඩා ධර්මය සාකච්චා කිරීම කොච්චර හිතට සහනයක්ද.
    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: rchithral

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සක්කාය දිට්ඨියෙන් උපදින අනතුර…

    venuwa-nam-budu-guna-venuwamaya.jpg


    පින්වත්නි,
    බුදුරජාණන් වහන්සේගේ මේ දෙසුම් තුළින් අපි මෙය හොඳට තේරුම් ගත යුතුයි. අපට සංසුන් ඉඳුරන් ඇතිකර ගැනීමට ඇති ප‍්‍රධානම බාධාව අපි සසරේ පුරුදු කරන ලද වැඩපිළිවෙලයි. මේ ආකාරයට ඇතුළත බැඳීයාම, පිටත බැඳීයාම හේතුවෙන් අපි නැවත නැවත වැටෙන්නේ හිටි තැනටමයි. අපි නැවත නැවත ආ ගිය තැන්වලටම යැවෙනවා. මෙයට හේතු භූත වන ප‍්‍රධානම බැඳීම තමයි ‘සක්කාය දීට්ඨිය.’ සක්කාය දීට්ඨිය තුළ හැම තිස්සේම තමන්ට තැනක් හොයනවා. තමන්ට නමක් හොයනවා.
    ඔන්න පුද්ගලයෙක් ධර්මය අහන්න එනවා. “අනේ මමත් බුදුරජුන්ගේ ධර්මය අසන්නෙමි. මමත් ඒ දහමට සිත පහදවා ගන්නෙමි. මමත් සිත පිනට නතු කර ගන්නෙමි” කියලා එනවා. නමුත් ඒ විදිහට පින හොයාගෙන ඇවිල්ලා පසුව බලන්නේ තමන්ට ඇති තැන කොතැනද කියලයි. ඒ නිසා හොඳට මතක තියාගන්න, පින හොයන්න එන කෙනා තමන්ට තැනක් හොයන්න ඕන නෑ. මොකද, තැනක් හොයන්න ගියොත් ‘මගේ නම කියවුණේ නැත. මෙතැන පින් කිරීමෙන් කම් නැත’ කියලා යන්න යනවා. බලන්න, ඔහු ආවේ පින සොයා ගෙනයි. නමුත් නොදැනීම නම සොයා ගියේය. ඔහු ආවේ දහමක් සොයා ගෙනයි. ඔහු නොදැනීම තැනක් සොයා ගියේය. මෙවැනි දේවල් ඕනතරම් වෙන්න පුළුවන්.
    ඔන්න ධර්මය සොයාගෙන ආපු කෙනාට සමිතියක තනතුරක්, එක්කෝ මොකක් හරි ආයතනයක තනතුරක්, වගකීමක් ලැබෙනවා කියමු. ඊට පස්සේ එයා ඒකට පිළිගැනීමක් හොයනවා. මේවා ඔක්කොම හැදෙන්නේ සක්කාය දීට්ඨියෙන්. ඒ නිසා අපි තමාට පිළිගැනීමක් සොයන්න ගිය විට අහිමි වන දෑ බොහෝය. තමාට පිළිගැනීමක් සොයන්න ගිය විට නොවටිනා දෙයක් අහිමි වී ගියා නම් කම් නැත. නමුත් අහිමි වී යන්නේ ධර්මයයි.
    පින්වත්නි, ධර්මය සොයාගෙන යන අයට හැම තිස්සේම ධර්මය අහිමි වී යාමේ අවදානමක් තියෙනවා. මේ අවදානම තියෙන්නේ බාහිර නෙවෙයි, අභ්‍යන්තරයේමයි. නමුත් අපව සුරකින යම්කිසි මෙවලමකුත් අප අභ්‍යන්තරයේ තියෙනවා. ඒ තමයි යෝනිසෝ මනසිකාරය. මේ අභ්‍යන්තර මෙවලම පාවිච්චි කරගන්න බැරි හැම තිස්සේම සක්කාය දිට්ඨිය පෙරට පනිනවා. එහෙම නම් සක්කාය දිට්ඨිය පෙරට පනින එක වළක්වා ගන්න තියෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. නැත්තම් එකම අරමුණකට ආ අපි සී සීකඩ යයි. මොකද, මේ අභ්‍යන්තරයේ තියෙන සක්කාය දිට්ඨිය අපට විවිධ මං පෙත් සලකුණු කරනවා. විවිධ පාරවල් පෙන්නා දෙනවා. ඒවා ඔක්කොම අපි සංසාරේ ගියපු පාරවල්.
    නමුත් අපි ආශා කළ යුත්තේ සංසාරයේ නොගිය පාරේ යන්නයි. සසරේ අපි නොගිය මාවත ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්න ආශාවෙන් ආවට සක්කාය දිට්ඨිය විසින් නැවත නැවත අපව කරකවලා පරණ පාරෙම ගෙනියනවා. අපි ගිය ඒ පරණ පාර තමයි, නම හොයාගෙන යෑම. තැන හොයාගෙන යෑම. කීර්තිය හොයාගෙන යෑම. පිළිගැනීම සොයාගෙන යෑම. සම්මාන සොයාගෙන යෑම. උපහාර සොයාගෙන යෑම. සිටි තැන සොයාගෙන යෑම.
    වැඩිය ඕන නෑ අපි කියමු, ඔන්න ගිය වතාවේ භාවනා වැඩසටහනට ඇවිල්ලා ඉස්සරහා වාඩිවුණා. ඉතින් ඊළඟ වතාවේ ඇවිදින් රණ්ඩු අල්ලනවා. ”මම කලින් වතාවේ සිටියේ මෙතැනය. අද ඔබ එතැන සිටී. කරුණාකර යන්න ඔබ පස්සට…” මේ විදිහට කිපෙන්නේ අප තුළ තියෙන සක්කාය දිට්ඨියයි. එතකොට බලන්න, අපට නිරන්තරයෙන්ම සක්කාය දිට්ඨියෙන් පහරවදින්නේ නැද්ද? ඒ විදිහට සක්කාය දිට්ඨියෙන් නිරතුරු බැටකන අප කොතරම් නුවණ භාවිතා කළ යුතුද? මොකද, මේ සක්කාය දිට්ඨිය අපට කරන හානිය සුළු පටු නෑ. අනන්ත බරපතල හානියක් කරනවා. මේ සක්කාය දිට්ඨිය විසින් අපව නිරයට ගෙන ගියා.
    ඒ විදිහට සක්කාය දිට්ඨිය මුල්වෙලා නිරයේ ගෙනියන්න පුළුවන් වුණා නම්, තිරිසන් අපායේ හිර කරන්න පුළුවන් වුණා නම්, පෙරේත ලෝකයේ ගෙනියන්න පුළුවන් වුණා නම්, ලැබෙන්න යන දහම අත්හරවන්න මේ සක්කාය දිට්ඨියට බැරි වේවිද…?
    ඒ නිසා පින්වත්නි, දහමට පැමිණෙන කෙනාට අනතුර ඇත්තේ පිටතින් නොව, තමාගෙන්මය. මේ නිසා මේ දහමට පැමිණි කෙනා, දහමට පැමිණෙන්නට ආශා කෙනා තමන්ට තැනක් හෙව්වොත් එය සක්කාය දිට්ඨියට හේතුවක් වේවි. මොකද, සක්කාය දිට්ඨිය හැම තිස්සේම කරන්නේ තමන්ට තැනක් හොයන එකයි.
    ‘ඒ කියන්න ඇත්තේ මා ගැනය. එසේ කියද්දී මා දෙසද බැලූවේය. එසේ නම් ඒ කියන්නට ඇත්තේ මා ගැනයි.’ මේ වගේ මේ සිත අපිව පුදුම විදිහේ පටලැවිලිවලට, ප‍්‍රහේළිකාවලට ඇද දානවා. ඒ නිසා අපට කවදාවත් මේ සිතේ තියෙන විජ්ජාවෙන්, මායාවෙන් එකවර ගැලවෙන්න අවස්ථාවක් නෑ. ඒ නිසා පින්වත්නි, අපට තියෙන අනතුරෙහි දරුණු බව, බිහිසුණු බව, පවිටු බව අපි තේරුම් ගෙන සිටිය යුතුයි.
    සමහර විට අපි අපට ශ‍්‍රද්ධාව තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. සමහර විට ශ‍්‍රද්ධාව හැටියටතිබිලා තියෙන්නේ සක්කාය දිට්ඨියෙන් හැදුණු එකක්. ඒ කියන්නේ, ධර්මයට පැමිණීමත් සමඟ අපි සමාජය තුළ යම්කිසි විශේෂ කෙනෙක් කියලා අල්ලා ගන්නවා. මොකද, බුද්ධ දේශනාවේ තියෙනවානේ, මේ ධර්ම මාර්ගයේ යන කොට එයා විශේෂ කෙනෙක් කියලා. ඉතින් අපිත් ඒක අල්ලගෙන ‘හා දැන් මමත් විශේෂයි’ කියලා අන් අය කෙරෙහි නිකම් බොරු සානුකම්පිත හැඟීමක් ඇති කර ගන්නවා. ‘මට අනිත් අය ගැන හරිම දුකයි. අපට නම් ශ‍්‍රද්ධාව තියෙනවා. අනේ අර ඇත්තන්ට නැහැ නෙව’ කියලා හැඟීමක් ඇතිකර ගන්නවා. ප‍්‍රශ්නයක් වෙලා බලන්න ඕන තමන්ගේ ශ‍්‍රද්ධාව කොහෙද තියෙන්නේ කියලා. ඒ වෙලාවට ශ‍්‍රද්ධාවට වුණු දෙයක් නෑ.
    ඉතින් ඒ නිසා හැබෑ ලෙස බුදුරජාණන් වහන්සේගේ දහම සිහි කිරීම, ධර්මයට ගෞරව කිරීම, ධර්මයට සැලකීම, ප‍්‍රශංසා කිරීම අපට ශ‍්‍රද්ධාවට එන්න තියෙන මූලිකම කාරණාවක්.
    මේ සක්කාය දිට්ඨියේ පහර කෑමෙන් මිදෙන්න බුදුරජාණන් වහන්සේ හොඳ දෙයක් පෙන්වා දී තිබෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාගෙන් අහනවා,
    “පින්වත් මහණෙනි, මා ඔබට දෙසූ දහම ඔබ මතක තබාගෙන ඉන්නේ කොහොමද?”
    “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කළ දහම අප මතක තියාගෙන සිටින්නේ මේ අයුරින්. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ, ‘මහණෙනි, මේ සංසාරය අති දීර්ඝයි. මේ සංසාරයේ ආරම්භක කෙළවරක් නොපෙනේ. මහණෙනි, මේ සංසාරයේදී සතර අපායේ වැටි වැටී පැමිණි ගමනේදී ඔබේ සිරුරෙන් ගලා ගිය ලේ දහර සතර මහා සාගරයට වැඩියි. සතර අපායේ වැටි වැටී පැමිණි ගමනේදී ඔබ හෙලූ කඳුළු සතර මහා සාගරයට වැඩියි. ඒ නිසා මේ ගමන ගැන ඔබ කළකිරිය යුතුයි’ කියලයි. භාග්‍යවතුන් වහන්ස, මෙයයි අප දන්නා දහම.”
    අපෙන් ඇහුවා නම් “භාග්‍යවතුන් වහන්ස, පටිච්ච සමුප්පාදයයි” කියලා කියයි. මොකද, අපි හැම තිස්සේම බලන්නේ අපි දන්නවා කියලා පෙන්වන්නයි. අපිට වැටහුණා කියලා පෙන්වන්නයි. නමුත් බලන්න, සක්කාය දිට්ඨියෙන් තොර ඒ ස්වාමීන් වහන්සේලා කොච්චර ලස්සන පිළිතුරක් දුන්නාද?
    ”සාදු! සාදු! මහණෙනි, මා දෙසූ දහම ඔබ මතක තබාගෙන සිටින අයුරු ඉතා අගනේය.”
    ඒ නිසා අපි මේ යන ගමනේදී සක්කාය දිට්ඨියෙන් තිබෙන අනතුර වළක්වා ගන්න එක හරි වැදගත්. පින්වතුනි, අපි මේ යන්නේ සංසාර ගමනකයි. ඒ නිසා අපි සෙවිය යුත්තේ තමාට නමක්, තැනක්, පිළිගැනීමක්, සම්මානයක්, නෙවෙයි, අප සෙවිය යුත්තේ සතර අපායෙන් මිදෙන දහමෙන් පිළිසරණක්.
    යමෙක් මේ ආකල්පයට ආවොත්, ඒ කෙනා නැවත නැවත ඒක සිහි කරනවා. එතකොට ඒ කෙනාට ද්වේෂයට කිපෙන ඉඳුරන් ඇතිවුණොත්, සැණෙකින් සිහිය උපදිනවා. ‘මං මේ එන්නේ සසර ගමනක. මේ සසර ගමනේදී මේ ද්වේෂය නිසා මං කොච්චර පව් රැස්කර ගන්න ඇද්ද? ඒ ද්වේෂය ආයෙමත් මතුවෙලා මාව අකුසලයට යොදවන්න හදනවා. ඒ ලෝභය ආයෙමත් මතුවෙලා මාව වරදට යොදවන්න හදනවා. මෝහය ආයෙමත් මතුවෙලා මාව නොමග යවන්න හදනවා. මේක මට විශාල අනතුරක්. මෙය මට හිතසුව පිණිස පවතින දෙයක් නෙවෙයි’ කියලා එයාගේ සිතට එනවා. ඒ විදිහට නිවැරදි කල්පනාවට පැමිණීම පිණිස තමන් සසර ගමනක පැටලී වෙලී සිටිනා කෙනෙක් වග නිතර නිතර සිහි කිරීම බොහෝ උපකාර වෙනවා….


    පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින්
    සදහම් වැඩසටහන් වලදී පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් සකස් කළ
    මමත් සිත සමාහිත කරමි බුදු සමිඳුනේ…’ සදහම් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේ රූපයේ ආශ්වාදය මොකක් ද?

    පින්වත් මහණෙනි, මේ රූපයේ ආශ්වාදය මොකක් ද?
    පින්වත් මහණෙනි, සිටු කුමාරියක් හෝ බ්රාරහ්මණ කුමාරියක් හෝ සාමාන්ය, පවුලක කුමාරියක් හෝ ඉන්නවා කියලා හිතන්න. ඇය වයස අවුරුදු පහළොවක දහසයක විතර දැරිවියක්. ඈ ගොඩාක් උසත් නෑ. ගොඩාක් මිටිත් නෑ. ගොඩාක් කෙට්ටුත් නෑ. ගොඩාක් මහතත් නෑ. ගොඩාක් කළුත් නෑ. ගොඩාක් සුදුත් නෑ. පින්වත් මහණෙනි, ඇත්තෙන්ම ඒ දැරිවි හැබෑටම ලස්සනයි කියලා කියන්න සුදුසුයි නේද?
    “එහෙමයි ස්වාමීනි”
    පින්වත් මහණෙනි, අන්න ඒ ලස්සන නිසා යම් කිසි සැපයක් සොම්නසක් ඇතිවෙනවා නම් ඒක තමයි රූපයේ ආශ්වාදය.

    පින්වත් මහණෙනි, රූපයේ ආදීනවය මොකක් ද?
    ඒ දැරිවිව පස්සෙ කාලෙක දකින්න ලැබෙනවා අවුරුදු අසූවක් වෙලා, අවුරුදු අනූවක් වෙලා, අවුරුදු සීයක් වෙලා, ජරා ජීර්ණ වෙලා, වකුටු වෙලා, හැරමිටි ගහගෙන වෙව්ල වෙව්ල යනවා. ඇත්තෙන් ම දැන් ඈ ලෙඩෙක්. අර ලස්සන ඉවරයි. දත් කැඩිලා, කෙස් ඉදිලා, කෙස් වැටිලා, ඇඟ රැලි වැටිලා, ඉන්නො වගේ කළු පාට ලප හැදිලා, පින්වත් මහණෙනි, දැන් මොකක් ද හිතන්නේ?
    ඒ දැරිවිගේ අර පරණ ලස්සන නැතිවෙලා ගිහින් ඇදීනව මතු වුනා නේද?
    “එහෙමයි ස්වාමීනි”

    පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්.
    රූපයේ ආදීනව ගැන තවදුරටත් කියනවා නම්, පින්වත් මහණෙනි, දැන් ඒ දැරිවි ම දැක ගන්න ලැබෙනවා මේ විදියට හොඳට ම ලෙඩ වෙලා, දුකට පත් වෙලා. තමන්ගේම මළ මූත්රාහ ගොඩේ වැටිලා. දැන් ඉතින් කවුරු හරි කෙනෙක් නැගිට්ටුවන්න ඕන. කව්රු හරි කෙනෙක් වාඩි කරවන්න ඕන. පින්වත් මහණෙනි, දැන් ඔබ මොකක්ද හිතන්නේ?
    අර දැරිවිගේ පරණ ලස්සන නැතිවෙලා ගිහින් ඇදීනව මතු වුනා නේද?
    “එහෙමයි ස්වාමීනි”

    පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්.
    රූපයේ ආදීනව ගැන තවත් කියනවා නම්, පින්වත් මහණෙනි, අර දැරිවි ම මැරිල අමු සොහොනෙ දාල ගිහින් තියනවා. දැන් ඒ මළ සිරුර එක දවසක් හෝ, දවස් දෙකක් හෝ, දවස් තුනක් හෝ කල් ගත වෙච්චි එකක්. ඉදිමිලා, නිල් වෙලා, සැරව හැදිල තියෙනවා. පින්වත් මහණෙනි, දැන් ඔබ මොකක්ද හිතන්නෙ? ඒ කාලෙ දැරිවියක් හැටියට සිටිද්දි ඇගේ තිබිච්ච රූප සෝභාව අතුරුදන් වෙලා ආදීනව මතු වුනා නේද?
    “එහෙමයි ස්වාමීනි”

    පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්.
    රූපයේ ආදීනව ගැන තවත් කියනවා නම්, පින්වත් මහණෙනි, දැන් ඒ දැරිවිම මැරිල අමු සොහොනෙ අත්හැර දාලා තියෙනවා. දැන් ඒ ශරීරය කාක්කො කන්න පටන් ගන්නවා. උකුස්සො කන්න පටන් ගන්නවා. ගිජුලිහිණියොත් කන්න පටන් ගන්නවා. බල්ලොත් කන්න පටන් ගන්නවා. හිවල්ලුත් කන්න පටන් ගන්නවා. එක එක ජාතියෙ සත්තුත් කන්න පටන් ගන්නවා. පින්වත් මහණෙනි, දැන් ඔබ මොකක්ද හිතන්නේ, ඒ කාලෙ දැරිවියක් හැටියට ඇගේ තිබිච්ච රූපසෝභාව අතුරුදහන් වෙලා ආදීනව මතු වුනා නේද?
    “එහෙමයි ස්වාමීනි.”

    පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්.
    රූපයේ ආදීනව ගැන තවත් කියනවා නම් පින්වත් මහණෙනි, දැන් ඒ දැරිවිම මැරිලා අමු සොහොනෙ අත්හැරලා දාලා තියෙනවා. දැන් ඒ ශරීරයේ නහර වලින් බැඳිච්ච මස් ලේ ඇතිව ඇට සැකිල්ලක් වෙලා. ...(පෙ)... මස් නැති, ලේ තැවරුන, නහර වැලින් බැඳුන ඇට සැකිල්ලක් වෙලා. ...(පෙ)... මස් ලේ කොහෙත්ම නැති නහර වැලින් බැඳුණු ඇටසැකිල්ලක් වෙලා. ...(පෙ)... ඒ ඇට සැකිල්ලේ ඇට හැම තැනම විසිරිලා. අත් ඇට එක පැත්තක. කොඳු ඇට තව පැත්තක, උකුල් ඇට තව පැත්තක, හිස් කබල තව පැත්තක. පින්වත් මහණෙනි, දැන් ඔබ මොකක්ද හිතන්නේ? ඒ කාලෙ දැරිවියක් හැටියට ඇගේ තිබිච්ච රූප සොභාව අතුරුදන් වෙලා ඇදීනව මතු වුණා නේද?
    “එහෙමයි ස්වාමීනි”

    පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්.
    රූපයේ ආදීනව ගැන තවත් කියනවා නම්, පින්වත් මහණෙනි, දැන් ඒ දැරිවිම මැරිල අමු සොහොනෙ අත්හැරලා දාලා තියෙනවා. හක් ගෙඩියේ පාටට සුදුපාට වෙච්ච ඇට ගොඩක් විතරයි තියෙන්නේ. ...(පෙ)... ඒ ඇටත් අවුරුදු ගණනක් පරණ වෙලා කැඩිල ගිහිල්ල තියෙන්නෙ. ...(පෙ)... ඒ ඇටත් අන්තිමේ දී කුඩු වෙලා පිටි බවට පත් වෙලා යනවා. පින්වත් මහණෙනි, දැන් ඔබ මොකක් ද හිතන්නේ? ඒ කාලෙ දැරිවියක් හැටියට සිටිද්දි ඇගේ තිබිච්ච රූප සොභාව අතුරුදහන් වෙලා ආදීනව මතුවුනා නේද?
    “එහෙමයි ස්වාමීනි”

    පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්.
    පින්වත් මහණෙනි, රූපයෙන් නිදහස් වීම කියන්නේ මොකක්ද?
    පින්වත් මහණෙනි, මේ රූපය කෙරෙහි තියෙන ආශාව දුරු කර ගැනීම ම යි. ආශාව ප්රීහාණය කර ගැනීම ම යි. මේක තමයි රූපයෙන් නිදහස් වීම කියන්නෙ.


    සාදු සාදු සාදු.!!!
    උපුටා ගැනීම. මජ්ජිම නිකාය. 01. සීහනාද වර්ගය. චූල දුක්ඛක්ඛන්ද සූත්රනය. (පින්වත් අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේගේ පරිවර්තනයකි)
    උතුම් ධර්ම දානය උදෙසා.
    සියලු දෙනාට සංසාර දුකින් අතමිදීම පිණිස මේ ධර්ම දානමය පින් අනුමෝදන් කරමි, අනුමෝදන් වෙත්වා.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මෛත්‍රී භාවනාව

    බුදුරජාණන් වහන්සේ දේශනා කලේ රහතන් වහන්සේලා සියක් නමකට දානය දෙනවට වඩා මහත් ඵලයි මහානිසංසයි එක පසේ බුදු නමකට දන් පැන් පූජා කිරීම.
    පසේ බුදුරජාණන් වහන්සේලා සියක් නමකට දානය දෙනවට වඩා මහත් ඵලයි මහානිසංසයි එක පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් පැන් පූජා කිරීම.
    බුදුරජාණන් වහෙන්සේට දන් පැන් පූජා කරනවට වඩා මහත් ඵලයි මහානිසංසයි බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කිරීම.
    බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කිරීමට වඩා මහානිසංසයි සිව් දිගින් වඩින මහා සංඝ රත්නයට ආරාම, කුටි පූජා කිරීම.
    බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊටත් වඩා මහත් ඵලයි මහානිසංසයි පැහැදුන සිතින් යුතුව බුදුරජාණන් වහන්සේ සරණ යෑම තුල, ශ්‍රී සද්ධර්මය සරණ යෑම තුල, ආර්ය මහා සංඝ රත්නය සරණ යෑම තුල. ඒ තුල මහා පුණ්‍ය ගංගාවන් තුනක් නිරන්තරයෙන් ජිවිතයට ගලාගෙන එන බව උන් වහන්සේ දේශනා කලා.
    ඊටත් වඩා මහත් ඵලයි මහානිසංසයි පැහැදුන සිතින් යුතුව සිල් පද ආරක්ෂා කිරීම. ඒ තුල ජිවිතයට පුණ්‍ය ගංගාවන් පහක් නිරන්තරයෙන් ගලන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක.
    ඊටත් වඩා මහත් ඵලයි මහානිසංසයි කියල භාග්‍යවතුන් වහන්සේ දේශනා කරල තියෙනවා එළදෙනකගේ කිරි දොවන කාලයක් තරම් සුළු කාලයක් (විනාඩි 10ක් 20ක්) මෛත්‍රී භාවනාව කිරිම.

    මෛත්‍රී භාවනාව කළ හැකි ආකාර දෙකක් ඇත. එනම්,
    මහග්ගත චේතෝ විමුක්තිය වශයෙන් හා අප්පමාන චේතෝ විමුක්තිය වශයෙන්.

    මහග්ගත චේතෝ විමුක්තිය ( ප්‍රදේශ වශයෙන් ගෙන මෛත්‍රිය පැතිරීම )

    මම වෛර නැත්තෙක් වෙම්වා,
    මම තරහා නැත්තෙක් වෙම්වා,
    මම ඊර්ශයා නැත්තෙක් වෙම්වා,
    දුක් පීඩා නැත්තෙක් වෙම්වා,
    සුව සේ ජිවත් වෙම්වා,
    ශාන්ත සුවයට පත් වෙම්වා.

    මා මෙන්ම,
    මෙම නිවසේ ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.

    එමෙන්ම,
    මේ ගමේ ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.

    එමෙන්ම,
    මේ නගරයේ ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.

    එමෙන්ම,
    මේ පළාතේ ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.

    එමෙන්ම,
    මේ රටේ ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.

    එමෙන්ම,
    මේ ලෝකයේ ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.

    එමෙන්ම,
    සියලුම ලෝකයන්හී ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.


    අප්පමාන චේතෝ විමුක්තිය (දිසාවන් වශයෙන් ගෙන මෛත්‍රිය පැතිරවීම.)

    මම වෛර නැත්තෙක් වෙම්වා,
    මම තරහා නැත්තෙක් වෙම්වා,
    මම ඊර්ශයා නැත්තෙක් වෙම්වා,
    දුක් පීඩා නැත්තෙක් වෙම්වා,
    සුව සේ ජිවත් වෙම්වා,
    ශාන්ත සුවයට පත් වෙම්වා.

    මා මෙන්ම,
    උතුරු දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.

    එමෙන්ම,
    උතුරු අනු දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.

    එමෙන්ම,
    නැගෙනහිර දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.

    එමෙන්ම,
    නැගෙනහිර අනු දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.

    එමෙන්ම,
    දකුණු දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.

    එමෙන්ම,
    දකුණු අනු දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.

    එමෙන්ම,
    බටහිර දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.

    එමෙන්ම,
    බටහිර අනු දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.

    එමෙන්ම,
    උඩ දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.

    එමෙන්ම,
    යට දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.
    ************************************************

    ධර්මය සාකච්චාවෙන්, බෙදාගැනීමෙන් හා අනෙකුත් කුසලකර්මයන් කිරීමෙන් ඔබ මා කරගත්තා වූ යම් පිනක් වේද, යම් කුසලයක් වේද, මේ භාවයේදීම නිවන් අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා...

    මේ සසරේ අප ගෙවූ දුක් අවබෝධ කරගෙන මේ අති බයංකාර වූ සංසාර ගමනෙන් මිදීමට සියලු සත්වයෝ උත්සහ ගනිත්වා.

    මේ අපගේ පළමු ඉපදීම නොව...
    මේ සසරේ අපි අනන්තවත් ඉපදී ඇත්තෙමු. අපගේ මව් මියගිය දුකට අපි හෙලූ කඳුළු එකතු කරේනම් මේ සාගරයටත් වඩා විශාලයි.
    අපගේ පියා
    මියගිය දුකට අපි හෙලූ කඳුළු එකතු කරේනම් මේ සාගරයටත් වඩා විශාලයි.
    මේ සසරේ අපිව ගෙනයන එකම හේතුව අවිද්‍යාවයි...

    මෙය කියවන සියලු දෙනා හට දහම් ඇස ලැබේවා.. අවිද්‍යාව විද්‍යාවෙන් දුරු කෙරෙත්වා.

    මේ සසරින් මිදෙත්වා...
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අප්‍රමාදය...

    හොඳට කල්පනා කරන්න, අපි උපන් දා ඉඳන් මේ වෙනකල් ඇස පිනවන්ට, කණ පිනවන්ට, නාසය පිනවන්ට, දිව පිනවන්ට, කය පිනවන්ට, නොයෙකුත් දේවල් කළා. වෙහෙසුණා, මහන්සි වුණා. ඒ දේවල් වලින් අල්ප වූ සැපයකුත් තිබුණ. නමුත් ඒ අල්ප වූ සැපට වඩා දුක් ගොඩාක් ඒවායේ තිබුණ.
    එතකොට මේ කාමයන්ගෙ පුංචි සැපක් තියෙනව. ඒ පුංචි සැප, පුංචි සැපක් විදිහට අපි තේරුම් ගත්තොත් ඒ සැපට ගිජු වෙන්නෙ නෑ. ඒ කාමයන්ගෙ මහා දුක් ගොඩක් තියෙනව කියල තේරුම් ගත්තොත් ඒ කාමයන්ගෙන් බේරෙන්ට පුළුවන් කමක් අපට තියෙනව. මේ විදිහට තේරුම් ගත්තොත් අපට පුලුවන්කම තියෙනව නිස්සාරවත් දේ, දුක් උපදවන දේ අතහැරගෙන, සුව පහසු ජිවිතයක් ඇතිකරගන්ට.



    ඒ නිසා කල්පනා කරන්න, අපට බොහෝ කලක් ජීවත් වෙන්ට ලැබෙන්නෙ නෑ. ඉතා ටික කලයි අපි ජීවත් වෙන්නෙ. ඒ ජීවත් වෙන ටික කාලයේදී අපි කල්පනා කළ යුතුයි මේ දුක් ස්භාවය තේරුම් අරගෙන මේ දුකෙන් නිදහස් වෙන්ට. එහෙම නොවුණොත් අපිට, මේ දුකට යලිත් ගොදුරු වෙන්ට සිද්ධ වෙනව. ඒ නිසා අපට ධර්මය ඉගෙන ගන්ට ලැබුණ මේ කාලයේ මේ ධර්මය තුළ කියා දෙන විදිහට හොදට සිහිය, නුවණ උපදවාගෙන සිහි නුවණින් කල්පනා කරන්ට ඕන. එහෙම කල්පනා කළොත් මේ ජීවිතේ ගෙවී අවසන් වෙන්ට මත්තෙන් දුකෙන් නිදහස් වන මඟට පැමිණෙන්ට පුලුවන් කමක් තියෙනව.
    දුකෙන් නිදහස් වන මඟට යම් කෙනෙක් පැමිනුණොත් එයාට ඒකාන්තයෙන් ම දුකෙන් නිදහස් වෙන්ට පුලුවන් කමක් තියෙනවා මයි.



    නමුත් ඒ දුකෙන් නිදහස් වන මඟට පැමිණීම තමයි අමාරු ම දේ. දුකෙන් නිදහස් වන මඟට පැමිණුනොත් ඒ මඟ පුරුදු කරන්ට අපට පුළුවන්. ඒ නිසා ප්‍රමාදයට පත් වෙන්ට එපා. ඒකට ඔබ තාම ප්‍රමාද නෑ. නමුත් අපි මේ මොහොතේ හරි මේ ධර්මය තේරුම් ගන්ට උත්සාහ නොකළොත්, එන්ට එන්ට අපි ප්‍රමාදයට පත් වෙනව. ප්‍රමාද වෙනව කියල කියන්නෙ, ඇහැ පිනවන්ට, කණ පිනවන්ට, නාසය පිනවන්ට, දිව පිනවන්ට කය පිනවන්ට ම උත්සාහ කරමින් වාසය කිරීමට යි.



    ඒ කියන්නෙ කාමයන් උදෙසාම ජීවිතය ගත කරනව කියන එකයි. එයා කාමයන් ම සොයමින් වාසය කරනව. එතකොට එයා ඉන්නෙ ප්‍රමාදය තුළයි. කාමයන් ගැන ම කල්පනා කරන කෙනාට සිහි නුවණක් නෑ. සිහියත් නෑ, නුවණත් නෑ. ඒ නිසා කාමයන් මත ම ජීවිතය ගත කරන්නැතුව, කාමයන් ගැන භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ධර්මය තේරුම් ගන්ට උත්සාහ කරන්න. ඒ ධර්මය තේරුම් ගත්තොත් එයාට සිහිය ඉපදෙනව. සිහිය ඉපදුණ කෙනාට හොඳට නුවණින් කල්පනා කරන්ට පුළුවන්කමක් තියෙනව.
    ඒ විදිහට අපි නුවණින් කල්පනා කරනකොට "මේ තමයි දුක" කියල දුක ගැන තේරුම් ගන්ට අපට පුළුවන් කමක් තියෙනව. දුකේ හට ගැනීම ගැනත් තේරුම් ගන්ට පුළුවන් කමක් තියෙනව. දුකේ නැති වීම ගැනත් තේරුම් ගන්ට පුළුවන්කම ලැබෙනව. දුක නැති කරන මඟ තේරුම් ගන්ට පුළුවන් කම තියෙනව. මේ විදිහට දුක ගැනත්, දුකේ හටගැනීම ගැනත්, දුක නැතිවීම ගැනත්, දුක නැති වෙන මඟ ගැනත් අපිට තේරුම් ගන්ට පුළුවන් වුණොත්, අපි නිවන් මඟට පැමි‚ලා. ඒ නිවන් මඟට පැමිණෙන කෙනාට සම්පූර්ණයෙන් ඒ දුකෙන් නිදහස් වෙන්ට පුළුවන් කමක් ලැබෙනව.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නිදහස් වියයුතු කාමයන්...

    ධර්මය ඉගෙන ගන්න කෙනා ධර්මයේ හරය තේරුම් ගත යුතුයි. ධර්මය තුළ තිබෙන සැබෑ පණිවිඩය හඳූනාගත යුතුයි. ධර්මය තුළ පෙන්වාදෙන සැබෑ පණිවිඩය හඳූනා නොගන්නා තාක් ඒ ධර්මයෙන් ලබන පිළිසරණ අපට ලබන්ට බෑ.

    මොකද්ද ඒ සැබෑ පණිවිඩය? තණ්හාව තියෙන තැන දුක තියෙනව. තණ්හාව නැති තැන දුක නෑ කියන කාරණයයි.

    ඒ විදිහට ධර්මය හඳූනා ගන්න කෙනා යළි යළිත් දුකේ ඉන්ට කැමති ද? කැමති නෑ. එයා දුකෙන් නිදහස් වීමට කැමතියි. අන්න එයා තණ්හාව අතහැරීම පිණිස නිවන් මඟ වඩන්ට කැමති වෙනව. අන්න ඒ විදිහට අපි ධර්මය ඉගෙන ගනිද්දී, මේ ධර්මය තුළ පෙන්වා දෙන අර්ථය, සැබෑ පණිවිඩය හඳූනා ගත යුතුයි.
    ඒ නිසා ඔබ ධර්මය ඉගෙන ගනිද්දී බලන්න භාග්‍යවතුන් වහන්සේ කුමක් ද අපට පෙන්වා දුන්නෙ කියල. කුමක්ද භාග්‍යවතුන් වහන්සේ අපට මේ ධර්මයෙන් පෙන්වා දෙන්නේ..? දුකෙන් නිදහස් වීම තමයි භාග්‍යවතුන් වහන්සේ අපට මේ ධර්මයෙන් පෙන්වා දෙන්නෙ.

    භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනව, මේ ලෝකයේ යම් යම් පීඩාවන් හටගැනීමට කාමයන් මුල් වෙනවා කියල. මේ කාම ලෝකයේ තමයි අපි ඉන්නෙ. මේ මනුස්ස ලෝකය, දිව්‍ය ලෝකය, තිරිසන් ලෝකය.. මේ ලෝක කාම ලෝක විදිහටයි හඳූන්වන්නෙ. ඒ කියන්නෙ ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවීම පිණිස වාසය කරන ලෝක, ප්‍රිය රූප, ශබ්ධ, ගඳ, රස, පහස කියන මේවායින් සතුටු වෙන ලෝක කාම ලෝක විදිහටයි හඳූන්වන්නෙ. ප්‍රිය රූප, ප්‍රිය ශබ්ධ, ප්‍රිය ගඳ සුවඳ, ප්‍රිය රස, ප්‍රිය පහස කියන මේවා මුල් වෙලා තමයි මේ ලෝකයේ යම් දුක් පීඩා තියෙනවා නම් අපට උපදින්නේ.

    භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනව, අපිව මදුරුවො කනව, ඒ වාගේ ම අපට මැස්සන්ගෙන් කරදර තියෙනව. මේව පවා කාම ලෝකයේ උපන් නිසා කියල අපට පෙන්වා දෙනව. බලන්න අව්වෙන් කරදර තියෙනව, වැස්සෙන් කරදර තියෙනව, සුළඟින් කරදර තියෙනව. සීතලෙන් කරදර තියෙනව, උණුසුමෙන් කරදර තියෙනව. මේ ඔක්කොම කුමක් නිසා ද? කාම ලෝකයේ ඉපදුණු නිසා යි.

    නමුත් බ්‍රහ්ම ලෝකයේ මැසි මදුරු උවදුරු තියෙනව ද? නෑ. වැස්සෙන් අව්වෙන් සුළෙඟන් පීඩා තියෙනව ද? ඒ ලෝකයේ ඒ පීඩා නෑ. මේ වගේ කාමයන් නිසා විඳින පීඩා අපි තේරුම් ගත්තොත්, මේ කාම ලෝකයට අපි කැමති වෙන්නේ නෑ. ඒ කාමයන්ගෙන් දුක් උපදවනවා කියල තේරුම් ගත්ත කෙනා ඒ ගැන අකමැත්ත උපදවා ගන්නව. එතකොට එයාට ඒ කාමයන්ගෙන් නිදහස් වෙන්ට පුළුවන් කමක් තියෙනව. අපි මේ කාමයන් ගැන තියෙන ඇල්ම බැහැර කරගන්ට කල්පනා කළොත්, මේ කාම ලෝකයේ විඳින අනේක ප්‍රකාර දුක් පීඩා දුරුකරගන්ට අපට පුළුවන් කමක් තියෙනව.

    එහෙම නැතිනම් මේ ලෝකයේ කාමයන්ට ගිජු වෙලා කාමයන් ම සොය සොයා වාසය කළොත් යළි යළිත් අපට දුක් විඳින්ට සිදු වෙනව. ඒ නිසා හොඳට තේරුම් ගන්න, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඇසෙන කලක ඒ ධර්මයේ කියා තියෙන විදිහට මේ තමයි දුක කියල දුක ගැන හොඳට ඉගෙන ගන්න. දුකේ හටගැනීම ගැනත් හොඳට ඉගෙන ගන්න. ඒ වගේ ම දුකේ නැතිවීම ගැනත්, ඒ දුක නැතිවන විදිහත් ඉගෙන ගෙන මේ දුකින් නිදහස් වීමට කටයුතු කරන්න.



    සියලු දෙනාටම තෙරුවන් සරණයි!


    පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සතර සතිඵට්ඨානය

    කායානුපස්සනාව - කය අනුව සිහිය පිහිටවීම


    • ආනාපානසතිය
    • සති සම්පජන්නය (සිහිනුවන පැවත්වීම)
    • ඉරියාඵත (අත පය හසුරවන ඉරියව්ව ගැන සිහිය පිහිටවීම)
    • අසුභය
    • ධාතුමනසීකාරය
    • නවසීවතිකය (මැරුන සිරුරක් අවස්ථා 9යකදී සිදුවනදේ දැකීම)

    වේදනානුපස්සනාව - සැප, දුක හා මද්‍යස්ථ විදීම ගැන සිහිය පැවැත්වීම

    චිත්තානුපස්සනාව - සීතේ ඇතිවන විවිද වෙනස්කම් ගැන සිහිය පැවැත්වීම.

    • සිත විසිරීලානම් දන්නවා
    • සිත කලබලනම් දන්නවා
    • සිත අලසනම් දන්නවා
    • සිත දියුනු නැත්නම් දන්නවා
    • සිත පිරිහිලානම් දන්නවා
    • සිත එකග වෙනවානම් දන්නවා
    • සිතේ කෙලෙස් තියනවානම් දන්නවා

    ධම්මානුපස්සනාව - ජීවිතය අවබෝද කරණ කොනය (දෙය) පිලිබදව සිහිය පිහිටවීම

    1 නීවරණ ධර්ම ගැන බලන්න

    1. කාමත්ඡන්දය
    2. ව්‍යාපාදය
    3. තීනමිද්‍ය
    4. උද්දච්ච කුක්කුච්ච
    5. විචිකිච්චා
    2 පන්ච උපාදානස්කන්දය හටගන්න, පවතින හා නැතිවන ආකාරය ගැන නුවනින් විමස විමසා බලන්න.
    3 ආයතන භාවනාව
    4 බොජ්ජන්ග භාවනාව (චතුරාර්ය සත්‍ය අවබෝධ කීරීමේ අන්ග 7

    1. සති සම්බෝජ්ජන්ගය
    2. ධම්ම විචය සම්බෝජ්ජන්ගය (නුවනින් විමසීම )
    3. වීරීය සම්බෝජ්ජන්ගය
    4. ප්‍රිති සම්බෝජ්ජන්ගය
    5. පස්සද්ධී සම්බෝජ්ජන්ගය (කායික මානසික සැහැල්ලුබව )
    6. සාමාදි සම්බෝජ්ජන්ගය
    7. උපෙක්ෂා සම්බෝජ්ජන්ගය


     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ආර්ය සත්‍යය සිහි කරමු

    පාපී අකුසලයන් එහෙම නැත්නම් ඒ පාපී අකුසල සිතුවිලි හිතන්ට එපා. ඒව හිත හිත ඉන්ට එපා. ඒ පාපී අකුසල සිතුවිලි හිත හිත ඉදීම අර්ථ සහිත නෑ. පිරිසිදු ජීවිතයක් උපදවන්ට උදව් වෙන්නෙ නෑ. අවබෝධයෙන් කළකිරීම ඇතිකරවන්නෙ නෑ. රාගය සංසිදුවන්නෙ නෑ. ඇල්ම දුරුවෙන්නෙ නෑ. ඇල්ම නිරුද්ධවෙන්නෙ නෑ. හිත සංසිදෙන්නෙ නෑ. විශේෂ ඥානය උපදවන්නෙත් නෑ. ආර්ය සත්‍යය අවබෝධය ඇතිකරවන්නෙත් නෑ. නිවන අවබෝධ කරන්ට උදව් වෙන්නෙත් නෑ.
    බලන්න මේ සා මහත් අනර්ථයක් ඇතිකරන, අපගේ ජීවිත මුලුමනින්ම විනාශයට පමුණුවන අකුසල විතර්ක ගැනයි භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙන්නෙ. භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනව, හිතනව නම් හිතන්න, "මේ තමයි දුක කියල, දුක්ඛ ආර්ය සත්‍යය ගැන හිතන්ට" කියල, "මේ තමයි දුකේ හටගැනීම කියල, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ගැන හිතන්ට" කියනව.
    "මේ තමයි දුකේ නැතිවීම කියල, "දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය ගැන හිතන්ට" කියනව. "මේ තමයි දුක නැති කරන මග කියල, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපÞ ආර්ය සත්‍යය ගැන හිතන්ට" කියනව. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව, "අන්න ඒ විදිහට මේ ආර්ය සත්‍යය ගැන යමෙක් හිතනව නම්, අන්න ඒ හිතන සිතුවිලි එසේ සිතීම අර්ථ සහිතයි" කියල. අර්ථ සහිතයි කියල කියන්නෙ තමාටත් අනුන්ටත් හිත සුව පිණිස පවතිනව. යහපත උපදවල දෙනව. දුකේ නිදහස්වීම උපදවල දෙනව. නිවන අවබෝධ කිරීම උපදවල දෙනව.
    ඒක තමයි අර්ථ සහිතයි කියල කියන්නෙ. ඒ ආර්ය සත්‍යය ගැන හිතන එක පිරිසිදු බඹසර ජීවිතය උපදව ගන්න හේතුවෙනව. උදව් වෙනව කියල. ඒ කියන්නෙ ශීල, සමාධි, ප්‍රඥා කියන අංගයන්ගෙන් යුක්ත නිවන් මග පාදවගන්ට අපිට උදව්වෙනව ආර්ය සත්‍යය ගැන හිතන එක.
    ඊලගට භාග්‍යවතුන් වහන්සේ කියල දෙනව අවබෝධයෙන් කළකිරවන්ටත් ඒ ආර්ය සත්‍යය ගැන හිතන එක හේතුවෙනව. විරාගය ඇතිකරන්ට හේතුවෙනව. රාගය නිරුද්ධ කරන්ටත් හේතුවෙනව. බලන්න යම් කෙනෙක් තුළ අවබෝධයෙන් කළකිරීම ඇතිවුනොත් ඒ කළකිරුණු දේ ගැන ආශාව දුරුවෙනව.
    නමුත් යම් කෙනෙක් තුළ අවබෝධයෙන් කළකිරීමක් ඇති නොවුනොත් එයා තුළ ආශාව දුරුවෙන්නෙ නෑ. යමෙක් ආර්ය සත්‍යය ගැන හිතන්ට පෙළඹුනොත් ආර්ය සත්‍යය ගැන නැවත නැවත හිතුවොත් එයා තුල අවබෝධයෙන් කළකිරීම ඉපදෙනව. අවබෝධයෙන් කළකිරෙනව කියල කියන්නෙ යමක අර්ථය ඇති සැටියෙන් දැනගන්නව. අන්න එතකොටයි අවබෝධය ඇතිවෙන්නෙ. අවබෝධය ඇතිවුනාම ඒ කෙරෙහි තිබෙන කැමැත්ත අඩුවෙන විදිහට හිත සකස්වෙනව. අවබෝධයෙන් කළකිරෙනවා කියන්නෙ ඒකට.
    යමෙක් දැනගත්තොත් යමක ආස්වාදය වගේම ආදීනවය, ඒ වගේම යමක ආස්වාදය ටිකයි තියෙන්නෙ ආදීනවය ගොඩාක් තියෙනව කියල දැනගත්තොත් අන්න ඒක අවබෝධයෙක්. එතකොට යමෙක් කාම සිතුවිලි සිත සිතා හිටියොත් ඒ අවබෝධය උපදවාගන්ට බෑ. නමුත් යමෙක් චතුරාර්ය සත්‍යය ධර්මය ගැන හිතන්ට පටන් ගත්තොත් එයාට ආස්වාදය වගේම ආදීනවය තේරුම් ගන්ට පුළුවන්. යමක ආස්වාදය ටිකයි ආදීනවය ගොඩයි කියල එයාට තේරෙනව. අන්න එතකොට අවබෝධයෙන් කළකිරීම කියන එක ඇතිවෙනව.
    අවබෝධයෙන් කළකිරීම ඇතිවුනහම අන්න එයාගේ සිතේ යමක් කෙරෙහි තිබෙන ආසාව දුරුවෙනව. ආසාව නැතිවෙනව. ආසාව නැතිවුනායින් පස්සෙ ඒ කෙරෙහි තිබෙන ඇල්ම නිරුද්ධවෙනව. ඇල්ම නිරුද්ධ වුනාට පස්සෙ ඒ ගැන හිත හිතා ඉන්න ස්වභාවය නැතිවෙනව. හිත හිතා ඉන්න ස්වභාවය නැතිවුනායින් පස්සෙ සිත සංසිදිල, හිත නිෂ්චලයි, සිත සංසුන්. ඒකට කියනව උපසමාය කියල.
    සිත සංසිදුනට පස්සෙ, එක එක අරමුණු ඔස්සේ දුවන ස්වභාවය නැතිවුනාට පස්සේ, ඒ සංසිදුන සිතින් විශේෂ ඥානයන් උපදවගන්ට පුළුවන්. ඒකට කියනව අභිංඥාය කියල. අන්න ඒ වගේ සංසිඳූනු සිතක් සහිතව වාසය කරන කෙනාට මේ තමයි දුක කියල, දුක්ඛ ආර්ය සත්‍යය පිළිබද පරිපූර්ණ අවබෝධය උපදවගන්ට පුළුවන්. මේ තමයි දුකේ හටගැනීම කියල, දුක්ඛ සමුදය ආර්ය පිළිබදව පරිපූර්ණ අවබෝධය ඇතිකරගන්ට පුළුවන්. මේ තමයි දුක්ඛ නිරෝධය කියල, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳවත් පරිපූර්ණ අවබෝධය ඇතිකරගන්ට පුළුවන්. මේ තමයි දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ආර්ය සත්‍යය කියල, ඒ ආර්ය සත්‍යය පිළිබදවත් පරිපූර්ණ අවබෝධය ඇතිකරගන්ට පුළුවන්. අන්න ඒකට කියනව සම්බෝධාය කියල.
    ඒ විදිහට ආර්ය සත්‍යය පිළිබද පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ කෙනා ආශ්‍රව ශය කරගන්නව. එයාගේ සිතේ ආශ්‍රව ශය වෙනව. ඒ විදිහට ආශ්‍රව ශය වුන කෙනා පිරිනිවන් පානව. නිවන අවබෝධ කරනව. එතකොට බලන්න ඒ මට්ටමට යම් කෙනෙක් ජීවිතය දියුණු කරගත්තොත් එයා පරිපූර්ණ දියුණුවක් උපදවගත්ත කෙනා. මේ ශාසනයෙන් උපරිම ඵල නෙලාගත්ත කෙනා.
    මොකක්ද ඒ නෙලාගත්ත ඵලය? නැවත උපදින්නෙ නැති ස්වභාවයට පත්වීම. සියලු දුකින් නිදහස් වීම, පිරිණිවන් පෑම. ඒ සා මහත් වූ ප්‍රතිලාභායක් අත්කරගන්ට පුළුවන් වුනේ කොහොම කෙනෙකුටද? ඒ ලාමක පාපී අකුසල සිතුවිලි බැහැර කරමින්. චතුරාර්ය සත්‍යය ධර්මය ගැන හිතන්ට පෙළඹුන කෙනා. අන්න එයාටයි මහත් වූ ලාභය අත්කරගනට පුළුවන් කම තිබෙන්නෙ.


    සියලු දෙනාටම තෙරුවන් සරණයි!


    පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    භාවනාවට පෙර

    284133_618108414885675_221943238_n.jpg

    ආනාපාන සති භාවනාව කරන්න සුදුසු ඉරියව්වකින් වාඩිවුනාට පස්‌සේ පිංවතුන් විශාල පිරිසකට තිබෙන ප්‍රශ්නයක්‌ තමයි ආශ්වාස ප්‍රශ්වාසයේ සිත නොපිහිටා භාහිර අරමුණක්‌ ඔස්‌සේ සිත දිවයැම. මෙතැනදී ඔබ නොසන්සුන් වෙන්න පුළුවන්. අලසවෙන්න පුළුවන්. භාවනාව කෙරෙහි උදාසීන වෙන්න පුළුවන්. මේ සියල්ල ඔබ තුළ සකස්‌වෙන්නේ පංච නීවරණ වශයෙන්. අරමුණු වේගයෙන් සකස්‌ වෙනවාය කියන්නේ, ඔබ තුළ ඇලීම් ගැටීම්වල ස්‌වභාවය වැඩිය කියන කාරණයයි.
    මෙතැනදී ඔබ ඇලෙන්නේ හෝ ගැටෙන්නේ රූපයකට. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිත මාරයාය කියලා. එහෙම නම් ඔබ දක්‍ෂ වෙන්න ඕනේ තැනපත්භාවයෙන් තොර ඔබේ සිත මාරයා වශයෙන් දකින්න. දැන් මේ මාරයා තමයි ඔබට බාධා කරන්නේ, සිත සමාධිමත්භාවයට පත්වන්නට ඉඩ නොදී. මේ හඳුනාගැනීම ඔබ කළාට පස්‌සේ ආනාපානසති භාවනාවෙන් සිත බැහැර කරලා විවේකීව, වේගවත් සිතිවිලි දෙස බලා සිටින්න.
    ඔබට ධර්ම මාර්ගයේ අවබෝධය කරා යැම වැළැක්‌වීමට මාරයා උපක්‍රමශීලී වෙනකොට ඔබ දක්‍ෂ වෙන්න ඕනේ මාරයාට වඩා උපක්‍රමශීලී වීමට. මාරයාට මාර ධර්මයෙන්ම විරුද්ධ දිශාවට යැමට මාර සිත රැවැට්‌ටීමට ඔබ දක්‍ෂ විය යුතුයි. විවේකීව වාඩිවෙලා වේගයෙන් අරමුණු ගලාගෙන එන සැටි බලා සිටින්න. ඒවායේ ඇතිවීමත්, වැනසීමත්, එම සිතිවිලි සකස්‌වෙන වේගවත්භාවයත් දකිමින් ඔබ ඔබට චෝදනා කරගන්න. ගැටෙන්න එපා. ඔබ තව තව ප්‍රබෝධමත්ව සිතිවිලි දෙස බලන්න. සිතිවිලි සකස්‌වීමේ වේගවත්භාවය කියන්නේ මාරයාගේ වේගය බව දකින්න. මේ වේගවත්භාවයේ වේගයට සමාන වේගයකින් මාරයාගේ ලෝකයේ නැවත උපතකට අවශ්‍ය සංස්‌කාර ධර්මයන් තමන් රැස්‌කොට ගන්නා බව දකින්න. ඔබේ සිතිවිලි ඇලීම්, ගැටීම් ඔස්‌සේ වේගවත් වෙනවාය කියන්නේ අනාගත දුක්‌ උදෙසා වේගවත්ව සංස්‌කාර රැස්‌කිරීම බව දකින්න. ඔබ මුලින්ම භාවනාවට වාඩි වුණේ ආනාපාන සති භාවනාව කරන්නයි. සිත තැන්පත් කරගන්න බැරිව ගියා. නමුත් ඔබේ දක්‍ෂභාවය නිසා දැන් කුමක්‌ද සිද්ධවෙන්නේ. ධම්මානුපස්‌සනාවයි, වේදනානුපස්‌සනාවයි, චිත්තානුපස්‌සනාවයි වැඩෙන්නේ.
    ඔබ සිතේ සකස්‌වෙන ගොරහැඩි චංචල සිතිවිලි දෙස බලා සිටියදී එම සිතිවිලිවල චපල බව, රාගික බව, තෘෂ්ණාධික බව, මෛත්‍රීසහගත බව. මේවා දෙයාකාරයක සිතිවිලි. ඒවායේ ඇතිවීම, නැතිවීම දකිනකොට ඔබ තුළ වැඩෙන්නේ විදර්ශනාවයි. ඔබ විනිවිද දකිනවා, සිත විමර්ශනයට ලක්‌කරනවා. මෙහෙම තමයි ඔබ මාර ධර්මයන්ට පහරදිය යුත්තේ.
    මුලින්ම ඔබ ආනාපාන සති භාවනාව කරන්න ගිහින් පංච නීවරණ නිසා එයට අවස්‌ථාව ලැබුණේ නැහැ. ඔබ දක්‍ෂ වුණා එම බාධකය වඩාත් ඉහළ ජයග්‍රහණයක්‌ කරා ඔසවා ගන්න. ඒ කියන්නේ විදර්ශනාවට සිත යොමුකරන්න. මේ දක්‍ෂභාවය ඔබ ලබන්න නම්, සිත කියන්නේ මාරයාය කියන කාරණය කමටහනක්‌ ලෙස ජීවිතයට එකතුකරගන්න ඕනේ. එහෙම එකතුකර ගතහොත් ඔබට පුළුවන් භාවනාවට එරෙහිව එන පංච නීවරණයන් ලෙහෙසියෙන් යටපත්කොට දමන්න.
    ඔබ උදාහරණයක්‌ හැටියට හිතන්න, භාවනාව කියන්නේ ක්‍රීඩාවක්‌ය කියලා. ඔබේ ප්‍රතිවාදියා තමයි මාරයා. ප්‍රතිවාදියා නිරතුරුවම උපක්‍රම යොදන්නේ ඔබව පරාජයකොට, තමා ජයගන්න. මෙතැනදී ප්‍රතිවාදියා ඔබට එල්ල කරන උපක්‍රමය තමයි පංච නීවරණ. පංචනීවරණ වලින් මාරයා ඔබට දමා ගසද්දී, ඔබට තිබෙන්නේ සංසුන් ඉරියව්වෙන් මාරයාගේ ඉරියව් දෙස බලා සිටීම පමණයි. ඔබේ දැවීයැම ගැන ඔබ සිතන්න එපා. පරාජය ජයග්‍රහණය ගැන ඔබ සිතිය යුතු නැහැ. මොකද පරාජයත්, ජයග්‍රහණයත් යන දෙකම අනිත්‍යභාවයට පත්වන ධර්මතාවයන්. ඒවා අයිති මාරයාටයි. ඔබ මේ උත්සහ ගන්නේ ජය පරාජය දෙකින්ම මිදී අවබෝධයෙන් නිදහස ලබාගැනීමටය. අවබෝධයෙන් නිදහස්‌ වීම යනු ධර්මයේ අර්ථයයි.
    ඔබ මේ ක්‍රමවේදය යොදාගනිමින් ආරක්‍ෂා වෙන තරමට, මාරායාට හතිවැටෙන බව ඔබ දැනගත යුතුය. පිංවත් ඔබ වේගවත්ව ඇතිවන අරමුණු දෙස, ඒවා ඇතිවීම, නැතිවීම දෙස බලා සිටින්න. මද සිනහ පහළකරමින් දකින්න. ප්‍රබෝධමත්ව දකින්න. මාර ධර්මයන් හේතුවෙන් මොහොතක්‌ හෝ කම්පා නොවන්න. පසුතැවිලි නොවන්න. කෙළෙස්‌ විඩාවට පත්කොට, තැන්පත් සිතක්‌ සකස්‌කොටගෙන නැවත අවශ්‍ය භාවනාවට යොමුවන්න.
    මොනම හේතුවකින්වත් මෙය මෙසේ වියයුතුයි කියා දෘෂ්ටිගත වන්න එපා. කාලසටහන් සාදාගෙන භාවනාවට යොමුවෙන්න එපා. සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි කියමින්, දකිමින් භාවනාවට යොමුවන්න. පිංවත් ඔබ භාවනා කරන විට ඉදිරියට එන පංච නීවරණයන්ගේ ස්‌වභාවය මත ඔබේ ක්‍රමවේදයන් වෙනස්‌ කරගැනීමට දක්‍ෂ වෙන්න. එහෙම ක්‍රමවේදයන් වෙනස්‌ කරගැනීමට ඔබ අදක්‍ෂ වුවහොත් ඔබ තුළ ඇතිවන ගැටලුවලදී ඔබ ගැටෙනවා. එය හරිම අවාසනාවක්‌. ඔබ මේ ඇලීම හැටියටත්, ගැටීම හැටියටත් අත්දකින්නේ ධම්මානුලපස්‌සනාවයි. වේදනානුපස්‌සනාවයි. නමුත් ඔබ මේ උතුම් විදර්ශනා දැක්‌ම අතහැරලා, මගහැරලා ධර්මයත් සමග ගැටෙන දිශාවට යොමුවෙනවා. ධර්මය ඔබට ස්‌පර්ශ වෙන්නේ ගැටෙන්න නෙවෙයි. අවබෝධ කරගන්නයි.
    මෙය සටහන් තබන භික්‍ෂුව ලැබූ යම් අවබෝධයක්‌ වෙත්නම්, ඒ අවබෝධයට මහෝපකාරී වූයේ සිතේ ඇතිවූ ඇලීම්, ගැටීම් ස්‌වභාවයන්ගේ තීව්‍රභාවයන්මය. මාරධර්මයන් නිසා භික්‍ෂුවගේ සිතේ ඇති වූ ඇලීමේ, ගැටීමේ ස්‌වභාවයන් දෙස ධර්මානුකූලව විදර්ශනා ඥානයෙන් බලමින් එම ඇලීම් ගැටීම් මගේ කර නොගෙන, ඒවායේ නිර්මාතෘවරයා දෙසටම එල්ල කිරීමට භික්‍ෂුව දක්‍ෂ විය .එම ක්‍රියාවලිය කොතෙක්‌ සුක්‍ෂම, දක්‍ෂ ආකාරයට භික්‍ෂුව කළාද කිවහොත් අවසානයේදී, මාරයාගේම ඇලීමේ ගැටීමේ ස්‌වභාවය තීව්‍රවී, මාරයා අමතක නොවන පාඩමක්‌ භික්‍ෂුව වෙතින් ඉගෙන ගත්තේය. ඔහු දැන් බියට පත්වී හමාරය. ඔහු බියට පත්කළේ ඔහුගේ ධර්මතාවයන් මගේ කර නොගෙන, ඔහුටම පෙරළා යෑවීම නිසාය. පෙරලා ගැසීම නොවේ. පෙරළා යෑවීම නිසය. පෙරලා ගැසීම යනු මාරයා සතුටුවන දෙයයි. මොකද එතැන ඇත්තේ ගැටීමයි, ව්‍යාපාදයයි. මාර ධර්මයන් පැමිණි විලසින්ම පෙරළා යෑවීම මාරයා ගැටෙන ස්‌වභාවයයි. මාරයා පීඩාවට පත්කරන ස්‌වභාවයයි.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සංවේගය උපදවාගනු වස්.

    භාවනාව වර්තමානයේ බොහෝ ජනප්‍රිය මාතෘකාවක්‌. වයස්‌ භේදයකින් තොරව දෙස්‌ විදෙස්‌ පිංවතුන් විශාල පිරිසක්‌ මේ ජනප්‍රිය මාතෘකාව තුළින් සැනසුම සොයනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේ දඹදිව මිනිසාගේ විමුක්‌තිය අරමුණු කොට ගොඩනඟාගත් මිථ්‍යා දෘෂ්ඨී හැට දෙකක්‌ තිබුණු බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සෑම දෘෂ්ඨීයක්‌ ඇති වූයේ, වර්ධනය වුණේ, මනුෂ්‍යයාගේ ජීවිතවල සංකීර්ණභාවය වැඩි වුණ නිසා. සංකීර්ණභාවය කියන්නේ දුක වැඩිවීම කියන කාරණයයි. වර්තමාන සමාජය තුළද මනුෂ්‍යයාගේ ජීවිතවල සංකීර්ණභාවය වැඩිවන්න, වැඩිවන්න සකස්‌ වන විකෘති සමාජීය, අධ්‍යාත්මික, පාරිසරික ස්‌වභාවයන් හේතුවෙන් මනුෂ්‍යයා නිරතුරුවම අසහනයට පත්වෙනවා. මේ අසහනයෙන් මිදීමටත්, පිංවතුන්ලා වැඩි වැඩියෙන් භාවනාවට යොමුවෙනවා.
    ඉහත කාරණය නිසා ඔබ භාවනාවට යොමු වනවා නම්, එම හේතුව සකස්‌වීම සඳහා බලපෑ සාධකයන්, ගැන පිංවත් ඔබ භාවනා කිරීමට පෙර දැනුවත් වෙන්න අවශ්‍යයි. ජීවිතයට බලපාන අසහනය නැමති ඵලය සකස්‌වීමට හේතු කාරණා වූ ධර්මතාවය කමටහනක්‌ කොට ගත්තොත්, පමණක්‌මයි, භාවනාවක්‌ තුළින් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වෙන්නේ. අප ජීවත්වන සමාජය ඉබේ සංකීර්ණභාවයට පත්වන්නේ නැහැ. සමාජයේ සංකීර්ණභාවය කියන්නේ මනුෂ්‍යයාගේ අධිවේගී සිතුවිලිවල ඵලයකි. සඳ පායා ඇති එක්‌තරා සුන්දර රාත්‍රියකදී අජාසත්ත රජතුමාට සිතිවිල්ලක්‌ පහලවෙනවා.මේ සුන්දර රාත්‍රිය වඩාත් අර්ථවත් වෙන්න නම්, ධර්ම සාකච්ඡාවක්‌ කළොත් හොඳයි කියලා රජතුමා ඇමැතිවරුන් කැඳවලා විමසනවා. ඒ සුන්දර රාත්‍රියේ අර්ථවත් ධර්මයක්‌ කිනම් ශෘස්‌තෘවරයකුගෙන් ඇසුවොත් යහපත් වේවිද කියලා. ඇමැතිවරුන් තම තමන්ගේ මතයන් ප්‍රකාශය කරන අතරේ එක සිහිනුවන තිබෙන ඇමැතිවරයෙක්‌ ප්‍රකාශ කරනවා. මගේ අඹ වනයෙහි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක්‌ ස්‌වාමීන් වහන්සේලා වැඩ සිටිනවා. භාග්‍යවතුන් වහන්සේ, පිංවත් මහ රජතුමාගේ මේ සුන්දර රාත්‍රිය අර්ථවත් කරගැනීමට උතුම් හමුවක්‌ම වේය කියලා.
    ඇමැතිවරයාගේ පැහැදිළි කිරීම ගැන රජතුමා සතුටුවෙලා. තම පිරිවර සමග අඹ වනයට ගමන් කරනවා. අඹ වනය තුළට පැමිණීයත්, කිසිවකුගේ කිවිසුමක්‌ පමණකුදු හඬක්‌ නොඇසෙන නිසා රජතුමා බියට පත් වෙනවා. තම ඇමැතිවරයා මේ රාත්‍රියේ තමා මරා දැමීම සඳහා සැලසුමක්‌ කළාද කියලා. පන්සියක්‌ දෙනා සිටින තැනක අඩු වශයෙන් කුඩා හෝ ශබ්දයක්‌ නැඟෙන්න ඕනේ. ‘ඔබ මට වංචා කළා නේද?’ කියලා රජතුමා විමසනවා. ඇමැතිවරයා ප්‍රකාශ කරනවා අර පෙනෙන ශාලාවේ බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩ සිටිනවා කියලා. රජතුමා සතුට ප්‍රකාශ කරනවා. පන්සියයක්‌ මහා සංඝරත්නය වැඩ සිටින ස්‌ථානයක්‌ කෙසේ නම් මේසා නිහඬතාවයක්‌ ඇති වන්නද කියලා. මේ උතුම් නිහඬතාවය ඒ උතුම් ජීවිතවල ගොඩනැඟුණු සරලභාවය නිසාම හටගත් ස්‌වභාවයක්‌. පංච නීවරණ ජීවිතය තුළින් යටපත් වෙන්න, යටපත් වෙන්න ජීවිතය සරලභාවයට පත් වෙනවා. මේ සියල්ල හේතුඵල ධර්මයන්.
    මේ හේතුඵල ධර්මයන් දකිමින් ඕනේ අපි භාවනාවට යොමු වන්න. මනුෂ්‍යයා රූපයක්‌ කෙරෙහි ඇති කරගත්, තෘෂ්ණාව වැඩි වන්න, වැඩිවන්න ඒවා අයිතිකර ගැනීමට උපක්‍රම යොදනවා. වෙහෙස ගන්නවා. අර්බුද, ගැටලු, තරගය…. මේ හේතු නේද, සමාජයේ සංකීර්ණභාවය හැටියට අපි දකින්නේ. මනුෂ්‍යයා තෘෂ්ණාව පසු පස හඹා යන්න හඹා යන්න දුක වැඩි වෙනවා. සැප සොයන්නයි හඹා යන්නේ, නමුත් සකස්‌ වෙන දුක? අප්‍රමාණ කැපවීම් කරලා සැපයක්‌ ලැබුණත්, එය බොහෝම කෙටි ආශ්වාදයක්‌. ඒ ආශ්වාදය අභිබවා ජරා විHdධි, මරණ, ශෝක පරදේව නැගී සිටිනවා. පිංවත් ඔබ සිහිනුවනින් බලන්න.
    ලෝකය මොනතරම් අසාධාරණද කියලා. ප්‍රශ්නය තිබෙන්නේ මෙතරම් අසාධාරණ ලෝකයකට ඔබ මෙතරම් ආදරය කරන්නේ ඇයිද කියලා. පිංවත් ඔබට යමෙක්‌ අසාධාරණයක්‌ කරනකොට ඔහුගෙන් මිදීයාමටයි ඔබ උත්සාහ ගන්නේ. නමුත් ඔබ මෙතනදි ලෝකයේ කොටස්‌කරුවෙක්‌ වෙමිනුයි විසඳුම් සොයන්න උත්සාහ ගන්නේ. මෙය හරියට වැරැද්ද තමා තුළ තබාගෙන අනුන් තුළින් වැරැදි සොයනවා වගේ වැඩක්‌. ඔබ තුළින්ම සකස්‌ වෙන තෘෂ්ණාව විසින්මයි. මේ අසහනය අසාධාරණය සකස්‌කොට තිබෙන්නේ.
    පිංවත් ඔබ මොන භාවනා ක්‍රමවේදයකට යොමු වුණත්, දුක සකස්‌ කර තෘෂ්ණාව පිළිබඳව නිරුතුව අවදියෙන් සිටින්න ඕනේ. මොකද පිංවත් ඔබ මේ ජීවිතයේදී පුරුදු වෙන්න භාවනා කරනවා නොවේ, අතීත සංසාරික භව ගමනේදී, පිංවත් ඔබ සැවොම සමථ භාවනාව පුරුදු පුහුණු කොට, ධාන්‍යලාභීන්ව අහසින් ගමන් කළ, පිරිසක්‌මයි. අතීතයේ ඔබලා රූපී අරූපී බ්‍රහ්මතලවල ඉපදිලා අප්‍රමාණ සමාධියේ ආශ්වාදය කල්ප ගණන් විඳි පිරිසක්‌මයි. පිංවත් ඔබත් මමත් මනුෂ්‍ය ජීවිතවලදී මෛත්‍රි භාවනා වඩලා මරණින් මතු කල්ප ගණන් බ්‍රහ්ම සම්පත් ලැබූ පිරිසක්‌මයි. අපි සැමගේම යථාර්ථය මේක තමයි.
    අතීතයේ සමාධි භාවනාවන්ගේ ආශ්වාදයේ අසිරියෙන්, සමාධියේ ලෝකය ජයගත් ඔබට, තමා තුළම දුක සකස්‌ කිරීමට හේතු වන තෘෂ්ණාව හඳුනාගැනීමට තවම පුළුවන් වෙලා නැහැ. ඒ නිසාම පිංවත් ඔබ වර්තමානයේ නැවතත්, ස්‌වාමීන් වහන්සේනමකගෙන්, ගුරුවරයෙක්‌ගෙන්, පතපොතින්, සොයනවා. විමසනවා. කොහොමද ආශ්වාස ප්‍රාශ්වාසයට හිත යොමු කරන්නේ. කොහොමද විචාර විතර්ක සංසිඳෙන්නේ. කොහොමද හුස්‌ම දෙස බලා සිටින්නේ. කුමක්‌ද ධ්‍යාන කියන්නේ කියලා. බලන්නකෝ. අවාසනාවක මහත, අතීත භවයන්හිද රූපි, අරූපි බ්‍රහ්මඵල ස්‌පර්ශ කළ අපි, තෘෂ්ණාව ගැන, නොතකා හැරීම නිසාම, මේ නිමේෂයේත් නැවතත් ආනාපානසති භාවනාව වඩන හැටි ‘අ’ යන්නේ සිට සොයනවා.
     
    May 19, 2013
    1,864
    81
    0
    ගොඩක් බෞද්ධයෝ ජීවිතේට බණක් අහල නෑ. මට ඉන්නව ඕනෙ තරම් ඒ වගේ බෞද්ධ යාළුවො නෑදෑයෝ. මම බණ අහනව කියල කිව්වම ඒ සමහර අය හිනා වෙනව. මගේ බල කිරීම නිසාම ජිවිතේ පලවෙනි වතාවට සිහියෙන් බණක් අහපු අය එයාලගේ හිතට දැනුන සැනසීම ගැන තවමත් මට පිං දෙනව. බණක් අහන්නවත් වෙලාවක් නැති අයට මේ ත්‍රෙඩ් එකේ දාන ධර්මදේශනා ඩවුන්ලෝඩ් කරගෙන පුළුවන් වෙලාවක අහල හිත සනසවා ගන්න...:)

    ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා...
    gg2.jpg


    http://www.ourbuddhist.com/index.php/2014-01-27-14-02-20/fm

    IDM එකෙන් mp3 විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්

    මේ හාමුදුරුවන්ගේ බණ අහන්න තමා මේ දවස් වල මං වැඩියෙන්ම කැමති. සන්සුන්ව ලස්සනට කියනවා. සිල්වත් නෑ කියල තේරුනාට පස්සේ ඒ වගේ හාමුදුරුවරුන්ගේ බණ අහන්න හිතෙන්නේ නෑ.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    රජ්ජුරුවෝ;16626240 said:
    මේ හාමුදුරුවන්ගේ බණ අහන්න තමා මේ දවස් වල මං වැඩියෙන්ම කැමති. සන්සුන්ව ලස්සනට කියනවා. සිල්වත් නෑ කියල තේරුනාට පස්සේ ඒ වගේ හාමුදුරුවරුන්ගේ බණ අහන්න හිතෙන්නේ නෑ.

    සිල්වත් නෑ කිව්වේ??
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    රජ්ජුරුවෝ;16626240 said:
    මේ හාමුදුරුවන්ගේ බණ අහන්න තමා මේ දවස් වල මං වැඩියෙන්ම කැමති. සන්සුන්ව ලස්සනට කියනවා. සිල්වත් නෑ කියල තේරුනාට පස්සේ ඒ වගේ හාමුදුරුවරුන්ගේ බණ අහන්න හිතෙන්නේ නෑ.
    :):)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හෙළයෙක්;16625955 said:
    http://www.budurashmiya.net/

    මට දැනට හම්බ උන හොදම වෙබ් සයිට් එක ධර්ම කරුණු සාකච්චා කරන.

    http://dahamvila19-1.blogspot.com/p/blog-page_27.html

    මේ සයිට් එකේ තියන මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේගේ සම්මාදිට්ඨිය 1 කියන ධර්ම දේශනාවේ ඉඳන් අහන්න. හිතට පුදුම අවබෝධයක් දැනෙන්නේ. නිවැරදි දැකීම ගැන සරල විදිහට අවබෝධ කරල දෙනව:)

    වටිනවා ඒ site දෙකනම්. :)
     
    Last edited: