බුදු_දහම

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ගොඩක් සන්තෝසයි :). මම හතර පස් වතාවක් ඇහුව. එළකිරි එකේ ත්‍රෙඩ් බලන ගමන් අහන්න එපා. නිවී සැනසිල්ලෙ සිහියෙන් අහන්න :)

    නිවී සැනසිල්ලේ අහන්න ගියොත් ජිවිත කාලෙම ධර්මය අහන්න වෙන්නෙ නැහැ. ධර්මයට සවන් දෙනකොට සිත වෙන අරමුණු වල විසිරෙන එක නවතිනවා. හිතට අකුසල් සිතුවිලි එන එක අඩු වෙනවා. ඉතිං මන් වැඩ කරන ගමනුත් දර්ම දේශනා අහන එක තමා කරන්නෙ. :)

    ඒ හාමුදුරුවෝ අර තේ එක ගැන විස්තර කරපු ටික මතකද? එතන එහෙම පිටින්ම විදර්ශනාවක් කරන්නේ. ලස්සනයි ඒ ටිකනම්.
     
    May 19, 2013
    1,864
    81
    0
    සිල්වත් නෑ කිව්වේ??

    eka banaka hamuduru kenek, eka eka ratawal wala gihin eka eka mas jathi tika tika kala balapu hati hina wewi kiyanawa mata ahuna. pitaratawal wala eka eka prasidda nam walin thiyena mas rasa nathi kathawak thama kiwwe. ehema hina wewi oya wage dewal kiwwata passe mata nan bana ahanna echchara manasikathwayk hadenne na. supogibogi jiwatha walata thiyena asawa thama nathi wela na kiyala hithenawa samahara hamuduruwarunge, e hamuduruwaru mona dewal kiwwath, e dewal kiyana vidiya dakkama

    thawa hamoma danna prasidda maradana paththe hamuduru kenek minissu hina gassa gassa bana kiyana widiyata mata e hamuduruwange banath ahanna hithenne na. ahan inna puluwan eth dharmika hangim athi wen na ahuwata.

    oya ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ ehema bana kiyana widiyata ahan inna hithenawa. e kiyana sansun widiya dakkama kakul uda gahan hitiyath mathak wechcha gaman aye pallehata damenawa. e wage gaurawayak athi wena widiyata bana kiyanawa nan thama hoda kiyala mata hithenne.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    රජ්ජුරුවෝ;16626435 said:
    eka banaka hamuduru kenek, eka eka ratawal wala gihin eka eka mas jathi tika tika kala balapu hati hina wewi kiyanawa mata ahuna. pitaratawal wala eka eka prasidda nam walin thiyena mas rasa nathi kathawak thama kiwwe. ehema hina wewi oya wage dewal kiwwata passe mata nan bana ahanna echchara manasikathwayk hadenne na. supogibogi jiwatha walata thiyena asawa thama nathi wela na kiyala hithenawa samahara hamuduruwarunge, e hamuduruwaru mona dewal kiwwath, e dewal kiyana vidiya dakkama

    thawa hamoma danna prasidda maradana paththe hamuduru kenek minissu hina gassa gassa bana kiyana widiyata mata e hamuduruwange banath ahanna hithenne na. ahan inna puluwan eth dharmika hangim athi wen na ahuwata.

    oya ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ ehema bana kiyana widiyata ahan inna hithenawa. e kiyana sansun widiya dakkama kakul uda gahan hitiyath mathak wechcha gaman aye pallehata damenawa. e wage gaurawayak athi wena widiyata bana kiyanawa nan thama hoda kiyala mata hithenne.


    ඔයා දන්නවද ඕකම ඔයාට කමටහනක් කරගන්න පුළුවන් බව? :)
     
    May 19, 2013
    1,864
    81
    0
    ඔයා දන්නවද ඕකම ඔයාට කමටහනක් කරගන්න පුළුවන් බව? :)

    kamatahanak kiyala wisheshayen hithuwe nathi unata ehema kara ganna welawal thiyenawa oya wage dewal dakiddi. bana ahannama hithan net search karana welawata nan, wena banak thoran ahana eka thama karanne.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    රජ්ජුරුවෝ;16626460 said:
    kamatahanak kiyala wisheshayen hithuwe nathi unata ehema kara ganna welawal thiyenawa oya wage dewal dakiddi. bana ahannama hithan net search karana welawata nan, wena banak thoran ahana eka thama karanne.

    :)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ආනන්ද හාමුදුරුවෝ

    1456.jpg


    තථාගතයන් වහන්සේගේ බුද්ධත්වයෙන් එක් විසි වන අවුරුද්දෙහි දිනක ජේතවනාරාමයේ විශාල ශ්‍රාවක සන්නිපාතයකි. පනවන ලද බුද්ධාසනයෙහි තථාගතයන් වහන්සේ වැඩ සිටින සේක. අගසවු දෙනම ද සෙසු මහා ශ්‍රාවකයන් වහන්සේ ද දෙපසින් වැඩ සිටිති. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතමින් මෙසේ වදාරන සේක:
    “මහණෙනි, දැන් මම මහලු වියට පැමිණ සිටිමි. මට දැන් නිත්‍ය උපස්ථායකු අවශ්‍ය වී තිබේ. මා හට උපස්ථානයට එළඹෙන ඇතැම් භික්ෂූහු මා ‘මේ මගින් යම් හ’ යි කී කල අනෙක් මඟකින් යති; මගේ පා-සිවුරු රැගෙන ලා පසු පසින් යමින්, නිගණ්ඨයන් දැක, ‘මේ උතුම් රහතෙකැ’ යි සිතති; මගේ පා-සිවුරු බිම දමා යති. මේ ආදි කරුණු නිසා මට දැන් නියම උපස්ථායක භික්ෂුවක් අවශ්‍ය වී ඇත. මේ සඞ්ඝ සභාව මේ බව දත යුතු ය.”
    සම්බුදුරදුන් මෙසේ වදාළ කල්හි සියලු භික්ෂූන්ට මහත් සංවේගයක් උපන්නේ ය. ඉක්බිති සැරියුත් හිමියෝ වහා නැගිට සම්බුදුරදුන් වැඳ “ස්වාමීනි, ඔබ වහන්සේ අග්‍ර ශ්‍රාවක බව පතමින් මම ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවෙමි. මා වැනි ප්‍රඥාවන්ත උපස්ථායකයෙක් ඔබ වහන්සේට සුදුසු වන්නේ ය. එහෙයින් මගේ දිවි තෙක් මම ඔබ වහන්සේට උපස්ථාන කරමී” කී හ. එවිට සම්බුදුහු “ශාරීපුත්‍රය, තොපගේ උපස්ථානය සුදුසු නැත” යි ප්‍රතික්ෂේප කළහ. ඉක්බිති ක්‍රමයෙන් මුගලන් තෙරුන් වහන්සේ ඇතුළු එහි සිටි අසූ මහ සවුවන් වහන්සේ ද තවත් බොහෝ ශ්‍රාවකයෝ ද තථාගතයන් වහන්සේට උපස්ථාන කිරීම පිණිස අවසර ඉල්ලූ හ. සම්බුදුහු ඒ සියලු දෙනා ම ප්‍රතික්ෂේප කළහ. එකල්හි ආනන්ද තෙරුන් වහන්සේ නිහඬ ව සිටියහ. භික්‍ෂූහු ආනන්ද තෙරුන් දෙස බලා “ඇවැත්නි, ඔබත් උපස්ථායක තනතුරු ඉල්ලනු මැනවී” කී හ.
    එවිට “ඇවැත්නි කිමෙක් ද? යාච්ඤා කොට ඉල්ලාගන්නා තනතුර සුදුසු ද? මා උපස්ථායකකමට සුදුසු නම් තථාගතයන් වහන්සේ මට අඬගා වදාරන සේක.” යි ආනන්ද හිමියෝ ප්‍රකාශ කළහ.
    ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, ආනන්ද භික්ෂුව අනෙකකු විසින් උත්සාහ නොකට යුතු ය. තෙමේ ම දැන මට උවටැන් කරන්නේ ය” යි වදාළහ.
    එවේලෙහි ආනන්ද තෙරණුවෝ තථාගතයන් වහන්සේ ඉදිරියට ගොස් වැඳ එකත්පසෙක සිට, “තිලෝගුරු සම්බුදුරදුන් වහන්ස, ඔබ වහන්සේ මගේ උපස්ථායක බව පිළිගන්නා සේක් නම් මම් ආයාචනා වර සතරකුත් ප්‍රතික්ෂේප වර සතරකුත් යන ක්‍රමයෙන් වර අටක් බලාපොරොත්තු වෙමි. එය මා වෙත ලැබේ වා!” යි සැල කළහ. “ආනන්දය, වර දෙන සිරිතක් සම්බුදුවරුන් අතර නැත” යි බුදුරදුන් වදාළ කල්හි “ස්වාමීනි, මා ඉල්ලා සිටින්නේ කැප සරුප් ඉල්ලීම් ය” යි ආනන්ද හිමියෝ නැවතත් කී හ. “එසේ නම් ඒ කවරේ දැ?” යි බුදුහු විතාළහ.
    ඉක්බිති ආනන්ද තෙරණුවෝ මතු දක්වන ඉල්ලීම් තථාගතයන් වහන්සේ වෙත ඉදිරිපත් කළහ: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, (1) භාග්‍යවතුන් වහන්සේට ලැබෙන ප්‍රණීත පිණ්ඩපාතය මට නොදෙන සේක් ද? (2) ප්‍රණීත සිවුරු මට නොදෙන සේක් ද? (3) එක ගඳකිළියෙහි මට වසන්ට නොදෙන සේක් ද? (4) භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරන ලද තැනට මා නොගෙන වඩනා සේක් ද? යන මේ කරුණු සතර අනුදැන-වදාරන සේක් නම් මම උපස්ථාන කරමි.
    එවිට සම්බුදු රජාණන් වහන්සේ “ආනන්දය, තොප කවර ආදීනවයක් දැක මේ කරුණු ප්‍රතික්ෂේප කරන්නෙහි දැ?” යි විචාළ සේක. එවිට ආනන්ද තෙර “ස්වාමීනි, මේවා මට ඔබගෙන් ලැබෙන්නේ නම් කරුණු නොදත් අඥානයෝ මා පිළිබඳ දොස් නගන්ට හැකි යි. ‘ආනන්ද තෙර බුදුන්ට ලැබෙන පිණ්ඩපාතය හා සිවුරු ප්‍රයෝජන ගනී; බුදුන් හා එක ගඳකිළියෙහි වෙසෙයි. බුදුන්ට කළ ආරාධනාවන්ට ආනන්ද තෙර ද සමඟ යයි. මෙසේ ලැබෙන කල බුද්ධෝපස්ථානය නොකළ හැක්කේ කා විසින් ද?’ යන්නෙන් මට අපවාද යෙදෙන්ට හැකි යි. මේ අපවාදයෙන් මිදෙනු පිණිස ඒ වස්තු ප්‍රතික්ෂේප කෙළෙමි” යි කීහ. “සාධු! සාධු!! ආනන්දය, මේ ප්‍රතික්ෂේප කරුණු මම එසේ ම පිළිගනිමි” යි වදාළ තථාගතයන් වහන්සේ “තොප ඉල්ලන අනෙක් කරුණු සතර කවරේ දැ?” යි විචාළ සේක.
    “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, (5) මා පිළිගත් ආරාධනාවට නුඹ වහන්සේ වඩනා සේක් ද? (6) සම්බුදුරදුන් දක්නා පිණිස ඈත දේශයකින් කෙනකු පැමිණි කල්හි ඔහු තථාගතයන් වහන්සේ වෙත කැඳවාගෙන එන්ට ඒ අවස්ථාවේදී ම අවසර ලැබෙන සේක් ද? (7) මා සිතට උපන් සැකය ඒ අවස්ථාවේදී ම බුදුරදුන් කරා එළඹ අසා දැනගැනීමට අවසර ලැබෙන සේක් ද? (8) මා නොහමුවෙහි දේශනා කළ ධර්මය නැවත මට දේශනා කරන සේක් ද? යන මේ කරුණු සතර මම නුඹ වහන්සේගෙන් ඉල්ලන කරුණු ය” යි ආනන්ද හිමි ප්‍රකාශ කළහ.
    එවිට “ආනන්දය, කිනම් ආනිසංසයක් දැක මේ ඉල්ලීම් කරන්නෙහි දැ?” යි බුදුරදුන් අසා සිටි කල්හි “ස්වාමීනි, සැදැහැවත් කුලපුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි ආරාධනා කරන්ට ඉඩ නොලබන්නාහු උපස්ථායක මා කරා පැමිණ, ‘සෙට තථාගතයන් වහන්සේ සමග වැඩමවා මගේ භික්ෂාව ඉවසනු මැනවැ යි මට කියති. ඉදින් ඒ කරුණ එලෙස ඉටු කරන්නට මට නොහැකි වූ කල ‘මෙවැන්නකුත් කරගන්නට බැරි උපස්ථායක කම කුමක් දැ?’ යි දොස් නගන්නා හ. තව ද ස්වාමීනි, කැමැති විටක කැමැති පිරිසකට සුදුසු පිරිසකට බුදුන් දක්වන්නට ද, මා සිතේ උපන් සැකය කෙබඳු වේලාවකදී වුවත් පසිඳගන්නට දුරු කරගන්නට ද ඉඩක් නොලැබී නම් ‘ආනන්ද ස්ථවිරයන් කුමට බුද්ධෝපස්ථාන කරන්නේ ද? බුදුහු උන් වහන්සේට මෙපමණ අනුග්‍රහයකුත් නොකරන්නාහු ය’ යි කියන්නෝ වෙත්.
    තව ද ස්වාමීනි, මා බුද්ධෝපස්ථානය කරන කල්හි ඇතැමුන් මා වෙත පැමිණ ‘ඇවැත්නි, ආනන්ද ස්ථවිරය, මේ ගාථාව, මේ සූත්‍රය, මේ ජාතකය, කවර ස්ථානයෙක්හි කවරකු අරභයා වදාළ සේක් දැ?’ යි ප්‍රශ්න කළ විට මා විසින් එය කිය නොහෙන්නේ නම් ‘ආනන්ද ස්ථවිරයෝ බුදුන් සමීපයෙහි උපස්ථාන කරන්නා හ; සෙවණැල්ල සේ සමීපයෙහි ම හැසිරෙන්නා හ; එතෙකුදු වුවත් මෙපමණ දෙයකුත් නොදන්නා හ’ යි කියති. එහෙයින් මා නැති තැන වදාළ දේශනා නැවත මට දේශනා කිරීම බලාපොරොත්තු වෙමි.”
    මේ ඉල්ලීම් ද සම්බුදුහු අනුමත කළහ.
    පූර්වෝක්ත ක්‍රමයෙන් අග්‍ර උපස්ථායකකම ලැබූ ආනන්ද හිමියෝ එතැන් සිට නියම උපස්ථායක ප්‍රතිපත්තියෙහි පිහිටා සම්බුදුරදුන්ට උපස්ථාන කළහ. උණු පැන්, සිහිල් පැන්, දැහැටි දඬු ආදිය සුදුසු වේලාවට සුදුසු ලෙසින් මඳකුත් නොඅඩු ව සපයන්නා හ. තථාගතයන් වහන්සේගේ අදහස අනුව ම මේ මේ වේලාවට අවශ්‍ය මේ මේ දෙය ය යි නියම වශයෙන් දැන, “ආනන්දය, දැන් මෙය අවශ්‍ය ය” යි බුදුරදුන් වදාරන්නට පෙරාතු ව ම ඒවා සකස් කර පිළිගන්වන්නා හ. තථාගතයන් වහන්සේට අවශ්‍ය වූ විට අත්-පා මිරිකීම්, පිට පිරිමැදීම්, ගඳකිළිය හැමදීම් ආදියෙන් ද උවටැන් කරන්නා වූ ආනන්ද හිමියෝ බුදුරදුන් ලවා “ආනන්දය! ආනන්දය” යි දෙවරක් හඬගා-පියන්ට ඉඩ නොලැබෙන අයුරින් දිවා භාගයෙහි තථාගතයන් වහන්සේගේ වචනය ඇසෙන තෙක් මානයේ ම සිටිමින් ද අවශ්‍ය ගමනක් යා යුතු විටෙක අවසර ලබාගෙන ඒ ගමන වහා ම ගොස් වහා ම ආපසු පැමිණීමෙන් ද ගමන යෑමට ප්‍රථමයෙන් ආපසු එන තුරු අවශ්‍ය දෑ සියල්ල සකස් කොට තැබීමෙන් ද ආදි වශයෙන් උපස්ථාන කරන්නාහු, මේ රාත්‍රිය ය, මේ අලුයම ය, මේ වැස්ස ය, මේ පිනි ය ආදි වශයෙන් කිසිදු මැළි බවක් හෝ උදාසීන බවක් නැතුව කරන පිළිවෙත් උවටැන් ඉතා ම පී‍්‍රතියෙන් කරන්නාහු ය.
    එපමණක් ද නො ව, රාත්‍රි භාගයෙහි තථාගතයන් වහන්සේ අඬගා වදාළ හොත් වහා පිළිවදන් දීම පිණිස ද ථීනමිද්ධය (නිදිබර ගතිය) දුරු කරනු පිණිස ද මහත් වූ දඬු වැට පහනක් අතින් ගෙන ගඳකිළිය සිසාරා නව වාරයක් හැසිරෙන්නා හ. එසේ ම ‘ඉදින් මට නිදිබර ගතිය ඇති වී නම් සම්බුදුරදුන් මා කැඳවන කල්හි පිළිවදන් දීමට නොලැබෙනු ඇතැ’ යි සිතා මුළු රැය ම දඬු වැට පහන අතින් නොහැර ම රාත්‍රිය ගෙවන්නා හ.
    ආනන්ද හිමි බුදුරදුන්ට විසිපස් වසරක් මෙසේ උපස්ථාන කළ බව දත යුතු යි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,993
    99,423
    113
    පළවෙනි පිටුවට කරුණු අලුතෙන් ඇඩ් වෙන පොස්ට් වල ලින්ක් ටික දැම්ම.
     

    nuwansirihe

    Member
    May 6, 2014
    1
    0
    0
    යාලුවා ගොඩක් හොද දෙයක්. ඇත්තටම වෙනත් ආගමිකයන් එක්ක විවේචනය කරනවට වඩා දර්ම සාකච්චා කරන එක හොදයි. වරතමානයේ ස්වාමීන්වහන්සේලා විවිද සංවිදාන හදාගෙන අන්‍යගමිකයන්ට විවිද බලපෑම් කරනවා. සමහර සිදුවීම් දැක්කම ස්වාමීන්වහන්සේලා ගැන කලකිරෙනවා. බුදුදහම තුල කිසිවකු බලෙන් රදවන්න බැහැ. වෙනත් ආගම් තුල පුද්ගලයන් බලෙන් රදවා තබන්න පුළුවන් විවිද නීති මගින්. මොකද බුදුදහම කියන්නේ සම්පුර්ණයෙන්ම සිත ගැන හෙළිදරවු කරන දහමක්. ලෝකයේ මෝඩයන් පමණක් ඉතිරිවන කාලයේදී මේ දහම අතුරුදන් වී යනවා. මොකද මේ දහම තියෙන්න ප්‍රඥ්ඥවන්තයිනට නිසා. මම හිතන්නේ තරුණ වයසේ ඉන්න සියලු දෙනා වර්තමානයේ තියෙන සාම්ප්‍රදායිකව යන රටාවට වඩා දහමේ සබැ හරය තේරුම් ගැනීමට උත්සාහ කරන්න ඕන. වර්තමානයේ අපට බොහෝ දේශනා අසන්න ලැබෙන්නේ ඉතා සරල දේශනා. මගේ මතය නම් තරුණ වයසේ සිටින ඔබ වැඩි අවදාන දිය යුත්තේ චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය, ආර්ය අෂ්ටාංගික මාර්ග නාම රූප, විසුද්දී මාර්ගය රූප කලාප සතර සතිපට්ටානය වගේ ඉතා ගැඹුරු කරුණු කාරනා තේරුම් ගන්න. මොකද මමත් දර්මයේ මේ ගැඹුරු කරන අද්‍යනය කරනවා. මේ අවබෝදය තුලින් එන සැනසීමනම් මට කියන්න තේරෙන්නේ නැ. අපි ජාතක කතාවක් ඇසුවාම තියෙන හිතේ තැන්පත් බව තියෙන්නේ එක අසන කාලය තුල හෝ ටික කාලයක් පමණයි.නමුත් මා ඉහත දැක්වූ කාරනා තේරුම් ගත්තම ගෙවෙන සෑම මොහොතක්ම සතුටින් ඉන්න පුළුවන්. හැබැයි මේවා ජීවිතයට ගලපාගන්න අවශ්‍යයි.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    යාලුවා ගොඩක් හොද දෙයක්. ඇත්තටම වෙනත් ආගමිකයන් එක්ක විවේචනය කරනවට වඩා දර්ම සාකච්චා කරන එක හොදයි. වරතමානයේ ස්වාමීන්වහන්සේලා විවිද සංවිදාන හදාගෙන අන්‍යගමිකයන්ට විවිද බලපෑම් කරනවා. සමහර සිදුවීම් දැක්කම ස්වාමීන්වහන්සේලා ගැන කලකිරෙනවා. බුදුදහම තුල කිසිවකු බලෙන් රදවන්න බැහැ. වෙනත් ආගම් තුල පුද්ගලයන් බලෙන් රදවා තබන්න පුළුවන් විවිද නීති මගින්. මොකද බුදුදහම කියන්නේ සම්පුර්ණයෙන්ම සිත ගැන හෙළිදරවු කරන දහමක්. ලෝකයේ මෝඩයන් පමණක් ඉතිරිවන කාලයේදී මේ දහම අතුරුදන් වී යනවා. මොකද මේ දහම තියෙන්න ප්‍රඥ්ඥවන්තයිනට නිසා. මම හිතන්නේ තරුණ වයසේ ඉන්න සියලු දෙනා වර්තමානයේ තියෙන සාම්ප්‍රදායිකව යන රටාවට වඩා දහමේ සබැ හරය තේරුම් ගැනීමට උත්සාහ කරන්න ඕන. වර්තමානයේ අපට බොහෝ දේශනා අසන්න ලැබෙන්නේ ඉතා සරල දේශනා. මගේ මතය නම් තරුණ වයසේ සිටින ඔබ වැඩි අවදාන දිය යුත්තේ චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය, ආර්ය අෂ්ටාංගික මාර්ග නාම රූප, විසුද්දී මාර්ගය රූප කලාප සතර සතිපට්ටානය වගේ ඉතා ගැඹුරු කරුණු කාරනා තේරුම් ගන්න. මොකද මමත් දර්මයේ මේ ගැඹුරු කරන අද්‍යනය කරනවා. මේ අවබෝදය තුලින් එන සැනසීමනම් මට කියන්න තේරෙන්නේ නැ. අපි ජාතක කතාවක් ඇසුවාම තියෙන හිතේ තැන්පත් බව තියෙන්නේ එක අසන කාලය තුල හෝ ටික කාලයක් පමණයි.නමුත් මා ඉහත දැක්වූ කාරනා තේරුම් ගත්තම ගෙවෙන සෑම මොහොතක්ම සතුටින් ඉන්න පුළුවන්. හැබැයි මේවා ජීවිතයට ගලපාගන්න අවශ්‍යයි.

    කතාව ඇත්ත...
    ඒත් අපි මුලින් කරන්න ඕනේ තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න එක. එක පාරට ලොකු ධර්ම කාරනා වලට යන්නෙ නැතුව අපි බුද්ධ චරිතය ගැන මනා වැටහීමක් ඇති කරගන්න ඕනේ. ධර්මය ගැන සහ මහා සංඝ රත්නය ගැන පැහැදීමක් ඇතිකරගන්න ඕනේ. මේ ශාසනයේ ධර්ම සේනාධිපති වන සැරියුත් මහා රහතන් වහන්සේ ගැන, මුගලන් මහා රහතන් වහන්සේ ගැන වගේ ශ්‍රේෂ්ඨ චරිත ගැන කියවලා මනා පැහැදීමකට එන්න ඕනේ.
    ඊට පස්සේ මේ සංසාරෙ අපි ගෙවාගෙන ආපු හැටි ගැන දැනුමක් අවබෝධයක් ගන්න ඕනේ. එතකොට මේ භයංකාර සසරේ බිය දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉබේටම චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය, ආර්ය අෂ්ටාංගික මාර්ගය වගේ දේවල් දැනගන්න යොමු වෙනවා.
    මේක කියවන සමහරු හිතයි මම මහා පණ්ඩිතයෙක් කියල :)
    මන් ගැන තරහක් ඇති කරගන්න ඕනේ නැහැ..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැ&

    බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම...
    බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ”පින්වත් මහණෙනි, සැප ලබාදෙන පුණ්‍ය ගංගාවල්, සැප ලබා දෙන කුසල ගංගාවල් හතරක් තියෙනවා.” අපි හැමෝමත් සැප කැමති අයනේ. ඒ නිසා අපට මේක හොඳ වැදගත් පණිවිඩයක්. ඒ තමයි, සැප ලබාදෙන පුණ්‍ය ගංගාවල් හතරක් තියෙනවා.
    බුදුරජාණන් වහන්සේ මේ පුණ්‍ය ගංගාවල් හතර ගැන දේශනා කරනවා,(ඉධ භික්ඛවේ, අරියසාවකෝ බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති) මහණෙනි, ආර්ය ශ‍්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ස්ථිර වූ පැහැදීමකින් සමන්විතයි.” එහෙනම් අපට පෘථග්ජන වෙලා මේක කරන්න බැහැ. අපට මේක කරන්න තියෙන්නේ ආර්ය ශ‍්‍රාවකයන් හැටියටයි.



    ‘අවෙච්චප්පසාද’ කියලා කියන්නේ මේ වගේ එකක්. අපි දැකලා තියෙන සමහරුන්ගේ ප‍්‍රසාදය තියෙන්නේ එක වෙලාවකට විතරයි. ඒක ස්ථිරව පිහිටපු එකක් නොවෙයි. ඔන්න වෙලාවකට පැහැදීමෙන් කතා කරනවා. ඊළඟට කවුරුහරි කෙනෙක් බැන්නොත්, ඒ බනින පැත්තට යනවා. ගිහිල්ලා බනින්න පටන් ගන්නවා. ආයේ තව කෙනෙක් පැහැදීමෙන් කතා කළොත් ආයෙමත් ප‍්‍රශංසා කරනවා. එයා වෙලාවකට බනිනවා, වෙලාවකට ප‍්‍රශංසා කරනවා. ඒකට ‘අවෙච්චප්පසාද’ කියන්නේ නෑ.
    බුදුරජාණන් වහන්සේ ඒ පැහැදීමට ‘පරඬැල’ කියලා වචනයක් පාවිච්චි කළා. පරඬැල කියන්නේ සුළෙඟ් පාවෙලා යන එකක්. පරඬැල හැම තිස්සේම සුළං හමන පැත්තටයි යන්නේ. සමහරුන්ගේ පැහැදීමත් ඒ වගේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා.
    හමාගෙන යන පැත්තට යන්නේ ස්ථීරව පිහිටි එකක් නොවන නිසයි. දකුණින් සුළඟ හමනවා නම් පරඬැල උතුරට යනවා. උතුරෙන් සුළඟ හමනවා නම් දකුණට යනවා. නැගෙනහිරින් සුළඟ හමනවා නම් බටහිරට යනවා. බටහිරින් සුළඟ හමනවා නම් නැගෙනහිරට යනවා. බුදුරජාණන් වහන්සේ වදාළා, ස්ථීර පැහැදීමක් නැති කෙනාගේ ශ‍්‍රද්ධාවත් ඒ වගේ කියලා.
    බුදුරජාණන් වහන්සේ ස්ථීරව පැහැදුණ කෙනා ගැන විස්තර කිරීමට උපමාවට ගත්තේ ‘ඉන්ද්‍රඛීලය.’ ඒ කාලේ නගරවල ‘ඉන්ද්‍රඛීලය’ කියලා එකක් තිබිලා තියෙනවා. ඉන්ද්‍රඛීල කියලා කියන්නේ පොළොවේ අඩි 10ක් 15ක් ගැඹුරට හාරලා, ඒ වගේම පොළොවෙන් උඩටත් අඩි 10ක් 15ක් තියෙන ලොකු ගල් කණුවකට. ඒක තමයි ශ‍්‍රද්ධාවට උපමාව.
    ඔබට මතකද ඒ ගැන රතන සූත‍්‍රයේ සඳහන් වෙනවා. (යථින්දඛීලෝ පඨවිංසිතෝ සියා) පොළොවේ ගැඹුරට හාරලා ඉන්ද්‍රඛීලයක් හිටෙව්වද, (චතුබ්භි වාතේභි අසම්පකම්පියෝ) හතර දිශාවෙන්ම හුළඟ හැමුවත් ඒ ඉන්ද්‍රඛීලය සොලවන්න බැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදින්න ඕනෙත් අන්න ඒ වගේ තමයි. ධර්මය කෙරෙහි පහදින්න ඕනෙත් ඒ විදිහටයි. ශ‍්‍රාවකයන් වහන්සේලා කෙරෙහි පහදින්න ඕනෙත් ඒ විදිහටයි. ඒ පැහැදීම ලෝකයේ කාටවත් වෙනස් කරන්න බැරි එකක්. යමෙකුට අන්න ඒ වගේ පැහැදීම ඇතිවුණා නම්, ඒක තමයි (පුඤ්ඤාභිසන්ද) පුණ්‍ය ගංගාව. ඒ පැහැදීම තමයි (කුසලාභිසන්ද) කුසල ගංගාව. ඒක තමයි (සුඛස්සාහාරා) සැපය ඇතිකරල දෙන දේ.
    බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇතිකර ගන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේම අපට පෙන්වා දී තියෙනවා. ඉතිපි සෝ භගවා අරහං (මේ ආකාරයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ) අරහං, සම්මාසම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ, ලෝකවිදූ, අනුත්තරෝ පුරිසදම්ම සාරථී, සත්ථා දේවමනුස්සානං, බුද්ධෝ, භගවා… එතකොට එතැන ගුණ නවයයි. එයාගේ හිතේ ඉන්ද්‍රඛීලයක් වගේ පැහැදීම තියෙන්නේ මේ ගුණ නවය පිළිබඳවයි. එයාගේ ඒ පැහැදීම කාටවත් වෙනස් කරන්න බෑ. යමෙකුට බුදුරජාණන් වහන්සේ ගැන අන්න ඒ වගේ පැහැදීමක් ඇතිවුණා නම්, ඒක පළවෙනි පුණ්‍ය ගංගාවයි, කුසල් ගංගාවයි. ඒ හේතුවෙන් එයාට සැපය ගලාගෙන එන ජීවිතයක් ලැබෙනවා.
    අපි දැන් ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ නවය තේරුම් ගනිමු. පළවෙනි බුදුගුණය ‘අරහං.’ බලන්න, උන්වහන්සේ මීට අවුරුදු 2600 කට කලින් සම්මා සම්බුද්ධත්වයට පත්වුණා. ඒ සම්මා සම්බුද්ධත්වය පවා දෙවැනියට ගිහින් ‘අරහං’ කියන ගුණය ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ‘අරහං’ කියන වචනයේ තේරුම උන්වහන්සේ රහතන් වහන්සේ නමක් කියන එකයි.
    රහතන් වහන්සේ නමක් කියන්නේ, උන්වහන්සේ හිතේ හටගත් කෙලෙස් ප‍්‍රහාණය කරපු කෙනෙක්. කෙලෙස් කියලා කියන්නේ අපේ සිත කිලිටි කරන දෙවල් වලට. යම් වෙලාවක අපේ සිත කිලිටි වුණොත් කිලූටු වෙන්නේ එක්කෝ රාගයෙන්, එහෙම නැත්නම් ද්වේෂයෙන්, එහෙමත් නැත්නම් මෝහයෙන්. මේ තුන සම්බන්ධ වෙලා තමයි අනෙක් කෙලෙස් ඔක්කෝම හටගන්නේ.
    යම් වෙලාවක අපේ සිත ඒ වගේ ක්ලේශයකින් අපිරිසිදු වුණොත් ඊට පස්සේ අපේ වචනත් අපිරිසිදු වෙනවා. අපේ ක‍්‍රියාත් අපිරිසිදු වෙනවා. ඒක හරි පැහැදිලිව දකින්න පුළුවන්. ලෝකයේ යම් කෙනෙකුගේ කටින් අපිරිසිදු වචනයක් පිටවෙනවාද, ඒ හිත කිලිටි වූ වෙලාවක්. යම්කිසි කෙනෙකුගේ කයින් අපිරිසිදු ක‍්‍රියාවක් සිදුවෙනවාද, ඒ සිත කලිටි වූ වෙලාවක්. යම්කිසි කෙනෙක් යම් මොහොතක අපිරිසිදු දෙයක් හිතනවාද, එයත් හිතට අපිරිසිදු දෙයක් එකතු වූ වෙලාවක්. යම්කිසි කෙනෙක් මේ සියලූ අකුසල් සහමුලින්ම නැතිකළාද, උන්වහන්සේට ‘රහතන් වහන්සේ’ කියලා කියනවා. ඒ විදිහට ගුරූපදේශ නැතුව, තමන් තනිවම සොයාගත් වැඩපිළිවෙල තුළින් සම්මා සම්බුද්ධත්වයට පත්වීම නිසා, උන්වහන්සේ ඉස්සෙල්ලාම අරහත්වයට පත්වුණා.
    අරහත්වයට පත්වූ ජීවිතය සුවිශේෂී වූවක්. අපි අපේ ජීවිත ගනිමු. අපි ඇහෙන් රූප බලනවා. කණින් ශබ්ද අහනවා. නාසයෙන් ආඝ‍්‍රාණය කරනවා. දිවෙන් රස විඳිනවා. කයින් පහස ලබනවා. හිතින් හිතනවා. අපේ ජීවිත තුළ සිදුවෙන මෙම සිද්ධිදාමය බුදුරජාණන් වහන්සේ වදාළේ, වැලි ගොඩකට තෙල් වත්කළා වගේ කියලයි. ඒ කියන්නේ අපේ හිතට මේවා උරාගන්නවා. ඇහින් රූප බලන කොටත් එහෙමයි. කණින් ශබ්ද ඇහුණත් එහෙමයි. ඒ දේවල් අපේ ජීවිතයේ රැුස්වෙන්නේ මතකයක් හැටියට විතරක් නෙවෙයි, කෙලෙස් හදන අරමුණු හැටියටයි.
    රහතන් වහන්සේගේ ජීවිතය ඊට හාස්පතින්ම වෙනස්. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේගේ සිත උපමා කළේ නෙළුම් පතකටයි. නෙළුම් කොලේට වතුර බිංදුවක් දැම්මොත් එය නෙළුම් කොලේට උරාගන්නේ නෑ. ඒ වතුර බිංදුව නෙළුම් කොලේ එහෙට මෙහෙට කරන කොට ඔහේ යනවා. ඇල කළොත් වැටෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා රහතන් වහන්සේගේ සිතත් ඒ වගෙයි කියලා.
    රහතන් වහන්සේ ඇහෙන් රූප දැක්කා කියලා ඒ රූපය කෙලෙස් හටගන්න අරමුණක් හැටියට හිතට යන්නේ නෑ. කණින් ශබ්ද ඇහුවා කියලා ඒ ශබ්දය කෙලෙස් හටගන්න අරමුණක් හැටියට හිතට යන්නේ නෑ. නාසයෙන් ආඝ‍්‍රාණය කළා කියලා කෙලෙස් හටගන්න අරමුණක් හැටියට ඒ ගඳ සුවඳ හිතට යන්නේ නෑ. දිවෙන් රස වින්දා කියලා කෙලෙස් හටගන්න අරමුණක් හැටියට ඒ රස හිතට යන්නේ නෑ. කයට පහස ලැබුණා කියලා ඒ පහස, කෙලෙස් හටගන්න අරමුණක් හැටියට හිතට යන්නේ නෑ. හිතට අරමුණු හිතුණා කියලා කෙලෙස් හටගන්න අරමුණකට සම්බන්ධ නෑ. ඒ තමයි අරහත්වයට පත් වූ සිතක ස්වභාවය. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45 පුරාම වැඩසිටියේ මේ ස්වභාවයෙන්. උන්වහන්සේගේ ජීවිතය පුරාම තියෙන්නේ ඒ නිකෙලෙස් බවයි.
    අනාථපිණ්ඩික සිටුතුමා පනස්හතර කෝටියක් වියදම් කරලා බුදුරජාණන් වහන්සේ උදෙසා ජේතවනාරාමය හැදුවනේ. එහි බුදුරජාණන් වහන්සේට වැඩඉන්න, වහලවල් හතක් තියෙන සුදු හඳුන් කුටියක් හැදුවා. බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමා කෙරෙහි කරුණාවෙන් මේ කුටියේ වැඩසිටියා. නමුත් වස් කාලය අවසන්වුණාම උන්වහන්සේ ඒ කුටියෙන් එළියට බැහැලා චාරිකාවේ වඩින්නේ හංසයෙක් විල අත්හැරලා යනවා වගෙයි. නැවත ඒ දිහා හැරිලවත් බලන්නේ නෑ.
    සමහර දවස්වලට උන්වහන්සේ වැඩඉන්නේ ගහක් යට. සමහර දවස්වලට ගල් ලෙනක. උන්වහන්සේට මේ කිසිම තැනක වෙනසක් නෑ. බලන්න, ධර්මය අවබෝධ කරපු කෙනාගේ ස්වභාවය. ධර්මය අවබෝධ නොකරපු කෙනෙක් නම් ඒ සුදු හඳුන් කුටියට ගිහිල්ලා නිතර අතගායි, බිත්ති ඉඹියි, අත ගගා ‘හරි අගෙයි’ කියයි. නමුත් බලන්න, කෙලෙස් කිසිවක් නැති අපගේ ශාස්තෘන් වහන්සේ කොයිතරම් පිරිසිදු පිවිතුරු බවකින් ජීවත් වුණාද?
    අනිත් කාරණය තමයි, උන්වහන්සේ ඒ විදිහට අරහත්වයට පත්වුණා කියලා ලෝකයට හෙළිදරව් කළාම ඒක සාමාන්‍ය ලෝකයාට අභියෝගයක් වුණා. ඉන්දියාව වගේ රටක ‘මම අරහත්වයට පත් වූ කෙනෙක්’ කියලා ප‍්‍රසිද්ධියේ කියන එක කොච්චර අභියෝගයක්ද? උන්වහන්සේ අරහත් නෙවෙයි කියලා කියන්න අනිත්් අය කොච්චර මහන්සි ගන්න ඇද්ද? දැන් අපට ඒක තේරෙන්නේ නෑ.
    මං ඒකට උදාහරණයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේට කෙලෙස් තියෙනවා කියලා කියන්න දේවදත්ත කොච්චර මහන්සි ගත්තද? දේවදත්ත නාලාගිරි ඇතාට හොඳටම රා පොවලා දරුණු කරලා එව්වා. සමහර විට දේවදත්ත මිනිසුන්ට කියන්න ඇති ”දැන් බලාපල්ලා… ඔන්න ඇතා එනවා. අඩියක් හරි පස්සට ගියොත් මෙයා රහතන් වහන්සේ නමක් නෙවෙයි! එහෙනම් හිතේ බය හටගන්නවා. මම ඒක ඔප්පු කරල පෙන්වන්නම්..” කියලා. හිස් මිනිස්සු මේ වගේ දේවල් කරනවනේ.
    දැන් මේ ඇතා කුලප්පු වෙලා බඩුමුට්ටු පොළොවෙ ගහගෙන, කඩවල් කඩාගෙන, ගස් කොළන් උදුරාගෙන පාර දෙවනත් කරගෙන වේගයෙන් ඉදිරියට එනවා. (අපි පාරේ යන කොට ඇතෙක් නිකං හොඬේ වැනුවත් අපි ගැස්සෙනවානේ) බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා සමඟ ඒ පාරේ ඉස්සරහට වඩිනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ‘මේ ඇතා බුදුරජාණන් වහන්සේට අනතුරක් කරන්න කලින් මම මගේ ජීවිතය පූජාකරනවා’ කියලා කල්පනා කරලා ඉස්සරහට පැන්නා. (බලන්න බුදුරජාණන් වහන්සේට කොච්චර ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න වුණාද?) ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ”ආනන්ද, පිටිපස්සට වෙන්න… පිටිපස්සට වෙන්න… කිව්වා. බුදුරජාණන් වහන්සේ එක පියවරක් පිටිපස්සට තිබ්බේ නෑ. බලන්න නිකෙලෙස් සිතක ස්වභාවය. මේ සිද්ධියෙන් අපට පේන්නේ උන්වහන්සේගේ නිකෙලෙස් ස්වභාවයයි. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය පුරාම ඒ අරහත්වය දකින්න තියෙනවා. අද අපට එය දකින්න ලැබෙන්නේ බුද්ධ දේශනාවලින් පමණයි.
    බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ බ‍්‍රාහ්මණ සමාජය කඩාගෙන වැටුණා. ඒගොල්ලන්ගේ බල ඔක්කෝම බිඳිලා ගියා. ඒ නිසා ඒගොල්ලෝ හැමතිස්සේම කැමති වුණේ විනාශයක් කරන්නයි. නමුත් බුදුරජාණන් වහන්සේ හැමතිස්සේම, ඒ සෑම දේකටම කිසි බියක්, තැතිගැනීමක්, ඇලීමක්, ගැටීමක්, ශෝකයක් නැතුව මුහුණ දුන්නා.
    අපි ඒ කාරණයෙන් සිත පහදවා ගන්න ඕන, ‘අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම රහතන් වහන්සේ නමක්’ කියලා. ඒකට තමයි ‘ශ‍්‍රද්ධාව’ කියන්නේ. අපට මේ ධර්මය පෙන්වා දෙන අපගේ ශාස්තෘන් වහන්සේ නිකෙලෙස් හිතකිනුයි ජීවත්වුනේ කියලා අපි බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවාගන්න ඕන. ඒ හිත පහදවාගැනීම තමයි අපේ ජීවිතයේ පුණ්‍ය ගංගාව බවට පත්වෙන්නේ.
    බුදුරජාණන් වහන්සේගේ දෙවැනි සම්බුදුගුණය ‘සම්මා සම්බුද්ධ.’ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධයි කියන්නේ ගුරූපදේශ නොමැතිව ධර්මාවබෝධ කළ නිසයි. මේකේ විශේෂත්වය බලන්න, අද වන විට සූත‍්‍ර පිටකයේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා දහ අටදාහක් පමණ තියෙනවා. ඔබට කවුරුහරි දේශනයකට ආරාධනා කළොත් ඔබ පොත් කීයක් බලනවද? ඊට පස්සේ ඔබ ඒකට වුවමනා සටහන් ගහගෙන සූදානම් වෙනවනේ.
    නමුත් කිසිම දෙයක් නැති, පොතක් පැන්සලක් ලඟ නැති බුදුරජාණන් වහන්සේ පාරේ ඇවිදගෙන යනවා. මහා පඬිවරු, වේදයේ කෙල පැමිණි බ‍්‍රාහ්මණයෝ, එක එක විෂයන් දන්න අය ප‍්‍රශ්න හදාගෙන උන්වහන්සේ ලඟට එනවා. උන්වහන්සේ බොහොම සුළුවෙන් කතා කරලා බොහොම පහසුවෙන් ඒවා විසඳනවා. උන්වහන්සේ අපට හිතන්න බැරි විදිහේ කල්පනාවලින් උත්තර දෙනවා. ඒකයි මේකෙ විශේෂත්වය.
    එක දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට තාපසයෙක් ආවා. ඇවිල්ලා මෙයා කියනවා ”ස්වාමීනී, මම මෙන්න මේ දෘෂ්ටියෙන් යුක්තයි. මම කිසිම දෘෂ්ටියක් රුචි කරන්නේ නෑ..” ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා ”කිසිම දෘෂ්ටියක් රුචි කරන්නේ නෑ’ කියන ඔය දෘෂ්ටියට ඔබ රුචි කරනවා නේද?” කියලා. බලන්න කොච්චර මානසික කල්පනාවට එනවද කියලා. එතැනින් තමයි එයාට ධර්මය විවෘත වුණේ.
    බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවලින් අපි ඉගෙනගන්න දේවල් ලෝකයේ වෙන කිසිම විෂයක නෑ. කිසිම විෂයකින් හොයන්නත් බෑ. වර්තමානයේ නම් ඔය එක එක්කෙනා බුදුදහමයි, විද්‍යාවයි එකයි කිය කියා දඟලනවා අපට පේනවා. ඒ දඟලන දැඟලිල්ල හරි අසරණ දැඟලිල්ලක්. ඒක තමන්ට ශ‍්‍රද්ධාව නැතිකම වහගන්න දඟලන දැඟලිල්ලක්.
    මේ බුද්ධ දේශනා තුළින් තමයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා අවබෝධ කරපු චතුරාර්ය සත්‍යය අපට ඉගෙනගන්න ලබෙන්නේ. ඊළඟට හැම බුද්ධ දේශනාවකම හරිම විශේෂයක් තියෙනවා. ඒ තමයි හරිම අලූත්. අලූත් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකයේ කලින් අහපු නැති දේටයි අයිති. ඒකට හේතුව තමයි, බොහෝ විට සාමාන්‍ය ලෝකයාට වැටහෙන දේවල් හැම එකක්ම සම්බන්ධ වෙන්නේ මොකක් හරි මතයක් සමඟයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය සම්පූර්ණයෙන් සම්බන්ධ අවබෝධයක් සමඟයි. එතකොට මතවාදයත් එක්ක සම්බන්ධ එකයි, අවබෝධයක් එක්ක සම්බන්ධ එකයි දෙකක්.
    එක දවසක් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ”ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ලෝකයේ ඕනෑම කෙනෙක්, ඕනෑම ප‍්‍රශ්නයක් ඇහුවොත් දෙන්න තියෙන හරිම උත්තරේ දෙනවා. ඒක කොහොමද කරන්නේ? ‘මගෙන් මේක ඇහුවොත් මම මේ උත්තරේ දෙනවා’ කියලා භාග්‍යවතුන් වහන්සේ කලින් කල්පනා කරලා තියාගෙන ඉඳලද එහෙම උත්තර දෙන්නේ?” කියලා අසා සිටියා.
    බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ හරි ලස්සන උපමාවක් වදාළා,
    ”ඔබ වාහන හදන බාස්ලා ගැන දන්නවාද?” ”දන්නවා” කිව්වා.
    ”වාහනයේ හැම කෑල්ලක්ම හදපු බාසුන්නැහේ ඒ වාහනය ඔක්කොම සකස් කළාට පස්සේ කෙනෙක් ‘අනේ බාසුන්නැහේ, අර අතන ප‍්‍රශ්නයක් තියෙනවා. මොකක්ද ඒ?’ කියලා ඇහුවොත් ඒකට උත්තර දෙන්න එයාට පොත් බලන්න ඕනද? කල්පනා කර කර ඉන්න ඕනද?”
    ඒ අහන හැම ප‍්‍රශ්නයකටම තථාගතයන් වහන්සේට විසඳුම එන්නෙත් ඒ විදිහටයි. ඒ, හැම දෙයක්ම අවබෝධ කළ නිසයි. මේ හැම දෙයකින්ම මතුවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයයි.
    එක තැනක තියෙනවා, බුදුරජාණන් වහන්සේ යම රජ්ජුරුවො හිතපු එකක් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ”මහණෙනි, යම රජ්ජුරුවන්ට හිතුණා, ‘අනේ මේ සත්වයන් පව්කරලා මෙහෙ ඇවිල්ලා දුක් විඳිනවා. අනේ… මට මේතැනින් චුතවෙලා, බුදු කෙනෙක් පහළ වුණ අවස්ථාවක මනුෂ්‍යයෙක් වෙලා ඉපදිලා, ඒ බුදුරජාණන් වහන්සේ ගාව මහණ වෙලා, ධර්මය අවබෝධ කරන්න ඇත්නම් කොයිතරම් හොඳද..?’ කියලා.
    ඉතින් ඒ විදිහට නිරයේ විස්තර කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ”මහණෙනි, මම කාගෙන්වත් අහලා නෙවෙයි මේ කියන්නේ. මම අවබෝධයෙන්ම මේගොල්ලන්ගේ මේ තත්වය දැක්කා” කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙන්නේ තව කෙනෙකුගෙන් අහලා කියන කතාවක් නෙවෙයි, අත්දැකීමෙන් කියන කතාවක්. ඒක මේ දේශනා පුරාම දකින්න ලැබෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණේ මොකටද කියන කාරණය අපි ඒ ඇසුරෙන් තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණ කාරණය තමයි, උන්වහන්සේගේ පළමුවෙනි ගුණයෙන්ම මතුවෙන්නේ. ඒ තමයි නිකෙලෙස් වීම.. අරහත්වයට පත්වීම.. සසර දුකින් මිදීම..
    බුදු කෙනෙක් පහළ වෙන්නේ ලෝකයට චතුරාර්ය සත්‍යය ධර්මය ලබාදෙන්නයි. ඒ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමේදී ‘සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත්’ කියලා පියවර හතරක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ, ”පළමු පියවරේදී මෙන්න මෙහෙම හිතේ දියුණුව ඇතිවෙනවා. දෙවැනි පියවරේදී මෙහෙම වෙනවා. තුන්වැනි පියවරේදී මෙහෙම වෙනවා. හතරවැනි පියවරේදී මෙහෙම වෙනවා” කියලා මේ ඔක්කෝම දේශනා කළේ අවබෝධයෙන්මයි.
    උන්වහන්සේගේ සම්බුද්ධත්වය මේ සෑම දේශනාවකම දකින්න ලැබෙනවා. ඒ නිසා ”අනේ මගේ ශාස්තෘන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි” කියලා අපි ඒ බුදුරජාණන් වහන්සේ ගැන පහදින්න ඕන.
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ශ‍්‍රී සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදී&

    ශ‍්‍රී සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීම...


    සත්බුදු වන්දනාව බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා තිබුණු වන්දනාවක්. මේ ගැන හොඳ සාක්ෂියක් ඔබට දඹදිව ගියපු කාලෙක දකින්න පුළුවනි. ඒ තමයි, සාංචියේ තොරණවල ඒ සත්බුදුරජාණන් වහන්සේලා සම්බුද්ධත්වයට පත් වූ බෝධීන් වහන්සේලා කැටයම් කරලා තියෙනවා. සත්බුදු වන්දනාව ඒ කාලේ ඉඳලාම තෙරුවන් සරණ ගිය ශ‍්‍රාවක පිරිස වන්දනාවක් හැටියට පාවිච්චි කරලා තියෙනවා. වන්දනාවකින් කරන්නේ ගුණ සිහිකරලා ගෞරව දැක්වීම. අපි ඒ සත්බුදු වන්දනාවෙන් කරන්නෙත් ඒ බුදුරජාණන් වහන්සේලාගේ ගුණ සිහිකරලා ගෞරව දැක්වීමයි.



    සත්බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේලා හත් නමක්. මේ ගැන තොරතුරු බුදුරජාණන් වහන්සේ විසින්මයි දේශනා කළේ. බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම ඉතාමත්ම දුර්ලභ දෙයක්. ලෝකයේ මනුෂ්‍ය ජීවිතය ලැබීම කොච්චර දුර්ලභයිද කියන එක ගැන අපි දන්නවනේ. ඉතින් මනුෂ්‍ය ජීවිතයක් ලැබීමත් එච්චර දුර්ලභ එකේ, බුදු කෙනෙක් පහළ වීමේ දුර්ලභකම ගැන අපට කිය යුතු නැති තරම්.
    බුදුකෙනෙක් පහළ වීමේ දුර්ලභකම ගැන තේරෙන්න නම් අපට ඉස්සෙල්ලා ‘කල්පය’ කියන වචනය ගැන ඉගෙන ගන්න වෙනවා. කල්පය කියන වචනය ගැන ඔබ අහලා තියෙනවාද? කල්පය කියලා කියන්නේ අති දීර්ඝ කාල පරිච්ඡේදයකට කියන නමක්.
    දවසක් ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් ”ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, කල්පයකට අවුරුදු කීයක් විතර තියෙනවාද?” කියලා අසා සිටියා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා ”මහණෙනි, කල්පයකට අවුරුදු සීයක්, දාහක්, ලක්ෂයක්, කෝටියක් තියෙනවා කියලා අවුරුදුවලින් කියන්න බැහැ. කල්පය කියන කාලය ඒ තරම්ම දිර්ඝයි” කියලා.
    ”ස්වාමීනී, එහෙම නම් කල්පය කොයිතරම් දිර්ඝයිද කියලා උපමාවක් කියන්න පුළුවන්ද?” ”උපමාවක් නම් කියන්න පුළුවන්. ඔන්න සැතපුම් හතක් දිග, සැතපුම් හතක් උස, සැතපුම් හතක් පළල, ලොකු කළු ගලක් තියෙනවා. කෙනෙක් අවුරුදු සියයකට වතාවක් මේ කළු ගල සිනිඳු රෙදි කෑල්ලකින් පිහදානවා. කාලයක් ගියහම ඒ කළු ගල පොළොව මට්ටමට ගෙවෙනවා. පින්වත් මහණෙනි, ඒත් කල්පය ඉවර නෑ.”
    බුදුරජාණන් වහන්සේ කාලය ගැන ඔය කියන දේශනාව අපි තේරුම් ගන්නේ කොහොමද? අපට මේ අලුත් ලෝකයේ විස්තර හම්බ වෙන්නේ මිලියන ගණන් වලින්නේ. (පෘථිවිය අවුරුදු මෙච්චර පරණයි… ආදී වශයෙන්) අපට මේක තේරුම් ගන්න බැරි වෙන්නේ ලෝකයේ තියෙන එක දෙයක් නිසයි. ඒ තමයි අනිත්‍යය. ඒ කියන්නේ රොඩු කෑල්ලක් පවා සෙයාගන්න බැරි වෙන්නම මේ ලෝකයේ් හැමදෙයක්ම අනිත්‍යය වෙලා යනවා. ඒ නිසයි අපට මේ ඉතිහාසය ගැන තොරතුරු බොහොම සීමිත ඤාණයකින් ලැබෙන්නේ.
    බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, ”ඔය කියපු කල්පය කියන කාල වගේ එ්වා සියයක් ඇතුළත බුදුරජාණන් වහන්සේලා පහළ වුණේ හත් නමයි.” ගෞතම බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2635 කට කලින් මිනිස් ලෝකයේ ඉපදුණා. ඒ පටන් මේ දක්වා කෝටි සංඛ්‍යාත ගාණක් මිනිස්සු ඉපදුණා. ඒත් මහා පුරුෂ ලක්ෂණ තිස් දෙකක් තියෙන එක් කෙනෙක් ඉපදුණාද? මිනිස්සු ඉපදිලා මැරිලා යනවා. අඩු ගාණේ සක්විති රජ කෙනෙක්වත් පහළ වෙලා නෑ. එතකොට අපට පේනවා, ඒ වගේ ශ්‍රේෂ්ඨ අයගේ පහළවීම කොයිතරම් දුර්ලභද කියලා. බුදුරජාණන් වහන්සේ තමයි මේ අතීතයේ විස්තර අපට දේශනා කරන්නේ.
    බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ”මීට කල්ප අනූ එකකට කලින් මේ ලෝකයේ ‘විපස්සී’ කියලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු අසූ දාහයි. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ පිරිනිවන් පෑවා. කාලයක් යනකොට මිනිස්සු ඒ ධර්මයත් අත්හැරියා. ඒ බුද්ධ ශාසනය නැතිවෙලා ගියා.
    ඊට පස්සේ කල්ප හැටක් බුදුවරු නෑ. එතකොට බලන්න, එක කල්පයක බුදුවරයන් වහන්සේ නමක් පහළ වෙලා පිරිනිවන් පෑවා. ඊට පස්සේ කල්ප හැටක් ලෝකයේ බුද්ධ ධර්මය නෑ. බුදු කෙනෙක් විසින් අවබෝධයෙන්ම දේශනා කරන මේ ධර්මය ලෝකයේ නෑ. එහෙම නම් ලෝකයේ වැඩි ධර්මය තියෙන කාල නෙවෙයි, ධර්මය නැති කාලයි. ඒ කල්ප හැට තුළ මිනිස්සු කිසි කෙනෙකුට සතර අපායෙන් එතෙර වෙන්න පුළුවන් වෙන්නේ නෑ, ඒ ධර්මය නැති නිසයි.
    ඊට කල්ප හැටකට පස්සේ, ඒ කියන්නේ මීට කල්ප තිස් එකකට කලින් ‘සිඛී’, ‘වෙස්සභූ’ කියලා බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වුණා. සිඛී කියන බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධර්මය දේශනා කරලා පිරිනිවන් පාලා කාලයක් ගියාම ඒ ශාසනය නැතුව ගියා. ඊට පස්සේ ‘වෙස්සභූ’ කියන බුදුරජාණන් වහන්සේ පහළ වුණා. උන්වහන්සේත් පහළ වෙලා ධර්ම දේශනා කරලා පිරිනිවන්පාලා කාලයක් ගියාම ඒ බුද්ධ ශාසනයත් නැතුව ගියා.
    ආයෙමත් කල්ප තිහක් බුදුවරයන් වහන්සේලා නෑ. ඒ කල්ප තිහ ගෙවුණට පස්සේ දැන් අපි මේ ගතකරන කල්පය ලෝකයට උදා වුණා. මේ කල්පයට කියන්නේ ‘මහා භද්‍ර කල්පය’ කියලයි. මේ කල්පයේ ඉස්සෙල්ලාම පහළ වුණේ ‘කකුසඳ’ කියන බුදුරජාණන් වහන්සේ. ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වූ කාලයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු හතලිස් දාහක්. ඒ ධර්මයත් අතුරුදහන් වෙලා ගියා. ඊට පස්සේ මේ කල්පයේම කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඒ කකුසඳ, කෝණාගමන කියන බුදුරජාණන් වහන්සේලා දෙනමම ඉපදිලා තියෙන්නේ කපිලවස්තු ප‍්‍රදේශයේමයි. ධර්මාශෝක රජතුමා ඒ තැන්වල කුළුණු පිහිටෙව්වා. දැන් ඒ කුළුණු පැත්තකට කඩා වැටිලා තියෙනවා.
    ඊට පස්සේ කාශ්‍යප කියලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු විසිදාහයි. ඊට පස්සේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු එකසිය විස්සට බහිනකම්ම බුදුවරයෙක් නෑ. මිනිසුන්ගේ ආයුෂ එකසිය විස්සේදී අපේ වාසනාවට ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වුණා. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේත් ධර්ම දේශනා කරලා, පිරිනිවන්පෑවා. ඒ ධර්මයත් අල්ලගන්න අය අල්ල ගන්නවා. අත්හරින අය අත්හරිනවා.
    නමුත් මේ කල්පය තවම ඉවර වෙලා නෑ. මේ ආයුෂ අඩු වේගෙන අඩු වේගෙන ගිහිල්ලා, ආයුෂ අවුරුදු දහයට අඩු වෙනවා. ඒත් කල්පය ඉවර වෙන්නේ නෑ. මේ කල්පය ඉවර වෙන්නේ මෛත‍්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අවසන් වුණාට පස්සෙයි.
    වයස අවුරුදු දහයට අඩුවෙන කාලෙදී මිනිස්සු සත්තු වගේ මරා ගන්නවා. ඊට පස්සේ ඉතිරිවෙන මිනිස්සු ධර්මානුකූලව ජීවත්වෙලා ඒ හේතුවෙන් මිනිසුන්ගේ ආයුෂ ටික ටික වැඩිවෙනවා. එහෙම වැඩිවෙලත් මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80,000 වෙනකන් බුදු කෙනෙක් නෑ.
    අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාලා අවුරුදු 2550 වෙනකොට දැන් මිනිසුන්ට ගෞතම බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරනවා කියන එකත් පුදුමයක්නේ. ”ස්වාමීන් වහන්ස, සෝවාන් වෙන්න පුළුවන්ද? සෝවාන් වෙලා පවුල් කන්න පුළුවන්ද?” කියලා මිනිස්සු මගෙන් හරියට අහනවා. ඒ කියන්නේ තියෙන්නේ සැකයමයි. උන්වහන්සේ පිරිනිවන්පාලා 2555ක් වෙනකොට මෙච්චර විචිකිච්ඡා නම්, තවත් කාලයක් යනකොට මේක නිකන් විහිළුවක් වෙනවා. (මාර්ගඵල ලබන්න පුළුවන් කියන කතාව දැනටමත් ගොඩක් දෙනෙකුට විහිළුවක්නේ.)
    බෞද්ධයි කියාගෙන, ශ‍්‍රාවක වේශයෙන් ඉන්න අයම මේක විහිළුවට ලක්කරනවා නම්, තව කාලයක් යනකොට මේ ගැන කතා කිරීමත් මිනිසුන්ට විහිළුවක් වෙනවා. ඊට පස්සේ මිනිස්සු මේවා අත්හැරලා ”නෑ… මේ ඔක්කොම ජීවත් වෙලා ඉන්නකම්නේ. අපි හොඳ දේවල්නේ කරන්නේ. මොකෝ අපි වැරදි කරනවැයි? ඒ නිසා අපි හොඳට ජීවත් වෙලා කාලා බීලා සතුටින් ඉඳලා, අනුන්ට උදව් කරලා අපි මැරිලා යනවා” කියලා තනිකරම ලෞකික වෙනවා. ඒ යුගය වැඩි ඈත නෑ. ඊට පස්සේ ලෝකයාට ආයෙමත් අවස්ථාව නැති වෙලා යනවා. ඊට පස්සේ අවුරුදු 80,000ක් වෙනකම් ලෝකයේ ධර්මය නෑ. නිකම් විභාගවලට ලියන්න නම් තියේවි.
    මෛත‍්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලෙ වෙනකොට අපට කොච්චර ඉපිද… ඉපිද, මැරි… මැරි ඉන්න වෙයිද අපි දන්නේ නෑ. ඒ ‘මෛත‍්‍රී’ බුදුරජාණන් වහන්සේ තමයි මේ මහා භද්‍රකල්පයේ පස්වෙනි බුදුරජාණන් වහන්සේ. ඒ මෛත‍්‍රී බුදුරජාණන් වහන්සේත් පහළ වෙලා පිරිනිවන්පාලා ඒ බුද්ධ ශාසනයත් අතුරුදහන් වුණා කියමු. ඊට පස්සේ ආයේ බුදු කෙනෙක් පහළ වෙන්නේ කවදාද කියලා කවුරුවත් දන්නේ නෑ. සමහර විට කල්ප සීයක්, දාහක් බුදුවරයෙක් නැතිවෙන්න පුළුවන්. මේ ලෝකය ඒ වගේ අපට හිතන්න බැරි තරම්ම පුදුම සහගත ලෝකයක්.
    ඉතින් ඒ නිසා අපි මේ බුදුරජාණන් වහන්සේලා ගැන දැනගන්න ඕන. ඒ උත්තමයන් වහන්සේලාටයි අපි මේ වඳින්නේ. සත්බුදුරජාණන් වහන්සේලා ගැන ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැනක් හැටියට මේ විස්්තර තියෙන්නේ දීඝ නිකායේ ‘මහා පදාන’ කියන සූත‍්‍ර දේශනාවේ. ඒ සූත‍්‍රය බලලා ඕන කෙනෙකුට මම මේ කියන කාරණයේ ඇත්ත තත්වය, සත්‍යය විස්තරේ තහවුරු කරගන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේලා ගැන නම් වශයෙන් හරි සිහිකරලා වන්දනා මාන කරන්න ලැබෙනවා නම් ඒක අපට ලොකු ලාභයක්.
    සාමාන්‍ය ජීවිතයේ තෙරුවන් වැඳලා, සත් බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරන සිරිතක් අපේ බෞද්ධ සමාජයේ තියෙන බවක් මම නම් දන්නේ නෑ. ඔබ එහෙම එකක් දන්නවාද? එතකොට අපි ‘බෞද්ධ බෞද්ධ’ කිව්වට ප‍්‍රායෝගිකව අපි කොයිතරම් බුදු දහමින් ඈත් වූ පිරිසක්ද? ඒ නිසා අපට බුදු දහමට ළංවෙන්න අනිත් බුදුරජාණන් වහන්සේලා ගැනත් මේ විදිහට දැනගෙන, අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ හෙළිදරව් කරපු කරුණු කෙරෙහි සිත පහදවාගෙන තිබීම ප‍්‍රයෝජනයි.



    අපි කතා බස් කරගෙන ආ සූත‍්‍ර දේශනාවේ නම ”අභිසන්ද සූත‍්‍රය.” අපි තවමත් ඉගෙන ගන්නේ ඒ සූත‍්‍රයමයි. අභිසන්ද කිව්වේ ගලාගෙන යන ගංගාවට. බුදුරජාණන් වහන්සේ දේශනා කළා (චත්තාරෝ මේ භික්ඛවේ, පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා) ”මහණෙනි, සැපයට හේතුවන්නා වූ පුණ්‍ය ගංගාවල්, කුසල ගංගාවල් හතරක් තියෙනවා” කියලා.
    සාමාන්‍යයෙන් ‘පින’ කියන වචනයට වඩා ලොකු අර්ථයක් ‘පුණ්‍ය ගංගාව’ කියන කොට තියෙනවා. ගංගාවක් කිව්වාම ඒක ඉවරයක් නෑනේ. ගංගාව ඉවරයක් නැතුව ගලනවා. ඒ වගේ ඉවරයක්, අවසන් වීමක් නැතුව කරුණු හතරකින් කුසල් ගලන බවයි අපි ඉගෙන ගත්තේ. ඒ හතරෙන් එකක් අපි කලින් ඉගෙන ගත්තා. ඒ තමයි ”(ඉධ භික්ඛවේ, අරියසාවකෝ බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති) මහණෙනි, ආර්ය ශ‍්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන චිත්ත ප‍්‍රසාදයකින් යුක්තව සිටියි.” ඒක තමයි පළවෙනි පුණ්‍ය ගංගාව. ඒ විදිහට නොසෙල්වෙන චිත්ත ප‍්‍රසාදය ඇතුව සිටින්නේ කොහොමද කියන වග අපි උපමාවකින් ඉගෙන ගත්තා. අවබෝධයක් නැති ශ‍්‍රද්ධාව පරඬැලක් වගේ කියලත් අවබෝධයකින් යුතු ශ‍්‍රද්ධාව ඉන්ද්‍රඛීලයක් වගේ කියලත් අපි ඉගෙන ගත්තා. අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ‍්‍රද්ධාව ඇති කරගන්න ඒකට පාළි වචනයකුත් ඉගෙන ගත්තා. ”සද්ධහති තථාගතස්ස බෝධිං” අපි ධර්මය ඉගෙන ගන්න ඕන පිපාසිත මනුෂ්‍යයෙක් වතුර බොනවා වගෙයි. ඔබ හොඳටම පිපාසයෙන් ඉන්න වෙලාවකට වතුර එකක් හම්බවුණාම ඒක බොන ආකාරයේ, අනිත් වෙලාවට වතුර බොන ආකාරයට වඩා විශේෂයක් නැද්ද? එවැනි වෙලාවට අපි වේගයෙන් බීගෙන බීගෙන යනවනේ.
    ධර්මය කියන එක හැම තිස්සේම ලැබෙන එකක් නෙවෙයි. හැමදාම ලැබෙන එකකුත් නෙවෙයි. හැමතැනම ලැබෙන එකකුත් නෙවෙයි. හැමකාලෙම ලැබෙන එකකුත් නෙවෙයි. ලෝකයේ බහුලව තියෙන්නේ ධර්මය ලැබෙන්නේ නැති, ධර්මය අතුරුදහන් වූ කාලයි.
    ඔබ දන්නවද ධර්මය අතුරුදහන් වූ එවැනි කාලයක අපගේ බුදුරජාණන් වහන්සේ රජෙක් වෙලා ඉපදුණා. ඒ කාලයේ ලෝකයේ ධර්මය නෑ. ඒ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ රජ කෙනෙක්. ‘මේ ලෝකයේ බුදුවරයන් වහන්සේලා පහළ වෙලා ධර්ම දේශනා කරලා තියෙනවා’ කියලා කට කතාවලින් අහන්න ලැබුණා. නමුත් ඒ මොකක්ද කියලා කවුරුවත් දන්නේ නෑ. ඉතින් මේ රජ්ජුරුවන්ට ධර්මය ගැන දැනගන්න පුදුම විදිහට ආශාවක් ඇති වුණා. ඉතින් මේ රජ්ජුරුවෝ ‘බණ පදයක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න, කහවණු ලක්ෂයක් දෙනවා’ කියලා අඬබෙර පැතිරෙව්වා. ඒත් කවුරුත් දන්නේ නෑ. ඊට පස්සේ ඒ ගාන වැඩි කළා. ඇතෙක් බරට වස්තුව දෙනවා’ කිව්වා. ඒත් කවුරුවත් දන්නේ නෑ. රජ්ජුරුවන්ට දැන් ධර්මය අහන්න තියෙන ඕනකම වැඩියි. ඒ නිසා රජතුමාට ‘දහම්සොඬ’ කියලා නමකුත් වැටුණා. ‘මට බණ පදයක් කියලා දෙන්න මම මේ රාජ්‍යයෙන් භාගයක් දෙනවා’ කිව්වා. ඒ දන්නෙත් නෑ. ඊට පස්සේ ”කවුරුහරි බුදුරජාණන් වහන්සේ නමකගේ බණ පදයක් කියල දෙන්න. මම මේ මුළු රාජ්‍යයම දෙනවා” කිව්වා. ඒ දන්නෙත් නෑ. බලන්න…. බෝසතාණන් වහන්සේ පාරමී පුරාගෙන යන කාලේ තිබුණු මානසිකත්වය.
    ඊට පස්සේ දහම්සොඬ රජතුමා ‘බුදුවරයෙකුගේ බණ පදයක්, බුදුවරයෙකුගේ වචනයක් අහන්න ලැබෙන්නේ නැති මේ ජීවිතය මොකටද? මම මේ ධර්මය හොයා ගෙන යනවා’ කියලා රජකම අත්හැරියා. අත්හැරලා වනගත වුණා. වනගත වෙලා දැන් ඔහේ යනවා. දිව්‍ය ලෝකයේ දෙවිවරු පරම්පරාවෙන් එක ගාථාවක් කට පාඩමෙන් අරගෙන ආවා. ශක‍්‍ර දෙවියෝ මේ ගාථාව දන්නවා. මේ මනුෂ්‍ය ලෝකයේ මහා පුදුම මනුෂ්‍යයෙක් ඉපදිලා ඉන්නවා ශක‍්‍ර දෙවියන් දැක්කා. ‘බුදුවරයන් වහන්සේ නමකගේ වචනයක් හොයාගෙන සියල්ලම අත්හැරපු එක් කෙනෙක්…. ඊට පස්සේ ශක‍්‍ර දෙවියෝ ‘මෙයාගේ මේ ධර්මය සෙවීමේ අවංකකම මම පරීක්ෂා කරන්න ඕන’ කියලා කල්පනා කරලා මහ වනාන්තරය ඇතුළේ යක්ෂයෙකුගේ වේශයෙන් පෙනී සිටියා.
    ඉතින් දහම්සොඬ රජ්ජුරුවන්ට මේ යක්ෂයාව මුණගැසුණා. ‘මං මේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් සොයා ගෙන යන්නේ’ කියලා කිව්වා. යකා ‘මං එක බණ පදයක් දන්නවා. බුදුරජාණන් වහන්සේ නමකගේ ගාථාවක් දන්නවා’ කිව්වා. ‘අනේ! එහෙනම් මට කියාදෙන්න’ කිව්වා. ‘මට කියා දෙන්න වෙලාවක් නෑ… මට බඩගිනියි’ කිව්වා. ‘එහෙම නම් මට ඔය ගාථාව කියා දීලා ඉවරවෙලා ඕනෙ නම් මාව කන්න’ කිව්වා. ‘එහෙම බෑ. මට එතකන් ඉන්න බැහැ. මට බඩගිනි වැඩියි’ කිව්වා. ඊට පස්සේ යකාම යෝජනාවක් කළා, ‘ඔබ අර ගල් කන්දට නගින්න. නැගලා පල්ලෙහාට පනින්න. ඒ පනින වෙලාවට මම ගාථාව කියන්නම්. ඒකත් අහගෙනම මගේ කටට පනින්න.’ රජ්ජුරුවෝ කැමති වුණා. (මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අතීතයේ ධර්මය සොයාගෙන ගියපු ආකාරයයි) ඉතින් කන්දට නැගලා පනින කොට ශක‍්‍රදෙවියන් දේව වේශයෙන් මෙයාව අල්ලගෙන වාඩි කරවලා ධර්මය කියා දුන්නා.
    බලන්න, මේ ලෝකයේ එක් බණ පදයක්වත් නැති කාල තිබුණා. දැන් ඉතින් අපට ධර්මය අහන්න ලැබෙන කොට අපි ඒ ධර්මය හරියට මතක තියාගන්න ඕන. (සද්ධහති තථාගතස්ස බෝධිං) තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම තමයි ‘ශ‍්‍රද්ධාව’ කියන්නේ. සමහර අවස්ථාවල ධර්මය ඉගෙන ගනිද්දී බැලූ බැල්මට නිකන් ලාභයක් නෑ වගේ පෙනෙයි. එතකොට උනන්දුවක් ඇති වෙන්නේ නෑ. නමුත් නුවණින් කල්පනා කරලා බැලුවොත්, ලාභය තියෙන්නේ මේකෙමයි. මේ ධර්මයේමයි ලාභය තියෙන්නේ. ලාභය තියෙන්නේ ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමේමයි.
    අනේපිඬු සිටුතුමාට පුතෙක් සිටියා. යාලූවෝ කට්ටියත් එක්ක ඔහේ රංචු ගැහිලා යනවා, ඒත් ධර්මය අහන්න යන්නේ නෑ. සිටුතුමා ‘මොකක්ද මේකට කරන්නේ?’ කියලා කල්පනා කළා. ”පුතේ… මං ඔයාට කහවණු 500ක් දෙන්නම්. ඔයා ජේතවනාරාමයට ගිහිල්ලා බණ අහලා එන්න.” මෙයා ”හොඳයි” කියලා යනවා. ඒත් ජේතවනාරාමයට යන්නේ නෑ. රවුම ගහලා ගෙදර යනවා. ගිහිල්ලා ”තාත්තේ මං ඔන්න ගියා…” කියලා කහවණු 500 ගන්නවා. ඒ කාලෙත් එහෙනම් ඒ වගේ ළමයි ඉඳලා තියෙනවා.
    දවසක් අනාථපිණ්ඩික සිටුතුමා ‘මේ ළමයා මම කිව්වහම යනවා. ගිහිල්ලා ඇවිල්ලා මගෙන් සල්ලිත් ගන්නවා. එහෙම නම් මෙයා දැන් පාඩම් කරල තියෙනවද කියලා බලන්න ඕන’ කියලා කල්පනා කරලා ”පුතේ, අද මං ඔයාට කහවණු දාහක් දෙනවා. ඔයා බුදුරජාණන් වහන්සේ ලඟට ගිහින් ඒ අහන බණ මට ඇවිල්ලා කියන්න. ඒ කිව්වම තමයි දාහ දෙන්නේ” කිව්වා. ඒ නිසා එදා එයාට යන්නම වුණා. මෙයා ඉතින් ජේතවනාරාමයට ගිහිල්ලා වාඩිවෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බණ පදයක් අල්ලගන්න කල්පනා කරනවා. නමුත් අහන අහන එක මතක නැතුව යනවා. මෙයා කල්පනා කළා ‘මට මේ හරි වැඬේ වුණේ. මේක මතක් කරගත්තේ නැත්නම් මට සල්ලි හම්බවෙන්නේ නෑ.’ (නමුත් මතක නැතිවුණාට අර්ථය වැටහෙනවා) මෙයා මෙතැන වාඩිවෙලා ඉන්නේ සල්ලි හම්බ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දැනගත්තා.
    ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉර්ධි බලයෙන් තමයි එයාට අමතක වෙන්න සැලැස්සුවේ. ඒ කියන්නේ අර්ථය මතක් වෙනවා. ඒත් වචන මතක නැතුව යනවා. ඒ නිසා මෙයාට මතක හිටිනකම් දිගටම රැඳිලා ඉන්න සිද්ධ වුණා. අන්තිමේදී මෙයා සෝතාපන්න වුණා. ඊට පස්සේ ඉතින් එයාගේ කාරණය හරිනේ.
    මෙයා ගෙදර ගියා. ඉතින් අනාථපිණ්ඩික සිටුතුමා සල්ලි ටික අරගෙන ආවා. ”කෝ බලන්න අද ඔයා අහපු බණ.” ”අනේ තාත්තේ, මට සල්ලි එපා! මෙච්චර කාලයක් ධර්මය ගැන දන්නේ නැතුවයි මගේ අතින් අඩුපාඩු වුණේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සල්ලිවලට තක්සේරු කරලා ඉවර කරන්න බැහැ” කිව්වා. ඉතින් ඒ නිසා අපි මේවායෙන් ඉගෙන ගන්න ඕන ඒ ධර්මයේ තියෙන වටිනාකමයි.
    අපි මේ ඉගෙන ගනිමින් ඉන්නේ ශ‍්‍රද්ධාව ගැනයි. ශ‍්‍රද්ධා දෙකක් තියෙනවා. ඒ දෙක මතක තියාගන්න. ඒ තමයි, ‘අමූලිකා සද්ධාව හා ආකාරවතී සද්ධාව.’ අමූලිකා ශ‍්‍රද්ධා කියලා කියන්නේ මුලක් නැති පැහැදීමට. ඒකට මුල් නෑ. සාමාන්‍යයෙන් සීයක් ගත්තොත් සීයටම වගේ තියෙන්නේ අමුලිකා ශ‍්‍රද්ධාව තමයි. ආකාරවතී ශ‍්‍රද්ධාවට එන්න නම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා, යෝනිසෝ මනසිකාරයේ යෙදිලා කරුණු කාරණා තේරුම් ගත යුතුයි.
    එහෙම නැත්නම් අමූලිකා ශ‍්‍රද්ධාවට ආපු කෙනෙකුට, (ඒ කියන්නේ මුලක් නැති ශ‍්‍රද්ධාව තියෙන කෙනෙකුට) බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිතේ අපැහැදීමක් ඇතිවෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. ධර්මය ගැන සිතේ අපැහැදීමක් ඇතිවෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. ශ‍්‍රාවක සංඝයා ගැන හිතේ අපැහැදීමක් ඇතිවෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ.
    යමෙකුට ආකාරවතී ශ‍්‍රද්ධාව ඇතිවුණාට පස්සේ එයා තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබෙන පැහැදීම වෙනස් වෙන්නේ නෑ. ධර්මය කෙරෙහි තිබෙන පැහැදීම වෙනස් වෙන්නේ නෑ. ශ‍්‍රාවක සංඝයා කෙරෙහි තිබෙන පැහැදීම වෙනස් වෙන්නේ නෑ. ඒ නිසා අපට ඕන කරන්නේ අමූලිකා ශ‍්‍රද්ධාව නෙවෙයි, අපට ඕන කරන්නේ ආකාරවතී ශ‍්‍රද්ධාවයි. අපි මේ ධර්මය ඉගෙන ගන්නේ ඒ ආකාරවතී ශ‍්‍රද්ධාවට එන්නයි.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අර්ය මහා සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන පැහැද

    අර්ය මහා සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන පැහැදීම...

    මේ ලිපි වලින් විස්තර කරන්නේ ”අභිසන්ද” කියන බුද්ධ දේශනාවට අදාළ විස්තරය. ඒ බුද්ධ දේශනාවේ අපි ඉගෙන ගත්තා පුණ්‍ය ගංගාව, කුසල ගංගාව ගැන. ජීවිතයකට උදාකර ගන්න තියෙන කරුණු හතරකින් කරුණු දෙකක් ගැන.
    ඒ තමයි බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධයෙන්ම පැහැදීමක් ඇති කරගෙන, ඉන්ද්‍රඛීලයක් වගේ ඒ පැහැදීම පවත්වන හැටි. ඒ කියන්නේ කාටවත් වෙනස් කරන්න බැරි විදිහේ පැහැදීමක් බුදුරජාණන් වහන්සේ ගැන. ඒ බුදු ගුණ ගැන ඇති කරගන්න හැටි අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි ඉගෙන ගත්තා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ගුණ වශයෙන් අවබෝධ කරගෙන පැහැදීමක් ඇති කර ගන්නා ආකාරය.
    අද අපි ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් වහන්සේලා ගැන පැහැදීම ඇති කරගැනීම. බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම දේශනා කරපු සූත‍්‍ර දේශනාව, ඔබ කවුරුත් දන්නවා ඒක. ඒ තමයි දම්සක් පැවතුම් සූත‍්‍ර දේශනාව. ඒ දේශනාවෙන් තමයි ශ‍්‍රාවකයන් වහන්සේලාගේ පටන් ගැනීම ඇති වුනේ. ස්වාමීන් වහන්සේලා පස් නමක් ඒ දේශනාව ශ‍්‍රවණය කළා. ඒ ශ‍්‍රවණය කරපු ස්වාමීන් වහන්සේලා අතරින් ඉස්සෙල්ලාම අවබෝධ කළා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට විතරක් අවබෝධ වෙන්න හේතු වුනේ මොකද?
    ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ දුෂ්කර කි‍්‍රයා කරපු කාලයක් තිබුනනේ. ඒ කාලෙදීම අවබෝධ කර ගත්තා ‘ඒ දුෂ්කර ක‍්‍රියාව වැරදියි’ කියලා. අවබෝධ කරලා ඒක අත්හැරියා. ඒ වෙනකොට අර පස්වග භික්ෂූන් වහන්සේලා හිටියේ දුෂ්කර ක‍්‍රියාව තුළින් අවබෝධ කරන්න පුළුවන් කියන දෘෂ්ටියේ, මතයේ. එතකොට බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙන්න කලින් දුෂ්කර ක‍්‍රියාව අත්හැරියාම අර පස්දෙනා කලකිරුනා. කලකිරිලා හිතුවා, උන්වහන්සේට පාර වැරදුනා කියල. හිතලා උන්වහන්සේව අත්හැරලා බරණැසට ගියා. ඒගොල්ලො හිටිය බරණැසට ගයා ප‍්‍රදේශයේ ඉඳලා උන්වහන්සේ වැඩම කළා.
    බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච බව මේ ස්වාමීන් වහන්සේලා පස්නම දන්නෙ නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකෙ ගැන විමසල බැලූවා. බලන කොට අවබෝධ වුනේ ලෝකය නෙළුම් පොකුණක් වගේ කියලා. එතකොට මේකේ මෝරපු නෙළුම් වගේ කල්පනා ශක්තිය මෝරපු මනුෂ්‍යයන් ඉන්නවා කියලා අවබෝධ වුනා. ධර්මය නමැති සූර්යයා පායා ආවොත්, හිරු කිරණ වැදිල ඒ නෙළුම් මල් පිපෙනවා වගේ, කල්පනා ශක්තිය මෝරපු මනුෂ්‍යයන්ට, මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා.
    ඉතින් උන්වහන්සේ බරණැසට වැඩම කරපු වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේලා එකපාරට පිළිගත්තද? නෑ… මොකද අර මතයේ හිටපු නිසා. ඈතම දැක්කා බුදුරජාණන් වහන්සේ වඩිනවා. දැකපු වෙලාවේ මේ ස්වාමීන් වහන්සේලාගේ සිතේ ඇතිවුන අදහස මොකක්ද?… ‘ඔය එන්නෙ අපි ලඟට අන්තිමට. අන්තිමට අපි ලඟටම ඔය එන්න වුනේ’ කියලා හිතුනා. හිතිල කතාකර ගත්තා. ‘උසස් කුලේක නිසා අපි ආසනයක් විතරක් තියමු. අපි සළකන්න යන්න ඕන නෑ’ කියලා.
    නමුත් උන්වහන්සේ ළං වෙන කොට, ළං වෙන කොට ඒ ගොල්ලන්ට ඒ අයගේ ඒ අදහසේ ඉන්න බැරිවුනා. පස්වග භික්ෂූන් වහන්සේලාගෙන් එක භික්ෂුවක් ගිහිල්ලා පාත්තරේ, සිවුරු ඉල්ල ගත්තා. තව භික්ෂුවක් ඉක්මනට දෙපා සෝදන්න පැන් තිබ්බා. ඉතින් මේ වගේ උපස්ථාන කටයුතු කළා. උපස්ථාන කටයුතු කළාට ඒ කාලේ සම සම අය කථා කරන වචනයක් තියෙනවා ‘ආවුසෝ’ කියලා. ‘ආවුසෝ’ කියන එක සිංහලෙන් අපි දැනට වර්තමානයේ පාවිච්චි කරනවා ‘ආයුෂ්මතුනි’ කියලා (ආවුසෝ කියන්නේ සම අයට කතා කරන වචනයක්). ඉතින් එහෙම කථා කළා. ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ ඇහුවා ”කොහොමද ඔබේ දානමාන හම්බ වෙනවද? හොඳින් පහසුවෙන් ඉන්නවද?” ”පහසුවෙන් ඉන්නවා” කිව්වා. ඉඳලා මේ පස්වග භික්ෂූන් වහන්සේලා කියනවා ”ආයුෂ්මතුනි, ඔබ හරි ලස්සනයි දැන්. (කාටද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේට කියන්නේ. හිතුවේ අර දුෂ්කර ක‍්‍රියා අත්හැරපු නිසා ලස්සන වෙලා කියලා.) ඔබ හරිම ලස්සනයි.
    ඔය විදිහට කීවම බුදුරජාණන් වහන්සේ වදාළා ”මහණෙනි, ආයුෂ්මතුනි, කියන්න එපා, මට අමෘතය හම්බවුනා. මං ඒක අත්දුටුවා. මං ඔබලාට දේශනා කරන්නම්. ඔබට අවබෝධ කරන්න පුළුවන්.” එතකොට ඒ ගොල්ලෝ එක පාරටම ලෑස්ති වුනාද? නෑ. එතකොට කිව්වා ඒගොල්ලෝ ”එහෙම කොහොමද වෙන්නේ? ඔබවහන්සේ ඒ දුෂ්කර ක‍්‍රියාව අත්හැරියනේ, ඔබවහන්සේ දුෂ්කර ක‍්‍රියාව අත්හැරල කොහොමද එකපාරට මෙහෙම වෙන්නෙ ආයුෂ්මතුනි?” කියලා ආයෙත් ‘ආයුෂ්මතුනි’ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආයෙත් කිව්වා ”ආයුෂ්මතුනි කියන්න එපා. තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙලා ඉන්නේ, අවබෝධ කරලා තියෙන්නේ, අහන්න මා කියන්නම්” කියලා. ඒ පාරත් ආයෙමත් ඒ ප‍්‍රශ්නයම ඇහුවා.
    තුන්වැනි වතාවේ බුදුරජාණන් වහන්සේ අහනවා. ”මහණෙනි, මම මීට කලින් ඔබට මම අවබෝධ කරගත්තා. මේ ධර්මය අවබෝධ කරගෙනයි මම කියන්නේ කියලා මීට කලින් මෙහෙම ප‍්‍රකාශයක් කරලා තියෙනවාද?” අන්න එතැනදී ”නෑ, ස්වාමීනි” කිව්වා.
    එතකොට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරල තියෙන්නේ කියන අදහස ගියේ, ඒ පස් දෙනාගෙන් එක් කෙනෙකුගේ හිතට. ඒකට හේතුව, ඒ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ බ‍්‍රාහ්මණ පණ්ඩිතයෙක් වෙලා ඉන්න කාලේ කිඹුල්වත් නුවර සිද්ධාර්ථ කුමාරයාට නම් තබන උත්සවයට සහභාගී වෙච්ච එක්කෙනා. එදා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බලලා, එක ඇඟිල්ලක් උස්සපු එක්කෙනා. එයා එදා තීරණය කළා ‘අනාගත බුදුරජාණන් වහන්සේ ගෙන් මම ධර්මය අහන්න ඕන’ කියලා. ඔක්කෝම අත්හැරලා මහණ වෙච්ච එක්කෙනා. එයාගේ හිතට ශ‍්‍රද්ධාවක් ඇතුළු වුනා. එහෙනම් මේ උත්තමයා අවබෝධ කරලා තියෙනවා. එයා ශ‍්‍රද්ධාවෙන් ඇහුවා. අනිත් අය සැකෙන් ඇහුවා.
    ඕක දන්නෙ නැති සමහරු කියනවා සාර්ථක වුනේ නෑ කියලා. එතකොට ශ‍්‍රද්ධාවෙන් ඇහුවාම එයා අවබෝධ කරනවා. ශ‍්‍රද්ධාව ඇතිවෙච්ච ගමන් මොකද වෙන්නේ? අවධානයෙන් අහනවා. අවබෝධ කරගන්න ඕන කියන අදහසින් අහනවා. ශ‍්‍රද්ධාව නැති එක්කෙනා දෙගිඩියාවෙන් අහනවා.
    26.jpg



    ඒ පළමුවැනි දේශනාවෙදි බුදුරජාණන් වහන්සේ දැක්කා මේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට අවබෝධ වුනා. එතකොට ඉස්සෙල්ලාම ඒ ශ‍්‍රාවකයෙක් හැටියට බිහිවුනේ සෝතාපන්න ශ‍්‍රාවකයෙක්. පළවෙනි පියවරට ආපු එක්කෙනෙක්. හරි! ඉතින් සාර්ථකයි සියයට සීයක්ම. ඊට පස්සේ දැන් ඔන්න බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන්ගේ පියවර පටන් ගන්නේ ඒ විදිහටනේ. ඔන්න ඉස්සෙල්ලාම කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වුනා. දැන් බුද්ධ, ධම්ම, සංඝ කියන ති‍්‍රවිධ රත්නයේ සෝතාපන්න ශ‍්‍රාවකයා පහළ වෙලා ඉන්නවා. ඊළඟට දැන් අනිත් පිරිසට ශ‍්‍රද්ධාව පිහිටියා ‘හරි, මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්’ කියලා. ඊට පස්සේ තමයි අනෙක් භද්දිය, වප්ප, මහානාම, අස්සජි කියන ස්වාමීන් වහන්සේලාට සවන්දීමේ ඕනකම ඇති වුනේ. ඊට පස්සේ දෙනමක් පිඬු සිඟා වඩිනවා. එක්කො තුන්නමක් පිඬු සිඟා වඩිනවා. ඒ දානෙන් ඔක්කෝමලා යැපෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. දැන් එක නම, එක නම සෝවාන් වෙනවා.
    ඊට පස්සේ පස්නමම එකතු කරලා අනාත්ම ලක්ඛණ සූත‍්‍ර ධර්මය දේශනා කළා. දේශනා කරනකොට සකදාගාමී, අනාගාමී, අරහත් කියන ඵලයට පත් වූ රහතන් වහන්සේලා පස් නමක් බිහිවුනා. ඊට පස්සේ ඔන්න ආයෙමත් මේ පෘථිවියේ, කෙලෙස් සහිත මිනිස්සු පා තබාගෙන යන පොළොවේ නිකෙලෙස් අය පය තබා යන්න පටන්ගත්තා. රහතන් වහන්සේලා ලෝකෙට බිහිවුනා.
    බරණැස් නගරයේ ඉඳලා කිලෝ මීටර් දහයක් වගේ දුරයි ඉසිපතන මිගදායට. ඒ කාලේ කොහේද දන්නේ නෑ යස කුලපුත‍්‍රයාගේ ගේ. එයා බොහෝම ධනවත් කෙනෙක්. රත්තරන් සෙරෙප්පු දෙකක් පාවිච්චි කරපු කෙනෙක්. දවසක් යස කුලපුත‍්‍රයාට කල්පනාවක් ආවා. ‘මොකක්ද මේ සැප විඳින එකේ තේරුම? මීට වඩා නැද්ද ජීවිතේ නිදහසක් කියල එකක්?’ කියලා මෙයා පාන්දරින්ම ‘මීට වඩා හොඳයි මම නිදහසක් හොයා ගෙන යනවා’ කියලා පාන්දරින්ම මිදුලට බැහැල ඔහේ ගියා. (දැන් අපි යන්නෙ හිටපු ගමන්. අපිට ඇවිදින්න හිතුනහම අපි යනවා. අතරමගදී අපිට හිතෙනවා මං මේ පාරෙත් පොඞ්ඩක් ඇවිදින්න ඕන. ඒ පාරෙන් ඇවිදිනවා.)


    ඒ වගේ මේ යස කුලපුත‍්‍රයා ඇවිද ගෙන ගියා. යද්දි බුදුරජාණන් වහන්සේ පාරේ අයිනේ ගහක් යට වැඩ ඉන්නවා පාන්දර. දැන් යස කුලපුත‍්‍රයා දැක්කෙ නෑ බුදුරජාණන් වහන්සේ ඉන්නවා. උන්වහන්සේ ලඟින් යන කොට… (බලන්න වාසනාව කැරකෙන හැටි…) කියවුනා, ”අනේ මං මේ ගතකරන ජීවිතේ නම් මහා කරදර ගොඩක්” කියලා. කියන කොට බුදුරජාණන් වහන්සේ කියනවා ”යස, මේ මං ගතකරන ජීවිතේ කිසිම කරදයක් නෑ” කියලා. ”කිසිම කරදයක් නැති ජීවිතයක් මේ තියෙන්නේ” කිව්වා. එතකොට යස කුලපුත‍්‍රයා කල්පනා කළා, තමන්ගෙ නමින් කථා කළා. පැහැදුනා. ලඟට ඇවිල්ල වාඩිවුනා. ධර්ම දේශනා කළා, යස කුලපුත‍්‍රයා සෝවාන් වුනා.

    ඊට පස්සේ යස කුලපුත‍්‍රයාගේ තාත්තා උදේ නැගිටල බලනකොට ළමයා නෑ. එකම පුතා. ඊට පස්සේ බැලූවා. වත්තට බැස්සා. අඩි පාර තියෙනවා. අඩි පාර දිගේ තාත්තා එනවා. බුදුරජාණන් වහන්සේ ලඟ දැන් යස කුලපුත‍්‍රයා වාඩිවෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයක් කළා යස කුලපුත‍්‍රයව පේන්නේ නැති වෙන්න.
    yasa.jpg



    තාත්තා ආවා. ඇවිල්ල ”ස්වාමීනි, අපේ පුතා දැක්කද?” කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වා. ”පුතා ගැන හොයනවට වඩා තමන් ගැන හෙව්වොත් හොඳ නැද්ද?” ”හොඳයි” කිව්වා. වාඩි කළා. දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන කොට යස කුලපුත‍්‍රයා අහගෙන ඉන්නවා. තාත්තා සෝවාන් වුනා. පුතා රහත් වුනා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අර අධිෂ්ඨානය අත්හැරියා. දැන් යසකුල පුත‍්‍රයා ඉන්නවා වාඩිවෙලා. ඉතින් ඇහුවා. ”මේ ධර්මය පරිපූර්ණ අවබෝධ කරගත්ත කෙනෙකුට ගිහි ජීවිතේ ඉන්න පුළුවන්ද?” කියලා. ”බැහැ ස්වාමීනී” කිව්වා. එයා තමයි පළවැනි ගිහි ශ‍්‍රාවකයා තෙරුවන් සරණේ පිහිටපු.
    යස කුලපුත‍්‍රයා ඒහිභික්ෂු පැවිද්දෙන් පැවිදි වුනා. ඒහිභික්ෂු පැවිද්ද කියලා කියන්නේ බුදු කෙනෙකුට පමණක් ලබාදෙන්න පුළුවන් පැවිද්දක්. දැන් යස කුලපුත‍්‍රයා රහත් වුනා. ගිහි ඇඳුම් තාම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ යස කුල පුත‍්‍රයාට වදාළා, ”භික්ෂුව එන්න, මෙය මනාකොට දේශනා කරපු ධර්මයක්. දුක් කෙළවර කරන්න පුළුවන් ධර්මයක්” කියලා. ඒ සැණින් එයාගේ හිස කෙස් නැති වෙනවා. ගිහි ඇඳුම් නැතිවෙනවා. සිවුරු පිරිකර ලැබෙනවා. ඒක ඉර්ධියක්. ඒකට කියනවා ඒහිභික්ෂු පැවිද්ද කියලා. ඒක ජීවමාන බුදු කෙනෙකුන්ගෙන් විතරයි ලබන්න පුළුවන්. මේ විදිහට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ‍්‍රාවක සංඝයා බිහිවුනා.
    ඊළඟට තව තිස්නමක් හිටියා භද්දවග්ගීය කුමාරවරු කියලා. භද්දවග්ගීය කියලා කියන්නේ ”හොඳ, සුන්දර කණ්ඩායම” කියන එක. මේ භද්දවග්ගීය කුමාරවරු කියන්නේ කුමාරවරු තිස් දෙනෙක්. තිස් දෙනාගෙන් 29 කට ගැහැණු ළමයි ඉන්නවා. එක් කෙනෙකුට නෑ. කුළියට ගත්තා. අරගෙන මේ ගොල්ල ආව විනෝද වෙන්න. මේ ගොල්ල විනෝද වෙවී යන කොට, මේ ගොල්ලන්ගේ වාසනාවට මේ ගොල්ල ඇතුළු වුනා බරණැස ඉසිපතන මිගදායට.
    මේකෙ පැත්තක තියෙනවා පොකුණක්. දැන් මේගොල්ලො කණකර ආභරණ වටිනා දේවල් පැත්තකින් තියලා නානවා. අර කුළියට ගත්ත කෙල්ල, බඩු ටික පොට්ටනියක් හදාගෙන පැන්නා. මේගොල්ලො ගොඩට ඇවිල්ල බලන කොට, මේ ගැණු ළමයා නෑ. අනිත් ගැණු ළමයි ටික යැව්වා. ”ඔයගොල්ල යන්න ඉක්මනට ගෙවල්වලට. අපි මේ කෙල්ලව හොයා ගන්නවා කොහොම හරි” කියලා. දැන් මේගොල්ලො ඔක්කෝම හොය හොයා යනවා.
    බුදුරජාණන් වහන්සේ ගහක් යට වාඩිවෙලා ඉන්නවා. ලඟට ඇවිල්ල ඇහුවා ”ස්වාමීනි, මේ පැත්තෙන් ගෑණු ළමයෙක් ගියාද?” බුදුරජාණන් වහන්සේ අහනවා. ”කුමාරවරුනි, ගෑණු ළමයෙක් හොයන එකද හොඳ? තමන් කවුද කියලා හොයාගන්න එකද?”
    බලන්න මේ බුද්ධිමත් මිනිසුන්ට ප‍්‍රශ්න තේරෙනවා. වර්තමානයේ අපි ඒ වගේ බෑග් එකක් නැතිවෙලා කලබල වෙච්ච එක්කෙනකුට කිව්වොත් එහෙම, ”මේ බෑග් එකක් හොයාගන්න එකද හොඳ, තමා කවුද කියල හොයාගන්න එකද හොඳ…?” කියලා. ”මේ හාමුදුරුවෝ මොනවා කියනවද දන්නෙ නෑ. මං මේ ඔළුව ගිනි අරගෙන ඉන්නේ මේ ප‍්‍රශ්නෙට” කියයි. ඒ කියන්නේ ඒ ප‍්‍රශ්නේ මත්තෙම එයා යනවා මිසක්, ”ආ… මේක ඇත්ත තමයි” කියලා නවතින්න තරම් මොළේ මෝරල නෑ. ඉතින් අර අය, ”හා…” කියලා නැවතුනා. ඉතින් ඒ අයත් ශ‍්‍රාවක සංඝයා.

    ඊට කලින් තමයි යස කුලපුත‍්‍රයාගේ යහලූවෝ 54ක් ඇවිල්ල පැවිදි වුනේ. පැවිදි වෙලා, යස කුලපුත‍්‍රයා සමඟින් මේ සංඝයා බිහිවුනා. එතකොට සංඝ කියල අදහස් කළේ පැවිදි ශ‍්‍රාවකයන්. දැන් මාර්ගඵල ලාභී ගිහි අය ඉන්නවා. නමුත් ගිහි අයට කවදාවත් ශ‍්‍රාවක සංඝ කියන වචනය යොදන්නේ නෑ. සෝවාන්, සකදාගාමී, අනාගාමී ගිහි අය ඉන්නවා. ශ‍්‍රාවක සංඝ කියලා යොදන්නේ නෑ. ඒ මොකද හේතුව? මෙතැන ශ‍්‍රාවක සංඝ කියලා කියන්නේ ගිහි ජීවිතය අත්හැරපු, උදාර ශික්ෂා පද සමූහයක් ආරක්ෂා කරගෙන ඉන්න, ශාසනයේ අරටු. මාර්ගඵලලාභී භික්ෂු සංඝයා. එතකොට අපි සරණ ගියේ අන්න ඒ ශ‍්‍රාවක සංඝරත්නයයි.