මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අතුරුදන්_වුනු_මැලේසියානු_ගුවන් යානය

    Cannes-2014-poster.jpg

    ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන රුපේෂ් පෝල් විසින් අතුරුදන් වුනු මැලේසියානු ගුවන් යානය පිලිබඳ චිත්‍රපටයක් තැනීමට තීරනයකොට ඇති විදෙස් මාධ්‍යය වාර්තා කරයි. එම චිත්‍රපටය මේ වසරේ කෑන් චිත්‍රපට උළලේ බොහෝ කතා භට ලක්වන චිත්‍රපටයක් වනු ඇතැයි මේ වනවිටත් ඉඟි පලවී තිබේ.

    Was-Malaysia-Airlines-Flight-MH370-Hijacked-by-Hackers.jpg

    පසුගිය මාර්තු 8 වනදා මැලේසියාවේ සිට චීනය දක්වා පියාසර කල MH 370 යානය පිලිබඳ තවමත් නිශ්චිත හෝඩුවාවක් ලැබී නොමැත. ගුවන් යානය අතුරුදන් වීමෙන් අනතුරුව මැලේසියානු ජනමාධ්‍යවේදියෙකු විසින් රුපේෂ් පෝල් වෙත පැවසු කතාවක් මෙම චිත්‍රපටය තැනීමට මුලික වී ඇත.

    ඔහු මාධ්‍යය වෙත පවසා ඇත්තේ ඔහුට ඇති විශාලතම අභියෝගය වන්නේ චිත්‍රපටය දර්ශනය කරන අතරවාරයේ අතුරුදන්වූ ගුවන් යානය සොයාගතහොත් චිත්‍රපටයේ දිගහැරෙන සිදුවීමේ හා සැබෑ සිදුවීම අතර ගොඩනැගෙන පරස්පරතාවය බවයි.

    අගෝස්තු මාසයේ තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටයට වැයවන මුදල ලෙස ඩොලර් මිලියන 3.5 ක් ගණන් බලා ඇත.

    එම චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය බලන්න පහතින්

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    පුද්ගලයන් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය දකුණු චීන මුහුදේ යුධ අභ්‍යාසයකදී අත්වැරදීමකින් වෙඩි තබා බිම හෙලූ බවට නව මතයක් ඉදිරිපත් වනවා. තායිලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපදය එම යුධ අභයාසය සිදුකළ බවයි ලන්ඩනයේ පදිංචි මාධ්‍යවේදියෙකු විසින් රචිත ග‍්‍රන්ථයක් මගින් පෙන්වා දී ඇත්තේ. එම සිද්ධියෙන් පසු යානය සෙවීමට දැවැන්ත ජාත්‍යන්තර මෙහෙයුමක් ආරම්භ කිරීම සිද්ධිය සැඟවීමේ උත්සාහයක් ලෙස ද ඔහු හැඳන්වූවා. එමෙන්ම යානයට සිදුවූයේ කුමක් ද යන්න එහි ගමන්ගත් මගීන්ගේ ඥාතීන් කිසිදා දැන නොගනු ඇතැයි ද ඔහු සිය ග‍්‍රන්ථයේ සඳහන් කර තිබෙනවා.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඕක උපාලි වි‍ජේවර්ධන මහත්තයාගේ ගුවන් යානයට වෙච්චි දේම තමයි සිද්ධ වෙන්න ඇත්තේ.:oo:.තවම තොරතුරක් නැහැ.මම හිතන විදිහට ඔය මැලිසියාන ගුවන් යනා සිද්ධියට පාදක වුනු දේශපාලන පසුබිමක් තියෙනවානම් ගොඩක් කාලයක් යනවා ඔය සිද්ධිය ඇත්ත නැත්ත හෙළිවෙන්න.:nerd:මොකද ඇත්ත වසන් කරන හින්දා.තවද ප්‍රධහන වශයෙන් සැක කරන්න පුළුවන් පාර්ශ්වයක් තමයි මැලිශියාව.මොකද මතකද ඔස්ට්‍රේලියානු මුහුදු තිරයෙන් සැක කරන යැයි කියන ගුවන් යානයේ සුන්බුන් කොටස් පාවෙමින් ති‍බන බව කියපු වෙලාවේ. මැලිසියානු අගමැති පණිවුඩයක් නිකුත් කලා කිසිම සාක්‍ෂියක් නැතුව, යම් චන්ද්‍රිකා විස්තර පාදක් කරගෙන,එ පාවෙමින් තිබි‍න්නේ ඒ මැලිසියානු ගුවන් යානයේ සුන්බුන් කියලා.නමුත් පසුව සොය ගත්තා එ යානයේ සුනබුන් නොවන විත්තිය.තවත් හෙතුවක් නම් පර්ක්‍ෂණ පැව්ත්වේමේදි මැලේසියාව වැරදි තොරතුරු සැපයිම, වාගේ දේවල වලින් හිතන්නේ මැලේසියාව කුමන හො ආකාරයකින් මේ අතුරදන් විමට සම්බන්ද බවයි.
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    බේරුවල ප‍්‍රදීපාගාරයට නුදුරෙන් වූ මුහුදේ තිබී ධීවරයින් පිරිසකට ගුවන් යානයක රෝදයක් බවට සැක කරන කොටසක් හමුවී තිබෙනවා. අලූත්ගම - මොරගල්ල ප‍්‍රදේශයේ ධීවරයින් තිදෙනෙකුට හමුවු මෙම රෝදය ගුවන් යානයක දැයි සෙවීම සඳහා ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති නිලධාරියෙකු අදාළ ප‍්‍රදේශයට පිටත්කර යවන බවයි ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ. මොරගල්ල ප‍්‍රදේශයේම පදිංචි මෙම ධීවරයින් තිදෙනා අදාළ මුහුදු සීමාවට අද (29) උදෑසන ගොස් ඇත්තේ ඊයේ පස්වරුවේ එලා තිබූ දැල් ගොඩට ගෙන ඒම සඳහායී. එම අවස්ථාවේදී මෙම රෝදය අදාළ දැලෙහි පැටලී තිබී ඇති අතර, පසුව ඔවුන් එය ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා. මොරගල්ල සංචාරක පොලිසියට කළ දැනුම්දීමකින් අනතුරුව මේ වනවිට ගුවන් යානයක බවට සැක කරන අදාළ රෝදය අලූත්ගම පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මෙම රෝදය හමුවු ධීවරයෙකු හිරු ප‍්‍රවෘත්ති අංශයට ප‍්‍රකාශ කළේ මෙම ප‍්‍රදේශයෙන් මීට පෙරද ගුවන් යානයක බවට සැක කරන කොටස් හමු වූ බවයි.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    ඊයේ හිරු එකේ උන් ඔය සීන් එක අල්ලන් රෝදෙක ෆොටෝ එකක් දාලා ළිඳේ..:P:P:P

    ‍ෆිල්ම් එකක් එනවා කියලා තියෙනවා නේද සීන් එක පාදක කරන්..කොහොමත් දැන් ඒ මිනිස්සු මැරිල නම් එකක් නැත්තම් ජීවත් වෙන්න වෙන්නේ මැරි මැරී.ලංකාවේ මේ වගේම අනතුරකින් මැරුණා කියපු මනුස්සයෙක් පාදක කරන් ටෙලි නාට්‍යයක් ගියා ඒ දවස් වල රූපවාහිනියේ (ඉරිදට) බඳින්න ඔන්න මෙන්න හරි බැඳල දවසක් දෙකක් ද කොහෙද ඇතුලත සීන් එක වෙන්නේ පස්සේ මනුස්සය ආයේ අවුරුදු 2කට පස්සේ ගෙදර එනකොට...කතා කරලා වැඩක් නෑ..මට නම මතක නෑ මොකද්ද කියලා..ජීවිත ගානක් අවුල් වෙනවා ඒ සීන් එකෙන්..(මට මතක විදියට අර බැඳපූ ගර්ල් ආයේ වෙන කෙනෙක්ව බඳින දවසේ පෝරුව සෙරමනි වෙලාවේ අර ඩයල් එක එන්නේ..)

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!

    ජිවිතයට ඉඩ දෙන්න කියන ටෙලි නාට්‍ය නේ? :rolleyes: :rolleyes:අර පොඩි උන් දෙන්නෙක් එහෙම ඉන්නේ. චාන්දනී සෙනෙවිරත්නයි බිමල් ජයකොඩි ඉන්න එක. මම අන්තිමටම බලපු ටෙලි නාට්‍ය. ආයේ ඒවගේ හොද එකක් ආවේ නෑ :dull::dull:
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    ජිවිතයට ඉඩ දෙන්න කියන ටෙලි නාට්‍ය නේ? :rolleyes: :rolleyes:අර පොඩි උන් දෙන්නෙක් එහෙම ඉන්නේ. චාන්දනී සෙනෙවිරත්නයි බිමල් ජයකොඩි ඉන්න එක. මම අන්තිමටම බලපු ටෙලි නාට්‍ය. ආයේ ඒවගේ හොද එකක් ආවේ නෑ :dull::dull:

    ado ow ban.. patta teledrama eka