කුමාරිහාමි අත්අඩංගුවට ... හිරු නිව්ස්
නීතිය සැමටත් සෑම කෙනාටත් .... වාරියපොළ කුමාරිහාමි අත්අඩංගුවට ...
වාරියපොළ නගරයේ ප‍්‍රධාන බස් නැවතුම්පොලේදී තරුණයෙකුට පහරදුන් තිළිණි අමල්කා කරුණාරත්න නැමැති තරුණිය පොලිසිය අද (27) අත්අඩංගුවට ගත්තා. ඒ, පරීක්ෂණයක් සඳහා වාරියපොළ පොලිසියට අදාළ තරුණිය අද පැමිණි අවස්ථාවේදීයි. කොළඹ ප‍්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන මෙම තරුණියගේ වයස අවුරුදු 21 ක්.
පසුගිය 16 වැනිදා අදාළ තරුණිය කළ මෙම පහරදීම දැක්වෙන වීඩියෝ පටයක් පසුව කිසියම් පුද්ගලයෙකු අන්තර්ජාලයට මුදාහැර තිබුණා. ඉන් අනතුරුවයි එය රටේ මහත් කතාබහට ලක්වන ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්වුණේ.
මෙම සිදුවීම සමාජජාල වෙබ් අඩවිවල පළවීමත් සමඟ ඊට රටේ විවිධ පුද්ගලයන් විවිධ සටහන් එක්කර තිබුණා. වාරියපොළ කුමාරිහාමි නමින් තරුණියට නමක්ද පටබැඳ තිිබූ අතර, බොහෝ සටහන්වල තිබුණේ ඇයට එරෙහි අදහස්.
සිද්ධිය තවදුරටත් රටේ කතාබහට ලක්වන විට පසුගිය 25 වැනිදා පහරකෑමට ලක්වු සෙල්වා නැමැති තරුණයා රෝහල් ගතවුණා. ඔහු පැවසුවේ තරුණිය පහරදීම නිසා තමාගේ කණකට ආබාධයක් මතුව ඇති බවයි.
පෙරේදා දිනයේ අදාළ තරුණිය කොළඹ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. එය විභාග කිරීමටයි අද (27) ඇයට වාරියපොළ පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණේ.
Source
http://www.hirunews.lk/sinhala/90482

Last edited:

කිසිම කෙනෙකුට එහෙම ගහන්න අයිතියක් නෑ..