කුමාරිහාමි අත්අඩංගුවට ... හිරු නිව්ස්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,500
    5,597
    113
    කුමාරිහාමි අත්අඩංගුවට ... හිරු නිව්ස්

    නීතිය සැමටත් සෑම කෙනාටත් .... වාරියපොළ කුමාරිහාමි අත්අඩංගුවට ... ;);)

    1409119322_6531647_hirunews_wariyapola-girl.jpg

    වාරියපොළ නගරයේ ප‍්‍රධාන බස් නැවතුම්පොලේදී තරුණයෙකුට පහරදුන් තිළිණි අමල්කා කරුණාරත්න නැමැති තරුණිය පොලිසිය අද (27) අත්අඩංගුවට ගත්තා. ඒ, පරීක්ෂණයක් සඳහා වාරියපොළ පොලිසියට අදාළ තරුණිය අද පැමිණි අවස්ථාවේදීයි. කොළඹ ප‍්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන මෙම තරුණියගේ වයස අවුරුදු 21 ක්.

    පසුගිය 16 වැනිදා අදාළ තරුණිය කළ මෙම පහරදීම දැක්වෙන වීඩියෝ පටයක් පසුව කිසියම් පුද්ගලයෙකු අන්තර්ජාලයට මුදාහැර තිබුණා. ඉන් අනතුරුවයි එය රටේ මහත් කතාබහට ලක්වන ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්වුණේ.

    මෙම සිදුවීම සමාජජාල වෙබ් අඩවිවල පළවීමත් සමඟ ඊට රටේ විවිධ පුද්ගලයන් විවිධ සටහන් එක්කර තිබුණා. වාරියපොළ කුමාරිහාමි නමින් තරුණියට නමක්ද පටබැඳ තිිබූ අතර, බොහෝ සටහන්වල තිබුණේ ඇයට එරෙහි අදහස්.

    සිද්ධිය තවදුරටත් රටේ කතාබහට ලක්වන විට පසුගිය 25 වැනිදා පහරකෑමට ලක්වු සෙල්වා නැමැති තරුණයා රෝහල් ගතවුණා. ඔහු පැවසුවේ තරුණිය පහරදීම නිසා තමාගේ කණකට ආබාධයක් මතුව ඇති බවයි.

    පෙරේදා දිනයේ අදාළ තරුණිය කොළඹ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. එය විභාග කිරීමටයි අද (27) ඇයට වාරියපොළ පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණේ.

    Source
    http://www.hirunews.lk/sinhala/90482
     
    Last edited:
    • Like
    Reactions: earl007

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ela , යුක්තිය එහෙනම් ඉටුවුනා.
    mmaxx,සහා ratadel ඩබල කිච වෙච්ච එක විතරයි වුනේ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හොදයි හොදයි.. සාධාරණයක් ඉෂ්ඨ වේවා..

    මේකි බස් stand එකේ ඉද්දි අරූ කිව්වලු.

    "ආ නංගි, ඔයාගේ හැම තැනම හිල් නේ..." කියලා. දැන් උඹේ නංගිට එහෙම කියනවට උඹ කැමතිද?

    (විනාඩි 45ක් තිස්සේ පහර දෙන එක මාත් අනුමත නොකරමි)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකි බස් stand එකේ ඉද්දි අරූ කිව්වලු.

    "ආ නංගි, ඔයාගේ හැම තැනම හිල් නේ..." කියලා. දැන් උඹේ නංගිට එහෙම කියනවට උඹ කැමතිද?

    (විනාඩි 45ක් තිස්සේ පහර දෙන එක මාත් අනුමත නොකරමි)
    :angry::angry::angry::angry:
    ඉතිං ඒකනේ වේසියෙ මං කිව්වෙ සාධාරණයක් ඉෂ්ඨ වේවා කියලා..:baffled:
    දෙන්නම වැරදියි..:yes:
    ඔය ගෑනි ඉල්ලගෙන කෑවෙ.. ඒකිට මොනා හරි කිව්වා නම් කෙලින්ම පොලීසි යන්න තිබුණා මෙහෙම පාරෙ යනකොට අරවා මේවා කියනවා කියලා.. ඒකි මොකටද ගහන්න ගියේ.. එකක් නම් කමක් නෑ.. කී පාරක් නම් ගැහුවද..:sorry: කිසිම කෙනෙකුට එහෙම ගහන්න අයිතියක් නෑ..:baffled:

    අනික බං අර කොල්ලගෙ වයිෆුයි, දරුවයිත් ගිහිල්ලනේ..:sorry:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල

    :yes::yes::yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,500
    5,597
    113
    මේකි බස් stand එකේ ඉද්දි අරූ කිව්වලු.

    "ආ නංගි, ඔයාගේ හැම තැනම හිල් නේ..." කියලා. දැන් උඹේ නංගිට එහෙම කියනවට උඹ කැමතිද?

    (විනාඩි 45ක් තිස්සේ පහර දෙන එක මාත් අනුමත නොකරමි)

    නෑ, අපි කව්රුවත් මෙතන කියාල නෑ අරූ කරල තියෙන්නෙ හොඳ වැඩක් කියල .. කෙල්ලට මානසික වශයෙන් පීඩනයක් සිද්ධ උනා තමයි, ඒක ඇත්ත, ඒත් ඔච්චර වෙලාවක් තිස්සෙ මානසිකව සහ ශාරීරිකව අර කොල්ලට කරල තියෙන්නෙ සුළුපටු දෙයක් නෙමෙයි ... ඒ දෙගොල්ලොම එක හා සමාන මිනිස්සු, ගෑනුද පිරිමිද කියල නීතිය දෙවිදිහක් තියෙන්න විදිහක් නෑ ... කොල්ල ගැහුවනම් ඔය විදිහට, කොල්ලව අයුධ පෙන්නන කියල අරන් ගිහින් මෙලහකට වෙඩි තියලද දන්නෙත් නෑ ...