සංවාදයට විවෘතයි

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    සංවාදයට විවෘතයි

    "එන්න ඇතුලට, බය වෙන්න දෙයක් නෑ."

    1. ආවේගශීලී නොවන්න.
    2. සංයමයෙන් අදහස් දක්වන්න.

    වර්ථමානයේ සමාජ ජාල වෙබ් අඩවි තුල සිංහල භාවිත කරන නිරාගමිකයන් සුලභ වශයෙන් දකින්නට ලැබෙනවා. ඔවුන්ගේ අදහස් සහ ආකල්ප වෙනස් කිරීමට මම මීට මාස ගනනාවකට පෙර ප්‍රභල උත්සාහයක් ගත්තත්, මගේ උත්සහය නිෂ්ඵල වුනේ, ඔවුන් මට වඩා තර්කන හැකියාවෙන් සහ බුද්ධි මට්ටමෙන් ඉහල නිසා කියලා මම හිතනවා. සියළු ආගම් අසත්‍ය යැයි පවසන පහත Facebook පිටුව මට හමුවූ එවන් එක් ස්ථානයක්.
    ආදිවාසියනි, අවදි වෙව්. Page for Veddah (Aadivasi) Rights in Sri Lanka

    නිරාගමිකයන් මැද පෙරදිග ආගම්(ඉස්ලාම්, යුදෙව්, ක්‍රිස්තියානි) වල මැවුම් වාදය, දෙවියන් වහන්සේ පැමිණෙන දිනය වැනි සංකල්ප හෑල්ලුවට ලක් කරන අතර, ඉන්දියානු ආගම් (බුදු දහම, හින්දු ආගම) වල පුනර්භවය, නිර්වානය වැනි සංකල්පයද හෑල්ලුවට ලක් කරනවා. බෞද්ධයෙක් හැටියට මට ගැටළුවක් වෙලා තියෙන්නෙ ඔවුන් බෞද්ධ දර්ශණය හා බුද්ධාගම කෙරෙහි එල්ල කරන දෝෂාරෝපණ යි. ඔබ සැමගේ දැන ගැනීම පිණිස ඔවුන් හා තර්ක කිරීමට යාමේදී මට ගැටලු 05ක් සැකෙවින් ඉදිරිපත් කරමි.
    ආගමික සංකල්ප තුල පමණක්ම එල්බ නොසිට මැදිහත් මනසකින් යුතුව මේ දෙස බලන්න.

    01. මහා භද්‍ර කල්පයක් තුල බුදු වරුන් 5 නමක් පහල වේ. එම කාලය තුල ජීවය නැති වී නැවත ඇති වන ලෝක විනාශ කීයක් සිදුවේද?
    මගේ තර්කය: මහා භද්‍ර කල්පයක් තුල අවම වශයෙන් ලෝක විනාශ පහක් සිදුවේ.

    02. "රාවණ ඉතිහාසයට අවුරුදු 7,500 කි. එකල ද බුදුවරු ලොව පහළ වී සිටියහ. රාවණ රජු සිටි අවධියේ ලොව පහළව සිටියේ කෝනාගම බුදුන් වහන්සේය. කාශ්‍යප, ගෞතම බුදුවරු පහළ වූයේ ඉන් පසුවය. රාවණ රජු බුදු දහම දර්ශණයක් ලෙස අනුගමනය කළ අතර ආගමක් හැටියට රාවණ රජු පිළිගත්තේ සූර්ය වන්දනාවයි." - රාවණ කතා නැමැති පුස්‌කොළ ග්‍රන්ථයේ එන අදහසක්
    ඉහත ප්‍රකාශයේ ඇත්ත නැත්ත කුමක්ද?

    මගේ තර්කය: ප්‍රකාශය අසත්‍යකි.

    03. පුනර්භවය විද්‍යාත්මකව තහවුරු කර තිබේද?
    මට ප්‍රමාණවත් කරුණු දැක්වීමට නොහැනි විය. මනෝ විද්‍යාඥයන් ගේ මත විද්‍යාත්මක නොවන බව නිරාගමිකයන්ගේ තර්කයයි.
    මගේ තර්කය: පුනරුප්පත්තිය කියවන පොඩි එවුන් මම ඇස් දෙකින් දැක ඇත්තෙමි.

    04. ගස්වැල් කතා කල බවත්, සතුන් කතා කල බවත් ඇතුලත් වන ජාතක කතා වල සත්‍යතාව කුමක්ද?
    මගේ තර්කය: ජාතක කතා යනු බුදු දහම හුදී ජනයාට සංවේදී කිරීමේ පරමාර්ථයෙන් ගොතන ලද කතා පමණි.

    05. බුදුන් යනු මනුශ්‍යයෙක්ද? ඔව් නම්, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහ හිස වටා රැස් මනුශ්‍යයෙකුට පිහිටන්නේ කෙසේද?
    මගේ තර්කය: දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳ අදහසක් නැත. මනස දියුණු කිරීම තුලින් හිස වටා රෂ්මි ප්‍රභා මණ්ඩලයක් ඇති විය හැකිය.

    සංවාදයට විවෘතයි, ඔබේ තර්කයන් ඉදිරිපත් කරන්න. bump අවශ්‍ය නැත, කරුණු දැක්වීම් පමණක් සෑහේ.
    අවශ්‍ය තැන් වලදී මගේ මතය මම විස්තර කර දක්වමි.
    සියළු දෙනාට බුදු සරණයි!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඔය පෙජ් එකේ ගන්න දෙයක් තියනවා. සමහර දේවල් මමත් පිළිගන්නේ නැහැ.

    නිරාගමිකයන් මැද පෙරදිග ආගම්(ඉස්ලාම්, යුදෙව්, ක්‍රිස්තියානි) වල මැවුම් වාදය, දෙවියන් වහන්සේ පැමිණෙන දිනය වැනි සංකල්ප හෑල්ලුවට ලක් කරන අතර, ඉන්දියානු ආගම් (බුදු දහම, හින්දු ආගම) වල පුනර්භවය, නිර්වානය වැනි සංකල්පයද හෑල්ලුවට ලක් කරනවා. බෞද්ධයෙක් හැටියට මට ගැටළුවක් වෙලා තියෙන්නෙ ඔවුන් බෞද්ධ දර්ශණය හා බුද්ධාගම කෙරෙහි එල්ල කරන දෝෂාරෝපණ යි. ඔබ සැමගේ දැන ගැනීම පිණිස ඔවුන් හා තර්ක කිරීමට යාමේදී මට ගැටලු 05ක් සැකෙවින් ඉදිරිපත් කරමි.
    ආගමික සංකල්ප තුල පමණක්ම එල්බ නොසිට මැදිහත් මනසකින් යුතුව මේ දෙස බලන්න.

    නිරගමිකයන් කියන්නෙත් ආගමක්. එහි ඇදහීම කියන්නේ විශ්වාසය. සියලු ආගම් වල බුද්දියෙන් සිතා බලා පිළිගන්න පුළුවන් දේවල් නිරාගමිකයෝ පිලිගන්නවා.
    අනිත් කාරණාව නිරගම්කයෝ කිසිම ආගමක් පහත වත් හැල්ලු වත් කරන්නේ නැහැ. නිරගමිකයෝ ඒවා ප්‍රතික්ෂේප කරනවා. දේවවාදය මැවුම් වාදය, නිර්වාණය, පුනුරුප්පත්තිය ප්‍රතික්ෂේප කරනවා.

    ඔය page එකේ සමහර අය ගොඩාක් රැඩිකල් වෙනවා සමහරවෙලාවට X කණ්ඩායමේ අයගේ අදහස් තියනවා. කැපී පෙනීමේ ආසාවට ඔය page එකේ ඉන්න අයත් ඉන්නව

    1 ඒ ගන අවබෝදයක් නැහැ. බද්‍රකල්ප කියන දේ ගන අදහසක් ගන්න අමාරුයි. බක්තියෙන් විශ්වාසයක් හදාගන්න එක ත්රුමක් නැහැ. අවබෝදයක් නැතුව

    2 රාවනා පුරාවුර්ත්යක් ( සත්‍ය හෝ අසත්‍ය වෙන්න පුලුව්න්) රවන කියලා රජෙක් හෝ නායකයෙක් හිටිය කියලා විශ්වාස කරන්න කරුණු තියනවා

    3 විශ්වාශ කරනවා. එත් පැහැදිලි කිරීමක් කරන්න තරම් කරුණු ගැලපීමක් කරන්න බැහැ.
    පුනුරුප්පත්තිය කියවන අය නම් දැකලා නැහැ

    4 ගැස් වල සතුන් කතා කර කියන එක විශ්වාස කරන්නේ නැහැ. ජාතක කතා වල ගොඩක් කරුණු

    5 මනුෂයෙක් බව පිලිගන්නවා. මනස දිවුණු කරලා බුද්දත්ය ලබාගෙන රශ්මිය පිට කරලා සංදර්ශන වගේ පෙන්නන හිතන එකක් නැහැ කෙලෙස් නසපු බුදුවරයෙක්. රශ්මි ප්‍රභාමන්ඩලය විශ්වාශ කරන්නේ නැහැ. බුද්දත්වය කියන දේ හිතන්න අපේ මනස දියුණු නැහැ කියලා හිතනවා
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    1. oww eth oyaa kiyana loka winashaya kiyanne lokaya winasha wima neme.jiwath wana sathun miya yamay.

    2. rawana aththatama hitiyaa da naddaa eka hariyatama danne naha.

    3. punuruppathiyath punarbhawayath dekaki.

    4. gal wal kathaa karana bawaa ada scientific widihata prove karalaa thiyanawaa. ekata katin ma neme.manasin wage wenna puluwan. hariyatama adahasak denna amarui.

    5. buduhamururu ara pare dhuwana threewheel wala thiyana thoran wage neme. eee rashmiya awashaya welawaytaa thama nikuth wenne. budhurajanan wahansei manushayek.eth ee manushath wayen ihalata giya kenek. ara jeewaka paribrajakayage debasa kiyawala balanna
    1. ජීවත් වන සතුන් මිය යාම පමණක් නොවේ, මගේ තර්කය ලෝක විනාශයත් සිදු වෙනවා.

    2. රාවනා සිටිය බවට සාක්ෂි ලංකාවෙන් වගේම ලොව විවිධ රටවලින් හමුවෙන බවයි නිරාගමිකයන්ගේ තර්කය වුනේ. මගේ තර්කය, රාවන කතා පුස්කොල පොත ගොතන ලද්දක් බවයි.

    3. පුනරුප්පත්තියත්, පුනර්භවයත් දෙකක් බව දැන නොසිටියෙමි. ස්තූතියි. කරුණු සොයා බලන්නම්. හැකි නම් විතර දක්වන්න.

    4. ගස් වැල් හා මනසින් කතා කල හැකි බව අසා නැත. කරුණු සොයා බලන්නම්. ස්තූතියි. නමුත්, සතුන් එකිනෙකා හා කතා කල බව මම නොපිලිගනිමි. (උදා: ඉබ්බා සහ හාවා)

    5. මාගේ තර්කයත් එයමයි.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඔයා හරි

    මම අවන්කවම ඔයාට අදහසක් ප්‍රකාශ කරන්නම් සහෝදරයා. මේක වැරදියට ගන්න එපා. ඔයා බෞද්ධයෙක් උනත් බුද්ධ දර්ශනය අලාගෙන තියෙන්නේ වැරදි තැනින්. බුදුරජානන් වහන්සේ දේශනා කරේ සර්පයෙක් උනත් ඔලුවෙන් අල්ලගන්නේ නැතුව කඳ මැද්දෙන් අල්ලගත්තොත් ඒ සර්පයා ආපහු හැරිලා තමාවම කනවා කියල. ඒ උපමාව දේශනා කරේ බුද්ධ දේශනාව හරි තැනින් අල්ලගන්න කියන එකටයි. වැරදි තැනින් අල්ලගත්තොත් වෙන හානිය තමාටමයි.

    කිසියම් හෝ පුද්ගලයෙක් බුද්ධ දේශනාවට අපහාස කරනවානම් ඒ එයා කරන්නේ පව් පුරවාගනීමක් විතරයි. මිත්‍යාදෘෂ්ටිය අපිට තියා බුදුරජානන් වහන්සේටවත් සම්පුර්ණයෙන් නැති කරන්න බැරි උනා. මුළු සත්ව සංහතියේම මිත්‍යා දෘෂ්ටිය නැතිකරන්න බුදුරජානන් වහන්සේ කෙනෙකුට පුළුවන් උනානම් බුදුරජානන් වහන්සේලා මේ තරම් ප්‍රමාණයක් පහලවෙච්ච මේ මහා පොළොවේ මේ වෙනකොට ජීවයක් පවතින්න විදිහක් නැහැ. එත් මේ අපි තවමත් සංසාරේ දුක් විඳින්නේ අපි කර්මානුරුපීව පව් කරලා තියන හින්දයි. අපිට වඩා දස දහස් ගුණයක් පව් කරපු උදවිය තමයි අන්‍යාගම් වල ඉපදිලා තියෙන්නේ. ඉතින් ඒ මිත්යදෘෂ්ටිකයින් එක්ක බුදු දහම හරි කියන බුදු දහම ඉගෙනගනිල්ලා කියල තර්ක කරන එක ඥානවන්ත කමක් විදිහට ඔයා හිතන්න එපා. කර්මානුරුපීව ඒ අසරණ මිනිස්සු වෙනත් ආගම් තියන රටවල්වල වෙනත් ආගම් අදහන අම්මලාගේ බඩේ උපදින්නේ ඒ කර්මය හින්දම තමයි. ඒ කර්ම පථ ගෙවල ඉවරවෙනකම් එයාලට මේ බුද්ධ දේශනාව ගැන අදහසක් ඔලුවට වැටෙන්නේ නැහැ.

    මිත්යාදෘෂ්ටිකයින්ට බුද්ධ දේශනාව හරි කියල ඔප්පු කරන්න උත්සහ කරන කාලය ඔයා ඒ උතුම් නිර්වාන මාර්ගය අවබෝධ කරගන්න යොදවන්න. අප්‍රමාන වූ සකල ලෝක සත්වයාට අනුකම්පාව දයාව තිබුණු ඒ උතුම් බුදුරජානන් වහන්සේ වත් කාටවත් මගේ දහම ඉගෙනගනිල්ල කියල බලෙන් ඔබ්බවන්න ගියා කියල අපි කොහෙවත් අහල නැහැනේ. බුදු කෙනෙකුට තිබුණු කරුණාව දයාව අනුකම්පාවෙන් 0000000.1 වත් අපේ හිත්වල තියෙන්න විදිහක් නැහැ. ඉතින් එහෙනම් ඇයි ඔයා මිත්යාදෘෂ්ටිකයින් එක්ක තර්කයට ගිහින් කාලය නාස්ති කරගන්නේ????

    හිතල බලන්න. කව්රුහරි කියනවනම් බුද්ධ දර්ශනය ඉගෙනගන්න කැමතියි කියල අන්න එයා වෙනුවෙන් මුළු කාලයම වැය කරත් එක ලොකු පිනක්.
    :yes::yes: මම බෞද්ධ දර්ශනය පිළිගන්නවා සහ අනුගමනය කරනවා. මේක අමතර සාකච්චාවක්. ඉදිරියේදී වැදගත් thread දාන්නම්.
     
    Last edited:
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    එකින් එකට උත්තර දෙනවට වඩා පොදුවේ එක උත්තරයක් දෙන්නම්. බුදුදහමේ මූලික පරමාර්ථය මම දකින විදිහට පලමුව යහපත් සමාජයකුත් දෙවනුව එමගින් නිවනට මග හෙලි කිරීමත්. මූලික පරමාර්ථයට යනකොට ඒ සදහා මිනිසුන් යොමු කිරීමට මම හිතන විදිහට බෞද්ධ සාහිත්‍ය බිහි වුනා. නමුත් අන්තිමට බෞද්ධ සාහිත්‍යයෙන්ම පිරිසිදු බෞද්ධ දර්ශණයට යම් බලපෑමක් එල්ල වුනා. සාමාන්‍ය පෘතග් ජන මිනිස්සු විදිහට ( මම කියන්නේ ෆේස්බුක් එකවුන්ට් එකක් තියෙන, ඉන්ටර්නෙට් පාවිච්චි කරන, අතේ ටිකක් සල්ලි ගැවසෙන, සමාජයේ පිලිගැනීමක් තියෙන රැකියාවක් කරන, ලෝකෙ තැන් තැන් වල ගිහින් අත්දැකීම් ගත්ත අපේ පන්තියේ ජනතාව විදිහට ) මම හිතනේ බෞද්ධ දර්ශණය පැත්ත ටිකක් බැලුවොත් හොදයි කියලා.

    ප.ලි.
    මම වයස 20 - 30 අතරේ බෞද්ධයෙක්. අන්තිමට පන්සල් ගිය දවසක් මතක නෑ. මට හරියට පන්සිල් පද පහේ පිලිවල මතක නෑ ( හැබැයි තේරුම් 5 දන්නවා ඒ අනුව පුලුවන් තරම් හැසිරෙනවා ), අනිත් අතට මට බුදු හාමුදුරුවො නාලාගිරි ඇතා දමනය කරපු විදිහ, යමා මහ පෙලහර පානකොට ඇත්තටම වතුර ගින්දර විසි වුනාද වගේ දේවල් වැඩකුත් නෑ. මම බස් එකට මිනිහෙක් නැගලා සල්ලි ඉල්ලුවොත් කීයක් හරි තියෙනවනම් දෙනවා. මම කලින් කියපු මූලික පරමාර්ථයට ( යහපත් සමාජයක් හදන අරමුණ ) පටහැනි නැතිව වැඩ කරන ආගම් (සාස්තෘවරයා වෙන කෙනෙක් වුනත් ) ගැන මගේ කිසිම තරහකුත් නෑ. හැබැයි ඒ හැම ආගමකටම අභියෝග කරගෙන තමන්ගේ එක ලොකුයි කියල ලොකු කරගන්න යන කුප්ප ආගම් වලට / මිනිස්සුන්ට නම් මගේ කලින් කියපු ප්‍රතිපත්තිය ටිකක් වෙනස්
    .
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    බණ්ඩාර නිළමෙ;17162132 said:

    :yes::yes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මහාවංශයට අනුව පන්සියපනස් ජාතක පොතේ කතුවරයා ද්විතීය පණ්ඩිත පරාක්‍රමබාහු රජු. නමුත් පන්සියපනස් ජාතකපොතේ එතුමාගේ නම සදහන් වෙන්නෙ නෑ.:dull:
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මහාවංශයට අනුව පන්සියපනස් ජාතක පොතේ කතුවරයා ද්විතීය පණ්ඩිත පරාක්‍රමබාහු රජු. නමුත් පන්සියපනස් ජාතකපොතේ එතුමාගේ නම සදහන් වෙන්නෙ නෑ.:dull:

    ස්තූතියි!
    මහාවංශයේ එහෙම තියන බවක් දැනගෙන හිටියෙ නෑ. :nerd:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,545
    6,532
    113
    තර්ක කිරීමෙන් එය ජයගත් පුද්ගලයාටවත් පැරදුන කෙනාටවත් ජයක් අත්වෙන්නේ නෑ. ඔයාට atheist කෙනෙක් එක්ක තර්ක කරලා බුදුදහම පිලිබදව විද්‍යාත්මකව ඔප්පු කරන්න බැ, මොකද බුදුදහම සහ බටහිර විද්‍යාව කියන්නේ දැනුම පද්දති දෙකක්, පරිගණකයේ පාවිච්චි කරන්නේ 0 සහ 1 විතරඊ එක්කෝ bulb එක පත්තුවෙලා නැත්තම් නිවිලා, එත් බුදුදහමේ තියෙන්නේ වෙනම දෙයක්, උදාහරනෙකට ගත්තොත් බුදුහාමුදුරුවෝ කියනවා පහනකින් තවත් පහනක් දල්වුවොත් දල්වපු පහනේ තියෙන්නේ පරණ දැල්ලකුත් නෙවෙඉ අලුත් දැල්ලකුත් නෙවෙඉ කියල, මම සරලව කිව්වේ තේරෙනවනේ දෙක වෙනස්, ශ්‍රී ලංකාවේ ඔයාට ඔය කැමතිදෙයක් විස්වාස කරන්න නිදහසතියෙනවා, එත් ඔයාට අනිත් අයගේ මතය වෙනස්කරන්න බොහොම අමරුයි, ඔයාට වැද්දගේ මතේ වෙනස්කරන්න බැරිඋනා වගේම වැද්දටත් බැරිඋනා ඔයාගේ ඔලුවට එයාගේ අදහස ඇතුල්කරන්න, ඉතින් පේනවනේ කව්රුවත් දිනලා නෑ
    හොදම දේ තමන්ගේ විස්වාස අගනාකම් තම්න්ලගම තියාගෙන පිටස්තරයන්ට කරදරයක් නැතුව ඉන්න එක.....
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,545
    6,532
    113
    01. මහා භද්‍ර කල්පයක් තුල බුදු වරුන් 5 නමක් පහල වේ. එම කාලය තුල ජීවය නැති වී නැවත ඇති වන ලෝක විනාශ කීයක් සිදුවේද?
    මගේ තර්කය: මහා භද්‍ර කල්පයක් තුල අවම වශයෙන් ලෝක විනාශ පහක් සිදුවේ.
    ඔයගොල්ලෝ මේ කතාකරන්නේ ග්‍රන්ථාරූඩ කරුණු,කිසියම් දර්මයක් අදහන පුද්ගලයෝ හැමවෙලාවෙම උපුටදක්වන්නේ පොතේ මෙහෙම තියෙනවා මේක පරම සත්‍ය කියල එහෙතුව නිසා ඔගොල්ලොන්ව හිරකරන්න ලේසි, ඔය කියනවා මහා භද්‍ර කල්පයක් තුල අවම වශයෙන් ලෝක විනාශ පහක් සිදුවේ. කියල මම අහනවා දන්නේ කොහොමද කියල, ඔය කියයි ඒ බුද්දබෂිතය කියල,
    මම දන්නේ නේ ඔය පරිණාමවාදය පිළිගන්නවද කියල,ඔයා හිතනවද ලෝකවිනසයකින් පස්සේ පරිණාමය මගින් ආයේ අපි වගේම මිනිසෙක් බිහිවෙඉ කියල මොකද ත්‍රිපිටකයේ තියෙනවා බුදුවෙන්න පුළුවන් මිනිසෙකුට විතරයි කියල, එහෙම නැතුව ලෝකවිනසයකින් පස්සේ අපිටවඩ වෙනස්ම ජිවිකොට්ටශයක් බිහිවෙන්න ඉඩකඩ වැඩි නේද? උදාහරනෙකට avatar film එකේ වගේ වෙනස්ම ජෛවපද්දත්යක්, මම හිතනවා ප්‍රශ්නේ පැහැදිලිකියල ????

    • Like
    Reactions: ජොසී

    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    550 ජාතකය බයිබලය කුරානය ඔක්කොම ප්‍රබන්ද කතා පොත් පමණි ...
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    තර්ක කිරීමෙන් එය ජයගත් පුද්ගලයාටවත් පැරදුන කෙනාටවත් ජයක් අත්වෙන්නේ නෑ. ඔයාට atheist කෙනෙක් එක්ක තර්ක කරලා බුදුදහම පිලිබදව විද්‍යාත්මකව ඔප්පු කරන්න බැ, මොකද බුදුදහම සහ බටහිර විද්‍යාව කියන්නේ දැනුම පද්දති දෙකක්, පරිගණකයේ පාවිච්චි කරන්නේ 0 සහ 1 විතරඊ එක්කෝ bulb එක පත්තුවෙලා නැත්තම් නිවිලා, එත් බුදුදහමේ තියෙන්නේ වෙනම දෙයක්, උදාහරනෙකට ගත්තොත් බුදුහාමුදුරුවෝ කියනවා පහනකින් තවත් පහනක් දල්වුවොත් දල්වපු පහනේ තියෙන්නේ පරණ දැල්ලකුත් නෙවෙඉ අලුත් දැල්ලකුත් නෙවෙඉ කියල, මම සරලව කිව්වේ තේරෙනවනේ දෙක වෙනස්, ශ්‍රී ලංකාවේ ඔයාට ඔය කැමතිදෙයක් විස්වාස කරන්න නිදහසතියෙනවා, එත් ඔයාට අනිත් අයගේ මතය වෙනස්කරන්න බොහොම අමරුයි, ඔයාට වැද්දගේ මතේ වෙනස්කරන්න බැරිඋනා වගේම වැද්දටත් බැරිඋනා ඔයාගේ ඔලුවට එයාගේ අදහස ඇතුල්කරන්න, ඉතින් පේනවනේ කව්රුවත් දිනලා නෑ
    හොදම දේ තමන්ගේ විස්වාස අගනාකම් තම්න්ලගම තියාගෙන පිටස්තරයන්ට කරදරයක් නැතුව ඉන්න එක.....

    :yes:
    You must spread some Reputation around before giving it to BadBlueGenius again.
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    01. මහා භද්‍ර කල්පයක් තුල බුදු වරුන් 5 නමක් පහල වේ. එම කාලය තුල ජීවය නැති වී නැවත ඇති වන ලෝක විනාශ කීයක් සිදුවේද?
    මගේ තර්කය: මහා භද්‍ර කල්පයක් තුල අවම වශයෙන් ලෝක විනාශ පහක් සිදුවේ.
    ඔයගොල්ලෝ මේ කතාකරන්නේ ග්‍රන්ථාරූඩ කරුණු,කිසියම් දර්මයක් අදහන පුද්ගලයෝ හැමවෙලාවෙම උපුටදක්වන්නේ පොතේ මෙහෙම තියෙනවා මේක පරම සත්‍ය කියල එහෙතුව නිසා ඔගොල්ලොන්ව හිරකරන්න ලේසි, ඔය කියනවා මහා භද්‍ර කල්පයක් තුල අවම වශයෙන් ලෝක විනාශ පහක් සිදුවේ. කියල මම අහනවා දන්නේ කොහොමද කියල, ඔය කියයි ඒ බුද්දබෂිතය කියල,
    මම දන්නේ නේ ඔය පරිණාමවාදය පිළිගන්නවද කියල,ඔයා හිතනවද ලෝකවිනසයකින් පස්සේ පරිණාමය මගින් ආයේ අපි වගේම මිනිසෙක් බිහිවෙඉ කියල මොකද ත්‍රිපිටකයේ තියෙනවා බුදුවෙන්න පුළුවන් මිනිසෙකුට විතරයි කියල, එහෙම නැතුව ලෝකවිනසයකින් පස්සේ අපිටවඩ වෙනස්ම ජිවිකොට්ටශයක් බිහිවෙන්න ඉඩකඩ වැඩි නේද? උදාහරනෙකට avatar film එකේ වගේ වෙනස්ම ජෛවපද්දත්යක්, මම හිතනවා ප්‍රශ්නේ පැහැදිලිකියල ????

    Good point. Rep+ මට ඒක මීටර් වුනේ නෑ නෙ!
    සටහන: මගේ මතය කියලා තියන කිසිම එකක් බුද්ධ භාෂිතය හෝ ග්‍රන්ථාරූඩ කරුණු නොවේ.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මම පරිනාමවාදය පිලිගන්නවා. පව්, පිං, කර්මය, සංසාරය කියන සංකල්ප පිලිගන්නවා. පුනර්භවය හා පුනරුප්පතිය දෙකක් කියලා කෙනෙක් කීවා මේ thread එකේ. මම ඒ ගැනත් විස්තර හොයලා කියන්නම් පිළිගන්නවද නැද්ද කියලා. මැරුනාම, ආත්මයක ගිහින් නැවත භවයක උපදින බව පිළිගන්නවා. විරුද්ධ මත තිබේද?
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,545
    6,532
    113
    ජොසී;17162666 said:
    මම පරිනාමවාදය පිලිගන්නවා. පව්, පිං, කර්මය, සංසාරය කියන සංකල්ප පිලිගන්නවා. පුනර්භවය හා පුනරුප්පතිය දෙකක් කියලා කෙනෙක් කීවා මේ thread එකේ. මම ඒ ගැනත් විස්තර හොයලා කියන්නම් පිළිගන්නවද නැද්ද කියලා. මැරුනාම, ආත්මයක ගිහින් නැවත භවයක උපදින බව පිළිගන්නවා. විරුද්ධ මත තිබේද?

    ඔය සදහන් කරලා තිබුන පුනුරුප්පත්තිය කියන ළමයෙක් ඇස්දෙකට දැක්ක කියල. එක බුදුදහමට පටහැනි. කෙනෙක් මරුනහම ඊලග බවයට යන්නේ මතක පරම්පරාවක් විතරයි එකෙනට ගිය ආත්මේ කියන්න බේ බුදුදහමේ අත්මවාදය බැහැර කරනවා, පුනර්බවය බුදුදහමට හින්දු ආගමෙන් අදෙෂවෙච්ච දේවල්,බුදුදහමට අනුව මරුනහම තවත් බවයක ඉපදෙනවා,මමනම් හිතන්නේ මරුනහම පොලවට පස්වෙනවා අපිව ජිවයකරගන ගස්වැල් පැලවෙනවා,ගස් ශාකබක්ෂකයෝ කනවා ශාකබක්ෂකයෝන්ව අනිත් සත්තුකනවා, ඔකතමයි Circle එක