KPZ ගැන කතාවක්

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,930
    9,391
    113
    එක තැනක නෑ
    උදේ සිංහල පාඩමකට ගියා fb එකේ. කොහොමද ව්‍යකරනානුකුලව වාක්‍ය ලියන්නෙ කියල :baffled::baffled:

    අනේ පුටේ කතාව ලියන විදිහ නම් වෙනස් කරන්න එපා :no: ඔය ලියන විදිහ හොඳටම හොඳයි :yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේමේ උක්ත ආක්‍යාත අපිට වැඩක් නෑ බන්.. :angry: අර සුපුරුදු ඉන්ගිරීසි අකුරු ටිකයි හිතේ තියෙන හැගීම් ටිකයි දාල පුරුදු විදියට කතාව ලියපන් බන්. :rofl: අපි කොහොම හරි හිතට වැදෙන විදියට කියෝගන්නම්. :baffled:
    මේක ලියන්නෙ සතියෙ දවස් පහ විතරයි ලු. ඌට කියලා සෙනසුරාදා ඉිදත් ලියෝ ගන් නඒනෙ නං O T ගෙවන්න ලු :oo::dull::baffled:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    9 කොටස

    අප පෙම්වතුන් වුවාට පසු අපගේ පළමු හමුවීම සුන්දර අත්දැකීමක් විය. ඇය මා ළඟ සිටගෙන සිටි හැටි, මගේ අතින් ඇල්ලූ හැටි, ඈ මගේ පපුවට අත තැබූ හැටි සහ ඇගේ පෙන්ඩනය ගලවා දෙද්දී ඇය පැවසු දේ මට නිතර නිතර සිහි විය. ඒ සිද්ධියෙන් පසුව ඈ තවත් මට ලංවිය. ඈ කෙරෙහි වූ ආදරය තවත් වැඩි විය. ඉන් පසුව සෑම සෙනසුරාදාම අප හමුවන දවස විය.
    අප බොහෝ විට කඩවත පොලිසිය ඉදිරි පිට ඇති පිංතාලිය පාරේ ඇතුලට ඇවිද්දෙමු. එක එක දෑ කතා කරමින් අපි ඇවිද්දෙමු. ඒ ඇවිදින අතර මගදී ඈ හිමිහිට මගේ අත අල්ලා ගනී. සමහර විටක ඈ අත්දෙකින්ම මගේ අත අල්ලාගෙන ඇවිදියි. මා එයට දැඩි සේ ආශා කළේය. ඇයගේ අත් ඉතා සියුමැලිය. ඇය මගේ අත අල්ලන විට මට දැනෙන්නේ කුරුළු පිහාටුවක් මගේ අතේ ගෑවෙන්නාක් මෙනි. යම් විටක ඈ මගේ මුහුණ දිහා බලාගෙන ඇවිද්දාය. ඒ අතරතුර "ඔයාගේ ඇහි පිහාටු දිගයි" කියා පැවසුවාය, යම් විටක ඈ මගේ අත සෙමින් පිරිමැද්දාය. අපි ඒ පාර කෙලවරේ ඇති රබර් වත්ත ගාවට ඇවිද යන්නෙමු. එතන නිස්කලංකය. එතැනදී යම් විටක ඈ මට තුරුළු වුවාය. එවිට මට ඇයගේ හර්දස්පන්දනය පවා දැනෙන්නේය. ඇයගේ උස ඇත්තේ මාගේ නාසය ළඟය. ඈ මට තුරුළු වී සිටින විට මා ඇයගේ නළල සිපගත්තෙමි. එවිට ඈ මාව ඈ දෙසට තද කරගන්නනී. මා ඒ සියලු දේට ආශා කලමි. මේ සියලු දෑ මා විඳින්නේ මගේ ජිවිතයේ පළවෙනි වතාවටය. එසේ සිටින විට මට බාහිර ලෝකය අමතක වෙයි. යමේ සියලු දේ නිසා මා හැම සතියෙම සෙනසුරාදා වන තෙක් බලා සිටියෙමි. ඒ KM සමග ඇවිදීමට යාම සඳහාය.
    අප අතර ඇති ආදරය එන්න එන්නම වැඩි වුවා මිස අඩු වූයේ නැත. ගෙදර තනියම හැදුනු වැදුණු මට ඇයගේ ආදරය මහා මෙරක් විය. මාගේ හොඳම යාළුවා වුයේද ඇයයි, දෙවැනි මව වුයේද ඇයයි, පළමු වරට මා ආදරය කළ මාගේ පෙම්වතියද ඇයයි. එනිසා මට ඈ නැතුව බැරි තත්ත්වයක් උදාවිය.

    කෙසේ හෝ මගේ තත්ත්වය වෙනස් වන්නට පටන්ගෙන ඇත. මගේ මනස ව්‍යාකුල වෙන්නට පටන්ගෙනය. පෙර මෙන් පාඩම් කරන දේ මගේ මතකයේ රැඳෙන්නේ නැත. A/L පටන් ගත් මුල් කාලයේ ඇගයීම වලට මට හොඳින් ලකුණු තිබු නමුත් එන්න එන්නම මගේ මතක ශක්තිය අඩු වී යයි. පෙර මෙන් රෑ වන තුරු පාඩම් කරන්නටද නොහැක. පොත් කියවන විට දෑස් වලින් කඳුළු එන්නට ගනී. මෙනිසා මට අනාගතය ගැන බයක් දැනෙන්නට විය. A/L ගොඩ දාගන්න බැරි වුවහොත් කල යුතු දෑ ගැන මට සිතාගත නොහැක. ඒ පිළිබඳව මා මවට කිවත් ඇය කිවේ කම්මැලි නැතුව පාඩම් කරන්න කියාය. ඈ සිතුවේ මා කම්මැළි නිසා එසේ පවසනවා කියාය.
    මේ පිළිබඳව මම KMටද පැවසුවූවෙමි. එවිට ඈ පැවසුවේ "ඔයා බය වෙන්න එපා කවී, ඔයාට පුළුවන්. කවුරු නැතත් ඒක මන් දන්නවා. ඒ නිසා බය නැතුව දිගටම පාඩම් කරන්න, මහන්සිනම් පොඩි විවේකයක් අරන් ආයි පාඩම් කරන්න" කියාය. එවිට ඈ තුරුළු කරගන්නට ඇත්නම් කියා මට සිතුනේය. ඈ පුළුවන් සෑම අයුරකින්ම මාගේ හිත හැදුවාය. ඇය නොසිටින්නට මා කුමක් කරාවිදැයි මම නොදනිමි.

    නමුත් තත්ත්වය එන්න එන්නම නරක අතට හැරුනේය. මගේ බෙල්ල පිටුපස කුඩා බිබිලි එන්නට පටන් ගත්තේය, කොණ්ඩය තැනින් තැන ඉදෙන්නට ගත්තේය. මතක ශක්තිය ටික ටික අඩුවන්නට ගත්තේය. එම නිසා මා නිතරම KM ගේ පිහිට පැතුවෙමි. මට සිදුවන දේ පිළිබඳව මවට වත්, KMටවත් අඩුම තරමේ මටවත් දැනීමක් නැත. මා එන්න එන්නම කළු පැහැ ගැන්විය. දකින දකින මගේ යාලුවෝ ඇසුවේ උඹට මොකෝ බන් වෙලා තියෙන්නේ කියාය. ඒ අතර මා වාර විභාග වලින් අන්තිමයා අසලට පැමිණියේය. එයට පිළියම ලෙස මව කළේ උපකාරක පන්තිවලට ගුරුවරුන් නිවසට කැඳවීමයි. මට සිදුවන දෑ ගැන සිතමින් මා තනිවම හැඩුවෙමි. මට වුවමනා උපකාරක පන්ති නොවේ. මට සිදු වී ඇත්තේ වෙන දෙයකි. නමුත් එය මම නොදනිමි. මා කොපමණ පාඩම් කලත් ඒ කිසිම දෙයක් මගේ මතකයේ රැඳෙන්නේ නැත. මෙය මට මහත් දුකකි, කරදරයකි. එම දුක තුනී කල හැකි එකම තැනැත්තිය KMය. එනිසා මා පුළුවන් සෑම විටම ඇයට sms වලින් කථා කලෙමි. ඒ ඈ මගේ වැටුණු සිත නැවත හදන නිසාය.

    දිනක් මා KMට sms කරමින් සිටින විට මව පැමිණියාය. "තොට ඕක නිසා තමා පාඩම් කරගන්නට බැරි. උදේ ඉදන් රෑ වෙනකන් ඕක බදාගෙන හිටියම පාඩම් කරන්න පුලුවන්ද?" කියා අසමින් phone එක උදුරා ගත්තාය. ඉන් පසු මා බාගෙට ලියා තිබු sms එක කියෙව්වය. "මේක තමයි එහෙනම් හේතුව, ඔක්කොටම කලින් මේවා ඔලුවේ දාගත්තම පාඩම් කරන්න පුලුවන්ද?" කියා අසමින් ඈ phone එක අල්මාරියේ දැමුවාය. නමුත් මා එය ඉල්ලමින් ඇවිටිලි කලෙමි. ඒ KM ලඟට යාමට මට ඇති එකම මාර්ගය ඒ නිසාය. මම KM ගේ ආදරයට ඇබ්බැහි වී අවසානය. ඇයට කථා නොකර ඉන්නේ කෙසේදැයි කියා මට සිතා ගත නොහැක. මා දිගින් දිගටම ඇවිටිලි කලේ phone එක නැවත දෙන ලෙස කියමින් ය. එයින් කෝපයට පත් මව phone එක අල්මාරියෙන් ගෙන පොළවේ ගැසුවාය. ඇය නැවත නැවත එය පොළවේ ගැසුවාය. මාගේ හදවත නැව්තුනාක් මෙන් දැනින. කැඩී බිඳී යන phone එක දෙස මම බලා සිටියෙමි. ටිකෙන් ටික මට ඒ දර්ශණය බොඳවී ගියේය. ටිකකින් කඳුළු බින්දුවක් මගේ නාසය දිගේ ඇවිත් බිම වටින. මාගේ ලෝකය නැවතී ඇත. දැන් KM හට කථා කරන්නේ කෙසේදැයි මා දන්නේ නැත. කළ යුත්තේ කුමක්දැයි කියා මා දන්නේ නැත. මව සිතුවේ ආදරය නිසා මට පාඩම් කරන්නට බැරි බවය. නමුත් මන් ආදරය කරන්නට පටන් ගත්තේ අද ඊයේ නොව, O/L වලටත් පෙර සිටය.

    මගේ ඔලුව විකාර වී තිබිණ. මා මත් කුඩු වලට ඇබ්බැහි වූ රෝගියෙකු මෙනි. KM නොමැතිව කළ යුත්තේ කුමක්දැයි මා දන්නේ නැත. මට දැනෙන්නේ මහා හිස් බවකි.
    එදා මම පාඩම් කිරීමට කොපමණ උත්සහ කලත් පාඩමට හිත ගන්නට බැරිවිය. හවස 5ට විතර මම වහලයට නැග්ගෙමි. දැන් කළ යුත්තේ කුමක්දැයි කල්පනා කරමින් මා වහලයට වී සිටියෙමි. ඒ අතර තුර මට දිගටම මතක්වුයේ KM වය. ඔලුව තුල තිබුනේ මහත් පිඩනයකි. එනිසාම හුස්ම පිටවුයේ රත්වුණු වායුවක් ලෙසටය. මා දෑස වසාගෙන කල යුතු දෑ ගැන සිතමින් වහලයට වී සිටියෙමි. රෑ 1 වන තුරුම මා සිටියේ වහලයට වීය. අවසානයේ මා තීරණයක් ගත්තෙමි. එනම් නව ජංගම දුරකතනයක් ගන්නටය. මට KM සමග කතා කිරීමට ඇති එකම මාර්ගය එයයි. සෙනසුරාදා KM මුණගැසෙන බව සැබෑය. නමුත් ඉතුරු දවස් 6 මට KM සමඟ කතා නොකර සිටිය නොහැක. ඇය සමඟ කතා නොකර ඉන්නවාට වඩා හුස්ම නොගෙන සිටීම ලේසි යැයි මට සිතින. phone එකක් ගන්නට මට සල්ලි නැත. ගත යුත්තේ කෙසේද කියා මා දන්නේද නැත. නමුත් මා phone එකක් ගත යුතුය. අවසාන තීරණය එයයි. එදා දවසම කුසට අහරක් නැත. කුසගිනි දැනෙන්නේද නැත. KM ළඟ නොමැතිව මට කෑමෙන් පලක් නැත. මම වහලෙන් බැස නින්දට ගියෙමි.


    මතු සම්බන්දයි...

    part 10
     
    Last edited:
    • Like
    Reactions: mysterious boy

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,930
    9,391
    113
    එක තැනක නෑ
    පට්ට මචන්. නියමයි. එත් පොඩි කෙස් එකක්. උඹ දැන් යාය, වෝය, මි, මු නිසාද මන්දා මට අමුත්තක් දැනෙනවා බන් කියවනකොට. පෞද්ගලික මතයක් විතරයි එක මගේ. මේ කොටසත් නියමයි. ඊළඟ එකත් ඉක්මනට දාන්න. මට මේක කියවල ඉවරකරනකන් ඉවසිල්ලක් නැහැ බන්. TV series එකක් හම්බුනත් දවසක් දෙකක් දාගෙන කොහොමහරි ඔක්කොම එකදිගට බලලා ඉවර කරනවා. උඹ දානවා නම් එක දිගට ඔක්කොම කියවනවා. හි හි. හිමිට දාපන් මචන්. කලින් රේප් දුන්න අයෙත් දෙන්න බැලු :):)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං හිතන්නෙ උඹට අසණීපයක් හැදිලා. නැත්තං අසල්වැසියෝ උඹට නූලක් පන්නලා. නැත්තං උඹ ගැන හිතන වෙන කෙල්ලෙත් උඹට වශියක් කරලා :dull:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    උබ ලියන විදිහ පොඩ්ඩක් වෙනස් කරලා බන්, අන්තිම එක එච්චර හිතට වැදුනේ නැහැ., 1 -8 වෙනකන් පට්ට. එත් ලියපු අන්තිම එක කියවනකොට මේක බොරු කතාවක් වගේ හිතුන.. අනේ මන්ද... මොකක් උනත් බලමුකෝ ඉස්සහරහට
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබ ලියන විදිහ පොඩ්ඩක් වෙනස් කරලා බන්, අන්තිම එක එච්චර හිතට වැදුනේ නැහැ., 1 -8 වෙනකන් පට්ට. එත් ලියපු අන්තිම එක කියවනකොට මේක බොරු කතාවක් වගේ හිතුන.. අනේ මන්ද... මොකක් උනත් බලමුකෝ ඉස්සහරහට

    :sorry::sorry:
    mekda case eka??
    පට්ට මචන්. නියමයි. එත් පොඩි කෙස් එකක්. උඹ දැන් යාය, වෝය, මි, මු නිසාද මන්දා මට අමුත්තක් දැනෙනවා බන් කියවනකොට. පෞද්ගලික මතයක් විතරයි එක මගේ. මේ කොටසත් නියමයි. ඊළඟ එකත් ඉක්මනට දාන්න. මට මේක කියවල ඉවරකරනකන් ඉවසිල්ලක් නැහැ බන්. TV series එකක් හම්බුනත් දවසක් දෙකක් දාගෙන කොහොමහරි ඔක්කොම එකදිගට බලලා ඉවර කරනවා. උඹ දානවා නම් එක දිගට ඔක්කොම කියවනවා. හි හි. හිමිට දාපන් මචන්. කලින් රේප් දුන්න අයෙත් දෙන්න බැලු :):)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    10 කොටස

    මගේ මව phone එක නැති කිරීමෙන් පසු තව phone එකක් ගැනීමට මම තීරණය කලෙමි. ඒ අනුව මා ටික ටික සල්ලි එකතු කරන්නට සිතා ගත්තාය. නමුත් මා කිසි විට මුදල් සොරකම් කලේ නැත. අම්මා මට දවල් කෑම සඳහා රුපියල් 70 දෙයි. මම දවල්ට නොකා ඒ 70 ළඟ තබා ගත්තාය. සමහර අවස්ථාවල බසයේ නොයා පයින් ගියාය. අපගේ පාසලේ යාලුවෙක් 1100 phone එකක් 1300ට විකුණන්නට යන බව දැන මා එය ගන්නට තැත් කලෙමි. 70 ගානේ එකතු කලත් මාසයක් පමණ යන්නේය. එනිසා සමහර දිනයන් හි පාසල් යන්නට ගෙදරින් පිටත්ව පාසල් නොයා කඩවත ගල්වල ළඟ ඇති පන්සලට ගොස් දවසම සිටියාය. එසේ මුදල් මුදල් ඉතිරි කලමි. මා කරන දේ හරිද වැරදිද කියා මා බැලුවේ නැත. මට අවශ්‍යව තිබුනේ KM ට කථා කිරීමට phone එකක් පමණි. ඒ අතර සෙනසුරාදා KM හමු වූ අවස්ථාවේ මම ඇයට විස්තරය පැහැදිලි කලෙමි. එවිට ඇය ඇසුවේ දැන් කරන්නේ කුමක්ද කියාය. මම කරන්නට හිතගත් දෙය යට කීවෙමි. නමුත් ඈ කිවේ පාසල් නොයා නොසිටින ලෙසය. නමුත් මට ඇයට කතා නොකර සිටිය නොහැක. ඇය සමග කතා කිරීමෙන් ලබන මානසික තෘප්තිය මට වෙන කිසිම දෙයකින් ලබන්නට බැරිය. එමනිසා මට අනිවාර්යයෙන්ම phone එකක් ගත යුතුව ඇත.

    කෙසේ හෝ සති දෙකක් ඇතුලත මං 1100 phone එක ගත්තෙමි. ඒ සමඟම මම hutch sim එකක් ගත්තෙමි. නමුත් මා ෆොනේ එක පාවිච්චි කල යුතුව ඇත්තේ මවට හසු නොවන්නටය. phone එක ගැනීමෙන් පසුව KM සමඟ යලි කතා කිරීමට හැකි නිසා මට යලිත් පෙර පරිදි පාඩම් කල හැකි විය. ඒ මට ඕනෑම මොහොතක KM සමඟ කතා කල හැකියි සිතුවිල්ල තිබෙන නිසාය.
    මම වෙලාව වෙන කරගෙන පාඩම් කලමි. නිදාගන්නට යන විට සහ උදේ නැගිට පයක් පමණ යන තුරු මම KM සමඟ කතා කිරීමට කාලය වෙන් කරගත්තාය. ඔය අතර තුර KM සහ මම කැළණි පන්සල් ගියාය. අපිට සෑම දිනම කඩවත නගරයේ ඇවිදිය නොහැක. නමුත් අපිට නිදහසේ සිටීමට නිදහසේ කතා කිරීමට අවශ්‍යය. අප ඇදුම් කඩවල් වල ඇවිද්දාය, MC ගොස් එහි ඇවිද්දාය. අප සමහර දෑ වලට රණ්ඩු වුවත් එය වැඩි කල් පැවතුනේ නැත. අප දෙදෙනා මේ වන විට වෙන් කළ නොහැකි ආදරයන් බැඳී සිටියාය.

    කොසේ හෝ මාසයක් පමණ යන විට මගේ දුරකථනය මවට හසු විය. :( KM මත සමඟ යාලු වුනු පසු මා සිතුවේ සියලු කරදර ඉවරයි කියාය. නමුත් කරදර පටන් ගත්තේ ඉන් පසුවය. මෙවර මට phone ගන්නට මුදල් නැත. මට පාසල් ද නොයා සිටිය නොහැක. A/L නිසා මට පාසල් යාම අත්‍යවශ්‍ය විය. මා කලේ නව sim card එකක් ගෙන පාසලේදී මගේ යහළුවෙකුගේ phone එකක් ඉල්ලගෙන KMට msg කිරීමයි. KM වැඩි පුර පාසල් ගියේ නැත. ඇය පාඩම් කලේ ගෙදර සිටය. පාසල් කාලය තුල මා කලේ යාළුවගේ phone එකෙන් KMට message කිරීමයි. KM කිහිප වරක් ඇසුවේ උගන්නන්නේ නැද්ද කියාය. මා වැඩිය ඉගැන්වෙන්නේ නැතැයි කියා ඇයට බොරුවක් කීවෙමි. මට සිදුවන සියල්ල මගේ අතිජාත මිත්‍රය දැනගෙන සිටියේය. ඔහු නව දුරකතනයක් ගන්නට යන බැවින් ඔහුගේ පරණ දුරකථනය මට පරිත්‍යාග කලාය. ඒ දුරකථනය මට විශේෂ දුරකතනයක් විය. එනම් මා ප්‍රථම වරට KM ගේ කටහඬ ඇසුවේ ඒ දුරකතනයෙන්ය. එම දුරකථනය ලැබීමත් සමඟ මා නැවත රාත්‍රියේදී KM සමඟ කතාවට කාලය වෙන් කර පාසලේදී ඉගනිමෙහි කටයුතු කලෙමි.
    දැන් දුරකථනය මවට හසු නොවන සේ තබා ගැනීමට මම මහත් වෙහෙසක් දැරුවෙමි. නමුත් මගේ මව දැන් නිතරම මාව සක කරයි. ඈ නිතර නිතර මගේ කාමරයට පැමිණ විපරම් කරයි. එවිට මට සිතුනේ O/L කාලය කෙතරම් සුන්දරද කියාය. ඒ කාලයේ කරදර පැමිණියේ මාගේ යහළුවන්ගේන්ය. එසේම KM මට කැමැත්ත දී තිබුනේද නැත. නමුත් දැන් තත්ත්වය වෙනස්ය. KM සිටින්නේ මා සමඟයි. නමුත් දැන් ප්‍රශ්න එන්නේ ගෙදරින්ය. මට මවගේ සිත රිදවිමටද නොහැක. පියා ළඟ නොමැතිව ඈ තනිව මා හදා ගත්තාය. පියා ළඟ නොසිටියද මම දුම් වැටි, මත්පැන් වලට පුරුදු වී සිටියේ නැත. ඒ ගැන මට ආඩම්බරය. නමුත් මගේ ආදරයට අම්මා අකමැති හේතුව මා දන්නේ නැත. ඇය පවසන්නේ දැන්ම ඕවා එපා කියාය. නමුත් KM නොමැතිව සිටිය නොහැක. මට ඈ අමතක කිරීමට නොහැක. ඇය මගේ ජිවිතයේ කොටසක් වී අවසන්ය.
    කෙසේ හෝ ජයග්‍රාහී ලෙස ලඟ තිබු දුරකථනය නැවතත් මවට හසුවිය. ඒ අපගේ නන්දාගේ සාදර අනුග්‍රහයෙනි. මට මේ කිසි දෙයක් සිතාගත නොහැක. මගේ ආදරයට මෙතරම් බාධක එන්නේ ඇයි දැයි මට සිතාගත නොහැක. නැවතත් මා අසරණය. නැවත මට KM හට කතා කරගන්නට විදිහක් නැත. එසේ වූ විට මා ඉන්නේ ඉතා අසහනයෙන්ය. දැන් නැවතත් මම පාසලේදී KM ට msg කරන්නට ගත්තාය. නමුත් මට phone එකක් වුවමනාය. මා දන්නා සියලු දෙනාගෙන් විමසුවත් මට phone එකක් සොයා ගත නොහැකි විය. අවසානයේ මා ගියේ C ළඟටය. ඔව් ඒ කලින් KM සමඟ යහළු වුන C තමයි. මම ඔහුගෙන් phone එකක් විමසිය. එවිට ඔහු ඔහුගේ phone එක දෙන්නට කැමති විය. එනිසා මට නැවතත් ෆොනේ එකක් ලැබිණ. නමුත් මට එය පාවිච්චි කරන්නට ලැබුනේ දවස් 2 කි. C ගේ මව නිවසට call කර විස්තරය පැවසුවාය. එයින් මෙතෙක් සඟවාගෙන සිටි KM ගේ සහ මගේ සියලු විස්තර අපේ අම්මා දැනගත්තාය. ඒ C ට පිං සිද්දවන්නටය. KM C සමග යහළු වී සිටි බවද C ගේ මව අපේ අම්මට කියා තිබිණ. C නම් මගේ පෙර ආත්මයක සිට වෛරක්කාරයෙක් විය යුතුය. ඉන් පසු මට ගෙදර සිටිය නොහැකි තත්ත්වයක් උදා විය.

    සිදු වූ සියලු දේ මා KM ට පැවසුවෙමි. ඉන් පසු සතියේ ඈ එකතු කර තිබු මුදලකින් මට නව ජංගම දුරකථනයක් ගෙන අවාය. ඇය එය දී මට කිවේ පරිස්සමින් පාවිච්චි කරන්න කියාය. එවිට මට දැනුනේ මහා දුකකි. අප යහළු වී අවුරුද්දක් ගත වී තිබිණ. මා තවමත් ඇයට කිසිම තෑග්ගක් දී නැත. වෙනත් පෙම්වතුන් ඔවුන්ගේ පලවෙනි අවුරුද්දට party දමද්දී මා කළේ phone ගැනීමට මුදල් එකතු කිරීමයි. උපරිම වශයෙන් මා දී තිබුනේ රුපියල් 75ක චොකලට් එකකි. ඇය එහි දවටනය පවා අල්මාරියේ දමාගෙන සිටියාය. එය එසේ තිබියදී ඇය මට නව ජංගම දුරකතනයක් රැගෙන ආවේය. වෙන පෙම් යුවලකනම් සිදුවන්නේ අනිත් පැත්තය. පෙම්වතා පෙම්වතියට ජංගම දුරකථන අරං දෙන්නේය. නමුත් මෙය එහි අනිත් පැත්තය. මට වාවා ගත නොහැකි දුකක් ආවේය. මගේ දෙනෙත් වලට කඳුළු ආවාය. ඒ කඳුළු මගේ මුහුණ දිගේ ගලද්දී ඇය එය පිසදමා කිවේ "අඬන්න එපා කවී, එන ඕනම දෙයකට අපි දෙන්නා එකට මුහුණ දෙමු" කියාය. එවෙලෙහි ඇය කෙරෙහි ඇතිවුනු ආදරය මට කියාගත නොහැක. මට දැනුනේ මාගේ හදවත දියවී ගීයක් මෙනි.

    මේ කෙල්ල මෙතරම් ආදරය කිරීමට ඉගන ගත්තේ කෙසේදැයි මා දන්නේ නැත. ඇය තවමත් ලස්සනය. ඕනෑ තරම් කොල්ලන් ඈ පසු පස ආවය. නමුත් මේ සියලු දේ වෙද්දී ඈ මා සමඟ සිටියාය. අප යහළු වී අවුරද්දක් ගෙවී ගියත් අපි කිසි දිනෙක rooms සොයා ගියේ නැත. අප ආදරේ කලේ ඒ දෙයට නොව. මාගේ යහළුවන් පෙම්වතියන් සොයාගත් පසු මාස දෙකෙන් තුනෙන් pharmacy වලින් ගබ්සා පෙති මිලට ගනිත්තාය. නමුත් අප කලේ අත් අල්ලාගෙන ඇවිදීම පමණි. ඇයට මා අත හැර යාමට ඕන තරම් නිදහස තිබුණාය. නමුත් ඇය එසේ කලේ නැත. මට ප්‍රශ්න එද්දී මගේ හිත හදන්න ඈ මගේ ලඟින් සිටියාය. ඇයද වෙනත් කෙල්ලන් මෙන් තෑගි බෝග වලට ආශා බව මම දනිමි. නමුත් ඈ කිසි දිනක මගෙන් කිසිම දෙයක් ඉල්ලා නැත. සමහර දාක මම රුපියල් 30ට කරාබු අරගන්නේය. ගත්තේ රුපියල් 100ට කියා මම ඇයට දුන් විට ඇය එය වර්ණනා කරමින් මා ඉදිරිපිටම එය පලදින්නේය. එය දමාගෙන ලස්සනද කියා මගෙන් අසයි. ඉන් පසු ඈ කිවේ රුපියල් 30ට තිබ්බට ඒවා ලස්සනයි කියාය. :baffled: ඈ කෙල්ලකි. ඈ මට වඩා කරාබු ගැන දන්නීය. නමුත් ඇය එය වර්ණනා කරනවා මිස කිසි විටක අඩුපාඩුවක් කිවේ නැත. ඇය ගෙදර තනි දරුවාය. හුරතලයට හැදී ඇති ඇය හට ඉල්ලන සියලු දේ ලැබෙන්නේය. එසේ තිබියදී ඈ මගේ දුප්පත් ආදරය කිසි දින හෑල්ලූවට ලක් කලේ නැත.

    මතු සම්බන්දයි...

    part 11
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මං හිතන්නෙ උඹට අසණීපයක් හැදිලා. නැත්තං අසල්වැසියෝ උඹට නූලක් පන්නලා. නැත්තං උඹ ගැන හිතන වෙන කෙල්ලෙත් උඹට වශියක් කරලා :dull:
    :dull::dull:
    ela machan. den elakiri enneth umbe katawa kiyawanda :) iwasillak ne ban..
    thawa kotasak damma machan :)
    මේක කියවන්න වෙලාවක් තියනවනම්

    http://nawakathapoth.blogspot.com/2013/09/akkara-paha.html
    එකනම් වටිනවා මට. මන් ගුරු ගීතයත් කියවල තියෙනවා. අනිත් ඒවත් කියවන්නම්. :)
    මන් හරියට ලියන්න try කරපු එක set උනේ නැහැ වගේ :(

    ආදරේ කරන්න බය හිතෙනවා අන්තිම එක කියෙව්වම :baffled:
    ඔය ටිකයි.
    ඉස්සරහට තව තියෙනවා. :baffled::baffled::dull::dull::dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොකක්ද මේ කියලා තියෙන්නේ....හ්ම්ම්ම්
    ඔයා හරි දේ කරා...
    දැන් c නැහැ..
    ඔයාට තේරුණාද? :baffled::baffled::baffled::baffled::baffled:


    මෙහෙමද නැත්නම් බැනලද මන්ද...:rofl::rofl:
    චුට්ටක් චුට්ටක් හරි
    තව ඉම්ප්රුව් කරගන්න වෙනවා
    හින්දි ස්කිල්ස්:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොන දේ ආවත් මොනව උනත්
    සමහර කෙල්ලො ඉන්නවා කවදාවත් වෙනස් නොවෙන

    ආදරේ කරනව කියන්නේ රුම්ස් යන එක නෙවෙයි බන්
    එහෙම සින් ඕන තරම් දැකල ඇති
    අඩෝ හොඳ ප්ලේස් එකක් නැද්ද බන්
    අඩෝ අරුගේ ප්ලේස් එක සෙට් කරපන්
    ඔහොම කියන එවුන් ඉන්නව බන් ඕන තරම් උන් ගැන දුකයි ඉතින් උන් තමයි පස්සෙ අර බඳින කෙල්ලගෙ පිරිසිදු කම හොයන්නේ ලොල් සහගතයි

    අත් අල්ලාගෙන ඇවිදින ඇගිලි පටලාගෙන ඉන්න එක එක ළඟ වාඩි වෙලා ගිනි අවුවේ කතා කර කර ඉන්න එක අඩෝ ඒකට නම් වචන නෑ විඳලම බලන්න ඕනේ
     
    Nov 27, 2009
    2,139
    107
    0
    මං හිතන්නෙ උඹට අසණීපයක් හැදිලා. නැත්තං අසල්වැසියෝ උඹට නූලක් පන්නලා. නැත්තං උඹ ගැන හිතන වෙන කෙල්ලෙත් උඹට වශියක් කරලා :dull:

    uba nam love master kenek :P