මේකද අපේ පිරිමිකම?
මම මෙතන ආවෙ දේශනා දෙන්ඩ නෙමෙයි මචන්. අපේ යාලුවෙක් මගේ ත්‍රෙඩ් එකකට පෝස්ට් එකක් දාල තිබුනා. ඒකට උත්තරයක් දෙන්ඩයි මට මෙහෙම කියන්ඩ උනේ. අද ලන්කාවෙ ගොඩක් දූශන, පැහැරගැනීම් වෙනව. හැමදාම මොකක් හරි දෙයක් අහන්ඩ හම්බෙනවනේ.
යාලුවෙක් කියල තිබුන කෙල්ලොන්ගෙ වැරදි නිසා ඒව ගොඩක් වෙනව කියල. කොටට අදින එක, ඇගේ තැන් තැන් පේන්ඩ ඇදුම් අදින එක හින්ද ඒක වෙනව කියල. සමහර රටවල හෙලිවැල්ලෙන් ඉන්ඩ පුලුවන් බීච් හිටන් තියනව. උබල නිකමට හිතල බලපන් ලන්කාවෙ එහෙම එකක් තිබුනොත් කොහොම වෙයිද කියල. අනිවා දවසින් ඕක වහන්ඩ වෙනව. අපේ මිනිස්සුන්ගෙ ස්වයන් පාලනය නෑ. කෙල්ලෙක් කොටට ඇදගෙන පාරෙ ගියොත් අනිවා කට කැඩෙන කතාවක් කියනවමයි. කියන්නෙත් පොඩි දේවල් නෙමෙයි. කියන දේවල් අහපුවම කෙල්ලො බඩ වෙනව. මම කියන්නෙ නෑ කොල්ලෙක් උනාම කට වහගෙන පාරෙ යන්ඩ ඕන කියල. නැත්තන් මෙතන මට ඉන්ඩ හම්බෙන්නෙ නෑ. ඒත් කවුරුත් කැමති නෑ මචන් තමන්ගෙ කෙල්ලට, නන්ගිට, අක්කට, අම්මට පාරෙ යන කවුරුත් ඇහැක් ඇරල බලනවටවත්. අපි හැමෝම එහෙමයි.
දැන් හිතපන් මිනිහෙක් කෙල්ලෙක්ව දූශනය කරනව. එතකොට හිතපන් උගේ දුවව කවුරුහරි දූශනය කෙරුවොත් ඌ නිකන් ඉදිද කමක් නෑ මමත් කෙල්ලෙක්ව දූශනය කෙරුවනෙ කියල?
හොදම උදාහරනය ලගදි පොඩි කෙල්ලෙක්ව මිනිහෙක් උස්සගෙන ගිහින් තිබුනා. උබල කියවන්ඩ ඇති හේතුව. ඌ කියල තිබුනෙ පොඩි කෙල්ල ලොකු උනාම බදින්ඩ හින්දලු එක්කගෙන ගියෙ. ඉතින් තේරුම් ගන්ඩ පුලුවන් නේද අද මිනිස්සුන්ගෙ තත්වෙ.
මම කතෝලික මචන්. ජේසු තුමා කියල තියනව "යමෙක් ඔබට දෙයක් කරනවට කැමතිද ඔබත් එයම අනෙකාට කරන්ඩ" කියල. මම හිතනව බුදු දහමෙත් මේ සම්බන්දව මොකක් හරි ඇති කියල. දන්න කෙනෙක් දාන්ඩ මචන්.
කලින් කිවුව වගේ මම මෙතන ආවෙ දේශනා දෙන්ඩ නෙමෙයි මචන්.
මමත් කොල්ලෙක් මචන්. මටත් හැගීම් තියනව. ලස්සන කෙල්ලෙක් දැක්කම පට්ට කෑල්ල නේද කියල ඉබේටම කියවෙනව. ඒත් ඒ කෙල්ලව දැක්ක එතනින් එහාට ඉවරයි. ආයෙ ටික දුරක් යද්දි ඊට වඩා ලස්සන කෙල්ලෙක් දකිනව සමහරවිට. ඒවා එතනින්ම ඉවරයි. නැතුව කෙල්ලගේ පස්සෙන් ගිහින් ඒ කෙල්ල තනිවෙනකන් ඉදල ඒ කෙල්ලගේ අනාගතය නැති කරන එක එක නෙමෙයි පිරිමි කම කියන්නේ. පිරිමිකම කියන්නෙ කෙල්ලෙක්ට කරදරයක් වෙනවනම් ඒකට උදවු කරන එකයි. එතකොටයි තමන්ගේ පිරිමකම පේන්නේ.
ඒක නිසා පුලුවන් හැම වෙලේම ආඩම්බර වෙන්ඩ පුලුවන් පිරිමියෙක් වෙන්ඩ අපි හැමෝම උත්සහ කරමු මචන්. වැරද්දක් අසාදාරනයක් දැක්කොත් ඒකට එරෙහිව කතා කරමු. එතකොට මේ වගේ දේවල් සීයට එකකින්වත් අඩු වෙයි.
හැමෝටම ජේසු පිහිටයි.

හැබැයි කෙල්ල හම්බුනාට පස්සෙනම් වෙන කෙල්ලන්ට මුකුත් කියන්ඩ ගියෙ නෑ.
ඒ උනාට සමහරු කියන ඒවා අපිටත් අහන් ඉන්ඩ ලැජ්ජයි බන්. අපිට අනිත් උන්ගේ කටවල් වහන්ඩ බෑ තමයි. ඒත් උන් දැනගන්ඩ ඕන කොහොමද වැදගත් විදිහට විහිලුවක් කරන්නෙ කියල
කෙල්ල තමයි ඇවිත් කියන්නෙ මට