පද පේළී - EK LYRICS THREAD PART 2

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
හේමන්ත නිද්‍රාවේ වෙලී...

හේමන්ත නිද්‍රාවේ වෙලී තුරුපත් අතර සැලී
ඉපල් බේරුනු රූස්ස ගස් අතරේ
පිපී තිබුනා නම නොදන්නා
එකම එක සුදු මලක්...

ගිම්හානයේ අවසන් සැදෑවේ මෝදුවුන කැකුළක්
නපුරුම කාලයක සැඟව හිඳ
උදා හිරු එලියේ පිපී තිබුනා
එකම එක සුදු මලක්...

වස්සානයේ සඳ කෙමි අතරේ මලක් සෙව්මිණි තුඩක්
පහස ලද සුදු මලක් හඬා මැදියමේ
ලොවට රහසේ ගසට නොකියා
සොයා ඇදුනා තණපතක්...

-ඉන්දික රුවන්-
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සඳටත් ඉහලින් පා‍යා හිරුටත් පෙර පිබිදීලා
    සෙනහස මත පමණක් සිහින‍ය මැව්වා......
    මොලවා ලිප පුරවා කුස සනසා මා සනසා
    හිස අතගා සිත පසසා අකුරට පිට කෙරුවා......

    උන්නා ඉහලින් මා දෙවි‍යන් මෙන් මා රකිනා.....
    දෙවි‍යන් නොව මනුසත්කම
    අම්මා.....

    වින්දා දුක් වින්දා.....සෑමදා.....
    කෙලි සෙල්ලම් මැද්දේ ඔබ.....තනිවීලා......

    පෑවේ සෙනෙහස අපහට ජීවිතේ පුරා......
    අම්මේ ඔබ මතු බුදු වේවා......මතු බුදු වේවා......

    තත්පර‍යක් අවුරුද්දක් නුඹෙ උණුසුම මට ලැබුනත්
    කලුවරෙ මම තනි වූවත් නුඹෙ හිනාව මට එලි‍යක්
    නුඹ ලඟ නම් හඳ මොකටද උණුසුම ලඟ හිරු මොකටද
    මගෙ ‍යෙහෙලි‍ය මගෙ ගීත‍ය මගෙ ජීව‍ය
    අම්මා......

    මේ ජීවිතේ.....කෲර‍යි මගෙ අම්මේ.....
    ඔබ තනි‍යම මේ බර කෙලෙසද කර ගැහුවේ......
    රෑ දිවා.....නොබලා වෙහෙසුනත් ඔබ නෑ අත්හැර ගි‍යේ තනිකර
    අප කිසි දිනේ......

    -Harsha & Kaizer Kaiz-




     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සඳටත් ඉහලින් පා‍යා හිරුටත් පෙර පිබිදීලා
    සෙනහස මත පමණක් සිහින‍ය මැව්වා......
    මොලවා ලිප පුරවා කුස සනසා මා සනසා
    හිස අතගා සිත පසසා අකුරට පිට කෙරුවා......

    උන්නා ඉහලින් මා දෙවි‍යන් මෙන් මා රකිනා.....
    දෙවි‍යන් නොව මනුසත්කම
    අම්මා.....

    වින්දා දුක් වින්දා.....සෑමදා.....
    කෙලි සෙල්ලම් මැද්දේ ඔබ.....තනිවීලා......

    පෑවේ සෙනෙහස අපහට ජීවිතේ පුරා......
    අම්මේ ඔබ මතු බුදු වේවා......මතු බුදු වේවා......

    තත්පර‍යක් අවුරුද්දක් නුඹෙ උණුසුම මට ලැබුනත්
    කලුවරෙ මම තනි වූවත් නුඹෙ හිනාව මට එලි‍යක්
    නුඹ ලඟ නම් හඳ මොකටද උණුසුම ලඟ හිරු මොකටද
    මගෙ ‍යෙහෙලි‍ය මගෙ ගීත‍ය මගෙ ජීව‍ය
    අම්මා......

    මේ ජීවිතේ.....කෲර‍යි මගෙ අම්මේ.....
    ඔබ තනි‍යම මේ බර කෙලෙසද කර ගැහුවේ......
    රෑ දිවා.....නොබලා වෙහෙසුනත් ඔබ නෑ අත්හැර ගි‍යේ තනිකර
    අප කිසි දිනේ......

    -Harsha & Kaizer Kaiz-




    :love::love::love::love::love:
    LOVE IT
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සඳටත් ඉහලින් පා‍යා හිරුටත් පෙර පිබිදීලා
    සෙනහස මත පමණක් සිහින‍ය මැව්වා......
    මොලවා ලිප පුරවා කුස සනසා මා සනසා
    හිස අතගා සිත පසසා අකුරට පිට කෙරුවා......

    උන්නා ඉහලින් මා දෙවි‍යන් මෙන් මා රකිනා.....
    දෙවි‍යන් නොව මනුසත්කම
    අම්මා.....
    11.gif
    11.gif
    11.gif



     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සංසාර සිහිනයේ පින්සාර මතකයේ...

    සංසාර සිහිනයේ පින්සාර මතකයේ
    මං තාම සොයනවා නුඹ පෑව ආදරේ
    රෑන සමනල පාට දේදුනු හීනයකි මට ආදරේ
    හීනයකි මට ආදරේ...
    සුදු සේල මාරුතේ මල් පාර කෙලවරේ
    මං තාම ඉන්නවා නුඹ ඒවි යැයි කියා
    හීන කැන්දන දෑසේ සැඟවුණ ගීතයකි මට ආදරේ
    ගීතයකි මට ආදරේ...

    හිත කෝලකම් කළා මනලෝල බැල්මෙනා
    සඳ සේම පායා රැයේ...
    දුර ඈත පෙම් සිනා ළඟ පාත පායලා
    තරු දෑස සඟවලා මගේ හිතම මත් කළා...

    දුක් සෝක සංකා මියදිලා දුර ගියා
    ළංවීල සෙනෙහේ සුවේ...
    අපි අපිට ළංවෙලා පැතු පැතුම ඉටු වෙලා
    කුල ගේක නැවතිලා මගේ ලෝකේ නුඹ වුනා...

    සංසාර සිහිනයේ පින්සාර මතකයේ...

    -Udesh ft Niluka-
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිහින මැවුවේ ඔයා හිමිවේවි සිතලා
    ළඟ ම උන්නේ සදා මගෙ වෙන්න පතලා
    ආදරය දුන්නේ ඔබ හට මුළු හද ම පුදලා
    වෙනස් වෙයි කියලා සිතුවෙ නෑ මගේ සිත බිඳලා
    මගේ සිත බිඳලා‍

    සිතට මගෙ දුක් වේදනා දී
    ඔයා හිනැහෙයි මා සිත ම පාරා‍

    සිහින මැවුවේ ඔයා ..........

    මතකෙ පාරයි කඳුළු රූරා
    ඔයා හිනැහෙයි මා සිත ම පාරා

    සිහින මැවුවේ ඔයා ..........


    ගායනය :- අතුල ශ්‍රී ගමගේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ‍ඔබ ගාව මට ඉන්න නැති දෝ වරම්
    දැන් ඔබ ඉන්නෙ කෙලෙසින් ද වෙන් වී ගිහින්
    මට නොකියා ම හැරදාල ගියදා පටන්
    මම තනිවෙන්නෙ හැමදා ම ඔබ නැති සොවින්

    ලෝකය අසයි මසිත ගොලුවී තියෙයි
    රහසින් හඬයි දෑස කඳුළින් තෙමෙයි
    ආදරය කළෙ ඇයි ද රිදවන්නනම්
    මෙතුවක් කලක් ඇයි ද සිටියේ ළඟින්
    ඔබ ඇයි උන්නෙ ළංවීල මට ආදරෙන්

    හැරදා ගියත් මසිත් ඔබ ගැන සොයයි
    සිහිනෙන් දකියි සිතට සංතාප දෙයි
    සැනසෙන්න මතු දිනෙක සුපුරුදු ලෙසින්
    දැන් ඔබ ගත්ත සිත දෙන්න දෙවියන් නමින්
    දැන් ඔබ ගත්ත සිත දෙන්න දෙවියන් නමින්

    ඔබ ගාව මට ඉන්න .............


    ගායනය :- සනත් නන්දසිරි
     
    • Like
    Reactions: DAMER

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සඳ දිය ගලා හැලී...

    සඳ දිය ගලා හැලී
    ඔබ නැති පාලු දැනී
    මගෙ ඇස් හඬන හැටී
    ඔබ තව දන්නෙ නැතී
    ගියදා වෙන් වී
    සිත මා රැවටී...

    නිදියහනේ මා තනිවී
    පැතු සිහිනේ බොදවී
    සිත තනිවී
    නෙතු නොපියා
    ඔබ ගැන සිහි කරමී
    ඔබෙ ආදරයෙන් මා රවටා
    ම‍ට මාවම නැතිවී...

    හිත අස්සේ දුක හංගා
    මැරි මැරි මා උපදී
    ආදරේ තරම් තියෙන හිතේ
    රත්තරනේ දන්නේ මමයි
    ඔබ නැති මගෙ සෙනෙහේ
    කිසිකෙනෙකුට නෑ දෙන්නේ...

    -නලින්ද රණසිංහ-

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සීත හිමිදිරියේ...

    සීත හිමිදිරියේ
    පාට විසිරෙයි අහසේ
    ලෝකෙටම රහසේ
    ඉගිලෙන්න පෙම් හීන යායේ
    ඔබ එන්න ආයේ...

    මල් පෙති ඇහැරෙන යාමේ
    කාටද ලා හිරු ඉඟි කෙරුවේ
    සීතල පිනි පොද අතරේ
    මගේ හිත දැන් උනුහුම් වේ...

    උතුරා ගලනවා හැගුම් දෑලේ
    වළා සේයක පැතුම් පැටලේ
    සිහිල් පින්න මැදින් එන්න ආයේ...

    මල්වර සිතිවිලි පැරේ
    කාටද මල් හී සැර වැදුනේ
    ආදර සුළගක පහසේ
    මගේ සිත දැන් සිහිලැල් වේ...


    -Bathiya ft Meena-
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔබගෙන් තරම්...

    තුරුලේ නිතර සතපා පැතු ලෝකේ මට ගෙන ආ
    හරි ලස්සනයි ඔබ ගේ ආදරේ
    මට නම්...
    දෑත මගෙ පටලා දුර ඈත යමු දෙදෙනා
    මට ඉස්තරම් ඔබගේ ආදරේ හැමකල්...

    ඔබගෙන් තරම් පෙම නෑ
    මෙතෙක් කල් අත්වුනේ
    මොනදේ වුනත් ඔබටයි
    සදාකල් ආදරේ...

    රැඳිලා මේ හිත මානේ හැමදා මා පණ වාගේ
    ඔබමයි මාව ජිවත් කලේ...
    කිසිදා නෑ හැර යන්නේ තිබෙනා කල් දිවි මාගේ
    ආසයි ඉන්න දැවටී හදේ...

    දැනෙනා සීතල යාමේ හැමදා ඉන්නට ඕනේ
    සිනහා පැළඳ මුවගේ මගේ...
    උපමා නෑ පබදින්නේ ඔබමයි මා නමදින්නේ
    අපගේ ප්‍රේම පූජාසනේ...

    -Chilli ft Rosi-
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Victor Rathnayake..............


    මඳ පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්~
    සඳ කිරණ මොටද ඔබ මගේ තනියට ලඟ නැත්නම්..
    හෙලි කරමි මගේ ලඟ ඇති ආදරයේ වත්කම්~
    පැල්පතද මට හොඳයි මිහිරියේ එක හිත ඇත්නම්..
     
    Aug 30, 2014
    20
    1
    0
    colombo
    ඔබේ දෑස පාන ආදරේ සිතුවේ මගේ කියා
    හැරදා විමන් මා හදවතේ ඔබ කොහේදෝ ගියා
    පෙම් සිහින තුල මා තනි වෙලා පෙම් මාලිගා තනා
    සිහිනෙන් ඇවිත් පවසන්නකෝ මට ආදරේ කියා .. :love: :love:

    http://https://www.youtube.com/watch?v=rj9IPSp97FQ
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කම්බි තාප්පෙට හිර කරගෙන මා...

    කම්බි තාප්පෙට හිර කරගෙන මා අහස දිහා බලමින් අම්මේ
    මං කල වරද කියාපන් නුඹවත් හුළඟ දිගේ ඇවිදින් අම්මේ
    මලහිරු බැස යන විට නිල් අහසේ නුවර පන්සලේ හඩ අම්මේ
    බැතිය අරන් පෝලිමට දුවනවා වඳින්නෙ මහ රෑටයි අම්මේ

    පරණ චීත්තෙට ඔළුව තියාගෙන පන් පැඳුරේ සුව පහස ලැබී
    පුංචි කාලෙ ඉඳලම දුක් වින්දා කොස් ඇට වල රහ හොඳට දනී
    අම්මට තනියෙම නුවර එන්න බෑ බෝගම්බර මහ සයුර වැනී
    අම්මගෙ නම මම පපුවෙ කොටනවා ඉඳිකටු මිටියෙන් හැඩට ඇතී

    වාට්ටුවේ අය එකා වගේමයි පසු තැවි තැවි තනියෙම අඬලා
    රජසිටු මැතිවරු ලෝකෙ දකින්නේ මෙතන ඇවිල්ලයි දුක දැකලා
    තනිපංගලමේ මහ රෑ යාමේ නුඹ අඩනා හැටි මට මැවිලා
    කම්බිකූරු වල ඔළුව ගහනවා පපුවේ ගින්දර මට දැනිලා

    -චාමර රණවක-
     
    • Like
    Reactions: DAMER

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ සඳරැල් මේ තුරුවැල්...

    මේ සඳරැල්..මේ තුරුවැල්...
    කොහේද රැඳුනේ ඔබ හමුවන්නට පෙර...

    සඳ නැගුනද ලොව දිලුනද නෙකවර මෙලෙසින්
    රැය මින්පෙර වීද කෙදින මෙතරම් මනරම්
    මේ කඳුවැල්..මේ ගඟුලැල්...
    කොහේද රැඳුනේ ඔබ හමුවන්නට පෙර...

    මිහිලිය බඳ රුව මනනද විඳි මුදු නිතියෙන්
    ලොව කිසිවිට නොවීය සඳ මෙතරම් මනරම්
    මේ හසරැල්..මේ සිහිලැල්...
    කොහේද රැඳුනේ ඔබ හමුවන්නට පෙර...

    මේ සඳරැල්..මේ තුරුවැල්...
    කොහේද රැඳුනේ ඔබ හමුවන්නට පෙර...


    -සුනිල් එදිරිසිංහ-
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අවසන කඳුළත් අවසන් වෙනකම්...

    අවසන කඳුළත් අවසන් වෙනකම් හඬන්න නෙතු නොපියා
    හෙට සිට ආයෙත් පාඩුවේ ඉන්නම් කිසිවක් නොකියා
    ඔබ ගියා කියා මා කොහොම හිතන්නද
    මා දුප්පත් හින්දා..

    වැළපෙනා වේදනා නුහුරු පපුවේ අවතැන් වෙලා
    හිත හදාගන්න බෑ ඔබට පමණයි මා පෙම් කලේ
    ඔබ ගියා කියා මා කොහොම හිතන්නද
    මා දුප්පත් හින්දා...

    තනිවෙලා විඳවනා රුදුරු මතකේ හිස්තැන් තියා
    දුක දරා ඉන්න බෑ ඔබට විතරක් ලංවූ නිසා...

    අවසන කඳුළත් අවසන් වෙනකම්...


    -සංක දිනෙත්-
     
    • Like
    Reactions: Rex921

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ අන්ධකාරයේ එළිය වැටෙන්නේ...

    මේ අන්ධකාරයේ එළිය වැටෙන්නේ
    ජීවත් වෙන්නේ ඔයා නිසා...
    කරදර මැද්දේ සතුට විඳින්නේ
    ජීවත් වෙන්නේ ඔයා නිසා...

    හිත නැවතුන දා පටන් ඔයා ළඟින්
    වෙන්වෙන්න නෑ සිතුවේ කවදාකවත්...
    සිහිනෙන් පවා පැතුවේ සෙනෙහේ හිතේ
    ලංවුණේ ආදරෙන් ඔයා ලඟින්...

    මගේ කියා ආදරෙන් ලඟින් තියන්
    සුරකින මගෙ මැණික ඔයයි සදා හදින්...
    මේ කුරිරු ලෝකයේ හැමදා මගේ නමින්
    ඉඳින්න ජීවිතේ පුරා මගේ ළඟින්...

    මේ අන්ධකාරයේ එළිය වැටෙන්නේ...

    -චාමික-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පෑරෙනා නෙතු දිහා
    දුරට වී බල බලා
    නොදුටුවා මෙන් ඔයා
    මා හෙමින් පහුකළා
    මහදේ එල්ලී ඉන්න සුසුමේ
    විලාපේ ඇසුන දෝ
    මේ මා හඬවා තැනූ ලෝකේ
    සතුට ඉතිරේවි දෝ

    සුපෙම් සිහිනේ කඳුළු බෝ වී
    පැතුම් කැලතිලා
    පාලු මතකේ රැඳී සිටියේ
    සිතින් ළංවෙලා
    විඳවන්නට බැරි වේදනා
    සිතට ළංකර තියා
    ඔබ ගියා වෙන්වෙලා එදා
    ඔබ ගියා වෙන්වෙලා එදා

    පෑරෙනා නෙතු දිහා ......

    තනිවූ රුවේ සිතට බරවී
    මතක රැස් කළා
    ගොලුවි උන්නේ ඔබට ඉඩ දී
    නාඳුනන නිසා
    විඳවන්නට බැරි වේදනා
    සිතට ළංකර තියා
    ඔබ ගියා වෙන්වෙලා එදා
    ඔබ ගියා වෙන්වෙලා එදා

    පෑරෙනා නෙතු දිහා ......


    ගායනය :- D-Tap