පිරිමි ඉබේම නරක් වෙනවද?

ElaMans

Member
May 10, 2014
1,268
434
0
පිරිමි ඉබේම නරක් වෙනවද?

පිරිමි ඉබේම නරක් වෙනවද? ගෑනු පිරිමින්ව නරක් කරනවද? නැත්තන් පිරිමි ගෑනුන්ව නරක් කරනවද?

ප්‍රශ්නේ ඒක... සටහනට මුලපුරන්න කලින් කතාවක් කියල ඉන්නම්කො.."ඔන්න ඒක කොල්ලෙක්ට කොහෙද අස්සක තිබිල අහුවෙනවා ලාම්පුවක්. ඉතින් කොල්ලොත් අතට අහුවෙන ඕනෑම දෙයක් පිරිනදින්න බලාගෙනම ඉන්න එකේ මේ කොල්ලත් ඔය ලාම්පුව පිරිමැද්ද.. මෙන්න මතු උනා බහිරවයෙක්.. දැන් අපි දන්නවනේ කතාව බහිරවය වර තුනක් දෙන සීන් එක.. ඉතින් අපේ කතා නායක කොල්ලත් වරමක් ගන්න හදනකොට බහිරවය මෙහෙම කියපි... මගේ දෙය්යෝ කොල්ලෙක් අත නොගාපු කෙල්ලෙක් ඇරෙන්න ඕනෑම දෙයක් ඉල්ලාපන් කියල.."

මේක ගෑනු ළමයින්ට මඩ ගහන්න උපුටා ගත්තේ නෑ හැබැයි එකේ පොඩි තාර්කික ඇත්තක් තියනවා කියල තේරුනා. අපි කාටවත් පරිපුර්ණ ජීවිත නෑ. අනිත් එක අද සමාජයේ ඉන්න ගොඩක් අය මේ ලේබල් එකට වැටෙනවා. එ අයව පහත් කරන්න නෙවෙයි කියන්නේ. මිනිස්සුන්ට ජීවිතේ එකම තැනකදී වරදිනවා. සමහරුන්ට එක හද ගන්න පුළුවන් තරම් පුංචි උනත් සමහරුන්ට එක හද ගන්න බෑ එ ගොල්ලෝ තමන්ගේ ජීවිත කාලය ගෙවනකන්ම.

හිතන කෙල්ලෙක් තමන්ගේ පලවෙනි ආදර වන්තයට තමන්ගේ දේවල් කුලුදුලේම පෙන්නනවා. සරලව කිව්වොත් තමන්ගේ ආදරවන්තය ඉස්සරහ නිරුවත් වෙනවා පළමුවතාවට. ඉතින් ආදර වන්තයත් තමන්ගේ පෙම්වතියගේ ශරීරය පාවිච්චි කරනවා යම් විදියකට. ඉතින් ඔන්න ටික කාලෙකින් කෙල්ලට දැනගන්න ලැබෙනවා තමන්ගේ කොල්ල විවාහකයෙක් කියල එහෙමත් නැත්තන් රැවටිලි කාරයෙක් කියල. ඉතැනින් සම්බන්දෙ ඉවරයි එත් කෙල්ලට බෑ තමන්ගේ හිටපු ආදරවන්තයාව අමතක කරන්න. එක හේතුවක් තමයි කෙල්ල ඇත්තටම ආදරය කිරීම අනිත් හේතුව තමයි අරූ මාව පාවිච්චි කරා කියන හැගීම. ඔය වගේ සිද්දි සමුදායකට පස්සේ කෙල්ලෙක් ගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙනවා. සමහරක් කලින් ආදරවන්තය ඉතුරු කරලා ගිය හැගීම් වලට වහල් වෙලා තව තවත් අගාදයටම යනවා. තවත් අය මට කරපු දේට වෙන කොල්ලෙක් ගෙන් හරි පලි ගන්න කියල හිතන් සම්බන්දතා අහි කරගන්නවා එයාම ඒක බිදිනවා. හැබැයි ඔය අතරේ අතලොස්සක් දෙනා ඉන්නවා ඇත්තටම ආදරේ හොයපු ඒ ගොල්ලෝ උන් තැනම නතර වෙනවා තමන්ගේ ගමන යනවා හැබැයි හිතේ ආදරය කියන එක ඉස්සරහින් ලොකු පව්රක් බැදගෙන. ඒ වගේ අයට තමන්ට ඇත්තටම ආදර කරන කෙනෙක් උනත් පෙන්නේ තමන්ව පාවිච්චි කරන්න එන කෙනෙක් කියලයි. ඒ ගොල්ලෝ ගෙදරින් හොයල දෙන කෙනෙක් බලා සතුටින් ඉන්න බලාපොරොත්තු වෙනවා. එත් ඇත්තටම ආදරය කරන කෙනාව නැති කර ගන්නවා.

දැන් හිතමු කොල්ලෙක්ගේ පලවෙනි ආදරේ විදියට අහු වෙනවා අර කලින් කියපු විදියේ ( මම අදහස් කරන්නේ පලවෙනි සහ දෙවෙනි කොට්ටාශ ගැන ) කෙල්ලෙක්. කෙල්ලට කොල්ල බොක්කෙන්ම ආදරේ එත් කෙල්ලට ඕන වෙන්නේ වෙනදෙයක්. පලවෙනි කොට්ටාශේට අහුඋනොත් කොල්ල ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. එතනින් මදි වෙනවා එතකොට කොල්ල රැවටිලි කාරයෙක් වෙනවා. දෙවෙනි කොට්ටාශේට අහු උනොත් කොල්ල හිත රිද්ද ගන්නවා කෙල්ලොන්ගෙන් පලි ගන්න යනවා. එහෙම කොල්ලෙක් කෙල්ලෙක් ගේ පලවෙනි ආදර වන්තයා උනාම කලින් කිව්වා විදියේ මනසවල් සමාජෙට උරුම වෙනවා.

අවංකව අපිට කියන්න පුලුවන්ද ඇත්තටම මුලින්ම පටන් ගත්තේ මොකක්ද කියල. එකයි මේකත් නිකන් කිකිලිද බිත්තරේද වගේ ප්‍රශ්නයක් කිව්වේ..


දැන් කියන්න බලන්න ප්‍රශ්නෙට උත්තරේ..."පිරිමි ඉබේම නරක් වෙනවද? ගෑනු පිරිමින්ව නරක් කරනවද?නැත්තන් පිරිමි ගෑනුන්ව නරක් කරනවද?."



උපුටාගැනීමකි : http://ganakamadura.blogspot.com/2012/04/blog-post_28.html
 
Last edited:
  • Like
Reactions: anju.r

Johndoggett

Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    ඔය ප්‍රශ්නෙට එහෙම කෙලින් උත්තරයක් දෙන්ඩ බැහැ. මේක ගැහැණු, පිරිමි දෙපාර්ශවයටම පොදු දෙයක්.
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔය ප්‍රශ්නේ මුලින් ආවේ කිකිළිද බිත්තරේද වගේ එකක්.
    කෙල්ලෝ උනත් කොල්ලෝ උනත් ඔය දෙජාතියම අතරේ ඉන්නවා අවස්ථාවාදී එවුං
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    සමජයේ මේ දේගොල්ලම ඉන්නවා මචං එක්කෙනක් හොදයි කියන්න බැ කෙල්ලෝත් දැන ගන්න ඕනේ යම් කිසි සීමාවක් තියාගන්න
    එත් කොල්ලේක්ට වඩා ලෙසියෙන් කෙල්ලේට තමන්ගේ ආදරවන්තයා අමතක කරන්න පුළුවන්
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    ඔය ප්‍රශ්නෙට එහෙම කෙලින් උත්තරයක් දෙන්ඩ බැහැ. මේක ගැහැණු, පිරිමි දෙපාර්ශවයටම පොදු දෙයක්.
    :yes::yes::yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උණුසුම් වියළි ස්ථානෙකට වෙලා හිටියොත් නරක් වෙන එකක් නෑ බං..නෑ මං දන්නෙත් නෑ ඔය කෑම වලත් ගහල තියෙන්නේ එහෙම තියපන් නරක් වෙන්නේ නෑ කියලා..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    තමන්ගේ අතින් වෙන හැම වැ‍රැද්දටම තමන් වග කියන්න ඕන..(අපි කරන හැම ක්‍රියාවටම අපි තමා වග කියන්න ඕන..හොඳ හෝ නරක)බුද්ධියක් කියල දෙයක් මිනිස්සුන්ට දීලා තියෙන්නේ කරන්න යන දේවල් ගැන කලින් හිතල බලල මම මේ දේ කලොත් මෙහෙම වෙයි කියල හිතල වැඩ කරන්න එහෙම නැතිව කරන්න යන ගොඩක් දේවල් ඇනෙනනවා.

    අපරාධයක් උනත් කරන්න යන මිනිහෙක් සෑහෙන ගේමක් දීලා ප්ලෑන් එකක් ගහන්නේ..ඒ වැඩේ සුපිරියටම කෙරෙන්න නම් ඒ සඳහාම වෙන් උන මහ මොළකාරයෙක් ඉන්නවා ඔය ගොඩක් ගේම් වල අන්තිමටම අහු වෙන්නෙ හෝ අල්ල ගන්න බැරි වෙන්නෙ ඒ ඩයල් එකව තමා මොකද මිනිහගේ ප්ලෑන් එකක් ඇතුලේ මිනිහට විතරක්ම වෙන්වුන ගැලවීමක් තියෙනවා Plan එකේ Creator ඩයල් එකම නිසා.

    මේ සමාජයේ ඉන්න අපිට වඩාත්ම විශ්වාස කරන්න පුලුවන් බොක්කේ ‍ෆිට් එක නැත්තම් යාලුවා වෙන්න ඕන තමන් මයි.එතකොට එයා අපිට ගොඩක් තැන් වලදි උදව් කරනව මොකද අපිට හොඳටම වගේම හරියටම දන්න කෙනත් එයා.අපිට නරකක් වෙනවට එයා කොහොමත් කැමති නෑ.ඒ වගේ තමන් තුළ ඉන්න තමන්වම හොඳම මිත්‍රයා කර ගත්ත කෙනෙක්ට අර උඩින් කියල ඉන්න ජාති දෙකෙන් කෝක හම්බුණත් ඒ වගේ පොරක් ගොඩ යනවා.
    ඉස්සෙල්ලම තමන් තුළ ඉන්න තමන්ව තමන්ට අවංකව හොයා ගන්න..

    මොකද ගොඩක් මිනිස්සුන්ට අන්තිමට තමන්වත් නෑ..කියාගෙන තමා එන්නේ...ලෝකෙටම හොඳම ඩයල් එකක් උනත් හිත ඇතුලෙන් අමුම අමු කුප්ප ඩයල් එකක් නම් තමන්ට අවංකවම මම ඇත්තටම කුප්ප ඩයල් එකක් මෙච්චර ගානකට වල කපපු එකෙක් කියල තමන්ම දන්නව නම් (ඒක වෙන කාටවත් කියන්න ඕන නෑ..) ඒ මිනිස්සු දවසක ගොඩ යනව තමන්ගෙත් පෙර වැරදිත් හදාගෙන..

    අහ්..ගෑණු පිරිමි දෙකටම පොදුවේ කියුවේ..මම දන්නවා කියෙව්වට මේක කාටවත් තේරෙන එකක් නෑ..:nerd::nerd::nerd:
    තමන්ට අවංක වෙන්න ඒක තමා ඔය හෙන හෑල්ලක් එක්ක කියුවේ..:yes::yes::yes::yes:
     

    blue_in_rio

    Well-known member
  • උණුසුම් වියළි ස්ථානෙකට වෙලා හිටියොත් නරක් වෙන එකක් නෑ බං..නෑ මං දන්නෙත් නෑ ඔය කෑම වලත් ගහල තියෙන්නේ එහෙම තියපන් නරක් වෙන්නේ නෑ කියලා..

    :baffled::baffled::rofl::rofl:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,877
    6,747
    113
    38
    Galle
    මල හු**යි. මම මේකේ topic එක දැක්කේ "පිරිමි ඉබ්බෝ නරක වෙනවද?" කියල :dull:
    මම හොල්මං වෙලා ගියා. පොස්ට් එක කියවල අන්තිමට තමයි දැක්කේ "ඉබේම" කියන වචනේ. එතකන්ම පොස්ට් එක කියවන ගමන් හිතුවේ කෝ බං ඉබ්බෝ කියල

    shitttttttttt