මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඔක එක එක්කෙනා දකින විදිය. මහින්දව දැන් පාලනය කරනවා කියන අය( සුළු පක්ෂ) මොකද කරන්නේ. තමන් රිමෝට් කොන්ට්‍රෝල් එක කියා කියා ඉන්නව මිසක් රටට වෙනසක් කරලා තියනවද. හෙළ උරුමේ කියපු කිසි දෙයක් මහින්ද අහලා තියනවද? jvp එක හිටියනම් jvp එකටත් පුළුවන් ඇමති කමක් ලබගෙන් හොරුත් එක්ක නිකන් රග පානවා වගේ ඉන්න. jvp එකට මහින්ද හරියට ඇමතිකම් කරන්න ඉඩදෙයි කියලා හිතනවද? අද ආණ්ඩුවත් එකකේ ඉන්න සුළු පක්ෂ ඔක්කොම නටන්නේ ආණ්ඩුව කියන විදියට නේද? jvp එක හිටියනම් jvp එක්ට වෙන්නේ ඕක තමයි. කොහොමත් සන්දානය ගහනකොට එකග වෙච්ච පොදු කොන්දේසි තිබුන. අනික සන්දානය ගැහුවේ මහින්ද එක්ක ගමනක් යන්න නෙමයි ඒ අවස්ථවේ රනිල් කරන්න හදපු කොටින්ට ස්වයන්පාලන අයිතිය ලබාද්දීම වලක්වනන. එතනින් එහාට මහිදත් එක්ක ගමනක් යන්න බැහැ. හොරුත් එක්ක ඉන්න පුළුවන් හොරුන්ට විතරයි

    ජවිපෙ සන්දාන ගහගෙන හිටියනම් විමල් වගේ විශාල පිරිසක් කැඩෙන්න තිබුනා. පක්ෂය තවත් දියාරු වෙන්න තිබුනා. පක්ෂය ගැන ජනවත්වට තිබ්බ විශ්වශ්‍ය නැත්තටම නැති වෙන්න තිබුනා. කොටින්ම එකග උන දෙවල් වලට වැඩ නොකරපු නිසා අයින්වෙන්න උනා. එහෙම අයින් උන එක හොදයි කියලා තමයි මම නම් හිතන්නේ. අවන්කවම කලපනා කරලා බලනවනම් එවලේ ජවිපෙ කරපු වැඩේ හරි කියලා ත්රුම් ගන්න පුළුවන්. එත් කට හරි ජවිපෙට චන්දේ නොදී ආණ්ඩුවට දුන්නයි කියන්න හේතුවක් වෙන්න් පුළුවන් ඔය ජවිපෙ එකතු නොවෙච්ච එක

    හැබයි දැන් ඔයගොල්ල්න්නට පුළුවන් නේ ජවිපෙ එක්ක එකතු වෙන්න. මොකද දැන් ත්රෙන්ව ඇතිනේ හරි වැරැද්ද. දීලා වැඩක් නැහැ කවදාවත් එන්නේ නැහැ කියලා කියන්න එපා. ගන්න්ගාවක් උනත් පටන් ගන්නේ පොඩි උල්පතකින්. අනික හරි දේ දුබලයි කියලා හැමදාම ප්‍රබලදෙට ආවඩන එක ත්රුමක් නැහැ. පොඩ්ඩ හරි නිවැරදි දේ එකක එකතු වෙන එක තමයි කරන්න ඕනි

    :yes: :yes: :yes:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    10689484_500601890082922_2220649497118023629_n.jpg
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ara 2warak path kara kiana waganthiya ain kare nathi unath lokkata enna puluwan mokada pora "janathawa wisin" path kare na ne, jilmart walin ne path une.

    anith eka thamai janathawa wisin path kireemata sudussek nowanneya kiala thiana clause eka hari nam wenas karanna janamatha wicharanayak thiyanna thibba. othana nikamma sudusu nowanne kiala danne nathuwa janathawa wisin kiala liala thiyennema aththe samaharawita 2 parakata wada inna eka ethical naha wage deyak hinda wenna athi.

    oita wadiya hondai 19 weni sansodanekuth oya gaman genalla, eelanga janadipathi pathwanne danata dura kalaye inna janadipathige kamaththa thiyana kenata witharamaya kiala wenas kara nam, rile ekaka batten eka denawa wage adu wiyadamen wade goda daganna thibba.

    meka ජනාධිපති(ව)මරණයක්
     
    waligamaya

    Well-known member

  • මෙක ගොඩක් දිග උනාට හොද් ලිපියක් ගත්තේ අදහස් බූන්දියෙන්

    [SIZE=+2]
    රතන හිමියන්ට බැට දෙන බොදු බල සේනාවේ (අ)දේශපාලනය
    පසුගිය ඔක්තෝබර් 14 වන දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රධාන පිවිතුරු හෙටක් සංවිධානය විසින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පත එළිදක්වන ලදී. එය ආණ්ඩුවේ ප්‍රධානීන් ඇතුළු විවිධ පක්ෂ නායකයින්, බහුවිධ ක්‍ෂේත්‍රයන්හි ප්‍රවීණයන්,විද්වතුන්,කලාකරුවන් හා සිවිල් පුරවැසියන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් වූ එළි දැක්වීමකි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය යනු පසු දිනම ජනාධිපතිවරයා පුටුවෙන් බස්සවා ගෙදර එළවීමට ගෙන ආ යෝජනාවක් නොව 18 වන සංශෝධනයෙන් හා ව්‍යවස්‌ථාවෙන් හිතුවක්කාරී ලෙස ජනාධිපතිවරයාට පැවරී ඇති විධායක බලතල කිසියම් ප්‍රමාණයකට සීමා කිරීමට ගෙන ආ යෝජනාවකි. 1977 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජේ.ආර්. ජයවර්ධන මහතාට ලැබුණ හයෙන් පහක (5/6) අසීමිත බලයෙන් උන්මාදයට පත්ව ඔහු කළේ "ගැහැනියක්- පිරිමියෙක්" කිරීමටත්, "පිරිමියෙක් -ගැහැනියක්" කිරීමටත්,පමණක් නොහැකි අසීමිත බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමයක් හදුන්වා දීමයි. හොරකම,බොරුව, දුෂණය,තක්කඩිකම, සමාජ අසාධාරණය ඉහවහා පැතුරුණු පාලන ව්‍යූහයක් සහිත දුෂිත මැතිවරණ ක්‍රමයක්ද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සතු වෙයි. දැනට එය දහඅට වතාවක් සංශෝධනය කර ඇතත් ඒ සෑම අවස්ථාවකදීම තනි පුද්ගලයකු වටා අසීමිත බලයක් කේන්ද්‍ර කර ගත්තා හැර පවත්නා දුෂිත, අශීලාචාර ක්‍රමය, ශීලාචාර කර ගැනීමට අවශ්‍ය කිසිදු පියවරක් නොගැනුණි.

    ජේ.ආර් ගේ හොඳකම

    විධායක ජනාධිපති ක්‍රමය හදුන්වාදුන් ජේ.ආර්. විසින්ම එය ධුර කාල දෙකකට සීමා කළේ එහි ඇති සර්වබලධාරී අසීමිත බලතලවල තිබෙන අගතිගාමී ස්වරූපය ඔහුම හොඳින් දැන සිටි නිසාය. ජේ.ආර්. බලයට පත්වන විට ඔහු 70 ඉක්මවූ මහල්ලකු වූ නිසා වසර 06 බැගීන් ධුර කාල දෙකක් (වසර 12ක්) ගෙවී යනවිට තමාගේ හොඳ පණ නැති බව කල්පනා කළ ජේ.ආර් මේසා අහිතකර බලයක් තමන්ට මෙන් අන් කිසිවකුට ඊට වඩා වැඩිකාලයක් පරිහරණය කිරීමට ඉඩ තැබීම නුසුදුසු යැයි කල්පනා කොට ධුරකාල දෙකකට සීමා කළේය. එහෙත් යුද ජයග්‍රහණය හේතු කොටගෙන ආණ්ඩු පක්ෂයට ලැබුණු තුනෙන් දෙකේ (2/3) බලය ප්‍රයෝජනයට ගෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කළේ අර ජේ.ආර් ගේ ව්‍යවස්ථාවේ තිබුණු ධුරකාල දෙකේ බාධකය 18 සංශෝධනය මගින් කටුගා මැරෙනතෙක් බලයේ සිටීමට දික් කර ගැනීමයි.

    "අප සිතාගෙන හිටියේ නරකම පාලකයා ජේ.ආර් කියලා බලනකොට ඔහු හොඳයි" යනුවෙන් අතුරලියේ රතන හිමියන් 2014.ඔක් 19 දින මහරගම තරුණ සේවා සභාවේ දී පැවති ජාතික හෙළ උරුමයේ 11වන මහා සම්මේලනය අමතමින් පැවසුවේ ජේ.ආර් යහපත් පාලකයකු යන සාධු සම්මත අර්ථයෙන් නොව 18ට සාපේක්‍ෂ වශයෙනි. ජේ.ආර් සාධුතර පාලකයකු යන්න එම ප්‍රකාශයෙන් අදහස් නොවන බව නොමේරූ ළදරුවකුට හැර සාමාන්‍ය පුද්ගලයකුට වුවද පැහැදිලිය. නිදහසින් පසු මේ මහපොළව, ගහකොළ හදුනන, අපේ සංකෘතික උරුමය වෙත මුල් ඇඳුනු ආධ්‍යාත්මික පාලකයකු තවමත් බිහිවී නොමැති බව උන්වහන්සේ දෙරණ 360 වැඩසටහනකට ද එක්වෙමින් පැවසූහ. රතන හිමියන්ගේ සොම්නසට හේතුවන පාලකයකු තවමත් බිහිව නැති බව මින් පැහැදිලිව පෙනෙද්දීත්, වත්මන් ජනාධිපතිගේ ක්‍රියා කලාපයට සාපේක්ෂව උන් වහන්සේ "ජේ.ආර් හොදයි" කියූ ප්‍රකාශය පමණක් උපුටමින් ජේ.ආර් ගේ අපකීර්තිමත් ඉතිහාසය නැවත වමාරා ලඝු මනසින් රතන හිමියන්ට පහර දෙන්නේ ඇයි ?

    ඇමරිකාව හා ප්‍රංශය ඉක්මවීම

    ඇමරිකානු ජනාධිපතිවරයාගේ කටයුතු ද කිසියම් ප්‍රමාණයට කොංග්‍රස් සභාවට පාලනය කළ හැකිය. ඇමරිකානු ජනාධිපතිට ඕනෑම අවස්ථාවක ව්‍යවස්ථාදායක සභාව විසුරුවා හැරීමේ බලයක් ද නැත. ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් වන අතර නීතියට පටහැනිව කරන ඕනෑම ක්‍රියාවක් හෝ විධානයක් අවලංගු කිරීමේ බලය එරට ශ්‍රේෂ්ඨාධිකරණය සතුය. අසල්වැසි ඉන්දියාව ගත්ත ද ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය සම්පුර්ණයෙන්ම අහිමි කොට නැත. වංචා දුෂණ චෝදනාවන්ට එරට අධිකරණය ජයලලිතාට සිර දඩුවම් දෙන්නේ එබැවිනි. එහෙත් එවැනි සිදුවීමක් ලංකාවේ වුයේ නම් හිරේ යන්නේ ජයලලිතා නොව නඩුව විභාග කළ විනිශ්චකාරවරුන්ය. මත් කුඩු ගනුදෙනු චෝදනාවන්ට හිරේ ලැගිය යුතු අගමැතිවරයා අද නිදහසේ ඉන්නේ ලංකාවේ අධිකරණ පද්ධතිය එසේ නොවී විධායකයට යටත්ව ඇති නිසාය.

    ප්‍රංශ ජනාධිපතිට ද අගමැතිගේ උපදෙස් නැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් නැති අතර අගමැති නොසලකා ඇමති මණ්ඩලය පත් කිරීමේ බලයක් ද නැත. එහෙත් ලංකාවේ අග්‍රාමාත්‍යවරයා තවමත් ඇවිදින පඤ්චස්කන්ධයකට එහා පිළිගැනීමක් නැති අවලංගු කාසියකි. ප්‍රංශ ජනාධිපතිගේ ක්‍රියාකාරකම් පවා එරට ව්‍යවස්ථාදායක සභාවේ අධීක්ෂණයට ලක් වෙයි. නමුත් ලංකාවට විධායක ජනාධිපති ධුරය හදුන්වා දීමේදී ඇමරිකානු හා ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පූර්වාදර්ශයට ගත්තා පමණක් නොව මහා බ්‍රිතාන්‍ය අගරැජිණ ගේ බලතලද මුසු කොට ලෝකයේ මොනම රටකවත් නැති අසම සම ව්‍යවස්ථාවක් ජේ.අර් උතුමෝ සකස්කර ගත්හ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 18 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන්නේ එයත් ප්‍රමාණවත් නොවූ බැවිණි.

    77 ජේ.ආර් ගේ සිතැඟියාවන්ට අනුව නිර්මාණය කොට එදා සිට අද දක්වාම පවත්වාගෙන යන මේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා නීතියට යටත් නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් නැත. කැබිනට් මණ්ඩලය තම අභිමතය පරිදි පත්කළ හැකිය. ඕනෑම මොහොතක ඕනෑම අමාත්‍යංශයක් උදුරාගත හැකිය. ජනාධිපති වරයා නීතියට පටහැනිව කරන කවර වරදක දී වුවද ඊට එරෙහිව ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවට හෝ අධිකරණයට බලයක් නැත. නියමිත කාලසීමාවට පෙර හිතුවක්කාර අන්දමින් පාර්ලිමේන්තුව හෝ පළාත්සභා විසුරුවා මැතිවරණ කැඳවිය හැකිය. අධිකරණයෙන් වරදකරුවකු ලෙස දඩුවම් ලබන්නෙකු වුවද ඕනෑම මොහොතක නිදහස් කල හැකිය. නිදසුනක් ලෙස 1981 සැප්තැම්බර් 13 මිනීමැරුම් චෝදනාවකට මරණ දඬුවම දී තිබූ කීර්තිසේන නමැත්තකු ජේ.ආර්. නිදහස් කළේය. ස්ත්‍රී දූෂණ චෝදනාව යටතේ දීර්ඝකාලීන සිර දඬුවම් නියම වූ ගෝනවල සුනිල්ටද පක්ෂ ආධාර කරුවකු වීම නිසා සමාව දුන්නේය. වත්මන් ජනාධිපතිවරයාද ඒ පුර්වාදර්ශ අනුයමින් මිනීමැරුම් චෝදනාවන්ට සිර ගත වූ චන්දන කත්‍රිආරච්චි හා මිල්රෝයි ප්‍රනාන්දු යුවළ නිදහස් කළේය.

    මේ මැතිවරණ ක්‍රමය තුල මිනීමැරීම්, පහරදීම්, දේපළ හානි, වංචනික ක්‍රියා, මහජන මුදල් කාබාසිනියා කිරීම් සංඛ්‍යාත්මක වශයෙන් කෙළවරක් නැත. මේ රට 1948 සිට තවමත් සංවර්ධනය වෙමින් පවතින (සංවර්ධනය කළ නොහැකි) රටක් ලෙස තවමත් පැවතීමට හේතුවක් වන්නේත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය. මේ ක්‍රමය තනි පුද්ගලයකු වටා සකලවිධ සම්පත් කේන්ද්‍ර ගත වුවක් විනා පුරවැසියන්ගේ පොදු යහපත පිණිස සකස්වුවක් නොවේ. එබදු පටු අරමුණු ඇතිව සකස් කරගත් ව්‍යවස්ථාවක් මහජන යහපත පිණිස ප්‍රතිසංස්කරණය කර ගැනීමට ගන්නා උත්සාහයක් වේනම් ඊට සහයෝගය දිය යුත්තේ මේ පසුබිම යටතේය.

    චම්පික අමාත්‍යවරයාගේ හෙළිදරව්ව

    පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා ද මේ දිනවල මේ ආණ්ඩුවේ හිතුවක්කාර වැඩ ගැන විශේෂ හෙලිදරව්වක් කරමින් සිටී. පාඨලී චම්පික රණවක යනු විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පැවරීමට සුදුසු ඒ විෂය පිලිබඳ ප්‍රමාණික දැනුමක් තිබෙන ඇමතිවරයා වෙයි. නමුත් ජනාධිපති බලතල නම්න් ව්‍යවස්ථාවෙන් පැවැරී ඇති හාස්කම් බලයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ලබා දුන්නේ විෂය මුලික දැනුමක් නැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිටය. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මතුකළ ප්‍රශ්නයකට ලකුණු දා ගැනීමට ඇමතිවරිය පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් අරභයා හිටපු විදුලිබල ඇමති පාඨලී චම්පික රණවක මහතා පිළිතුරු දීමෙන් ආණ්ඩුවේ තිබුණු ලකුණු ද කැපී යන්නට පටන්ගෙන තිබේ.

    එතුමා පවසන්නේ වසර ගණනාවක් තිස්සේ කිසිම ටෙන්ඩර් පටිපාටියකින් තොරව අමාත්‍යංශයේ බලලත් පුද්ගලයකු නෝබෙල් රීයෝස් සමාගමෙන් ගල් අගුරු සැපයීම කළ බවත් බවත්, 2012 වර්ෂයේ ඉන්දුනීසියාවේ තෝරියන් සමාගමෙන් වාරාය අධිකාරියේ හා නැව් සංස්ථාවේ මෙහෙයවීම මත ප්‍රමිතියෙන් තොර ගල් අගුරු නැව් දෙකක් ගෙන්වා ඇති බවයි, තමන්ගේ අනුදැනුමකින් තොරව කළ එම ගෙන්වීම නිසා ගල් අගුරු මිලදී ගැනීම ප්‍රතික්ෂේප කොට එම නැව් ආපසු හරවා යැවීමට උපදෙස් දුන්බව චම්පික අමාත්‍යවරයා කියයි. විදුලිබල අමාත්‍යංශයේ උපදෙස් නොපිළිගත් ගල් අගුරු සමාගමේ සභාපති තිස්ස හේරත් මහතා නීතිපති උපදෙස් ලබාගෙන අර ප්‍රමිතියෙන් තොර ගල් අගුරු තොගය ගොඩබාගෙන තිබේ. චම්පික අමාත්‍යවරයා කළේ සභාපති වරයාගේ මේ විධිමත් භාවයෙන් තොර, වැරදි හිතුවක්කාර ක්‍රියාවට දඬුවමක් වශයෙන් 2013.01.21 වන දින ඔහු ධුරයෙන් ඉවත් කොට 2013.01.24 වන දින නව අධ්‍යක්ෂක මණ්ඩලයක් පිහිටුවා සිදුවූ අක්‍රමිකතාව සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස නියෝග කිරීමයි.

    එහෙත් පරීක්ෂණය ආරම්භ කර දින හයක් යනවිට පාඨලී චම්පික අමාත්‍යවරයාගෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය උදුරාගෙන තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ධුරය පිරිනමයි. විදුලිබල අමාත්‍යංශය පවිත්‍රා වන්නිආරච්චි මැතිනියට ලබා දෙන්නේ රාජපක්ෂ පවුලේ ඕනෑම දෙයකට එතුමියගේ ලැදියාව හා පමණ ඉක්මවා දක්වන කීකරුභාවය සැලකිල්ලට ගෙනය.එවිතරක් නොව චම්පික අමාත්‍යවරයා ඉවත් කළ සභාපතිද නැවත එම තනතුරේ පිහිට වූ බව අමාත්‍යවරයා කැදවූ මාධ්‍ය සාකච්ඡාවේ දී හෙළිදරව් කැරිණි . විෂයභාර ඇමැතිටත් වඩා ඔහු බලවත් වුයේ කෙසේද ? මේ අදිසි හස්ත නොහොත් සෑම අතටම විහිදුවා ගත් බූවලු පාලන ක්‍රමය ඥානසාර හිමියන්ට ප්‍රශ්නයක් නොවන්නේ ඇයි? රතන හිමියන් 19 වන සංශෝධනය ගෙනෙනේ මේ අත්තනෝමතික ක්‍රමගත බලකාමයට එරෙහිවය.

    දේශප්‍රේමී හා බොදු බල විරෝධය

    එහෙත් ආණ්ඩුව කැලේ ගහක් කැලේ ගහකින්ම නැසීමේ උපාය මාර්ග තෝරාගෙන ඇති බව පෙනෙන්නේ දේශප්‍රේමී ලේබලය යටතේ බෙංගමුවේ නාලක හිමියන්ගේ හඩ අවදි කරවීමෙනි. රතන හිමියන් ඉදිරිපත් කළ සංශෝධන කෙටුම්පත නිසා දේශප්‍රේමී භික්ෂු පෙරමුණ නමැති නාමික සංවිධානයේ නාලක හිමියන්ගේ පඬුපුල් අසුන කැසිනෝ පණතටත් නොතිබූ උනන්දුවකින් උණු විය. ඒ කිසිම අර්ථමය වැදගත්කමක් නැති ජනාධිපති උපදේශක තනතුර ඊළග වතාවටත් පූජාකර ගැනීමටද? නො එසේනම් උන්වහන්සේගේ දේශප්‍රේමය වූ කලී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කොපමණ ධනස්කන්දයක් කාබාසිනියා කළත් කමක් නැත යන්නද ?

    ඊ ළගට බොදු බල සේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද ඉතා ඉතා තක්කඩි ආකාරයට රතන හිමියන්ට එරෙහිව අවි අමෝරාගෙන නැගී සිටියේය. රට, ජාතිය,ආගම පිලිබඳ බෙරිහන් දෙන තරමට සැබෑ උවමනාවක් තිබේ නම් බොදු බල සේනාවද කළයුතුව තිබුනේ ඊට එරෙහි වීම නොවේ. පසුගිය කාලයේ කෑ ගැසූ ප්‍රශ්න පිලිබඳවද නොතකා හළ ජනාධිපතිවරයාට නැවතත් නොසලකා සිටීමට නොහැකි ලෙස ඒ පිලිබඳ දැනවීමට අවස්ථාවක් කරගැනීමයි. තමාට නොහැකි නම් කට පියාගෙන නොසිට රතන හිමියන් විධායකයේ අනවශ්‍ය තටු කපා මේ රටට හිතකර ව්‍යවස්ථාවක් සකස්කර ගැනීමට පෙරමුණ ගන්නාවිට එය තිඹිරිගෙයින්ම යටපත් කිරීමට බොදුබල සේනා සංවිධානයේ ඥානසාර හිමියන්ට තිබෙන හදිසි වූවමනාව කුමක්ද? නැත්නම් එය වෙනත් කාගේ හෝ උවමනාවක් ඥානසාර හිමියන්ගේ කටින් පිට වීමක්ද?

    අලුත්ගම සිද්ධියේන් පසු බොදුබල සේනාවට එරෙහිව ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු අත්වැල් බැඳ ගනිද්දී චම්පික අමාත්‍යවරයා සිටියේ මුස්ලිම් අන්තවාදයේ හරය පැහැදිලි කරමින් බොදු බල සේනාවට පක්ෂ මතවාදයකය.එහෙත් ඔහුගේ අමාත්‍යාංශය පවා උදුරා ඉහළ තැන් නියෝජනය කිරීමට හෙංචයියන් පත් කරනවිට, එවැන්නන් රාජ්‍ය සේවය පුරාම වසා පැතිරී සිටිනවිට, රට, ජාතිය ආගම පිලිබඳ ඥානසාර හිමියන්ගේ කැක්කුම් ගහන හෘද සාක්ෂිය යටපත් වන්නේ ඇයි? දැන් චම්පික ඇමැතිවරයාම නියෝජනය කරන පක්ෂයේ සභාපති හිමියන් විසින් ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පතක් ගේන විට එය ඥානසාර හිමියන්ගේ වාතයාරක්තය කෝප වීමට හේතු වන්නේ ඇයි ?

    බොදු බල සේනාවේ රළු විවේචනයන්ට ද පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලක්විය. නියගින් පීඩා විදින මෙරට ජනයා අමතක කොට පලස්තීනය වැනි මුස්ලිම් රටකට ඇමරිකානු ඩොලර් මිලියනක් ආධාර දීම, බදීයුදීන් ඇමතිවරයා විල්පත්තු වනය සංහාර කරමින් කළ මුස්ලිම් ජනපදකරණය, ඒ සදහා ආණ්ඩුවේ කෙරුමකු වූ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ සහයෝගය ඇතැයි ප්‍රසිද්දියේ චෝදනා කිරීම, හලාල් ඇතුළු මුස්ලිම් අන්තවාදය මැඩලීමට රජය කිසිදු පියවරක් නොගැනීම, පුරාවිද්‍යා වැදගත් කමකින් යුතු බෞද්ධ උරුමය සහිත ඓතිහාසික ප්‍රදේශ මුස්ලිම් ජනයා ආක්‍රමණය කිරීම, පල්ලි ඉදිකිරීම, ආදී නහුතයක් කරණා පෙරමුණට ගෙන මේ සංවේදී නායකයා ඊට සංවේදී නොවීම පිලිබඳ අතිශය ග්‍රාම්‍ය ආකාරයට විවේචනය කළහ. ෆේස් බුක් වැනි සමාජ ජාල පරිහරණය කරන්නන්ට මෙය අමුත්තක් නොවේ. කෙටියෙන්ම කිවහොත් ජනාධිපතිවරයා හදුන්වා දෙන්නේ "මොහොමඩ් මහින්ද" වශයෙනි. සිංහල බෞද්ධයාට ලැබිය යුතු නිසි තැන නොලැබෙන බව කියමින් රෙජීමය කෙරෙහි මේසා විශාල විරෝධයකින් සිංහල බෞද්ධයා කුපිත කළ සංවිධානයක් රතන හිමියන්ගේ යෝජනාව සමගින් සියලු වස්දොස් කිපී "හොඳම පොදු අපේක්ෂකයා මහින්ද" කියමින් රතන හිමියන් නයාට අඳුකොළ මෙන් පෙනී ගියේ ඇයි? ඥානසාර හිමියන්ට තිබුනේ මීට විරුද්ධ වීම නොව තවමත් මෙරට ප්‍රධාන සංරචනය වන සිංහල බෞද්ධ බලවේග නොසලකා හිතුවක්කාර ලෙස ක්‍රියාකිරීමේ වරද ජනාධිපතිවරයාට දැනවීමට මේ මොහොත අවස්ථාවක් කර ගැනීමයි.එහෙත් ඊට වඩා මේ කෙටුම් පත සකස් කළ පුද්ගලයා ඥානසාර හිමියන්ට ප්‍රශ්නයක්‍ වී තිබේ.

    සරත් එන් සිල්වා සාධකය

    පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ "පිවිතුරු හෙටක්" සංවිධානය යනු බහුජන සංවිධාන සාමූහික එකතුවක් මිස සරත් එන්. සිල්වාගේ ඒක පුද්ගල ප්‍රසංගයක් නොවේ. සරත් එන් සිල්වා යනු මේ කෙටුම් පත සකස් කිරීමට බුද්ධිමය දායකත්වය ලබාදුන් එක් පුද්ගලයකු පමණි. එහෙත් ඥානසාර හිමියන්ගේ එක් විවේචනයක් වන්නේ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මේ සංශෝධනය කෙටුම්පත් කිරීමයි. රට මේ තත්වයට වැට්ටුවේ සරත් එන් සිල්වා බවත්, ඔහු පක්ෂ මාරු කිරීමට අනුබල දෙන නඩු තීන්දු දුන් බවත්, ඔහුගේ History එක අපවිත්‍ර නිසා බොදුබල සේනාවේ විරෝධය පළ කරන බවයි. සරත් එන් සිල්වා රටෙන් පිටුවහල් කළ යුතු බවද මේ ගැන කීමට කැදවූ මාධ්‍ය සාකච්ඡාවේ දී අවධාරණය කැරිණි.

    ඇත්ත. වැරදි පුර්වාදර්ශ මෙන්ම, ආධානග්‍රාහී නඩු තීන්දු රාශියක්ම හිටපු අගවිනිසුරුවරයා ප්‍රකාශයට පත්කොට තිබෙන බව සැබෑය. එහෙත් අගවිනිසුරු වරයාට පවා ආණ්ඩු පක්ෂයට පක්ෂග්‍රාහී තීන්දු දීම හැර මේ ක්‍රමය තුළ වෙනත් විකල්පයක් නැත. විධායක බලයට අධිකරණ බලය යටත්කොට ඇති විටක ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ද විධායකයේ රබර් මුද්‍රාවක්ම මිස අන් යමක් නොවන බව සරත් එන් සිල්වා හොදින් දැන සිටියේය. ශ්‍රේෂ්ඨාධිකරණ දුන් සෑම තීන්දුවක්ම එසේ යැයි මින් අදහස් නොවන අතර ආණ්ඩු පක්ෂයේ අණ -පනත් හෝ ඍජු දේශපාලනික කරණා සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය කුමක්දැයි ව්මසා බැලූ සෑම අවස්ථාවකම තීන්දු දී තිබෙන්නේ විධායකයේ සිතගියාවන්ට අනුකුල වන පරිදිය. එකල එස්.බී. දිසානායක මහතාට සිර දඬුවම් නියම කිරීම, පක්ෂ මාරුව, 18, වන සංශෝධනය ගැන හදිසි අර්ථ නිරූපණය, හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට දුන් දරුණු වද හිංසන ආදිය සිදුවුයේ කාගේ වුවමනාවන්ට දැයි ජනතාව දනී. අගවිනිසුරු පත් කරන්නේ ජනාධිපති නිසා ඔහුගේ සිතගියාවන්ට අනුව ක්‍රියා කිරීමට අගවිනිසුරු නිල නොලත් මට්ටමින් බැදී සිටින බව අතීත සිද්ධි සාක්ෂ්‍ය දරයි. සරත් එන්. සිල්වාට අග්‍රවිනිශ්චකාර තනතුර ධුර කාල දෙකක් අතනොහැර අල්ලා සිටීමට හැකි වූයේ එහෙයිනි. ඥානසාර හිමියන් වර්තමාන අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගෙන් ඊට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නේ දැයි නොදනිමු.

    එහෙත් අපට වැටහෙන කරුණ නම් ඔහු පත්කර ගත්තේද සරත් එන් සිල්වා නැති අධිකරණයක එම රික්තකය පුරවා ගැනීම පිණිසය. එසේ නොවන ඕනෑම මොහොතක සිදුවන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායක මහත්මියට වූ දේ සහ තවමත් වෙමින් පවතින දේ සිහියට ගැනීම ඥානසාර හිමියන්ට නොමේරූ මොලයක් තිබීම වූවද ප්‍රමාණවත් වෙයි. අතීතයේ ද මෙවැනි නිදර්ශන තිබේ. ජේ.ආර් ජයවර්ධන පුවත් පතකට කර තිබු ප්‍රකාශයක් එවකට අගවිනිසුරු නෙවිල් සමරකෝන් උත්සව සභාවක දී විවේචනය කිරීම හේතුකොටගෙන ජේ.ආර් කළේ ඔහුව තනතුරෙන් පහ කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමය. ඊළගට 13 වන සංශෝධනයට පක්ෂ නොවීම නිසා ජ්‍යෙෂ්ඨත්වයෙන් පෙරමුණේ සිටි රාජා වනසුන්දරගෙන් පලි ගත්තේ ඔහුට අගවිනිසුරු ධුරය අහිමිකොට ඊට පහළින් සිටි පාලින්ද රණසිංහ පත් කිරීමෙනි. මාර්ක් ප්‍රනාන්දු මහතා ද විධායකයට අකීකරු වීම නිසා අගවිනිසුරුකම අහිමිකර ගත්තෙකි. මේ සියලු තත්වයන් සියසින් දැක අත්විද ක්‍රමයට අනුගතව කටයුතු කරන්නේ කෙසේදැයි මානව තේරුම් ගැනීමට කුප්‍රකට බුද්ධියක් තිබුනේ සරත් එන් සිල්වාටය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතිය පිළිබඳ හසල දැනුමක් ඇත්තෙකු සේම තැනේ හැටියට ඇණේ ගැසීමටත් ඔහු දක්ෂ විය. එසේ වූ පමණින් රතන හිමියන් ඔහුගේ බුද්ධිමය දායකත්වය නොගත යුතුද? අංගුලිමාලද රහත් වූ ශාසනයක භික්ෂුවක් සරත් එන් සිල්වාට පමණක් තමා කළ වැරදි නිවැරදි කර ගැනීමට අවස්ථාවක් නොදී රටෙන් පන්නා දැමිය යුතුයැයි කියන්නේ ඇයි? කරුණා අම්මාන් වැන්නෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයකු මෙන්ම ආණ්ඩුවේ ඇමැතිවරයකු වීමට හැකි නම් රතන හිමියන් සරත් එන් සිල්වාගේ දැනුම මේ සංශෝධනයට ලබා ගැනීමේ ඇති වරද කුමක්ද? සංග්‍රාම භූමියකදී හී පහරක් වැදුන පසු පළමුව ඊට ප්‍රතිකර්මයක් කිරීම විනා එම හී පහර පැමිණියේ කුමන දිශාවෙන්ද, කුමන ලෝහයෙන් එය නිමවන ලද්දක්ද, එහි දිග පළල කොපමණද යන්න සොයා බැලීම අනුවණ ක්‍රියාවකි. මේ මොහොතේ අවශ්‍ය වන්නේ ශීලාචාර ආණ්ඩුක්‍රමයක් නිර්මාණය කර ගැනීමට තමාන්ටත් තිබෙන අදහස් යෝජනා ඉදිරිපත් කොට දායකවීම හෝ මේ පිලිබඳ පළල් කතිකාවක් ඇති කිරීම විනා ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කළ පුද්ගලයාගේ ඉතිහාසය සොයා බැලීම නොවේ.

    පුද්ගල සාධකයට වඩා අරමුණ වැදගත් වීම

    දේශපාලන උපාය මාර්ග තේරීමේ දී පුද්ගල සාධකයන්ට වඩා අරමුණ ප්‍රමුඛ කොට ගැනීම වැදගත්ය.ඊට හොදම නිදසුන බොදුබල සේනා සංවිධානයයි. බීමතින් රිය පැදවීමේ වරදකට පැවැති නඩුවක් පිළිබඳව එක්තරා රුපවාහිනී නාලිකාවකින් ඉස්මතු කරද්දීත් සිංහල බෞද්ධයින් රට පුරා පැවති බොදු සමුළුවලට පැමිණියේ ඥානසාර හිමියන්ගේ පැටිකිරිය සෙවීමට වඩා සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටින අරමුණ සලකාය. පසුගිය සැප්තැම්බර් 28 සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවති මහ සඟ සමුළුවට ආධාර පතා කොරියාවට ගිය විට එරට සේවය කරන ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ආධාර කිරීමේදී තමාගේ පැටිකිරිය සොයා නොබැලූ බව ඥානසාර හිමියන්ම සිය කතාවේදී හෙළි කළේය. ඒ ඔවුන්ට සිංහල බෞද්ධයා වෙනුවෙන් හඩ නැගීම ඊට වඩා වැදගත් නිසා විය යුතුය. එහෙත් ඒ බව කියන ඥානසාර හිමියන්ම දැන් සරත් එන්. සිල්වාගේ පැටිකිරිය සොයමින් මේ සංශෝධනයට විරුද්ධ වෙයි.

    අනෙක් අතට ජනාධිපතිවරණයක් කටමුල තියාගෙන හදිසියේ සංශෝධන ගෙනෙන්නේ කුමකටද, දැන්ද මතක් වෙන්නේ යනුවෙන් ප්‍රශ්න කරයි. එහෙත් තවත් වසර දෙකක් තිබියදීම හදිසියේ ජනාධිපතිවරණ කැඳවන්නේ කුමකට දැයි උන්වහන්සේ අනෙක් පැත්තට නොවිමසයි. අනෙක් කාරණය මේ සංශෝධනයට විරුද්ධ වී ජනාධිපතිවරයාගේ මන දොළ තෘප්ත කිරීමට ඕනෑම විටක සුදානම්ව සිටින කීකරු ඇමතිවරු සිටියදී ඥානසාර හිමියන් ඒ කාරණයට ඉක්මන් වන්නේ ඇයිද? යන්නයි. එහි තේරුම බොදුබල සේනාවද අවශ්‍ය වෙලාවට පාවිච්චියට ගැනීමට තිබෙන ආණ්ඩුවේම තුරුම්පුවක් යන්නද?

    දේශප්‍රේමය යනු මේ රජය කරන ඕනෑම දෙයක් අනුමත කිරීම නොව මේ අසීමිත බලකාමය සහ ධනකාමය කිසියම් දුරකට හෝ පාලනය කිරීමයි. ජෙනරාල් සරත් ෆොන්සේකාට සහ ශිරානී බණ්ඩාරනායක මහත්මියට කළ කී දෑ හෘද සාක්ෂියක් ඇති කිසිවකුට අනුමත කල නොහැකිය.රාජපක්ෂ පවුලේ මේ අත්තනෝමතික ක්‍රියා කලාපයට පුරවැසියන් ලෙස අප පමණක් නොව උග්‍ර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයා පවා එරෙහි විය යුතුමය. වසර 30ක් තිස්සේ සියලු ලංකික පුරවැසියන් පීඩා විඳි කුරිරු ත්‍රස්තවාදයෙන් එතුමා රට නිදහස් කරගත් රාජ්‍ය නායකයා බව සැබෑය. එහෙත් ඒ වෙනුවෙන් ඔහු කරන කියන හැම දෙයක්ම අප ඉවසිය යුතුද? අසාධාරණය, නාස්තිය, දුෂණය, අත්තනෝමතිකත්වය, රජයනවිට ඊට එරෙහිව පෙනීසිටීමෙන් ආණ්ඩු විරෝධීයකු හෝ එන්.ජී.ඕ.කාරයයෙක් වීමට සුදුස්සෙක් වන්නේ නැත. අද එබඳු සංවිධාන පවා 19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙන්නේ හෙළ උරුමයේ ජාතික චින්තනය හෝ සිංහල බෞද්ධකම වැළඳගෙන නොව මේ මොහොතට අවස්තානුකූලව දේශපාලනය වීමකි. රොටිය පුච්චාගත හැක්කේ තැටිය රත්වූ වෙලාවට යනුවෙන් ගැමි කියමනක් තිබේ. ගැමියකුට තිබෙන එම දේපාලන සවිඥානිකත්වය අද බොදුබල සේනාවේ ඥානසාර හිමියන්ට නොවීම මේ සංවිධානය කෙරෙහි බලාපොරොත්තු තැබූ බෞද්ධයින්ගේ අවාසනාවකි. උන්වහන්සේගේ ඉලක්කය ජනාධිපතිවරණය නොව මහමැතිවරණය යැයි කියමින් අදේශපාලනික ප්‍රකාශන ද කටින් පිට කරති. එහෙත් මෙබදු බලසම්පන්න විධායකයක් අභියස පාර්ලිමේන්තු ආසනයක් දෙකක් දිනා ගත් පමණින් කළහැකි කෙංගෙඩියක් නැති බව ඥානසාර හිමියන් අවබෝධ කර ගත යුතුය. ඇරත් අධානග්‍රාහී ලෙස පක්ෂ බදාගෙන ඉන්නා සිංහල බෞද්ධයා බොදු බල සමුළුවල කතා ඇසීමට ආ පමණින් තම පරවේණිගත පක්ෂයට එපිටින් කතිරය ගසිතියි මුලා නොවිය යුතුය.

    විරුද්ධ පක්ෂයට ඇති සීමා

    ජේ.ආර්.ජනාධිපතිවරයා මේ ව්‍යවස්ථාව සකස්කොට තිබෙන්නේ ආණ්ඩු පක්ෂයෙන් හැර විරුද්ධ පක්ෂයෙන් බුදුන් වහන්සේ පැමිණියත් ලෙහෙසියෙන් බලයට පත්විය නොහැකි ආකාරයටය. රණසිංහ ප්‍රේමදාස මහතා හදිසියේ බෝම්බ ප්‍රහාරයකට ලක්ව මිය නොයන්න අදටත් පවතින්නේ එ.ජා.ප ආණ්ඩුවකි. ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසු උත්සාහයකින් තොරවම ජනාධිපති ධුරයට පත් වන්නේ ඩී.බී විජේතුංග මහතාය. ඔහු බලකාමයෙන් මත්ව විධායක බලතල හිතුවක්කාර අන්දමින් ඔහු පරිහරණය නොකළේය. දුර්වල පාලකයකු වූ එතුමා ස්වභාවයෙන්ම බලයට කෑදර නොවූයේ ප්‍රේමදාස මහතාගේ මරණයෙන් පසු ජනාධිපති ධුරය ස්වීප් දිනුමක් සේ ලැබුන නිසාය. 94 දී එ.ජා.ප ආණ්ඩුවෙන් චන්ද්‍රිකා බලය ලබාගන්නේ ඒ දුර්වලතාවය ප්‍රයෝජනයට ගනිමිනි. නො එසේ නම් අදටත් තිබෙන්නේ එජාප ආණ්ඩුවකි. මෙයින් පෙනෙන්නේ කුමන පක්ෂයකට බලය මාරු වුවත් විරුද්ධ පක්ෂයට නැවත බලයට පැමිණීම ලෙහෙසි නැති බවයි. තම පක්ෂයම නිර්මාණය කළ මේ ඒකාධිපති ව්‍යවස්ථාව නිසා අද එම පක්ෂයම මෙහි ශාපය දිට්ට ධම්ම වේදනීය ආකාරයෙන් අත්විදිමින් සිටී. දැන්වත් රටෙත්,ජනතාවගේත් ඉරණම තීරණය කරන මේ කඩදාසිය සාමුහික ප්‍රයත්නයකින් වෙනස්කරගත යුතුව ඇත. යුද්ධය ඉවර කිරීමට හැකි වූයේ මේ විධායක බලතල තිබුන නිසා යැයි කියන පිරිස් ද සිටී. එහෙත් යුද්ධය ඉවර කිරීමට මහින්ද රාජපක්ෂ වැන්නකුට බලයට පැමිණීමට හැකි වූයේ ද ධුර කාල දෙකේ සීමාව තිබූ නිසාය. මහින්ද රාජපක්ෂ මහතාට ද සදාකාලික පැවැත්මක් නැති බවද සිහිපත් කළ යුතුය. ඔහු නැති කලක මේ ව්‍යවස්ථාව පත් වන්නේ කවර ගනයේ කෙනෙකුටයි තීරණය කළ නොහැකිය. එය මිනිසුන් ගස් බඳින දේශපාලකයකු අතට පත් වුවොත් සිදුවිය හැකි විනාශය අපමණය. එබැවින් තැටිය රත්වී තිබෙන මේ මොහොත කළමණාකරණය කර ගැනීමට අවශ්‍ය ප්‍රඥාව ඉදිරියේ දී බොදුබල සේනාවේ ඉහළ නායකත්වයට පහළ වනු ඇතැයි අප විශ්වාස කරමු. එසේ නොවුනහොත් ආණ්ඩුවේම තුරුම්පුවක් සේ සලකා සිංහල බෞද්ධයින් විසින්ම මේ රංගනයේ ආයුෂ කෙටි කරනු ඇත[/SIZE]
     
    Last edited:
    • Like
    Reactions: hirashgeff and KPZ

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,347
    1
    4,031
    113
    The interpretation of constitution is different from interpretation of other statues. This is an accepted principle and I think former CJ knows it better than others .
    At the same time he is a very cunning and charismatic person, so what he has done is to create a confusion in the minds of the people.
    The interpretation to the constitution given by the SC is perfect. This is not to say that past or future decisions are all correct.
    Take this constitution to any other legal expert and they will arrive at the same conclusion.
    Former CJ has an axe to grind and should not be taken as authority on this issue.
    Even the Bar Association of Sri Lanka sought legal opinion from abroad but instead of addressing the issue the opinion stated that 18th amendment was not constitutional. We cannot nullify 18th Amendment. So it is clear with 18th amendment any legal impediment to number of terms of the president disappeared. This applied to the incumbent president , too.
    This is the hard truth. Wake up to those who supported 18th amendment including Ven Rathana , Sarath Silva and even to Ven Sobitha, did any one of them voiced objection to 18th amendment's extension of period of the president. Even Ranil or UNP did little on this point. (they objected vehemently to abolishing independent commissions -that was only part of the amendment)
    So, face the reality you all allowed this unlimited power to MR. Now it is too late to seek refuge in the constitution. The power is with the people if they reject 3rd term they can defeat MR. Wait and see
     
    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    ඔක එක එක්කෙනා දකින විදිය. මහින්දව දැන් පාලනය කරනවා කියන අය( සුළු පක්ෂ) මොකද කරන්නේ. තමන් රිමෝට් කොන්ට්‍රෝල් එක කියා කියා ඉන්නව මිසක් රටට වෙනසක් කරලා තියනවද. හෙළ උරුමේ කියපු කිසි දෙයක් මහින්ද අහලා තියනවද? jvp එක හිටියනම් jvp එකටත් පුළුවන් ඇමති කමක් ලබගෙන් හොරුත් එක්ක නිකන් රග පානවා වගේ ඉන්න. jvp එකට මහින්ද හරියට ඇමතිකම් කරන්න ඉඩදෙයි කියලා හිතනවද? අද ආණ්ඩුවත් එකකේ ඉන්න සුළු පක්ෂ ඔක්කොම නටන්නේ ආණ්ඩුව කියන විදියට නේද? jvp එක හිටියනම් jvp එක්ට වෙන්නේ ඕක තමයි. කොහොමත් සන්දානය ගහනකොට එකග වෙච්ච පොදු කොන්දේසි තිබුන. අනික සන්දානය ගැහුවේ මහින්ද එක්ක ගමනක් යන්න නෙමයි ඒ අවස්ථවේ රනිල් කරන්න හදපු කොටින්ට ස්වයන්පාලන අයිතිය ලබාද්දීම වලක්වනන. එතනින් එහාට මහිදත් එක්ක ගමනක් යන්න බැහැ. හොරුත් එක්ක ඉන්න පුළුවන් හොරුන්ට විතරයි

    ජවිපෙ සන්දාන ගහගෙන හිටියනම් විමල් වගේ විශාල පිරිසක් කැඩෙන්න තිබුනා. පක්ෂය තවත් දියාරු වෙන්න තිබුනා. පක්ෂය ගැන ජනවත්වට තිබ්බ විශ්වශ්‍ය නැත්තටම නැති වෙන්න තිබුනා. කොටින්ම එකග උන දෙවල් වලට වැඩ නොකරපු නිසා අයින්වෙන්න උනා. එහෙම අයින් උන එක හොදයි කියලා තමයි මම නම් හිතන්නේ. අවන්කවම කලපනා කරලා බලනවනම් එවලේ ජවිපෙ කරපු වැඩේ හරි කියලා ත්රුම් ගන්න පුළුවන්. එත් කට හරි ජවිපෙට චන්දේ නොදී ආණ්ඩුවට දුන්නයි කියන්න හේතුවක් වෙන්න් පුළුවන් ඔය ජවිපෙ එකතු නොවෙච්ච එක

    හැබයි දැන් ඔයගොල්ල්න්නට පුළුවන් නේ ජවිපෙ එක්ක එකතු වෙන්න. මොකද දැන් ත්රෙන්ව ඇතිනේ හරි වැරැද්ද. දීලා වැඩක් නැහැ කවදාවත් එන්නේ නැහැ කියලා කියන්න එපා. ගන්න්ගාවක් උනත් පටන් ගන්නේ පොඩි උල්පතකින්. අනික හරි දේ දුබලයි කියලා හැමදාම ප්‍රබලදෙට ආවඩන එක ත්රුමක් නැහැ. පොඩ්ඩ හරි නිවැරදි දේ එකක එකතු වෙන එක තමයි කරන්න ඕනි

    ඔව් මේක මම දකින විදිය තමයි, ඒ වගේම එදා රටේ බහුතර ජනතාව දැකපු විදිය. ඇත්තටම ජවිපෙ සන්දානයේ අනෙකුත් ත්‍රි වීල් දේශපාලන පක්ෂ සමග සමාන කරන්න බැහැ. ජවිපෙ කියන්නේ ඉතාමත් හොඳ සන්විදානාත්මක ශක්තියක් තියෙන,රටේ යම්කිසි චන්ද පදනමක් තිබෙන පක්ෂයක්. අපි මේ ගැන කතා කරනකොට 2005 වකවානුවට ගිහින් බලන්න ඕනේ.එදා ජවිපෙ පාර්ලිමේන්තුව තුල ඉතාමත් ශක්තිමත්. එක නිසා ඔය සන්දානේ ඉන්නව කියන අනිත් සියලුම පක්ෂ වලට වැඩ ප්‍රබල හඬක් ජවිපෙට නගන්න පුළුවන්කම තිබ්බ.

    ඔව් මහින්ද සමග එකතු උනානම් ඔබ කියන ඒවා වෙන්න තිබ්බ, එහෙම නොවී රටේ දේශපාලන ගමන් මග අලුත්ම දිශාවකට යන්නත් ඉඩ තිබ්බ. එක මෙහෙම වෙයි නොවෙයි කියල අපි කාටවත් කියන්න බෑ.මම සරලව කියන්නේ ඒ වෙලාවේ ජවිපෙට උත්සාහ කරලා බලන්න තිබ්බ. ලැබිච්ච අවස්ථාව ප්‍රයෝජනයට ගන්න තිබ්බ.තමන්ගේ දේශපාලන මතය 100% නොවුනත් යම්තාක් දුරකට ප්‍රායෝගිකයි,මේක තමයි රටට සුදුසු කියල ඔප්පු කරන්න උත්සාහ කර බලන්න තිබ්බ.මහින්දව හරි පාරේ ගෙනියන්න උත්සහ කර බලන්න තිබ්බ. මොකද මහින්දව බලයට ගෙන්න ඔවුනුත් හවුල් කාරයෝ උන නිසා.හරියන්නේ නැත්නම් ඔවුන්ට අයින් වෙන්න තිබ්බ.

    එදා මහින්දත් එක්ක අත්සන් කරපු කොන්දීසි 12ක් සහිත ගිවිසුමේ තිබ්බේ කොටින්ට ස්වයං පාලන අයිතිය ලබාදීම වැලක්විමම විතරක් ම නෙමෙයි. ඊට අමතරව විධයක ජනාදිපති ක්‍රමය අහෝසි කිරීම. රාජ්‍ය ආයතන පවුද්ගලීකරණය නොකිරීම. නොබැඳි විදේශ ප්‍රතිපත්ති,ආර්ථිකය,නිදහස් අද්‍යාපනය,සේවක ගැටළු විසදිම වගේ කරණා එයට ඇතුලත් උනා. ඔන්න ඕව ඇතුළු තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඔවුන්ට අවස්තාව ලැබුන.

    එකග උන දේවල් වලට පටහැනි දේවල් වුන නිසා චන්ද්‍රික රජයෙන් අයින් උනා ඒක ගැන නෙමෙයි මම කියන්නේ. මහින්ද රාජපක්ෂ සමග ඇතිකරගත් ගිවිසුම සහ මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කිරීමෙන් පසු සිදුවුණු ක්‍රියාවලිය ගැන. ඔය විමල් කැඩිච්ච එකනම් සන්දාන ගහන නොහිටියත් සිදු උන නේද? විමල් ඇතුළු තව මන්ත්‍රි වරු ආණ්ඩුවට ගිය සිද්දිය ආරම්බ උනේ ඇත්තටම එදා 2008 අය වැය වෙලාවේ විමල් පක්ෂයේ මතයට විරුද්දව ආණ්ඩුවට සහය දැක්වීමත් සමගයි.

    මම කියන්නේ මිත්‍රය ජවිපෙට චන්දෙ නොදී ආණ්ඩුවට දෙන්න හේතුවක්වත්,දැන් ජවිපෙට එකතුවීමක් ගැනවත් නෙමෙයි. ජවිපෙ පාක්ෂිකයන්ගේ චන්දෙ ජවිපෙට ලැබෙනවා ආණ්ඩු පක්ෂේ හිටියත් විපක්ෂේ හිටියත්. ශ්‍රී.ල.නි.ප. ය ඇතුළු සන්දනේ කියන්නේ ජවිපෙට වඩා විශාල ජන පදනමක් තිබෙන රටේ ප්‍රදාන පක්ෂයක්. ජවිපෙට ඒ තුලින් නැගී සිටිමින් තමන්ගේ දේශපාලන බාවිතාව ප්‍රයෝගිකව ඔප්පු කර පෙන්වීමේ අවස්ථාව සහ එය උත්සහ නොකර බැලීම සහජනතාව එදා බලාපොරොත්තු වූ දේ මොකද්ද යන කෝණයෙන් බලලයි මම කතා කරේ.
     
    Last edited:
    • Like
    Reactions: dath kimbula

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Now it is too late to seek refuge in the constitution. The power is with the people if they reject 3rd term they can defeat MR. Wait and see

    1. If Mahinda Rajapakse do not to brainwash bribe nor sell the war victory there will be a fair election to decide peoples power.

    2. If Mahinda Rajapakse will not intimidate election results peoples power could be expressed. ( but he is the current president and has the power to do anything )

    can we really hope for a alternative i,d say no :no:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඔව් මේක මම දකින විදිය තමයි, ඒ වගේම එදා රටේ බහුතර ජනතාව දැකපු විදිය. ඇත්තටම ජවිපෙ සන්දානයේ අනෙකුත් ත්‍රි වීල් දේශපාලන පක්ෂ සමග සමාන කරන්න බැහැ. ජවිපෙ කියන්නේ ඉතාමත් හොඳ සන්විදානාත්මක ශක්තියක් තියෙන,රටේ යම්කිසි චන්ද පදනමක් තිබෙන පක්ෂයක්. අපි මේ ගැන කතා කරනකොට 2005 වකවානුවට ගිහින් බලන්න ඕනේ.එදා ජවිපෙ පාර්ලිමේන්තුව තුල ඉතාමත් ශක්තිමත්. එක නිසා ඔය සන්දානේ ඉන්නව කියන අනිත් සියලුම පක්ෂ වලට වැඩ ප්‍රබල හඬක් ජවිපෙට නගන්න පුළුවන්කම තිබ්බ.

    ඔව් මහින්ද සමග එකතු උනානම් ඔබ කියන ඒවා වෙන්න තිබ්බ, එහෙම නොවී රටේ දේශපාලන ගමන් මග අලුත්ම දිශාවකට යන්නත් ඉඩ තිබ්බ. එක මෙහෙම වෙයි නොවෙයි කියල අපි කාටවත් කියන්න බෑ.මම සරලව කියන්නේ ඒ වෙලාවේ ජවිපෙට උත්සාහ කරලා බලන්න තිබ්බ. ලැබිච්ච අවස්ථාව ප්‍රයෝජනයට ගන්න තිබ්බ.තමන්ගේ දේශපාලන මතය 100% නොවුනත් යම්තාක් දුරකට ප්‍රායෝගිකයි,මේක තමයි රටට සුදුසු කියල ඔප්පු කරන්න උත්සාහ කර බලන්න තිබ්බ.මහින්දව හරි පාරේ ගෙනියන්න උත්සහ කර බලන්න තිබ්බ. මොකද මහින්දව බලයට ගෙන්න ඔවුනුත් හවුල් කාරයෝ උන නිසා.හරියන්නේ නැත්නම් ඔවුන්ට අයින් වෙන්න තිබ්බ.

    එදා මහින්දත් එක්ක අත්සන් කරපු කොන්දීසි 12ක් සහිත ගිවිසුමේ තිබ්බේ කොටින්ට ස්වයං පාලන අයිතිය ලබාදීම වැලක්විමම විතරක් ම නෙමෙයි. ඊට අමතරව විධයක ජනාදිපති ක්‍රමය අහෝසි කිරීම. රාජ්‍ය ආයතන පවුද්ගලීකරණය නොකිරීම. නොබැඳි විදේශ ප්‍රතිපත්ති,ආර්ථිකය,නිදහස් අද්‍යාපනය,සේවක ගැටළු විසදිම වගේ කරණා එයට ඇතුලත් උනා. ඔන්න ඕව ඇතුළු තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඔවුන්ට අවස්තාව ලැබුන.

    එකග උන දේවල් වලට පටහැනි දේවල් වුන නිසා චන්ද්‍රික රජයෙන් අයින් උනා ඒක ගැන නෙමෙයි මම කියන්නේ. මහින්ද රාජපක්ෂ සමග ඇතිකරගත් ගිවිසුම සහ මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කිරීමෙන් පසු සිදුවුණු ක්‍රියාවලිය ගැන. ඔය විමල් කැඩිච්ච එකනම් සන්දාන ගහන නොහිටියත් සිදු උන නේද? විමල් ඇතුළු තව මන්ත්‍රි වරු ආණ්ඩුවට ගිය සිද්දිය ආරම්බ උනේ ඇත්තටම එදා 2008 අය වැය වෙලාවේ විමල් පක්ෂයේ මතයට විරුද්දව ආණ්ඩුවට සහය දැක්වීමත් සමගයි.

    මම කියන්නේ මිත්‍රය ජවිපෙට චන්දෙ නොදී ආණ්ඩුවට දෙන්න හේතුවක්වත්,දැන් ජවිපෙට එකතුවීමක් ගැනවත් නෙමෙයි. ජවිපෙ පාක්ෂිකයන්ගේ චන්දෙ ජවිපෙට ලැබෙනවා ආණ්ඩු පක්ෂේ හිටියත් විපක්ෂේ හිටියත්. ශ්‍රී.ල.නි.ප. ය ඇතුළු සන්දනේ කියන්නේ ජවිපෙට වඩා විශාල ජන පදනමක් තිබෙන රටේ ප්‍රදාන පක්ෂයක්. ජවිපෙට ඒ තුලින් නැගී සිටිමින් තමන්ගේ දේශපාලන බාවිතාව ප්‍රයෝගිකව ඔප්පු කර පෙන්වීමේ අවස්ථාව සහ එය උත්සහ නොකර බැලීම සහජනතාව එදා බලාපොරොත්තු වූ දේ මොකද්ද යන කෝණයෙන් බලලයි මම කතා කරේ.

    උබේ උත්තරෙන් මටත් කල්පනා කරන්න දේවල් දීලා තියනවා. මම උත්ත්රය් දැන්නම්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මචං උඹ මම වගේ හැම දේටම හායි හූයි ගාන එකෙක් නෙවෙයි වගේ. 2008 ඇවිත් තාම පෝස්ට් 200ක් නැතුව 199 ඉන්න එකෙන් ඒක පේනවා. මොනව වුණත් උඹ ඉද හිටලා කරන අදහස් දැක්වීම බොහොම තාර්කික, පදනමක් සහිත එකක්. මෙවැනි දේශපාලනමය විග්‍රහ මේ කිරියෙ දැන් දකින්නට ලැබෙන්නේ හරි කලාතුරකින්. ඒ ගැන මගේ ප්‍රශංසාව සහ ස්තූතිය........

    මැක්ස් ට තේරෙන්න ඇති මම කියන්න හදපු දේ. උඹයි මායි නම් පෝස්ට් දා ගන්න ඕන නෑ.....ආව වෙලාවක දුමක් දාගෙන ම දේශපාලනේ කතා කරමු!
     
    හා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    රිදිල ද කොහෙද!!!:baffled:

    :rofl: රිදුනා ඇත්තටම එයාගේ මටත් ටිකක් කල්පනා කරන්න දෙයක් තිබුනා. අපි උනත් එතං දේශපාලනේ කරන අය නෙමයිනේ. ආපු වෙලාවක ම කතා කරමු
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: රිදුනා ඇත්තටම එයාගේ මටත් ටිකක් කල්පනා කරන්න දෙයක් තිබුනා. අපි උනත් එතං දේශපාලනේ කරන අය නෙමයිනේ. ආපු වෙලාවක ම කතා කරමු
    උඹට මම ඉතිං සංක්සිප්තව කිව්වම තේරෙන්නේ නෑනේ......
    හොද වැඩේ ජල්බරියට!!!:baffled: