පරිස්සමින් ! දු‍ටුවාද සර්පයා?

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
පට්ටයි හිටං.. මේවගේ තව ඒවා ලියන්න ශක්තිය දහිරිය ලැබේවා:yes:
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    naga+naga.jpg
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ප්‍රශ්නයක්: හපපු ස්ථානය උස් කිරීමද පහත් කිරීමද සුදුසු? නැත්නම් වෙනසක් නැද්ද?
    සර්ප දෂ්ටනයකදී දියයුතු ප්‍රථමාධාර...
    **************************************

    සියළු සර්පයන් විෂකුරු නැත.
    සියළු දෂ්ඨ කිරීම් ද විෂ සහිත නැත.
    සියළු විෂ සහිත දෂ්ඨනයන් මාරාන්තික ද නැත.

    එහෙත්
    නිසි ප්‍රතිකාර නොලැබුණහොත් ඇතැම් ඒවා මාරාන්තික වේ.
    කළ හැකි ප්‍රථමාධාර...
    1. දෂ්ඨ කිරීමෙන් පසු එම පුද්ගලයා දැඩි භිතියකටත් කම්පනයකටත් පත්වේ. මෙම බිය තුරන් කිරීම ඉතා වැදගත් වේ.නැතහොත් කම්පනය නිසා ලේ ගමනාගමනය වැඩිවී විෂ පැතිර යාම ඉක්මන් වේ.
    2. පළමුව තුවාලය සබන් යොදා පිරිසිදු ජලයෙන් සෝදා ගත යුතුය.මෙමඟින් ශරීර ගතවන විෂ ප්‍රමාණය අවම කරගත හැකිය.
    3. සපා කෑ ස්ථානය,විශේෂයෙන් ම ගාත්‍රාවක් නම් නොසෙල්වෙන සේ(සෙලවීම් අවම වන සේ) තබා ගත යුතුය.මෙමඟින් ශරීරයට ඇතුල් වන විෂ, පැතිරයාම අවම කළ හැකිය.එසේම එම ස්ථානය හදවතේ මට්ටමට වඩා පහලින් තබා ගැනීම සිදු කළ යුතුය.
    4. ඇතැම් විෂ ගිලීමේ ක්‍රියාවලිය අඩපන කරන බැවින් කිසිවිටෙක ආහාර පාන නොදිය යුතුය.
    5. ඇතැම් විෂ, දෂ්ඨ කළ ස්ථානය ඉදිමිමකට ලක් කරයි.එබැවින් දෂ්ඨ කල ගාත්‍රාවේ පැළඳි මුදු,වළලු,ඔරලෝසු,පාවහන් ආදී සිරවිය හැකි දෑ ගලවා ඉවත් කළ යුතුය.
    6. වේදනා නාශකයක් ලෙස පැරසිටමෝල් (පැනඩෝල්,පැරසිටෝල් ...) ලබාදිය හැක.එහෙත් කිසිවිටෙල ඇල්කොහොල්,ඇස්ප්‍රින් හෝ නාසයට දමනා දියර හෝ ස්ප්‍රේ දීමෙන් වැලකී සිටින්න.
    ඇස්ප්‍රින් : වේදනා නාශකයක් ලෙස ,උණ අඩු කිරීමට සහ අසාත්මිකතා වලදී භාවිත කරන Aspirin ලේ කැටි ගැසීම අඩු කිරීමේ ඖෂධයක් ලෙසින් ද භාවිත කරයි(හදවත් රෝගීන් වැන්නවුන් ). ඇතැම් සර්ප විෂ ලේ කැටි ගැසීමේ ක්‍රියාවලිය අඩපන කරයි. එම නිසා සර්ප දෂ්ඨනයකදී වේදනා නාශකයක් ලෙස ඇස්ප්‍රින් දීම මාරාන්තික විය හැකිය.
    ඇල්කොහොල් : විෂ අවශෝෂණය ඉක්මන් කරයි.
    නාසයට දමන දියර : ඇතැම් විෂ ස්වසන පද්ධතියට බලපාන අතර මෙම දියර හා ස්ප්‍රේ නිසා ඇතැම් විට එම ක්‍රියාවලිය ඉක්මන් විය හැක. මෙවිට ස්වසන ක්‍රියාවලිය අඩපන වීම සිදුවේ.
    7. සපා කෑ ස්ථානයට කට තබා ඉරීම, සපා කෑ ස්ථානය පිච්චීම වැනි දෑ නොකළ යුතුය.
    8. හැකි ඉක්මනින් ලඟම පිහිටි රෝහල වෙත රෝගියා රැගෙන යා යුතුය. සර්ප විශේෂය අනුව ලබාදිය යුතු ඖෂධ වෙනස් වන බැවින් දෂ්ඨ කළ සර්පයා රෝහල වෙත රැගෙන යාම වැදගත් ය.

    ***සර්ප විෂ නිසා
    වකුගඩු අකර්මන්‍ය වීම්
    පෙනහළු අකර්මන්‍ය වීම්
    රුධිරය කැටි නොගැසීම නිසා ඇතිවිය හැකි සංකුලතා
    ගිලීමේ අපහසුතා
    දරුණු අක්ෂි රෝග (external ophthalmoplegia : මෙහිදී ඇස ඒ මේ අත
    හැරවීමට නොහැකි වේ.)
    වැනි මාරාන්තික සංකුලතා ඇතිවිය හැකි බැවින් අත් බෙහෙත් නොකර හැකි ඉක්මනින් ලඟම පිහිටි රෝහල වෙත රෝගියා රැගෙන යන්න.
     
    • Like
    Reactions: hacker T

    LOVE_N_HATE

    Banned
    Dec 17, 2014
    53
    4
    0
    මේ වගේ සරුපයියෝ දැක්කොත් මරන්න යන්න එපා. එඩිතර බය නැති කොල්ලෙක් වගේ හොඳ දිග ලීයකින් සරුපයාගෙ බෙල්ලට තියලා හෙලවෙන්න බැරි වෙන්න තද කරන්න. ඊට පස්සෙ බෝතලයකට දාලා කැලේකට ගිහින් දාන්න. ලොකු පිනක්. හතුරන්ට මෛත්‍රී කරන්න කියල කියලා තියෙනනවනේ. මෙව්වගේ වැඩ චීත්ත ඩයල් වලට නම් බෑ. ගැරඬියෙක් දැක්කත් මරලා දානවා.
    akjj.jpg
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ වගේ සරුපයියෝ දැක්කොත් මරන්න යන්න එපා. එඩිතර බය නැති කොල්ලෙක් වගේ හොඳ දිග ලීයකින් සරුපයාගෙ බෙල්ලට තියලා හෙලවෙන්න බැරි වෙන්න තද කරන්න. ඊට පස්සෙ බෝතලයකට දාලා කැලේකට ගිහින් දාන්න. ලොකු පිනක්. හතුරන්ට මෛත්‍රී කරන්න කියල කියලා තියෙනනවනේ. මෙව්වගේ වැඩ චීත්ත ඩයල් වලට නම් බෑ. ගැරඬියෙක් දැක්කත් මරලා දානවා.
    උඹලගෙ දේශපාලන ත්‍රෙඩ් වල ඕනි දෙයක් දාගනින් මචන් ,,,අපිත් කොමෙන්ට් කරන්නම් ඒත් කාටහරි වැදගත් වෙයි කියල ත්‍රෙඩ් එකක් දැම්මම ඒක්ත් කන්න එපා මෙහෙම පෝස්ට් දාල,,,