විදෙස් නාවික සතුරන්ව මැඩලූ සිංහලයින්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    විදෙස් නාවික සතුරන්ව මැඩලූ සිංහලයින්

    ලෝක බලවතුන්ගේ ඇස් මවිත කරමින් විදෙස් නාවික සතුරන්ව මැඩලූ සිංහලයින්.




    ඇමරිකානු නාවික හමුදාවට පවා හිසරදයක් වූ බටහිර ඉන්දීය සාගරයේ සෝමාලියානු මූදු කොල්ලකරුවන්ව සාර්ථකව මැඩලමින්, ශ්‍රී ලංකා නාවික විරුවන්ගේ වික්‍රමාන්විත මෙහෙයුමක් ගැනයි මේ කියන්න යන්නේ. ලෝක බලවතුන්ගේ ඇස් මවිත කළ එම මෙහෙයුම් නිසා "Sri Lanka" කියූ විට "ලෝක නාවික ආරක්ෂාවේ ප්‍රමුඛයා" ලෙස දිදුළන නමක් ලැබෙමින් තිබුණා. මූදු කොල්ලකරුවන් ශ්‍රී ලංකා ධජය රැගත් නැවක් අහලකටවත් යන්න බිය වුණා.

    0_1319095500859_news%5B1%5D.jpg


    ඔබට මතක ඇති මීට අවුරුදු කීපයකට පෙර දිගින් දිගටම සෝමාලියානු මූදු කොල්ලකරුවන් විසින් බටහිර ඉන්දීය සාගරයේ නැව් කොල්ල කන බව ප්‍රවෘත්ති වල නිතර කිව්වා. නමුත් හිටි ගමන්ම එම කොල්ල කෑම් අඩු වුණා. එලෙස කොල්ලකරුවන්ව මැඩලා ලෝක නාවික අරක්ෂාව තර කළේ අපේම රටේ නාවික රණවිරුවන් විසින් කියලා ඔබ දැන සිටියාද?

    සිංහල බෞද්ධයා වෙබ් අඩවියෙන් මේ කියන්න යන්නේ ඉතිහාස කතාවක් නොවුණත් ඉතිහාසයේ පුංචි කාරණාවක් මුලදිම මතක් කරන්නම්. සිංහලයින් තම මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් විදෙස් සතුරන්ව මැඩලූ බවට සිංහල ඉතිහාසයේ අවසන් වතාවට වාර්තා වෙන්නේ ක්‍රි.ව. 1123-1186 කාලෙදියි. මහා පරාක්‍රමබාහු රජතුමා මියන්මාරය සහ දකුණු ඉන්දියානු සොළීන්ව නැව් දහස් ගණනන සිංහල සේනාවක් සහිතව ආක්‍රමණය කිරීමයි. එසේ ආක්‍රමණය කළේත් අප රටට වූ හානියක් වෙනුවෙන් වන්දි ලබා ගනීමට විනා විදෙස් රටවල් කොල්ල කෑමට නොවෙයි. මුළු රටම මූදෙන් වටවූ දේශයක පැවතුණු ජාතියක් වශයෙන් මූදු ගමන් යාම මූදුකර සිංහලයින්ගේ ජාන වල කිඳා බැහැලා තිබෙනවා. පසුකාලීනව මෙවන් ගීත තැනුනේත් එනිසා.



    ඒත් උතුම් බුදු දහමින් ලද පහස නිසා අපේ රටේ මිනිස්සු අර නෝමන්ඩි වරුන් මෙන් විදෙස් රටවල් හෝ විදෙස් නැව් කොල්ල කන තත්ත්වයට පත් වුණේ නෑ.

    2010 වගේ කාලේ වෙන විට සෝමාලියානු මූදු කොල්ලකරුවන් ලෝකයටම හිසරදයක් වෙලයි තිබුණේ. කොච්චරද කියනවානම් අරාබි අර්ධද්වීපයට ආසන්න සාගරයේදී ශ්‍රී ලංකා නාවිකයින්ව පවා පැහැර ගනිමින් කප්පම් ඉල්ලන්න පටන් ගත්තා. මේ තියෙන්නේ තවත් ප්‍රවෘත්තියක්
    විතරයි.

    Code:
    http://www.dinamina.lk/2010/03/08/_art.asp?fn=n1003088

    ඔය වගේ සිදුවීම් ගණනාවක් වෙද්දී ශ්‍රී ලංකා රජයට අප රටේ නාවිකයින්ව බෙරා ගන්න සෝමාලියානු මූදු කොල්ලකරුවන් සඳහා විශාල මුදලක් කප්පම් වශයෙන් ගෙවන්න වෙන්න ඇති. මෙලෙස කප්පම් ගෙවන්න වීම අපේ රටට දරා ගන්න බැරි පාඩුවක්.

    pirates-map.gif


    ඉහත සිතියමේ දැක්වෙන්නේ පසුගිය කාලයේ සමස්ත ලෝකයේම සිදුවූ නාවික කොල්ල කෑම්. මෙහිදී සාමාන්‍ය ධීවර බෝට්ටු වල සිට ඩොලර් බිලියන ගණන් වටිනා නැව් අයත් වෙනවා. වැඩිපුරම සිදුවුණේ අරාබි මුහුද ආශ්‍රිතව. මේවා මැඩලීමට අරාබි, යුරෝපා, පකිස්තාන්, ඉන්දීය නාවික හමුදාවන්ට තියා ලොව ප්‍රබලතම හමුදාවක් ලෙස සැලකෙන ඇමරිකානු නාවික හමුදාවටවත්ත් නොහැකි වෙලයි තිබුණේ. එසේම නැව් වලට යවන එකී රටවල සී මාර්ශල් වරුන්ගෙන් ඵලදායී සේවයක් ඉටු වුණේ නෑ. ඊට හේතු තිබුණා...

    1. හොලිවුඩ් චිත්‍රපට වලින් ලෝකයට පෙන්වන සුදු ජාතික සොල්දාදුවන් ජීවිතය පරදුවට තියලා රට වෙනුවෙන් දිවි පුදන බවක් පෙන්නුවත් සත්‍ය ලෝකයේදී ඔවුන් පුදුමාකාර ලෙස බියගුළුයි. වැඩිය ඕන නෑ පසුගියදා කැනඩා පාර්ලිමේන්තුවට එල්ල වූ ප්‍රහාරයේදී එහි සිටි විශේෂ හමුදා භටයින් පන කඩාගෙන දුවන හැටි මෙතනින් බලන්න.



    ඉතින් සුදු ජාතික සොල්දාදුවන් කාල බීල සැපට ඉන්නවා මිස මූදු කොල්ලකෑම් වැනි ක්ෂණික ගරිල්ලා ප්‍රහාර වලට සහ "Close Combat" වලට මුහුණ දීමට සුදුසු නෑ. ඔවුන් අරාබි රටවල සටන් කරන්නේ තනිකරම ඩ්‍රෝන් ප්‍රහාර කිරීම මගිනුයි.

    2. ඊගාවට ඇමරිකන් සහ යුරෝපීය කළු ජාතික හමුදා භටයින් සටනේදී දක්ෂ වුවද ඔවුන්ගේ විශ්වාසනීයත්වය පිළිබඳව ප්‍රශ්නයක් බටහිර රටවල් වලට තියෙනවා. මොකද කියනවානම් සෝමාලියානු මූදු කොල්ලකරුවන්ද කළු ජාතිකයින් වීමයි. ඉතින් ඩොලර් බිලියන ගාණන නැවක් මූදු කොල්ලකරුවන් අත් පත් කරගනිද්දී ඔය කළු ජාතික සී මාර්ශල් ලා වෙනම ඩීල් ගැසීම් වාර්තා වී තිබෙනවා.

    3. ඊගාවට අප්‍රිකානු හමුදා භටයින්ට අදාලවත් තියෙන්නේ ඉහත 2 කාරණාවයි.

    4. අරාබි / පකිස්ථානු හමුදා භටයින්ගේ ආගමත්, මූදු කොල්ලකරුවන්ගේ ආගමත් එකම නිසා ඔවුන් මගිනුත් වැඩි දෙයක් සිදුවන්නේ නෑ. ඔවුන් කරන්නේත් අන්‍යාගමිකයන්ගේ නැව වෙනුවෙන් දිවි පරදුවට තියා සටන් නොකර, එය තමන්ගේ ආගමික මූදු කොල්ලකරුවන්ට අත් පත් වෙන්න ඩීල් ගහන එක.

    map-n02.gif


    ඉහත දැක්වෙන්නේ ඉන්දීය සාගරයේ නැව් කොල්ලකෑම් අතින් අවදාන කලාපය. මේ කලාපයේ ආරක්ෂාව දැඩි අනතුරක තිබූ අතර, වරින් වර USS Bulkeley වැනි ප්‍රහාරක නැව් පැමිණියත්, දියාගෝ ගාසියා නැමැති ඉන්දියන් සාගරයේ ඇති බ්‍රිතාන්‍ය කඳවුරෙන් ආරක්ෂාව ලබා දුන්නත් එය ප්‍රමාණවත් වුණේ නෑ.

    2011 මුල් භාගයේ දිනෙක මෙම ලෝක ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් එවකට ශ්‍රී ලංකා ජාතික ආරක්ෂාවේ මහ බලවතෙක් තම මූලස්ථානයේ දැඩි කල්පනාවක නියැලෙමින් සිටියා. ඔබ දන්නවා ඒ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායම මර්දනය කරලා තිබුණේ. ඔහුගේ ඉලක්කය වූයේ ශ්‍රී ලංකා නාවික හමුදාව යොදා ගනිමින් මෙම සෝමාලියානු මූදු කොල්ලකරුවන්ව මැඩීම. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාවට තිබෙන සම්පත් සහ අභියෝග ආදිය (SWOT) පිළිබඳව ඔහුගේ ඔළුවේ වැඩ කරන්න පටන් ගත්තා.

    මරාගෙන මැරෙන බෝට්ටු වලින් ආපු කොටි ත්‍රස්තවාදීන්ට, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා හමුදාව සාර්ථකව මූන දී තිබුණා. ඉතින් ඊට වඩා බියසුළු ආකාරයේ ගරිල්ලා ප්‍රහාර එල්ල කරන සෝමාලියානු කොල්ලකරුවන්ව මර්දනනය කරන්න අපේ වීරෝදාර නාවික භටයින්ට හොඳින් අත්දැකීම් තිබුණා. කුඩා බෝට්ටු යොදා ගනිමින් නාවික සංග්‍රාම කිරීමේ දක්ෂතාවයෙන් ලෝකයේ තවමත් අංක 1 ට ඉන්නේ ශ්‍රී ලංකා නාවික රණවිරුවන්. ඒ වන විටත් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යම් සීමාවන්ට යටත්ව නාවික ආරක්ෂාව සැපයූ අතර මසකට රටට ලැබුණේ ඩොලර් මිලියන 8 ක් විතරයි. මෙය වැඩිදියුණු කරමින් කරන් ගියොත් අපේ රටට මහා ධනස්කන්ධයක් උපයාගත හැකි වෙනවා.

    නමුත් සෝමාලියානු කොල්ලකරුවන්ව මැඩීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට සෘජුවම කටයුතු කළ නොහැකියි. ඊට හෙතු වුණේ මෙන්න මේවා.

    1. ශ්‍රී ලංකා නාවික හමුදාව කියන්නේ ජාතික ආරක්ෂක අංශයක් මිස ලාභ ලබන ආයතනයක් නොවෙයි. ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි, ලෝකයේ බොහෝ පිළිගත් හමුදාවන්හි නීති අනුව ආයුධ කටයුතු යොදාගෙන ව්‍යාපාර වල යෙදෙන්න බෑ. එලෙස නීති සැකසී තිබෙන්නේ හමුදාවේ එකම් අරමුණ ජාතික අරක්ෂාවට සීමා කිරීමටයි.

    2. ජාත්‍යන්තර මූදු නීති අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවට අපේ රටේ මූදු කලාපයෙන් එහාට යන්න අවසර නෑ.

    3. යම් හෙයකින් ශ්‍රී ලංකා හමුදාවෙන් මූදු කොල්ලකරුවන්ව මැඩීමට ගොස් වෙනත් රටක දේපළකට හෝ ජීවිතයකට හානි වුවහොත් එය අන්තර්ජාතික අර්බුදයක් බවට පත් වෙන්න පුළුවන්.

    4. ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාන්විතයකට යනවානම් එහිදී සේනාධිනායක තුමාගේ අවසරය අවශ්‍ය වෙනවා. එසේ වූ විට ක්ෂණිකව ක්‍රියාන්විත වලට යෑම සිදුකිරීමට නොහැකියි.

    5. ජාත්‍යන්තර මුහුදේ සහ නෞකා මාර්ගවල ගමන් කරන වෙළඳ නෞකා වලට ආරක්ෂාව පිණිස, ඒවා ලියාපදිංචි කළ රටවල හමුදාවන්ට හැර වෙනත් හමුදාවකට ගමන් කළ නොහැකියි. ඒ සදහා ජාත්‍යන්තර අවසර තියෙන සමාගම්වලට පමණයි එම සේවය දෙන්න පුළුවන්.

    ඔන්න ඔය ප්‍රධාන කාරනා කීපය නිසා අපේ ශ්‍රී ලංකා නාවික හමුදාවට සෝමාලියානු මූදු කොල්ලකරුවන්ව මැඩීමට නොහැකි බව ඔබට දැන් තේරෙනවා ඇති.

    එනිසා සේනාධිනායක තුමා ප්‍රධාන ශ්‍රී ලංකා ආරක්ෂක මණ්ඩලයේ අවසරය සහිතව 2011 ජූනි 24 දින Avant Garde Maritime Services (Pvt) Ltd පිහිටුවනු ලැබුවා. එහි වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.

    Code:
    http://avantmaritime.com/

    මෙය ශ්‍රී ලංකා රජයට අයත් ආරක්ෂක ව්‍යාපාරයක් (Sri Lanka Government owned business) වන Rakna Arakshaka Lanka Ltd සමග සමූහ ව්‍යාපාරයකට එලඹුණා. (දැන් රක්නා ආයතනයේ කලමනාකරනය සිදුවන්නේ ආරක්ෂක ලේකම් යූ.ඒ.ඩී බස්නායක මහතා විසිනුයි.)

    ලෝකයේ බොහෝමයක් සර්ථක නාවික ආරක්ෂක අංශ වන්නේ "සමාගම්". ඉතිහාසය දෙස බැලුවොත් අට වසර පාසල් දරුවෙක් පවා දන්න අපේ රට ආක්‍රමණය කරපු "පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම" යනුත් සමාගමක්.

    Code:
    http://en.wikipedia.org/wiki/East_India_Company

    වර්තමානයේ ලොව සුපතල ආරක්ෂක අංශ ලෙස කිරුළු පැළඳි Lockheed Martin, Raytheon, Boeing, General Dynamics, BAE ආදී සියල්ලම ඇවන්ගාඩ් සේම කිසියම් රජයක අධීක්ෂණය යටතේ පවතින පෞද්ගලික සමාගම්.

    sri-lanka-navy-map.jpg


    බටහිර ඉන්දීය සහ අරාබි බොක්ක ආශ්‍රිත නාවික ආරක්ෂාව පිණිස සේවා සැපයීම ඇවන්ගාඩ් ආයතනය මගින් සිදුවුණා. ඉහත සිතියමේ දැක්වෙන්නේ එලෙස අපේ ලක් පුතුන් ලෝකයටම ආරක්ෂාව ලබා දුන් මූදු මාර්ග. ශ්‍රී ලංකාවේ සුවිශේෂී භූගෝලීය පිහිටීම එයට පහසුවක් වුණා. ඇවන්ගාඩ් ආරක්ෂක ආයතනයේ මෙහෙයවීම සිදුවූයේ හිටපු කීර්තිමත් හමුදා නිලධාරියෙක් වන නිශ්ශංක සේනාධිපති මහතා විසිනුයි.

    Nissanka-Senadhipathi.jpg



    ලොව දරුණුතම නාවික ත්‍රස්තවාදීන් ලෙස කුප්‍රකට වූ, මූදු කොටි බලකාය සහමුලින්ම මර්දනය කිරීමට නායකත්වය දුන් හිටපු නාවික හමුදා ප්‍රධානීන් රැසක් ස්වෙච්ඡාවෙන්ම ඇවන්ගාඩ් ආයතනය වටා එකතු වුණා. ඒ අතර හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඩී ඩබ්ලිව් ඒ එස් දිසානායක මහතා උපදේශකවරයෙක් ලෙස එහි සිටින අතර නම් සඳහන් කළ නොහැකි සෙන්පතියන් රැසක්ම එයට එකතු වී සිටිනවා. ඔවුන්ගේ නාවික අත්දැකීම් ලබා ගැනීමට බටහිර රටවල් වලින් වාරිෂික ඩොලර් මිලියන ගණන් කොන්ත්‍රාත් පදනමට බඳවා ගන්න පොරකද්දී, අඩු වැටුපට ඇවන්ගාඩ් වටා ඔවුන් එකතු වූයේ, දිවි පරදුවට තියා රැක ගත් ආදරණීය මාතෘ භූමිය, ලෝකයේ මහා බලවතෙක් බවට පත් කළ හැකි බව දැනන් හිටපු නිසයි.

    Dissanayake%5B1%5D.jpg


    රුපියල් හතලිස්දාහක වගේ වැටුපට නාවික හමුදාවේ හිටපු අපේ කොල්ලන්ට ඇවන්ගාඩ් එකෙන් රු. ලක්ෂකයට එහා වැටුපක් ලැබෙන්න ගත්තා. විශේෂත්වය වුණේ රු. හතළිස්දාහ වැටුප රජය විසින් ගෙව්වේ රටේ ජනතාවගේ බදු මුදලින්. ඒත් අර රු. ලක්ෂයකට එහා වැටුපක් ලැබුවේ ඇවන්ගාඩ් ආයතනය විදේශ නැව් වලට ආරක්ෂාව ලබා දී උපයන විදේශ විනිමය වලින්. මේ ආකාරයෙන් සොල්දාදුවන් 8500 ක් සුපිරි වැටුපට රැකියාවන් ලැබුවා.

    ඇවන්ගාඩ් ආයතනය විසින් සී මාර්ශල් වරුන්ට ලබා දෙන ආයුධ ගොඩබිම තැබීම රටට අනතුරුදායක් නිසා ඒවා ගබඩා කර තැබූයේ මූදේ නැවකයි. එහි ආරක්ෂාව මෙහෙයවූයේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්. සෝමාලියානු කොල්ලකරුවන් ඇතුළු විදේශ සතුරන්ගෙන් එම ආයුධ රැක ගත යුතු නිසා එම නැව රාජ්‍ය රහසක් ලෙස තබා ගත්තා.

    මේ නැව ගබඩාවක් හා නැවතුම් පොලක් විදිහටයි තියාගන්නෙ. ගල්ෆ් ඔෆ් ඒඩන් සහ රතු මුහුද හරහා යන මේ සමාගම් වලින් ආරක්ෂාව ගන්නා නැව් වලට ආයුධ සන්නද්ධ ආරක්ෂකයින් උපරිමය 4 කට යටත්ව ගාල්ලෙන් නැව්ගත වෙනවා. ආපහු අවදානම් කලාපෙන් පස්සෙ නැවෙන් බහිනවා. ඒ කෙලවරෙත් මේ වගේ තවත් නැවක් ස්ථානගත කරලා තියෙනවා. කාලයක් "ලංකා මහපොල" කියන නැව මේ සඳහා රතු මුහුදේ ස්ථාන ගත කරලා තිබුණා.

    dafsgsdj.jpg


    ඉන්දීය සාගරයේ ගමන් කරන විදේශ නැව් වලට ආරක්ෂාව ඇවසි වූ විට ඇවන්ගාඩ් ආයතනයෙන් ආරක්ෂාව ඉල්ලීම එන්න එන්නම වැඩි වුණා. එහි සේවය කළ විශ්‍රාමලත් ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට සටන් බිමේ අත්දැකීම් තිබීම, ත්‍රස්තවාදය මිලිටරිමය වශයෙන් අවසන් කළ එකම රට වීම, අරාබි මූදේ සේවයේ යෙදෙද්දී ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ගේ (විශේෂයෙන්ම සිංහලයින්ගේ) පක්ෂපාතීත්වය ගැන කිසිදු ගැටළුවක් නොතිබීම, සෝමාලියානු කොල්ලකරුවන්ගේ උත්සාහයන් සාර්ථක ලෙස මර්දනය කිරීම ආදී හේතු බොහෝමයි.

    මහ බලවත් පකිස්ථාන් සහ ඉන්දීය නාවික හමුදා නිලධාරීන් පවා අපේ රටෙන් පුහුණුව ලබා ගැනීමට පොර කෑවා. පසුගිය කාලයේ ඔවුන් ලංකාවට පැමිණි අයුරු මාධ්‍ය විසින් වාර්තා කළා ඔබට මතක ඇති. පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණි චීන සබ්මැරීනයත් මේවාට සම්බන්ධ පුහුණුවක් බව සමහරුන් පවසනවා.

    ඩොලර් මිලියන 8ක් ලෙස නාවික අරක්ෂාවෙන් රටට ලැබුණ මුදල, ඇවන්ගාඩ් ආයතනයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාව මසකට ඩොලර් මිලියන 65 ක විදේශ විනිමයක් ඉපයීමට පටන් ගත්තා. එම මුදල අපේ රටේ මුදලින් නම් ආසන්නව රු. 8,450,000,000.00

    වසර කීපයක් යද්දී ලෝක බලවතුන්ගේ ආරක්ෂක සමාගම් පරයමින්, ලෝකයේ පුංචි තිතක් බඳු ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයක් ලොව ප්‍රමුඛතම ආරක්ෂක බලවතා බවට පත් වුණා. එය සමහර රටවල් වල ඇස් වල කටු අනින්න වගේ වුණා.

    සේනාධිනායක තුමාගේ සිට ආරක්ෂක නිලධාරීන් දක්වා සියල්ලෝම දැඩි ප්‍රතිපත්තියක සිටිමින් රටේ ජාතික ආරක්ෂාවට අත නොතැබීම හේතු කොටගෙන ඇවන්ගාඩ් ආයතනය විස්මිත ලෙස දියුණුවක් අත් පත් කර ගත්තා. මෙය නිර්මාණය කිරීමට මුල් වූ එදා සිටි ආරක්ෂක බලවතා හෝ වෙනත් දේශපාලඥයින් මෙය ප්‍රචාරය කරමින් පටු දේශපාලන වාසි ගන්න හැදුවේ නෑ. මෙහි ආයුධ මෙහෙයුම් කටයුතු ජාතික රහසක් සේ රැක ගත්තා. ඒ ශ්‍රී ලංකාවේ දිගුකාලීන අභිවෘද්ධිය පිණිස ඇවැසි "strategic plan" වලට මුල් තැන දෙමිනුයි.

    නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙන් මෙම ආයතනය ගැන ලොවටම පැවසීමට ළඟදී සූදනම් වුණා. ඊට පෙර 2013 මුලදී එංගලන්තයේ ගාඩියන් පුවත්පත අපේ රටේ සුපිරි කොල්ලන් ගැන මහ ඉහලින් මෙලෙස වර්ණනා කළා.

    "Avant Garde Maritime Services (AGMS), a Sri Lankan company that works in partnership with the country's government, is one of the major operators of floating armouries. The company's chairman, Nissanka Senadhipathi, said there were "thousands of weapons" on his company's ships. AGMS charges US$25 a day to store the weapons and ammunition, with 800 to 1,000 movements on and off the armouries each month. Sri Lanka has established itself as a leader on the armouries, which are partly run by the country's navy and have been approved by Security Association for the Maritime Industry."

    Code:
    http://www.theguardian.com/world/2013/jan/10/pirate-weapons-floating-armouries

    ඇමරිකාව ඇතුළු ලෝකයේ බලවත්ම නාවික හමුදාවන්ගේ කනෙන් රිංගමින්, බටහිර ඉන්දීය සාගරය යටත් කරගනිමින් ඩොලර් බිලියන ගනනින් යුත් නැව් මහ දවලේ හයිජැක් කරපු සෝමාලියානු චන්ඩින් එකා දෙන්නා අතුරු දන් වෙන්න පටන් ගත්තා. හිටි ගමන්ම මහ මුහුදේ මතු වී තම සැලසුම් සුණු විසුණු කරන, ඡවි වර්ණනයෙන් ඉන්දියානුවන්ට සමාන වුවත් ඉන්දියානුවන් බව නොපෙනෙන මෙම පුදුමාකාර මිනිසුන්ට සෝමාලියානු කොල්ලකාර නායකයින් පන බයක් දැක්වුවා.

    මේවායේ ප්‍රතිඵලයක් වශයෙන් 2014 දී පසුගිය වසර 8 ටම සාපේක්ෂව නැව් කොල්ලකෑම් අඩුම වසර ලෙස වාර්තා වුණා.

    Code:
    http://wlns.com/ap/southeast-asia-ship-hijackings-rise-in-2014-sea-piracy-down/

    ලෝකයේ නැව් කොල්ලකෑම් 44% කින්ම පහල බැස්සා. නැව් කොල්ලකෑම් 124 ක් වුණ අතර ඒවායින් සොමාලියන් කොල්ලකරුවන්ට හැකි වූයේ 11 ක් පමණයි. එනම් ඉතිරි කොල්ලකෑම් 113 ම සිදුවී ඇත්තේ ඇවන්ගාඩ් ආයතනයේ සේවා සැපයීමේ මායිමට පිටස්තරවයි. එනම් නැගෙනහිර ඉන්දීය මූදු සීමාවේ. "සිංහල බෞද්ධයා" වෙබ් අඩවි ලිපියේ මුලදීම දැක්වූ සිතියම සමග සංසන්දනය කර බැලූ විට එහි ප්‍රගතිය පැහැදිළි වේවි.

    "මොසාඩ්" නැමැති නම ඇහෙද්දී ඊශ්‍රායලයට හතුරු කම් කරන ඕනම කෙනෙක්ට සුළු දිය පහ වෙනවා වගේම, "ඇවන්ගාඩ්" නැමැති නම ඇහෙද්දී මූදු කොල්ලකරුවන් බියෙන් පලා යන තත්ත්වයකුයි තිබුණේ. මේ ආකාරයෙන් තවත් වසර කීපයක් ගියානම් ලෝකයේ ප්‍රධානතම නාවික ආරක්ෂාව සපයන්නා බවට ඇවන්ගාඩ් ආයතනය පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි එයින් රජයට ලැබෙන මුදලින් පමණක් රටේ විදේශ වියදම් දැරීමට හැකියාව ලැබෙනවා. හිටපු ආරක්ෂක ලේකම් තුමා විශ්‍රාම යද්දී "ආරක්ෂක ලේකම්" නැමැති ශ්‍රී ලංකා රජයට අයත් ගිණුමේ රුපියල් බිලියන 8 ක මුදලක් තිබුණේ නිකම් නෙමෙයි.

    නමුත් පසුගිය දා රූපවාහිනී කැමරා දාගෙන කරපු විකාර වැඩේ නිසා මේ සියල්ලම උඩු යටිකුරු වුණා. ඇවන්ගාඩ් ආයතනයේ සේවයේ නියැළී හිටපු විශ්‍රාමික රණවිරුවන්ගේ නම් ලයිස්තු පවා ජාත්‍යන්තර මූදු කොල්ලකරුවන් අතට පත් වුණා. නාවික හමුදාවේ පූර්ණ ආරක්ෂාව සහිතව රහසිගතව ගාලු වරායේ තිබූ ආයුධ ගබඩාව සහිත මහනුවර නැමැති නෞකාව හෙළි වීමෙන් එය විදෙස් සතුරන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත් වුණා. අපේ රටෙන් නාවික ආරක්ෂාව ලබා ගැනීමට එදා ලෝක බලවතුන් පොර කෑවා, ඒත් අද "ශ්‍රී ලංකා වෙපන්ස් උඹලගෙ ආණ්ඩුවෙන්ම සීල් කළා නේද? උඹලගෙ ආණ්ඩුවට විශ්වස නැති වෙපන්ස් අපි විශවාස කරන්නේ කොහොමද?" ආදී ලෙස අහනවා.

    අරලියගහ මන්දිරයට චාරිකවක් ගිය නොදරුවන් එහි භාණ්ඩ අතට අරන් නටපු ආකරයට, රණවිරුවන් සම්බන්ධ වී සිටින ආරක්ෂාව අතින් ඉතාමත් සංවේදී මර්මස්ථාන සමග සෙල්ලම් කරන්න ගියාම වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. මේ ගැන ඈවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ ප්‍රකාශය ඇතුළත් හඬ පටය පහතින්.

    Code:
    https://archive.org/details/awangart

    ශ්‍රී ලංකාවේ අලුත් විධායක ජනාධිපති වරයෙක් පත් වෙද්දී රටේ ආරක්ෂාවට අදාල සියලුම රහස් ගැන ඔහුව පළමු ආරක්ෂක මණ්ඩල රැස්වීමේදීම දැනුවත් කරනවා. ඒ අනුව ඇවන්ගාඩ් ආයතනය ගැන ඔහුව දැනුවත් වෙන්න ඇති. එහෙත් ආරක්ෂක අමාත්‍යවරයා වන ගරු විධායක ජනාධිපති තුමා අද අන්ත අසරණ වෙලා. එතුමාටත් ඉහළින් යමින් කිසියම් පිරිසක් ජාතික ආරක්ෂාව බරපතල අවදානමක ට පත් කරන බව පෙනී යන්නේ පසුගිය දා, රජයටම අයත් සමාගමක් වන රක්නා ආයතනයේ අවි ගබඩාව පවා ජනමාධ්‍ය වලට විවෘත කළ නිසයි.



    තත්ත්වය කොතරම් දරුණුද කිවහොත් අර විශ්‍රාමලත් රණවිරුවන්ව මාංචු දමා බන්ධනාගාර ගත කර ඔවුන්ට එරෙහිව ශ්‍රී ලංකා රජයෙන්ම නඩු දාන එක වළක්වා ගන්න, නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතාට විශේෂ ප්‍රකාශයක් කරන්න වුණා. ඉහත වීඩියෝවෙන් ඒක අහන්න.

    දැන් අර රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වල අයට ජාත්‍යන්තර ත්‍රස්තවාදීන්ගෙන් මරණ වරෙන්තු ලැබිලා ඉවරයි. ඩොලර් මිලියන ගාණක වැඩි වැටුපකට බටහිර බලවතුන්ට සේවය නොකර, අපේම රටේ මතු දියුණුව වෙනුවෙන් එක් වූ විශ්‍රාමලත් රණවිරුවන්ට ලබා දුන් පදක්කම තමයි ඒ.

    " උඹලා උඹලා වෙනුවෙන් දියසේන කුමාරයලා ඉපදෙන කල් බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදී ම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. " - අනගාරික ධර්මපාල තුමා



    Code:
    sinhalabuddhist
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    Menna mahindage katu kana deshapremiya awith.mathaka athuwa ada idan Parana gaanama deela bike ekata patrol gahapan.:D
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Menna mahindage katu kana deshapremiya awith.mathaka athuwa are idan Parana gahanama deela bike ekata patrol gahapan.:D

    pissu wesiyek wage kiyawanna epa bn
    umbala wage ponna hathikare hinda thamai me ratata kelawenne
    millenium city part 2 wage thamai mekath
    balan hitapan tikak kal mokada wenne kiyala
    rate janathawa dena ganna ona dewaluth thiyenawa
    nathi dewaluth thiyenawa
    meka ehema deyak
    dina 100 agamathi nisa kattiya dan kick eke neh inne
    yamuko ohoma :angry:
     
    • Like
    Reactions: mayson baas

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    pissu wesiyek wage kiyawanna epa bn
    umbala wage ponna hathikare hinda thamai me ratata kelawenne
    millenium city part 2 wage thamai mekath
    balan hitapan tikak kal mokada wenne kiyala
    rate janathawa dena ganna ona dewaluth thiyenawa
    nathi dewaluth thiyenawa
    meka ehema deyak
    dina 100 agamathi nisa kattiya dan kick eke neh inne
    yamuko ohoma :angry:

    Apo menna Thawath deshapremiyek.aprade oya tharam uba ratata adare nam yudde thibba kale army ekata yanna thibba.a nadda?.:P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කූල් කසුන් අයෙත් මහින්දගේ සෙට් එකට ආතල් දෙන්න ත්‍රෙඩ් එකක් දාල අයියෝ :rofl: මාර සයිට් එකකින් නේ බං ලිපිය අරන් තියෙන්නේ කියන කිසි දෙයක් ඔප්පු කරන්න සාදක සාක්ෂි නෑ :lol:

    කොච්චර වැහුවත් ගෝටාභය නාවික හමුදාවට ලැබෙන්න තිබ්බ ආදායම පුද්ගලික හිතවතෙක්ට විකුණුව කියන එක වහන්න බෑ බං :lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    කූල් කසුන් අයෙත් මහින්දගේ සෙට් එකට ආතල් දෙන්න ත්‍රෙඩ් එකක් දාල අයියෝ :rofl: මාර සයිට් එකකින් නේ බං ලිපිය අරන් තියෙන්නේ කියන කිසි දෙයක් ඔප්පු කරන්න සාදක සාක්ෂි නෑ :lol:

    කොච්චර වැහුවත් ගෝටාභය නාවික හමුදාවට ලැබෙන්න තිබ්බ ආදායම පුද්ගලික හිතවතෙක්ට විකුණුව කියන එක වහන්න බෑ බං :lol:


    Wade kiyanne meka danna thel mila aduwenakanma hitiya ekane.:rofl:
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    pissu wesiyek wage kiyawanna epa bn
    umbala wage ponna hathikare hinda thamai me ratata kelawenne
    millenium city part 2 wage thamai mekath
    balan hitapan tikak kal mokada wenne kiyala
    rate janathawa dena ganna ona dewaluth thiyenawa
    nathi dewaluth thiyenawa
    meka ehema deyak
    dina 100 agamathi nisa kattiya dan kick eke neh inne
    yamuko ohoma :angry:

    True machan
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,998
    99,426
    113
    බම්ප්,
    උබට ලිව්වෙ අපරාදෙ කියල හිතෙයි සුපර් මාර්කට් ගිහින් හැම්බේකන් ගිලින සෙට් එක රෙන්න පටන් ගත්තම මෙතන.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඕක ගැන මම පස්සේ කතා කල දෙතුන දෙනෙක් එකකම. ජාත්‍යන්තර නීතිවලට අනුකුලව නාවික හමුදාවට කරන්න බැරිනම් තියෙන්නේ රාජ්ජ සමාගමක් මගින් කරන කරන එක. තමන්ගේ පුද්ගලික සමාගමකට ඒ කටයුත්ත පැවරීම නෙමයි. ගොටබය මෙතනදී එක තමාගේ හිතවත් සම්ගමකට පවරලා තියනවා. ඒ හරහා වැඩි අදායම තමන්ගේ සාකුවට දාගන්න බලාපොරොත්තුවෙන්.

    නැවක් අරක්ෂකරන්න තුවකුවක් අරන බවකට නගින සෙබලු කොහොමත් කරන රාජකාරියේදී අනාවරණය වෙනවා බාහිරට. එක බුද්දී අනශ්‍යයක් කියලා කියන්නේ කොහොමද? බුද්දි අම්ෂයක සෙබළු ඉන්නේ සිවිල් පුරවැසියෝ වගේ. මේ නිලඇදුම් අඩන නැවු වලට නගින සෙබළුන්ගේ කොයින්ද රහසිගත බාවයක්. එක එළිපිට කරන සේවාවක් වෙන්න ඕනි. සුවස් ඇළ එනම් සොමලියන් මුහුදු කොල්ලකාරයෝ බහුලවම ඉන්න ප්‍රදේශය. ඒවගෙත් අවට රටවල් වල සෙබලු නැවට නැගලා අරක්ෂව සපයනවා. අනික සෝමාලිය මුහුදු කොල්ල්කරාන් කියන්න තුවක්කුවක් අරන් නැවකට නැගලා කොල්ලකන සෙට් එකක් එකක් ඇරෙන්න පුළුල් බුද්දී අංශයක් තියන හමුදාවක් නෙමයි. ලංකාවට රහසිගතව ඇවිත් මිනිසුන් මරන්න තරම් සම්බන්දතා තියන පුළුල් මොසාඩ් වගේ ව්‍යාපාරයක් නෙමයි. එහෙම උන්ට පුලුවන්නම් සෙබළු යවලා මදි උන්ගෙන් බේරෙන්න යද නැවක් යවන්න වෙයි.

    කවුරු හරි මේක මිලේනියම් සිටි පාවාදීමක් කියල කියන්න හදනවන මම පිළිගන්නේ නැහැ. රාජ්ජ ආරක්ෂාවට තර්ජනයක් කියලා පිළිගන්නෙත් නැහැ. රාජ්ජ ආරක්ෂාවට තරජනයක් වෙන්නේ අවිගත්ත රාජ්ජ නොවන කණ්ඩායමක් රටේ ඉන්න එක මිසක් වෙන මොකද්ද?? රාජ්ජ නොවන නවීන අයුදවලින් සන්න්න්ද්ද හමුදාවක් ඉන්නකොට තර්ජනය තියෙන්නේ රටේ ආරක්ෂාවට නෙමයිද? පැහැදිලිවම පුද්ලිගික හමුදාවක් රජයට එරෙහිව උනත් පාවිච්චි කරන්න පුළුවන් නේද?? අනික විශාමලත් නාවික සේබලු හා නිලදාරින් මේ අය බොහෝවිට රාජ්ජ ආරක්ෂක උපක්‍රම දැනගෙන ඉන්න පුදගලයෝ. එවැනි අය යොදාගෙන හදන පුද්ගලික හමුදාවක් රාජ්ජ ආරක්ෂාවට බල නොපායි කියන සහතිකය මොකද්ද??

    කරනවනම් කරන්න තිබ්බේ රාජ්ජ සමාගමක් හදලා එකට බාරදෙන එක මිසක්... තමාගේ සමාගමකට දෙන එක නෙමයි. පැහැදිලිවම රජයට ලැබෙන්න තියන සල්ලි සාක්කුවේ දා. ගැනීමක් තමන්ගේ බලය පාවිච්චි කිරිමෙන. සමගම නිත්‍යානුකුල වෙන්න පුළුවන්. එත් කරලා තියෙන්නේ ගොටබය තමන්ගේ අදායම වැඩි කරගැනීමක් රජයට ගන්න පුළුවන් සල්ලි තමාගේ සමාගමට යන්න ඇරලා. හරියට චැනල් අයි එකේ මැච් කාල්ටන් එකට දුන්න වගේ.


    තවත් දෙයක් එකතු කරන්න කැමති

    මිලේනියම්සිටි සහ පාවෙන අවි නැව( මෙය පවා දීමක් ලෙස ගතකල) යන සිද්දි දෙකම අරගෙන සලකලා බැලුවම පේන එක දෙයක් තමයි...අපේ රටේ පාලන බලය වෙනස් වෙලා අනිත් පාර්ශවයකට බලය පැවරෙන විටදි කලින් පාලකයා විසින් රාජයේ අරෙක්ෂාව පිලිබද සිදුකරනු ලැබු රහස්‍ය සැලසුම් ක්‍රියාදාමයන් ගැන අනුප්‍රාප්තියන්ව දැනුවත් කිරිමේ නිසි වැඩ පිලිවෙලක් නැතිකම.ඒක නිසයි මෙහෙම අවුල් වෙන්නේ.රාජ්‍යෙය් රහස් කවුරැ පාලකයා උනත් රහස්ම තමයි .ඒත් හිටපු පාලකයින් මුලින්ම කලයුත්තේ එන පාලකයාට මුලින්ම රාජ්‍යෙය් රහස් සහ රහස් ක්‍රියාන්විතයන් ගැන දැනුවත් කර සිටිමයි...අපි මේ මොන කියෙය්යවත් වරද තකියෙන්නේ ඒ ක්‍රියාදාමයෙයි.මේ සිදුවිම් දෙකම පාඩමකට ගෙන අනාගතායේදි එවැනි පිලිවෙලක් සකස් නොකලොත් හැම මැතිවරන පරාජයකට පස්සේ රාජ්‍යෙය් රහස් එලියට එන එක වලක්වන්න බැරිවෙයි..
    මේ කිසිම තැනක කියවිලා නැ හිටපු පාලකයන් වත්මන් පාලකයින්ව මේ සිදුවිම් දෙකම පිලිබදව දැනුවත් කර පහදා දි තිබියදිත් මෙවෙැනි වැටලිම් කරලා කියල.එහෙම දැනුවත් කරලා තියෙද්දිත් වැටලිම් කරලා එලිදරවු කලානම් ඒක වැරදියි.ඒත් වෙලා තියෙන්නේ අලුත් පාලකයාගේ කවුරැ හෝ හෙන්චයියෙක් හොයාගන්නා පොඩි හොඩුවාවක් ඔස්සේ ගොස් කරන මෙහෙයුම්ක් නිසා එලියට එන දේ මහා බරපතල අවුලක් විම.අන්තිමට වැඩේ කුනුඋනාට පස්සේ තමයි බරපතලකම එලිවෙන්නේ.පාලන බලය වෙනස්වන විට මුලින්ම කලයුතුතේ පැවති පාලකයා විසින් රාජ්‍යෙය් ආරක්ෂාව වෙනුවෙන් ඒ කාලයේදි සකස් කර තිබු රහස් ක්‍රියාදාමයන් ගැන පත්වන පාලකයින්ව දැනුවත් කිරිම මුල්ම කටයුත්ත විදිහට කරන්න අනාගතතේදිවත් හිතුවොත් තමයි යහපත් වෙන්නේ. නැත්තම් රටට කෙලවල හරි වැරැද්ද කියන්න කියන්න බලන් ඉන්න මහින්දගේ බත් බැලයෝ කෙලව කෙලව සටන් පාට හොයයි. අනිත්මට රටට කෙලවෙලා තියෙයි
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    හෙළයෙක්;17777075 said:
    බම්ප්,
    උබට ලිව්වෙ අපරාදෙ කියල හිතෙයි සුපර් මාර්කට් ගිහින් හැම්බේකන් ගිලින සෙට් එක රෙන්න පටන් ගත්තම මෙතන.

    Liwwe?:rofl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,375
    27,988
    113
    Me Weerodhara porawal gena dan poddak hoyala balamu

    'Amtrad Stones' ගෝඨා නිශ්ශංකට පවරයි!

    කොළඹ ලස්සන කිරීමේ ව්‍යාපෘතියේ පදික වේදිකාවල ඇල්ලීම සඳහා යොදා ගන්නා 'Amtrad Stones' හෙවත් ‘ගෝඨා ගල්' නිපදවන 'Amtrad' සමාගම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහුගේ සමීපතමයෙකු වන ' Avent Guard' ආරක්ෂක සමාගමේ හිමිකරු විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති මහතාට පවරා ඇතැයි ආරක්ෂක ආමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේ පවත්වාගෙන ගිය පාවෙන අවි ගබඩාව (Floating Armary) ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉවත්කොට Avent Guard' ආරක්ෂක සමාගමට ආරක්ෂක ලේකම්වරයා විසින් ලබාදීම නිසා මේ වන විට නාවික හමුදාවට වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 15 ක මූල්‍ය අලාභයක් සිදු වෙමින් පවතී. එකී සියලු මුදල් මේ වන විට ලැබෙන්නේ නිශ්ශංක සේනාධිපති වෙතය.

    මෙකී විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති ආරක්ෂක ලේකම්වරයාට මෙතරම් සමීප වී ඇත්තේ ආරක්ෂක ලේකම්වරයාට අයත් ඇමරිකාවේ පිහිටි ඔහුගේ නිවස වෙළඳ පොල මිලට වඩා දෙගුණයක මිලට මිලදී ගැනීම නිසාය. එසේ දෙගුණයක මිලට නිවස මිලදී ගත්තද නිශ්ශංක සේනාධිපති ආරක්ෂක ලේකම්වරයාට සමීප වීමෙන් නිවස මිලදී ගත් මුදල මෙන් දස ගුණයක් ඔහු හරහා උපයා ගැනීමට සමත් වී සිටී.


    - http://sinhala.lankanewsweb.net/news/13536-amtrad-stones

    ඇවන්ගාඩ් රනිල්ට මිලියන 50 ක් දෙන්න ගොස් ඇන ගනී!

    ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතම හිතවතෙකුව ඉදිමින් ඔහු වෙතින් විශාල මුදල් සම්භාරයක් හරි හම්බකරගත් ‘ඇවන්ගාඩ් සෙකියුරිටි' සේවයේ හිමිකරු විශ්‍රාමික යුධ හමුදා මේජර් නිශ්ශංක සේනාධිපති ඔහුගේ හිතවතෙකු වන එජාප ප්‍රභලයෙකු හරහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට රුපියල් මිලියන 50 ක් ලබා දීමට තැත්කොට තිබේ.



    මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එජාපයට මේ වන විට විශාල දුෂ්කරතාවයන්ට මුහුණ දීමට ඇති වටපිටාවක් තුල පවා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා නිශ්ශංක සේනාධිපතිගේ රුපියල් මිලියන 50 ක පරිත්‍යාගය දෙවතාවක් නොසිතා එක් වරම ප්‍රතික්ෂේප කොට ඇත.

    සම්ප්‍රදායික එජාප පවුලකින් පැවත එන නිශ්ශංක සේනාධිපති පිළිබඳව මෙකී එජාප ප්‍රභලයා එජාප නායකවරයාට පැහැදිලි කර දීමට උත්සාහ කර ඇතත් රනිල් ස්ථිරවම පවසා ඇත්තේ ‘මිනිහ යූඑන්පී වෙන්ඩ පුළුවන්. ඒත් මං හොඳට දන්නව ඔය මනුස්සය කොහොමද සල්ලි හම්බ කර ගත්තෙ කියල. ඒ වගෙ සල්ලි අපේ පක්ෂෙට වැඩක් නෑ. සල්ලි නැත්තන් අපි කැම්පේන් එක නවත්තමු. ඔය මිනිස්සුන්ගෙන් සල්ලි අරන් කැම්පේන් කරන්න මම ලෑස්ති නෑ' කියාය.

    එජාප නායකවරයාගේ ප්‍රතිචාරය පිළිබඳව එජාප ප්‍රභලයා නිශ්ශංක සේනාධිපතිට දැන්වූ විට ඔහු පවසා ඇත්තේ ‘මේජර් ප්‍රසන්න ගිනිගේලා මාත් එක්ක එක්කහුවෙලා 1989 ඇඹිලිපිටියේ ශිෂ්‍යයො මැරුවෙ යූඑන්පී එක ආරක්ෂා කරන්ඩ මිසක් අපේ ලාභ ප්‍රයෝජනයට නෙමෙයි කියල දැන් කට්ටියට අමතකයි' යනුවෙනි.


    - http://sinhala.lankanewsweb.net/news/15129-50-er5543

    පියාව කුළියට ගත් ‘ඇවර්න් ගාඩ්’ දියණියවත් කුළියට අරගෙන!

    පසුගිය දා විශ්‍රාම ගිය නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතාව රුපියල් දස ලක්ෂයක මාසික දීමනාවක් යටතේ සේවයට බඳවා ගත් ‘ඇවර්න් ගාඩ් ඕෆ් ෂෝ (පුද්ගලික) සමාගම ’ සෝමතිලක දිසානායක මහතාගේ දියණියවත් එම සමාගමේ සේවයට බඳවා ගෙන ඇති බව වාර්තා වේ.

    විශ්‍රාම ගැනීමෙන් පසු ඊළඟ දිනයේම ඇවර්න් ගාඩ් ඕෆ් ෂෝ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක ලෙස වැඩ බාර ගත් සෝමතිලක දිසානායක මහතාව එම තනතුර සඳහා බඳවා ගැනීමට මූලික හේතුව වී ඇත්තේ ඇවර්න් ගාඩ් ඕෆ් ෂෝ පෞද්ගලික සමාගමේ කටයුතු නිසා ශ්‍රී ලංකා නාවික හමුදාවට වාර්ෂිකව අහිමිවන රුපියල් මිලියන 300 ක මුදල සම්බන්ධයෙන් නාවික හමුදාව අභ්‍යන්තරයේ පැණ නැග එන විරෝධය සමනය කිරීමේ උපක්‍රමයක් වශයෙනි.

    විශ්‍රාමික නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතා වඩාත් එම කාර්යය කෙරෙහි උනන්දු කරලීම උදෙසා ඇවර්න් ගාඩ් සමාගම් සමූහයේ සභාපතිවරයා වන මේජර් නිශ්ශංක සේනාධිපති මහතාගේ උපදෙස් පරිදි සෝමතිලක දිසානායක මහතාගේ දියණියව ද මාසිකව රුපියල් එක්ලක්ෂ පනස් දහසක මාසික දීමනාවක් යටතේ මෙම සමාගමට බඳවා ගෙන ඇත. විශ්‍රාමික නාවික හමුදාපතිවරයාට අවශ්‍යවන ආකාරයට නාවික හමුදාවේ විශ්‍රාම ගිය හෝ සක්‍රීය සේවයේ නියුතු ඕනෑම උසස් නිලධාරියෙකු තම අභිමතය පරිදි ඇවර්න් ගාඩ් ඕෆ් ෂෝ සමාගමට බඳවා ගැනීමේ බලතල සෝමතිලක දිසානායක මහතා සතු වේ.

    ඇවර්න් ගාඩ් ඕෆ් ෂෝ පෞද්ගලික සමාගමට එරෙහිව දේශීය හා විදේශීය වශයෙන් මේ වන විට විශාල විරෝධයක් එල්ල වෙමින් පවතින්නේ එම සමාගමට නාවික කටයුතු කළමණාකරණය සම්බන්ධයෙන් පවත්නා අඩු අත් දැකීම් හා පලපුරුද්ද හේතු කොට ගෙනය. එසේ අඩු අත්දැකීම් හේතු කොට ‍ගෙන ඇවර්න් ගාඩ් ඕෆ් ‍ෂෝ සමාගම විසින් දැනට පවත්වාගෙන යන ‘පාවෙන අවි ගබඩාවක්’ සහිත ‘සින්බෑන්ඩ්’ නෞකාව නාවුක නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පසුගිය දා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ වෙරළ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලදුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය මැදිහත් වී මුදා ගනු ලැබීය.

    මෙසේ තම බලතල අනිසි ලෙස යොදා ගන්නා හිටපු නාවික හමුදාපතිවරයා ඔහුට හිතවත් නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් ලවා ගාල්ලේ ස්ථානගත වී සිටින විදේශ නාවික ආරක්ෂක සමාගම් වෙත අයුතු බලපෑම් සිදු කරමින් දැනට නාවික හමුදාව භාරයේ තිබෙන ඔවුන්ගේ අවි ආයුධ වහාම ඇවර්න් ගාඩ් ඕෆ් ෂෝ සමාගම වෙත භාර දෙන්නැයි දිගින් දිගටම නියෝග කරමින් සිටී. මෙසේ ආයුධ නාවික හමුදාවෙන් ඉවත් කොට ඇවර්න් ගාඩ් සමාගම වෙත භාර දුන හොත් ඒ සඳහා දිනකට ඇමරිකානු ඩොලර් 3500 ක මුදලක් ඇවර්න් ගාඩ් සමාගමට අතිරේකව ගෙවීමට අදාල විදේශීය සමාගම් වෙත සිදු වනු ඇත. එසේ අවි ආයුධ ඇවර්න් ගාඩ් සමාගමට භාර දීමට අදාළ විදේශීය සමාගම් අපොහොසත් වන්නේ නම් ඒවා රාජ සන්තක කිරීමට සිදු වන බව හිටපු නාවික හමුදාපති වරයාගේ උපදෙස් මත නාවික හමුදාවේ නිලධාරීන් මෙම විදේශීය සමාගම් වලට දැනුම් දී තිබේ.

    එ‍සේ හෙයින් මේ පිළිබඳව තම බලවත් අප්‍රසාදය නාවික හමුදාව වෙත පල කොට ඇති ගාල්ල ප්‍රදේශයේ ස්ථාන ගත වූ විදේශීය නාවික ආරක්ෂක සමාගම් තමන්ගේ කාර්යාල මාල දිවයින කරා ස්ථාන ගත කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ. මේ පිළිබඳව අප වෙත අදහස් දැක්වූ ‘අද්මිරාල් නීතිය’ පිළිබඳ ප්‍රවීන නීතිඥයෙකු පවසා සිටියේ මෙසේ ‘පාවෙන අවි ගබඩා’ පෞද්ගලික සමාගමක් විසින් පවත්වා ගෙන යෑම අද්මිරාල් නීතිය හා සාගරය සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතීන් අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවයි.


    - http://sinhala.lankanewsweb.net/news/6376-2012-10-20-12-28-23

    Poddak check karana eka kamak nane :rofl:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මුනාවගේ ලජ්ජා නැති හැත්ත. බලපන් ලියලා තියනවා හැටි. තව ටික දවසක් යනකොට කියය්යි නාවික හමුදාව කිසිදෙයක් කලේ නැහැ. යුද්දේ කලේ අවේන්ගාඩ් එක කියලා. මේ රටට ආදරේ මහා සිංහල බවුද්දයා නෙවි එකේ අදායම උදුරගට්ට්හු එකා වෙනුවෙන් කඩේ යන හැටි දක්කම් ලැජ්ජයි ඔයි

    :rofl:Mahinda oota passa dik karana un witharayi deshapremiyo kiyalane oya atamagal dala kiyanne hadanne.:rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මුනාවගේ ලජ්ජා නැති හැත්ත. බලපන් ලියලා තියනවා හැටි. තව ටික දවසක් යනකොට කියය්යි නාවික හමුදාව කිසිදෙයක් කලේ නැහැ. යුද්දේ කලේ අවේන්ගාඩ් එක කියලා. මේ රටට ආදරේ මහා සිංහල බවුද්දයා නෙවි එකේ අදායම උදුරගට්ට්හු එකා වෙනුවෙන් කඩේ යන හැටි දක්කම් ලැජ්ජයි ඔයි

    ඔය ලිපියේ තියන ගැටලුකාරී තැන් පෙන්නලා පොස්ට් එකක් දාන්න පුළුවන් එත් වැඩක් නැහැ මුන් තේරුම් ගන්නේ නැහැ

    දැන් හැංගිලා රේප් කපයි ඉස්සරහ පිටුවේම ආතල් කඩපු තරහට :lol:
     
    • Like
    Reactions: Sadun Buwa

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බම්ප්,
    උබට ලිව්වෙ අපරාදෙ කියල හිතෙයි සුපර් මාර්කට් ගිහින් හැම්බේකන් ගිලින සෙට් එක රෙන්න පටන් ගත්තම මෙතන.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බම්ප්,
    උබට ලිව්වෙ අපරාදෙ කියල හිතෙයි සුපර් මාර්කට් ගිහින් හැම්බේකන් ගිලින සෙට් එක රෙන්න පටන් ගත්තම මෙතන.

    මෙන්න මතක් කරද්දීම ඇවිල්ල :P