හ්ම්ම්ම් කිබුලා අයියා එක්ක වචනයක් වත් කතා කරලා නැති ඔයාට එයා ගැන කියලා දෙන්න අමාරුයි....
පුළුවන් උනොත් දවසක ගිහින් හම්බවෙන්න....
ඔයා කොහොමත් එයා ගැන දන්නේ නැහැ සහෝ 2014 ආපු නිසා....
වාග් විලාශය ඉතින් sinhala නොවන අයට තේරෙන් නැහැ තමයි..එකට මක්කරන්නද...මාකට් කිරීමයි තමන් දන්න දේ කියලා දීමයි අතර ලොකු වෙනසක් තියෙනවා...කිබුළා අයියට වඩා බොහෝ දේ දන්න අය ඇති මේකේ..හැබැයි ඒ කවුරුත් කාටවත් මොකුත් කියලා දුන්නේ නැහැ...එලකිරිය වෙනුවෙන් දෙයක් කලේ නැහැ...එහෙම කැප කිරීම් කරපු කෙනෙක්ට පොරත්ව ආරුඪ කරගත්ත කියලා චෝදනා කරනවා නම් මට තේරෙන් නැහැ කොතනද වැරැද්ද කියලා.....
ඔන්ලයින් දේවල් ඔන්ලයින් විදියටම තිබුනම ඇති. එතනින් එහා ගිය ඇයි හොඳයියක් තියාගන්න එක හැමවෙලාවෙම හැමෝටම අවාසියි. කොටින්ම ඒක නිදහස් අදහස් කියන්න ලියන්න පවා බාධාවක් වෙන අවස්ථා මම කලින් දැකල තියෙනව.
දන්න දේවල් කියල දෙන්න ඇති. ඔය කියන කිඹුල ගෙදරදි අඹුවට කතාකරන්නෙ එලකිරියෙ කතාකරන සි0හලෙන්ද? එහෙම කතාකලොත් මහ උන්දැ කොස්සෙන් ගහල එලියට දාන්නෙ.එතකොට එතනදි නැති සින්හල මෙතන දාලා ගරු රඟපෑමක් නෙමෙයිද කරන්නෙ?

මගේ දැනුම අනුව කිඹුලා ඔය කිව්වට යන්නෙ නැහැ. ඕක අපිවම කන්න මේකට එනව. ඒකෙ දෙකක් නැහැ.








