දුටුගැමුණු මහරජ ගැමුණු කිරීමේ පින...!

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දුෂ්ට මහේන්ද්‍ර හා මිස්ට ප්‍රභා -1

    මෙය මහාරජ ගැමුණු චිත්‍රපටිය පිළිබඳ කෙරෙන ඊනියා සිනමා විචාරයක් නො වේ. මෙය එම චිත්‍රපටියේ සංස්කෘතික හා දේශපාලන අර්ථකථනයකි. නැත, නැත මෙය අර බොරු කියවීමක් ද නො වේ. කියවීම් ඇත්තේ අනුකාරක පුහු පඬියන්ට ය. මා ඔවුන්ට ගරහන බව සැබෑ ය. ඔවුන්ට ගරහන්නේ නැතිව මා අතපය හකුළාගෙන සිටිය යුතු ද? කිසිම කලා කෘතියක් මතවාදයකින් දර්ශනයකින් වෙන් නො වේ. වෙන්කිරීම බටහිරයන් යොදා නොගන්නා එහෙත් අනෙක් අයට නිර්දේශ කරන බොරුවක් පමණකි. මතවාදයක්, දර්ශනයක් නැති කලාකරුවකු එදා මෙදා තුර ජීවත් වී නැත. කලා විචාරකයෝ ද එබඳු ම වෙති. ඔවුන්ගේ ඊනියා කලා විචාර පිටුපස ඇත්තේ දර්ශනය ය, මතවාද ය, දේශපාලනය ය. එහෙත් ඔවුහු ප්‍රබුද්ධ විචාරකයන් ලෙස පෙනී සිටිති. පසුගිය කාලයේ සිංහල බෞද්ධ සංස්කෘතිය හෙළා දැකීම සඳහා සිනමා කෘති නිෂ්පාදනය වනු අපි දුටුවෙමු. ප්‍රබුද්ධ යැයි කියාගන්නා ඊනියා කලා විචාරකයෝ ඒ කෘති මහත් ඉහළින් වර්ණනා කළහ. ඒ කෘතිවලට ඊනියා ජාත්‍යන්තර සම්මාන ද ලැබිණි. මේ සියල්ල බටහිරයන් විසින් මෙහෙයවනු ලැබූ ජාත්‍යන්තර ය, නැතහොත් බටහිර මතවාද විසින් හසුරුවනු ලැබූ ජාත්‍යන්තර ය. අද ඊනියා ප්‍රබුද්ධ කලා විචාරකයකු බවට පත් වී සිටින ලියනගේ අමරකීර්තිට කලාකෘති හා දෘෂ්ටිවාද මැයෙන් ප්‍රසිද්ධ සංවාදයකට එළඹෙන ලෙස ආරාධනය කරමි. එය අනුකාරකයන්ගේ පාරාදීසය වූ පේරාදෙනියෙහි ම පැවැත්විය හැකි ය. ඒ අතර බටහිර විද්‍යාව පට්ටපල් බොරු යන මැයෙන් සංවාදයකට එළඹීමට ගීිනි පෑගීමෙන් ප්‍රසිද්ධියට පත් කාලෝ ෆොන්සේකාට ආරාධනය කරමි.


    මම සිංහල බෞද්ධයෙක්මි. මෙරට සිංහල බුද්ධාගමක් ඇත. එය බුදුන් වහන්සේ දෙසූ බුදු දහමවත් මිහිඳු හිමියන් මෙරටට ගෙනා බුදුදහමවත් නො වේ. සිංහල බුද්ධාගමෙහි නිවනක් ගැන කියැවෙයි. එහෙත් එය බුදුන් වහන්සේ දෙසූ නිවන යැයි මම මොහොතකටවත් නො සිතමි. ඒ මට නිවන අවබෝධ වීම නිසා කියන්නක් නොව මට සිතෙන නිවන දැනුම හා බැඳී තිබේ යැයි මා විශ්වාස කරන බැවින් කියන්නකි. නිවන අවබෝධ කිරීමට මා පිළිබඳ දැනුම ද ඇතුළු සියළු දැනුම් අත්හැරිය යුතු ය. ඒ බොරු බව අවබෝධකර ගත යුතු ය. ඒ දැනුම් අතර බටහිර විද්‍යාව මෙන් සෘජු දැනුම් නොවන, ප්‍රත්‍යක්‍ෂ නොවන, පට්ටපල් බොරු ද වෙයි. පට්ටපල් බොරු යම් සාර්ථකත්වයකට පත් වූ හිතළු වෙයි. වක්‍ර දැනුම් වූ බටහිර විද්‍යාව වැනි පට්ටපල් බොරු හිතළු වන අතර අනෙක් දැනුම් මනසෙන් (ඇතැම් විට පංචෙන්ද්‍රියන් ඇසුරෙන්) ඇතිකර ගන්නා ප්‍රත්‍යක්‍ෂ හෙවත් සෘජු බොරු වෙයි. නිවන ද ප්‍රත්‍යක්‍ෂයක් වෙයි. එහෙත් එය මනසෙන් ඇතිකර ගන්නා ප්‍රත්‍යක්‍ෂයක් නො වේ. නිවන පෘථග්ජන මනසෙන් අවබෝධ කරගත හැකි නම් එය ද බොරුවක් විය යුතු ය. මනසට කළ හැක්කේ වක්‍ර හෝ සෘජු බොරු ගෙතීම ය. මේ පිළිබඳ විස්තර කාලය වෙබ් අඩවියෙහි (www.kaalaya.org) ඉඩ ලැබෙන පරිදි පළ කරමි.


    මහාරජ ගැමුණු චිත්‍රපටියෙන් කියැවෙන්නේ විසිවැනි සියවසට පෙර මෙරට තිබූ හා දනෙටත් අඩු වැඩි වශයෙන් පවතින සිංහල බුද්ධාගම, සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ කටු සටහනකි. සිංහල බුද්ධාගමට යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ කාලයේ සිට විවිධ අංග මුසු වී ඇත. මිහිඳු හිමියන් සමග මෞර්ය සංස්කෘතිය ද මෙරටට පැමිණියේ ය. දේවානම්පිය තිස්ස රජුගේ දෙවැනි අභිෂේකයෙන් කියැවෙන්නේ යක්‍ෂ සංස්කෘතියට අභියෝගාත්මක ව මෞර්ය සංස්කෘතිය මෙරටට සංක්‍රමණය වීම ය. මේ සංස්කෘතින් දෙක අතර ගැටුම, තාවකාලික ව ගැමුණු රජුගේ කාලයේ දී සමනය වී, එහෙත් පසුව අඩු වශයෙන් බටහිරයන් මෙරට ආක්‍රමණය කිරීම තෙක් පැවතියේ ය. මෞර්ය සංස්කෘතිය සමග දහමක් ලෙස අපට ථෙරවාදය ලැබිණි. ඉංගිරිසින් පාසල් පිහිටුවීමෙන් පසු සිංහල බෞද්ධ සංස්කෘතියට ඉංගිරිසි සංස්කෘතිකාංග ද මුසු වී ඇත.


    ගැමුණු රජු මගේ වීරයා වන්නේ ඇයි? ඔහු දුටුගැමුණු වූයේ ඇයි? අද භාෂාවෙන් කියන්නේ නම් එදා පැවතියේ, එකල ප්‍රචාරය කර තිබූ මතය අනුව දුෂ්ට ගාමිණී හා මිස්ට එළාර අතට සටනකි. ඔහු කළ දුෂ්ටකම කුමක් ද? පියාට ගැහැණු ආභරණ යැවීම ද? ගැමුණුගේ දුර්වලකම් තිබෙන්නට ඇත. එහෙත් අපේ ඉතිහාසයේ දුෂ්ට යන විශේෂණය හිමිකර ගත් එකම රජු වීමට තරම් ඔහු දුෂ්ටකමක් කළේ ද? ඔහුට දුෂ්ට යන්න පටබඳින ලද්දේ මිස්ට එළාරගේ පුරෝහිතයා ප්‍රමුඛ හෙංචයියන් විසින් ද? මා සූදානම් වන්නේ් මහින්ද රාජපක්‍ෂ ගැමුණු රජුගේ තත්ත්වයට නැංවීමට නොවන බව අවධාරණය කළ යුතු ය. එහෙත් මහින්දට වඩා දූෂිතයන් මෙරට බුසල් ගණනින් මැනිය හැකි බව දනිමි.


    චිත්‍රපටියෙන් කියැවෙන්නේ සිංහල බෞද්ධ නොවන සංස්කෘතියක් ගැමුණු රජු අතින් පරාජයට පත්වීම ය. මිස්ට එළාර මිස්ට ප්‍රභාකරන්ට වඩා සූරයකු වූ බව නිසැක ය. ඔහු කොහෙන් පැමිණියේ දැයි නිශ්චිතව කිව නො හැකි ය. එහෙත් ඔහු සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව ධර්මිෂ්ට බවක් මවාගෙන මහවැලි ගඟ තෙක් රට පාලනය කර ඇති බව පැහැදිලි ය. ඒ ධර්මිෂ්ටකම ජේ ආර්ගේ ධර්මිෂ්ටකමෙන්වත් යහපාලනයෙන්වත් වෙනස් වන්නට ඇතැයි සිතිය නො හැකි ය. එළාර පරාජය නොවන්නට මෙරට කිනම් ආකාරයක් ගනු ඇත් දැයි සිතා බලන මෙන් ඉල්ලමි. අද අපට කතාකිරීමටවත් සිංහල බෞද්ධකමක් ඉතිරි වී ඇත්තේ ප්‍රධාන වශයෙන් ම ගැමුණු රජු නිසා ය. ඉන් පසුව මතකයට එන්නේ විජයබා රජු ය. එහෙත් විජයබා රජුට අගනුවර පොළොන්නරුවට ගෙන යෑමට සිදු විය. ගැමුණු රජු අගනුවර මාගමින් අනුරාධපුරයට ගෙනාවේ ය. අප කොළඹින් පිටවන්නේ කවදා ද?


    බටහිර මතවාදවලින් පෝෂණය වන ඊනියා ප්‍රබුද්ධයන් ගැරහුවත් සිංහල රජවරු බෝසතුන් වීමට උත්සාහ ගත්හ. අපට අග්බෝ නමින් ම රජවරු කිහිප දෙනෙක් වූහ. එහෙත් අපේ පළමු බෝසත් රජු වූයේ ගැමුණු රජු ය. චිත්‍රපටියේ එක් තැනක ගැමුණු කුමරු අපුරු වාක්‍යයක් කියයි. ඒ අනුව ඔහු අනෙක් අයගේ නිවන වෙනුවෙන් තම නිවන කල් දමා ගත්තෙකි. මේ බෝසත් දහමයි. සුමේධ තවුසාට දීපංකර බුදුරජුන්ගේ පාදමූලයෙහි නිවන් අවබෝධ කර ගැනීමට තිබිණි. එහෙත් එතුමා අනෙක් අය සසරෙන් එතෙර කිරීම සඳහා එසේ නො කළේ ය. සසරෙන් එතෙර වීම ගඟකින් එතෙර වීම වැන්නක් නො වේ. සසරෙන් එතෙර වූ පසු සසර ද නැත, පහුර ද නැත, ඒ පිළිබඳ දැනුම ද නැත.


    ගැමුණු රජු කළ තවත් දෙයක් ඇත. එය චිත්‍රපටියෙහි සාකච්ඡා නො වේ. ඒ යක්‍ෂ බුද්ධාගමත් මෞර්ය හෙවත් අශෝක බුද්ධාගමත් අතර, එනම් ඒ සංස්කෘතීන් අතර තාවකාලික වුවත් සමනයක්, අද භාවිතාවන වචන යොදා ගන්නේ නම් ඊනියා සංහිඳියාවක් ඇති කිරීම ය. නන්දිමිත්‍ර වැනි යක්‍ෂ බුද්ධාගමෙහි අර්ධ නාගයෝ ද, සුරනිමල වැනි යක්‍ෂයෝ ද, ථෙරපුත්තාභාය වැනි මෞර්ය බෞද්ධයෝ ද මිස්ට එළාරගේ ධර්මිෂ්ට සංස්කෘතියට එරෙහිව එකම සේනාවෙහි සටන් කළහ. අද අපට එය කරගත නොහැක්කේ ඇයි? වාසනාවකට එළාර මෙරට පාසල් හා විශ්වවිද්‍යාල ඇති නො කළේ ය. අද අප අතර ඉංගිරිසින්ගේ පාසල්වලින් හා පේරාදෙනිය වැනි කසිකබල් විශ්වවිද්‍යාලවලින් බිහිවුණු (මගේ පාසල් මිතුරකුට අනුව උපන්) පුස්සෝ වෙති. ඔවුහු සමාජයේ පිළිගත්, එහෙත් සමාජයෙන් පළිගත්, ප්‍රබුද්ධයෝ ම වෙති. මේ ප්‍රබුද්ධයන්ගේ ප්‍රබුද්ධකම ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධවන තරමට වැඩි වෙයි. (මතු සම්බන්ධයි)

    නලින් ද සිල්වා


    2015 පෙබරවාරි 15

    source - http://www1.kalaya.org/2015/02/1.html
     

    Gotham88

    Member
    Feb 12, 2015
    6
    1
    0
    Man sinhala films balanne na macho. Eth Jayantha Mahathmayage films balanawa. Film eka sira mata nam. Lankawe computer effects hodata thibunanm hodatama karanna thibuna.

    Jayantha mahaththayo bohoma pin mei wade sarthkawa itu kalata . . .

    Nadeeka gana nam kiyala wadak na. Music supiri. Ka laga hari tracks tika thiyenawa nam link ekak ewanawada ????
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහරජ ගැමුණු Facebook Page එක බලද්දී අහම්බෙන් දැක්කේ මේක... :):):)
    ඇත්තටම ගොඩක් සතුටු හිතුනා... ඒ වගේම පුදුම හිතුනා.. කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි මේ නූල දැම්මේ... උසස් නිර්මාණයක් වෙනුවෙන් මගෙන් වෙන්න ඕන දෙයක් විදිහට හිතල මම මේක share කලේ අපේ එළකිරි යාළුවො එක්ක.. ඉතින් මේ post එක දැක්කම ඇත්තටම සතුටු හිතුනා...අපේ elakiri එකත් පොඩි promote වීමකුත් නේ..
    :yes::yes:


    https://www.facebook.com/GemunuMaharaja?fref=nf

    q0lyh99071am9aa6g.jpg
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113


    නදීක ගුරුගේ, මේ චිත්‍රපටයට දීලා තියෙන දායකත්වය විශිෂ්ටයි... මේ තේමා ගීතය ඒකට හොදම උදාහරණය... Game of the Thrones, Hobbit, Lord of the Rings වගේ බටහිර චිත්‍රපට වල සංගීතය, ඒ නිර්මාණයට නියම විදිහට ගැලපෙන්න යොදාගන්න විදිහටම මහරජ ගැමුණු ෆිල්ම් එකෙත් පසුබිම් සංගීතය ඉතා උසස් විදිහට, රූපරාමු ත්‍රීව්‍ර කරන්න යොදාගෙන තියෙනවා... ලංකාවේ හදපු ෆිල්ම් එකක ඒ දේ දැකපු පලවෙනි වතාව, මහරජ ගැමුණු කියල මං හිතන්නේ..
     

    MEngineer

    Active member
  • හෙළයෙක්;17901295 said:
    කොහෙද අර පිස්‌සෙක්‌ ගුත්තගෙ චරිතෙ වෙන පිච්චර් එකකට දාල කෑවනෙ· ජයන්ත මහත්තයා ගුත්තගෙ චරිතෙ තව දේවල් කරා නං කට්‌ටිය හිතයි අර කලින් පිච්චර් එකේ තියෙන ඒවා කොපි කරා කියලා.....·
    :rofl::rofl::rofl::rofl::rofl:

    අනිවා මචන්...සිරි පැරකුම් ද මොකක්ද එකේ ඒ මනුස්සයා කරලා තිබ්බේ තනිකරම ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ ගැමුණු පිටපත කොපි කිරීමක්.. නිර්මාණශීලී බවක් නැති මිනිස්සුන්ට පුළුවන් අනුන්ගේ නිර්මාණ තමන්ගේ අදහස් වගේ කොපි කරලා සල්ලි හොයන එක...ඒකයි මං හැමෝගෙන්ම ඉල්ලන්නේ මේ මහරජ ගැමුණු නිර්මාණයට ගිය වියදම වත් අපේ රටේ මිනිස්සු හොයල දෙන්න ඕන කියල, නැවතත් ජයන්ත මහත්තටය නිර්මාණයක් බය නැතුව පටන් ගන්න ඒක හයියක් වෙයි...

    සිරි පැරකුම් එකේ තිබුන අතීත සිද්ධියක් ඇත්තටම වෙලා තියෙනවද මචන්.. අපි අහල තියෙන්නෙත් එක දුටුගැමුණු කුමාරයා එකේම උන කියලනේ........:no::no::confused::confused:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිරි පැරකුම් එකේ තිබුන අතීත සිද්ධියක් ඇත්තටම වෙලා තියෙනවද මචන්.. අපි අහල තියෙන්නෙත් එක දුටුගැමුණු කුමාරයා එකේම උන කියලනේ........:no::no::confused::confused:

    සෝමරත්න දිසානායක කියන්නේ කොපි කාක්කෙක් මචන්... හැබැයි සිංහල ෆිල්ම් එකක් බලන්න ෆිල්ම් හෝල් එකකට නොගිය මිනිස්සුන්ව අද්දගන්න පුළුවන් උනා, පොර කරපු ෆිල්ම් නිසා...
    මොනවා උනත් මහරජ ගැමුණු පොත බලද්දී , ගුත්තාව ගමේ ඉදල රජ මාලිගාවට එක්කගෙන යන කොටස තමයි ලස්සනටම හිතේ මැවෙන්නේ... ඒ දේ මහරජ ගැමුණු ෆිල්ම් එකට දැම්ම නම් ඇත්ත සිද්ධිය නොදන්නා මිනිස්සු කියයි ජයන්ත චන්ද්‍රසිරි කොපියක් ගහල කියල...නමුත් උනේ අනිත් පැත්ත... එතුමාට කරන්න තිබුනේ පිටපත කලින් එලියට නොදා ඉන්න...ඒ පිටපත ලියල තියෙන්නේ 2009 දි, මට මතක විදිහට...
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    mamath baluwa machan

    aniwa supirima film ekak mama balaporoththu una wagema :yes:

    boho charitha sudussatama labila thiyanawa

    jayantha mahaththayata subha pathanawa saha ashirwada karanawa me wage thawath niramana godak apita labadenna wasanawa shakthiya labenna kiyala
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63


    ඔව් මචන්...සමනල සන්ධ්‍වනියෙන් පස්සේ ආපු හොදම සිංහල film එක කියල කියන්න පුළුවන්...නදීක ගුරුගේ ගේ music එක නම් හොදටම වදිනවා... ඒ වගේම නන්දිමිත්‍ර යෝධයාගේ act එකත් නියමයි...අජිත් වීරසිංහ නියමෙටම ඒකට ගැලපෙනවා සහ ඔහු උපරිමයෙන්ම මේකට දායක වෙලා තියෙනවා කියල පේනවා..ඇත්තටම මට නම් ගැමුණු කුමාරයට ඉන්න උද්දිකට වඩා අජිත් වීරසිංහගේ රංගනය සාර්ථකයි කියල හිතුන මේ ෆිල්ම් එක බලන සමහර තැන් වලදී...

    බලපු නැති අය මේක අනිවාර්යෙන් බලන්න...ජයන්ත චන්ද්‍රසිරි වගේ දක්ෂ නිර්මාණකරුවෙක්ව අධෛර්යයට පත් කරන්න එපා..

    මටත් ඔකේ මීයුසික් හොදටම හිතට ඇල්ලුවා ..මෙතරම් හොදට පන්ච් වෙන චිත්රපට පසුබිම් සංගීතය නිර්මාණය කිරීමට ලංකාව තුල හිටිය එකම සංගීතවේදීයා කේමදාස මාස්ටර් විතරයි...මට මුලදී නදීකගේ සංගීතය ගැනත් විශ්වාසය තිබුණ ...නමුත් මට මේ චිත්‍රපටියේ සංගීතය ගැන කොහේ හරි මතකයක් තිබුණ...කල්පනා කරද්දී මෙන්න අහුඋනා ...අපේ දැන් ඉන්න උන් කොහොමද මෙච්චර ප්‍රබල චිත්‍ර පට පසුබිම් සංගීතය නිර්මාණය කරන්නේ ...(බටහිර සංගීතය ගැන නොදන්නා උන්ගේ බොරු ටෝක් වලට උත්තර නොදෙමි)

    කොපිකරපු තැන empire earth game 2001

     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113


    mamath baluwa machan

    aniwa supirima film ekak mama balaporoththu una wagema :yes:

    boho charitha sudussatama labila thiyanawa

    jayantha mahaththayata subha pathanawa saha ashirwada karanawa me wage thawath niramana godak apita labadenna wasanawa shakthiya labenna kiyala

    :yes::yes::yes:

    me wage film walata nodena vote mokatada

    math vote kala

    elakiri machan
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මටත් ඔකේ මීයුසික් හොදටම හිතට ඇල්ලුවා ..මෙතරම් හොදට පන්ච් වෙන චිත්රපට පසුබිම් සංගීතය නිර්මාණය කිරීමට ලංකාව තුල හිටිය එකම සංගීතවේදීයා කේමදාස මාස්ටර් විතරයි...මට මුලදී නදීකගේ සංගීතය ගැනත් විශ්වාසය තිබුණ ...නමුත් මට මේ චිත්‍රපටියේ සංගීතය ගැන කොහේ හරි මතකයක් තිබුණ...කල්පනා කරද්දී මෙන්න අහුඋනා ...අපේ දැන් ඉන්න උන් කොහොමද මෙච්චර ප්‍රබල චිත්‍ර පට පසුබිම් සංගීතය නිර්මාණය කරන්නේ ...(බටහිර සංගීතය ගැන නොදන්නා උන්ගේ බොරු ටෝක් වලට උත්තර නොදෙමි)

    කොපිකරපු තැන empire earth game 2001



    මචන්, මට ඔය දාල තියෙන track එකෙයි, මහරජ ගැමුණු theme music එකෙයි බැලූ බැල්මට සමානකමක් පේන්නේ නෑ... ඊට වඩා මම Games of Thrones එකේ සමානකමක් දකිනවා...

    Game of Thrones Title Theme Song




    "Sanda Paayanne" - Theme Song | Maharaja Gemunu(2015)




    ඒ මොනවා උනත් නදීක ගුරුගේ මේ නිර්මාණය වෙනුවෙන් දුන් දායකත්වය අති විශිෂ්ටයි... මං හිතන්නේ නෑ වෙන කෙනෙක් මේ වගේ ෆිල්ම් එකකට මීට වඩා හොද track එකක් කරයි කියල...
     
    Last edited: