විල්පත්තු

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ලංකාවේ වන රක්ශිත රැකගැනීමේ පෙළපාලිය - Rally to save forest reserves in Sri Lanka

    16 වෙනිදා උදේ 8.30 වෙනකොට ඔබ කොටුව දුම්රියපල ඉදිරියට හැමෝම එක්වෙමු

    11146563_829661380459436_6415134380730314683_n.jpg

    මේ වෑයම දේශපාලකයන්ගෙන් අපේ උපන් නුපන් පරම්පරාවට අයිති නිදහසේ හුස්ම පොද රැක ගැනීමයි . ජාති කුල පක්ෂ ආගම් සියල්ල ඉවතට .....එකාවන් මවුබිම රැකගමු .නිදහසේ හුස්මපොද අනාගතයට රැගෙන යමු .

    ලංකාව තුල ඇති වන රක්ශිත සහ අභය භූමි ආරක්ශා කිරීමට ඇති නීති/රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට බල කිරීමක් සඳහා පෙළගැසෙමු.!

    සැයු : මෙය කිසිදු දේශපාලන පක්ෂයකින් හෝ ආගමික කණ්ඩායමක් නියෝජනය කරන අය විසින් සැලසුම් කරන විරෝධතාවක් නොවේ . පරිසරයට ලැදි , වනසංරක්ෂණය වෙනුවෙන් පෙනී සිටින සියලු දේශපාලන ආගමික මතයන් හොබවන ශ්‍රී ලංකාවාසීන්ගේ සහභාගිතාව අප අගය කරන අතර මේ වෙනුවෙන් දේශපාලන සහ ජාතිවාදී සටන් පාට ඉදිරිපත්කිරීමෙන් හෝ යම් දේශපාලන පක්ෂයකට සහය දෙන ප්‍රකාශ නිකුත් කර සිටීමෙන් වලකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු .

    Let's assemble to persuade in executing the laws/regulations to protect nature reserves and sanctuaries in Sri Lanka.!

    N.B : This is not organized by anyone representing a political party or a religious group. We appreciate the attendance of any Sri Lankan holding any political or religious idea, with a love towards nature and preservation of nature.

    We kindly request you to refrain from making any political or racist remarks, allegations or supporting any political party in the cover of this event.

    11196229_828844710484923_3295610688725997276_n.jpg

    https://www.facebook.com/video.php?v=1834783123413587&set=vb.1691249977766903&type=2&theater

    11179946_10152898048801795_2031899337653995114_n.jpg

    විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක වටිනාකම

    විල්පත්තුව ජාතික වනෝද්‍යානය යනු වනෝද්‍යාන සංකීර්ණයකි. කොටස්‌ පහකින් යුක්‌ත විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පළමු කොටස ප්‍රකාශයට පත් කළේ 1938 පෙබරවාරි 25 වැනි දා ය. අනුරාධපුරය හා පුත්තලම දිස්‌ත්‍රික්‌ක දෙකට අයත් එහි භූමි ප්‍රමාණය හෙක්‌ටයාර 54953.2කි. ඉන්පසුව 1967.04.28 වන දින හෙක්‌ටයාර 7021.4ක්‌ ද, 1969.08.27 වන දින හෙක්‌ටයාර 22981.4ක්‌ ද, 1969.12.05 වන දින හෙක්‌ටයාර 25252.9ක්‌ හා 1973.12.07 වන දින හෙක්‌ටයාර 21484.8ක්‌ ද වශයෙන් කොටස්‌ 5ක්‌ ලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කර තිබේ.

    අද වන විට ඊට අයත් සම්පූර්ණ වනාන්තර ප්‍රමාණය හෙක්‌ටයාර 131693.7කි. මීට අමතරව විල්පත්තුව ජාතික වනෝද්‍යානය හා තවත් වනාන්තර ගණනාවක්‌ සම්බන්ධ වෙමින් විශාල වනජීවී වාසස්‌ථානයක්‌ ගොඩනැඟී ඇත. එනම් විල්පත්තුව උතුරු අභය භූමිය, තබ්බෝව අභය භූමිය හා වීරක්‌කුලිචෝලේ - එළුවන්කුලම යෝජිත රක්‌ෂිතය වැනි වනාන්තර ය. මෙසේ විල්පත්තුව හා ඒ හා සම්බන්ධව ගොඩනැඟී ඇති අනෙක්‌ වනාන්තර පරිසර පද්ධති හේතුවෙන් වනජීවීන් අති බහුතරයකට ලැබුණු රැකවරණය හා කලාඔය, මෝදරගංආරු වැනි ගංගාවන් ගේ ජල පෝෂක ප්‍රදේශ වැනසීම මේ මාර්ගය ඉදි කිරීම සඳහා එළි පෙහෙළි කළ වනාන්තර හා පස්‌ කැපීම හේතුවෙන් අහිමි වී ඇත.

    එපමණක්‌ නො ව විල්පත්තුව යනු වනජීවී වාසස්‌ථාන හා ගංගාවන් ගේ ජල පෝෂක ප්‍රදේශයක්‌ පමණක්‌ නො ව අති දැවැන්ත පුරා වස්‌තු සම්භාරයක්‌ සඟවා ගත් අප ජාතියේ ඉතිහාසය ගැබ් ව පවතින ධන නිධානයකි. ඉන්දියාවෙන් පැමිණි විජය රජු ගොඩබට තම්බපන්නිය පිහිටා ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ය. විජය රජු ගේ ආගමනයට පෙර කුවේණිය තුළින් ඉස්‌මතු වූ ලාංකේය සංස්‌කෘතියේ අක්‌ මුල් රැඳී ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ ය.
    IUCN Sri Lanka, (2006) Resource Inventory of Wilpattu National Park, IUCN Sri Lanka වාර්තාවට අනුව විල්පත්තුව යනු විවිධ පරිසර පද්ධති අති බහුතරයකින් සැදුම් ලත් ජාතික වනෝද්‍යානයකි. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පඳුරු සහිත ලඳු කැළෑ, ගංගාශ්‍රිත වනාන්තර, තෙත් විල්ලූ තෘණ භූමි, වියළි පතන තෘණ භූමි, පිටාර තැනි, වගුරු බිම්, වැව්, කඩොලාන, ලවණ වගුරු, වැලි කඳු හා වෙරළබඩ පරිසර මෙහි දැක ගත හැකි ය. මේ විවිධ වූ පරිසර පද්ධතිවලින් කුල 123කට අයත් මල් පිපෙන ශාක විශේෂ 623ක්‌ පමණ වාර්තා වී ඇත. ඉන් විශේෂ 27ක්‌ ලංකාවට ආවේණික වේ. සමනළන්, මත්ස්‍යයන්, උභයජීවීන්, උරගයන්, පක්‌ෂීන් හා ක්‌ෂීරපායීන් යන සත්ත්ව කාණ්‌ඩ හයට අයත් විශේෂ 328ක්‌ පමණ වාර්තා වන අතර ඉන් විශේෂ 21ක්‌ මෙරටට ආවේණික වේ.

    IUCN Sri Lanka, (2006) Resource Inventory of Wilpattu National Park, IUCN Sri Lanka වාර්තාවට අනුව විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත ප්‍රදේශ 68ක්‌ පමණ දැනට හඳුනාගෙන ඇත. ඒ අතර ෆොසිල සහිත ප්‍රදේශ, ප්‍රාග් ඓතිහාසික නෂ්ටාවශේෂ සහිත භූමි, ඉපැරැණි සොහොන් බිම්, මෙසෝලිතික යුගයේ ගල් ආයුධ සහිත ස්‌ථාන මේ ජාතික වනෝද්‍යානය තුළින් හමු වී තිබේ. පොම්පරිප්පු ප්‍රදේශයේ හමු වන මහා ශිලා යුගයේ සොහොන් බිම්වල අඩි 3ක්‌ පමණ උස විශාල මැටි වළංවල බහා ලු මිනී අළු බඳුන් හමු වේ. මේවා මධ්‍ය ශිලා යුගයේ බලංගොඩ මානවයාට වඩා දියුණු මිනිස්‌ ශිෂ්ටාචාරයක සාධක හමු වන බිම් ය.

    මේ අක්‍රමවත් නීති විරෝධී මාර්ග සංවර්ධනය හා වනෝද්‍යානයේ කැණීම් හේතුවෙන් මෙවන් පුරා වස්‌තු රැසක්‌ ජාතියට අහිමි වන්නට ඇත. මෙවන් සම්පත් රටට, ජාතියට අහිමි කරමින් සිදු කරන සංවර්ධනයෙන් බලාපොරොත්තු වන්නේ කුමක්‌ ද යන්න අපට නො වැටහේ.

    පරිසර නීති උල්ලංඝනය කිරීම

    2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක ආඥා පනතේ 3, 5, 6 යන වගන්ති සියල්ල උල්ලංඝනය කරමින් වනෝද්‍යානය තුළට අනවසරයෙන් ඇතුළු වී මාර්ග ඉදි කිරීම, වනජීවී වාසස්‌ථාන විනාශ කිරීම, ස්‌ථිර පාලම් ඉදි කිරීම, ගස්‌ කපා ඉවත් කිරීම, පස්‌ ලබා ගැනීම සඳහා විශාල වළවල් කැණීම, වනාන්තර ඉඩම් මායිම් කණු සිටුවා වෙන් කිරීම යන සියලු ක්‍රියාකාරකම් සිදු කෙරෙයි. එහෙත් ඊට එරෙහි ව වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගෙන නැත.

    එම පනතේ 9 වැනි වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක්‌ ඇතුළත සීමාවේ සංවර්ධන කටයුත්තක්‌ සිදු කිරීමට ප්‍රථම පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව කටයුතු කර වනජීවී අධ්‍යක්‌ෂ ජනරාල් ගේ පූර්ව ලිඛිත අනුමැතිය ලබාගත යුතු ය. එසේ නීති සකස්‌ කර ඇත්තේ ජාතික වනෝද්‍යානයක්‌ ලෙස ප්‍රකාශයට පත් කරන ඉතා ම වැදගත් පරිසර පද්ධතිවල ආරක්‌ෂාව තහවුරු කිරීම සඳහා ය.

    මීට අමතරව ජාතික වනෝද්‍යානයෙන් පිටත වනාන්තර සංවර්ධනය කිරීමට ප්‍රථමයෙන් ද ජාතික පාරිසරික පනතට අනුව ක්‍රියා කළ යුතු ය. සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1993.06.24 දින අංක 772/22 දරන ගැසට්‌ නිවේදනයට අනුව හෙක්‌ටයාර 1කට වැඩි (අක්‌කර 2.5ක්‌ පමණ වන) ඉඩම් ප්‍රදේශයක ඇති කැළෑ, කැළෑ ආශ්‍රිත නො වන ප්‍රයෝජනයක්‌ සඳහා යොදා ගැනීමට ප්‍රථම පරිසර බලපෑම් ඇගයීම් තක්‌සේරු කරන ක්‍රියාවලියට යටත් ව කටයුතු කර අදාළ පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය.

    මේ නීති රීති සියල්ල ම උල්ලංඝනය කරමින් විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ හා වටා ප්‍රදේශයේ මහ පරිමාණ, අනවසර සංවර්ධන ක්‍රියාකාරකම් සිදු කෙරෙයි.

    රක්‌ෂිත වනාන්තර පියවරෙන් පියවර මෙසේ වනසද්දී වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව හා පරිසර අමාත්‍යංශය මෙසේ නිහඬ ව සිටින්නේ මක්‌ නිසා දැයි යන්න විශාල ප්‍රශ්නයකි. ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යාන සංකීර්ණය වන විල්පත්තුවට සිදු කෙරෙමින් පවතින සියලු හානිකර ක්‍රියා වහා ම නතර කිරීමට පියවර ගන්නා ලෙස අපි අදාළ වගකිව යුතු අංශ වලින් ඉල්ලා සිටිමු. අදාළ අංශ කඩිනමින් ක්‍රියාමාර්ග ගනු ඇතැයි අප විශ්වාස කරමු.

    අද සතියේ විමසුම
    සජීව චාමිකර
    ..................
     
    Last edited:
    • Like
    Reactions: waligamaya

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මුස්ලිම් එවුනුත් හරියට age of empires එකේ වගේ, ගෙවල් spam කරගෙන යනවා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කැලෑ පාලුවා රිෂාඩ් විතරද ?
    රිශාඩ් බදූර්දීන් කියන්නෙ කොහෙත් ම හොඳ මිනිහෙක් නෙවෙයි. කැලෑ කපන කතාව ඔය මිනිහට අද ඊයෙක ඉඳලා තියෙන එක්කුත් නෙවෙයි. නැවත පදිංචි කරන මුවාවෙන් විල්පත්තුවට කෙළවන එකට විරුද්ධ වෙන්නම ඕනෙ.
    කැලෑ කපනවයි කියන එකට විරුද්ධ වෙන්න අපිට කොන්දේසි නෑ, ඒත් කැලෑ කැපිල්ලට විරුද්ධ වෙන මුවාවෙන් ජාතිවාදය වපුරන්න එනවා නම් ඒකට ඉඩ තියන්නත් බෑ.
    මීට කලින් රාජපක්ෂ පාලනය තියෙන කාලේ (මේක තාම ඉවර නෑ)
    1 මත්තල ගුවන් තොටුපල හදන්න වනාන්තර අක්කර 5000ක් විනාශ කරා.
    ජත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාව - මාම්පුර වරාය - සුරිය වැව ක්‍රීඩංගනය හම්බන්තොට පරිපාලන සංකීර්ණය මිරිජ්ජවිල ආයෝජන කලාපය - සුර්‍ය තාප විදුලි බලාගාරය කියන ව්‍යාපෘති වෙනුවෙන් බිලිදුන්න වනාන්තර ප්‍රමාණය අක්කර 10,000 ක්. ඇත්තෙන් ම වයඹට වඩා වැඩි අලි මිනිස් ගැටුම් තත්වයක් හම්බන්තොට ඇති වුණා.
    2 බදුල්ල හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ටාසයට අයිති බලහරුව අඹකොලේ ප්‍රදේශයේ අක්කර 1000 ක් උදිත් ලොකු බණ්ඩාරත් අක්කර 500ක් බැසිල් රාජපක්ෂත් වෙන්කරගත්තා.
    3 කරුන්කාලිපුරම් රක්ෂිතයේ අක්කර 5000ක යුධ හමුදාව විසින් අලුතින් ජනාවාස ඉදිකළා.
    4 කල්පිටියේ දූපත් 14 ක අක්කර 2750ක් සංචාරක ප්‍රවර්ධන කටයුතු වලට ගත්තා. නිලාවේලියේ 10 km පාසිකුඩා අක්කර 300ක් ධීවර භූමිය අහිමි කලා.
    5 නිල්ගල අක්කර 505 ක් ගාමිණී විජිත මුණිසොයිසා හිතවතුන්ට දුන්නා
    6. ආන්දකුලම් වන රක්ෂිතයේ අක්කර 6000ක් මහවැලි එල් කලාපය හැටියට නම් කරලා දේශපාලන හිතවතුන්ට දුන්නා. නිමල් සිරිපාලගේ නංගිත් ඒවා ගත්තා.
    7. පෝට් සිටිය කතා කරලා වැඩක් නැහැනේ.
    මේ කිසිම දෙයක් වෙනුවෙන් බරපතළ හඬක් නඟන්න කවුරුත් ඉදිරිපත් උනේ නෑ, පාලන බලය තියෙන ආණ්ඩුවේ දේශපාලකයො තම තමුන්ට පුළුවං හැටියෙන් කැලෑ කපන එක, ඒවා ඡන්ද බලාගෙන හිතවතුන්ට බෙදන එක රටේ සම්ප්‍රදායක් වගේ වෙන තැනකට ම ගිහින්.
    රිෂාඩ්ට විතරක් නෙවෙයි කලෑ කපන කොයි දේශපාලුවාටත් එරෙහි වෙමු, රිෂාඩ්ගෙන් පටන් ගමු, ඒත් ජාතිවාදී පිස්සන්ගෙන් පරෙස්සම් වෙමු.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918

    කවුරු කරත් වරද වරදමයි දැන් උබ මේ ඉහත දාලා තියෙන ඒවාට තර්ක කරන වෙලා විල්පත්තුවේ වැඩේ නවත්තගන්න බලමු. අපේ රටේ වැරැද්ද තමා හොද දේ වෙනුවෙන්වත් එකතු වෙන්නේ නැති කම. නිදහසින් පස්සේ තිබ්බ හැම රජයක්ම ඒ ඒ අයට ඕනේ විදියටයි වැඩ කලේ නැතුව රටට ඕනේ මේක ඒක අපි මොන රජය යටතේත් ක්‍රියාත්මක කරනවා කියලා පුළුල් විදියට හිතන අය අපේ දේශපාලුවෝ අතර නෑ. සංවර්දනයේදී වනාන්තර අපිට අහිමි වෙනවා නමුත් අපි දුරදර්ෂිව හිතුවොත් වනගහනය වැඩි කරගෙන ජනගහනයත් හොද විදියට හදාගෙන සංවර්දනයත් කරගන්න පුළුවන් වෙයි.

    ඉඩ දීපන් මහින්දගේ අයට පවතින ආණ්ඩුව විවේචනය කරන්න වෙන නුලක් ගනින් ඒවාට තර්ක කරන්න හැබැයි මේ වැඩේ ගොඩ දාලා, එකතු කරගන්න මහින්දගේ අයව මේ වැඩේට, අන්තිමට වෙන්න ඕනේ හරි දේයි. :yes:

    උබලා තර්ක කර කර හිටියොත් අපි පරාදයි රිෂාඩ් කියන තක්කඩි දේශපාලුවා දිනුම්

    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    ow dan wechcha waradi niwaradi karaganna ona. apidekata bedila baha. okkoma set wemu. Wilpattu witharak nemei kohe unath deforestation walata wirudda wemu :nerd:
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    කැලෑ පාලුවා රිෂාඩ් විතරද ?
    රිශාඩ් බදූර්දීන් කියන්නෙ කොහෙත් ම හොඳ මිනිහෙක් නෙවෙයි. කැලෑ කපන කතාව ඔය මිනිහට අද ඊයෙක ඉඳලා තියෙන එක්කුත් නෙවෙයි. නැවත පදිංචි කරන මුවාවෙන් විල්පත්තුවට කෙළවන එකට විරුද්ධ වෙන්නම ඕනෙ.
    කැලෑ කපනවයි කියන එකට විරුද්ධ වෙන්න අපිට කොන්දේසි නෑ, ඒත් කැලෑ කැපිල්ලට විරුද්ධ වෙන මුවාවෙන් ජාතිවාදය වපුරන්න එනවා නම් ඒකට ඉඩ තියන්නත් බෑ.
    මීට කලින් රාජපක්ෂ පාලනය තියෙන කාලේ (මේක තාම ඉවර නෑ)
    1 මත්තල ගුවන් තොටුපල හදන්න වනාන්තර අක්කර 5000ක් විනාශ කරා.
    ජත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාව - මාම්පුර වරාය - සුරිය වැව ක්‍රීඩංගනය හම්බන්තොට පරිපාලන සංකීර්ණය මිරිජ්ජවිල ආයෝජන කලාපය - සුර්‍ය තාප විදුලි බලාගාරය කියන ව්‍යාපෘති වෙනුවෙන් බිලිදුන්න වනාන්තර ප්‍රමාණය අක්කර 10,000 ක්. ඇත්තෙන් ම වයඹට වඩා වැඩි අලි මිනිස් ගැටුම් තත්වයක් හම්බන්තොට ඇති වුණා.
    2 බදුල්ල හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ටාසයට අයිති බලහරුව අඹකොලේ ප්‍රදේශයේ අක්කර 1000 ක් උදිත් ලොකු බණ්ඩාරත් අක්කර 500ක් බැසිල් රාජපක්ෂත් වෙන්කරගත්තා.
    3 කරුන්කාලිපුරම් රක්ෂිතයේ අක්කර 5000ක යුධ හමුදාව විසින් අලුතින් ජනාවාස ඉදිකළා.
    4 කල්පිටියේ දූපත් 14 ක අක්කර 2750ක් සංචාරක ප්‍රවර්ධන කටයුතු වලට ගත්තා. නිලාවේලියේ 10 km පාසිකුඩා අක්කර 300ක් ධීවර භූමිය අහිමි කලා.
    5 නිල්ගල අක්කර 505 ක් ගාමිණී විජිත මුණිසොයිසා හිතවතුන්ට දුන්නා
    6. ආන්දකුලම් වන රක්ෂිතයේ අක්කර 6000ක් මහවැලි එල් කලාපය හැටියට නම් කරලා දේශපාලන හිතවතුන්ට දුන්නා. නිමල් සිරිපාලගේ නංගිත් ඒවා ගත්තා.
    7. පෝට් සිටිය කතා කරලා වැඩක් නැහැනේ.
    මේ කිසිම දෙයක් වෙනුවෙන් බරපතළ හඬක් නඟන්න කවුරුත් ඉදිරිපත් උනේ නෑ, පාලන බලය තියෙන ආණ්ඩුවේ දේශපාලකයො තම තමුන්ට පුළුවං හැටියෙන් කැලෑ කපන එක, ඒවා ඡන්ද බලාගෙන හිතවතුන්ට බෙදන එක රටේ සම්ප්‍රදායක් වගේ වෙන තැනකට ම ගිහින්.
    රිෂාඩ්ට විතරක් නෙවෙයි කලෑ කපන කොයි දේශපාලුවාටත් එරෙහි වෙමු, රිෂාඩ්ගෙන් පටන් ගමු, ඒත් ජාතිවාදී පිස්සන්ගෙන් පරෙස්සම් වෙමු.

    Eththa kathawa, hema reddatama jaathiwadaya gaawaganna epa,

    Wilapththuwa rakinna one rishad wansana hindawath , Mahinda peraduna hindawath nevei,

    echahrai anthimeta lankawata ithuru wenne,. echchrai apita aadambara wenna puluwanne
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    කවුරු කරත් වරද වරදමයි දැන් උබ මේ ඉහත දාලා තියෙන ඒවාට තර්ක කරන වෙලා විල්පත්තුවේ වැඩේ නවත්තගන්න බලමු. අපේ රටේ වැරැද්ද තමා හොද දේ වෙනුවෙන්වත් එකතු වෙන්නේ නැති කම. නිදහසින් පස්සේ තිබ්බ හැම රජයක්ම ඒ ඒ අයට ඕනේ විදියටයි වැඩ කලේ නැතුව රටට ඕනේ මේක ඒක අපි මොන රජය යටතේත් ක්‍රියාත්මක කරනවා කියලා පුළුල් විදියට හිතන අය අපේ දේශපාලුවෝ අතර නෑ. සංවර්දනයේදී වනාන්තර අපිට අහිමි වෙනවා නමුත් අපි දුරදර්ෂිව හිතුවොත් වනගහනය වැඩි කරගෙන ජනගහනයත් හොද විදියට හදාගෙන සංවර්දනයත් කරගන්න පුළුවන් වෙයි.

    ඉඩ දීපන් මහින්දගේ අයට පවතින ආණ්ඩුව විවේචනය කරන්න වෙන නුලක් ගනින් ඒවාට තර්ක කරන්න හැබැයි මේ වැඩේ ගොඩ දාලා, එකතු කරගන්න මහින්දගේ අයව මේ වැඩේට, අන්තිමට වෙන්න ඕනේ හරි දේයි. :yes:

    උබලා තර්ක කර කර හිටියොත් අපි පරාදයි රිෂාඩ් කියන තක්කඩි දේශපාලුවා දිනුම්

    sira machan
     
    Similar threads