හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

mmsuranjith

Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    මේ අපූරු නූල කියවද්දි මටත් හිතුණා මං ආසම කරන ගීයක් ගැන පොඩ්ඩක් ලියන්න. හැබැයි මේ ගැන කලින් ත්‍රෙඩ් වල ලියලද දන්නෑ. මේ මගේ පළමු ගීත විකාරය (හුටා.. වැරදුණා. විචාරය). වරද ඇත්නම් සමා වෙන සේක්වා!
    රත්න ශ්‍රී විජේසිංහ - නූතන ගේය කාව්‍ය රචකයන් අතර අපූර්වතම අනන්‍යතාවයක් සහිත රචකයෙක්. ඔහු තම බොහෝ කෘතීන් සදහා ‍බෞද්ධ සාහිත්‍යය ඇසුරු කර ගත් බව නොරහසක්. කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන 'අජානේය ස්කූටර' ගීතය වෙනුවෙනුත් ඔහු ජාතක පොතේ එන සිරිකාලකණ්නි වස්තුව ආශ්‍රය කර ගන්නවා.
    සිරිකාලකන්නි වස්තුව කෙටියෙන් කියලා ඉන්නම්. සිරිකාලකන්නියා දිසාපාමොක් තක්සලාවේ දක්ෂතම ශිෂ්‍යයා. ඉතින් සිරිත් ප්‍රකාරව ගුරුතුමාගේ දියණිය විවාහ කර දුන්නේ මේ දක්ෂ ශිෂ්‍යයාට. මේ රූමත් තරුණියත් එක්ක නැවත ගමරට එන අතරේ කාලකන්නියාට කුසගින්නක් දැනෙනවා. අතරමගදී උදුම්බර හෙවත් දිවුල් ගසක් දකින ඔහු ඊට නැගි දිවුල් කඩාගෙන කනවා. මේ දකින බිරිය තමාටත් කුසගිනි බැවින් මටත් දිවුල් දෙව යැයි ඉල්ලා සිටිනවා. "ඇයි තොපට අතපය නැද්ද.. ගසට නැග කඩා ගෙන කව" යැය පවසන සිරිකාලකන්නියා ගසෙන් බසිනවා. කුසගිනි ඉවසිය‍ නොහැකි තරුණිය ගසට නැගි වහාම ඇයට බිමට බැසිය නොහැකි වන ලෙස ගස වටා කටුඅකුල් දමා සිර කරන කාලකන්නියා පලා යනවා. තක්සලාවේම ඉගෙනගත් බ්‍රහ්මදත්ත රාජකුමාරයා ඒ මගින් එන විට දිඹුල් ගස උඩ සිටින කුමාරිය දකිනවා. මේ රූමතිය ගසෙන් බස්සවා ගන්නා ‍ඔහු ඇය සිය මෙහෙසිය කරගෙන තම රාජ්‍යය කරා රැගෙන යනවා. දිවුල් ගස උඩ සිට හමුවූ නිසා ඇය උදුම්බරා දේවිය ලෙස ප්‍රකට වෙනවා. ගමට යන කාලකන්නියාට සිල්ප උගත්තත් රැකියාවක් නෑ. ඔහු පාරේ කම්කරුවෙක් ලෙස සේවය කරනවා. දිනක් රජතුමා සමග රථයෙන් සංචාරය කරන උදුම්බරා දේවිය මේ කාලකන්නියා දැක සිනා පහළ කරනවා.
    රත්නශ්‍රී මේ කතාන්දරය හරි අපූරුවට වර්තමානය හා ගලපනවා. දැන් කුමාරිය වඩින්නේ අජානේය ස්කූටර පිටින්. ඈ තම හිමියාට තුරුළුව නගර සිරි බලමින් ඉගිල යනවා. සූසැට සිල්පය උගත්තත් වර්තමාන කාලකන්නියාටත් රැකියා නෑ.
    සූසැට සිල්පය උගෙනා - පාරගතව ගියෙනා
    පාරෙ වැඩට හවුල් වෙන්න - උදැල්ල මට ලැබුණා
    කොයිතරම් උගතෙක් වුණත් දැන් ඔහුට සිද්ද වෙන්නෙ පාරෙ වැඩ කරන්නට. ඔහු හා එකම පන්තියේ උගත්. විභාග සමත් නුවූවත් ධනයෙන් ආඪ්‍ය සගයා ඔහු දැක සිනා පහළ කරනවා. තම පන්තියේ 'බැච් ටොප්' පාරෙ වැඩ කරද්දි ඔහුගේම සිහින කුමාරිය හා සවාරි යන සගයාගෙ මුවට නැගෙන්නේ සදය සිනාවක්. ජාතක කථාවේ කුමරියගේ මුවට නංවන සිනාව රත්නශ්‍රී නංවන්නේ පෙම්වන්තයාගේ මුවට. මේ දූවිලි සුවද පෙම්වතියට ගැලපෙන්නේ නෑ. ඈ තම විලවුන් ගෑ ලේන්සු පොටින් මුව වසා ගන්නවා.
    මාගත දාදිය හදුනා - සගය සිනා නගනා
    ප්‍රේමවන්ති විලවුන් ගෑ - ලේන්සු පට සිබිනා
    වර්තමාන කාලකන්නියා මේ සමාජ අසාධාරණයට වෛර කරන්නේ නෑ. තම සිහින කුමාරිය වෙන අයෙකුට අයත් වුණත් ඔහුගේ හිතේ වෛරයක් නෑ.
    සදාකල්ම පෙම්වතුන්ගෙ සිහින පුරා රදනා
    උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා...
    මේ පෙම්වතිය ඔහුට උදුම්බරාවක්. සිරිකාලකන්නියාත් උදුම්බරාව ගසේ තනිකර ගියේ අනාදරයකින් නෙවෙයි. තමාට මේ තරුණියට දුකක් නොදී රැක බලා ගත නොහැකි බව ‍ඔහු දැන සිටියා. මේ පෙම්වතාත් තම පෙම්වතිය සිහිනයෙන් පමණක් වැළද සැනසෙනවා. 'කාට අහිමි වුණත් සාධු මල් පිපියන් සැමදා' මේ අවසාන ප්‍රාර්ථනය ඉතා සංවේදී එකක්.
    මේ ගීතය මට දැනුනෙ‍ මෙහෙමයි. ඉඩ තියෙන වෙලාවට තව එකක් දෙකක් ලියන්නම්. මේ අපූරු නූල අපි දිගටම කරගෙන යමු. ජයවේවා...


    me thiyanne , thawa eiyanna machoo:D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මීලග මගේ විචාරය....
    සියල්ල ඉදිරී ග‍රා වැටුණු දා ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම දැන හඳුනාගත් තනිකම නුඹටත් මා‍ හැරයන්නට සිදුවෙයි නැවතත් ............
     
    • Like
    Reactions: shaminda peiris

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මීලග මගේ විචාරය....
    සියල්ල ඉදිරී ග‍රා වැටුණු දා ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම දැන හඳුනාගත් තනිකම නුඹටත් මා‍ හැරයන්නට සිදුවෙයි නැවතත් ............


    පළමු ප්‍රේමයෙන් පරාජිතව එහි විරහව විඳ ඇති හෙයින් දෙවන වරටත් ප්‍රේමයේ වියෝගය ලැබේදෝයි දෙගිඩියාවෙන් පසුවන සිතක හැඟුම්......මගේ අනුමානය හරිද දන්නෑ....කලින් ත්‍රෙඩ් එකේ තිබුන වගේ මතකයි.....




    එළ.... ආයෙත් මේ ත්‍රෙඩ් එක පළමු පිටු අතරේ දකින්න පුළුවන් වේවි.....
    :)
     
    • Like
    Reactions: shaminda peiris

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]රසික සද්ජනයන් ආනන්දයෙන් ප්‍රඥාව කරා එළඹවීමේ පුණ්‍යකර්මය....................[/FONT]


    [FONT=&quot]ඒ දඩු පාලම...............[/FONT]





    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඒ දඩු පාලම කැඩී විසි වුණා[/FONT]
    [FONT=&quot]අරුමැසි ලෝකෙක[/FONT]
    [FONT=&quot]මා පා තැබූ දිනේ........[/FONT]
    [FONT=&quot]මා පා තැබූ දිනේ...........[/FONT]

    [FONT=&quot]මහ සැඩ සුළගට උදුරා ගෙන ගිය[/FONT]
    [FONT=&quot]නොනිමි අතීතය[/FONT]
    [FONT=&quot]උරුමය ලැබූ දිනේ.......[/FONT]
    [FONT=&quot]මා පා තැබූ දිනේ.............[/FONT]

    [FONT=&quot]ඉනි වැට පැන ගෙන[/FONT]
    [FONT=&quot]සිදාදියට ගිය ගමනේ[/FONT]
    [FONT=&quot]ඉලන්දාරි හිත මට අත හැරුනු දිනේ.......[/FONT]
    [FONT=&quot]ඒ දඩු පාලම කැඩී විසිරුණා[/FONT]
    [FONT=&quot]අරුමැසි ලෝකෙක.....[/FONT]

    [FONT=&quot]දැණුනි මියෙන්නට[/FONT]
    [FONT=&quot]වියැකී දියතේ[/FONT]
    [FONT=&quot]පා සටහන් මත[/FONT]
    [FONT=&quot]මගෙ පා තැබු දිනේ[/FONT]

    [FONT=&quot]මහ සැඩ සුළගට උදුරා ගෙන ගිය[/FONT]
    [FONT=&quot]නොනිමි අතීතය[/FONT]
    [FONT=&quot]උරුමය ලැබූ දිනේ[/FONT]
    [FONT=&quot]මා පා තැබූ දිනේ.............[/FONT]

    [FONT=&quot]ඒ ...ඒ....ඒ....හේ....හේ.....[/FONT]
    [FONT=&quot]ඒ ...ඒ....ඒ....හේ....හේ.....[/FONT]

    [FONT=&quot]හෙළ සුභාවිත ගීත සාහිත්‍යයේ ඉතාම සුපසන් සළකුණක් වන්නේ තම ආත්මයට දැනෙන ගීත අති මහත් බහුල සංඛ්‍යාවක් ඒ තුල පවත්නා බැවිනි. එයිනුත් ඉතා ම විචිත්‍රවත් කරුණ වන්නේ එවැනි සමහර ගීත ආත්මයට දැනෙනවා විනා බුද්ධියට ගෝචර-එනම් තේරුම් ගැනීමක් හෝ අරුත් පසිදීමකට ලක් කල නොහැකි- වන නිසා ය. එවන් ගීත බොහොමයක් අප අත් දුටුවේ අප කුඩා කළ, නැතහොත් යෞවන කාලයේ අපි විදි ගීත වලිනි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]හෙල සුභාවිත ගීතයේ එන මනරම් සංගීතය ද මෙවැනි ම සාර ගුණයෙන් හෙබියේය. ඒ සංගීතය කර්ණ රසායන මෙන්ම චිත්ත රසායන ද වේ. චිත්ත රසායන ව එමතු ද නොව ආත්ම රසායන ද වේ. නමුත් එකවර කර්ණ,චිත්ත සහ ආත්ම රසායන වන ගීත හෙළ සුභාවිත ගීතය තුළ වුව ද දුලබ මය. එවැනි ගීත වුව අප ඇසුයේ අපේ කුඩා කළ හෝ යෞවනයේ දීය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]වර්තමානයේ බිහිවන කොත්තු රොටී තරු ගායකයන් අතරින් සේමැ, කොත්තු රොටි ගීත අතරින් ද එවැනි මහා නිර්මාණ බිහිවීමේ ශක්‍යතාවය අතිමහත් හීනය.[/FONT]

    [FONT=&quot]නමුත් අතරින් පතර හෝ ආත්ම රසායන පදමාලවක්, ආත්ම රසායන සංගීතයකට එක්වී අප ආත්මය අමන්දානන්දය ද, එවක් නොව ශෝකයට ද, වේදනාවට සහ ප්‍රමෝදයට ද එකවර පත් කරන්නේ නම්, ඒ ගීතය ගීතයකට වඩා, මහා නිර්මාණයකට වඩා, පුණ්‍ය කර්මයක පල දීමක් ලෙස මම දකිමි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]එවන් පුණ්‍ය කර්මයක් පිළිවදවය මේ වර්ණනය![/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ ගීතය මා පළමු වරට ශ්‍රවණය කලේ අපේ මැක්බෝයිඑස්එල් සොයුරාට පින් සිදුවන්නට බව ඉතා ම කුළුණු සිතින් මෙනෙහි කරමි. ගීතය පළමු වරට ඇසූ මොහොතෙහි මම පාෂාණිභූත වූ බව මෙනෙහි කරමි. එවන් තත්ත්වයකට නුදුරු අතීතයක දී මා පත් කොට ඇත්තේ ගීත අතිශය අතලොස්සකි. කසුන් ගේ නැවතී මෙතෙකින්, ඔහු ගේ ම රෑ අහසින් සහ රොමාන්තික ඔපෙරාව ද, අමරසිරි පීරිස් ගයන ලද ඉකි ගසා හඩන සහ හිතවතුනි අද සුදු ඇදන් එන්න ගීත ද නුදුරු අතීතයක මා අතිශය ප්‍රලය කල මහා නිර්මාණයන්ය. මේ ගීතය ද වැටෙන්නේ එම ගීත ගොන්නටය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ ගීතය පිළිබද ව වර්ණනා කරන්නේ නම් ඒ කිහිප වූ සංරචකයන් ගණනක් පිළිබද ව විය යුතුය. ඒ ගේය පද රචනය, සංගීතය සහ අතිශය භාවමය වූ මේ ගායනය පිළිබද ව ය. එයින් පළමු වැන්න වන්නේ ගේය පද රචනයයි. එහි හිමිකාරිය වන්නේ මදුකා ගුණසේකරයි. මෙවන් පද රචනයක් ඇගේ පෑන් තුඩින් බිහිවීම ම ආශ්චර්යයකි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඒ දඩු පාලම කැඩී විසි වුණා[/FONT]
    [FONT=&quot]අරුමැසි ලෝකෙක[/FONT]
    [FONT=&quot]මා පා තැබූ දිනේ........[/FONT]
    [FONT=&quot]මා පා තැබූ දිනේ...........[/FONT]

    [FONT=&quot]ගීය අපට ගයන්නා මේ ලොවට පාතබත් ම ඔහු ගේ ජීවිතය යම් බිදී යාමකට ලක් වී ඇති බවට අපට ඉතා ම දැඩි ලෙස හගවන මේ මුල් පද කොටස ම එය අසන්නා යම් භාවමය කම්පනයකට පත් කරන්නකි. එමෙන් ම එය ගයන තිසර වීරසිංහ නම් මේ අංකුර ගායකයා, සිය සකල ගායන භාවයන් එය තුලට එක් කිරීම ද, ඒ කම්පනය, ප්‍රකම්පනයක් තෙක් විවර්ධනය කිරීමට සමත් ය. ඔහු ගීය අරඹන්නේ අතිශය උච්ච හඩකිනි. ඒ උච්ච හඩ නැවත නැවත පවත්වාගෙන යාම මගිනි ඔහු මේ අත්දැකීමට මුහුණ දුන් අයවළුන් විදි වේදනාව අප ආත්ම ගත කරන්නේ.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මහ සැඩ සුළගට උදුරා ගෙන ගිය[/FONT]
    [FONT=&quot]නොනිමි අතීතය[/FONT]
    [FONT=&quot]උරුමය ලැබූ දිනේ.......[/FONT]
    [FONT=&quot]මා පා තැබූ දිනේ.............[/FONT]

    [FONT=&quot]මේ පද පෙළ තුලින් ද අපේ ආත්මයට දැනෙන්නේ මේ ප්‍රකාශය කරන්නා අතීතයේ ඉමහත් පීඩා විදි අයෙකු බවය. ඔහු ගේ අතීතය මහා සැඩ සුළගක් උදුරා ගෙන ගොස් ඇත. තිසර මෙහි “නොනිමි අතීතය...“ යන කොටස ගයන්නේ අතිමහත් වේදනාවක් හදෙහි දරා ගත්තෙකු කරන වේදනාත්මක ප්‍රකාශයක් සිහිකරවමිනි. ගීතයේ ආරම්භයේ දී වැයෙන්නේ බේස් ගිතාරයක් සහ පියානෝවක් පමණකි. වදන් ගැයෙන විටය මෙහි සංගීතය නිර්මාණය කළ ඉන්ද්‍රජාලික (ඔව්! මේ ගීතයේ සංගීතය ඉන්ද්‍රජාලිකයි) සංගීතඥයා වන අමිත් ගුරු වයලීනයක් සහ චෙලෝවක් හඩවන්නේ. ඒ ද, ගීතයේ ගැයෙන අදහස, කම්පනයක් බවට පත් කරලීමට සමත් වේදනාත්මක වූ සංවේදනයක් ලබා දෙන වාදනයක් ලෙසටය. ගීතයේ පළමු කොටස රසවිදින විටදීම ශ්‍රාවකයා ශ්‍රවනේන්ද්‍රියෙන් ලබන සංඥාව ඔහු ට වචන වලට හරවා ගත නොහෙන මොකක්දෝ වේදනාවක් බවට පත් කර ලන්නටත්, ඒ වේදනාව හදවත ඉක්මවා ආත්මයට දැනෙන භාවමය ප්‍රකම්පනයක් බවට පත් කරන්නටත් තිසරත් මදුකාත් අමිතුත් සමත් වෙති.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඉනි වැට පැන ගෙන[/FONT]
    [FONT=&quot]සිදාදියට ගිය ගමනේ[/FONT]
    [FONT=&quot]ඉලන්දාරි හිත මට අත හැරුනු දිනේ.......[/FONT]
    [FONT=&quot]ඒ දඩු පාලම කැඩී විසිරුණා[/FONT]
    [FONT=&quot]අරුමැසි ලෝකෙක.....[/FONT]

    [FONT=&quot]ඔය කොටසේ “සිදාදියට ගිය ගමනේ“ තිසර ගයන්නේ අති උච්ච හඩකින්. ඒ සිදාදියට යාම වේදනාවක් බව පෙන්වන්නක් නොවේ ද? ඒ හා සමග ම “ඉලන්දාරි හිත මට අත හැරුණු දිනේ“ යනුවෙන් ඔහු ගයන්නේ අතිශය අවච, කොදුරන්නාක් බදු හඩකින්. ඒ තමාට අතහැරුණු ඉලන්දාරි හිත ගැන ඔහුට ඇති පසුතැවීම නොවේ ද? ඒ සිද්ධින් ද්වය නිසා ද ඔහුට සිදුවී ඇත්තේ ඒ දඩු පාලම කැඩී විසිරීමකටය. ඒ බව ඔහු ගයන විට, ඒ බව අපේ ආත්මයට ගෙන යන්නට අමිත් මේ වර යොදා ගන්නේ චෙලෝවේ අතිශය මන්ද්‍ර, අවච සංගීතයයි. ගායනයට යටින් ඔබට ඇසෙන ඒ බිදුණු, වේදනාත්මක සංගීතය චෙලෝවේ ආත්ම කථනයයි.[/FONT] [FONT=&quot]දෙවැනි වර තිසර ඒ දඩු පාලම බිදී විසිරී ගිය බව ගයන්නේ මෙලොව දරුණුතම වේදනාව සිතෙහි සිරකර ගත් මිනිසෙකු ගේ ආත්මය බිදී නැගෙන අති උච්ච හඩකිනි. අමිත් ඒ වදන් පෙළ යටින් තබන්නේ අර පළමු ව නැගුණු චෙලෝවේ ම වේදනාත්මක නාදයයි. ඒ චෙලෝවේ අති මන්ද්‍ර වේදනාව කෙළවර වන තැන ඉතිරි වන්නේ නිහඩතාවයකි. ඒ නිහඩතාවය බිදින්නේ පියානෝවකින් වැයෙන ඒක තන්ත්‍රීය නාදයකින් පමණිකි. එය ද මේ ගීතයේ භාවය අසන්නේ ගේ හදවත ද, ආත්මය ද සැතකින් පලා දමන්නක් බදු වූ නාදයකි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]දැණුනි මියෙන්නට[/FONT]
    [FONT=&quot]වියැකී දියතේ[/FONT]
    [FONT=&quot]පා සටහන් මත[/FONT]
    [FONT=&quot]මගෙ පා තැබු දිනේ[/FONT]

    [FONT=&quot]මහ සැඩ සුළගට උදුරා ගෙන ගිය[/FONT]
    [FONT=&quot]නොනිමි අතීතය[/FONT]
    [FONT=&quot]උරුමය ලැබූ දිනේ[/FONT]
    [FONT=&quot]මා පා තැබූ දිනේ.............[/FONT]

    [FONT=&quot]මේ ගීතයේ ඇති අරුමැසි ම, වින්දනය අරුමැසි තලයකට ගෙන යන පද පෙල වන්නේ මෙයයි. මේ සියළු ම බිද වැටිම් අබියස මේ මිනිසා නැගී සිටය ද, අවසන දී ඔහු ද බිද වැටිමකට ආසන්න බව අපට හැගී යයි. ඔහු මියෙන්නට යන බව දැනෙන්නේ ඇයි? ඔහු ගේ ජීවිතය බිද වැටෙන්නට හේතුවන කරුණ නැවත ඔහු ද අනුගමනය කරන නිසා ද? ඔහු ඔහු ගේ පූර්වජයන් අනුගමනය කරනු ලබන පිළිවෙත් ම, ආත්ම ඝාතක මාවත් ම තෝරා ගෙන ද? නැතහොත්, ඔහු ද ඔහු ගේ පුර්වජයින් අනුගමනය කල ජීවන දෘෂ්ඨිය ම අනුගමනය කරනවාද? එය දැනේනේ, විදින්නේ එවැනි ජීවන අත්දැකීම් සහිත සහෘදයන් විනා අන් කවරෙක් ද? ඔහු ද මහ සැඩ සුළක්ට ඔහු ගෙන් අදුරා ගෙන ගිය අතීතය සේම වර්තමානයකට සහ අනාගතයකට උරුමය ලබන බව නොවේ ද මේ උදානය.....[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අවසන දී තිසර අතිශය ගලන්නා ආලප් ගායනයක් යෙදේ..ඔහු ගීතයේ ගැයුම අවසන් කරන්නේ ද එයිනි. එය විද ගත යුතු, විදිය යුතු නිර්මාණයක් වන්නේ එහෙයිනි.[/FONT]

    [FONT=&quot]කළින් මා පැවසූ සේම, වර්තමාන කොත්තු රොටි ගීත අතර මෙවන් මහා නිර්මාණ, රසිකයා ආනන්යෙන් ප්‍රඥාව කරා එළඹවන, ජීවන පරිවිඥාණය කරා එළඹවන ගීත ඉද හිට හෝ අසන්නට විදින්නට ලැබීම, අප මානුෂ අත්බවයක් ලැබීමේ ප්‍රහර්ෂය අපේ හදවතෙහි ඉතිරි කරවයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]එවන් වින්දනයක් ලැබීමට සමත් ගීයක් නිමැවීම වෙනුයෙන් මේ ගීය නිමැවීමේ මහා පුණ්‍ය කර්මයට සහභාගී වූ අයවළුන් සුගතිගාමී වේවායි පැතිය යුතු නොවේ ද?[/FONT]
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    [FONT=&quot]රසික සද්ජනයන් ආනන්දයෙන් ප්‍රඥාව කරා එළඹවීමේ පුණ්‍යකර්මය....................[/FONT]


    [FONT=&quot]එවන් වින්දනයක් ලැබීමට සමත් ගීයක් නිමැවීම වෙනුයෙන් මේ ගීය නිමැවීමේ මහා පුණ්‍ය කර්මයට සහභාගී වූ අයවළුන් සුගතිගාමී වේවායි පැතිය යුතු නොවේ ද?[/FONT]

    නියමයි කිඹුලා අයියේ.මේක ආයිත් පටන්ගත්තට බොහොම පින්
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    [FONT=&quot]රසික සද්ජනයන් ආනන්දයෙන් ප්‍රඥාව කරා එළඹවීමේ පුණ්‍යකර්මය....................[/FONT]


    [FONT=&quot]ඒ දඩු පාලම...............[/FONT]
    adamai me sinduwa ahuweth. niyamaiii. pluwan welawata mehema vicharayak denna...:D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිඹුලා මාමේ... මේ සින්දුව අහන්න. මගේ යාලුවෙක් කියන විදිය මේ. ඌ එලකිරියේ ඉස්සර හිටිය ප්‍රසිද්ධ සාමාජිකයෙක්...
    මේක ගැන කියන්න බලන්න..
    ක්ලික් හියර්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා මාමේ... මේ සින්දුව අහන්න. මගේ යාලුවෙක් කියන විදිය මේ. ඌ එලකිරියේ ඉස්සර හිටිය ප්‍රසිද්ධ සාමාජිකයෙක්...
    මේක ගැන කියන්න බලන්න..
    ක්ලික් හියර්
    ඌට කියපං තව වෝකල්ස් ප්‍රැක්ටිස් කරන්න කියලා....
    කෝඩ් එකට කියන එක හරි..නමුත් අර ගීතයක් ගායා කරන කොට බොක්කෙන් එන්න තියන ගතිය තාම නෑ පොර ගේ.....
    අනික තමන් ගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් කරන්න කියපං හැම වෙලේ ම.......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඌට කියපං තව වෝකල්ස් ප්‍රැක්ටිස් කරන්න කියලා....
    කෝඩ් එකට කියන එක හරි..නමුත් අර ගීතයක් ගායා කරන කොට බොක්කෙන් එන්න තියන ගතිය තාම නෑ පොර ගේ.....
    අනික තමන් ගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් කරන්න කියපං හැම වෙලේ ම.......

    :yes: :yes:
    මේකත් අහලා බලන්න. මම ආසම සින්දුවක්. මේක ගැන විචාරයක් ලියමුද? මේකට මම ආසා උනේ මූ කියන විදියට... මට නම් මේක සුපිරි... :love:

    ක්ලික් හියර්
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    [FONT=&quot]රසික සද්ජනයන් ආනන්දයෙන් ප්‍රඥාව කරා එළඹවීමේ පුණ්‍යකර්මය....................[/FONT]


    [FONT=&quot]ඒ දඩු පාලම...............[/FONT]


    මේ පුන්‍යකර්මයේ ආනිසංස මෙලොවදීම ඔබතුමාට ලැබේවා....

    මින් පෙර නොඇසූ ගීතයක්....

    වීඩියෝව බලාගෙන, පද වැල් අහගෙන ඉන්නකොට හිතුනෙ ගමෙන් නගරෙට සංක්‍රමණය උන තරුණයෙකුගෙ ශෝකාලාපයක් වගෙයි...නගරෙට ආපු තරුණයට ගමත් එක්ක හාවෙලා තිබුනු බැඳීම් බිඳීයාම, ඒදඬු පාලමේ කැඩී බිඳීයාම පදපෙලෙන් නිරූපණය කල බවක් හැඟුනෙ අහගෙන ඉන්නකොට.....

    අඩු වැඩිය වැටහුනේ විචාරය කියවීමෙන් පසුවයි....සුපිරි...
    :love:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කිඹුල අයියව ආයිත් නූලට සෙට් කරගෙන ඉවරයි.දැන් සස්ලිතවත් සෙට් කරගන්න තියෙන්නෙ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහස ගුගුරා.. අකුණු පුපුරා
    මගේ හිත වැන්දඹු වුනා

    වසා ගං දොර
    මගේ හිමියනි
    නුඹට රිසි නම්
    යන්න යන්නෙමි
    ආලයක් නැතී
    තාලයක් නැතී
    විජිතයේ
    කටු ඔටුණු හැර යමී
    කාළයක් අපි ආදරෙන් සිටි
    සොඳුරු මතකය අරන් යන්නෙමි
    බැන්ද රන් දම්
    මගේ ගෙල වට
    මුදා විසිකොට
    අඬන අහසට
    මගේ සිහිනයේ
    ඔබ නිදන් කොට
    කුරුටු ගී
    දහසක් ලියන්නෙමී
    :love::love::love:


    https://soundcloud.com/eye-echo/ahasa-gugura-v2-nadeeka-guruge-eye-echo-cover-version