ප්‍රදීප්~නිලංග~දෑල~නිළමේවර~සංක්ෂිප්ත~සටහ

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ප්‍රදීප්~නිලංග~දෑල~නිළමේවර~සංක්ෂිප්ත~සටහ

    11952946_10153467980291418_8883279999874936142_o.jpg



    දෙවන වරටත් ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ තනතුරට පත් ප්‍රදීප් නිලංග දෑල මැතිතුමා..


    පන්සාලිස් වසක් පුරා ශ්‍රී සද්ධර්මයේ පහස ලත්බුදුරදුන්ගේ වාම රදනක ශ්‍රී දංෂ්ඨාධාතූන් වහන්සේ ලක්දිවට වැඩම වූයේ ත්‍රීසිංහල ජනයාගේ සංසාර වාසනා මහිමයකටම වන්නේය. හේමමාලා ඈ වල්ලබ දන්ත කුමරුවන් ද එවකට ලක්දිව භූපති වූ කිත්සිරිමෙවන් රජ දවස මෙකී සුදුර්ලබ පරම නිධානය මේ ලක් දෙරණට වැඩමවාගෙන එන ලද්දාහ.එතැන්පටන් දළදා වහන්සේට රාජකීයන්ගේ සිට සාධුජනයාගේ ද වන්දනාමාන පුද සත්කාරයන් හිමිවිය.
    1815 දී සිංහල රාජ්‍යය යටත් විජිතයක් කරගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් ඉන් කලක‍ට පසු අති පූජනීය දළදා වහන්සේගේත් මහනුවර පිහිටි ශ්‍රී දළදා මාළිගාව ප්‍රධාන කො‍ටගත් මාළිගා අංගයන්ගේත් ප්‍රධාන ගිහි භාරකාර ධූරයහිමිකර වූයේ දියවඩන නිළමේවරයාටය. චිරාත් කාළයක් දළදා වහන්සේ වෙනුවෙන් පවත්වන ලද පූජා සත්කාරයක් ඉටුකරලමින් දළදා වහන්සේට අප්‍රමාණ වූ ගෞරවයක් දක්වමින්, ආරක්ෂා කරමින් සෑම දියවඩන නිළමේ වරයෙක්ම තම යුතුකම්කොටස ඉටුකරන ලදී.
    දියවඩන නිළමේවරයෙකු පත් වන්නේ නිළවරණයකිනි. 2005 වසරේ පැවති නිළවරණය සඳහා ප්‍රදීප් නිලංග දෑල මහතා ඉදිරිපත් වන්නේ ඒ සඳහා අත්‍යාවශ්‍යම යුගයක සුදුසු පසුබිමද සමඟිනි. එනම්, 1999 වසරේ දී ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ වරයා වශයෙන් ද, 2001 වසරේ ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ වරයා වශයෙන් ද පත් වීමත්ය.
    එකම කාල සීමාවන් දෙකක ප්‍රධාන දේවාලයන් දෙකෙහි බස්නායක නිළමේවරයා වශයෙන් කටයුතුකළ ප්‍රතම අවස්ථාව ද මෙය වීම සුවිශේෂී කරුණකී. මහනුවර ඇසළ මහ පෙරහර මංගල්ලයට පමණක් දෙවෙනි වන රුහුණු කතරගම දේවාලයේ හා සබරගමු මහ සමන් දේවාලයන්හි පෙරහර මංගල්ලයන් ද පැවැත් වූ බස්නායක නිළමේවරයෙකු වශයෙන් ඒ මහතා ලබා ගත් අත්දැකීම් අපමණය.
    මෙලෙස ලද අත්දැකීම් සමඟින් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ 19වන දියවඩන නිළමේවරයා වශයෙන් වර්ෂ 2005 ජූලි මස 21වන දා පදවිප්‍රාප්ත වන්නේ ඒ නිසාවෙනි.
    මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා වශයෙන් තම ප්‍රතිපත්ති ප්‍රකාශය අරුත් ගන්වමින් එහි වගකීම් හා යුතුකම් මනාව අවබෝධ කරගනිමින්, දැවැන්ත කාර්ය්‍යභාරයක් කල ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිළමේ වරයා, ගෙවුන දශකයක කාලය පුරාවට සිදුකල මෙහෙය අපමණය. විටෙක එල්ල වූ විවේචන හමුවේ නිහඬව, උපේක්ෂාසහගතව ඉවසීමෙන් තම රාජකාරිය ඉටුකල අයුරු බොහොදෙනෙක් හොඳින් හඳුනන කරුණකී.
    මේ, මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා වීමට නැවතත් භාග්‍ය ලද ප්‍රදීප් නිලංග දෑල මැතිතුමන් පිළිබඳ අප තබන සංක්ෂිප්ත සටහනකි..
    -----------------------------------------------------------------------------------------

    රත්නපුර දිස්ත්‍රික්කයේ "දෑල" නම් සුන්දර ගම්මානයේ දී ඩික්සන් සරත්චන්ද්‍ර දෑල මැතිතුමාට හා එම මැතිණියට දාව වර්ෂ 1973 ඔක්තෝබර් 28 වන දින ගොඩැල්ල වලව්වේ දී පිංවත් දරුවෙක් ව මෙලොව එළිය දුටු වනිගසේකර වනසිංහ මුදියන්සේ රාළහාමිලාගේ ප්‍රදීප් නිලංග දෑල නම් වූ ඒ පිංවත් දරුවා පසු කාලයක ලංකාවේත්, ලංකාවෙන් පිටතත් හුදී ජනයාගේ ගෞරව ප්‍රසාදයට පත්වන සාධු චරිතයක් වී චිරප්‍රසිද්ධියට පත් විය.
    එතුමන්ගේ මෑණියන්වන සිසාර දෑල මැතිණිය දිගුකලක් ගුරුවරියක් ලෙස සේවයකොට විශ්‍රාම ලැබීමෙන් පසු පැවිදි දිවියට එළඹ පැලවත්ත අශෝකා භාවනා අසපුවේ අද වැඩ වසයි.
    ප්‍රදීප් නිලංග දෑල කුඩා කල පටන් ගමේ පන්සල ඇසුරු කරගනිමින් දැහැමි පරිසයක හැදී වැඩුනහ. ළමා කාලයේ දුටු එම චරිතාංග අද්‍යතනයේ දස දහස් ගුණයෙන් මුහුකුරාගොස් පවතින බව සැබෑවක්මය.
    ගරුතර මහා සංඝයා කෙරෙහි දක්වන අසීමිත භක්තිය මුළු රටේම ගිහි බෞද්ධ නායකත්වයට එතුමා පත්වන්නට ඇති වාසනා මහිමය ලෙස අපට සිතිය හැක.
    කුඩා කලපටන් අලි ඇතුනට දැක්වූ ආදරය ඔහු අද ශ්‍රී ලංකාවේ හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමයේ සභාපති වශයෙන් සමස්ථ සද්දන්ත පරපුරම ආරක්ෂා කර ගැනීමේ කාර්ය්‍යට ඇප කැපවී සිටියි.

    වර්ෂ 1978 දී කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඇතුලත්ව මූලික අධ්‍යපනය හදාරන ඔහු, සිය උසස් අධ්‍යාපනය සඳහා 1980 වසරේ දී කොළඹ නාලන්දා විදුහලට ඇතුලත් වනවා.1992 දී නාලන්දාවේ කීර්තිමත්ම ශිෂ්‍යාට හිමි සම්මානය ද හිමිකර ගත් ඔහු නාලන්දාවේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයා වශයෙන් ද කටයුතු කර ඇත. පාසලේ වාණිජ සංගමය, සාහිත්‍ය සංගම්, බෞද්ධ සංගම් වැනි ශිෂ්‍ය ක්‍රියාකාරකම් රැසකට ද ඔහු නායකත්වය ලබා දෙනු ලැබීය.
    උඩරට - පහතරට හා සබරගමු නර්ථනයන්ට බෙහෙවින් ඇලුම් කළ එතුමන්, සමස්ථ ලංකා නර්ථන ශූරතාවන්ගේ සිට බොහෝ ජයග්‍රහණ පාසල් මාතාවට තිළිණ කරදීමට හැකි විය. උසස්පෙළ සමත්ව සබරගමු සරසවියට පිවිසිය ද එදා රටේ පැවති සිසු භීෂණකාරී වටපිටාව හේතුවෙන් සරසවි ගමන අතරමඟ නතරකර දමා සිය පියාණන් සමඟ ව්‍යාපාර කටයුතුවල නිරත විය. ‍
    එහිදී තරුණ සමාජ සේවකයෙකු ලෙස දෑල මැති තුමාගේ යශෝරාවය රත්නපුර ප්‍රදේශයේ කීර්ථිමත් චරිතයක් පරිද්දෙන් විසිර පැතිර යන්නට විය. අද එතුමා සිටින සම්භාවනීයත්වය දෙස බලන කල එදා සිදුවුන සිදුවීම් දෛවෝපගත සංසිද්ධියක් ලෙස සැළකිය හැක.
    නාලන්දා විදුහලේ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ සිසුන් ඇත්තේ අතලොස්සකී. සිසුවෙකු වශයෙන් විදුහල වෙනුවෙන් දෑල මැතිතුමා සිදුකළ මෙහෙවරත්, එයින් මතු විදුහලින් බිහි වූ ආදි සිසුවෙකු වශයෙන් කීර්තිමත් බෞද්ධ නායකයෙකු වීමෙන් විදුහලට ගෙන දුන් අභිමන වෙනුවෙන් වර්ෂ 2005 දී නාලන්දා කීර්ථි ශ්‍රී යන ගෞරව නාමයෙන් පිදුම් ලැබීය.
    එසේම සියළු සේවාවන්ට කෘතවේදීත්වය පල කරනු වස් එතුමා ලැබූ ගෞරව නාමයන් රාශියකී, ශ්‍රී සද්ධර්ම ධජ මහාමාන්‍ය ලංකාපුත්‍ර, බුද්ධ ශාසනා බන්දු, රණමයුර ගෞරව ප්‍රණාමය, 2006 වසරේ දී හිමි වූ සබරගමු සරසවි අභිරම්‍යයගෞරව නාමය, තායි මහා චූලාලංකාර රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් හිමි වු සම්මාන ආචාර්ය්‍ය උපාධිය ඒ අතර වේ.
    මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ වරයා වශයෙන් පත් වී ගෙවී ගිය දසවසරක කාලය පුරා එතුමන් කළ සේවය සුවිශාලය. ශ්‍රී දළදා මාළිගාවේ පූජනීයත්වය, ‍පෞරාණිකත්වය ආරක්ෂා කරමින් අද්‍යතනයට ගැලපෙන පරිද්දෙන් දෙස් විදෙස් සාධුජනයාගේ නොමද ගෞරවයට පාත්‍රවන පරිද්දෙන් සංවර්ධනය කර ඇති බව පැහැදිලිව දැකගත හැක.එමතුද නොව දුගී දුප්පත් ජනතාවට මූල්‍යමය හා ද්‍රව්‍යමය වශයෙන් සම්පත් බෙදා දෙමින් දිවයිනේ දුෂ්කර පළාත්වල වෙහෙර විහාර සංවර්ධන කර දීමට ද එතුමන් කටයුතු කර තිබේ.
    ඉදිරි දස වසර කාලය ද මෙකී කර්තව්‍ය තව තවත් බල ගන්වමින් සිදු කිරීමට එතුමන්ට ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා.

    ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ වරයා වන්නට නැවතත් භාග්‍ය ලද ප්‍රදීල් නිලංග දෑල මැතිඳුනි, උතුම් දළදා සමිඳුන්ගේ ගිහි භාර කරුවාණෙනි, අප දියවඩන නිළමේ තුමනි ඔබට චිරං ජයතු !

    Posted by,
    Sri Dalada Maligawa's Media Bureau| ©2015/9

    12003374_10153468004726418_5301234996348102304_n.jpg

     
    • Like
    Reactions: Nu1Dnk

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මූ හොර වෙසිග පුතෙක්නේ.ඔය බල්ල ඉන්න තැන මොන දන්ත දතුද? නොදකින් මේකද මුන්ගේ යහ පාලනේ:angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,026
    31,801
    113
    ඇයි මචං එහෙම කියන්න හේතුව??? දන්නේ නැති නිසයි අහන්නේ... :nerd:

    උපතින්ම සල්ලි තිබ්බ ඒක නිසා, මාලිගාවෙන් ගසා කාල නැහැ. අනික රාජ ඇතා ගොඩ දාන්න ගොඩක් වැඩ කලා. මල්වත්තේ, අස්ගිරියේ පන්සල් වලට ගොඩක් දේවල් ලැබුන.
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,810
    764
    113
    ඇයි මචං එහෙම කියන්න හේතුව??? දන්නේ නැති නිසයි අහන්නේ... :nerd:

    Neranjan Wijeratne is real gentleman. He did lot of good works to Maligawa such as nice gardening of back yard of maligawa, maligawa rest house , conducting perahera, Raja memorial statue and many more.

    e minissu thamange dewal maligawata dunna misak maligawe dewal gedara genichche nehe.........e kale kochchara gambeerada? maligawe account hariyata thibba. ada maligawe idam wikunanawa
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උපතින්ම සල්ලි තිබ්බ ඒක නිසා, මාලිගාවෙන් ගසා කාල නැහැ. අනික රාජ ඇතා ගොඩ දාන්න ගොඩක් වැඩ කලා. මල්වත්තේ, අස්ගිරියේ පන්සල් වලට ගොඩක් දේවල් ලැබුන.

    එතකොට දැං පත්වෙච්චි නිලමේතුමාට උපතින්ම සල්ලි තිබිලා නැතිද මචං? එතුමා හොරකම් කරලා තියෙනවාද? අස්ගිරියේ පන්සල් වලට දැං මොකුත් ලැබෙන්නේ නැතිද මචං? :confused:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Neranjan Wijeratne is real gentleman. He did lot of good works to Maligawa such as nice gardening of back yard of maligawa, maligawa rest house , conducting perahera, Raja memorial statue and many more.

    e minissu thamange dewal maligawata dunna misak maligawe dewal gedara genichche nehe.........e kale kochchara gambeerada? maligawe account hariyata thibba. ada maligawe idam wikunanawa

    So Pradeep Nilanga isn't a real gentleman? Hasn't he done any good works, Gardening?
    දැං මාලිගාවේ අකවුන්ට්ස් අවුල්ද මචං? දැං කාලේ ගාම්භීරගතිය අඩු වෙලාද? :nerd:
    හැමෝම නිලමේතුමාට බනින එක මට හෙන ගැටලුවක්..:confused:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,026
    31,801
    113
    එතකොට දැං පත්වෙච්චි නිලමේතුමාට උපතින්ම සල්ලි තිබිලා නැතිද මචං? එතුමා හොරකම් කරලා තියෙනවාද? අස්ගිරියේ පන්සල් වලට දැං මොකුත් ලැබෙන්නේ නැතිද මචං? :confused:

    ඒක නුවර මිනිස්සු දන්නවා. :yes: අනික දැන් ඉන්න මල්වත්තෙ, අස්ගිරියේ හාමුදුරුවරුත් දන්නවා. කවුද ඇත්තටම මාලිගාවට වැඩ කරේ කියල.
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක නුවර මිනිස්සු දන්නවා. :yes: අනික දැන් ඉන්න මල්වත්තෙ, අස්ගිරියේ හාමුදුරුවරුත් දන්නවා. කවුද ඇත්තටම මාලිගාවට වැඩ කරේ කියල.

    :confused:
    එහෙනම් මල්වත්තේ අස්ගිරියේ හාමුදුරුවරු ඊයේ ඡන්දේ විරුද්ධව පාවිච්චි නොකරේ ඇයි මචං? ඔයා මහනුවරද ගෙවල්?
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    So Pradeep Nilanga isn't a real gentleman? Hasn't he done any good works, Gardening?
    දැං මාලිගාවේ අකවුන්ට්ස් අවුල්ද මචං? දැං කාලේ ගාම්භීරගතිය අඩු වෙලාද? :nerd:
    හැමෝම නිලමේතුමාට බනින එක මට හෙන ගැටලුවක්..:confused:

    Meyata wiruddawa dooshana chodana tyanawa. Path una ekatanam echchra kemettak na.

    Miniha samahara welawata beela ehemath watawath karanna enawalu :angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,026
    31,801
    113
    :confused:
    එහෙනම් මල්වත්තේ අස්ගිරියේ හාමුදුරුවරු ඊයේ ඡන්දේ විරුද්ධව පාවිච්චි නොකරේ ඇයි මචං? ඔයා මහනුවරද ගෙවල්?

    ගෙවල් නුවර වුනත්, නැතත් ඒකයි ඇත්ත.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගෙවල් නුවර වුනත්, නැතත් ඒකයි ඇත්ත.

    නුවර ආපු වෙලාවක හෝටල් වලට ගෙවන්න ඕනේ නෑ නේ මචං. ඒකයි ඇහුවේ නුවරද කියලා.. :cool:

    මල්වත්තේ අස්ගිරියේ හාමුදුරුවරු ඊයේ ඡන්දේ විරුද්ධව පාවිච්චි නොකරේ ඇයි මචං? :dull:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,026
    31,801
    113
    නුවර ආපු වෙලාවක හෝටල් වලට ගෙවන්න ඕනේ නෑ නේ මචං. ඒකයි ඇහුවේ නුවරද කියලා.. :cool:

    මල්වත්තේ අස්ගිරියේ හාමුදුරුවරු ඊයේ ඡන්දේ විරුද්ධව පාවිච්චි නොකරේ ඇයි මචං? :dull:

    ඒක අහපං මචං උන්වහන්සේලාගෙන් හැබැයි උන්වහන්සේල ඒක දන්නවා කියන එක මම දන්න නිසයි කියන්නේ. එතනින එහාට ඒ කොහොමද කියල අහන්න එපා බං. :dull: