රත්තරං;17657663 said:oke depaththak thiyenawa. okama dual purpose gennuwanam tax wadi. luxury tax ekakuth wadinawa
okama P walata register karapuwa thiyenawa
therune na bnz..!!

poddak explai nkarapanko..!!


රත්තරං;17657663 said:oke depaththak thiyenawa. okama dual purpose gennuwanam tax wadi. luxury tax ekakuth wadinawa
okama P walata register karapuwa thiyenawa



පහුගිය දවස් වල අපි ගොඩක් ටයර් සම්බන්දයෙන් කතා කරපු නිසා ගොඩක් දෙනෙක් වැඩිය ගණන් ගන්නේ නැති, එත් වාහනයේ සහ එම මගීන්ගේත් පාරේ යන අනිත් අයගෙත් ආරක්ෂාවට ඉතා වැදගත් දෙයක් පෙන්නලා දෙන්න හිතුවා. සමහර අය නම් මේ ගැන දන්නවා, එත් සමහර ටයර් කඩ වල ඉන්න අය වත් දන්නේ නැ. ඒදේ තමයි "Tread Ware Indicators ". මේක හොයාගන්න හරිම ලේසියි. ඔය පලවෙනි පින්තුරේ තියෙනවා වගේ ටයර් වල පිටත වටේ ඔය අකාරයේ ත්‍රිකෝණ ලකුණක් දාල තියෙනවා, එකක් නෙමෙයි, ටයර් එක වටේටම කිහිපයක් ම. ඉතින් ඒ ලකුණ කෙලින් ටයර් එකේ කට්ට තියෙන හරියේ බැලුවොත් කට්ට ඇතුලේ පොඩි ගැට්ටක් වගේ තවත් කට්ටයක් හම්බවෙයි. එකට තමයි කියන්නේ "Tread ware indicator " කියලා. අන්න ඒක තමයි අපිට වැදගත්. ටයරය ගෙවෙන්න ගෙවෙන්න ඔය indicator එක වැඩිපුර පේනවා. එහෙම ගිහින් ගිහින් කට්ට ගෙවුනට පස්සේ එක අවස්ථාවක් එනවා ඔය indicator එකත් ටයරයත් එක මට්ටමකට එන, (3 වන පින්තුරය බලන්න) අන්න එහෙම උනාම ටයර් එක replace කරන්න කාලේ හරි, එහෙම නැතුව ඕකේ කම්බි කැන්වස් එහෙම මතු උනාම නෙමෙයි.
ඇත්තටම ඔතන ගැටලුව තියෙන්නේ වැස්ස වෙලාවකට හෝ පාරේ වතුර පිරිලා තියෙන මොහොතක. ගොඩක් අය හිතන්නේ ටයර් වල කට්ට තියෙන්නේ හොඳට පොලොව බදල අල්ලාගෙන යන්න කියලා, එත් එහෙම නැ, එහෙම නම් ඉතින් ඔය Formula 1 වගේ 300Kmph වලට වඩා වේගයෙන් යන රේස් කාර් වලට හොඳට කට්ට තියෙන ටයර් දාන්න ඕනේ නේ, එත් ඒවාට දන්නේ එක කට්ටයක් වත් නැති ස්ලික් ටයර් නේ.
ටයර් එකක grip එක තියෙන්නේ ටයරයේ රබර් කොටස පාරේ හොඳින් ගැවෙන තරමට, ඉතින් වැස්ස දවසකට ඔය රබර් කොටස සහ පාර අතරට වතුර එනවා නේ, අන්න එතැනදී තමයි ටයර් වල කට්ට තියෙන්න ඕනේ. හොඳ ටයරයකට පාරේ තියෙන වතුර අයින් කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ, එක තමයි ටයර් වලට Dry සහ Wet grip කියල දෙකක් තියෙන්නේ. ඉතින් ඔය රබර් කොටස පාරට තද වෙනකොට ඒ දෙක අතර තියෙන වතුර යන්න තැනක් තියෙන්නත් ඕනේ නේ. දෙපැත්ත නම් ගැටළුවක් නැ,එත් මැද හරිය තමයි ප්‍රශ්නේ. අන්න ඒකයි ටයර් එකේ මැද්දට වෙන්න ඔය දාර දෙක තුකක් එහෙමත් තියෙන්නේ. කට්ට වල depth එකත් මැද්දේ වැඩී. කට්ට වලින් කරන්නේ ඔය වතුර තාවකාලිකව රඳවාගෙන ටයර් පාරෙන් ඉවතට විසිකිරීමයි, Highway එකේ එහෙම යනකොට ඉස්සරහ වාහනේ රෝද වලින් වතුර spray වෙනවා එහෙම දැකල ඇතිනේ. එකනේ වැස්ස පායපු ගමන් ඔක්කොටම කලින් පාර වෙලෙන්නේ, එහෙම නැතුව අපේ නගර සභාවේ සහ RDA එකේ දක්ෂ කම වෙන්නත් පුළුවන්, හැබයි මේක ලංකාව නේ..
ටයර් කට්ට වලට ඔය වතුර ප්‍රමාණය දරාගන්න බැරි උන ගමන් ඉතින් අපිට Sorry තමයි. Aquaplaning කියන සංසිද්ධිය වෙන්නේ අන්න එහෙමයි. සරලව කියනවා නම් ටයරය පාරේ නොගැවී වතුර මත යාම. එහෙම උන අවස්ථාවට වාහනේ සම්පූර්ණ පාලනය අපිට නැති වෙනවා. ABS , Traction Control වගේ safety mechanisms වැඩ කරන්නෙත් Brakes මත නේ, ඉතින් වතුර උඩ මොන Brakes ද? Aquaplaning වෙන අවස්ථාවකදී කාර් එකක් සහ බෝට්ටුවක් අතර වැඩි වෙනසක් නැ.
ටයර් හදන උදවිය ඉංජිනේරුවෝ දම්මලා ගොඩක් වියදම් කරලා පරීක්ෂණ කරලා තමයි ඔය අවම කට්ට ගැඹුර තීරණය කරලා තියෙන්නේ. සම්මතයක් හැටියට ඕක මිලිමීටර 1.6 ක් උනත් ටයරය මත ඒක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ටයර් කඩේ කොල්ලගේ කීමට කම්බි පනිනකන් ඉන්නේ නැතුව නිසි කලට ටයර් මාරු කරොත් වාහනේ යන අය විතරක් නෙමෙයි පාරේ අනිත් අයත් පරිස්සමෙන් ගමන යයි. Seat Belt එක දාගත්ත නිසා ඔක්කොම හරි කියල හිතනවා නම් තවටිකක් කල්පනා කරලා බලන්න, මගතොටේදී මිලියන ගානක් වටිනා ඔබේ වහනයත්, මිල කල නොහැකි ඔබෙත්, ඔබේ පවුලේ අයගෙත් ජීවිත වල බර උසුලා සිටින්නේ ඔබේ ටයර් හතර බව කවදාවත් අමතක කරන්න එපා.
*බාල ටයර් වල Tread ware indicators නැති වෙන්න පුළුවන්, එවැනි ඔබේ ආරක්ෂාව ගැන නොසිතන Brand එකකින් ටයර් මිලදී ගැනීමට පෙර ඔබේ පවුලේ අය මතක් කරගත්තොත් මැනවි !!
![]()
![]()
![]()