UN වාර්තාව ප‍්‍රතික්‍ෂෙප කල යුතුයි.. – මහින්ද

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,360
    1,322
    113
    Malabe
    UN වාර්තාව ප‍්‍රතික්‍ෂෙප කල යුතුයි.. – මහින්ද

    ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව විසින් එළිදක්වා ඇති වාර්තා ප‍්‍රතික්‍ෂෙප කල යුතු යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    මේ බව සඳහන් කරමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

    ශ්‍රී ලංකාව පිළිබඳ ඒ.ජා මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ වාර්තාව.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාව පිලිබඳව නිකුත් කර ඇති වාර්තාව ගැන ශ්‍රී ලංකාවේ හිටපු රාජ්‍ය නායකයා හැටියට මා දරණ මතය ජනතාවට පැහැදිළි කිරීමට කැමැත්තෙමි. මේ සිදු කලා වූ විමර්ශනයට මාගේ ආණ්ඩුවෙන් කිසිදු සහයෝගයක් ලැබුනේ නැත. එයට හේතු ගණනාවක් තිබුණු අතර ඉන් ප්‍රධානම එකක් වන්නේ මෙම විමර්ශනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ පවතින ක්‍රියා පටිපාටි වලින් බැහැරව සිදු කිරීමයි. මේ සම්බන්ධයෙන් සාමාන්‍ය ක්‍රියා පටිපාටිය වූයේ අදාළ යෝජනාව මානව හිමිකම් කවුන්සිලය තුල සම්මත වූ පසු කවුන්සිලයේ සභාපතිවරයා විසින් ඒ විමර්ශණය සිදු කිරීමට ස්වාධීන ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමයි. නමුත් ලංකාවට එරෙහි මේ විමර්ශනය සිදු කරනු ලැබුවේ එවන් ස්වාධීන විමර්ශන කොමිසමක් විසින් නොව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසිනි. එවන් දෙයක් සිදු වූ ප්‍රථම අවස්ථාව මෙය විය.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ ස්වාධීන බව ප්‍රශ්න සහගතය. එහි නඩත්තුව සඳහා මුදල් වැඩි වශයෙන් ලැබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පොදු අරමුදලෙන් නොව විවිධ බටහිර රටවලින් ලැබෙන ස්වෙච්ඡා සම්මාදම් වලිනි. ලංකාවට එරෙහිව මානව හිමිකම් ක‍වුන්සිලයේ යෝජනා ඉදිරිපත් කලේද ඒ බටහිර රටවල් විසින්මය. එමෙන්ම මානව හිමිකම් පිලිබඳ මහකොමසාරිස් කාර්යාලයේ වැදගත් තනතුරු සියල්ලම පාහේ බටහිර ජාතිකයන් සතු වන අතර ආයතනයේ සේවකයන්ගෙන් අඩක්ම බටහිර රටවල පුරවැසියන් වේ. මානව හිමිකම් කවුන්සිලයේ සෑම සැසිවාරයකම පාහේ මීට වඩා සාධාරණ ආකාරයට ලෝකයේ වෙනත් කලාප අතරත් මේ තනතුරු බෙදී යා යුතු බවට යෝජනා සම්මත වූවත් මේ ආයතනය තුල පවතින බටහිර ආධිපත්‍ය එලෙසම පවතී. මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ සංයුතිය නිසා එම ආයතනයෙන් ලංකාව සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැක.

    2014 වසරේදී මෙකී විමර්ශනය පිහිටුවීමට ගෙන ආ යෝජනාව පිළිබඳ විවාදයේදී මානව හිමිකම් කවුන්සිලයේ පකිස්තානු නියෝජිතයා වූ සමීර් අක්‍රම් මහතා පවසා සිටියේ ‘’ආත්ම ගරුත්වයක් ඇති කිසිදු රටක්’’ මේ යෝජනාවේ සඳහන් වන ආකාරයේ ‘’ඇඟිලි ගැසීම්’’ වලට එකඟ ‍නොවන බවයි. මානව අයිතීන් පිළබඳ මහ කොමසාරිස් කාර්යාලයට මුදල් ලැබෙන ආකාරය ගැන ප්‍රශ්න කරමින් මෙකී විමර්ශණයට මුදල් ලැබෙන්නේ ලංකාවට එරෙහිව යෝජනා සම්මත කල “දානපතියන්ගෙන්ම” නම් එය මුල සිටම සැකයට භාජනය වන බව ද අක්‍රම් මහතා තව දුරටත් පවසා සිටියේය.

    මානව හිමිකම් කවුන්සිලයේ ඉන්දි‍යාවේ නියෝජිත දිලිප් සිංහා මහතා අනතුරු අඟවා සිටියේ ජාතික ස්වාධිපත්‍යයටත් හානිකරවන ආකාරයට මෙලෙස රටවල් වල අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීම නොකළ යුත්තක් බවත්, මෙහිදී අවශ්‍ය වන්නේ සාකච්ඡා හා සම්මුතිවාදී පිළිවෙතක් බවයි. ඉන්දියාවද මෙම විමර්ශනයට එරෙහි විය. මේ යෝජනාව පසුපස සිටි බලගතු බටහිර රටවල් විසින් කොතරම් පීඩනයක් එල්ල කලත් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47 අතුරෙන් ඇමරිකානු යෝජනාවට පක්ෂ වූයේ රටවල් 23ක් පමණි. මේ විමර්ශනය සිදු කර තිබෙන්නේ එවන් පසුබිමක් තුලය.

    ලංකාවේ අලුත් ආණ්ඩුවක් බලයට පත්වී තිබෙන නිසා මානව හිමිකම් කොමසාරිස් කාර්යා‍ලයේ මෙකී වාර්තාවේ “සැර අඩු කොට” ඇති බවට ඇතැම් අය ප්‍රචාර ගෙන යමින් සිටී. 2014 මාර්තු 27 වන දා මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහි යෝජනාව පිළිබඳ විවාදයේදී පකිස්තානු නියෝජිත අක්‍රම් මහතා ‘’මෙම යෝජනාව මානවහිමිකම් පිළිබඳ ප්‍රශ්නයක් නොව දේශපාලනය පිළිබඳ ප්‍රශ්නයක්’’ යැයි අවඥාවෙන් කළ සඳහන අද අපට ඇසෙන මේ ප්‍රචාර වලින් සනාථවේ. ඒ කෙසේ වෙතත් මෙකී වාර්තාවේ සැර අඩු කොට තිබෙන බවක් මට පෙනෙන්නේ නැත. මෙවන් වාර්තාවකින් කළ හැකි උපරිම දෙය වන්නේ යුධ අපරාධ අධිකරණයක් ස්ථාපිත කළ යුතු යැයි යෝජනා කිරීම පමණි. මේ වාර්තාවට එවන් යෝජනාවක් ඇතුලත් කිරීමෙන් ඔවුන් යාහැකි උපරිම දුර ගොස් ඇති බව පෙනේ.

    මානව හිමිකම් කවුන්සිලයට හෝ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණයක් පිහිටුවිය නොහැක. එවැන්නක් කරීමට බලය ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පමණි. නමුත් ආරක්ෂක මණ්ඩලය තුල චීනයේ හා රුසියාවේ නිශේධ බලය නිසා ප්‍රශ්න මතු වීමට ඉඩ ඇත. නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණය නමින් ස්ථිර යුධ අපරාධ අධිකරණයක් තිබුනත් එම අධිකරණයට අදාළ ප්‍රඥප්තිය වන රෝම සම්මුතියට අපි අත්සන් කර නැති නිසා ඒ අධිකරණයේ ලංකාවට එරෙහිව නඩු පැවරිය නොහැක. යුධ අපරාධ අධිකරණයක් ඇති කිරීමට තිබෙන තුන් වන හා අවසන් ක්‍රමය වන්නේ අදාළ රටේ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග “දෙමුහුන්” යුධ අපරාධ අධිකරණයක් පිහිටුවීමට එකඟ වීමයි. මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ මෙකී වාර්තාව විසින් කර ඇත්තේ යුධ අපරාධ අධිකරණයක් බිහි කිරීමට ඇති එකම ප්‍රායෝගික ක්‍රමයට අනුව එවැන්නක් පිහිටුවීමට නිර්දේශ කිරීමයි. මේ වාර්තාවේ සැර අඩුකර නැති බව එයින් කාටත් පැහැදිලි වනු ඇත.

    මෙකී වාර්තාවේ සිද්ධීන් වලට අදාළව කිසිවෙකුගේ නම් සඳහන් කර නොතිබීම එහි සැර බාල කර තිබෙන බවට සාක්ෂියක් හැටියට ඇතැම් අය ගෙනහැර දක්වයි. සිදුවූවා යැයි කියන සිද්ධීන් සම්බන්ධව කිසිවෙකුගේ නම් සඳහන් නොවන්නේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට එය සනාථ කිරීමට නොහැකි නිසාය. නමුත් දේශපාලන විචාරකයකු වන ඩී.බී.එස්.ජයරාජ් මහතා පෙන්වාදෙන්නේ මෙම වාර්තාවේ නිශ්චිත සිද්ධීන් සම්බන්ධයෙන් කිසිවෙකුගේ නම් සඳහන් නොවූවත් යුධ අපරාධ වලට වගකිව යුතු යැයි හැඟවෙන ආකාරයට වාර්තාවේ වෙනත් තැනක ආරක්ෂක හමුදා නිලධාරීන්ගේ හා හමුදා ඒකකවල නම් සඳහන් වන බවයි. මේ වාර්තාව හිතපු තරම් නරක නැති බව ඇතැම් අය කියා සිටියත් ඒ ගැන මා දරන්නේ වෙනස් මතයකි.

    මේ වාර්තාවේ සැර අඩු වී තිබෙන නිසා දැන් අපේ රණවිරුවන් පිටරට වලදී මානවහිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා මත හිරභාරයට ගැනීමේ අවදානම නැතිවී තිබෙන බව ඇතැම් ඇමතිවරුන් කියා සිටියද සත්‍ය තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. ලංකාවේ රණවිරුවන් පිටරට වලදී හිරභාරයට ගෙන නඩු පැවරිය යුතු යැයි කියන නිර්දේශය මෙම වාර්තාවේ 252 පිටුවේ පැහැදිලිව සඳහන් වේ. මේ වාර්තාව පිලිබඳව සත්‍ය ජනතාවට පැහැදිලි කිරීම වැදගත්ය.

    ආණ්ඩු පෙරලියක් සිදුවී නොතිබුනේ නම් මේ වාර්තාව උපයෝගී කරගෙන ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පවා පැනවීමට ඉඩ තිබුනේ යැයි ඇතැම් අය කියයි. නමුත් මානව හිමිකම් කවුන්සිලයට හෝ මානව හිමිකම් පිලබඳ මහ කොමසාරිස් කාර්යාලයට ආර්ථික සම්බාධක පැනවිය නොහැක. එවැනි බලයක් ඇත්තේ ආරක්ෂක මණ්ඩලයට පමණි. ඔවුන්ද ගෝලීය සාමයට තර්ජනයක් විය හැකි දරුණුම තත්ත්වයන් යටතේ මිස රටවල් වලට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීම සිදු කරන්නේ නැත. ඔනෑම රටකට තමා ගනුදෙනු කරන්නේ කා සමගදැයි ස්වාධීනව තීරණය කිරීමට අයිතියක් තිබෙන නිසා ඇමරිකාවට හා යුරෝපයට අපට එරෙහිව ඕනෑම අවස්ථාවක ඒකපාර්ශවීය ආර්ථික සම්බාධක පැනවීමට හැකියාව තිබුණි. මේ වාර්තාව එළි දක්වන තුරු බලාසිටීමට කිසිදු අවශ්‍යතාවයක් නොවීය. නමුත් ඒ ආකාරයට සම්බාධක වලට ලක් වන රටේ ජනතාව සහ සම්බාධක පනවන රටවල් අතර සදාකාලික විරසකයක් ඇති වන නිසා එවන් පියවර කොතරම් බලගතු රටක් වුවත් ගන්නේ ඉතා ප්‍රවේසමෙනි. මාගේ පාලන සමය තුල ලංකාවට එරෙහිව ඒකපාර්ශවීය සම්බාධක පිළිබඳ තර්ජනයක් කිසි අවස්ථාවක නොපැවතුනු බව කිව යුතුය.

    මාගේ ආණ්ඩුවත් ඇතැම් බටහිර රටවල් අතරත් යම් කිසි ආතතියක් තිබුණු බව සැබෑවකි. නමුත් අපේ ප්‍රශ්නය තේරුම් ගත් ප්‍රබල නායකයින්ද බටහිර රටවල සිටියේය. ජෝන් කෙරී මහතා ඇමරිකානු සෙනෙට් සභාවේ විදේශ සම්බන්ධතා පිළිබඳ කමිටුවේ ප්‍රධානියාව සිටි සමයේ ඔහුගේ මතය වූයේ ඔබාමා ආණ්ඩුව මානව හිමිකම් ප්‍රශ්න වලට පමණක් සීමා නොවී ඊට වඩා පුළුල් ආර්ථික, දේශපාලන හා ආරක්ෂක කාරණා පෙරදැරි කර ගෙන ලංකාව සමඟ සම්බන්ධතාවය වර්ධනය කළ යුතු බවයි. කෙරී මහතා 2009 දෙසැම්බර් මාසයේදී “ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් පසු ඇමරිකානු උපාය මාර්ගය වෙනස් කිරීම” යන මැයෙන් ඔහු විසින් ඇමරිකානු ආණ්ඩුවට විශේෂ වාර්තාවක්ද සපයන ලදි.

    යුද්ධය පැවති සමයේදී ඇමරිකාවත් ශ්‍රී ලංකාවත් ඉතා සුහදව ආරක්ෂක තොරතුරු හුවමාරු කරගත්තේය. ඇමරිකාවේ රිපබ්ලිකන් ආණ්ඩු පොදුවේ ගත් කල ලංකාව සම්බන්ධයෙන් දැරුවේ තරමක වෙනස් මතයකි. ජාත්‍යන්තර සබඳතා යනු මානව හිමිකම් ගැන කථා කිරීම පමණක් නොවේ. ආණ්ඩු විසින් කරන මිලදී ගැනීම්, කොන්ත්‍රාත් ලබා දීම, ආයෝජකයන්ට අවස්ථාව සලසා දීම වැනි කාරණා මානව අයිතීන් ප්‍රශ්න වලට වඩා ජාත්‍යන්තර සබඳතා වලට බලපානු ලැබේ. එම නිසා මාගේ ආණ්ඩුව බලයේ සිටියා නම් මේ වාර්තාව නිකුත් වීමත් සමඟ ආර්ථික සම්බාධක පැනවෙනු ඇති බවට කියන කතාව මම පිළිගන්නේ නැත. මා බලයේ සිටි කාල පරිච්ඡේදය පුරාම කොටස් වෙළඳපොලේත් ශ්‍රීලාංකික දිගුකාලීන බැඳුම්කර වෙළඳපොලේත් වැඩියෙන්ම මුදල් ආයෝජනය කලේ ඇමරිකාවත් යුරෝපයත්ය. මේ ආයෝජකයින් තම මුදල් ආපසු ගෙන යාමට පටන් ගත්තේ මට බලය අහිමි වීමෙන් පසුව පමණි.

    ජනතාවගේ අවශතාවයන් ඉටු කිරීම සඳහා පාලකයින්ට ඇතැම් අවස්ථා වල බලගතු රටවල් වල කීමට එරෙහිව යෑමට සිදු වේ. 1952 දී අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා චීනය සමග රබර් – සහල් ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී ඇමරිකාව විසින් චීනයේ නව කොමියුනිස්ට් රජයට එරෙහිව ආර්ථික සම්බාධක පනවා තිබුණු අතර අදාළ තහනම් භාණ්ඩ අතර රබර්ද විය. නමුත් ලංකාවේ මිනිසුන්ට සහල් අවශ්‍ය වූ නිසා ඇමරිකානු උදහසද නොතකා අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා චීනයට රබර් අපනයනය කලේය. ඒ ආකාරයටම ත්‍රස්තවාදය පරාජය කර මේ රටට සාමය ගෙන ඒම සඳහා ඇතැම් රට වල කීමට සවන් නොදී කටයුතු කිරීමට මටද සිදුවිය.

    යම් හෙයකින් මගේ පාලන සමය තුළ ඇමරිකාව හා යුරෝපය ලංකාවට එරෙහිව ඒකපාර්ශවීය සම්බාධක පැනවූයේ නම්, එයට මුහුණදීමට අපේ ආණ්ඩුව කටයුතු කරනු ඇත. යුරෝපයේ බලගතු දෙමළ ඊළාම් කණ්ඩායම් වල බලපෑම යටතේ යුරෝපා සංගමය විසින් ජී.එස්.පී ප්ලස් වෙළඳ සහනය අහෝසි කළ පසු සෑම වසරක් පාසාම ‍යුරෝපයට යවන ඇඟළුම් නිෂ්පාදන ප්‍රමාණයේ වර්ධනයක්ම මිස කිසිදු අඩුවීමක් සිදු නොවන තැනට වග බලා ගැනීමට මාගේ ආණ්ඩුව කටයුතු කළේය. 1930 ගණන් වලින් පසු ලෝකයේ දරුණුම ආර්ථික අවපාතය 2008-2009 වසර වලදී ඇතිවූ විට මේ රටේ ජනතාවට එවැනි ප්‍රශ්නයක් තිබෙන බවටවත් නොදැනෙන ආකාරයට මගේ ආණ්ඩුව විසින් ඒ තත්ත්වය පාලනය කළේය. මාගේ ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය පිළිබඳව මම අවංකවම ආඩම්බර වෙමි.

    මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ වාර්තාවේ අඩංගු නිර්දේශ බරපතල ලෙස ප්‍රශ්න සහගතය. සිදුවූවා යැයි කියන යුධ අපරාධ විමර්ශණය කිරීමට විදේශීය විනිශ්චයකාරවරුන් අධිචෝදකයින් හා විමර්ශන නිලධාරීන්ගේ සහභාගීත්වය ඇතුව පිහිටුවීමට යෝජනා කර ඇති ඊනියා දෙමුහුන් යුධ අපරාධ අධිකරණය ඇති නොකළ යුත්තකි. ආරක්ෂක හමුදාවන් වල ඇතැම් සාමාජිකයින්ට එරෙහිව චෝදනා ඇත්නම් එම චෝදනා ලංකාවේ පවතින නීතියට අනුව අපේ පවතින උසාවි පද්ධතිය යටතේ අපේ විනිශ්චයකාරවරුන් විසින් හා අපේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් පමණක් විභාගයට ලක් කළ යුතුය. අපේ වීරෝධාර රණවිරුවන් තම ජීවිත පරදුවට තබා මේ රට ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමට කළ කැපකිරිම අප සිහිපත් කල යුතුය.

    එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට ලංකාවේ නිත්‍ය නියෝජනයක් ඇති කොට මානව හිමිකම් තත්ත්වය අධීක්ෂණය කිරීමට කර තිබෙන යෝජනාවේ අර්ථයක් නැති බව මගේ හැඟීමයි. මේ රටේ සාමය ඇති කොට දැනට අවුරුදු 6ක් ගතවී මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ චෝදනාද නැති අවස්ථාවක ලංකාවේ මෙවන් කාර්යාලයක් අර්ථ ශුන්‍ය බව මාගේ හැඟීමයි.

    ලංකාවේ නඩු අසා තීන්දු දීමට හැකිවන පරිදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට බලය පැවරීමට හැකිවන පරිදි ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය එකග කරවා ගැනීමට බලපෑම් කළ යුතු බවට යෝජනාවක්ද ඇත. අපේ රට බ්‍රිතාන්‍ය කිරීටයට අයත් ඩොමිනියන් රාජ්‍යක් වූ සමයේ එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලයට ලංකාවේ නඩු ඇසීමට එවැනි බලයක් තිබුණි. ලංකාව දැන් ස්වෛරී ජනරජයක් වන නිසා එවැනි වැඩපිලිවෙලකට නැවත අවතීර්ණ වීමෙන් ප්‍රයෝජනයක් නැති බව මාගේ අදහසයි.

    මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලට සම්බන්ධ වී ඇතැයි සැක කෙරෙන ආරක්ෂක අංශ නිලධාරීන් නිලයෙන් ඉවත් කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ලංකාවේ ආණ්ඩුව පිහිටුවිය යුතු බවටද මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය මේ වාර්තාවේ 250 වන පිටුවේ යෝජනා කර ඇත. සනාථ නොකරන ලද චෝදනා මත හෝ සැකයක් මත කිසිවෙකු නිලයෙන් පහ කිරීම නොකල යුතුය. මෙවැනි යෝජනා ගෙන එන්නේ යුද්ධයේ අවසන් මෙහෙයුම නැවැත්වීමට උත්සාහ දරා අසාර්ථක වූ පාර්ශවයන් විසින් බව ආණ්ඩුව මතක තබා ගත යුතුය.

    ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හා මහජන ආරක්ෂාව පිළිබඳ ආඥාපනත සහමුලින්ම අහෝසි කොට ජාත්‍යන්තර නීතියට අනුකූලව නව ආරක්ෂක නීති සම්පාදනය කළ යුතු බවටද මානව හිමිකම් පිලිබඳ කොමසාරිස් කාර්යාලය නිර්දේශ කොට ඇත. මේ නීති නොතිබෙන්නට ලංකාවට රාජ්‍යක් හැටිය‍ට පැවතීමට නොහැකි වනු ඇත. එමෙන්ම ස්වාධීන රාජ්‍යයක ජාතික ආරක්ෂාවට අදාල නීති සම්පාදනය කල යුත්තේ පවතින තර්ජන වලට අනුව මිස ආරක්ෂක කටයුතු වලට අදාළ නැති ජාත්‍යන්තර සංවිධානයක නිර්දේශ අනුව නොවේ.

    මාගේ ආණ්ඩුව විසින් පිහිටුවන ලද අතුරුදහන් වූවන් පිලිබඳ ජනාධිපති කොමිසමට ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා, ශ්‍රීමත් ජෙප්රි නයිස්, රොඩ්නි ඩික්සන්, ඩේවිඩ් ක්‍රේන් හා පෝල් නිව්ටන් වැනි ජාත්‍යන්තර නීති විශාරදයින් යුධ නීතිය පිළිබඳව සපයන ලද නීති උපදේශන ලියවිලි හදාරා බලා ඒවා මානව හිමිකම් කවුසිලයේ සභාගත කිරිම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුයැයි මම සිතමි. ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා මෑතකදී අතුරුදන් වූවන් පිළිබදව කොමිසමට සැපයු සවිස්තරාත්මක වාර්තාවද මෙහිදී වැදගත් වන අතර මේ සියලුම නීති විශාරදයින්ගේ අදහස් ආණ්ඩුව විසින් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ වාර්තාවට යවන ප්‍රතිචාරයේත් අඩංගු විය යුතු බව මම විශ්වාස කරමි.

    දැන් මේ සිදුවෙමින් පවතින සියළු‍ දේවල්වලට මා විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සමග 2009 මැයි 23 වන දා අත්සන් කල ඒකබද්ධ ප්‍රකාශනයෙන් එකගතාවය පළකර තිබුනු බවට පවසමින් මේ වැඩපිළිවෙලට ජනතාව ඉදිරියේ සුජාත බවක් ලබා දීමට ඇතැම් අය උත්සාහ කරන බව පෙනේ. මේ අන්කිසිවක් නොව ජාත්‍යන්තර බලවේග සමග සහයෝගයෙන් වැඩ කරන උදවිය තමාගේ ක්‍රියාකාරකම් සාධාරණිය කරණය කිරිමට පතුරුවන මුසාවකි. එක්සත් ජාතින්ගේ මහ ලේකම් වරයා සමග මා කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයේ යුධ අපරාධ විමර්ෂණ හා යුධ අපරාධ අධිකරණ ගැන කිසිවක් සදහන් කොට නොතිබිනි. එම ඒකාබද්ධ ප්‍රකාශයෙන් ලංකාවේ ආණ්ඩුව භාරගෙන තිබුනේ “දුක්ගැනවිලි” ගැන සොයා බැලීමට පමණි. උතුරේ සංවර්ධනය වේගවත් කිරිම, නැගෙනහිර සහ උතුරු පළාත් සභා සඳහා ඡන්ද පැවැත්වීම, උගත් පාඩම් හා සංහිදියා කොමිසම ඇති කිරිම, අතුරුදහන් වූවන් පිළිබද කොමිසම ඇති කිරිම යන ආදිය අප විසින් දුක්ගැනිවිලි නිරාකරණය කිරිමට කරන ලද ක්‍රියාකාරකම් වේ.

    2014 මාර්තු මාසයේදී මේ විමර්ෂණයට මුල පිරූ යෝජනාවට විරෝධය පල කරමින් මානව හිමිකම් කවුන්සිලය තුල ඉන්දීය, කියුබානු හා පාකිස්තානු නියෝජිතයන් එක හඩින් කියා සිටියේ ඇමරිකාව විසින් ඉදිරිපත් කොට තිබෙන මේ යෝජනාවේ ලංකාව සංහිදියාව ඇති කිරිම පෙරදැරි කරගෙන උගත් පාඩම් හා සංහිදියා කොමිසම වැනි යාන්ත්‍රනයන් පිහිටුවා තිබිම සම්පූර්ණයෙන්ම නොසලකා හැර තිබෙන බවයි. එම රටවල් ඒ.ජා මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ මෙම විමර්ෂණයට එරෙහි වීමටද මේ කාරණය බලපෑවේය.

    ඉහත දක්වන ලද හේතූන් මත එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කරන ලද මේ වාර්තාව ප්‍රතික්ෂේප කල යුතු බව මම ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට යෝජනා කර සිටිමි.

    මහින්ද රාජපක්ෂ (පා.ම)
    හිටපු ජනාධිපති


    උපුටා ගැනීමhttp://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/main-news/135969/
     
    • Like
    Reactions: jonhrcm and kinkon

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,360
    1,322
    113
    Malabe
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියන ඒවා කව්ද ගණන් ගන්නේ .:lol::lol:
    ඇමරිකාව ලොකුයි.. උන් ඕන මඟුල කරලා ඕන එකෙක් කුදලගෙන ගියදෙන් අපෙන් කෑල්ලක් යනවයෑ...:angry::angry::angry::angry::angry:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මේ ආණ්ඩුවේ මහින්ද විතරයි බන් අඩු. අනිත් ඔක්කොම එවුන් ඉන්නවා. ඉතින් මේ ආණ්ඩුව මහින්ද ගෙනිච්ච විදියටමයි යන්නේ. :rolleyes: හරි නම් බයියෝ සතුටු වෙන්න ඕනේ.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    වී ටිකවත් හරියට විකුණා ගන්න බැරුව තව මොන කතාද බන්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,709
    40,305
    113
    වී ටිකවත් හරියට විකුණා ගන්න බැරුව තව මොන කතාද බන්.

    වේදනාව මෙච්චර කෙටියෙන් ප්‍රකාශ කරේ කොහොමද :(:(
     

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    වේදනාව මෙච්චර කෙටියෙන් ප්‍රකාශ කරේ කොහොමද :(:(

    මෙච්චර කෙටියෙන් ගොන්කම ප්‍රදර්ශනේ කරේ කොහොමද? :(:(
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සිරිසේන ජනාධිපතිව දැක්කම මතක් වෙන්නෙ "බයිසිකලය" කෙටි කතාවෙ සියදෝරිස්ව. ගුණදාස අමරසේකර මහතා සියදෝරිස්ව හඳුන්වන්නෙ නෝංජලයෙක් විදිහට. මිනිහ ගෙදර නෝනටයි ළමයින්ටයි සලකන්නෙ ඒකාධිපතියෙක් වගේ. හැබැයි පිට මිනිස්සු ඉස්සරහ ඉන්නෙ දෙකට නැමීගෙන, කොළොප්පම් කරත් ඉවසා දරාගෙන, එහෙයි කියාගෙන. ගෙදරට ඒකාධිපති, පිටට නිවටපති.
    සිරිසේන මහත්තයගෙ දේශපාලන චරිතෙත් ඔහොමයි. රටේ, පක්ෂෙ මිනිස්සු ඉස්සරහ වැඩ කරන්නෙ ඒකාධිපතියෙක් විධිහට, හැබැයි ලෝකෙ ඉස්සරහ (විශේෂයෙන් බටහිර ස්වාමිවරුන් ඉස්සරහ) අමුම අමු නිවටයෙක්. කෙටියෙන්ම කිව්වොත් දේශපාලන වශයෙන් හොඳම වර්ගයේ නෝංජලයෙක්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,709
    40,305
    113
    සිරිසේන ජනාධිපතිව දැක්කම මතක් වෙන්නෙ "බයිසිකලය" කෙටි කතාවෙ සියදෝරිස්ව. ගුණදාස අමරසේකර මහතා සියදෝරිස්ව හඳුන්වන්නෙ නෝංජලයෙක් විදිහට. මිනිහ ගෙදර නෝනටයි ළමයින්ටයි සලකන්නෙ ඒකාධිපතියෙක් වගේ. හැබැයි පිට මිනිස්සු ඉස්සරහ ඉන්නෙ දෙකට නැමීගෙන, කොළොප්පම් කරත් ඉවසා දරාගෙන, එහෙයි කියාගෙන. ගෙදරට ඒකාධිපති, පිටට නිවටපති.
    සිරිසේන මහත්තයගෙ දේශපාලන චරිතෙත් ඔහොමයි. රටේ, පක්ෂෙ මිනිස්සු ඉස්සරහ වැඩ කරන්නෙ ඒකාධිපතියෙක් විධිහට, හැබැයි ලෝකෙ ඉස්සරහ (විශේෂයෙන් බටහිර ස්වාමිවරුන් ඉස්සරහ) අමුම අමු නිවටයෙක්. කෙටියෙන්ම කිව්වොත් දේශපාලන වශයෙන් හොඳම වර්ගයේ නෝංජලයෙක්.

    වේදනාවේ දිගුවක් :(:(

    ඒ ඒ කෙනා ඒ ඒ පුද්ගලයින්ව තමන්ගේ ආකල්ප හා අවශ්‍යතාවය අනුව තමන් මීට පෙර දැකපු, අහපු, කියවපු චරිත වලට සමාන කර ගන්නවා.

    විධායක, ත්‍රිවිධ හමුදා, පොලිස්, මාධ්‍ය, මැර, ධන etc බලයන් පාවිච්චරකලත් දිනන්න බැරිවෙච්ච එකෙක්ව පරද්දන්න හපන් එකෙක්ට සමාන කරන්න ලංකාවේ චරිත නෑ.

    ~හීන් සැරේ


    Kawda mahinda kiyanne

    පා. ම :dull:
     

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    329
    83
    Lankawe
    සිරිසේන ජනාධිපතිව දැක්කම මතක් වෙන්නෙ "බයිසිකලය" කෙටි කතාවෙ සියදෝරිස්ව. ගුණදාස අමරසේකර මහතා සියදෝරිස්ව හඳුන්වන්නෙ නෝංජලයෙක් විදිහට. මිනිහ ගෙදර නෝනටයි ළමයින්ටයි සලකන්නෙ ඒකාධිපතියෙක් වගේ. හැබැයි පිට මිනිස්සු ඉස්සරහ ඉන්නෙ දෙකට නැමීගෙන, කොළොප්පම් කරත් ඉවසා දරාගෙන, එහෙයි කියාගෙන. ගෙදරට ඒකාධිපති, පිටට නිවටපති.
    සිරිසේන මහත්තයගෙ දේශපාලන චරිතෙත් ඔහොමයි. රටේ, පක්ෂෙ මිනිස්සු ඉස්සරහ වැඩ කරන්නෙ ඒකාධිපතියෙක් විධිහට, හැබැයි ලෝකෙ ඉස්සරහ (විශේෂයෙන් බටහිර ස්වාමිවරුන් ඉස්සරහ) අමුම අමු නිවටයෙක්. කෙටියෙන්ම කිව්වොත් දේශපාලන වශයෙන් හොඳම වර්ගයේ නෝංජලයෙක්.
    පට්ට කතාව ඔයි
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,360
    1,322
    113
    Malabe
    සිරිසේන ජනාධිපතිව දැක්කම මතක් වෙන්නෙ "බයිසිකලය" කෙටි කතාවෙ සියදෝරිස්ව. ගුණදාස අමරසේකර මහතා සියදෝරිස්ව හඳුන්වන්නෙ නෝංජලයෙක් විදිහට. මිනිහ ගෙදර නෝනටයි ළමයින්ටයි සලකන්නෙ ඒකාධිපතියෙක් වගේ. හැබැයි පිට මිනිස්සු ඉස්සරහ ඉන්නෙ දෙකට නැමීගෙන, කොළොප්පම් කරත් ඉවසා දරාගෙන, එහෙයි කියාගෙන. ගෙදරට ඒකාධිපති, පිටට නිවටපති.
    සිරිසේන මහත්තයගෙ දේශපාලන චරිතෙත් ඔහොමයි. රටේ, පක්ෂෙ මිනිස්සු ඉස්සරහ වැඩ කරන්නෙ ඒකාධිපතියෙක් විධිහට, හැබැයි ලෝකෙ ඉස්සරහ (විශේෂයෙන් බටහිර ස්වාමිවරුන් ඉස්සරහ) අමුම අමු නිවටයෙක්. කෙටියෙන්ම කිව්වොත් දේශපාලන වශයෙන් හොඳම වර්ගයේ නෝංජලයෙක්.

    ඒකේ ඇත්තක් තියෙනවා..
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    සිරිසේන ජනාධිපතිව දැක්කම මතක් වෙන්නෙ "බයිසිකලය" කෙටි කතාවෙ සියදෝරිස්ව. ගුණදාස අමරසේකර මහතා සියදෝරිස්ව හඳුන්වන්නෙ නෝංජලයෙක් විදිහට. මිනිහ ගෙදර නෝනටයි ළමයින්ටයි සලකන්නෙ ඒකාධිපතියෙක් වගේ. හැබැයි පිට මිනිස්සු ඉස්සරහ ඉන්නෙ දෙකට නැමීගෙන, කොළොප්පම් කරත් ඉවසා දරාගෙන, එහෙයි කියාගෙන. ගෙදරට ඒකාධිපති, පිටට නිවටපති.
    සිරිසේන මහත්තයගෙ දේශපාලන චරිතෙත් ඔහොමයි. රටේ, පක්ෂෙ මිනිස්සු ඉස්සරහ වැඩ කරන්නෙ ඒකාධිපතියෙක් විධිහට, හැබැයි ලෝකෙ ඉස්සරහ (විශේෂයෙන් බටහිර ස්වාමිවරුන් ඉස්සරහ) අමුම අමු නිවටයෙක්. කෙටියෙන්ම කිව්වොත් දේශපාලන වශයෙන් හොඳම වර්ගයේ නෝංජලයෙක්.

    ඔය කතාව ගොඩක්ම ගැලපෙන්නේ මහින්දටද මන්ද , අන්තිමට ගෙදර බඩු මුට්ටු එහෙම හොරෙන් විකුණලා අහු වෙලා නෝනයි ළමයිනුයි මහත්තයව ගෙදරින් එලවල , අන්තිමට ගෙදරටත් නොන්ජලය වුණා පිටටත් නොන්ජලය වුණා
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔය කතාව ගොඩක්ම ගැලපෙන්නේ මහින්දටද මන්ද , අන්තිමට ගෙදර බඩු මුට්ටු එහෙම හොරෙන් විකුණලා අහු වෙලා නෝනයි ළමයිනුයි මහත්තයව ගෙදරින් එලවල , අන්තිමට ගෙදරටත් නොන්ජලය වුණා පිටටත් නොන්ජලය වුණා

    පුස්ථකාලෙකට ගිහින් හිටන් ගුණදාස අමරසේකර මහත්තයාගේ බයිසිකලේ කියන කෙටිකතාව කියවපන් කොමෙන්ට් කරන්න කලින්.
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    පුස්ථකාලෙකට ගිහින් හිටන් ගුණදාස අමරසේකර මහත්තයාගේ බයිසිකලේ කියන කෙටිකතාව කියවපන් කොමෙන්ට් කරන්න කලින්.

    මන් සාමාන්යෙන් හිටන් කියවන්නේ නෑ , ඉස්කෝලේ ගිය කාලෙ ඉදන් කියෙව්වා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,709
    40,305
    113
    ඔය කතාව ගොඩක්ම ගැලපෙන්නේ මහින්දටද මන්ද , අන්තිමට ගෙදර බඩු මුට්ටු එහෙම හොරෙන් විකුණලා අහු වෙලා නෝනයි ළමයිනුයි මහත්තයව ගෙදරින් එලවල , අන්තිමට ගෙදරටත් නොන්ජලය වුණා පිටටත් නොන්ජලය වුණා

    සැබෑ නෝංජලයා කියන්නේ,
    ඇමති කමෙන් විධායක ජනාධිපති කමට උසස් උන කෙනාද
    විධායක ජනාධිපති කමෙන් පාර්ලිමේන්තු මංත්‍රී තත්වෙට වැටුන කෙනාද

    කියලා තේරුම් ගන්න බැරි මිනිස්සු ඉන්න රටක බන් අපි ඉන්නේ :lol::lol:

    මුන් පාර්ලිමෙන්තු මංත්‍රී ධූරය, ඇමති ධූරය, විධායක ජනාධිපති ධූරය ඔක්කෝම හිතෙන් සමාන කරගෙන ඉන්නේ.

    මුන්ට ලැජ්ජාවක් තියෙනව නම් ජනවාරි 9ම ඇති කට වහගෙන ඉන්න. අඩුම ගානේ අගෝස්තු 18. තාම නෑ :baffled: