දෙවන කොටස.
මට අද ටිකක් වැඩ වැඩි දවසක් නිසා ටිකක් කෙටියෙන් දාන්නම් ඉතුරු ටික.
මුලින්ම D1987 දල තිබ්බ මුල් 5 ඇරුනම අනිත් අය මද විෂ කියල. නැහැ මද විෂ සහිත ය කියන්නේ මෙයාල නෙවේ. මොකද පොලොන්තෙලිස්සා වුනත් සමහර වෙලාවට මරණ ඇති කරනව. වකුගඩු අක්‍රිය වෙනවා කියන්නෙත් ගොඩාක් දරුණු දෙයක්. පළා පොළග නම් මරණ ඇති කරලා නැහැ ලංකාවේ. දෙපත් කලුවත් ගොඩක් විෂ සර්පයෙක්, නමුත් දුර්ලබයි. මුල් පස්දෙනා තමයි ලංකාවේ මරණ වලට හේතුව වෙලා තියෙන්නේ.
මද විෂ සහිත අය වෙන්නේ මාපිලුන් (Boiga) , ඇහැටුල්ල වගේ අය. මම ඒ ගැන පස්සේ කියන්නම්. අද කියන්නම් මොනවද අපි දැනගෙන කින්න ඕන කියලා සර්පයෙක් දෂ්ට කරාම කියල.
01. මුලින්ම රෝගියාගේ බය නැති කරන්න ඕන. මොක්ද විෂ ශරීරය පුරා යන්නේ රුධිර වාහිනී කරහා. අපි බය වුනාම අපේ හදහවත වේගෙන් ගැහෙන්න ගන්නවා. එතකොට රුධිර සංසරණය වේගවත්. ඉක්මනට විෂ අපේ ඇඟ පුරා පැතිරෙනවා.
02. ඔය හේතුව නිසාම අපි රෝගියාව නිශ්චලව හැකි තාක් තියන්න ඕන. ඇවිදින්න දෙන්න එපා.
03. කකුලක් හෝ අතක් වගේ නම් කල තියෙන්නේ එක හොල්ලන්නෙ නැතුව තියන්න ඕන, ඒ වගේම අපේ ඇඟ (හදවතේ) මට්ටමට වඩා පහලින් තියන්න. එකත් පෙර හේතුව නිසාම තමා.
04. දෂ්ට කරපු තැන හොදින් ගලා යන වතුරෙන් හෝදලා පිරිසිදු කරන එකත් වටිනවා. එමගින් වෙන විශබීජ ඇතුළු වීම වගේම ඒ සම මත ඇති විෂත් හේදිලා යනවා. නමුත් අතුල්ලන්න තද කරන්න යන්න එපා. එයින් ඇතුලට විෂ යන එක තවත් වැඩි වෙනවා.
05. මුදු, වළලු, bangles, වගේ දාල නම් ඉවත් කරන්නත් ඕන.
06. ඒ වගේම පුළුවන් තරම් ඉක්මනට ලගම රෝහලට ගෙනයාමත් කරන්න ඕන. කිසිම විදියකින් ප්‍රමාද වෙන්න එපා. ගොඩ වෙදකම් කරන්න යන්නත් එපා.
07. සර්පයා අදුර ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මොකද අපි Antivenoum (ප්‍රතිවිෂ ) දෙන්නේ ඕනම නම් විතරයි. මොකද එමගින් වුනත් රෝගියාට හානි ගෙන දෙන්න පුළුවන්.
නමුත් තමුන්ගේ පරිස්සම ගැන හිතන්න ඕන.
මොකද ලෙඩ්ඩු එක්කෙනා දෙන්නෙක් වෙන්න ඕන නැහැ නේ.
හැමෝම ගාව දැන් camera තියෙන නිසා photo එකක් ගන්න පුළුවන් නම් ලේසි.
කිසිම විධියකින් සර්පයා අල්ලන්න යන්න එපා. ( සර්පයා මිය ගියත් දෂ්ට කිරීමේ හැකියාව පැය කිහිපයක් යනකම් ම තියෙනවා (snake bite reflex) ).
ඒ මොකුත් ම නැතත් සර්පයාගේ හැඩය වර්ණය රටා වගේ දේවල් මටක තියාගෙන කිව්වත් ඇති සර්පයාව හදුනා ගන්න.
08. රෝගියා රෝහලට රැගෙන යනකම්, හුස්ම ගන්නවද කියන එක බලන්න. එහෙම නැති වුනොත් කෘතීම ශ්වසනය දෙන්න ඕන.
මිට අමතරව නොකළ යුතු දේවල් ගොඩක් තියෙනවා, අපේ නොදනුවත් කමට කරන. ඒ ටික මම ඊලග දවසේ දාන්නම්, දැන් හුගක් මහන්සි.