නුඹේ නමින් මා දුක්වී
අහම්බෙන් මේ සිංදුවේ පදවැලක් අහන්න ලැබුනා අන්තර්ජාලෙ තිබුණු වීඩියෝ එකකින්.....පස්සෙ හොයලා සිංදුව අහල බැලුවාම තේරුනේ.....
අදකාලේ දකින්න දුලභම දෙයක් වස්තු විෂය කරගෙන තියෙන්නේ.....
තමාගෙන් දුරස් වුනු ප්‍රේමයට දොස් තබනු වෙනුවට මෙත් වඩන පුද්ගලයෙක් ගැන කියවෙන්නේ (මට හිතෙන හැටියට)
නුඹේ නමින් මා දුක්වී ගොතනා කවි වැල්
නුඹට සොඳුරු ගීතයක්ය සලනා රසුදැල්
උදේ හවා කාන්සියට හෙලනා කඳුළැල්
නුඹට සිහිල් පැන් බිඳක්ය වඩනා මනලොල්...
මා හැර ගිය දුකින් තැවී
නුඹට සාප කරනු බැරී
නුඹේ නපුරු කමට කිපී
හිතේ වෛර බඳිනු බැරී
නිදි නැති රෑ දෑස තෙමී
මතක සුවඳ වැළඳ ගනී
මා තනිවුණු අයුරු පෙනී
නුඹ සැනැහෙන් මට හිනැහී
ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - පණ්ඩිත් අමරදේව
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

..........ඉතින් ගුණාත්මක නෑ....මේ ආවා...මේ ගියා