සඳුනි (නොකියූ කතාව)

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    :love: සඳුනි - හයවන කොටස :love:


    සති දෙකක විරාමයකින් අනතුරුව නැවත ඈ නැවත සරසවිය වෙත පියමණින්නීය.

    අද ඈ අසම්පූර්ණය. වෙනදා මෙන් කෙලිලොල් බවක් ඇගෙන් දිස්වූයේ නැත. සුදුමැලිවී මැලවුණු වත ඈ තවමත් රෝගීබවක් ‍විදහා පෑය.
    ඇයට දේශන වල ඉගැන්වූ ‍කිසිවක් තේරුනේද නැත. ඒ ඇය සති 2කින් දේශණ වලට සහභාගී නොවූ නිසාද, නැත්නම් වෙනත් හේතුවක් නිසාද කියා ඈට ‍දැනුම් තේරුම් නැත.
    දේශන අහවර ‍වී දහවල් යාමයේ ආපසු බෝඩිම වෙතට යන අතරමග ගලහ මංසන්ධියේදී ඈට පැරණි මිතුරෙකු මුණගැසේ.
    ඒ වෙනකිසිවෙකු නොවේ.

    “නංගී! ස්ස්ස්.” තමා නොදුටුවා සේ යන සඳුනිට අනුරාධ පාරේ එහා කොනේ සිට කෑගසන්නට විය.
    නමුත් ඈට ඔහුව නෑසේ.

    පාරේ මෙ‍හාපැත්තට දිව එන ඔහු ඈ මහත් වෙහෙසක් දරා නවත්වා ගනී.
    “නංගි ඒගමන කණේ අමාරුවකුත් හැදිලද?”
    “ආ? අයියා?” ඈ මලානිකව උත්තර දුන්නාය.
    “මම කට කැඩෙනකං කෑගැහුවා ඇහුනේ නැද්ද?”
    “ආ? අයියා කෑගැහුවද? මට ගාණක් නෑ අයියා.”
    “මොකෝ නංගි අද දාහට අරන් සත පනහට දීලා වගේ?”
    “අනේ මන්දා අයියා. තාම පණ නෑ වගේ ඇඟට.”

    “එහෙනං නංගි බෝඩිමට ගිහින් රෙස්ට් කරන්න. අදනේ සති ගාණකට පස්සේ ආයේ ආවේ. හෙට අනිද්දා වෙනකොට හරියයි!” හේ සුපුරුදු ‍සිනාව මුව රඳවාගෙන සඳුනිට කීවේ ඈට කතා කරන්නට සුදුසු වෙලාව මෙය නොවන බව වටහා ගත් නිසාය.

    ---------------------------------------------------------------------------------

    පසුදින ඔහුට නිපුනිව මුණගැසෙන්නේ අහම්බෙනි.

    “ආ නිපුනි නංගි? කාලෙකට පස්සේ. කොහොමද විස්තර ඉතින්?”
    “විශේෂයක් නෑ අයියා.”
    ‍”කෝ සඳුනි නංගි එහෙම?”
    “සඳුනි අද ආවේ නෑ අයියා.”
    “ඒ‍ මොකද? ආයෙත් අසනීප වෙලාද? ඊයේ මට හම්බුනා දවල් ඒවුනාට එච්චර ෆිට් පාටක් පෙනුනේ නෑ තමයි.”
    “එයාට පොඩි ප්‍රශ්නයක් අයියා. බෝයි ෆ්‍රෙන්ඩ් තරහ වෙලා. අයියට කිව්වේ නෑ?”

    සඳුනිට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් සිටින බව අනුරාධට අලුත් ආරංචියක්‍ නොවේ. නමුත් ඔහු එම පුවත මුල්වතාවට ඇසුවෙක් මෙන් සිටියේය.
    “සඳුනිට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? මං දන්නෙත් නෑනේ. ඉතින් මොකෝ තරහ‍ වෙලා?”
    “අයියට ඇත්තටම කිව්වේ නැද්ද? එයා අයියට කියනව කියල හිටියේ.”

    “එදා එයා අසනීපවෙලා හිටපු දවසක එයා ඇවිත් සඳුනිව බලන්න. ඒවෙලාවේ අයියා එයා ලඟ ඉඳල. ඒක දැකල එයාට තරහ ගිහින්. දැන් තරහ වෙලාලු. මං හිතන්නේ අයියයි සඳුනි අතර සම්බන්ධයක් තියනවා කියල හිතාගෙනද කොහෙද. සඳුනි ගෙදර ගිය‍ වෙලේ එයාට හොඳටම බැනලා. එයා එදා ඉඳල අප්සෙට් එකේ ඉන්නේ. අයියට වත් කියල බලමු කිය කිය හිටියේ.”

    “මාර කේස් එක නේද නංගි. එතකොට මං හවස ගි‍ය වෙලේ එයාද ඇවිත් තියෙන්නේ? ම්... ආවා තමයි කො‍ල්ලෙක්. එයා පළතුරු වග‍යක් දීල යන්න ගියා. මට ඒක එච්චර ගාණක් නෑ නංගි.”
    “ඒක නෙවෙයි. මේකට දැන් මොකද කරන්නේ?”

    “එයා දැන් සඳුනි කියන ඒවා අහන්නෑ අයියා. අයියට පුලුවන්ද තරහ නැතුව එයාට පොඩ්ඩක් තේරුම් කරල දෙන්න?”
    “සඳුනි නංගි වෙනුවෙන් ඕනදෙයක්. නම්බර් එකක් තියෙනවද එයාගේ?”

    ---------------------------------------------------------------------------------

    නිපුනිගෙන් සාරංගගේ දුරකථන ‍අංකය සටහන් කරගත් ඔහු වහා සහන් හමු‍විය. සිද්ධිය විස්තර කිරීමෙන් අනතුරුව,
    “මළකෙළියයි දැන් එ‍තකොට මේක තුන්කොන් ආදරයක් වෙලාද? උඹට මං කිව්වනේ කරන වැඩක් පරිස්සමට කියලා. මොනව උනත් බන් පවුල් කඩන එකනං පව් වැඩක්.”

    “හරි බන් මගේ අතිනුත් වැරැද්දක් උනා. ඒත් මම එයාව බලන්න ගියා විතරයිනේ බන්. ලෙ‍‍ඩෙක් බලන්න ගියාම මොකද?”
    “උඹ ‍එතන ගිහින් අර සාරංගය එනකොට මොනවා කර කර හිටියද කියල කවුද දන්නේ. උඹට ඌවත් අදුනන ගන්න බැරිවෙලානේ?”
    “මට ගාණක් නෑ බන්. මේ නිපුනි මට ඌගේ නම්බර් එකක් දුන්න. කතා කරල පොඩ්ඩක් ‍ශේප් කරල දෙන්න කියලා. ඌ සඳුනිට බැනලලු බන් හොදටම.”
    “උඹ දැන් ගොනා වගේ ඕකට කොල් කරන්න එපා. ඌට දැන් මල පැනල ඇත්තේ. උඹ කතා කරාම තුන්වෙනි ලෝක යුද්දෙ පටන් ගන්න ඒක ඇති. නම්බර් එක දියන් මම ටෝක් කරන්නම්.”

    “හලෝ? මචන් උඹ සාරංගද?”
    “ඔව්. කියන්න. කවුද මේ?”
    “මචන් මම සඳුනිගේ යාලුවෙක්. පොඩි දෙයක් කතා කරන්න තමයි කෝල් කළේ. මේ ලඟදි එයාට අසනීප උනු වෙලේ මගේ යාලුවෙක් එයාව බලන්න ආපු වෙලේ ඔයා ඒ දෙන්නව දැකල පොඩි මිස්අන්ඩස්ටෑන්ඩින්ග් එකක් වෙලා තියෙනවා. ඒක පොඩ්ඩක් තේරුම් කරල...”

    බිප්... බිප්... බිප්... දුරකථනය විසන්ධි විය. නැවත එම අංකයට ඇමතුමක් ගැනීමට සහන් ගත් උත්සහය අසාර්ථක වි‍ය.

    “වැ‍ඩේ කතා කරල බේරාගන්න බැරි ගාණකට ඇවිත් වගේ බන්.” සහන් පරාජිත ස්වරයකින් පිළිතුරු දුන්නේය.‍
    “මම දැන් මොකද බන් කරන්නේ?” අනුරාධ හිසේ අතගසාගෙන ඇසීය.

    අපි වීක්එන්ඩ් ‍එකේ ඌව මීට් වෙමු ගෙදර ගියාම. නිපුනි නංගිගෙන් ඉන්න ‍තැන අහගනින්.

    ---------------------------------------------------------------------------------

    සති අන්තයේ සහන් සමඟ සාරංග සොයා අනුරාධ පොල්ගහවෙලට ගියේය. නමුත් ඔහු මෙවර නිවසේ සිටියේ නැත. කොළඹ යම් පාඨමාලාවකට ගොස් ඇති බවකුයි ඔවුනට දැනගන්නට ලැ‍බුනේ.

    මේ අතර ඔහු‍ට අනපේක්ෂිත දුරකථන ඇමතුමක් ලැබේ.

    “හෙලෝ? කවුද මේ?”
    “අයියා මම නිපුනි කතා කරන්නේ. සඳුනිට ආයෙත් හුස්ම ගන්න අමාරුවෙලා ඇඩ්මිට් කළා පේරාදෙණිය හොස්පිටල් එකට. කලිං වාට්ටුවෙමයි ඉන්නේ.”
    “මොකක්? ගොඩක් අමාරුද?”
    “ටිකක් අමාරුයි වගේ අයියා. දැන් නම් ඔක්සිජන් එහෙම දීල ටිකක් හොඳයි. පුලුවන් නම් බලන්න එන්න. අයියා සාරංගට කතා කළාද?”
    “මම කතා කළා නංගි. මම දැන් එනවා සඳුනිව බලන්න. ඇවිත් කියන්නම්. තෑන්ක්ස් නංගි පණිවිඩේ දුන්නට.”

    “මොකද බන් බයවෙලා ‍වගේ?” දුරකථන සංවාදයේ අඩකට සවන්දුන් සහන් ඇසීය.
    “සඳුනි ආයෙත් හොස්පිටලයිස් කරල බන්!”

    ---------------------------------------------------------------------------------

    සඳුනි මෙවර සි‍ටියේ සාමාන්‍ය ඇඳක නොවේ. ඒ වාට්ටුවේම කොටසක්වූ HDU නොහොත් අධි සත්කාර ඒකකයේය.
    බාහිර ‍ඔක්සිජන් සැපයුමක ආධාරයෙන් ඈ හුස්ම ගනිමින් සිටියාය.

    අනුරාධ මෙවරද ඈ බලන්නට ගියේ වෛද්‍ය පිඨයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන ඔහුගේ මිතුරෙකු වන සංජය සමඟයි.

    “සංජය මොකද බං මෙයාට වෙලා ‍තියෙන්නේ? යස අගේට හිටපු කෙල්ලනේ බං.” ඈ සිටි කුටියේ වීදුරුව මත අත් දෙක තබාගෙන කිසිවක් තේරුම්ගත නොහැකිව අනුරාධ ඇසීය.
    “පොඩ්ඩක් හිටපං ටිකට් එක බලල කියන්නම්. දැන් ඩොකාලා බලනවා. HDU එකේ ඉන්නව කියන්නේ බන් වැඩේ අමාරු සීන් එකක්. බලමු‍කෝ.”
    පෙනුමෙන් ජේෂ්ඨ වෛද්‍යවරු සේ පෙනෙන කීප දෙනෙකු ෆයිල් කවරය පෙරලමින් දීර්ඝ සංවාදයක නිරත වනු දුටු සංජය කීය.

    වෛද්‍යවරු පිටතට පැමිණ විනාඩි කීපයකට පසු වටපිට බැලූ සංජය අධි සත්කාර ඒකකයට ඇතුල් විය. සඳුනිගේ ඇඳ සමීපයේ මේසය මත තිබුනු විශාල ෆයිල් කවරය හේ පෙරලන්නට විය. විටින් විට වෙනස්වන සංජය‍ගේ මුහුණේ ඉරියව් දෙස බලා සිටිනු හැර අනුරාධට වෙන කරන්නට දෙයක් තිබුනේ නැත.

    -මතු සම්බන්ධයි-
    සත්‍ය සිදුවීමකි. මුල් චරිත වල අනන්‍යතාවය සුරැකීම පිණිස අවශ්‍යතාවය අනුව නම් ගම් වෙනස් කර ඇත.
    චන්දිම [09-01-2016]
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මේ වගේම සීන් කෝන් එකක් මගේ ලයිෆ් එකෙත් වෙලා තියෙනවා :yes:
    බලමු හරියටම කියන්න බෑ කථාව යන විදියට. උබ මේ කථාව දාන විදියට ඒකයි මේ බොහෝම ඉවසීමෙන් කියවන්නේ :P
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ලස්සනට රසවත්ව ලියනවා...දිගටම ලියමු මල්ලි :)
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    Thanks! :D
    මේ වගේම සීන් කෝන් එකක් මගේ ලයිෆ් එකෙත් වෙලා තියෙනවා :yes:
    බලමු හරියටම කියන්න බෑ කථාව යන විදියට. උබ මේ කථාව දාන විදියට ඒකයි මේ බොහෝම ඉවසීමෙන් කියවන්නේ :P
    තවත් ‍නොකියූ කතාවක් වගේ :P
    ලස්සනට රසවත්ව ලියනවා...දිගටම ලියමු මල්ලි :)
    Thanks අක්කා :D
    lokka uba intake 29 da ?
    Yes machan. You from? :nerd:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Yes machan. You from? :nerd:

    mama 32 eke day scholar kenek bn.
    all d best for your future brother ! :love:
    kathawa ada thama dakke.supiri
    11.gif