+++එළකිරි දුම්රිය අංගනය+++

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

පෙරා...

ඉන්දියන් ට්‍රේන් සිමියුලේටර් එක හොඳයිද?:confused::confused::confused: උඹ ප්ලේ කරල තියේ ද?

ඩවුන්ලෝඩ් කරන්න අහන්නේ...1 ජීබී ගාණක් තියනවා...චොර එකක් උනොත් අපරාදෙ නේ:sorry:
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    පෙරා...

    ඉන්දියන් ට්‍රේන් සිමියුලේටර් එක හොඳයිද?:confused::confused::confused: උඹ ප්ලේ කරල තියේ ද?

    ඩවුන්ලෝඩ් කරන්න අහන්නේ...1 ජීබී ගාණක් තියනවා...චොර එකක් උනොත් අපරාදෙ නේ:sorry:

    දන්නේ නෑ
    නෑ
    උඹේ ඩේටා මට අදාලම නෑ.
     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    Railway Job

    Mama Maara asai machoo railway job ekakata set wenna ..godak tri kala.. eth thama bari una bn..puluwan kenek innawanam udau karapan..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Mama Maara asai machoo railway job ekakata set wenna ..godak tri kala.. eth thama bari una bn..puluwan kenek innawanam udau karapan..



    බම්ප්.....

    මාත් ආසයි බං:cool::cool::cool:...

    ඒත් කොලිෆිකේශන් මදි...මැත්ස් නේ ඉල්ලන්නේ.....:sorry:

     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Downloading Microsoft Train simulator


    iCFdLpk.png
     

    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    Lebour Wath panaganna barida machoo

    එලකිරි එකේ අකවුන්ට් එකක් හදාගෙන ඒන්න තරම් දැනුමක් තියන එකෙක් මොකටද් බන් ලේබර් යන්නේ?
     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    එලකිරි එකේ අකවුන්ට් එකක් හදාගෙන ඒන්න තරම් දැනුමක් තියන එකෙක් මොකටද් බන් ලේබර් යන්නේ?

    railway eke exam karala udata yanna puluwan machoo.. kohoma hari set wennai one..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොල්වත්ත අයියාගේ බ්ලොග් එක
    අම්බලන්ගොඩ කථා බ්ලොග් එකේ ඊයේ පෝස්ට් එක.


    ඔන්න මේ ලැහැස්තිය කෝච්චි වල වෙච්චි සිදුවීම් කිහිපයක් ගැන පඳුරු කීපයක් තලන්නයි. එක්දහස් නවසිය අනූ හතේ ඉඳන් දෙදහස් පහ අවසානය වෙනකල් කෝච්චිය කියන්නේ මගේ ප්‍රධානම ප්‍රවාහන මාද්‍ය කිව්වොත් තමයි හරි. දවසේ කාලයෙන් පහෙන් එකකට වඩා ප්‍රමාණයක් හෙවත් පැය පහකට ආසන්න කාලයක් ගතකරන්නේ කෝච්චියේ නිසා කෝච්චි සහ කෝච්චියේ හමුවුන සුන්දර මිනිස්සු ගැන මොනවහරි ලියන එක යුතුකමක් කියල මම හිතන්නේ. ඊටත් අමතරව Team Travelers "සංචාරකයෝ" බ්ලොග් එක ලියන අපේ නවෝද මලයාගේ බලවත් ඉල්ලීම වෙච්චි කෝච්චි පෝස්ට් එකක් ලියන්න කියන ඉල්ලීමත් හේතුවක් මේ පඳුරු තැලිල්ලට.

    ඉඳල හිටලා කෝච්චියේ ගියත් රැකියාවට යන්න කියලා මගේ කෝච්චි ජීවිතේ පටන් ගන්නේ ඉන්දියාවේ Thrivandrum ඉඳල Ahmadabad වෙනකම් දවස් තුනක් තිස්සේ රසබර පරිප්පුවක් අනුභව කරගෙන ගිහිපු දීර්ඝ කෝච්චි ගමනකින් උනත් ඒ මංගල කෝච්චි ගමන ගැන වෙනම පොස්ට් එකකින් ලියන්න හිතන් ඉන්න නිසා ඉන්දියානු කෝච්චි විස්තරේ පැත්තකින් තියල රුහුණු කුමාරියෙන් තමයි පටාන් ගන්න යන්නේ.

    ඉන්දියාවේ ට්‍රේනින් ඉවර වෙලා ආයෙත් දවස් තුනක් තිස්සේ බස් එකේ, කෝච්චියේ, ප්ලේන් එකේ ඇවිත් රැකියාවේ වැඩ භාරගන්න තිබුන දවසේ ගමන් වෙහෙස නිසා දවසක් කල් ඉල්ලගත්තු නිසා අද බ්ලොග් ලියන්න වාසනාව ලැබුනට රැකියාවට යන්න සැලසුම් කරලා තිබුන වෙලාවේ කලාවේ හැටියට එදා වැඩ භාරගන්න ගියානම් මාවත් මරදානේ පොලිසිය ඉස්සරහ පුපුරපු බස් බෝම්බෙට අහුවෙන්න ලොකුම ලොකු චෑන්ස් එකක් තිබ්බ. ගමන් වෙහෙසටත් වඩා තිබ්බ කම්මැලිකම හේතුවෙන් එදා වැඩ භාරගන්න යන්න කම්මැලි හිතුනෙ එදා මැරෙන්න ලියවිලා නොතිබුන නිසා වෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ. කාලෙකට කලින් නිපදවෙච්චි චිත්තරපටියක් වෙන Planes, Trains and Automobiles කියන චිත්‍රපටිය වගේම අබග්ග අටෝරාසියකට මුහුණදීපු චාරිකාවක් වෙච්චි ඉන්දියාවේ කෝච්චි ගමන ගැන පසුව පොස්ට් කිහිපයකින් ලියනවාමයි.

    කොහොමින් කොහොමින් හරි පලවෙනි රැකියාවේ උදෑසන කාර්යාලයට වාර්තා කිරීමක් කියල දෙයක් නැති නිසාත් මට ලැබිච්ච රැකියාව රට පුරා ඇවිදින රැකියාවක් වෙච්චි නිසාත් කොළඹින් පිට නොයන දවස්වල සහ කොළඹ කේන්ද්‍ර කරගෙන වැඩකරන දවස්වලදී ප්‍රධාන කාර්යාලටය වාර්තාකරන්න යන්න මම තෝරාගත්තු දුම්රිය සගයා තමයි රුහුණු කුමාරිය. හතයි තිහට අම්බලන්ගොඩින් පිටත්වෙන කෝච්චියේ එල්ලෙන්න මම නැගිටින්නේ උදේ හයයි හතලිස්පහත් පහුවෙලා නිසා බොහොමයක් දවස්වලට මගේ මෝටර් සයිකල් කටුව අපේ සිරාගේ ගෙදර ගාල් කරලා සිරාගේ ගෙදර ඉඳන් දුම්රියපොළ දක්වා පොලිසියෙන් එළවන් එන ගානට දුවන එක මම කරේ එහෙම දුවන එක ඇඟටත් හොඳ නිසා.. හැක්..

    හැමදාම කෝච්චියේ එල්ලෙන්නේ අන්තිම තත්පරේ නිසා ටිකට් එක අරගෙන එන්ජිම ගාවම තියන පෙට්ටියේ එල්ලෙන එක තමයි ලේසිම පහසුම කටයුත්ත උනේ. විශේෂයක් නැතුවම අහම්බෙන්ම එල්ලෙන පෙට්ටියේ ගාර්ඩ් පෙට්ටිය ගාවම තියන පළවෙනිම ආසනයේ වාඩිවෙලා ගමන් පහසුව සලසගත්තු සුන්දර මිනිස්සු ටික අඳුනගන්න ලැබුනේ අන්න ඒ විදිහට අහම්බෙන්.

    නම් වලින් හඳුනවනවානම් රුහුණු කුමාරියේ සෙට් එකේ හිටපු උදවිය මෙහෙමයි. මහින්ද අයියා, විද්‍යාසේකර, උපාලි අයියා, ගාමිණි අයියා, දයාරත්න අයියා, ජගත් අයියා, සහ තවත් විශාල පිරිසක් හිටියත් අවුරුදු පහළොවකට එහා ගිය මතකයේ තියෙන නම් බොහොම ටිකයි. ගාල්ලෙන් එහා තියන තල්පේ කියන නගරයේ පුරවැසියෙක් වෙච්චි මහින්ද අයියා වැඩකරේ කළුතර පොලිසියේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක් වෙච්චි මහින්ද අයිය, පොලිස් කාරයෙක් කියල හිතන්නවත් ඉඩක් නොතිබ්බ බොහොම සුන්දර නිහතමානි මනුස්සයෙක්. මෙතැනදී මහින්ද අයියා සුවිශේෂී වෙන්නේ පොලිස් කාරයෙක් නිසා නෙවෙයි, පොලිස් පාර්ට් නැති මහත්මා පොලිස් කාරයෙක් නිසා. කෝච්චියේ සෙට් එක එකතුවෙලා අවුරුද්දකට වතාවක් සංවිධානය කරන වාර්ෂික සාදය කිහිප වාරයක් තමුන්ගේ නිවසේ පවත්වන්න මහින්ද අයියා අපිට පූර්ණ අනුග්‍රහය දක්වපු මනුස්සයෙක්.

    අද වෙද්දී විශ්‍රාම සුවයෙන් පසුවෙන මහින්ද අයියා කරපු සුවිශේෂී වැඩක් තමයි මේ ලියන්න යන්නේ. ඔන්න මහින්ද අයිය හා හාපුරා කියල විවාහවෙන්න ලැස්ති වෙලා මීට අවුරුදු විසි පහකට තිහකට උඩදී. ඒ කාලේ හැටියට මංගල චායාරූපය ගන්න ස්ටුඩියක් වෙත යාම සාමාන්‍ය දෙයක් නිසා මහින්ද අයියා සහ මනමාලිය රැගත් මංගල රථය පිටත්වෙලා තල්පෙ ඉඳල ගාල්ලේ වෙස්ට්එන්ඩ් චායාරූප ශාලාවට එන්න. දෙයියනේ කියල මංගල රථය ගාල්ල ටවුම පහුකරනකොට මෙන්න බොලේ පාර අයිනේ හිටපු ගැහැණු මනුස්සයෙකුගේ කරේ තිබ්බ මාලයක් එකපාරටම කඩාගත්තු හොරෙක් සෙනග අතරින් දුවන්න ගත්තලු. මේක අහම්බෙන් දැකපු මහින්ද අයියට මනමාලිව සහ මගුල් ෆොටෝ එක අමතක වෙලා. මගුල් ඇඳුම පිටින්ම කාරෙකෙන් පැනගත්තු අපේ මහින්ද අයිය හොරා පස්සේ එලෝගෙන ගිහින්. හයේ හතරේ එකෙක් වෙච්චි අපේ මහින්ද අයිය හුඟ දුරක් එලෝලා කොහොමහරි හොරා අල්ලගෙන. පස්සේ මගුල් ෆොටෝ එක පැත්තකින් තියල ගාල්ලේ පොලිසියට ගිහින් හෝරාව පොලිසියට භාරදීලා තමයි අපේ මහින්ද අයිය ෆොටෝ ගහන්න වෙස්ට්එන්ඩ් ස්ටුඩියෝ එකට ගිහින් තියෙන්නේ. තමුන්ගේ මගුල් උත්සවේ පැත්තකින් තියල හොරු පස්සේ දුවපු මහින්ද යියගේ තිබ්බ සුවිශේෂී ස්භාවය තමයි "මම පොලිස් කාරයෙක් " කියල කිසිම කෙනෙකුට ඇඟවෙන්නේ නැති විදිහට සාමාන්‍ය ජනතාව වෙච්චි අපි එක්ක අසුරුකරපු එක. මගුල් කාරෙකෙන් පැනල දුවපු ස්වාමිපුරුෂයා රාජකාරි නිමවලා එනකල් ඉවසිල්ලෙ ඉන්න මහින්ද අයියගේ බිරින්දෑට කොහොම ඉවසීමක් තියෙන්න ඇතිද. අද කාලේ උනානම් මගුල එතැනින්ම හබක්. එත් අදකාලේ වගේ මාර්කටිං මීඩියා නොතිබුනත් මහින්ද අයියගේ ක්‍රියාව ඒ කාලේ පත්තරේ හිටන් ලොකු පිටුවක පලවෙලා තිබුන විස්තරේ මහින්ද අයිය අපිට පෙන්නුවේ ගෙදර පාර්ටියක් වෙලාවේ බොහොම අකමැත්තෙන්. මහපොළොවේ පය ගහගෙන මනුස්සකම ඉස්මුදුනේ තියන් රැකියාව කරපු මහින්ද අයියගේ දරු දෙන්නත් විශ්වවිද්‍යාල අද්යාපනයටත් ඇතුල්වුණා කිසිම අපහසුවකින් තොරවම.

    රුහුණු කුමාරියේ තවත් සුවිශේෂී චරිතයක් උනේ අපේ උපාලි අයියා. එහෙම වෙන්න ලොකුම හේතුව උනේ එවකට ජනප්‍රියතාවයේ ඉහලින්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙච්චි උපුල් චන්දනගේ නිවසට ඉතාමත් ආසන්නයේ පදින්චිකාරයෙක් වීම. කළුතර නගරයේ රැකියාවක් කරපු උපාලි අයියට කෝච්චියේ නින්දක් නිදාගන්න දුන්නෙම නැති තරම් අපේ එවුන්. උපාලි අයිය යාන්තම් නින්දක් කිරා වැටෙනකොටම අපේ එවුන් උපාලි අයියගේ නින්ද කඩුවේ උපුල් චන්දනගේ විස්තර අහලයි.

    උපුල් චන්දන ගෙදරද බන් මේ දවස්වල..

    අනේ ටිකක් නිදාගන්න දියකො මට..

    උපුල් ඊළඟ ටුවර් එක යනවද බන්..

    අනේ උඹලගේ @#$%$^%@^$&%$#%@%

    අන්තිමේ උපාලි අයිය ශුද්ද සිංහලෙන් අපේ එවුන්ට අමතල නින්ද සදහටම අමතක කරලා දානවා.

    පත්තර වාර්තාකාරයෙක් වෙච්චි විද්‍යාසේකර මට දීපු ලොකුම පරිප්පුව නම් අපේ කෝච්චි සගයෙක් වෙච්චි ජගාගේ මගුල් ගෙදර වේලේ මොකක්දෝ මගුලක් මගේ වාහනේ ඇතුලේ අමතක වෙලා දාල ඇවිත් කියාගෙන මගෙන් වාහනේ යතුර ඉල්ලගෙන බමන මතින් වාහනය හොයාගෙන ගිහින් ආපහු ආවේ මම දීපු සම්පූර්ණ යතුර කෑලි දෙකකට කඩාගෙන වීම.

    අන්තිමේ මගුල් ගෙදර ආතල් සියල්ලම අමතක කරලා මට සිද්ද උනා දුකට සැපට දෙකටම කිසිම ලෝභකමක් නැතුව වාහනේ ඉල්ලපු ගමන් දෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැකියාව කරන අපේ හිතවත් දයාරත්න අයියගේ වෑන් එක ඉල්ලගෙන ගෙදර ගිහින් ඩුප්ලිකේට් යතුර අරන් එන්න.

    ඉහත කිව්ව මගුල් ගෙදර මනමාලයා වෙච්චි අපේ ජගා තමයි මල්වත්ත පාරෙන් මැලිබන් වීදියට හැරෙනකොටම තිබ්බ ඔරලෝසු කඩේ කරගෙන ගියේ. පසුකාලෙක ඔරලෝසු බිස්නස් එකට ආයුබෝවන් කියපු අපේ ජගා දැන් එතනම උඩ තට්ටුවේ රබර් සීල් බිස්නස් එකක් කරගෙන පාඩුවේ ජීවත්වෙන මනුස්සයෙක්. රුහුණු කුමාරියේ යන එන උදවියගේ ඔරලෝසු කැඩුන ගමන් කෝච්චිය දිගේ පලවෙනි පෙට්ටියට ඇවිත් ජගාට ඔරලෝසුව භාරදෙන එක තමයි හුඟක් උදවිය කරේ.

    රුහුණු කුමාරිය කොයිතරම් මට සමීපද කියනවනම් මේක කියවන උදවිය විශ්වාස කරන එකක් නැහැ ඉස්ටේෂන් එකෙන් අදින කෝච්චිය සිග්නල් කනුව පහු කරලා නවත්තල මාව නග්ගගෙන තියෙනව එක වතාවක්. එහෙම වෙන්න හේතුව වෙන්න ඇත්තේ හැමදාමත් වගේ බෑග් එක උස්සගෙන කෝච්චිය ඉස්සරහට මම දුවගෙන එන දර්ශනය රියදුරු මහතුන්ට සුලභ දෙයක් වෙච්චි නිසා වෙන්න ඇති. ඒ කාලේ මම රැකියාව කරේ පුද්ගලික ආයතනයක නිසා සීසන් තිබ්බේ නැති උනාට දෙපාරක් හිතන්නේ නැතුව ටිකට් නැතුවම කෝච්චියට නගින්නේ අලුත්ගමින් ගොඩවෙන නුහාස් මිත්‍රයට කෝල් එකක් දීල ටිකට් එකක් ගන්න ක්‍රමවේදය නිතර අත්හදා බැලුන නිසා.

    කෝච්චිය ගාල්ල පැත්තෙන් ඉස්ටේෂන් එකට සෙන්දුවෙන වෙලාවටම මේ පැත්තේ කොනෙන් වේදිකාවට ගොඩවෙන මට ටිකට් ගන්න වෙලාවක් කොයින්ද ඉතින්. ටික කාලයක් රැකියාව කරගෙන යමින් ගමන් කොම්පැනියේ තිබ්බ වෙකන්සියකට මගේ පාසල් ගජයා වෙච්චි සමන්තයාවත් එල්ලගතපු නිසා සමන්තයත් රුහුණු කුමාරියේ සාමාජිකයෙක් උනා. ඊට ටික කාලෙකට පස්සේ ඒ කියන්නේ එක්දහස් නවසිය අනූ අටේ වගේ කාලේ සුරු සාරියක් ඇඳගෙන කොස්ගොඩින් රුහුණු කුමාරියට ගොඩවෙච්චි ගෑනු දරුවෙක් අද වෙද්දී දරු දෙන්නෙකුගේ අම්මෙක් කරේ අපේ සමා තමා. නෑ...නෑ... හොරෙන් අරන් ගිහින් නෙවෙයි ජයට මගුලක් අරගෙනයි වැඩේ සිද්දවුනේ. සමාගේ වෙඩිමේ දෙපාර්ශවයම නියෝජනය කරපු පිරිස වුනේ රුහුණු කුමාරියේ මිතුරු පිරිසයි.

    රැකියාව වෙනස්වීමත් එක්කම සමුද්‍රදෙවියේ සාමාජිකත්වය ලැබෙන්නේ මගේ ලොකු තාත්තගේ පුතණ්ඩියා සමුද්‍රදෙවියේ සාමාජිකයෙක් වෙච්චි නිසයි. රුහුණු කුමාරියේ හිටියේ එකා වගේ හදවත් තිබ්බ මිනිස්සු උනාට සමුද්‍රදෙවියේ ඊට ටිකක් වෙනස්.

    බවලත් උදවිය ගෑවිච්ච තැන්වල ටිකක් විතර අවුල් වියවුල් තියෙන එක සාමාන්‍ය දෙයක් නිසා සමුද්‍රදෙවියේ කට්ටියත් උඩින් එකා වගේ උනාට යටින් පිල් බෙදිලා ඉන්න උදවිය කියල දැනගන්නකොට ටික කාලයක් ගිහින්. උදේට කොළඹ රැකියාවට යන උදවිය අතරේ සමුද්‍රදෙවියේ සීට් එකේ සුවිශේෂී චරිතයක් වෙච්චි බෙන්තරින් කෝච්චියට ගොඩවෙන මඩම් කෙනෙක් තමයි මේ කියන සීට් එකේ නිල නොලත් පාලකයා වුනේ. කටුබැද්දේ ටෙක්නිකල් එකේ වගේම ජර්මන් ටෙක් එකේ ඉගෙනගන්න කොල්ලන් ටිකක් භය කරගෙන හිටපු මේ නෝනා, බෙන්තරින් කෝච්චියට නැගපු ගමන් ජනේලය අයිනේ වාඩිවෙලා ඉන්න කෙනා ගරු සරුව නැගිටලා ආසනය ඒම මැතිනියට ප්‍රධානය කිරීම තමයි සම්ප්‍රධාය වෙලා තිබුනේ. එතැන් සිට පිටකොටුව දක්වා සමුද්‍රදේවී දුම්රිය කිහිල්ලේ ගහගෙන යන මේ නෝනාට ඔය කියන කොල්ලන් කුරුට්ටන් අම්මමෝ නැතුව භයයි කියමුකෝ.

    දැන් වෙද්දී රෝයල් සෙරමික් එකේ සැලකියයුතු තනතුරක් දරන අපේ හේමිකත්, ඇඟලුම් පැත්තෙන් ලොකු නමක් තියන් ඉන්න ඇමෙරිකන් කොම්පැනියක ලොක්කෙක් වෙච්චි කළුතරින් සමුද්‍රදෙවියට ගොඩවුන ජගත් අයියටත්, මටත් මේ බෙන්තර නෝනගේ ක්‍රියාකලාපය ඇල්ලුවේ නැත්තෙ අපි තුන්දෙනාම ටිකක් විතර සම්ප්‍රධාය බිඳගෙන යන මනුස්සකම් වෙනුවෙන් බෙල්ල උනත් ගලවල දෙන එවුන් වෙච්චි නිසා. මේ කියන බෙන්තර නෝනත් අපි තුන්දෙනාට ඒ තරම් කැමැත්තක් දැක්වුවේ නැත්තෙ කලින් කිව්ව ජනේලය අයිනේ ආසනය බලෙන් ලබාගැනීමේ ක්‍රියාවලියට අපි තුන්දෙනා කිසිම සහයෝගයක් දක්වපු නැති නිසයි.

    හවසට මරදානෙන් කෝච්චියට නගින අපේ එකෙක් බෙන්තර නෝනාට ජනේලය අසල ආසනය වෙන්කරගැනීමට උත්සහකිරීමේ ප්‍රතිපලයක් විදිහට ගැහැණු කෙනෙක් එක්ක පොඩි කතාවක් ඇති වෙලා පිරිස් බලය වැඩි අපේ එවුන්ට ජයග්‍රහණය දීල ඒම කාන්තාවත් ඒම කාන්තාවගේ ස්වාමි පුරුෂයාත් පසුබැස යාම. ඊට පහුවදා හවස කොල්ලු පිටියෙන් සමුද්‍රදෙවියට නැගපු ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් අපේ එකාට ඉදිමෙන්න නෙලල බම්බලපිටියෙන් බැහැල ගියේ බෙන්තර නෝනාගේ වින්ඩෝ සීට් ආසාවට පින්සිද්ද වෙන්නයි. ඇඟිල්ලක් ගහන්න ඉඩ නැති කෝච්චි පෙට්ටියේ ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගත්තු ගමන් සියලු මගීන් ඈත් වෙලා හොඳින් ඉඩ පහසුව සලසල දීල තිබුන අත දිග ඇරලා හයේ හතරේ එව්වා ගහන්න. විකට් කූරු දෙකට කැඩෙනකල් අපේ එකාට නෙලපු ක්‍රිකට් කණ්ඩායමට ගේම ඉල්ලන්න අපේ හෙමික විතරක් උත්සහ කරාට වැඩක් වෙලා තිබුනේ නැහැ. එදා මම බම්බලපිටියෙන් නගිද්දී අපිවත් පෙරලගෙන කෝච්චියෙන් බැහැපු කොල්ලෝ සෙට් එක මේ බහින්නේ අපේ එකෙකුට නැති වෙන්නම නෙලල කියන්න දන්නේ කෝච්චියට නැගල සීට් එක පැත්තට ඇදිල ගියායින් පස්සෙයි.

    සමුද්‍රදේවියේ අපි ගියපු කාලේ තිබ්බ අනියත බෝම්බ බිය නිසා කිහිප වතාවක් අපිට සිද්ද උනා අහුවෙච්චි තැන් වලින් කෝච්චියෙන් පැනලා ජීවිත ආරක්සාව සලසගන්න. එහෙව් හවස් වෙලාවක රත්මලාන ආසන්නයේ බෝම්බ බයකින් කෝච්චිය නවත්තපු දවසක තමයි අපේ සෙට් එකේ හිටපු තඩිම තඩි අක්කියෙක් අපේ එකෙකුගේ පිට මැද්දාවට එල්ලය අල්ලලා කෝච්චියේ ජනේලෙන් පොලොව වෙත එන්නට පිටත් උනේ. අපේ එකාගේ කොන්දට මාස කීපයක් බෙහෙත් බඳින්න උනා අපේ චූටි අක්කිව බිමට ලෑන්ඩ් වෙන්න නොදී පිට කොන්ද මැදට ලෑන්ඩ් කරවගත්තට.

    බෙන්තර මඩම් පොඩි එවුන් භයකරගෙන කරන් යන ආසන මංකොල්ලයට එරෙහිව සංවිධානයවුනු හේමිකත් මමත්, ජගත් අයියාත් බෙන්තර මඩම්ව හිටගෙනම කොළඹටම යවන එක මාස කීපයක් ලෙසටම කරගෙන යන්න සමත් උනා. එත් බෙන්තර නෝනාට වැඩි කාලයක් හිටගෙන යන්න උනේ නැත්තෙ හේමික කොළඹ බෝඩින් වීමත්, මට උදෑසන තැපැල් දුම්රියට මාරුවීමට සිදුවීමත් , ජගත් අයියා කොළඹ පදිංචියට යාමත් හේතුවෙන්. අද උනත් බෙන්තර මැඩම්ට අපිව දැක්කාම නයාට අදුකොල වගේ.

    සේවයට වාර්තා කිරීමේ වෙලාව උදෑසන අටයි තිහ වෙනුවට හතයි හතළිස්පහ වෙච්චි නිසා සමුද්‍රදෙවියට ආයුබෝවන් කියන්න සිද්දවුනේ වෙන කරන්න දෙයක් නැති නිසා. උදෑසන තැපැල් දුම්රිය සහ සමුද්‍රදේවිය අතර කාලයේ අපි "වෙඩිල්ල " නමින් හඳුන්වපු පවර් සෙට් එක කොළඹ බලා පිටත් උනත් රජයෙන් ලැබෙන සීසන් එකේ පිහිටෙන් නියමිත වෙලාවට රැකියාවට වාර්තා කරන්නනම් මට තිබ්බ එකම විකල්පය උදෑසන තැපැල් දුම්රියම පමණයි. තැපෑලට උදේට හතරයි හතලිහට ගොඩ වෙද්දී සඳුදා ඇරුනාම සෙනග ඇත්තෙම නැති තරම්. තැපෑල වැඩි හරියක්ම ධාවනයේ යෙදෙන්නේ කළුවර වැටුනායින් පස්සේ නිසාත් තැපැල් දුම්රිය සාමාජිකයින් නිරන්තරයෙන් උත්සහ කරේ නිදාගන්න නිසාත් තැපැල් දුම්රියේ පෙට්ටි වල විදුලි බල්බ් වැඩි හරියක් තිබුනේ නැහැ. තිබුනානම් එව්වත් පැත්තට කොලයක් වගේ දෙයකින් ආවරණය කරලයි තිබුනේ.

    උදේට තැපැල් දුම්රියේ ගමන් ගන්නා මගීන් ගෙදරින් පිටත් වෙද්දී අමතක නොකරම අරන් යන දේ තමයි පරණ පත්තර පිටුවක් දෙකක්. ඒ පත්තර පිටුව දෙක තමයි මගීන්ට පිහිට වෙන්නේ තමුන් වාඩිවෙන ආසනය පිරිසිදු කරගන්න. අපේ දුම්රිය සේවයේ ආසන පිරිසිදු කෙරීමක් තිබ්බද නැත්ද කියන එක කෙසේ වෙතත් සීට් වල තියන තට්ටු ගණන් දුවිලි පිහදාන්නේ නැතුව වාඩි වුනොත් ඇඳන් ඉන්න ඇඳුම සුනේ සුං. පාලු මූසල කලුවරක් එක්ක ධාවනය වෙන තැපැල් දුම්රියේ යන එන එවුන් අඳුනගන්න නම් කළුතර පහුකරනකල් ඉන්නම වෙනවා. මොකද තැපැල් දුම්රියට ඉර පායන්නේ කළුතර පහු උනායින් පස්සේ නිසයි. අලුත්ගමට වෙනකම් කෝච්චියේ සීට් එකේ හරහට නිදාගන්න මගීන් අලුත්ගමින් පස්සේ ඉස්සරහ ආසනයේ කකුල් දෙක තියාගෙන තමයි නිදාගන්නේ. එත් කළුතර ලං වෙද්දී සීට් ගානට මගීන්ගෙන් පිරෙන නිසා කකුල් දෙකත් අකුලගන්නා නිදි ගුල්ලන් නින්ද අඛණ්ඩව කරගෙන යද්දී කොළඹ ලන්කරන තැපැල් දුම්රිය මගීන්ගෙන් පිරිලා ඉතිරිලා ඉවරයි. මාතර සිට මරදාන දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වන තැපෑල කොළඹ එන්නේ නිකම් නෑවිත් බැරිකමට වගේ.

    ආණ්ඩුවෙන් සහන මිලට ලැබෙන දෙවැනි පන්තියේ සීසන් කටුවට පින්සිද්ද වෙන්න සාගරිකා දුම්රියේ කට කපල නින්දක් දාගෙන එද්දී දැනෙන සනීපෙ නම් කියන්න වචන නැහැ. එත් උදේ තැපැල් දුම්රියේ යාම කොරන්නම බැරි තැන විකල්පයක් විදිහට උදේ පහයි විස්සට අම්බලන්ගොඩින් පිටත්වෙන ඒසී බසයෙන් ගමන් පහසුව සලසගන්න මට සිද්ද වුනේ උදේ හතරට නැගිටින එක කරන්න බැරිම තැනයි. රස්සාවට නොගිහින් ඉඳල ගෙදරින් කුණු කතා අහන්න බැරිම නිසා අතේ පාඩුවට රස්සාව කරගෙන යන්න මට සිද්දවුනේ උදේට ඒසී බසයටත් , හවසට සාගරිකා දුම්රියේ දෙවැනි පන්තියේ සීසන් පතටත් මගේ පඩියෙන් ලොකු මුදලක් වියදම් වුනු නිසා.

    රැකියාව අවසන් වෙලා සාගරිකා දුම්රියට ගොඩවෙන්න දුවගෙන එන විදිහ ගැන විස්තරය ත්‍රයිලෝක සුවය සහ අපේ සිරා පොස්ට් එකේ ලියවෙච්චි නිසා සාගරිකා දුම්රියේ විස්තරය ආයෙත් ලියන්න ඕන වෙන එකක් නැහැ.

    පොස්ට් එක අවසාන කරන්න හිතාගෙන උන්නු සිද්දියට අවතීරණ වෙන්න තලපු පඳුරු ප්‍රමාණය වැඩිද මන්ද. ඔන්න ඔහොම උදේට ඒසී බස් එකෙත් හවසට සාගරිකා දුම්රියේත් යාම් ඊම් කරගෙන ගියපු මගේ ගමන් සැලසුම් වෙනස් වෙන්න ගත්තේ අම්බලන්ගොඩින් ධාවනය වෙන ඒසී බස් වල කාල සටහන් වෙනස් කිරීමත් එක්කයි. වෙනදට එකම බසය එකම වෙලාවට ගියත් අලුත් ක්‍රමේ එක්ක කාල සටහනට ධාවනය වෙන බස් රථය වෙනස් උනා. එහෙම උනාම තිබ්බ අවාසිය තමයි වයස අසූව අනූව වෙච්චි ආචිලා සීයලා අටමස්තානේ පෙන්නන්න එක්කයන තාලෙට කොළඹ යන රියදුරන් ඉන්න බසුත් ඉඳලා හිටලා උදෑසන ධාවනයට එකතුවීම. එහෙම ඩ්‍රයිවර් කෙනෙක් ඉන්න බස් එකක නැග්ග කියන්නේ උදේ නවය වෙද්දීත් ඔෆිස් එකට යන්න වෙන්නේ නැති කරුමයක්. සමහර ඒසී බස් පිටත් උනේ සීට් ගානට ලෝර්ඩ් වෙනකම් ඉඳල නිසා කොන්දොස්තරගෙන් පිටත්වෙන වෙලාව අහල බස් එකේ නගින එක තමයි කරගෙන ගියේ. ඔන්න ඔය අතරේ දවසක උදේ පහයි කාල වෙද්දී ටවුමට ආපු මම දැක්කේ කොළඹ යන්න සූදානමින් තිබ්බ ඒසී බස් එකක්.

    මල්ලි කීයටද යන්නේ..

    ලෝර්ඩ් උනාම යන්නෙ.. කොළඹේ...කොළඹේ...කොළඹේ..

    එහෙම ගිහින් වෙලාවට යන්න බැරි නිසා ගාල පැත්තෙන් ආපු ඒසී බස් එකකට අත දැම්මේ හිටගෙන හරි ගිහින් වෙලාවට සේවයට වාර්තා කරන්න ඕන නිසා.

    මම අත දැම්ම නිසා නවත්තපු බස් එකට මම එල්ලෙන්න යනකොටම අම්බලන්ගොඩින් පිටත්වෙන්න නියමිත බස් එකේ කොන්දොස්තර දුවල ගිහින් ගාල්ල බස් එකේ දොර අහුරලා ගාල්ල කොන්දොස්තරට ලොකු පාර්ට් එකෙක් දාල තර්ජනය කරා කියහන්කෝ. කොන්දගේ ලොකු සයිස් එකේ බය වෙච්චි ගාල්ල බස් එක මාව නොගෙනම පිටත් උනා. වැඩේට කොන්දව කන්න කේන්ති උනත් උදේ පාන්දර ගහමරාගන්න බැරි නිසා ඊළඟ බස් එක එනකල් ආයෙත් ගාල්ල පැත්ත හැරිලා බලන් ඉන්නකොට තමයි දැක්කේ දෙනියායේ ඉඳන් කොළඹ යන "සමන් එලිය" බස් එක වේගෙන් එන හැටි. අවුරුදු ගානක අත්දැකීමෙන් වෙලාවට යන සහ වෙලාවට නොයන බස් ගැන දන්නා නිසා "සමන් එලිය " බස් එක දැක්කාම මේකේ කොහොමහරි එල්ලෙන්න ඕන කියන අදහසින් බස් එකට අත දාගෙනම මම පාරට ආව. බස් එක නවත්වනවාත් එක්කම මම බස් එකේ දොරේ එල්ලුනා සමගාමීව අම්බලන්ගොඩ බස් එකේ කොන්දොස්තරද කලින් පාර්ට් එකම දාගෙන "සමන් එලිය " බස් එකට ලං උනා කියමුකෝ. මාව බස් එකට ගන්න එපා කියාගෙන බස් එකට ලන්වුනු කොන්දොස්තර කොල්ලා පාරෙ කාණුවට විසික් වෙන්න සුපිරි පයින් පාරක් ගහන්න මට පුළුවන් උනේ බස් එකේ තිබ්බ යකඩ පොල්ල හොඳින් අල්ලගත්තයින් පස්සෙයි. කොන්දා පාර අයිනට විසික් වෙනවත් එක්කම බස් එක ඇදපු සමන් එලිය රියදුරා මාව වෙලාවටත් කලින් බම්බලපිටියෙන් බැස්සුවා කිසිම ප්‍රශ්නයක් නැතුව.

    හිතේ තිබ්බ කේන්තියට කොල්ලට පයින් ඇන්නට කරපු වැඩේ බරපතලකම මට දැනෙන්න ගත්තේ පහුවදා උදේ වැඩට යන්න එද්දියි. මගෙන් ගුටි කාපු කොන්දා වෙනද වෙලාවටම ටවුමේ හිටියොත් වියහැකි අබග්ගය ඉවෙන් වගේ දැනුන නිසා ඔන්න ඔහේ අද කෝච්චියේම යනවා කියල හිතාගෙන බස් නැවතුමට නොගිහින් රේල් පාර දිගේම දුම්රියපොළට සේන්දු උනේ " වෙඩිල්ලේ " කොළඹ යන අදහසින්. මේ කියන දුම්රියට වෙඩිල්ල කිව්වේ ඒ දුම්රියේ වේගය නිසා. පවර් සෙට් දෙකක් එකට අමුනල දුවන මේ කෝච්චියේ එංජින් දෙකක් නිසාද මන්ද ඉස්ටේෂන් එකෙන් පිටත්වෙන්නේ හිතාගන්න බැරි වේගයකින්. මේ කියන වෙඩිල්ලේ තිබ්බ වෙනස තමයි සාමාන්‍ය පවර් සෙට් එකේ තියන මුනට මුණ බලාගෙන යන වර්ගයේ ප්ලාස්ටික් ආසන වලින් සමන්විත වීමයි.



    කෝච්චියේ යන එන අය දන්නවා ඇති අපේ බවලත් උදවිය කෝච්චියට ගොඩවෙච්චි ගමන් වාඩිවෙලා ඉන්න කෙනෙකුගේ කකුල එහාට කරලා සීට් එකේ අයිනෙන් සක්කයක් ගහගෙන වාඩිවෙන්න හරිම දක්ෂයි කියල. බලහත්කාරයෙන් කකුලෙන් ටිකක් තල්ලු කරලා අයිනෙන් වාඩිවෙලා විනාඩි දහයක් පහළොවක් යද්දී සීට් එකේ ටිකෙන් ටික පස්සට තල්ලු වෙලා හොඳින් හරිබරි ගැහිලා වාඩි වෙන සාස්තරේ මැනවින් ප්‍රගුණ කරපු උදවිය තමයි අපේ කෝච්චි වල ගමන්කරන බවලත් පිරිස.

    මේ කියන වෙඩිල්ලේ කොළඹ යන්න හිතාගෙන ඉස්ටේෂන් එකට ආපු මම දැක්කේ සමුද්‍රදෙවියේ සගයෙක් වෙච්චි අපේ නිශාන් ගොයියත් කොහේදෝ අහේතුවකට වෙඩිල්ලේ කොළඹ යන්න ඇවිත් කියල.

    මොකෝ බන් අද මේකේ..

    අද ටිකක් කලින් යන්න ඕන බන්.. උඹ මොකෝ අද මේකේ..

    අද බස් එක මිස් උනා බන්.. ඔන්න ඔහේ මේකේ යන්න ආව.. (ඊයේ උදේ කොන්දෙකුට පයින් ඇන්නා කියන්න මගේ දිව නැමුණේ නැහැ කියමුකෝ )

    ඔන්න අපි දෙන්න කයියක් දාගෙන ඉද්දි වෙඩිල්ල, වෙඩිල්ල වගේ ගාල්ල පැත්තෙන් ඇවිත් ඉස්ටෙෂන් එකේ නැවැත්තුව. අපි දෙන්නත් වෙඩිල්ලේ නැගල එක ලඟින් වාඩි උනා එක්කම වෙඩිල්ල වෙඩිල්ලක් වගේ කොළඹ යන්න පිටත් උනා. ටික වෙලාවක් කයිය දාගෙන හිටපු අපි දෙන්නත් අනික් මගීන් වගේම කුකුල් නින්දකට වැටුනේ පුරුද්දට වගේ..

    එකපාරටම මට නින්දෙන් උඩ ගිහින් ඇහැරුනේ අපේ නිශාන් කෝච්චියේ සද්දෙටත් වඩා උස් හඬින් " බුදු අම්මෝ " කියල කෑගහන සද්දෙට ....

    මොකක්ද %$#@&^යේ ඒ කරේ ..

    අනේ සොරි සොරි වැරදීමක්..

    වැරදීමක්.. වැරදීමක්.. තෝ දැනගනින් මම තෝව මරනවා බැල්ලි..

    අනේ ඉතින් මම කිව්වනේ මට වැරදීමක් උනේ කියල..

    තොගේ ඇස් පොට්ට වෙලාද යකෝ.. මෙච්චර ලයිට් දාල තියන කෝච්චියේ..

    අනේ ඉතින් මම කිව්වනේ වැරදීමක් උනේ කියල..

    තෝ මට කරපු දේ කරපන් ගිහින් තොගේ මිනිහට..

    අපි උදේ පාන්දර නැගිටලා උයල උයල එන්නේ.. අපිට වැරදීමක් උනාම ඔහොම බනින එක හරිද.. ඉහි...ඉහි...ඉහි..

    ඉතිං තෝ මට උයලද යකෝ.. තෝ උයපු එකෙකුගේ කකුල් දෙක පළල් කරලා ඉන්දගනින් ගිහින් ..

    නින්දෙ හිටපු ඔක්කොම මිනිස්සු අවදි වෙලා ඇස් ලොකු කරගෙන බලන් ඉන්නවා.. ගෑනු කෙනෙක් බිම වැටිල අඬනව.. නිශාන් යකෙක් වගේ කේන්තියෙන් ශුද්ද සිංහල කියවනවා.. වැඩේ හොඳටෝම අප්සෙට් තාලයක් නිසා මම නිශාන්ව පොඩ්ඩක් අල්ලගත්තේ මූ මේ ගැනිට පයින් අනීවිද කියන භයට..

    මොකද මචන් උනේ..

    බලහං බන් මේ ^%$%% කරපු #@ වැඩේ..

    හරි ඉතින් කියහන් මොකක්ද මේ අහිංසක මනුස්සය උඹට කරපු වරද..

    අහිංසක.. අනේ උඹ දන්න අහිංසක.. මරන්න වටින්නේ මේ #@##% කරපු වැඩේට..

    හරි ඉතින් කියහන්කෝ මොකක්ද උනේ කියල..

    මම නින්දෙ බන් හිටියේ.. එක පාරටම මගේ කකුල් දෙක දෙපැත්තට පළල් කරලා මේ @#$ මගේ #$%$@ උඩින් වාඩි උනා බන්.. මං හිතුවේ කකුල් දෙක මැදින් දෙකට ඉරුණ කියල ..

    හුටා..

    යන්තම් සන්තම් නිශානයා කූල් ඩවුන් කරගත්තයින් පස්සේ බිම වැටිල හිටපු කාන්තාවටත් අසල හිටපු කෙනෙක් ආසනයක් දුන්නු නිසා ආරවුල එතනින් විසඳුනා.

    ඇත්තටම වෙලා තිබුනේ වැරදීමක් . අර කාන්තාව බලෙන් කකුල් එහාට කරලා වාඩිවෙන තාක්ෂනය උපයෝගී කරගෙන ආක්‍රමණය කරන්න ලැස්ති වෙලා තියෙන්නේ අපි දෙන්න හිටපු සීට් එක කියහන්කෝ. තිබ්බ කලබලේට මගෙයි නිශාන්ගෙයි කකුල් වෙනුවට ගැහැණු කෙනා බලෙන් තල්ලු කරලා දෙපැත්තට පළල් කරලා තියෙන්නේ අපේ නිශාන්ගේම කකුල් දෙක. සනීපෙට නිදාගෙන ඉද්දි නිදහසේ තියන කකුල් දෙක දෙපැත්තට පළල වෙලා නින්දෙන් ඇහැරෙද්දි තමයි අපේ නිශාන් ගැහැණු කෙනාව තල්ලු කරලා දාල තියෙන්නේ. අසූ හාරදාහටම මල පැන්න නිශාන් ඒ ගැහැණු කෙනාගේ බෙල්ල මිරිකන්නේ නැතුව ඉතුරු කරපු එක තමයි පුදුමේ