කෙනෙක්ට ගොඩාක් ආදරේ කරනව... සම්මතේට සම්පූර්නයෙන්ම බැහැරව... එයා මට වඩා අවුරුදු 4ක් වැඩිමල්... ඒ මදිවට මැරි කරල එක්ක.. එයාව තේරුම් අරගෙන නෑ හස්බන්... ගොඩක් කල් ඉවසලත් ඉඳල.. අවුරුදු දෙකක් විතරම පස්සෙ හරි යයි කියල... ඒත් ඒ ජීවිතේ එපා වෙලා ඉද්දි තමයි මාව හම්බුනේ යාලුවෙක් විදිහට .. එයා රට ඉන්නෙ.. මම ඇස් දෙකට දැකලවත් නෙමේ එයාට ලං උනේ... ඒ කියන්නෙ හැබැහින්... අපි කෝල් කලා මැසේජ් කලා ටිකක් කල්... දන්නෙම නැතුව දෙන්නට දෙන්න ආදරෙ කරන්න පටන් ගත්ත... එයා පස්සෙ මාසයක් නිවාඩුවට මෙහෙ ආව... ඊට පස්සෙ අපි තව තවත් ලං වෙලා දැන්.. දැන් නම් අපි දෙන්නටම දෙන්නව නැතුව බෑ.. වැරදියට තේරුම් ගන්න එපා කොල්ල්ලනේ.. මේක ලයින් එකක් නෙමේ.. ඇත්තටම අපි දෙන්නට දෙන්න ගොඩාක් ආදරෙයි... ඒත් අපි දන්නව ඉස්සරහට ගොඩාක් ප්‍රශ්න වෙයි.. ඒවට උත්තර නෑ.. මට කරන්න දෙයක් ගැන අදහසක් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක් කොල්ලනේ... මමත් තවම ඉගෙන ගන්නව ඉන්ජිනියරින්... ඒ නිසා ටයිම් නම් තියනව ඉවසල ඉන්න... එත් ඉස්සරහට මොන මොන දේවල් වලට මුහ්න දෙන්න වේයිද දන්මෙ නෑ.. එලකිරියෙ ඉන්නෙ 2012 ඉදල.. ඒත් දැන් තියන එකවුන්ට් එක අවුරුද්දයි.. මේ වගේ දේවල් වලට මේකෙ අය උදව් කරනව දැකල තියන්වා... ඒකයි මම ඔයාලට කියන්න හිතුවෙ... මේක නවත්තන්න කීප සැරයක්ම හිතුව දෙන්නම කතා වෙලා.. ඒත් එයාට වගේම මටත් කරන්න පුලුවන් වැඩක් නෙමේ දැන් මේක... 



