යූ.එන් ජොබ් එකක් සෙට් කර ගනිමු

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් කියහංකෝ මේක දැක්කේ... :sorry:

    විස්තර දන්න මචං... අපි බලන් ඉන්නවා... මේක දැකලා යු,එන්. ජොබකට යන්න ආස හිතුනා... :D
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මේ කොටස යාලුවන්ට ගොඩක් වැදගත් සහ ආකර්ශනීය වෙයි කියල හිතනව.

    වාසි .
    1.ඉතා ඉහල වැටුපක් ලබාගත හැකිවීම (දේශීයව රුපියල් 100,000 - 600,000 හා විදේශීයව ඇමරිකානු ඩොලර් 5000 - 20,000 ක් අතර ප්රමාණයක් මාසිකව උපයා ගත හැකි වීම. (මෙය ඉතා දල ඇස්තමේන්තුවක් වන අතර මෙයට වඩා ඉහලට මුදල් උපයා ගන්නා අතලොස්සක්ද සිටී )

    2. ඔබගේ වැටුප දේශීයව බදු වලින් නිදහස් වීම. (ඇත්තවශයෙන්ම සිදුවන්නේ එ.ජාතීන්ගේ සංවිධානය වෙනමම බද්දක් අදාල රටේ ආණ්ඩුවට ගෙවීමයි )


    3. විවිධ රටවලට වැඩමුලු, පුහුණු සැසි, රැස්වීම් ආදියට සංචාරය කිරීමට හැකි වීම.

    4. විවිධ ආගම්, ජාතීන් සහ වයස් වලට අයත් අය සමග රැකියා කිරීමට හැකි වීම.

    5.ඔබ විදේශයක වැඩට යන්නේ නම් ඔබට නැව් ගාස්තු (ඩොලර් 10,000ක් හෝ ඊට වැඩි ) ගෙවීම.

    6.ඔබට සහ ඔබගේ පවුලට අසීමත වයිද්ය රක්ෂන දීමනා හිමිවීම. (ස්තිර පත්වීම සදහා පමණි, තාවකාලික පත්වීම වලදී රක්ෂනය ඔබට පමණක් හිමිවේ.

    7.ඔබ විදේශයක වැඩ කිරීමට යාමේදී ගුවන් ටිකට් පත් (ව්යාපාරික පන්තිය ) ආයතනය විසින් ලබා දීම.

    8. ඔබගේ දරුවන්ගේ අද්යාපනික වියදම් ගෙවීම.

    9.ඔබගේ දරුවන්ට යම්කිසි විශේෂ ආබාධ පවතී නම් ඒ සදහා වෙනම වන්දි මුදලක් ප්රදානය කිරීම.

    10.අවුරුදු 5 කට හෝ ඊට වැඩි කලක් සේවය කලවිට විශ්රාම වැටුපකට හිමි කම් ලැබීම. ( වසර 05 ක් සේවය කිරීමෙන් ලැබෙන්නේ ඉතා අඩු මුදලකි. වසර 15ක් වත් සේවය කල යුතුය.

    11. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාස්පෝට් එකක් ලැබීම. මෙම පාස්පෝර්ට් එක මගින් බොහෝ රට වලට වීසා රහිතව ( රාජකාරි වැඩවලට ) ගමන් කල හැකි අතර භාවිතා කරන්නන්ට පරීක්ශා කිරීමෙන් තොරව ගමන් කල හැක.

    12. විදෙස් රැකියාවක් කිරීමට විදේශ සේවා නියුක්තිකයන්ගේ කාර්යාංශයේ ලියා පදිංචිය අවස්ය නොවීම.

    13. ඉතා සුරක්ශිත රැකියා ස්තාන.

    14.රැකියා වේලාවෙන් පසු රැකියාව කිරීමට බලපෑම් නොමැති වීම. ඔබ නිවාඩු ගොස් සිටීනම් ඔබ ඊමේල් පරීක්ශාකරයිද, දුරකතනයට උත්තර බදීද යන්න නොසෙවීම.

    15.දරු ප්රසූතියකදී කාන්තාවකට මාස 04ක පඩි සහිත නිවාඩුද, පිරිමි අයෙක්ට සති තුනක නිවාඩුවක්ද ලැබීම.

    16. කිරිදෙන මව් වරුන්ට සාමානය රාජකාරි වෙලාවෙන් පැයකට පෙර නිවසට යාමේ හැකියාව.

    17.වැඩකරන වේලාවන් ආයතනයේ ප්රදානියාගේ අනුමැතිය සහිතව සකසා ගැනීමට හැකි වීම.

    18.දුශ්කර සේවා ස්තානයක සේවය කරයි නම් (ඇෆ්ගනිස්තානය වැනි ) සති 06 කට හෝ 08 කට වරක් සතියක නිවාඩු සහ යාමට ඒමට ටිකට් වියදම් ලැබීම.

    19. වෙනත් සේවා ස්තානයක රැකියාවට යාමේදී ලැබෙන ඉහල පිලිගැනීම.

    20. මානසික පීඩනය අඩු රැකියාවක් වීම.

    21. රටේ ආර්ථික වර්ධනයට අවස්ය විදේශ විනිමය සපයන්නෙකු වීම.

    22.වාර්ශික සේවා වරප්රසාද ඇති බව.

    23. රක්ශාවේ ඉහලට යෑමට අවස්තා පැවතීම.


    අවාසි.
    1.රැකියාවේ සුරක්ශිත භාවය අඩුය. (බොහෝවිට වසරක කොන්ත්රාත් පදනම මත බදවා ගැනේ.)

    2.ඇතැම් විට පවුලේ අයගෙන් වෙන්ව රැකියාව කිරීමට සිදුවේ.

    3.යූ.එන් රැකියාවකට හුරු වූ පසු සාමාන්ය රැකියාවකට එනම් දීමනා අඩු රැකියාවකට හුරුවීමේ ඇති අපහසුතාවය.

    4. ඔබ විදේශයක පවුලේ සාමාජිකයන් සමග සිටීනම් දරුවන්ට ඉන්ග්රීස් මාද්ය ජාත්යන්තර පාසල් වල ඉගෙන ගැනීමට සිදුවීම. මෙවන් අවස්තාවක ඔවුන් එක සංස්කෘතියක් තුල හුරු කිරීම අපහසුය.

    5.ඔබගේ වුර්තීය සගයන්ගෙන් හුදෙකලා වීම.

    6.ඇතැම් විට දෙමවුපියන් වැනි සමීප නෑයන්ට සැලකීමට ආදිය අපහසු වීම.

    7.ක්රියාකාරී දේශපාලනය තහනම් විම.

    8. රැකියාව කරන අතර වෙනත් රැකියාවක යෙදීමට ආදිය වෙලාවක් නොමැති වීම.


    සිව්වන කොටසින් හමුවෙමු.​

    bump
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    4. යූ.එන් ජොබ් එකකට අවස්ය මූලික සුදුසුකම්

    1. මනා ඉංග්රීසි දැනුම. (කථනය හා ලිවීම ):)
    2. රැකියාවට අදාල මූලික උපාධියක්.
    3.පලපුරුද්ද : දේශීයව නම් අවම වසර දෙක
    විදේශීයව නම් අවම වසර 05ක්.
    4.බහු ආගමික, බහු වාර්ගික, බහු ආගමික පරිසරයක සේවය කිරීමට ඇති හැකියාව. (අන්තවාදී අදහස් දරන්නන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කිරීම අපහසුය. ):):)
    5. චරිතය. ඇතැම් රැකියාවලට පොලිස් සහතිකයත්, ඇතැම් රැකියාවලට ආරක්ශක අංශ වල සහතිකත් අවස්ය වේ. බොහෝ දේශීය රැකියා වලට ග්රාමසේවක සහතිකය උවමනා වේ.
    6. මීට පෙර එක්සත් ජාතීන්ගේ සංවිදානයේ හෝ රාජ්ය නොවන ආයතනයක සේවය කර තිබීම අමතර සුදුසු කමක් වේ.
    7. එක්සත් ජාතීන්ගේ කිසියම් සංවිදානයක් විසින් අසාධුලේඛණ ගත ගතකර නොතිබීම.(එහෙම උනොත් ඉතින් යූ.එන් ජොබ් දෙන්නේ නැත ):no:
    8.ලගම නෑදෑයන් දේශපාලනයේ ඉහල තනතුරු නොදැරීම.
    9.ආරක්ශක අංශ වල සේවය කර තිබීම ඇතැම් රැකියා වලට වැදගත් වන අතර ඇතැම් රැකියා වලට එය නුසුදුසුකමක් ලෙස සැලකේ.

    මූලික වශයෙන් ඔච්චරයි තමයි. :):):)

    පස්වන කොටසින් හමුවෙමු.
    :):):)
     
    Last edited:
    • Like
    Reactions: LC1989

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    4. යූ.එන් ජොබ් එකකට අවස්ය මූලික සුදුසුකම්

    1. මනා ඉංග්රීසි දැනුම. (කථනය හා ලිවීම ):)
    2. රැකියාවට අදාල මූලික උපාධියක්.
    3.පලපුරුද්ද : දේශීයව නම් අවම වසර දෙකඛා විදේශීයව නම් අවම වසර 05ක්.
    4.බහු ආගමික, බහු වාර්ගික, බහු ආගමික පරිසරයක සේවය කිරීමට ඇති හැකියාව. (අන්තවාදී අදහස් දරන්නන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කිරීම අපහසුය. ):):)
    5. චරිතය. ඇතැම් රැකියාවලට පොලිස් සහතිකයත්, ඇතැම් රැකියාවලට ආරක්ශක අංශ වල සහතිකත් අවස්ය වේ. බොහෝ දේශීය රැකියා වලට ග්රාමසේවක සහතිකය උවමනා වේ.
    6. මීට පෙර එක්සත් ජාතීන්ගේ සංවිදානයේ හෝ රාජ්ය නොවන ආයතනයක සේවය කර තිබීම අමතර සුදුසු කමක් වේ.
    7. එක්සත් ජාතීන්ගේ කිසියම් සංවිදානයක් විසින් අසාධුලේඛණ ගත ගතකර නොතිබීම.(එහෙම උනොත් ඉතින් යූ.එන් ජොබ් දෙන්නේ නැත ):no:
    8.ලගම නෑදෑයන් දේශපාලනයේ ඉහල තනතුරු නොදැරීම.
    9.ආරක්ශක අංශ වල සේවය කර තිබීම ඇතැම් රැකියා වලට වැදගත් වන අතර ඇතැම් රැකියා වලට එය නුසුදුසුකමක් ලෙස සැලකේ.

    මූලික වශයෙන් ඔච්චරයි තමයි. :):):)

    පස්වන කොටසින් හමුවෙමු.
    :):):)

    thank u thank u....................