4. යූ.එන් ජොබ් එකකට අවස්ය මූලික සුදුසුකම්
1. මනා ඉංග්රීසි දැනුම. (කථනය හා ලිවීම )
2. රැකියාවට අදාල මූලික උපාධියක්.
3.පලපුරුද්ද : දේශීයව නම් අවම වසර දෙකක විදේශීයව නම් අවම වසර 05ක්.
4.බහු ආගමික, බහු වාර්ගික, බහු ආගමික පරිසරයක සේවය කිරීමට ඇති හැකියාව. (අන්තවාදී අදහස් දරන්නන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කිරීම අපහසුය. )
5. චරිතය. ඇතැම් රැකියාවලට පොලිස් සහතිකයත්, ඇතැම් රැකියාවලට ආරක්ශක අංශ වල සහතිකත් අවස්ය වේ. බොහෝ දේශීය රැකියා වලට ග්රාමසේවක සහතිකය උවමනා වේ.
6. මීට පෙර එක්සත් ජාතීන්ගේ සංවිදානයේ හෝ රාජ්ය නොවන ආයතනයක සේවය කර තිබීම අමතර සුදුසු කමක් වේ.
7. එක්සත් ජාතීන්ගේ කිසියම් සංවිදානයක් විසින් අසාධුලේඛණ ගත ගතකර නොතිබීම.(එහෙම උනොත් ඉතින් යූ.එන් ජොබ් දෙන්නේ නැත )
8.ලගම නෑදෑයන් දේශපාලනයේ ඉහල තනතුරු නොදැරීම.
9.ආරක්ශක අංශ වල සේවය කර තිබීම ඇතැම් රැකියා වලට වැදගත් වන අතර ඇතැම් රැකියා වලට එය නුසුදුසුකමක් ලෙස සැලකේ.
මූලික වශයෙන් ඔච්චරයි තමයි.
පස්වන කොටසින් හමුවෙමු.![]()



5.යූ.එන් එකේ වේකන්සි තියෙන ෆීල්ඩ්ස්.
සාමාන්යයෙන් හැම අංශයෙ යටතෙම ජොබ් තියෙනව. මේකට නෑ කියල කියන්න අමාරුයි. මාකටිං පැත්තනම් ගොඩක් වෙලාවට දකින්නට ලැබෙන්නේ නැති තරම්. අනික ගොඩක් එක්සත් ජාතීන්ගේ ආයතන (UNOPS) හැර, මුදල් ඉතුරු කිරීමට මිසක් මුදල් එකතු කිරීමට හුරු වෙච්චි ආයතන නොවෙයි. ඒ නිසා ඇතැම් විට යූ.එන් එකේ සාර්ථක වෙන අයෙක් වෙනත් තැනක එහෙම නොවෙන්න ඉඩ තියෙනවා.
ඕනම එක්සත් ජාතීන්ගේ ආයතනයක මූලක වශයෙන් අංග දෙකක් පවතිනවා.
1. මෙහෙයුම් අංශය.
2.වැඩසටහන් අංශය.
තියෙන රැකියා බලමු. මේ තියෙන්නේ යුනිසෙෆ් ආයතනයේ තියෙන රැකියා. මේ වගේ ආයතනයෙන් ආයතනයට රැකියා වෙනස් වෙනවා. ඒ ඔක්කොම ලියන්න තරම් මට දැනුමක් නෑ. දල වශයෙන් රැකියා තියෙන අංශ මෙම කොටසේ අගට වෙන්න ඉදිරිපත් කරන්නම්.
1.මෙහෙයුම් අංශයෙ මෙම කොටස් තියෙනවා. අදාල රැකියා තමයි ඉස්සරහින් දාල තියෙන්නෙ.
• මූල්ය (Accountants / budget officers / financial controllers)
• මානව සම්පත් (HR officers and managers )
• තොරතුරු තාක්ශනය හා සන්නිවේදනය (IT mmanagers / specialists , telecommunication enginners)
• සැපයුම් හා මෙහෙයුම් (Supply chain managers, supply managers, logistics officers and managers )
• ඉදිකිරීම් (සියලුම ආයතන වල නැත ) (Architects, civil engineers, Quantity surveyors and construction project managers)
• කාර්යාලීය මෙහෙයුම් (Admin officers , ticketing officers, house management officers )
• ආරක්ශක (Security officers , mostly they ask for experience in any forces or equalent)
2. වැඩසටහන් අංශයට අයත් වෙන්න මෙම කොටස්. තියෙන රැකියා අවස්තා ඉස්සරහින් දාල තියෙන්නෙ.
• ජලාපවහන හා සනීපාරක්ශක අංශය (Water and sanitation engineers, civil engineers, public health officers , sometimes project managers )
• අද්යාපන අංශය (Education officers and specialists, teachers)
• සවුක්ය අංශය (Medical doctors, medical officers)
• පෝශන අංශය (Nutrition specialists and nutrition officers)
• ව්යාපාර පරිපාලන අංශය (Business and office management officers )
මීට අමතරව පොදුවෙ ගත්තම මෙන්න මේ වේකන්සි යූ.එන් සිස්ටම් එකේ තියෙනව. ලින්කුව ක්ලික් කොරල බලන්න.
https://careers.un.org/lbw/home.aspx?viewtype=SC
ප:ලි : මේක සරලව හදපු වෙබ් සයිට් එකක්. මේක තේරුම් ගන්න බෑ නම් යූ. එන් ජොබ් වලට දාන්න හිතන්න එපා කියල කණගාටුවෙන් උනත් කියන්න වෙනව.
හයවෙන කොටසෙන් හමුවෙමු.

මම බලන්න ගත්තත් හරි.. ඒක අන්ඩර් මේන්ටනන්ස් ලු...![]()

Dawal indan ehemai.![]()

මේක දාපු වෙලේම මම බැලුවා... ටික වෙලාවක් වැඩ කරා.. ඒකත් අපේ වෙලාව..![]()
oka apahu enawa. don't worry. this is a very dynamic site.
ඒක නිසා වැඩක් නෑ... 
එල.. එල... ඒත් ඉතිං සුදුසුකම් අංක දෙක නෑ...ඒක නිසා වැඩක් නෑ...
![]()

උපාධියක් හිමින් හදාගන්න බැරිද? කල් තියෙනවනෙ. අවුරුදු 50 පැනලත් යූ. එන් ගිය අය ඉන්නවා.![]()
TopJobs eketh mama dekala thienawa ban UN jobs dala thienawa. UN job ekakata yanna contacts ona nethda?
