බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මටත් හිතෙනවා අවුලක් වෙන එකක් නෑ කියල. තව දවස් 3ක් වත් යයි වතුර අඩුවෙන්න.
    යුරාට සපෝට් එකක් දෙමු සෙට් වෙලා. තාප්පෙ හදන්න ඕනි, ලිද ඉහින්න වෙනවා. මඩ අස් කරල ගේ සෝදන්න තියෙනවා.... අඩුපාඩු මුකුත් ගන්න සපෝර්ට් එකකුත් දෙමු.
    අපි මේ බසෝදර දිව්‍යරාජයාණන් ගෙන් අනඥාවක් යහපත් වෙනකං ඉන්නේ.........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මටත් හිතෙනවා අවුලක් වෙන එකක් නෑ කියල. තව දවස් 3ක් වත් යයි වතුර අඩුවෙන්න.
    යුරාට සපෝට් එකක් දෙමු සෙට් වෙලා. තාප්පෙ හදන්න ඕනි, ලිද ඉහින්න වෙනවා. මඩ අස් කරල ගේ සෝදන්න තියෙනවා.... අඩුපාඩු මුකුත් ගන්න සපෝර්ට් එකකුත් දෙමු.

    :yes:
    එකෙන්ම ඌට සපෝර්ට් එකක් දෙමු.. ගේ අස් කරන්න ගියාම ඌට එපා වෙයි.. :sorry::sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි මේ බසෝදර දිව්‍යරාජයාණන් ගෙන් අනඥාවක් යහපත් වෙනකං ඉන්නේ.........

    අර ඔයැයිලැයි හාදයෙක් කැළණිමුල්ල පැත්තේ සෑහෙන්න කිච වෙනවා දැක්කා...:rofl:
    ඊයේ රෑ මම පට්ට බයේ කොටිකාවත්තේ ගියේ.... හිටියොත් නම කියලා බේරෙනවා කියලා හිතාගෙන ගියේ...:rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර ඔයැයිලැයි හාදයෙක් කැළණිමුල්ල පැත්තේ සෑහෙන්න කිච වෙනවා දැක්කා...:rofl:
    ඊයේ රෑ මම පට්ට බයේ කොටිකාවත්තේ ගියේ.... හිටියොත් නම කියලා බේරෙනවා කියලා හිතාගෙන ගියේ...:rolleyes:
    කවුද බං?
    මොකාද අපේ හාදයා???:eek:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    බසෝදර දිව්‍යරාජයා....
    බස්+උදර=බසෝදර.....

    ඇයි මාමේ අවුල් ද?:baffled::eek:

    කෙටියෙන් බස් රත්නෙ කියහල්ලකො. :angry:අර පොඩි එකත් කියනව කිව්වෙ.:yes: මොකා උනත් ඌ සෑහෙන්න පවු. :sorry:මොනව හරි අඩුපාඩුවක් හොයල කරල දෙන්න ඕනි. එන්න බැරි එකේ වෙන විදිහකින් හරි උදව්වක් කරන්න කැමතියි. ඌ මගේ එලකිරියෙ ඉන්න පරණම යාලුවා.. මල්කවිය හැරෙන්න.:cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවුද බං?
    මොකාද අපේ හාදයා???:eek:

    ඇයි මාමේ.. අර මේ ටිකේ ගේට්ටුව්ක් ගාවට ඇවිල්ල කට ඇරගෙන කිච වෙන්නේ ඩයල් එක.. ඔය හැම තැනම පොටෝ තියෙන්නේ..
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඇයි මාමේ.. අර මේ ටිකේ ගේට්ටුව්ක් ගාවට ඇවිල්ල කට ඇරගෙන කිච වෙන්නේ ඩයල් එක.. ඔය හැම තැනම පොටෝ තියෙන්නේ..

    2966hf.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ දවල් කොටිකාවත්ත හන්දිය සම්පුර්ණයෙන් ජලයෙන් යට උනා කියලා නිව්ස් එක ආවා නේහ්. ඒ වෙනකොටත් කොටිකාවත්ත - කොහිලවත්ත 175 බස් පාරේ තියෙන ටී.සී. පාරේ අස්සක හිටිය මගේ හොඳ යාලුවෙක් (ඉස්කෝලේ අයියා කෙනෙක්) ගැන කිසිම ආරංචියක් නැතිව හිටියේ. ෆෝන්ස් වැඩ කරලේ නෑ පෙරේදා ඉඳන්. පෙරේදා දවල් ඒ අයියාගේ ඔෆිස් එකේ සෙට් එකක් ගෙදර යන්න ගිහිල්ලා කොටිකාවත්ත හන්දියෙන් එහාට යන්න බැරුව ආයේ හැරිලා ආවා. උගේ ගෙදර හිටියේ ප්‍රෙග්නන්ට් වයිෆ්, අවුරුදු දෙකහාමාරක බබා සහ වයිෆ් ගේ තාත්තා. ඊයේ රෑ වෙනකන්ම කිසිම ආරංචියක් නෑ. රෑ 11.00ට විතර මගේ ඉස්කෝලේ හොඳම යාලුවාට කෝල් එකක් ආවා අන් නෝන් නම්බරේකින්. කතා කරේ ටිසී රෝඩ් එකේ හිටිය අයියා. මගේ ඉස්කෝලේ හොඳම යාලුවයි ඒ අයියයි වැඩ කලේ එකම ඔෆිස් එකේ. කෝල් කරලා කීවේ කන්න තියා වතුරවත් නෑ. කිසි බෝට්ටුවක් අස්සේ පාරවල් වලට එන්නේ නෑ මොකක් හරි කරපන් මල්ලි කියලා. ඒ වෙලේම මගේ යාලුවා මාවත් දාගෙන ගියා අංගොඩට. අංගොඩ මේන් බස් ස්ටෑන්ඩ් එක පැත්තෙන් අපි අවිස්සාවේල්ල පාරේ අංගොඩ හන්දියට යන්න ට්‍රයි කරේ. කාර් එක දාන්න බෑ. අංගොඩ හන්දිය කිට්ටුවට යනකොට සෑහෙන්න වතුර. පස්සේ කාර් එක හරවගෙන ආවා. ඇවිත් මග නවත්තලා ෆෝන් දෙකයි ටොර්ච් දෙකකුයි අරගෙන අපි දෙන්න වතුරට බැහැලා පයින් ගියා. යනකොට ඉස්සරහා නේවි බොට් එකක් පටවනවා කැබ් එකකට. නේවි සෙට් එකට අපි විස්ථරේ කීවා. ඒ බෝට්ටුව හිල් වෙලා කොහේදෝ වැදිලා. ඒ නිසා ආයේ පටවගෙන ගෙනියනවා. නේවි සෙට් එක අපිට කීවා ඉස්සරහා එයාර් ෆොර්ස් එකේන් බොට්ටු ගෙනත් බානවා එතනට ගිහින් විස්ථරේ කියන්න කියලා. පස්සේ ඉන වටක් වතුරේ බැහැලා අපි එතනට ගියා. කොටිකාවත්ත හන්දිය හරියේ ඉන වටක් වතුර. ඊට ටිකක් ඈතින් බෝට්ටු ලොරි වල ගෙනත් බානවා. එතන සෙනග අවුරුද්දට කොළඹ බස් ස්ටෑන්ඩ් එකේ වගේ. බාන බාන බොට්ටුවට සෙනඟ පොර කනවා. තම තමන්ගේ අයව බේරගන්න යන්න කියලා. මරා ගන්නවා එතන. පස්සේ අපි දෙන්නට තේරුනා මෙහෙම හිටියොත් කොටු වෙලා ඉන්න එකා ගිලිලා මැරෙනකන් බොට්ටුවක් අපිට ලැබෙන්නේ නෑ කියලා. රෑ 12ත් පහු වෙලා වෙලාව. බැනුම් අහන්න හරි කියලා කෝල් දෙකතුනක් ගන්න උනා. මගේ ඉස්කෝලේ තවත් හොඳම යාලුවෙකුගේ තාත්තා කෙනෙක් නේවි එකේ හිටිය කීර්තිමත් නාවුකයෙක්. දත් මාමි නම් දන්නවා අන්කල්ව. එයාට කෝල් කරා. නේවි හෙඩ් ක්වාටර්ස් කෝල් කරා අපේ තව ඕල්ඩ් බෝයි කෙනෙකුට සහ ගුවන් හමුදාවේ මගේ අයියාට. පැය බාගයක් යනකොට අපේ නම් කියලා කතා කරා බෝට්ටුවකට ඔෆිසර් කෙනෙක්. නේවි එකේ තුන් දෙනෙක් සහ මමයි මගේ යාලුවයි 175 බස් පාර දිගේ බොට්ටුවක යනවා දැන්. ටීසී රෝඩ් එකට දැම්මා. කට්ට කලුවරයි. වහලවල් ඔලුවල ගෑවෙනවා. ඔලුව පහත් කරගෙන ටෝර්ච් ගහගෙන කොහොම හරි බයි ලේන්ස් වල ගිහිල්ලා හරි ලේන් එකට දා ගත්තා. ඒ පාරේ ගෙවල් කීපයකම උඩ මිනිස්සු හිර වෙලා උන්නා. එක බොට්ටුවක් ව්අත් ඇවිත් නෑ. ගෙවල් දෙකක හිටිය වයසක දෙන්නක් සහ පොඩි දරුවෙක් එක්ක අම්මා කෙනෙක් අපි නග්ගා ගත්තා. අපේ යාලුවා හිර වෙලා හිටියේ උගේ ගෙදරට ඉස්සරහ ගෙදර ස්ලැබ් එකක් උඩ. ඒ හරියේ අඩි 7-8ක් වතුර. බෝට්ටුව ගේ ඇතුලට ගන්න බෑ. තාප්පෙ නිකන් තල්ලු කරා විතරයි. කාර්ඩ් බොර්ඩ් වගේ කඩන් වැටුනා. ගෙදර එලියෙන් දිබුන පඩිපෙල ගාවට බෝට්ටුව ගහලා වයිෆ්, බබා, තාත්තා සහ අපේ යාලුවාව ගත්තා බොට්ටුවට. කතා කරගන්නවත් බැරි තරමට ශොක් වෙලා හෙම්බත් වෙලා හිටියේ. හිමින් හිමින් ඔලු බේරගෙන, තාප්ප ඇඟට නොවැටී බේරගෙන කොටිකාවත්ත සනස ගාවින් බෝට්ටුවෙන් බහිනකොට රෑ 2 පහු වෙලා. ඇඳිවත විතරයි ඉතුරු. කාර් එක කලින්ම අයින් කරගෙන තිබුන නිසා බේරුනා උගේ..
    අකමැත්තෙන් උනත් කියන්න ඕනේ මේවා. දැක්ක දේවල්..
    බෝට්ටු ගේන්නේ 25 විතර තඩි ඇන්ජින් තියෙන ඩිංගි. 25 ඇන්ජිමෙන් මම කච්චතිව් ගියෙත් ඩීප් සී එකේ. 25 ඇන්ජිම මේ ගංවතුරට හරියන්නේ නෑ. සැර වැඩියි. බෝට්ටු ලොකුයි. බයි ලේන්ස් වලට යන්න බෑ. ඒ නිසා ඒවා වල ඉන්න එවුන් ගොඩගන්න විදියක් න්ඈ.
    කොඩිනේශන් පාර්ට් එක අන්තිමයි.
    ගොඩක් අයට කන්න ලැබිලා නෑ. වියලි ආහාර අමුවෙන් කන්නද? ඒවා වැඩක් නෑ. උයපුවා සහ වතුර තමා දෙන්ඩ ඕනේ..
    ගොඩක් අය ගෙවල් දාලා යන්නේ නෑ. හොරු නිසා, අපේ එකත් ඒ කුලකයෙන් එකෙක්. ගොඩක් හිර උනේ ඒ නිසා..

    මට හරි සන්තෝසයි..
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඊයේ දවල් කොටිකාවත්ත හන්දිය සම්පුර්ණයෙන් ජලයෙන් යට උනා කියලා නිව්ස් එක ආවා නේහ්. ඒ වෙනකොටත් කොටිකාවත්ත - කොහිලවත්ත 175 බස් පාරේ තියෙන ටී.සී. පාරේ අස්සක හිටිය මගේ හොඳ යාලුවෙක් (ඉස්කෝලේ අයියා කෙනෙක්) ගැන කිසිම ආරංචියක් නැතිව හිටියේ. ෆෝන්ස් වැඩ
    ...
    මට හරි සන්තෝසයි..
    Adugane emergency situation ekak declare kalewath nane mechchara deyak wela. Ane manda oi. :(
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)