කොස්ගම ගැන මගේ අදහස ??

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    !!!!!!!??????
    ආයුද ගබඩාවක් ඇවිලෙන්න ගත්තාම සාමාන්‍යෙයන් ඒක අස්සෙ තියන දේවල් රිකවර් කරන්න යන්නේ නෑ. මොකද ඕන වෙලාවක ඩිෆියුස් එක්ස්ප්ලෝෂන් එකක් වෙන්න පුළුවන් නිසා. එතකොට ගින්න සහ වශේෂයෙන් පිපිරීම පැතිරෙනවා. අනිත් ගබඩාවට මේ ගබඩාවෙන් පිපිරෙන මොනව හරි විසිවෙන්න පුළුවන්. එතකොට ඒකත් එක්ස්ප්ලෝඩ් වෙනවා.
    ගබඩා දෙකක් වුනාට ඉන්ටර්නලි සම්බන්ධයි හුගක් වෙලාවට.


    උබ හිතන්නෙ බර අවි ලොරියෙ කුකුල්ලු පටවනව වගේ ගබඩා කරනව කියලද ? ඒකට විශාල නෙමෙයි අති විශාල ගබඩා ඕන ;);)
     

    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    13321687_572161652956840_331283728356946946_n.jpg

    ආයේ ත්‍රස්තවාදීන් ගහනකන් බලන් ඉන්න එකෙක්..මේ වගේ එවුනුත් ඉන්නවනෙ මේ රටේ..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබ හිතන්නෙ බර අවි ලොරියෙ කුකුල්ලු පටවනව වගේ ගබඩා කරනව කියලද ? ඒකට විශාල නෙමෙයි අති විශාල ගබඩා ඕන ;);)
    ඔතන තිබුනේ ආමරි නෙවෙයි ආර්ම් ඩම්ප්ස් මචං.....
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    සිදු වූ හානියේ අලාභය රුපියල් වලින් කියයිද හිටං?
    මේවත් මිනිස්සුන්ගෙ බදු මුදල් තමා...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය දෙකේ වෙනස මොකක්ද මහත්මයා?​
    ඒඒහ්.......
    මෙහෙමයි. ආමරි කියන්නේ ආයුධ සහ ගිනි ද්‍රව්‍ය කාලයක් තියන්න ප්ලෑන් කරලා, සම්මත තත්ත්වයන් පාලනය කරල ගබඩා කරන තැනක්. ඩම්ප් කියන්නේ යම් කිසි විදියක තාවකාලික ගබඩාවක්. එතකොට ඉක්මනින් එහෙම මෙහෙට කරන්න ඕන නිසා සම්මත තත්ත්වයන් එතරම් සැළකිල්ලට ගන්නේ නෑ. වහා ඇක්සස් කිරීමේ සාධකය මතයි ඒව රදවා තබන්නේ. අනික බොහෝ විට ආර්ම් ඩම්ප් වල කල් ඉකුත් වූ ගිනි ද්‍රව්‍ය පවතිනවා.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,358
    8,502
    113
    රූකඩ රාජ්ජේ


    මහින්දගේ කාලේ උනා නම් මහින්ද ගෝටා වැරදියි. දැන් වැරදි ආරක්ෂාවට හිටපු ආමි එකේ කොල්ලෝ ටිකයි , මහින්දයි , ගෝටයි.


    ඔතන තිබුන ගබඩා 5න් දෙකක් වෙනම තැන් දෙකකට ගෙනිච්චේ ගෝටා. ඒ නිසා කොටසක් බේරුනා. පොන්පාලන ආණ්ඩුව ආවා වැඩේ ඉවරකරන්න කලින්. ඒ වැඩේ නැවතුනා ඒකෙන්.

     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,242
    113
    ඒඒහ්.......
    මෙහෙමයි. ආමරි කියන්නේ ආයුධ සහ ගිනි ද්‍රව්‍ය කාලයක් තියන්න ප්ලෑන් කරලා, සම්මත තත්ත්වයන් පාලනය කරල ගබඩා කරන තැනක්. ඩම්ප් කියන්නේ යම් කිසි විදියක තාවකාලික ගබඩාවක්. එතකොට ඉක්මනින් එහෙම මෙහෙට කරන්න ඕන නිසා සම්මත තත්ත්වයන් එතරම් සැළකිල්ලට ගන්නේ නෑ. වහා ඇක්සස් කිරීමේ සාධකය මතයි ඒව රදවා තබන්නේ. අනික බොහෝ විට ආර්ම් ඩම්ප් වල කල් ඉකුත් වූ ගිනි ද්‍රව්‍ය පවතිනවා.

    හ්ම්...එතකොට ඩම්ප් එකක ආරක්ෂක විදිවිධාන සාපේක්ෂව අඩු වෙන්න පුළුවන් නේද? අනික් එක එහෙම නම් කොස්ගම ලංකාවේ ලොකුම ආයුධ ගබඩාව කියල හිතන්නත් අපහසුයි නේද?​
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්...එතකොට ඩම්ප් එකක ආරක්ෂක විදිවිධාන සාපේක්ෂව අඩු වෙන්න පුළුවන් නේද? අනික් එක එහෙම නම් කොස්ගොඩ ලංකාවේ ලොකුම ආයුධ ගබඩාව කියල හිතන්නත් අපහසුයි නේද?​
    ආරක්ෂාව නම් මම දන්න තරමින් ඩම්ප්/ආමරි කියල වෙනසක් නෑ.....
    කොස්ගම ලොවෙත් ලංකාවෙ ලොකුම ආමරි එක නම් නෙවෙයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    මහින්දගේ කාලේ උනා නම් මහින්ද ගෝටා වැරදියි. දැන් වැරදි ආරක්ෂාවට හිටපු ආමි එකේ කොල්ලෝ ටිකයි , මහින්දයි , ගෝටයි.


    ඔතන තිබුන ගබඩා 5න් දෙකක් වෙනම තැන් දෙකකට ගෙනිච්චේ ගෝටා. ඒ නිසා කොටසක් බේරුනා. පොන්පාලන ආණ්ඩුව ආවා වැඩේ ඉවරකරන්න කලින්. ඒ වැඩේ නැවතුනා ඒකෙන්.

    :yes::yes: &න්නයො රජ උනාම එහෙම තමයි වගකීම ගන්ඩ කොන්ද පන නැ අරක වගේම.ඉතින් කාට හරි ඇගේ ගහල ශේප් වෙන්ඩ බලන්නෙ රටේ මිනිස්සුන්ට හොද පාඩම් මේව &න්නයො රජ උනාම වෙන්නෙ මේකයි කියල බලාගන්ඩ හොද අවස්තා.
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    dn blhn toiyo kiynne meka mr kala kiylne.ohom hithenw kiyl dengenm meka kala kiyl hithannath puluwnne.
     

    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    අයියෝ erozan ඇයි ඔයා මෙහෙම කරේ?? මට රෑට කන්න තිබ්බ රෙප් ටික..:rolleyes:
     

    Attachments

    • IMG_20160606_153442_438.JPG
      IMG_20160606_153442_438.JPG
      12.1 KB · Views: 44

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයියෝ erozan ඇයි ඔයා මෙහෙම කරේ?? මට රෑට කන්න තිබ්බ රෙප් ටික..:rolleyes:
    පිස්සු හැදෙයි මම නම් නෙමේ ඔය රෙප් කැපුවෙ,දැන් ආයෙ බලපන් මම නම දාලම රෙප් කපල ඇති.:cool:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    ලංකාවේ ඉන්න ගොන් වේ*ගේ පුතාලට රට මකබවිලා ගියත් දේශපාලනේ....ලංකාවටම කෙලවිලා ගියත් උන්ගේ පක්ෂේ තමයි ලොකු... ඕක තමයි ලංකාවට කෙලවිලා තියෙන්නේ


    සිරාවට බන්..මුන් මේ වගේ එකකදිවත් බලන්ඩ ඕනි තමන්ගෙ පක්ශෙ නෙමේ.රටක් විදිහට එකාවන්ව...

    ගොන් හුත්තලා දන්න දේකුත් නෑ..මේවා පිටරටවල් වල ඉඳන් ලංකාවට කෙලවන්ඩ හදන උන්ට හේ පල්ලම,ඇයි දන්නවනෙ ඉන්නෙ හරක් කියලා...උනේ මොකක්ද හොයනවා මිසක් මේක අරූ හිඳා මූ හින්දා උනා කියලා කිය කිය ඉඳලා වැඩක් නෑ
     
    • Like
    Reactions: prisly

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒඒහ්.......
    මෙහෙමයි. ආමරි කියන්නේ ආයුධ සහ ගිනි ද්‍රව්‍ය කාලයක් තියන්න ප්ලෑන් කරලා, සම්මත තත්ත්වයන් පාලනය කරල ගබඩා කරන තැනක්. ඩම්ප් කියන්නේ යම් කිසි විදියක තාවකාලික ගබඩාවක්. එතකොට ඉක්මනින් එහෙම මෙහෙට කරන්න ඕන නිසා සම්මත තත්ත්වයන් එතරම් සැළකිල්ලට ගන්නේ නෑ. වහා ඇක්සස් කිරීමේ සාධකය මතයි ඒව රදවා තබන්නේ. අනික බොහෝ විට ආර්ම් ඩම්ප් වල කල් ඉකුත් වූ ගිනි ද්‍රව්‍ය පවතිනවා.


    :oo::oo::oo:

    යුද්දෙ අවසානයත් එක්කම ලන්කවෙ වටේම තිබ්බ අතිරික්ත ඇමෝ ගබඩා කරේ කොස්ගම. එච්චර ප්‍රමානයක් ගබඩා කරන්න බැරි උනත් සියලුම ආරක්ශක සේනා මූලස්තාන වල,බලසේනා මුලස්තානවල .රෙජිමේන්තු වල පවා තිබුන ඇමො ගෙනල්ල ගබඩා කලේ කොස්ගම .හොයල බලපන් දැනට ආටි එකේවත් උන්ඩ නෑ.ඉඩ ප්‍රමානය මදි නිසා තාවකලිකව ගබඩා කරපු උන්ඩ තමයි ගෝඨා වෙන තැන් වල සම්මත ගබඩා හදල පස්සෙ ගබඩා කලේ.මේකෙ උන් දැන් බොරුවට කෑගහන්නෙ ඩම්ප් එක පුපුරයි කියල දැනගෙන කලින් අයින්කලා වගේ .උබ කොහොමද කියන්නෙ තාවකාලික ගබඩාවක් කියල .මේකෙ පාඩුව එලියට දුන්නොත් උබට තේරෙයි තාවකාලිකද නැද්ද කියල
    :angry::angry::angry:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අවිස්සාවේල්ල කොස්ගම පිහිටි යුධ හමුදා උප වෙඩි උණ්ඩ ගබඩාව (sub Ammunition dump) ගිනිගෙන පුපුරායාම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය, හමුදාවේ වෙඩි උණ්ඩ ගබඩා පරිපාලනයට යොදවා ඇත්තේ ඒ සඳහා විශේෂඥ පුහුණුව ලද නිලධාරීන් නොවන බවට හඳුනාගෙන ඇත.

    උණ්ඩ ගබඩාවල රාජකාරි සඳහා අනුයුක්ත කරන හමුදා නිලධාරින් 'වෙඩි ද්‍රව්‍ය කාර්මික නිලධාරි (ATO -Ammunition Technical Officer) පාඨමාලාව අනිවාර්යයෙන්ම හදාරා තිබිය යුතුය. ඊට අදාළ පාඨමාලා සඳහා සැම වර්ෂයකදීම හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු ඉන්දියාවට හා පකිස්ථානයට යවයි.

    එසේම, උණ්ඩ ගබඩා වල සේවය සඳහා යොදවන සාමාන්‍ය සෙබළුන් අනිවාර්යයෙන්ම (AT -Ammunition Technician) පාඨමාලාව හදාරා තිබිය යුතුය. ඊට අදාල පුහුණුව සඳහා සෑම වසරකම හමුදා සෙබළුන් පිරිසක් ඉන්දියාව වෙත යවයි.


    රහස් පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති පරිදි, යුධ හමුදාව සතු වේයන්ගොඩ මධ්‍යම අවි හා උණ්ඩ ගබඩාවේ (Central Arms and Ammunition dump) සහ වේයන්ගොඩ, වැලිසර හා කොස්ගම පිහිටි යුධ හමුදා උප උණ්ඩ ගබඩාව ද එවැනි පුහුණුවක් ලද නිලධාරින් යොදවා නොමැත.
    එසේ විදෙස් පුහුණුව ලද නිලධාරීන් වෙනත් රාජකාරිවල යොදවා ඇතිබව අනාවරණය වේ.

    දඬුවම් මාරුවක් :
    ඊයේ ගින්නට හසුවූ කොස්ගම පිහිටි යුධ හමුදා උප උණ්ඩ ගබඩාවේ පරිපාලන කටයුතු බාරව සිටි මේජර් ජනරාල් කෙනෙත් එඩ්මා (Major General Kenneth Edema USP) වෙඩි ද්‍රව්‍ය කාර්මික ඉංජිනේරුවකු නොවේ. ඔහු හමුදාවට වාහන, ඉන්දන හා කෑමබීම සැපයුම් බාර නිලධාරියෙකි.

    එසේම, කොස්ගම පිහිටි යුධ හමුදා උප උණ්ඩ ගබඩාව බාරව සිටි මේජර් රොෂාන් පෙරේරාට පසුගියදා දියතලවට දඬුවම් ස්ථාන මාරුවක් ලබාදී ඇති අතර, ඒ වෙනුවට අනුයුක්ත කර සිට ඇත්තේ විදිමත් විශේෂඥ පුහුණුවක් නොමැති ලුතිනන් වරයෙකි.

    ටොන් 9000ක පතොරම් :
    අවිස්සාවේල්ල කොස්ගම පිහිටි යුධ හමුදා උප උණ්ඩ ගබඩාව (sub Ammunition dump) ගිනිගෙන පුපුරායාමේදී ටොන් 9000ක පමණ පතොරම් තොගයක් විනාශවී ඇතැයි ද එහි පතරොම් ගබඩා කර තිබු ආකාරය කිසිඳු ලෙසකින් සැහීමකට පත්විය නොහැකි බව ද නිල නොවන ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

    එමගින් පමණක් සිදුව ඇති අලාභය රුපියල් බිලියන10කට ආසන්න බවද පැවසේ.

    කොස්ගම යුධ හමුදා උණ්ඩ ගබඩාව ස්ථාපිතකර ඇත්තේ 90 දසකයේ මුල් භාගයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ පාලන සමයේදීය. ජනාකීර්ණ එම ප්‍රදේශයේ මෙවැනි උණ්ඩ ගබඩාවක් ස්ථාපිත නොකරන ලෙස ප්‍රදේශවාසින් එකල උද්ඝෝෂණ කර ඇත.

    යුද්ධය පැවති සමයේ කොස්ගම යුධ හමුදා උණ්ඩ ගබඩාවේ ටොන් 20,000කට වැඩි උණ්ඩ ප්‍රමාණයක් රඳවා තිබු අතර, යුද්දය නිමවීමෙන් අනතුරුව ටොන් 10,000ක් පමණ වේයන්ගොඩ යුධ හමුදා උප උණ්ඩ ගබඩාවට ගෙන ගොස් ඇත. එය ස්ථාපත කර ඇත්තේ වේයන්ගොඩ වේටෙක්ස් ආයතනය තිබු භුමිය තුලය.


    mirror news