➡➡ විශ්වයේ නොවිසඳුනු අභිරහස්
මචන්ස්ලා මම කට්ටියම ආස සබ්ජෙක්ට් එකක් ගැන ත්‍රෙඩ් එකක් පටන් ගන්න හිතුවා. පුද්ගලිකව ගත්තොත් මමත් පොඩි කාලෙ ඉදන්ම ගොඩක් ආසකලා ඔය ආකාශ වස්තු, අභ්‍යවකාශ යානා, පියාබන පීරිසි, විශ්වයේ රහස් වගේ දේවල්වලට. තාම නම් Professionally මේව ගැන හදාරන්න අවස්ථාවක් ලැබුනෙ නෑ. හැබැයි අන්තර්ජන්ජාලෙන්, පත්තරවලින් හොයා ගත්තු දේවල් එක්ක මේ ත්‍රෙඩ් එක පුලුවන්තරම් හැමෝටම තේරෙන විදියට කරන්න තමයි බලාපොරොත්තුව.
හරි එහෙන්ම් පටාන්ගමු..
ඔයාල දන්නවනෙ අද මේ ලෝකය අති විශාල ලෙස තාක්ශණික වශයෙන් දියුණුවට පත් වෙලා තියනවා. අපිට හිතාගන්නවත් බැරි දේවල් නවීන තාක්ශණය මගින් සිදු කරන්න පුලුවන් වෙලා තියනවා. කෙනෙකුට හිතෙන්න පුලුවන් අද මේ ලෝකෙ තාක්ශණයට, විද්‍යාවට කරන්න බැරි දෙයක් නෑ කියලා. නමුත් ඔයාල දන්නවද මේ තරම් දියුණු තාක්ශණයක් පවතින ලෝකෙක වුනත් තාමත් සමහර දේවල් තියෙනවා විශ්වාස කිරිමටවත් අපහසු නොවිසදුනු අභිරහස්. අගක් මුලක් හොයාගන්න බැරි ගැටලු. ඒ වගේ අභිරහස් කිහිපයක් පහතින් දක්වලා තියනවා.
1.බර්මියුඩා ත්‍රිකෝණය
2.පියාඹන පීරිසි
3.මිසරයේ පිරමීඩ
4.නෙස් විලේ අත්භූත සත්වයා
5.දියකිඳුරියෝ
6.යෙටී (හිමාලයේ හිම මිනිසා)
7. කලු කුහර
8. නස්කා ලයින්ස්
9.Easter Island
10.Stonehenge
මේවා ගැන එකින් එක විස්තරාත්මකව කතා කිරීම තමයි මගේ අරමුණ.
ඒ අනුව මේ ත්‍රෙඩ් එකේ අපි කතා කරන්නෙ බර්මියුඩා ත්‍රිකෝණය ගැන.
=================================================================
විශාල වශයෙන් නැව් සහ ගුවන් යානා අතුරුදහන් වූ ඉතාමත්ම අස්වාභාවික දෑ සිදුවන ප්‍රදේශයක් ලෙස බර්මියුඩා ත්‍රිකෝණය හදුන්වන්න පුලුවන්. මෙය උතුරු ඇමරිකාවේ ෆ්ලෝරීඩාවේ මයාමි, බර්මියුඩා දුපත් සහ කැරිබියන් මුහුදේ පිහිටි පෝර්ටෝ දූපත් ප්‍රදේශ ඇතුලත්ව අග්නිදිග අත්ලාන්තික් සාගර කලාපයේ ත්‍රිකෝනාකාර පෙදසක පිහිටා තිබෙනවා.
මේසේ අතුරුදහන් වූ නැව් සහ ගුවන් යානාවලට මොකද වුණේ? ඒවායේ ගමන් කළ අයට මොකද වුණේ? ඔවුන් කොහෙද ගියේ? මේ ප‍්‍රශ්නවලට නිසි පිළිතුරු ලබා දෙන්න විද්‍යාවට තවමත් හැකිවී නැහැ.
ජපානයට නැගෙනහිර මුහුදේ මෙවැනිම අසාමාන්‍ය චුම්භක ධාරා හා අභිරහස් අතුරුදහන් වීම් සිදුවන එතරම් ප්‍රසිද්ධියට පත්වී නොමැති කලාපයක් පවතින අතර එය ජපන් වැසියන් හදුන්වන්නේ "යක්ශයාගේ මුහුද/Devil's sea" ලෙසයි. එමනිසා බර්මියුඩා ත්‍රිකෝණය "යක්ශයාගේ ත්‍රිකෝණය" යනුවෙන්ද හදුන්වයි.
පුරාවෘත්තය
මේ හා සම්බන්ධ පුරාවෘත්තය ආරම්භ වන්නේ වර්ශ 1492 ඉතාලි ජාතික දේශගවේෂකයෙකු වූ ක්‍රිස්ටෝපර් කොලම්බස් සමයෙන්. කොලම්බස්ගේ "නව ලෝකයක්" සොයාගෙන යන මුල්ම නැව් ගමනේදී මෙම මුහුදු ප්‍රදේශය හරහා ගමන්කර තිබෙනවා. එම ගමනේ එක් රාත්‍රියක විශාල ගිණි ජාලාවක් (උල්කාපාතයක් විය හැකියි) මෙම මුහුදු ප්‍රදේශයට කඩා වැටෙනු දුටු බවත් ඉන් සති කිහිපයකට පසුව හදුනානොගත් එලියක් ඔහු සිටි ස්ථානයට තරමක් දුරින් දිස්වූ බවත් සඳහන්කර තිබෙනවා. එසේම ඔහුගේ මාලිමාව වැරදිසහගත අයුරින් ක්‍රියාකල බවත්(strange acting) වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ලෝකයට අනාවරණය වීම
බර්මියුඩා ත්‍රිරිකෝණයේදී සිදුවූ අබිරහස් අතුරුදන්වීමක් පිළිබඳ මුළින්ම වාර්තා කර තිබෙන්නේ 1950 සැප්තැම්බර් 17 වැනිදා AP පුවත් සේවයේ මාධ්‍යවේදී එඩ්වඩ් වැන් ජෝන්ස්. ඊට අවුරුදු දෙකකට පසු ජෝර්ජ් - X සෑන්ඩ් ද Fate සඟරාවේ ලිපියක් පලකරමින් නෞකා සහ ගුවන් යානා අතුරුදන් වීම් පිළිබඳ අනාවරණ කර තිබෙන අතර එහි සුප්‍රසිද්ද Flight 19 ගුවන් යානා අතුරුදහන්වීම් පිළිබඳවද සටහන් කර තිබෙනවා. අබිරහස් අතුරුදන්වීම් සිදුවන මෙම කලාපය බර්මියුඩා ති‍්‍රකෝණය යනුවෙන් නම් කර ඒ ගැන විශේෂංගයක් පළ කළේ 1964 දී වින්සන් ගැඩිස් විසිනි. ඔහු ලියූ මෙම විශේෂංගය පළවූයේ ආගෝසි (Argosy) සඟරාවේ මුල් පිටුවේය. ඉන් වසර 10 කට පසු චාර්ල්ස් බර්ලිට්ස්, 1945 වසරේ සිට සොයා එක්රැස් කළ සියලූම පර්යේෂණ වාර්තා හා තොරතුරු එකතු කර ‘බර්මියුඩා ති‍්‍රකෝණය’ යන නමින් පොතක් පළ කළේය. මේ පොත ආදායම් වාර්තා බිඳ හෙළමින් අළෙවි විය.
Flight 19
Flight 19 යන නම ලබා දී තිබුනේ 1945 දෙසැම්බර් 5 වන දින පුහුණු වීම් වාරයක් අතරතුර දී බර්මියුඩා ත්‍රිකෝණය අසල ප්‍රදේශය තුල අතුරුදහන් වූ ප්‍රහාරක යානාවකටයි. මෙම ගුවන් යානය සමග එය තුල සිටි 14 දෙනෙකු අතුරුදහන් වුනේ කිසිදු සලකුණක් ඉතිරි නොකරමිනි. තවත් පුදුම කරවන කාරණය වන්නේ අතුරුදහන්වූ ගුවන් යානය සොයා යාම සඳහා පිටත් කළ 13 දෙනෙකු ගෙන් යුත් ගුවන් යානයක්ද කිසිදු සලකුණක් ඉතිරි නොකර අතුරුදහන් වීමයි.
Flight 19 ගුවන් යානයේ කාර්ය මණ්ඩලය පළමුව තමන් සුදු පැහැ ජල තීරයකට ඇතුළු වෙමින් ඇතැයිද පසුව සුදු පැහැ නොව කොළ පැහැ ජල තීරයකට ඇතුළු වන බවද කළ දැනුම් දීමක් පිළිබඳ 1962 අප්‍රේල් American Legion සඟරාවේ ලිපියක සඳහන් කර තිබෙනවා. Flight 19 සිදුවීම බර්මියුඩා අභිරහස් අතර ප්‍රධාන තැනක් ගන්නා අතර මෙම සිදුවීම අලලා Close Encounters of the Third Kind යන නමින් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක් ද නිෂ්පාදනය කර තිබෙනවා.
අධික චුම්භක බලය
බර්මියුඩා ත්‍රිකෝණය අසල මාලිමාවල හැසිරිම ඉතා අසාමාන්‍ය වෙනවා කියලා හොයාගෙන තියෙනවා.සාමාන්‍යයෙන් මාලිමා කටුව දක්වන්නේ සැබෑ උතුර නොව චුම්බක උතුරයි. එහෙත් පුදුමය වන්නේ බර්මියුඩා ත්‍රිකෝණය අසලදී මාලිමාව පෘතුවියේ සැබෑ උතුර පෙන්වන බව කල පරීක්ෂන වලින් හෙලි වී තිබීමයි. පෘතුවියේ සැබෑ උතුර, චුම්බක උතුරින් අංශක 20ක් අපවර්තනය වී ඇති අතර මේ දිශා වෙනස මාලිමා මගින් පෙන්වීම සැබවින්ම අපැහැදිලි තත්වයකි.මේ අයුරින් මාලිමා යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය වෙනස් වන බවට හදුනගෙන ඇති අනෙක් ස්ථානය වනුයේ ජපානයේ Devil Sea වේ.මෙලෙස මාලිමා යන්ත්‍රය වෙනස් වෙන්නේ මෙම ස්ථාන වල ඇති අධික චුම්භක බලය නිසා යැයි සැලකේ.
=================================================================
අතුරුදන් වූ යානා පිළිබඳ විස්තරය By HarshaLulzSec
බර්මියුඩා ත්‍රිකෝණයේ ආසන්නතම බිල්ල By HarshaLulzSec
=================================================================
මචන්ස්ලා මම කට්ටියම ආස සබ්ජෙක්ට් එකක් ගැන ත්‍රෙඩ් එකක් පටන් ගන්න හිතුවා. පුද්ගලිකව ගත්තොත් මමත් පොඩි කාලෙ ඉදන්ම ගොඩක් ආසකලා ඔය ආකාශ වස්තු, අභ්‍යවකාශ යානා, පියාබන පීරිසි, විශ්වයේ රහස් වගේ දේවල්වලට. තාම නම් Professionally මේව ගැන හදාරන්න අවස්ථාවක් ලැබුනෙ නෑ. හැබැයි අන්තර්ජන්ජාලෙන්, පත්තරවලින් හොයා ගත්තු දේවල් එක්ක මේ ත්‍රෙඩ් එක පුලුවන්තරම් හැමෝටම තේරෙන විදියට කරන්න තමයි බලාපොරොත්තුව.
හරි එහෙන්ම් පටාන්ගමු..
ඔයාල දන්නවනෙ අද මේ ලෝකය අති විශාල ලෙස තාක්ශණික වශයෙන් දියුණුවට පත් වෙලා තියනවා. අපිට හිතාගන්නවත් බැරි දේවල් නවීන තාක්ශණය මගින් සිදු කරන්න පුලුවන් වෙලා තියනවා. කෙනෙකුට හිතෙන්න පුලුවන් අද මේ ලෝකෙ තාක්ශණයට, විද්‍යාවට කරන්න බැරි දෙයක් නෑ කියලා. නමුත් ඔයාල දන්නවද මේ තරම් දියුණු තාක්ශණයක් පවතින ලෝකෙක වුනත් තාමත් සමහර දේවල් තියෙනවා විශ්වාස කිරිමටවත් අපහසු නොවිසදුනු අභිරහස්. අගක් මුලක් හොයාගන්න බැරි ගැටලු. ඒ වගේ අභිරහස් කිහිපයක් පහතින් දක්වලා තියනවා.
1.බර්මියුඩා ත්‍රිකෝණය
2.පියාඹන පීරිසි
3.මිසරයේ පිරමීඩ
4.නෙස් විලේ අත්භූත සත්වයා
5.දියකිඳුරියෝ
6.යෙටී (හිමාලයේ හිම මිනිසා)
7. කලු කුහර
8. නස්කා ලයින්ස්
9.Easter Island
10.Stonehenge
මේවා ගැන එකින් එක විස්තරාත්මකව කතා කිරීම තමයි මගේ අරමුණ.
ඒ අනුව මේ ත්‍රෙඩ් එකේ අපි කතා කරන්නෙ බර්මියුඩා ත්‍රිකෝණය ගැන.
=================================================================
බර්මියුඩා ත්‍රිකෝණය (Bermuda Triangle/Devil's Triangle)
විශාල වශයෙන් නැව් සහ ගුවන් යානා අතුරුදහන් වූ ඉතාමත්ම අස්වාභාවික දෑ සිදුවන ප්‍රදේශයක් ලෙස බර්මියුඩා ත්‍රිකෝණය හදුන්වන්න පුලුවන්. මෙය උතුරු ඇමරිකාවේ ෆ්ලෝරීඩාවේ මයාමි, බර්මියුඩා දුපත් සහ කැරිබියන් මුහුදේ පිහිටි පෝර්ටෝ දූපත් ප්‍රදේශ ඇතුලත්ව අග්නිදිග අත්ලාන්තික් සාගර කලාපයේ ත්‍රිකෝනාකාර පෙදසක පිහිටා තිබෙනවා.
මේසේ අතුරුදහන් වූ නැව් සහ ගුවන් යානාවලට මොකද වුණේ? ඒවායේ ගමන් කළ අයට මොකද වුණේ? ඔවුන් කොහෙද ගියේ? මේ ප‍්‍රශ්නවලට නිසි පිළිතුරු ලබා දෙන්න විද්‍යාවට තවමත් හැකිවී නැහැ.
ජපානයට නැගෙනහිර මුහුදේ මෙවැනිම අසාමාන්‍ය චුම්භක ධාරා හා අභිරහස් අතුරුදහන් වීම් සිදුවන එතරම් ප්‍රසිද්ධියට පත්වී නොමැති කලාපයක් පවතින අතර එය ජපන් වැසියන් හදුන්වන්නේ "යක්ශයාගේ මුහුද/Devil's sea" ලෙසයි. එමනිසා බර්මියුඩා ත්‍රිකෝණය "යක්ශයාගේ ත්‍රිකෝණය" යනුවෙන්ද හදුන්වයි.
පුරාවෘත්තය
ලෝකයට අනාවරණය වීම
බර්මියුඩා ත්‍රිරිකෝණයේදී සිදුවූ අබිරහස් අතුරුදන්වීමක් පිළිබඳ මුළින්ම වාර්තා කර තිබෙන්නේ 1950 සැප්තැම්බර් 17 වැනිදා AP පුවත් සේවයේ මාධ්‍යවේදී එඩ්වඩ් වැන් ජෝන්ස්. ඊට අවුරුදු දෙකකට පසු ජෝර්ජ් - X සෑන්ඩ් ද Fate සඟරාවේ ලිපියක් පලකරමින් නෞකා සහ ගුවන් යානා අතුරුදන් වීම් පිළිබඳ අනාවරණ කර තිබෙන අතර එහි සුප්‍රසිද්ද Flight 19 ගුවන් යානා අතුරුදහන්වීම් පිළිබඳවද සටහන් කර තිබෙනවා. අබිරහස් අතුරුදන්වීම් සිදුවන මෙම කලාපය බර්මියුඩා ති‍්‍රකෝණය යනුවෙන් නම් කර ඒ ගැන විශේෂංගයක් පළ කළේ 1964 දී වින්සන් ගැඩිස් විසිනි. ඔහු ලියූ මෙම විශේෂංගය පළවූයේ ආගෝසි (Argosy) සඟරාවේ මුල් පිටුවේය. ඉන් වසර 10 කට පසු චාර්ල්ස් බර්ලිට්ස්, 1945 වසරේ සිට සොයා එක්රැස් කළ සියලූම පර්යේෂණ වාර්තා හා තොරතුරු එකතු කර ‘බර්මියුඩා ති‍්‍රකෝණය’ යන නමින් පොතක් පළ කළේය. මේ පොත ආදායම් වාර්තා බිඳ හෙළමින් අළෙවි විය.
Flight 19
Flight 19 යන නම ලබා දී තිබුනේ 1945 දෙසැම්බර් 5 වන දින පුහුණු වීම් වාරයක් අතරතුර දී බර්මියුඩා ත්‍රිකෝණය අසල ප්‍රදේශය තුල අතුරුදහන් වූ ප්‍රහාරක යානාවකටයි. මෙම ගුවන් යානය සමග එය තුල සිටි 14 දෙනෙකු අතුරුදහන් වුනේ කිසිදු සලකුණක් ඉතිරි නොකරමිනි. තවත් පුදුම කරවන කාරණය වන්නේ අතුරුදහන්වූ ගුවන් යානය සොයා යාම සඳහා පිටත් කළ 13 දෙනෙකු ගෙන් යුත් ගුවන් යානයක්ද කිසිදු සලකුණක් ඉතිරි නොකර අතුරුදහන් වීමයි.
Flight 19 ගුවන් යානයේ කාර්ය මණ්ඩලය පළමුව තමන් සුදු පැහැ ජල තීරයකට ඇතුළු වෙමින් ඇතැයිද පසුව සුදු පැහැ නොව කොළ පැහැ ජල තීරයකට ඇතුළු වන බවද කළ දැනුම් දීමක් පිළිබඳ 1962 අප්‍රේල් American Legion සඟරාවේ ලිපියක සඳහන් කර තිබෙනවා. Flight 19 සිදුවීම බර්මියුඩා අභිරහස් අතර ප්‍රධාන තැනක් ගන්නා අතර මෙම සිදුවීම අලලා Close Encounters of the Third Kind යන නමින් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක් ද නිෂ්පාදනය කර තිබෙනවා.
අධික චුම්භක බලය
බර්මියුඩා ත්‍රිකෝණය අසල මාලිමාවල හැසිරිම ඉතා අසාමාන්‍ය වෙනවා කියලා හොයාගෙන තියෙනවා.සාමාන්‍යයෙන් මාලිමා කටුව දක්වන්නේ සැබෑ උතුර නොව චුම්බක උතුරයි. එහෙත් පුදුමය වන්නේ බර්මියුඩා ත්‍රිකෝණය අසලදී මාලිමාව පෘතුවියේ සැබෑ උතුර පෙන්වන බව කල පරීක්ෂන වලින් හෙලි වී තිබීමයි. පෘතුවියේ සැබෑ උතුර, චුම්බක උතුරින් අංශක 20ක් අපවර්තනය වී ඇති අතර මේ දිශා වෙනස මාලිමා මගින් පෙන්වීම සැබවින්ම අපැහැදිලි තත්වයකි.මේ අයුරින් මාලිමා යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය වෙනස් වන බවට හදුනගෙන ඇති අනෙක් ස්ථානය වනුයේ ජපානයේ Devil Sea වේ.මෙලෙස මාලිමා යන්ත්‍රය වෙනස් වෙන්නේ මෙම ස්ථාන වල ඇති අධික චුම්භක බලය නිසා යැයි සැලකේ.
කට්ටිය ලිපිය දිග මදි කියපු නිසා තව තොරතුරු ටිකක් දාන්න හිතුවා.
බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස විසඳීමට මෙතෙක් ඉදිරිපත් වී ඇති සිද්ධාන්ත
1. සජල මීතේන් සිද්ධාන්තය Methane Gas Hydrates Theory
බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිත මුහුදු පත්ලේ විශාල මීතේන් නිධියක් පිහිටා ඇති බව මේ වනවිට සොයා ගෙන තිබෙනවා. මීතේන් යනු සරල ඇල්කේනයකි. මුහුදු පත්ලේ මීතේන් නිධිගත වී ඇත්තේ වායු මළු (gas pockets) ආකාරයටයි. සමහර අවස්ථා වලදී අධික පීඩනය හේතුවෙන් මෙම වායු මළු පිපිරී මීතේන් විශාල වශයෙන් මුහුදු ජලය හා මිශ්‍ර වේ. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ මුහුදු ජලයේ ඝනත්වය එක්වරම පහළ බසියි. එවිට මුහුද මතුපිට යාත්‍රා කෙරෙමින් ඇති ඕනෑම බෝට්ටුවක් හෝ නෞකාවක් තත්පර 10 කට අඩු කාලයකදී ගිලී යා හැකිවෙනවා. ඒ ආකාරයටම මීතේන් වායුව විශාල වශයෙන් වාතය හා මුසු වීමෙන් වායුගෝල ඝනත්වය අඩු වී අහසේ පියාසර කෙරෙමින් ඇති ගුවන් යානා වායු කලාපය තුළ ගිලී යාමටද හැකියාවක් පවතිනවා. ඊට අමතරව වාතයේ මීතේන් සාන්ද්‍රණය වැඩි වී, ඉන්ධන දහනයට අවශ්‍ය ඔක්සිජන් හිඟ වීමෙන් ගුවන් යානා එන්ජින් අක්‍රීය වීමද සිදු විය හැකියි.
2. ගල්ෆ් දියවැල් සිද්ධාන්තය Gulf Stream Theory
ගල්ෆ් දියවැල යනු ලොව දීර්ඝතම දියවැල් වලින් එකකි. සැතපුම් 60 ක් පළලැති, තත්පරයට අඩි 8 ක පමණ වේගයෙන් ගලා යන මෙහි ගමන් මාර්ගය බර්මියුඩා ත්‍රිකෝණයේ කොටසක් හරහා වැටී තිබේ. මෙම මතය දරන්නන්ගේ තර්කය වනුයේ යම් යම් හේතූන් නිසා මුහුදට කඩා වැටෙන ගුවන් යානා වල හා ගිලී යන නැව් වල සුන්බුන් කිසිවක් සොයා ගත නොහැකි වන්නේ ඒවා ගල්ෆ් දිය වැලට හසුව මුහුදේ ඈත ප්‍රදේශයන් වෙත ගසාගෙන යන නිසා බවයි.
3. රෝග් දිය රැළි සිද්ධාන්තය Rogue Waves Theory
![]()
1995 වසර වනතෙක්ම හුදෙක් සංකල්පයක් ලෙස පැවතුණු රෝග් දිය රැළි ගැඹුරු මුහුදේ හටගන්නා ඉතා විරල ගණයේ දිය රැළි විශේෂයකි. සාමාන්‍ය මුහුදු රැළි හා රෝග් රැළි අතර අනුපාතය 1:200 000 ක් පමණ වේ. මේවා ස්වභාවයෙන්ම අති දැවැන්ත වන අතර එක් දිය රළක් අඩි 40 ක සිට අඩි 200 ක් පමණ දක්වා උස් විය හැක! විශාල සුළි කුණාටු හා අකුණු ගැසීම් නිසා මෙවැනි දිය රැළි ඇති වන බව විද්‍යාඥයෝ විශ්වාස කරති. වඩාත් භයානක තත්ත්වය වන්නේ මෙබඳු දිය රළක් ඇති වන බව කලින් හඳුනා ගැනීමට හෝ අනතුරු හැඟවීමට ක්‍රමයක් නොමැති වීමයි. ක්ෂණයකින් හට ගන්නා රෝග් රැළි ඊළඟ නිමේෂයේදී අතුරුදහන් වේ. මේ දිය රළකට හසු වන ඕනෑම ප්‍රමාණයක නැවක් සුළු මොහොතකදී කිසිදු සළකුණක් ඉතිරි නොකොට මුහුදුබත් විය හැකිය. උදාහරණයක් ලෙස ගතහොත් මෙතෙක් මිනිසා නිපදවා ඇති විශාලතම නැව වන Knock Nevis නෞකාව (මෙහි දිග අඩි 1503 කි. Titanic නෞකාවේ දිග අඩි 882.5 ක් විය.) සම්පූර්ණයෙන්ම මුහුදේ ගිල්වා දැමීමට අඩි 157 ක් උසැති රෝග් දිය රළකට පුළුවන්. මේ ආකාරයටම අහසේ පහළ මට්ටමක ගමන් ගන්නා ගුවන් යානයක් වුවද රෝග් දිය රළක ග්‍රහණයට හසු විය හැකිය. එහෙත් බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිත ප්‍රදේශ වල රෝග් රැළි හට ගැනීමක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.
4. හරිකේන් සුළි කුණාටු සිද්ධාන්තය Hurricane Storm Theory
බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතව සුලභ වශයෙන් හරිකේන් කුණාටු හට ගනී. වර්තමාන තාක්‍ෂණය අනුව මෙවැනි කුණාටුවක් ඇති වීමට සතියකට පමණ පෙර ඒ පිළිබඳව අනතුරු ඇඟවිය හැකි වුවද 50, 60, 70 ආදී දශක වල එවන් පහසුකම් නොතිබිණ. දරුණු හරිකේනයක් අතරමැද ඇති වන Micro Burst තත්ත්වයකදී (මෙහිදී සිදු වන්නේ කුණාටුවේ මධ්‍ය කොටස ඉහළ ඇති වාතය පහළට උරාගෙන එම වාතය එක්වරම දෙපසට විහිදුවා හැරීමයි. මෙලෙස විහිදී යන සුළං ධාරා වලට දැවැන්ත වෘක්ෂයක් මුලින් උදුරා දැමිය හැකිය.) ඊට මැදි වන නෞකා හෝ ගුවන් යානා වලට අත් වන්නේ ඛේදජනක ඉරණමකි.
6. ඇට්ලාන්ටිස් පැහැර ගැනීම් සිද්ධාන්තය Atlantis Abduction Theory
![]()
මෙය තරමක් පිළි ගැනීමට අපහසු මතයකි. ඈත අතීතයේදී ඉතා දියුණු ශිෂ්ටාචාරයක්ව පැවතුණු ඇට්ලාන්ටිස් නගරය යම් හේතුවක් නිසා ක්‍රිස්තු පූර්ව 9600 දී සම්පූර්ණයෙන්ම මුහුදුබත් විය. මේ වනවිට මෙම නගරයේ සුන්බුන් මුහුදු පත්ළේ තිබී හමු වී තිබේ. මෙම මතය දරන්නන්ගේ අදහස වනුයේ ඇට්ලාන්ටිසය විනාශ වුවද, එහි ජීවත් වූවන් තමන් සතු වූ අතිශය දියුණු තාක්ෂණික දැනුම ආධාරයෙන් දිවි ගලවා ගත් බවයි. ඔවුන්ගේ අදහස අනුව එම ශිෂ්ටාචාරය මේ වනවිටත් මුහුදු පත්ළේ හෝ ඊටත් පහළ පෘථිවි ස්ථරයක පවතී. ක්‍රිස්තු පූර්ව යුගයේදී ඒ සා දැනුමකට උරුමකම් කියූ ඇට්ලාන්ටිසයන් වර්තමානය වනවිට විද්‍යා හා තාක්‍ෂණ දැනුමෙන් සාමාන්‍ය මිනිසා අභිබවා බොහෝ දුර ගොස් ඇති බවත්, මෙම ගුවන් යානා හා නෞකා අතුරුදහන් වීම් පසුපස සිටින්නේ ඇට්ලාන්ටිස් වැසියන් බවත් මොවුහු විශ්වාස කරනවා.
7. කාල-අවකාශ තරණ සිද්ධාන්තය Space-time Continuum Theory
![]()
නවීන තාරකා හා අභ්‍යවකාශ විද්‍යාවේ පවතින වැදගත්ම සංකල්පයක් ලෙස "පණු කුහර" (Worm Holes) හැඳින්විය හැකිය. ප්‍රායෝගිකව තවමත් මෙවැන්නක් හෝ මෙවැන්නක් නිර්මාණය කරන ආකාරයක් සොයා ගෙන නොතිබුණද, මේවා පැවතිය හැකි බව බොහෝ විද්‍යාඥයෝ තර්ක කරති. සරලව පැහැදිලි කළහොත්, කාලය හරහා හෝ අවකාශය හරහා ගමන් කළ හැකි නළයක හැඩැති මාර්ගයක් පණු කුහරයක් ලෙස අර්ථ දැක්වේ. මෙවැනි නළයක දෙපස විවරයන් දෙක A හා B යැයි සිතමු. ඔබ A විවරයෙන් නළයට ඇතුළු වුවහොත් B විවරයෙන් පිට වන්නේ A විවරයට ආලෝක වර්ෂ සියයක් හෝ දහසක් ඈතින් පිහිටි විශ්වයේ වෙනත් ස්ථානයකට හෝ සමාන්තර විශ්වයකට විය හැකිය. නැතිනම් A විවරය තිබෙන ස්ථානයේම B විවරයද පිහිටා තිබිය හැකි අතර එවිට ඔබ B විවරයෙන් පිට වන්නේ A විවරයෙන් ඇතුළු වූ ස්ථානයේම අතීතයට හෝ අනාගතයට ය! එනම් පණු කුහරය හරහා ගමන් කිරීමේදී ඔබ විසින් අවකාශය හෝ කාලය තරණය කොට ඇත. මෙම මතය උද්දීපනය කිරීමට සමත් සිදුවීමක් 1964 වසරේ ජූනි 7 දින බර්මියුඩා ත්‍රිකෝණ කලාපයේදී සිදු විය.
සිවිල් ගුවන් නියමුවරියක වූ කැරොලයින් කැෂියෝ එදින තම ගුවන් යානාව අහසට නැංවූයේ Grand Turk දූපත වෙත යාමටය. බහමාස් දූපත් සමූහයේ විශාලතම දූපතක් වන මෙම දූපත අධික ජනගහණයකින් යුක්ත වූ අතර මෙය සතුව විශාල ගුවන් තොටුපළක්ද පැවතිණි. ගුවන්ගත වී පැයකට පමණ පසු පාලක මැදිරිය ඇමතූ කැරොලයින්, තමන් මේ වනවිට විශාල හා ජනශූන්‍ය දූපතකට ඉහළින් පියාසර කරන බවත්, Grand Turk දූපත සොයා ගත නොහැකි බවත් දැන්වූවාය. ඇගෙන් ගුවන් යානයේ පිහිටීම පිළිබඳව තොරතුරු ලබා ගත් පාලක මැදිරියේ නිළධාරීහු මුහුණට මුහුණ බලා ගත්හ. අක්ෂාංශ හා දේශාංශ අනුව කැරොලයින් ගමන් කරමින් සිටියේ Grand Turk දූපතට ඉහළ අහසේය! එහෙත් ඇය පුන පුනා පැවසුවේ මේ නම් Grand Turk නොවන බවයි. මේ දූපතේ ගුවන් තොටුපළක් තියා කුඩා ගොඩනැගිල්ලක්වත් දක්නට නොමැති බවත්, මුළු දූපතම ඝන කැලයකින් වැසී ඇති බවත් දැනුම් දුන් කැරොලයින් ගුවන් යානය ආපසු හරවා ගෙන පාලක මැදිරිය වෙත පැමිණෙන්නේ යැයි කීවද ඇය යළි කිසිදු දිනෙක නැවත පැමිණියේ නැත! එසේ නම් ඇයට සිදු වූයේ කුමක්ද? කැරොලයින්ගේ ගුවන් යානය ළඟා වූයේ අතීතයේ තිබුණු, මිනිස් වාසයෙන් තොර වූ Grand Turk දූපතටද!!??
8. පිටසක්වළ බාධා කිරීම් සිද්ධාන්තය Extraterrestrial Interruption Theory
මෙම මතය දරන්නන්ගේ අදහස වනුයේ අතුරුදන් වන ගුවන් යානා හා නැව් සියල්ලම පාහේ බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතව ගැවසෙන යම් පිටසක්වළ ජීව විශේෂයක් විසින් පැහැර ගනු හෝ විනාශ කර දමනු ලබන බව යි. එය තහවුරු කිරීමට ඔවුහු කරුණු කිහිපයක් ඉදිරිපත් කරනවා.
✏ බර්මියුඩා ත්‍රිකෝණයේ දී සිදු වන අතුරුදහන් වීම් අසාමාන්‍ය හා අත්භූත ස්වරූපයක් ඉසිලීම.
✏ අතුරුදහන් වූ කිසිදු ගුවන් යානයක/ නැවක සුන්බුන් හමු නොවීම.
✏ බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිත ප්‍රදේශයේ හඳුනා නොගත් පියාසර වස්තු දර්ශනය වීම් බහුලව වාර්තා වීම.(රාත්‍රී කාලයේදී මෙම මුහුදු ප්‍රදේශය ඉහළ අහසේ විවිධ අසාමාන්‍ය ආලෝක පුංජයන් දක්නට ලැබෙන බව ද, දහවල් කාලයේදී මුහුදේ සිට ඉහළට එසවී අධි වේගයෙන් ඉහළ අහසට යන වස්තූන් දක්නට ලැබෙන බවද කියැවේ.)
පිටසක්වළ ජීවීන් බර්මියුඩා ත්‍රිකෝණය හරහා ගමන් ගන්නා අහස් යානා හා නෞකා මිනිසුන් සමගම පැහැර ගෙන ගොස් පෘථිවිය පිළිබඳ අධ්‍යයනය කිරීමට යොදා ගනු විය හැකි බව හෝ බර්මියුඩා ප්‍රදේශයේ ඇති පිටසක්වළ ජීවීන්ට සම්බන්ධ යම් දෙයක් මිනිසුන් ට හෙළි වීම වැළැක්වීමේ අරමුණින් ගුවන් යානා හා නැව් විනාශ කරනු ලබන බව මෙම මතධාරීහු අනුමාන කරනවා.

Last edited: