මොහොමඩ්ගේ පිළිතුරු ලිපිය

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,840
    920
    113
    මොහොමඩ්ගේ පිළිතුරු ලිපිය

    මොහොමඩ්ගේ පිළිතුරු ලිපිය​

    හිතවත් මිතුර !

    ඔබේ ලිපිය ලැබුනා .. ලැබුණු සැනින් පිළිතුරක් ලිවීමට නොහැකි උනේ වැඩ රාජාකාරී බොහොමයක් තිබුණු නිසා . උබෙයි මගෙයි අපෙයි අතරේ තිබුණු බැදීම් බිදෙනවට මමනම් කැමති නැහැ . මම හිතන්නේ බහුතරයක් සමාජය එයට කැමති නැහැ . ඒ නිසාම උබ අහල තිබුණු සියලුම ප්‍රශ්ණ වලට පිළිතුරු ලිවිම මගේ වගකීමක් . මේ පිලිබදව මැදහත් සිතින් බලාවි කියල මම විශ්වාස කරනවා . ඔවු අපි පොඩි කාලේ ඉදල එකට හිටියේ... අපි එකට සෙල්ලම් කරා.. සෙල්ලම් ගෙවල් හැදුවා.. කඩ දැම්මා... හොරා පොලිස් කරා... අපි එකට හැදුනේ ... එකට ඉස්කෝලෙ ගියේ..ඒ වගේම ළදරු කලේ අපි අතරේ තිබුණු සහෝදර බැදීමේ අඩුවක් තියෙනවා කියල මටනම් හිතෙන්නේ නැහැ . මොකද එදා එකට සෙල්ලන් කරපු සුජි අක්ක අද මග තොටේදී මුණගැහුනම් කතා කරලා යනවා වගේම අපේ අම්මත් බැංකුවේදී පුතේ කියල කථා කලේ ඒ හැගීම නිසානේ .

    ඉතින් මචන් අපේ අම්ම සාරි පොට ඔලුවට දාගෙන ඉන්න කාලේ උබලගේ අම්මත් ඇන්දේ සාරි . නමුත් අද අදින්නේ ඩෙනිම් ටී - ෂර්ට් ඒක මට ගැටළුවක් නොවුනේ වෙනස කියන දේ ලෝක ස්වභාවයේ කොටසක් කියන දේ තේරුම් ගෙන තිබුණු නිසා . ඒ වෙනසත් අපේ අම්මගේ වෙනසත් සිදු උනේ ඇදුමෙන් මිසක් අප අතරේ තිබුණු බැදීම් වලින් නොවේ කියන දේ උබ තේරුම් ගන්න ඕනේ කියන එකයි මම හිතන්නේ . ඇත්ත උබේ අම්මට කැමති ඇදුමක් ඇදාල නිදහසේ ජිවත් වෙනව වගේම මගේ අම්ම කැමති ඇදුමක් ඇදගෙන ජිවත් වීමේ අයිතියක් තියෙනවා කියන එක උබ අමතක කරන්න එපා මචන් ඒ නිසාම මගේ අම්මගේ ඇදුම උබ ගැටළුවක් කරගන්න එපා. ඒ එයාගේ කැමැත්ත . අපේ අම්මගේ ඇදුම ලංකාව අරබියක් කරනවානම් උබේ අම්මගේ අදුම ලංකාව යුරෝපයක් කරනව කියල කියන්න පුළුවනි නමුත් යථාර්තය වෙනස් මචන් අපි හැමෝටම ආගමික මතවාදයන් වගේම සමාජීය වශයෙනුත් විවිද පරස් පරයන් පවතිනවා . ඒ වෙනස තේරුම් නොගෙන අපිට ඕනේ විදිහට උබල ඉදපන් කියන එක නෙවේ විය යුත්තේ . විවිදත්වය තුලයි එකමුතුව රැදෙන්න ඕනේ කියන දේ මම විශ්වාස කරන සත්‍යය .

    මචන් උබ කීව හරි අපි සිංහල මුස්ලිම් තමයි හැබැයි උබ හිතනවානම් අපේ රටේ කාන්තාවන් ඉන්දියානු සාරිය අදින එක ලාංකීය කම කියල උබට වැරදිලා . සාරිය විතරක් නෙවේ සරම පවා අපේ ස්වදේශීය ඇදුමක් නෙවේ . ඉන්දුනීසියාව , මැලේසියාව වගේ රටවලින් අපිට ලැබුණු දායාදයන් තමයි සරම කියන්නේ .සරම කියන වචනය නිර්මාණය වෙන්නෙම "සැරෝන් " කියන මැලේ වචනයෙන් . නමුත් ඒ සරම අද සිංහලයාගේ ජාතික ඇදුමෙන් කොටසක් උනා කියල හෝ වෙළදාමේ අපු මුස්ලිම් වෙළෙන්දන්ගෙන් ලැබුණු දායාදයක් උනා කියල හෝ සිංහල කමට ගැටළුවක් වෙලා නැත්තේ එය හුදෙක්ම ඇදුමක් නිසා කියන දේ තෙරුන් ගන්න ඕනේ .

    අපි ඉස්කෝලේ යනකාලේ හලාල් බැලුවද ? ඔවු මම එදා හලාල් බැලුවේ නැහැ .නමුත් නිසාම් අන්සාෆ් හලාල් බැලුව ඒ නිසා උනේ කෑම කනකොට උබලගෙන් ඇහුව මස් ද මාළුද ඌරු මස් තියෙනවද කියල .. ඒ කාලේ උබල උන්ට විහිලු කලා ඒ විතරක් නෙවේ උන්ට හොරෙන් ඌරු මස් කවුවන්නත් දතකාපු හැටි අමතක නැහැ .. ඒ කාලේ අමතක කරන්නේ කොහොමද මචන් . උබල මට කතා කලේ තම්බි , නානා කියල ඒ තුල තිබ්බේ ඔලොක්කුවට වඩා ලෙන්ගතුකමක් ... හැබැයි අද මම හලාල් කෑම කන එක උබට ප්‍රශ්ණයක් වෙලා . මම ඉස්ලාමයට අනුව මගේ ඇවතුම් පැවතුම් වෙනස් කරන එක උබට ප්‍රශ්නයක් වෙලා . මම එදා උබලත් එක්ක එකට අඩිය ගැහුවා අද එහෙම නැහැ . එක සිකරට් එක බෙදාගෙන බීවා ඉස්සර උබල මට කියල තමයි මලක් ඔතාගන්නේ ... මම ඒ දේවල් නැවත්තුවම උබල මට කියන්නේ උබලගෙන් දුරස් වෙලා කියල . නැහැ මචන් මම උබලගෙන් ඈත් වෙලා නැහැ . හැබැයි උබලත් එක්ක එදා කල කී සමහර දේවල් වලින් ඈත් වෙලා . මිල අඩු වැඩි උනා කියල අපට අනුමත (හලාල් ) ආහාර ගන්න කෙනා කන්නේ අනුමත අහාර විතරමයි .එදා මම වගේ නමට මුස්ලිම් කෙනෙක් නම් ඕනෑම දෙයක් කාවි .

    මචන් අරාබි කාරයා අපිට සලකනවද නැද්ද කියන එක අපේ ආගමානු කුල ජිවිතයට ගැටළුවක් නොවේ . අපි පිළිපදින්නේ ඉස්ලාමය මිසක් අරාබි කාරයින්ව නොවේ . මචන් මගේ උන් උබලගේ උන් කියල වෙන් කරන්නේ මම ද උබද ? මම හිතුවේ උබ කියන්නේ මගේ එකෙක් කියල .නමුත් කවුරු හරි කෙනෙක් කරපු දේකට මට බැනල චෝදනා කරලා හරියන්නේ නැහැ නේද ? ලංකාව අරබියක් කරන්න හදන්නේ කවුද ? ඒ කොහොමද ? මටනම් තම තේරෙන්නේ නැහැ .

    කවුද ඔය කියන නායකයින් ? ගෝත්‍රිකයින් ?? ලේ රසම ඉල්ලනවා ?? මම මුලින් කිවා වගේ මිනිසුන් අතර විවිදත්වයන් තියෙනවා එය උපේක්ෂාවෙන් අවබෝද කරගත යුතුයි .එහෙම නැතිව උබලත් අපි වගේ වෙන්න ඕනේ කියන එක හරිම අසාධාරණ කතාවක් . අපිට ලේ හොලවන්න කොහෙත්ම අවශ්‍ය තවක් නැහැ . උබල අපි දිහා බලන විදිහෙයි වැරැද්ද තියෙන්නේ ...

    මචන් උබ ගලපවන දේවල් ගැන නැවතත් හිතපන් . සෞදිය කියන්නේ එක රටක් ඒ රටේ ඉන්න නිත්‍යය පුරවැසියන් සියල්ලන්ම මුස්ලිම් .වෙන නිත්‍ය පුරවැසියන් නැහැ . එහෙම තිබිලත් මේ උබ කියන සවුදියේ සිදුවෙච්ච දෙයක් කියන එක අමතක කරන්න එපා මචන් .
    උබලගෙ මක්කම කිට්ටුව පිරිත් දාන්න දෙනවද මොහොමඩ් ? (පොඩ්ඩක් බලපන් පල්ලෙහා මම දාල තියෙන ලින්ක් එක .)
    https://www.youtube.com/watch?v=taeqlNSWLj8
    7rmEVENTS - Jeddah Vesak Festival 2016 - වෙසක් සැමරුම 2016
    Jeddah Vesak Festival 2016 - වෙසක් සැමරුම 2016
    වෙන එකක් තියා පල්ලිය හදන්න ඉඩම දීල තියෙන්නෙත් දළදා මාලිගවෙන්ම නේද ? ඔවු මාලිගාවට අයත් භුමිය ලබා දුන්න . (කවුරුවත් කීවේ නැහැනේ නෑ කියල . ඒ වගේම ඒ මුස්ලිම් වරුන්ගෙන් රජ මාලිගාවටත් පන්සලටත් සේවයක් තිබ්බ . එදා රජුගේ වෙදදුරන් කොටසක් මුස්ලිම් වෙදදුරන් ඒ වගේම මුදු කරෙන් කරවල ටික ලුණු ටික ගෙනත් දුන්නේ ඒ මුස්ලිම් වෙළදුන් ... රජුගේ හිටිය මුස්ලිම් සේනාව පිලිබදව තව ටිකක් සොයා බලන්න ඒ නිසා තමයි ඒ මිනිස්සුන්ට ඒ වගේ පල්ලි හදන්න භුමිය ලැබුනේ. ඒ කලේ මේ වගේ පංගු පේරු තිබ්බ කියලනම් මට හිතෙන්නේ නැහැ මචන් .)

    කන පතේ පැහැරිම කියල කියන්නේ මොනවා කලාටද ???

    අර වඩිග කාලකන්නියාගේ අතිශය කුරිරු පලිගැනීමකට ලක් උන ඇහැලෙපොල කුමාරිහාමි නමින් තිබ්බ මාවත මුස්ලිම් පල්ලිය පාර උනා නේද හොර රහසෙම
    කව් රුත් මොකුත් කිව්වෙ නෑ නේද ? හොදයි දැන් ඔය නම වෙනස් කලේ කවුද ? මමද උබද ? එහෙම නම වෙනස් කරනවානම් එකට නිත්‍යානුකුල ක්‍රමයක් තියෙන්න ඕනේ ඒ ක්‍රමවේදය අනුව වෙනසක් වෙනවනම් ඒක හොර රහසේ වෙන්න විදිහක් නැහැ . එසේ නම වෙනස් කල කට්ටිය එක්ක එය විසදා ගන්නවා විනා සමස්ත මුස්ලිම් සමාජයටම චෝධන කරන එක සම්පුර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් .

    ඔවු උබ නියම තැනට ආව ... උබ කියන්නේ මාලිගාවට වඩා උසින් ගොඩනැගිලි නුවර ඉදිකරලා නැහැ කියලද ? ඒ මොනවා උනත් පල්ලියේ මිනාර් එක දළදා මාලිගාවට වඩා උසට හදනවා කියන්නේ කොහොමද ? පල්ලිය තියෙන්නේ වැවටත් වඩා පහත් බිමකනේ කුළුණ අඩි 8 ක් උස ගියත් මාලිගාවට වඩා ඉහල යන්නේ නැහැ . එහෙම යනවා කියනවනම් එතනම එහා පැත්තේ තියෙන කැන්ඩි සිටි සෙන්ටර් එක මාලිගාවට වඩා උසින් නිර්මාණය කරලා තියෙන්නේ . ඒ කෙසේවෙතත් කුලුන ගහන්න හැදුවේ පල්ලියේ දායක සබාව විසින් එකට අපේ ජාතියක් ගලපාගෙන උබ මට ලියුම් ලියල වැඩක් නැහැ . මොකද සිංහල බෞද්ධ සමාජයේ යමක් සිදු උනහම මම උබට චෝදනා කරේ නැත්තේ ඒ සිදුවීමට උබ හරි උබේ සමාජය වගකියන්න ඕනේ නැති බව දන්නා නිසා . හැබැයි පල්ලියේ දායක සභාව නගර සභාවෙන් අවසර නොගෙන එම ඉදිකිරිම කල බව පැවසෙනවා ඒ අනුව ඔවුන් සිදු කර තිබෙන්නේ කිසි සේත්ම නිවැරදි ක්‍රියාවක් නොවෙන බවත් මගේ මතය. එසේම එය දඩ මීමා කරගෙන භික්ෂුන් සහ තවත් පිරිසක් විසින් ව්‍යාප්ත කල මිත්‍යාවද නොවිය යුත්තක් ඒ තමයි පල්ලියේ කුලුන දළදා මාලිගයට වඩා ඉහලට ඉදිකරන බව . එය පට්ට පල් අමුලික බොරුවක් .

    මම මගේ ආගමට ගරු කරන නිසාම අන්‍යය ආගම් වලටත් ගරු කරනවා . ඒ නිසා තමයි එෆ් බි එකේ අපේ නබි තුමාට සහ අල්ලාහ් ට ඉතාමත් පහත් අන්දමෙන් ගරහන කොටත් කිසිම විටක බුදුන්ට අපහස නොකිරීමට වගබලාගත්තේ . නැවතත් කියන්න ඕනේ අපේ නායකයින් කියන්නේ දේශපාලකයින් නොවේ ඔවුන් මුස්ලිම් සමාජයේ ඉතාමත් සුලුතරයකගෙ මනාපයෙන් දේශපාලනයට ආ පුද්ගලයින් පමණයි . ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් ඔවුන් ජාතිය ආගම ඉදිරියට දාගෙන වහසි බස් දොඩවනවා ඇති හරියට හෙළ උරුමය කරනව වගේ . බොදු බල සේනාව කරා වගේ .. නමුත් මම හෝ මුස්ලිම් සමාජයේ බහුතරයට ඔවුන් නායකයින් නොවේ .

    එම කුලුන ගහන්න ඕනේ උනේ ඇයි කියල කියන්න පුළුවන් ඒ ගහපු මිනිස්සු මිසක් මට නෙවේ .. හැබැයි උබලගේ දාගැබ , බුදු ගෙය , බණ මඩුව වගේ පල්ලියක මිනාර් (කුලුන ) එක එක් කොටසක් කියන එකනම් මම දන්නවා .
    ඔන්න මම උබේ ප්‍රශ්ණ ඔක්කටම උත්තර ලිවුවා .
    මචන් මම මේ උත්තර ලිවෙත් උබ මගේ මිතුර නිසාත් ඉදිරියටත් උබ මට මගේම මිත්‍රයා නිසාත් . ඒ නිසා අන්තිමට මෙන්න මේ ටික කියන්න ඕනේ .
    අපේ රටේ මුස්ලිම් හෝ බෞද්ධ සමාජය නියෝජනය කරන යම් පිරිසක් විසින් සිදු කරන අකටයුත්තක් සමස්ත සමාජයටම ආලේප කරන්න එපා . ඒ වගේම අප ගැන සැකයක් ඇති උන හැම වෙලේම මගෙන් අහන්න ඇත්ත නැත්ත සාක්කි සාදක ඇතිව නිරවුල් කරගන්න . මොකද සැකය කියන්නේ බිය ඇතිකරවන මූලයයි ... බිය කියන්නේ ප්‍රචණ්ඩත්වයේ ආරම්භයයි ,,, මේ යතාර්ථය පහුගිය කාලයේ අපි සියල්ලෝම අත් වින්ද .. අපි කාටවත් ලේ සොලවන්න අවශ්‍ය නැහැ .. සිදුවිය යුත්තේ එකින් එකා පිලිබදව සැක බිය දුරු කරගැනීමයි එය සිදු වන්නේ එකින් එකා පිලිබදව ඇති දුර්මතයන් නිරවුල් කරගැනීමෙන් සහ පාට කන්නාඩි වලින් සමාජයන් දෙස නොබැලීමෙන් කියන එකයි මට කියන්න තියෙන්නේ .
    ඉතින් මම දැනට නවතිනවා අපි නැවත මුණගැහෙමු. ඒදා වගේම එකට ලෙන්ගතුව අපේ රටේ අනාගතය වෙනුවෙන් වැඩ කරමු ... ඇදුම් අදින විදිහ කන බොන විදිහ දිහා බලල වැරදි අවබෝධයන් ඇති නොකර ගමු ... " විවිදත්වය තුල එකමුතුව ගොඩනගමු " ඉන්ෂා අල්ලාහ් .
     
    Aug 14, 2015
    1
    0
    1
    Mohamad

    Eththatama me wage prashna lankaawe thiyenwada ban???
    Api nam yaaluwo set eka thaamath eka wage.
    kaalen kaaleta ena political trend wala ta ahu wenna ep machanla...:shocked:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    උන් දැන් වෙන මේ හැමදේම සදාරනිකරණය කලා වගේ දවසක අපේ මිනිස්සුන්ගේ බෙල්ල කපන එකත් සදරනි කරණය කරයි අපුරුවට...
    ඒ දවස එනකන් බලන් ඉදපන් :angry:
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    prashnen lessala yaama,niyameta karala thiyenawa

    උන් දැන් වෙන මේ හැමදේම සදාරනිකරණය කලා වගේ දවසක අපේ මිනිස්සුන්ගේ බෙල්ල කපන එකත් සදරනි කරණය කරයි අපුරුවට...
    ඒ දවස එනකන් බලන් ඉදපන් :angry:

    :yes::yes::yes:
    thambinta nam kohomath mole nahane machan. eth ape sinhalayo eetath wada antha thathweta watila thiyena ekane duka.. :( sahajeeawane kiyala thambiyata pu*a deegena innane godak un asa..:angry:
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    mata umbala gena peheduna.:( awilla maawa badaganin tambi yaluwe:love::love:
    brainless-muslims.jpg

     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    උන් දැන් වෙන මේ හැමදේම සදාරනිකරණය කලා වගේ දවසක අපේ මිනිස්සුන්ගේ බෙල්ල කපන එකත් සදරනි කරණය කරයි අපුරුවට...
    ඒ දවස එනකන් බලන් ඉදපන් :angry:

    sirawata
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කැන්ඩි සිටි සෙන්ටර් එක මාලිගාවට වඩා පහලින් නෙහ් හදල තියෙන්නෙ දන්න විදියට.
     
    Last edited:

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    උන් දැන් වෙන මේ හැමදේම සදාරනිකරණය කලා වගේ දවසක අපේ මිනිස්සුන්ගේ බෙල්ල කපන එකත් සදරනි කරණය කරයි අපුරුවට...
    ඒ දවස එනකන් බලන් ඉදපන් :angry:
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    උබ දුක් වෙන්න එපා පුතා මේ ඔක්කොම අල්ලගෙ කැමැත්තට වෙන දේවල්. උබල දවසට පස් පාරක් වදින නිසා පොර දැන් ඉන්නෙ ඉදිමිලා. උබලටමයි ඔක්කොම කරදර. අල්ල සිංහල මුනියට කියල තියෙන්නෙ හම්බය ජරා සතා කියල. අපිට කරන්න දෙයක් නෑ සියල්ලම සිද්ධ වෙන්නෙ දෙවියන්ගෙ කැමැත්තටනෙ.
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    mata umbala gena peheduna.:( awilla maawa badaganin tambi yaluwe:love::love:
    brainless-muslims.jpg



    27-4. පරලොව විශ්වාස නොකරන්නාවූ ඔවුනට ඔවුන්ගේ ක‍්‍රියා අලංකාර කළෙමු. එනිසා ඔවූහු අන්ධ ලෙස (මංමුළාවේ) හැසිරෙති.

    27-5. ඔවුනටය නපුරු දඬුවම. තවද පරලොවෙහි අන්ත පරාජිතයෝද ඔවූහුමය.

    27-6. (නබි මුහම්මද්ණී) සර්ව ප‍්‍රාඥ සහ සර්වඥවූ අල්ලාහ්ගෙනි නියතවශයෙන් නුඹට මෙම කුර්ආනය ලැබෙනුයේ.

    27-14. ඔවුන්ගේ හදවත් එය පිළිගත් නමුත්, අසාධාරණය සහ පුහුමාන්නය නිසා ඔවූහු ඒවා ප‍්‍රතික්ෂේප කළහ. එනිසා කැරලිකාරයින්ගේ අවසානය කෙසේවී දැයි බලනු.


    3-185. සෑම ජිවියෙක්ම මරණයේ සුව විඳිති. නුඹලාට නුඹලාගේ පූර්ණ ඵලවිපාක දෙනු ලබන්නේ පරමාන්ත දිනයේදීය. යමෙක් අපායග්නියෙන් මිදෙනු ලැබ ස්වර්ගයට ඇතුළත් කරගනු ලැබේ නම් ඔහු සැබෑ ලෙසින්ම සාර්ථකත්වය ලබන්නේය. මෙලොව ජිවිතය මායා සුඛෝපභෝගයක් මිසල නැත.