යූ.එන් ජොබ් එකක් සෙට් කර ගනිමු

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    7.බයෝ ඩේටා / ජීව දත්ත පත්රිකාවක් නිසි ආකාරයෙන් සකසා ගන්නා ආකාරය.

    දැන් අපි බලමු බයෝ ඩේටා එකක්, එහෙම නැත්නම් ජීව දත්ත පත්රිකාවක් සකසා ගන්නෙ කොහොමද කියල. මේක ඉතාම වැදගත්. මේකෙන් තමා ඔයාල ගැන ආයතනයට පලමු වැටහීම, එහෙම නැත්නම් සින්ග්ලිශ් වලින් කියනව නම් ෆස්ට් ඉම්ප්රෙශන් එක එන්නෙ. එකක් හොදට මතක තියාගන්න ඕනි. මේක ජ්යාත්යන්තර ආයතනයක්. ලංකාව ඇතුලෙ තිබ්බත් එච්චරයි. ඒ නිසා ජාත්යන්තර ආයතනයකට වැදගත් විදිහට හදන්න ඕනි. පල්හෑලි අදාල නෑ. කෙටියෙන්, නිරවුල්ව සංෂික්ප්තව තියෙන්න ඕනි. ඒවගෙම පොඩි පොඩි සුදුසුකම් ඒ කියන්නෙ බනි කෑමෙ තරගයෙන්, අවුරුදු කුමාරිට ඇහැ තැබීම වගේ තරග වලින් දිනපුව අදාල නෑ. ඕ ලෙවෙල් ඒ ලෙවෙල් සුදුසු කම් වැඩක් නෑ. ඒව පාස් වුනා නම් ඒක කිව්වම ඇති. වෘත්තීය සුදුසුකම් සහ අත්දැකීම් තමයි බලන්නෙ. මේ තියෙන්නෙ මම පාවිච්චි කරන ෆෝමැට් එක. මේක අත්දුටුවයි ප්රතිපල දායකයි. මම හදපු රෙද්දක් නෙවේ. ඉන්ගිරිසි කාල දිරවපු කෙල්ලේක් හදල දුන්න එකක්. බයෝ ඩේටා හදල සිරාවටම යූ.එන් ජොබ් එහෙකට දාන එකෙක් ඉන්නවනම් බයෝ ඩේටාව චෙක් කරල දෙන්න පුලුවන්. එහම නැතුව පොඩි පොඩි වෙන ජොබ් එව්වනම් බලන්න වෙලාව නෑ. අවස්ය අය පී.එම් එකක් දාන්න. මෙන්න ෆෝමැට් එක සහ අවස්ය කරුණු :


    • තමන්ගේ ජායාරූපයක් සහිතව ලිපිනය, දුරකතන අංකය හා ඊ මේල් ලිපිනය: ජායාරූපය ඉතා පැහැදිලි වෘත්තීය මට්ටමේ එකක් වීම අවස්යයි. කුඩුකාර ලුක් තියෙන එව්වනම් දාන්න එපා. වැඩේ එතනින්ම හබක් තමා. ස්ටුඩියෝ එකකට ගිහින් ටයි පොල්ලක් එහෙම දාල ගන්න. ලිපිනය එතරම් වැදගත් නෑ. දුරකතන අංකය ඉතා වැදගත්. නිතරම තමන්ව සම්බන්ද කරගන්න පුලුවන් ජංගම දුරකතන අංකයක් වීම ඉතාම සුදුසුයි. ඒ වගේම ඊමේල් එක නිතරම චෙක් කරන එකක් වෙන්න ඕනි.

      • තමන් ගැන පොඩි හැදින්වීමක්: මේක පරිසමින් ලියන්න ඕනි. කෙටි වෙන්න ඕනි . තමන්ගෙ වෘත්තීය සුදුසුකම් ගැන කෙටියෙන් සදහන් කිරීම සුදුසුයි.

      • වෘත්තීය සුදුසුකම්: අවසන් සුදුසුකම මුලින්ම සදහන් කරන්න. තමන් කල ව්යාපෘති තියෙනවනම් ඒවා සරලව කෙටියෙන් සදහන් කරන්න. තමන් ඉල්ලන රස්සාවට කෙලින්ම අදාල ඒවා සවිස්තරව දන්වන්න. විදේශිකයන් හා සේවය කර තියෙනවනම් ඒවා මග අරින්න එපා.

      • අද්යාපන සුදුසුකම්: ඉහලම උපාධිය හෝ ඒ සමාන සුදුසුකමේ සිට පහලට. උපාධි වගේ ඒවගෙ තමන් විශේශයෙන් ඉගෙන ගත්ත එව්වා දාන්න. ඉස්කෝලේ සබ්ජෙක්ට් අදාල නෑ. පාස් වෙච්චි අවුරුද්දයි ඉස්කෝලෙයි දැම්මම හරි.

      • වෙනත් සුදුසුකම් : වෘත්තියට කෙලින්ම අදාල නොවන, ඒත් වැදගත් ඒවා. කවුන්සලින්, වෙනත් භාශා, ඩිප්ලොමැටික් කොලිෆිකේශන් එහෙම තියෙනවනම් දාන්න. පොඩි පොඩි එව්වා අදාල නෑ.

      • පුහුනුවීම ආදිය: වෙන රටක පොඩි ට්රේනින් එක්කට ගියත් මගාරින්න එපා. ලංකාවෙ ලබපු පුහුණුවීම් වැදගත්.

      • කතා කරන්න පුලුවන් භාශා : ඉන්ග්රීසි වලට අමතරව වෙනත් එක්සත් ජාතීන්ගේ අනුමත භාශා දන්නවනම් සදහන් කරන්න. මව් භාශාවට ඉස්සෙරහින් නේටිව් ලැන්ග්වේජ් කියල දාන්න. යූ.එන් ලැන්ග්වේජ් මේ ලින්ක් එකෙන් බලා ගන්න පුලුවන්.

      http://www.un.org/en/sections/about-un/official-languages/

      • නෑදෑයන් නොවන ඔබ පිලිබදව විමසිය හැකි අය: දෙන්නෙක් සදහන් කරන්න, ලිපිනයත් සමග. පහසුවෙන් දුරකතන මාර්ගයෙන් හෝ දුරකතනයෙන් සම්බන්ද කරගත හැකි අය වීම අනිවාර්යයි. වෘත්තීය දෙදෙනෙකු වීම වැදගත්. කොච්චර හිතවත් උනත් ඔබ කරන රැකියාව පිලිබදව කියන්න බැරි අය දාන්න එපා.

      හරි එච්චරයි. ඉන්ටවිව් එකට මුහුණ දෙන ආකාරය ඊලග කොටසින් බලමු.
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    8.ඉන්ටවිව් වලට මුහුණ දෙන ආකාරය.

    එක්සත් ජාතීන්ගේ ආයතන වලට නිලදාරින් බදවා ගන්න පාවිච්චි කරන සම්මුඛ පරීක්ශනය ක්රමය තමයි හැකියාවන් මත පදනම්ව පවත්වන සම්මුඛ පරීක්ශන ක්රමය. මේ විකිපීඩියා පිටුවෙන් මේ ගැන දල අදහසක් ගන්න පුලුවන්.:yes:

    https://en.wikipedia.org/wiki/United_Nations_Staff_Selection_System

    එක එක රැකියාවන්ට අදාල කාර්ය සාධන මට්ටම් නියම කරල තියෙනව. ඒ කාර්ය සාධන මට්ටම් අනුව තමයි මේ සම්මුඛ පරීක්ශන ක්රමය පැවැත්වෙන්නෙ. මේ සදහා නිලඪාරීන් පුහුනු කිරිම්ම එක් එක් ආයතන මගින් සිදුකරනු ලබනව. මමත් ඒ ආකාරයෙන් පුහුණුව ලබල තියෙන නිසා මේ පිලිබදව වැඩි විස්තර පවුද්ගලිකව අවස්ය නම් ලබා දෙන්නත් පුලුවනි.
    මේ තියෙන්නෙ ඒ අදාල වෘත්තීය සාධන මට්ටම්. රැකියාව පිලිබද පලකරන දැන්වීමෙ අවස්ය සාධන මට්ට්ම දාල තියෙනව. ඒ නිසා ඊට අදාලව මෙතනින් බලාගන්නයි තියෙන්නෙ.:D:D

    https://careers.un.org/lbw/attachments/competencies_booklet_en.pdf

    මේ සම්මුඛ පරීක්ශන සම්පූර්ණයෙන්ම ඔබගේ වෘත්තීය අත්දැකීම මත තමයි පදනම් වෙන්නෙ. කිසි විටෙකත් " මෙහෙම උනානම් ඔයා කොහොමද විසදන්නෙ" වගේ පුරස්න ඇසීමක් නෑ.:yes:

    මේ සම්මුඛ පරීක්ශන ක්රමය හදුන්වන්නෙ බැක් මොඩල් (BACK Model) කියල.ඒකේ තේරුම මේකයි.

    • Background (පසුබිම )
    • Actions (කල දේ )
    • Consequences (ඊට පසු වෙච්ච දේ)
    • Knowledge gain (එයින් ඉගෙන ගත්ත දේ )

    Background: පසුබිම කියන්නෙ මොකද්ද සිද්දිය කියන එක. තමන් ප්රශනයක් විසදූ අවස්තාවක් හිතමු. ඒ ප්රශ්නේ පසුබිම.

    Actions: කලදේ: තමන් ඒ ප්රශ්නෙ විසදන්න කල දේවල්.

    Consequances : ඊට පසු වෙච්චි දේ : තමන් ඒ දේ කලාට පස්සෙ වෙච්චි ප්රතිපල.

    Knowledge gain: එයින් ඉගෙන ගත්ත දේ. ඒක විස්ටර කරන්න දෙයක් නෑ. ඒකම තමා.

    මේකෙදි කරුනු දෙකක් මතක් කරන්න ඕනි. ප්රශ්න වලට උත්තර දෙත්දි හම විටම තමන් කල දේ කියන්න. කියන වචනෙ වෙනුවට කියන වචනෙ පාවිච්චි කරන්න. මේක අපේ ස්ංස්කෘතියත් එක්ක හරි අමාරුයි කරන්න. ඒත් කරන්නම වෙනවා.:yes:
    අනික බොරු ගොතන්න එපා. අහුවෙනවාමයි.:P
    තව දෙයක්. චොර වෙච්චි, ඇණ ගත්ත කේස් ගන්න එපා. අවුලක් උනත් තමන් උපරිමෙන් කල, යමක් ඉගෙන ගත්ත දේවල් විතරක් කියන්න.:yes::yes:

    මේ වීඩියෝ වලින් තව දුරටත් ඉගෙන ගන්න පුලුවන්.







    හරි. එච්චර තමයි කියන්න තියෙන්නෙ. ප්රශ්න තියේනම් අහමු.:D

    වැදගත් කරුණු කීපයක් ඊලග කොටසින් (අවසන් කොටසින්) කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෙන්න මේ කරුනු ටිකත් මතකේ තියා ගන්න.

    යූ.එන් එක කියන්නෙ බොහොදුරට සල්ලි වියදම් කිරීමට පුරුදු වෙච්ච ආයතනයක්. ඩෝනර් ලගෙන් හම්බ වෙච්ච මුදල් නිසියාකාරව කලමණාකරණය කිරීමයි වෙන්නෙ. ඒ නිසා ඒ පරිසරයට හැඩ ගැහෙන්න ටිකක් අමාරුයි. ඒ වගේම මේ පරිසරයට හුරු උනාම ආපහු හැරෙන්නත් ටිකක් අමාරුයි. ඒක ටිකක් මතකයේ තියා ගන්න වෙනව.

    යූ එන් එක ඇතුලෙ පවතින්න පන්දම ටිකක් ඕනි. වැඩකරලම ස්තාවරේ හදාගන්න බෑ. පොඩ්ඩක් තමන්ව මාර්කට් කරල හොද රෙෆරීලව සෙට් කරල තියා ගන්න ඕනි.

    මේකෙ පර්මනන්ට් ජොබ් දීමක් නෑ පහල ග්‍රේඩ් වලට. ඒ නිසා හැමදාම ඉන්න බලාගෙන එනවනම් පොඩ්ඩක් හිතල බලල ඒක කරන්න වෙනව. හොදම දේ තමන්ට කියල ගානක් හම්බ කරන් තනියෙම මොනවා හරි කරන්න හදන එක. එහෙම නැතුව හම්බවෙන ඔක්කොම වියදම් කරන්න පුරුදු වුනොත් නම් පුටේ බඩු බනිස්, බනිස් පැකට් තමා.

    ගොඩක් ස්ට්‍රක්චර් වෙච්චි ආයතනයක්. ඒ නිසා බොස්ලව ශෙප් එකේ තියාගන්න ඕනි. ඒ වගේම ඕනම ආයතනයක ලොකු බොස්ට ඉතා ඉහල බල තල තියෙනව. දිට්ට දැම්මොත් ආයෙ එනවා බොරු.

    වංචාව, දූෂනය, ලිංගික හින්සනය, වර්ගවාදය වැනි කරුණු නිසා ක්ශනයකින් රැකියාව අහිමි කරන්න පුලුවන්.

    මෙහෙ බොස්, සර්, මිස්ටර් නෑ. ඔක්කොටම නම කියල තමයි කතා කරන්නෙ.

    ඔන්න ඔච්චරයි කියන්න තියෙන්නෙ. යමක් ඉගෙන ගත්ත කියල හිතෙනව.

    හැමවේලෙම හම්බ කරන දේ ඉතුරු කරල ආයෝජනය කරන්න. එහෙම කලොත් විතරයි සිංහල ජාතියට පැවැත්මක් තියෙන්නෙ.:)

    ජය වේවා හැමෝටම.
    :):)
     
    Last edited:
    • Like
    Reactions: sri D

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    මට කොහොමද මෙච්චර කාලයක් මේ ත්‍රෙඩ් එක මිස් උනේ??:shocked::shocked:
    පට්ට ත්‍රෙඩ් එක සහෝ රෙප්+++

    UN එකේ ලංකාව ඇතුලෙ ජොබ් වල තත්වෙ තව ටිකක් විස්තර කරන්න පුලුවන්නම් වටිනවා:yes:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මට කොහොමද මෙච්චර කාලයක් මේ ත්‍රෙඩ් එක මිස් උනේ??:shocked::shocked:
    පට්ට ත්‍රෙඩ් එක සහෝ රෙප්+++

    UN එකේ ලංකාව ඇතුලෙ ජොබ් වල තත්වෙ තව ටිකක් විස්තර කරන්න පුලුවන්නම් වටිනවා:yes:

    යූ එන් එකේ ලංකාව ඇතුල ජොබ් තත්වෙ එච්චර සුභදායී නෑ. ලංකාව බොහෝ දුරට ස්තාවර සාමකාමී රටක් නිසා (දෙයියන්ගෙ පිහිටෙන්) ගොඩක් පුරප්පාඩු නෑ. තියෙන එව්වට රිංගන් ඉන්න එවුන් පැන්ශන් යනකම් යන්නෙ නෑ. ඒත් කන්ට්‍රෑක්ට් බේසිස් ජොබ් තියෙනවා. www.unjobs.org සයිට් එකේ ලංකාව වෙනම බලන්න පුලුවන්. :cool:

    මතක තියා ගන්න ඕනි කාරනේ තමා යූ එන් එක අස්සට රිංග ගන්න එක තමා අමාරු. ආවට පස්සෙ උඩට යන්න තමන්ගේ උත්සාහය සහ වාසනාව අදාලයි.:):)
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    යූ එන් එකේ ලංකාව ඇතුල ජොබ් තත්වෙ එච්චර සුභදායී නෑ. ලංකාව බොහෝ දුරට ස්තාවර සාමකාමී රටක් නිසා (දෙයියන්ගෙ පිහිටෙන්) ගොඩක් පුරප්පාඩු නෑ. තියෙන එව්වට රිංගන් ඉන්න එවුන් පැන්ශන් යනකම් යන්නෙ නෑ. ඒත් කන්ට්‍රෑක්ට් බේසිස් ජොබ් තියෙනවා. www.unjobs.org සයිට් එකේ ලංකාව වෙනම බලන්න පුලුවන්. :cool:

    මතක තියා ගන්න ඕනි කාරනේ තමා යූ එන් එක අස්සට රිංග ගන්න එක තමා අමාරු. ආවට පස්සෙ උඩට යන්න තමන්ගේ උත්සාහය සහ වාසනාව අදාලයි.:):)

    තෑන්ක්ස් මෝර මාමෙ විස්තර ටිකට

    ප.ලි:- ලංකාව ඇතුලෙ කන්ට්‍රෑක්ට් බේසිස් UN ජොබ් වල සැලරි & වරප්‍රසාද එහෙම කොහොමද??