අපි ඉඳපු බොඩිමේ කොල්ලො පස් දෙනෙක් හිටිය එක කාමරේක ඇඳන් තුනයි කොල්ලො තුනයි, බදුල්ලෙ කොල්ලෙක් හිටිය කා.කා.ස. කෙනෙක් ඌ උදෙ 5.00 විතර වැඩට යනව ඌ හිටියෙ අපි හිටිය කාමරේ නෙවෙයි අනිත් කාමරේ ඒකෙත් ඇඳන් තුනයි දෙකක බෝඩර්ස්ල අනිත් ඇඳේ ගෙදර කොල්ලො දෙන්නම ඉන්නව උන් උ.පෙළ කරල ජොබ් නැහැ එහෙමෙහෙ එක එක කෝස් කරකර ඉන්නව තාම, ඉතින් අර බදුල්ලෙ එකා කරන්නෙ හැමදාම වැඩ ඇරිල එන්නෙ රෑවෙලා ආවට පස්සෙ ඌ ජොකා යි මේස් බැනියමයි ගලවල අර ගෙදර එවුන් කලිසම් එල්ලපු එකේ උන්ගෙ කලිසමට යටින් එක්කල තියනව,මූ ඊට පස්සෙන්දා උදේට අලුත් එකක් ඇඳගෙන යනව, උදේ 10.00ට විතර ඇන්ටි ඇවිත් අරූගෙ ජොකයි බැනියමයි හෝදල දානව ගෙදර එවුන්ගෙ කියල හිතාගෙන. ඌ ඉන්නකම්ම උගේ ජොකා හේදුවෙ ඇන්ටි තමයි, අවුරුද්දක් විතර ගියාට පස්සෙ ඌ පර්මනන්ට් වුනා ඊට පස්සෙ බදුල්ලට මාරුවක් හදාගෙන ගියා.මුගේ ජොකා ඩැමේජ් වෙද්දි ගෙදර එවුන්ට සල්ලි හම්බවෙනව... මතක් වෙද්දි තාමත් හිනා...