ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

Status
Not open for further replies.

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඉතුරු ටික කෝ ඉක්මනට දාපන් මචන්.

    අඩෝ උඹ කොමාන්ඩෝස් ගැහුවද ඉස්සර?
    අඩෝ මගෙත් පට්ට අසා ගේම් එකක් රෑක් දවාලක් නෑ ඕක ගහන්න ගත්තම. :rofl:

    Commandos_Behind_Enemy_Lines.jpg


    මේක නේද?
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0

    ඉතිං ඊට පස්සේ භාතිය..​

    2 කොටස.

    තව දුරටත් මට නිකමෙක් ලෙස මෙසේ සිටින්නට බැරිය. මගේ ජීවිතය මා ගොඩනගා ගත යුතුය. මට ලැබී ඇති මේ මිනිස් ජීවිතය නිකරුනේ ගෙවා දමා කාළකන්නියෙකු සේ මැරී යන්නට මට බැරිය. මෙවැනි සිතුවිලි රාශියක් හිතෙහි ඉහලට නැගෙන්නේ දැන් මා නිකමෙකු බව මටම පසක්ව ඇති නිසාවෙනි. මම විසින් මටම විරුද්ධව නැගී සිටියේය. ජීවිතය හදා ගන්නට සහ චිත්ත දුක්ඛයන්ගෙන් මිදී සිටින්නට හැකි හොද මාර්ගයක් මගේ ඔලුවට ආවේය. එය නම් ජීවත්වෙන නගරයෙන් තරමක් දුරස්වී රැකියාවක් කිරිමය. එවිට නගරයේ ඇති සිහිවටන ස්මාරක වලින් මා ඈත්වෙනු ඇත. එමෙන්ම රැකියාව කරන අතරතුරේ කුමක් හෝ අලුතින් ඉගෙනීමට යොමු වීමත් මගේ අදහස විය. එවිට පූර්ණකාලීන රැකියාව සමග අධ්‍යාපණ කටයුතුද නැවත ඇරඹීමෙන් මගේ මොලය යකාගේ කම්මලක් මෙන් කර ගන්නට හැකි වෙතැයි සිත්විය.

    මගේ පියානන් පුරුද්දක් ලෙස ඉරිදා ලංකාදිප පුවත්පත මිළදී ගනී. එළඹුනු පළමු ඉරිදාවේම මම එම පුවත්පත අතට ගත්තේ රැකියාවක් සොයන්නටය. දැන් පෑන් තුඩ සමග නෙත් දෙක වේගයෙන් පුවත් පතෙහි තීරු පුරා පහල සිට ඉහළටත් ඉහළ සිට පහළටත් දිව යයි. ඒ අතර දුටුවේ දිවයිනේ ප්‍රමුඛපෙලේ ආයතනයකින් පළ කර ඇති දැන්වීමකි. දැන්වීමේ හැටියට නම් ඔව්න් බලාපොරොත්තු වෙන්නේ කම්කරුවන් සහ ඊට පමණක් දෙවනි රැකියා පුරප්පාඩු සදහා සේවකයින් ඇතුළු කර ගැනීමය. පෙනෙන හැටියට නම් වැඩි වැටුපක් දෙන්නේද නැත. දුරබැහැර අය හට නවාතැන් නම් ඔව්න් සපයන බවද මෙහි තිබේ. එය නම් මට අගනේයැයි සිත්විය. වැටුප නම් මට ගැටලුවක් වන්නේ නැත. දැන් මට අවැසි වන්නේ වැටුප නොව. තනියෙන් ජීවත් වීමට ප්‍රමාණවත් මුදල් ටිකක් හා පාඨමාලාවන් හැදෑරීම සදහා යම් මුදලක් පමණි. පුවත්පත් ඒජන්සියේ වැඩකරන සමයේ හොද වැටුපක් ලැබුණු බැවින් එයින් මා ඉතිරි කරගත් ප්‍රමාණවත් මුදලක්ද බැංකුගිනෙුමේ සංචිතව පවතී. එසේ නම් එම මුදලින්ද පාඨමාලාව හදාරන්නට වියදම් කරන්නට හැකිය. එබැවින් මාසය ගෙවාගන්නට රැකියාවේ වැටුප තිබුනද සෑහේ.

    එසේ සිතු මා වහාම ඉල්ලුම් පත්‍රයක් පිළියෙල කර කම්කරුවන්ට පමණක් ඉහලින් ඇති රැකියාව සදහා අයදුම් කලෙමි. මා විසින් මෙසේ අරගත් මගේ ජිවිතේ හැරවුම් ලක්ෂය පිළිබදව කුඩා කළ සිට සිටි මගේ අඹයාලුවාට කීමට අමතක කලේ නැත. නමුත් ඔහුගේ නම් අදහස වූයේ එයට මා යා යුතු නැති බවය. 'උඹට ඕවගේ කට්ට කන්න බෑ බං මෙන්න මෙහ හිටපං. ආයි ඇවිල්ලා ඒජන්සිය කරපං බං මටනම් මොනාහරි කරන්න පුළුවන්.' ඒ ඔුහුගේ අදහසය. නමුත් මා ඊට එකග නැත. සවස් වෙන විට ඒජන්සිය හිමි අයියාද කියන්නේ එවැනිම කතාවකි. මගේ මිතුරා මාව නැවත ඒජන්සියට දැමීමට අයියා සමග එක්ව පිඹුරුපත් සකස් කර ඇත. මිතුරාට දෙන්නට අයියා ලග තවත් රැකියාවක් තිබේලු. මට ඒජන්සිය කරන්නලු. නමුත් ඊට එකග නොවිමට තරම් මා කුරිරු වූයේ එයින් මගේ සිත තව තවත් ආගාදයට ඇද දමන බව හොදින් දන්නා නිසාය.

    මගේ මවගේනම් එම රැකියාවට මා යෑම පිළිබද විරුද්ධත්වයක් නැති හැඩය. පියා නම් පවසන්නේ කොල්ලෙක් උනාම ටිකක් කට්ට කන්න පුරුදු විය යුතු බවය. එමෙන්ම පව්ලෙන් වෙන්වී ටිකකාලයක් හෝ ජීවිතයට අත්දැකීම් එක් කර ගැනිම හොද බව ඔහුගේ අදහසය. රැකියාවකට අලුතින් යන විට වැටුප ගැන නොසිතා වැඩ ගැන සිතා කටයුතු කරන ලෙසත් පියා උපදෙස් දෙන්නේය. අලුතින් කඩයක් අරින වෙලෙන්දෙකු මාස කීපයක්ම පාඩු විදගෙන වුවද භාන්ඩ අඩු මුදලට දෙන්නේ ගනුදෙනු කරුවන් හදා ගැනීමට බව පියා කියයි. එය රැකියාවට ආදේශ කරගත යුතුය.

    රැකියාවට යාමට මත්තෙන් මාහට එක් සුවිශේෂි දිනයක් උදාවෙයි. එය නම් පූර්ණීගේ උපන්දිනයයි. ඉස්සර නම් ඇගේ උපන්දිනය වෙනුවෙන් මම රෑ 12 වෙනතෙක් නැගිට සිට සැමට පළමුව සුභ පැතුවෙමි. ඇයද මගෙන් පළමු සුභ පැතුම ගන්නට බලාගෙන සිටි කාලයක් තිබුනි. එහෙත් දැන් එවැන්නක් කරන්නට බැරිය. මේ ගැන සිතමින් ඇදට වී මනෝ පාර ගසාගෙන සිටි මා හට නොදැනුවත්වම නින්ද ගොස් ඇති අතර අවදි වෙන විට පසුදා පහන් වී තිබුනි. අද ඇයගේ උපන්දිනයයි. නමුත් මා ආසිරි පතන්නේ කෙලෙසින්ද? ඇයට දුරකතනයෙන් අමතන්නට බැරිය. මක්නිසාදයත් ඇයගේ මවගේ දුරකතනය දැන් ඈ ලග නැත. ඈ සතුව වෙනත් දුරකතනයක් තිබේ. එහි අංකයද මා දන්නේ නැත. මගේ මව ලග එම අංකය තිබුනද මා ඇයට ඇමතුමක් දෙන එක අනුවන ක්‍රියාවක් යැයි සිත්විය. මක්නිසාදයත් දැන් ඇයට හිමිකරුවෙකු සිටී. ඔව්න්ගේ පව්ලේ මා නිසා කිසිදු වචනයක් හුවමාරු විය යුතු නැත. එබැවින් මම මේ උපන්දින සුභ පැතුම ඒකපාර්ශවීයව කළ යුතුය.

    ඒ ගැන සිතා පන්සල වෙත ගිය මා ඇය වෙනුවෙන් බෝධිපුජාවක් කර ඇය හට ආසිරි පැතුවේය. එම බෝධිපූජාව පැවැත්වීමෙන්, ලබන ආත්මයක හෝ ඇය මගේ කර ගැනීමේ කිසිදු බලාපොරොත්තුවක් හෝ ප්‍රාර්ථනාවක් මගේ සිත තුල හටගත්තේ නැත. ඇයට දැන් හිමි කරුවෙක් සිටී. ඔව්න් දෙදෙනා එක්ව ලබන ආත්මය වෙනුවෙන්ද පැතුම් ඇති කරගත්තාවේ යැයි මට සිතුනි. නමුදු ලබන ආත්මයේ හෝ ඇය මගේම එක කුස උපන් සොයුරියක කර ගැනීමේ බලාපොරොත්තුව නම් ඒ බෝධිපූජාව පැවැත්වූ දිනයේ සිට අද දක්වාම මගේ සිත්හී තිබේ.

    එදින වදනින් ඇයට සුභ නොපැතුවද මගේ හදවතින් පූර්ණ ලෙස ඇයට, අනාගතය වෙනුවෙන් සුභපැතුම් එක්කලේය.

    මීළගට එළඹෙන්නේ මම මුල්වරට සම්මුඛපරීක්ෂණයක් සදහා මුහුන දුන් දිනයයි. එහිනම් වැඩි දෙයක් නැත. පහුවෙනිදා සිටම වැඩ කරන්නට මට අවස්ථාව ලැබුනි. දැන් මා සිටින්නේ ගමෙන් දුර ඈතය. මෙහි දෙමව්පියන් ලග නැත. සැපට දුකට ඉන්නා මිතුරු කැළද නැත. නමුදු මගේ අඹ යාලුවානම් පැවසුවේ අවශ්‍ය ඕනෑම විටක ඔහුට ඇමතුමක් දෙන ලෙසත් එන්නට ඇති ඊලග බස් එකෙන්ම ඔහු මෙහි පැමිණෙන බවත්ය. ඔහුගේ වචන පවා සැමදා මට ශක්තියකි.

    නව රැකියාව කරන පළමුදිනයේ හිතට මහා මූසල කමක් මෙන්ම පාළුවක්ද දැනෙයි. එය නම් ප්‍රියයන්ගෙන් ඈත්වීමේ දුක හා නුපුරුදු කම නිසා ඇති වෙන පාළුව විය යුතුය. විටින් විට කීප දෙනෙකු වැඩ කරනහැටි මාහට කියා දෙයි. ඔව්න් නම් සුහද ශීලි අයයි. මෙහි කළමණාකරුවාද සුහදශීලී අයෙකු බව පෙනෙයි. ඔහු වයසින් මට වඩා අව්රුදු 5 ක් වත් වැඩිමහල් විය යුතුය. ලතැවෙන්නට වේලා නැත. සියල්ල අමතක කර වැඩට මුල් තැනදී කළ යුතුය. මා මෙහි පැමිණී බලාපොරොත්තුව සපල වන්නේ එවිටය.

    මතුසම්බන්ධයි...
    3 කොටස 12 පිටුවේ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1770550&page=12

    ත්‍රෙඩ් එක bump කිරීමෙන් හෝ උදව් කරන සැමට මාගේ හද පිරි ස්තූතිය පුදමි.
    ඔබේ කමෙන්ට් එක, කතාව ලියන මට දිරියක්ම වන්නේය.​
     
    Last edited:
    • Like
    Reactions: jempyz

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ඉතුරු ටික කෝ ඉක්මනට දාපන් මචන්.

    අඩෝ උඹ කොමාන්ඩෝස් ගැහුවද ඉස්සර?
    අඩෝ මගෙත් පට්ට අසා ගේම් එකක් රෑක් දවාලක් නෑ ඕක ගහන්න ගත්තම. :rofl:

    Commandos_Behind_Enemy_Lines.jpg


    මේක නේද?

    ඔව් මචන් ඕක තමයි :D
    ඕක ගහලා එලියට බැස්සම පරිසරයත් ඒකේ ඇතුල වගේ දැනෙනවා.

    එල එල. රෙප් දුන්නා
    බොහෝම ස්තූතී මචං.
    Waiting... :)
    :D ඔන්න දැම්මෝ...
    :growl::growl: What next ???
    :D දැන් දාලා තියන්නේ :D:D
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    "ඉස්සර නම් ඇගේ උපන්දිනය වෙනුවෙන් මම රෑ 12 වෙනතෙක් නැගිට සිට සැමට පළමුව සුභ පැතුවෙමි"

    උඹ ලියන ඒවායින් මට මේ ලව් එක මතක් වෙනවා බන්... පට්ට දුකයි මතක් වෙද්දිත්... මමත් එයාගේ උපන් දිනේ දවසේ රෑ 12 ට ම විශ් කලා... එයා ගොඩක් සතුටු උනා එදා....

    මගේ උපන් දිනේට එයාට 12 ට විශ් කර ගන්න බැරුව ගියා නින්ද ගිහින්.. මම 12.15 ට කෝල් කරලා බැනගෙන බැන්ගෙන ගියා බන්.. ඔක්කොම වැඩ දාලා මම එදා එයා කෝල් කරනකන් හිටියා 12 වෙනකම්... එදා මම බණ්ඩාරවෙල හිටියේ පාර්ටි එහෙක... හිතේ දුකට බැනලා ඉවරෙවෙලා එලිවෙනකන් බිව්වා.....
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    :(
    "ඉස්සර නම් ඇගේ උපන්දිනය වෙනුවෙන් මම රෑ 12 වෙනතෙක් නැගිට සිට සැමට පළමුව සුභ පැතුවෙමි"

    උඹ ලියන ඒවායින් මට මේ ලව් එක මතක් වෙනවා බන්... පට්ට දුකයි මතක් වෙද්දිත්... මමත් එයාගේ උපන් දිනේ දවසේ රෑ 12 ට ම විශ් කලා... එයා ගොඩක් සතුටු උනා එදා....

    මගේ උපන් දිනේට එයාට 12 ට විශ් කර ගන්න බැරුව ගියා නින්ද ගිහින්.. මම 12.15 ට කෝල් කරලා බැනගෙන බැන්ගෙන ගියා බන්.. ඔක්කොම වැඩ දාලා මම එදා එයා කෝල් කරනකන් හිටියා 12 වෙනකම්... එදා මම බණ්ඩාරවෙල හිටියේ පාර්ටි එහෙක... හිතේ දුකට බැනලා ඉවරෙවෙලා එලිවෙනකන් බිව්වා.....
    :(:( ෆෝන් එක ගත්තට පස්සේ මගේ උපන්දිනේටත් එයා එහෙම 12 වෙනකල් ඉදලා කතා කරා මචන්.
    BUMP.....

    :D:D
     
    Last edited:
    Status
    Not open for further replies.