දහසක් වැඩ අස්සෙ උඹේ ත්‍රෙඩ් එක බැලුව බන්. බොක්කටම වැදුන. දන්න කෙනෙක් ඉන්නවා නම් මේක පූර්නිටත් පෙන්නුවා නම් සෑහෙන්න වටිනවා.
උඹේ වගේ කතාවක් මට නම් නැහැ. හැබැයි Nokia 6600 ෆෝන් එකක් නම් තිබුන.
උඹේ කතාව කොච්චර පරණද බන්. අවුරුදු 10-12ක් ??? (ෆෝන් එකේ වයසින් ඇහුවේ)
අම්මෝ ඉපදෙන එක නවත්තගන්න කරන උත්සාහයට තව හොඳ හේතුවක් බන් මට නම් උඹේ කතාව. අපි සංසාරේ කොච්චර මේ වගේ අවස්ථා වලට මූණ දීල ඇතිද.
තවත් එකක් මචන්, උඹේ ගින්න තාමත් අළු යට ඇවිලෙනවා ටිකක් හරි. පූර්ණි මොකක් හරි දේකට අඬාගෙන දොඩාගෙන ආවොත් අනේ අයියේ කියාගෙන......... , ටිකක් හිතපන්. උඹත් දැන් වෙනම පවුලක්. නිකන් මට හිතුනු දෙයක් කිව්වේ....
උඹට සදා ජය.
කුරුල්ලන්ට ගී හදන්න
ගහට කොළට පාට එන්න
වීසි කළෙමි හදේ තිබුණු
ආදරයයි කරුණාවයි
කාටවත් නොදී...
විරහ වේදනා වින්දා
ඇසුවෙමි අවමන් නින්දා
ආදරයත් කරුණාවත්
හදේ දරා සිටි හන්දා....
කුරුලු ගීත මට ඇහුණා
ගහේ කොළේ මල් පිපුණා
ළඳකට පිදුවාට වඩා
සතුටක් මට ඉන් දැනුණා....