5 කොටස.
කාළය තවත් අපූර්ව මිත්‍රත්වයක් මට සාදා දුනි. එනම් ශාකා කළමනාකාර තුමන් මිතුරෙකු තරමට මට හිතවත් කරවිමය. ඔහුගේ මිත්‍රත්වයට හේතුව මා රැකියාවට කැපවී සිටින්නෙකු වීමය. මුල් කාලයේදි හිතේ වේදනාව නැති කර ගන්නට එසේ වැඩියෙන් වැඩ කළද දැන් දැන් වැඩියෙන් වැඩකිරීම මට ආභරණයක් වී තිබේ. එයින් මගේ වටිනාකම ඉහල ගොසිනි. ඉතින් වැඩ පිළිබදව උනන්දුව තව තවත් වැඩිවීම නම් නිරායාසයෙන්ම සිදුවන්නකි. මා හුදකලා පුද්ගලයෙකු ලෙස සිටින නිසාදෝ රැකියා ස්තානයේ වැඩවල වෙහෙස කර බවක් මට දැනෙන්නේ නැත. මිත්‍රත්වයට අමතරව දැන් දැන් කළමණාකරුවා තමන්ට පැවරි ඇති ඇතැම් වැඩ කටයුතු සදහාද උදව් කරුවෙකු ලෙස මට අඩගසන්නේය. නමුත් එය කරදරයක් ලෙස හෝ ඔහුගේ වැඩ මා ලවා කර ගැනීමට දරන කපටි කමක් ලෙස හෝ මට දැනුනේ නැත. මන්ද යත් ඒ වෙන විට ඔහු හොද මනුශ්‍යයෙකු ලෙස මා විසින් හදුනාගෙන සිටීමය. හිතවතෙකුට උදව් කිරිම සැබැවින්ම ගැටලුවක් නොවේ. ඔහු ඉල්ලන උදව් අතරේ බොහෝ විට පරිගණකයෙන් ලිපිලේඛන සකස් කර දීම ඉදිරියෙන්ම තිබුනි.
එසේ වැඩ කිරීම, කල්යත්ම ලාභ ප්‍රයෝජන නැති කටයුත්තක් වූයේ නම් නැත. වැඩිදිනක් යාමට මත්තෙන් මාහට වැටුප් වර්ධකද සමගින් උසස්වීමක්ද ලැබුණි. ඒ ශාඛා කළමණාකරුවා මා කෙරෙහි දැක්වූ ප්‍රසාදයේ ප්‍රතිඵලයකි. එපමණක් නොව අප ආයතනයේ ඉහලම පුටුව හොබවන නිලධාරී තුමන්හටද මා හදුන්වා දෙන්නට තරම් ඔහු පරාර්ථකාමියෙකු විය. එහිදි කිසිදු පැකිලීමකින් තොරව මගේ සේවය ඇගයීමටද ශාඛා කළමණාකාර තුමන් කටයුතු කිරිම ලෙහෙසියෙන් මිනිසෙකුගෙන් දැකිය නොහැකි ගුණාංගයකි. ඔහු කෙතරම් හොද මනුස්සයෙකු වුවද මා කැපවීමෙන් රැකියාව නොකලානම් මෙම තත්ව ලැබෙන්නේද නැත.
මගේ විස්වාසය නම් සැම මිනිසෙකු සතුවම වාසනාව නම් පෙර පින තිබෙන්නේය යන්නය. නමුත් ඒ වාසනාව මතු කරගත යුත්තේ තමන්මය. එසේ මතු කර ගත්තේ නැත්නම් තමන් සොයා එන පෙර පින කැටිවූ වාසනාව යටපත් වෙන්නේමය. දැන් මා මගේ වාසනාව මතු කරගෙන තිබේ. එම වාසනාව සහිත මාවතට මා යොමු කරන්නට කොතැනක හෝ පූර්ණිද සිටියේය. ඈ මගෙන් ඈත්වූ දුඛ්කය නොවේ නම් තවමත් මා පුවත්පත් වෙලද සැලේය. ජීවිතේ හමුවිම්, වෙන්විම් හමුවේ කුමන හෝ ජය මාවතක් අපට ගොඩනැගෙන බව මට සිත්විය.
මා හදාරමින් සිටි පාඨමාලාද බොහෝ සෙයින් අවසන් අදියර වෙත පැමිනෙමින් තිබුනි. මේ වෙනවිට පරිගණක වැඩසටහන් ලිවීම පිළිබදව මා තුළ යම් ප්‍රමාණයකට හොද දැනුමක්ද තිබුණු බව නම් කිව යුතුය. ජාවා පරිගණක භාශාව මුල්කරගෙන ඉගෙනීම් කළද මට වඩාත් පහසුවූයේ මුල්කාලයේ සිටම ඉගෙන ගත් විෂුවල් බේසික් පරිගණක භාශාවෙන් පරිගණක වැඩසටහන් ලිවීමය. එය මාගේ ප්‍රියතාවයයි. එමෙන්ම මා හැදෑරූ කළමණාකරණ පාඨමාලාවද සාර්ථකව අවසන් වෙමින් තිබින. දිනෙන් දින කාළය ගත වෙන්නේය. එනමුදු පාසල් සමයේදී මෙන් දැන් කාළය ඉබි ගමනින් ගෙවෙන්නේ නැත. දැන් කාළයට ජෙට් එන්ජින් සවිකර තිබෙන්නාක් වැනිය. ටිකක් එහෙ මෙහෙ වී බලන විට සති, මාස ගතවි තිබුනි.
මා මිත්‍ර ශාකා කළමණාකාර තුමන් සහ මම බොහෝ විට රැකියා ස්තානයෙන් පිටව යන්නේ එකම වෙලාවටය. ඔහු මාද බෝඩිම ලගින් ඇරලවාගෙන නිවෙස කරා පිටත් වෙයි. කුඩා දරුවන් දෙදෙනෙකු ගේ පියෙකු වූ හේ නිදහසේ සිටින සැම විට දරුවන්ගේ සුරතල් ක්‍රියා කාරකම් වර්ණනා කරන්නේ ආදරණීය පියෙකු ලෙසින. කළමණාකාර තුමන් ඔහුගේ පව්ලේ දෙවැනියාය. ඔහුට වැඩිමහල් අක්කා කෙනෙකු සහ මල්ලී කෙනෙකු සිටි. මේ සියලු දෙනා ගැන විස්තර මා දන්නේ ඔහු එක් එක් අයගේ ගති ගුණ මා සමග පවසන නිසාවෙනි.
දිනක් සුපුරුදු පරිදි වැඩ අවසන් කර මාත්, ශාඛා කළමනාකාර තුමන්ද රැකියා ස්තානයෙන් පිටතට යමින් සිටී. හදිසියේම ඔහුගේ දුරකතනය නාද වූ අතර අනෙක් පසින් ඇමතුම ගත් අය ඔහුට යමක් කියා සිටී. ඇමතුම විසන්දි කළ ඔහු භාතියට දැන් වැඩක් තිබේදැයි විමසුවේය. මා නැති බව පවසා ඇයිදැයි ඔහුගෙන් පෙරලා ප්‍රශ්න කලේය.
ඔහුගේ වැඩිමහල් සොයුරියට පොත්කඩයක් තිබේ. එම සොයුරියගේ පුතා අසනීප වි හදිස්සියේ රෝහල් ගත කර ඇති බැවින් පොත්කඩය වසා සේවකයින් පිටත් කිරිම අක්කා විසින් මලයන්ඩිට පවරා ඇත. මෙය පොත් බොහෝ සෙයින් විකිණෙන කාලයකි. එබැවින් අමතර සේවකයින්ද වැඩට ගෙන කඩය කරගෙන යන්නේය ඔව්න්ට දවසේ පඩියද දී පිටත් කිරිමද කළ යුතුය.
රතවාහන කන්දරාව අතරේ දැන් අපි යන්නේ පොත් කඩේටය. එය නම් කඩයක් නොව වැඩ ගොඩකි. සියලුම දේ මැනුවල්ය. එහි සිටින ගමන් මා කළමණාකාරතුමන්ට යෝජනා කලේ මෙයට ස්ටෝක්, සේල් සිස්ටම් එකක් සකස් කර දමමු යැයි කියාය. ඔහුද එය අගේ ඇති අදහසක් යැයි එකහෙලා කිවේය. ඊට අවශ්‍ය මෟදුකාංගය තනාදිය හැකි බව මා කීවේ මුදල් අපේක්ෂාවෙන් නොවේ.
දැන් මාහට අවශ්‍යව ඇත්තේ මා සතුව ඇති මෘදුකාංග සංවර්දන දැනුම ක්‍රියාත්මක කරවා බැලිමටය. මේ එයට ඇති හොද අවස්තාවකි. ලද අවස්තාවෙන් මෘදුකාංගය නිර්මාණය කළ මා වැඩි කල් යාමට මත්තෙන් එය වෙළද සැල තුළ ක්‍රියාත්මක කෙරුවේය. සිතුවාට වඩා ඊට ලැබුනු ප්‍රතිචාරය හොදය. කිසිදු මුදලක් මා ඒ වෙනුවෙන් බලාපොරොත්තු නොව්නද කළමණාකාර තුමන් මා හට ආදුනික මෘදුකාංග නිර්මාණ ශිල්පියෙකුට ඔබින්නේ නැති මුදලක් ලබා දුනි. එය මාගේ මෘදුකාංග සංවර්ධන ජිවිතයේ ආරම්භය වූ අතර ඉන් පසුව තවත් වැඩ කිපයක්ම මට ලැබුනේ කළමණාකාර තුමන්ගේ හිතවතුන් ගෙනි.
කාළය මෙලෙසින් ගතවෙයි. ජීවිතය නම් මහා පුදුමා කරය. විටෙක අප අපේක්ෂා නොකළ දෙයින් අපට ඉදිරියට යාමට හැකිවේ. අප අපේක්ෂා කළ ඇතැම් දේ අපට නැතිවෙයි. කළා කරුවන් ජීවිතය, හැල හැප්පීම් සමග ඉදිරියට ගලා යන ගංගාවකට උපමා කරන්නේ මේ නිසා විය යුතුය.
ඔය අතරේ මා විසින් දිනක් සවස, සුපුරුදු පරිදි මවට දුරකථන ඇමතුමක් ගත්තේය. ඇය පවසන පරිද්දෙන් මට ලගදීම ගමේ යන්නට සිදුවෙයි. ඊට හේතුව නම් මගේ පුංචි අම්මාගේ කණිටු දියනිය වැඩිවියට පත්විමේ උත්සවය නොහොත් බිග් ගර්ල් පාටිය තිබිමය. මුලින්ම මා මවට කියා සිටියේ මට එන්නට වෙලා නැති බවය. ඊට හේතු ලෙස ප්‍රෝග්‍රෑම් කීපයක වැඩ හා නිවාඩු ගැනීමට ඇති නොහැකියාව ඉදිරියට දමන්නට මා යුහුසුලු වුවේය.
ඇමතුම විසන්දි කල පසු මට යමක් එක් වරම සිහියට නැගුනේය. එනම් එම උත්සවයට පූර්ණිද පැමිනෙනු ඇති බවය. ඇගේ කසාදයෙන් පසුව අද වෙනතුරු ඈ දෑසින් දකින්නට තරම් මා පින් නොකලේය. එසේ නම් උත්සවයට ගියහොත් මට ඈ කලකින් දකින්නටද හැකි වෙනු ඇත. මෙම අවස්තාව නම් මග හැර ගන්නටම බැරිය. මග හැරුනහොත් නැවත ඇයව කවදා දකින්නට වේදැයි නොදනිමි. එබැවින් වහාම ක්‍රියාත්මක වූ මා නැවත මවට දුරකතන ඇමතුමක් දි පැමිනෙන්නට හැකිතාක් උත්සාහ කරන බව දන්වා සිටියේමි.
හැකිතාක් උත්සාහ කරනවා නොව මා නම් යනවාමය. රැකියාවට ගියදා පටන් කිසිදු අවශ්‍යතාවයකට නිවාඩුවක් ඉල්ලා නැති මා හට නිවාඩු ගැනිම කෙසේ වත් ගැටලුවක් නැ.
දින තුනක් සදහා නිවාඩු අනුමත කරගත් මා, ගමරට බලා පිටත් වුයේ ඇයව එක හොමොතක් හෝ දෑස මානයේ දැකිමේ බලාපොරොත්තුව සිත්හි දරාගෙනය.

මතුසම්බන්ධයි...
6 කොටස 26 පිටුවේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1770550&page=26

Last edited:
eturu tikath ekmanata danna 
eka nam hitha paaraganna wadak... 

මම එක මාසෙන් ස්තීර සෙවකයෙක් වෙලා මාස 5හ ඉවර වෙද්දි පඩිත් වැඩි කරගෙන තිබ්බේ. මැනේජර් ල සේවකයෝ ඔක්කොගෙම හිත දිනා ගත්තා කැන්ඩි ක්‍රශ් ගහලා දීලයි කොම්පියුටර් වැඩ කියලා දීලයි... ඒත් බොස් එකාදිපතියෙක් නිසයි අල්ලන් නැති කතා ටිකක් කියපු නිසයි අයින් වුනා..