ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

Status
Not open for further replies.

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
Bump!..thama athe arela na wage...:P
:D මෙතනදි හිතේ තියන්නේ අයිති කර ගැනීමට වෙච්ච ආසාවක් නෙවෙයි මචං. අව්රුද්දක් විතර නොදැකපු තමන්ගේ කෙනෙක් දකින්න තියන කැමත්ත වගේ දෙයක් තමයි ඉතිං.

මේක කියවද්දි මමත් මාස 5ක් රස්සාවට ගිය විදිහ මතක් වෙනවා.. :rolleyes: මම එක මාසෙන් ස්තීර සෙවකයෙක් වෙලා මාස 5හ ඉවර වෙද්දි පඩිත් වැඩි කරගෙන තිබ්බේ. මැනේජර් ල සේවකයෝ ඔක්කොගෙම හිත දිනා ගත්තා කැන්ඩි ක්‍රශ් ගහලා දීලයි කොම්පියුටර් වැඩ කියලා දීලයි... ඒත් බොස් එකාදිපතියෙක් නිසයි අල්ලන් නැති කතා ටිකක් කියපු නිසයි අයින් වුනා..:baffled:
උඹ මටත් වඩා ඒ ගමන ඉක්මනින් ගිහින් මචන්. :D හැබැයි උඹ අයින් උනේ අපරාදේ බං. :nerd:
 

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
:):):)
Hamme. Adama thava kellak daapanko:D:love:
ඔන්න අද දානවෝ ;)
මචන් උබ අන්තිමට ලියපු කොටසේ එන BOOK SHOP එකේ SOFTWARE ලියපු එකනම් මම දන්නා කෙනෙක්ගේ BOOK SHOP එකක්. එයාගේ අයියා කෙනෙකුගේ OFFICE එකේ වැඩකරන කෙනෙකු ලිව්වා කියලයි කිව්වේ. උබ මේ ඇත්ත කතාවක් ලියන්නේනම් මම උබව දන්නවා.

:baffled: අනේ මචන් මගේ පුද්ගලික විස්තර මොකුත් මෙතන ලියන්න නම් එපා. please..
 

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    Adoo adai bn ube kataawa dakke mula idanma eka husmata kiyola damma me balan inne anik kalla ada dawalta daanakan.. Ube kalin katawt pateta liyala tibba.. Patta bn tawa liyapan. Good luck
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    :shocked:
    :angry:
    :angry:
    :angry:
    පිස්සු නම් කෙලින්න එපා මහත්තයෝ....

    මගුලක් කරන්නෙ නැතුව හෙට දවල් වෙනකොට කතාව දාපං ආ...
    නැත්නම් බලාගමු අරිද...?
    :angry:
    :angry:
    :angry:
    :shocked:
    මේ දානවා මහත්තයෝ.... ගැත්තාට අනුකම්පා කරන්න. :sorry:
    keep writing mchn
    :):) thanks bro
    :):)
    ගොඩක් ලස්සනට ලියනවා bro. මේ ජීවිත කතාවේ සමහර දේවල් මගේ ජිවිත කතාව වගේ. එක කොටසක තියන්නේ බෝඩිම ගැන ඒ වගේම බෝඩිමක මාත් හිටියා ඒත් හරියටම එක දවසක්. මම bit කරන දවස් වල කොළඹ ඉන්න ඕනි නිසා ජෙබ් එකක් විදිහට කම්පියුටර් හැදුවා. ඒ ALPHA DIGITAL COMPUTERS PVT LTD කියන කම්පනි එකේ. ඒකේ මේන් බ්‍රාන්ච් එක තිබුනේ නාවින්නේ ඔය ආර්පිකෝ එක ලග පාරේ අනිත් පැත්තේ. දැන් නම් නැතු ඇති මොකද ඒ දවස්වල ලංකාව පුරාම ඕකේ බ්‍රාන්ච් තිබුනා මොකක් හරි වෙලා බංකොලොත් උනා. ඕකේ බෝඩිම තිබුනේ කොට්ටාවට කිට්ටු වෙන්න. හිටපු අය ඉන්නව නම් කියයි. ඒකත් ඔය වගේම අපායක්. උඹට නම් මෙතන පැදුරක් වත් තිබුනා. ඒ බෝඩිමට ගිය මට පැදුරක් වත් නෑ. මම කාඩ්බෝඩ් පෙට්ටියක් දිගඇරලා දාලා උඹ වගේම රෙදි බෑග් එක ඔලුවේ තියාගන නිදා ගත්තේ. සමහර කම්පනි කාරයෝ දුරින් එන මිනිස්සුන්ට සලකන්නේ ඔහොම තමයි. :angry: එව්නාට පත්තරේ ඇඩ් දාන්නේ නවාතැන් දෙනවා කියලා. දෙන්නෙ නම් අම්බලං. මම නම් පහුවෙනිදා ඉදල හිටියේ අපේ නෑදෑ ගේක.

    දිගටම ලියන්න සහෝ. මම ත් ඉන්නවා ත්‍රෙඩ් එකේ.
    :):) thanks bro. මේක ලියනකොටතමයි හිතෙන්නේ ජීවිතේ එක වගේ අත්දැකීම් තියන කොච්චර අය ඉන්නවද කියලා. අපට දුකක් උනාම හිතෙන්නේ ඒ දේ අපිට විතරක් වෙනවා කියලා. ඒත් තවත් කී දෙනෙකුට නම් එහෙම දේවල් වෙනවද.
    :):):)
    Ithuru tika ikmanata oni

    :) දැන් දානවෝ...
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ELA ELA MACHAN.....DIGATAMA LIYAPAN.....HAWASATA KIYAWALA COMMENT EKAK DANNAM MACHO....ELA ELA
    :) thanks bro
    :):):):)
    :):):):)
    Adoo adai bn ube kataawa dakke mula idanma eka husmata kiyola damma me balan inne anik kalla ada dawalta daanakan.. Ube kalin katawt pateta liyala tibba.. Patta bn tawa liyapan. Good luck
    :):) thanks bro දැන් අනිත් කොටස දානවා.
    Hari machn. Purni va balanna yanna time eka hari :P

    ;) දැන් අනිත් කොටස දානවා මචං. තව චේද දෙකයි නැවත කියවලා බලන්න තියන්නේ
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0

    6 කොටස.

    මා විසින් රාත්‍රියේම ගමට යන්නට පිටත් වුනේ එවිට නිවාඩු දවසක් ඉතිරි වෙන නිසාය. මා කැටුව යන බස්රථය සුපුරුදු පරිදි ඉදිරියට ඇදෙයි. සුළු මොහොතකට දෙනෙත් පියවූ මා සිහිනෙන් දුටුවේ පූර්ණි විසින් මෙතුවක් කල් නොදැක සිටීම ගැන මට දොස් පවරන ආකාරයයි. එක්වරම මා තිගැස්සී අවදි විය. තවමත් මා බසයේ සිටින බව පසක් වූයේ එවිටය. මා මේ ඇයව දකින්නට යන්නේ වසරකට අදික කාලයකින් පසුවය. කෙසේ වෙතත් සිහිනය නම් සැබෑ නොවන බව මා දනිමි. මක් නිසාද යත් ඇයට දැන් මා දකින්නේ නැතිව සිටීම ගැටලුවක් නොවන බව මා දන්නා බැවිනි.

    බස්රතය මාගේ උපන් නගරය වෙත ලගා වෙන විට මධ්‍යම රාත්‍රිය පසුවී තිබින. බස්රතයෙන් බැසගත් මා සෙමින් පියමැන්නේ රාත්‍රී ත්‍රීරෝද රත ගාල වෙතටය. එහි ඇති ත්‍රීරෝද රත පේලියේ, මාගේ පාසලේ ස්ටිකරය සහිත ත්‍රීවිලරයක් පෙනේනනට තිබේ. එයට ගොඩ වූ මා නිවස වෙත පිටත් වන්නට විය. නිවසට ආ සැනින් කලේ ඇගපත සෝදා නිදා ගැනීමය. නිදාගත්තා යනු ඇදට වැටුනා පමණි. එලිවී ඇති බව දන්නේ උදෑසන 9 යට පමනි. පාටිය ඇත්තේ අද නොව හෙටය. නිදිබර දෙනෙත් අපහසුවෙන් විවෘත කරගෙන මෑනියන් වෙත ගිය මා ඇසුවේ 'පුංචිලාගේ ගෙදර යන්නේ කීයටද අම්මේ...' කියාය. මෑනියන් ඊයේ, පෙරේදා ගොස් උදව් කර පැමිණියේලු. එබැවින් අද හවසට ගියොත් ඇතිලු. 'පුතත් එනවා නේදැයි' ඇය විමසා සිටියේය. මාද යා යුතුමය. සිත් ගත් ගීත කිපයක් වාදනය වීමට සැලැස්වූ මා මෑණියන් සමග ආගිය විස්තර කියන්නට පටන් ගත්තේය. මීට පෙර මා නිවසට පැමිණියේ මාස 3 කට උඩදි බැවින් මවට පවසන්නට බොහෝ දේ තිබිණ. ඇයද ආහාර පිළියෙල කරන ගමන් මගේ කතාවට සවන් දෙමින් සිටී.

    පූර්ණිව දකින්නට බලාපොරොත්තුවෙන් සිටියද, ඇය පාටියට එන්නේද නැද්ද යන්න මම සහතිකවම දන්නේ නැත. නමුත් ඇය කෙසේ හෝ එනු ඇතැයි මගේ සිත කියයි.

    දවල් වරුවේ මා පියමැන්නේ නගරයටය. ඒ පාටියට යෑමට තෑග්ගක් මිලදී ගැනිමේ අටියෙනි. නගරයට යන විට අදුනන බොහෝ අය හමුවෙයි. ඔව්න් සමගින් මදින් මද නැවතී කතා කරමින් නගරය වෙත යෑම සැබැවින්ම සිතට සතුට උපදවයි. මේ මගේ නගරයයි. මා තනියෙන් ඇවිද ගියද පිට නගරයකදි මෙන්නොව බොහෝ හදුනන අය කතා කරන්නට සිටී. නගරය ඇතුලු වුනු පසු ත්‍රීවිල් එලවන කොල්ලාගේ සිට වෛද්‍යවරයා දක්වා අපගේ පාසලේ දන්නා හදුනන අය සිටී, ගමේ අය සිටී, ඇතමුන් පාරේ නිතර දෙවේලේ දැකම හදුනන අයයි. එනම් මේ මාගේ ආදරනීය නගරයේ කිසිවිටෙකත්, කවමදාකවත් මා තනි වන්නේ නැත. එම අගය මේ තරම් මට දැනෙන්නේ සෙනග පිරුණ නමුත් ඒ මා හුදකලා වූ කර්කෂ නගරයේ, ජිවිතය ගෙවන අතර තුරේ මෙහි පැමිණ සිටින නිසාවෙනි.

    කෙසේ නමුත් පුවත්පත් ඒජන්සිය තුලට යන්නට නම් මට සිත් දෙන්නේම නැත. එහි සිටින යාලුවාට වීදුරු දොරට තට්ටු කර එලියට ගෙන්වා ගැනිමට මා ක්‍රියා කලේ ඒ නිසාය. කෙසේ හෝ ත්‍යාගයද රැගෙන සවස 3.30 පමණ වෙන විට නැවතත් මා නිවස බලා පැමිණියේය. සවස මව සමග මා පුංචිගේ නිවසට යා යුතුය. බොහෝ විට අදම ලොකු අම්මාත් පූර්ණිත් එහි පැමිණ සිටින්නට පුළුවන.

    සවස් වී, දවල් ආහාරය ගත් මා සහ මගේ පොඩි මල්ලී මව සමග පුංචිලාගේ ගෙදර යන්නට පිටත් වුනි. එහි නම් බොහෝ නෑදෑයින් සිටී. නමුත් සැවොම පාහේ විවිද වැඩ කටයුතු කරමින් සිටින බව පෙනෙයි. වැඩිහිටි ඇතැම් අය කන්ඩායම් වශයෙන් ආගිය තොරතුරු කතා කරමින් සිනා සෙමින් සිටී. මිදුලේ සිටි සැම සමග සිනාසෙමින් නෑදෑ කම් වලින් අමතමින් පෙනේනනට සිටි සියලු දෙනා සමග සුහදව කතා කරන්නට මා අමතක කලේ නැත. සිටි සියලු දෙනා අතරේ ඇය නම් තවම පෙනේනනට නැත. කෙසේ වෙතත් ඇය මිදුලේ සිටින්නටද ඉඩ නැති බව මා දනිමි. ඇය සැමියා සමග කුමන හෝ වැඩක යෙදී සිටිනවා විය හැකිය. මෙසේ සිතමින් මා ඇතුළු වූයේ නිවස තුලටය.

    මිදුලේ තරම් කලබලයක් නිවසේ නැත. නමුත් මුළු තැන් ගෙය නම් කාර්ය බහුලව ඇතැයි සිතමි. නමුදු මා ඒ වෙත නොගියේ සාලය සැරසීමේ කටයුතු මාමා විසින් කරමින් සිටින නිසාය. ලොකු පිරිසක් එලියේ සිටියද සැරසිලි කරන්නේ මාමා පමණි. අපගේ පොඩි මාමා වූ ඔහු මා දුටු සැනින් ආ ලොක්කා ආවා.. දැන් ඉතින් මම සරසන්න ඕනි නෑ කියා සතුටින් සිනා සුනේය. පව්ලේ සියලු ඥාතින් මට ආදරයට කියන්නේ ලොක්කාය. ඊට හේතුව සහෝදරයින් තිදෙනා අතරින් මා වැඩිමලා වීමය. ආගිය තොරතුරු මදක් කතා කල පොඩි මාමා සෙමින් ලිස්සා ගියේ අනෙක් ඥාතීන් සමග කදේ දැමීමට විය යුතුය.

    සැරසිලි වැඩ නම් කුඩා කළ සිට මා ප්‍රිය කළ දෙයකි. එමෙන්ම එය වෙහෙස කර නොවන නිසාත් අවසානයේ සිත තෘප්තිමත් වෙන නිසාත් මා ආසාවෙන් වැඩේ බාර ගතිමි. පොඩි මල්ලීද ඔහුගේ වයසේ උන් සමග සෙට් වි ඇත. කොහොමත් ඔහුගේ හැටි එයයි. වැඩක් තිබේ නම් එය මගහරින්නට පොඩි මලයා රුසියෙක්ය. පුටුවක හිදගත් මා එක් එක් බැලුම ගෙන පුම්බන්නට විමු. ගතවුයේ සුලු මොහොතකි. කව්රුන් හෝ මගේ හිස අතගාන්නට විය. මා හිස හරවා බැලුවේය. වෙන කව්රුත් නොව ඒ මාගේ ලොකු අම්මාය. එනම් පූර්ණිගේ මවයි. ඈ මට ඉතාමත් ලෙන්ගතුය. හිස අතගාමින් 'කොහොමද මගෙ පුතේ..' 'ජෙබ් එක හොදයිලු නේද' යැයි විමසුවේය. ඇයව මා දුටුවේද මාස 6,7 කින්ය. නමුත් මගේ මවගෙන් මා පිලිබද සියලු විස්තර ලොකු අම්මා අසන්නේලු.

    මාද ඇයට රැකියාව හොද බව පවසා ආගිය තොරතුරු කීවේය. කෙටි කාලයක් ඇයට මා නුරුස්සන අයෙකු වී සිටියද දැන් නම් පෙරටත් වඩා ඇය මට ලෙන්ගතු බව සිතෙයි. දැන් මට අවැසි වන්නේ පූර්ණි පැමිනියේදැයි දැන ගැනිමය. මෙතුවක් ඉවසූ මා හට එය තව දුරටත් හිතේ තද කරගෙන ඉන්නට බැරිවිය. මා ඇයගෙන් ඇසුවේ නංගි අවේද ලොකුඅම්මේ කියාය.

    මගේ සිතේ මලක් පිපුණා මෙන් දැනෙයි. පුර්ණි ඇවිත් ඇත. ඇය මුලුතැන් ගෙයි සිටින බවත් ඒ වෙත ගොසින් බලන ලෙසත් ලොකු අම්මා කියයි. එමෙන්ම මා ඇවිත් සිටින බව තවම ඈ නොදන්නවා විය හැකි බවත් දන්නේ නම් මෙතනට පැමිනෙනු නොඅනුමාන බවද ඇය කියයි. කෙසේ වෙතත් මා මුලුතැන් ගෙයට කඩාපාත් වෙන්නට උත්සුක වූයේ නැත. එකක් නම් එහි බොහෝ අය සිටීමය. අනෙක නම් මා මෙතුවක් දුර ගෙව ඈ බලන්නට පැමිණ සිටින විට ඇයට මේ මීටර් කීපය මා බලන්නට පැමිණීම වටින නිසාය. මා එසේ සිතුවද ඇයට මා දැකුම දැන් නොවටිනා දෙයක්ද වෙන්නට බැරි නැති බව මා දනිමි. ලොකු අම්මාට මා කියා සිටියේ 'කමක් නෑ ලොකුඅම්මේ වැඩ ඉවර උනාම ඉස්සරහට එයිනේ' කියයා. ලොකු අම්මා තව දුරටත් මගේ අධයාපන කටයුතු පිළිබද විමසමින් මා අසලට වී සිටී.

    මතුසම්බන්ධයි...
    7 කොටස 31 පිටුවේ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1770550&page=31


     
    Last edited:

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ගීත ලැයිස්තුවේ කොටසක්

    කුරුල්ලන්ට ගී හදන්න - ආචාර්ය වික්ටර් රත්නායක
    අපි සව්දිය පුරමු - ආචාර්ය වික්ටර් රත්නායක
    අඳුර බිඳින්නට රැයක් දවාලු - ආචාර්ය වික්ටර් රත්නායක
    අඩවන් දෑසින් පවසනු රහසින් - ආචාර්ය වික්ටර් රත්නායක
    ආදරයේ උල්පත වූ අම්මා - ආචාර්ය වික්ටර් රත්නායක
    මෝහෙන් මුලා වෙලා - ආචාර්ය වික්ටර් රත්නායක
    කොහේද කොහේද අපේ ලොවක් - ආචාර්ය වික්ටර් රත්නායක
    රත්තරං කෙන්ඩියේ සිංහ තෙල් වගේ - ආචාර්ය වික්ටර් රත්නායක
    ඇසුවේද කව්රුන් හෝ ඔබෙන් - සුනිල් එදිරිසිංහයන්
    ඉස්සර මං ගිය පාසැල ඇරිලා - සුනිල් එදිරිසිංහයන්
    පැන මඩ කඩිති - සුනිල් එදිරිසිංහයන්
    පුංචි පන්ති වල - ටී.එම්.ජයරත්න
    ආදරේ කුරුටු ගෑ (මේක නම් ටිකක් අහන්න අමාරුයි) - කසුන් කල්හාර
    අපේ ගම්ගොඩේ - භාතිය සන්තුෂ් (තාලෙට ආස නිසා, වනත් අව්ල් නැති නිසා)
    මෑණියනි - ක්ලැරන්ස්

    මට සමහර ඒවා මතක් වෙන්නෙ නෑ. සමහර ඒවා ඇහුවා වචන අව්ලක් නැති තාලෙට ආස ඒවා. ඒවා මොකුත් නොහිතා තාලේ ගැනම හිත හිත හිටියා.
     

    ajabenda

    Active member
  • Dec 29, 2010
    244
    24
    28
    Colombo
    මේකනම් පට්ටම කතාවක් බන් සිරාවටම බොක්කටම වදිනවා ඒ විතරක් නෙවෙයි මැවි මැවී පේනවා. එල සහෝදරයා ඒක උඹේ ජිවිත කතාව උනාට මටනම් දැනෙන්නේ ඒක අපිට උනා වගේමයි...අනෙක් කොටස එනකන් නොඉවසිල්ලෙන් බලන් ඉන්නේ...සුභ පැතුම්...!
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    උඹ මටත් වඩා ඒ ගමන ඉක්මනින් ගිහින් මචන්. :D හැබැයි උඹ අයින් උනේ අපරාදේ බං. :nerd:

    මට අහු වුනේ ඔය වගේ බොස් කෙනෙක් නෙවෙයි. :sorry: මම සල්ලි වලින් කරන්නේ මොනවාද දෙන්නේ කාටද කියල එයාට දැනුම් දෙන්න ඕනේ. පොතේ ඉතුරු කරලා බැංකු පොත පෙන්නන්න ඕනේ. සල්ලි ටිකක් ඉතුරු කරන් පොඩි ඉඩම් කෑල්ලක් අරන් ගෙයක් හදන්න පටන් ගන්නලු. තව නංගි ලොකු ළමයෙක් වුනහම ඕවට වැඩිය වියදම් කරන්න යන්න එපා කිව්වා. ගෙදර අයට සල්ලි දෙන්න එපා කිව්වා. ලැබෙන පඩිය අම්මට කියන්න එපා කිව්වා. මම මොන මගුලක්ද කියලා දමලා ගහලා අයින් වුනා.. :lol: හොඳ බොස් කෙනෙක් ලැබෙන්නත් වාසනාව තියෙන්න ඕනේ. හැබැයි හැම දේම වෙන්නේ හොඳට කියනවා වගේ එකත් වුනේ හොඳට. දැන් මගේ බොස් මම. :D

    ගීත ලැයිස්තුවේ කොටසක්

    කුරුල්ලන්ට ගී හදන්න - ආචාර්ය වික්ටර් රත්නායක
    අපි සව්දිය පුරමු - ආචාර්ය වික්ටර් රත්නායක
    අඳුර බිඳින්නට රැයක් දවාලු - ආචාර්ය වික්ටර් රත්නායක
    අඩවන් දෑසින් පවසනු රහසින් - ආචාර්ය වික්ටර් රත්නායක
    ආදරයේ උල්පත වූ අම්මා - ආචාර්ය වික්ටර් රත්නායක
    මෝහෙන් මුලා වෙලා - ආචාර්ය වික්ටර් රත්නායක
    කොහේද කොහේද අපේ ලොවක් - ආචාර්ය වික්ටර් රත්නායක
    රත්තරං කෙන්ඩියේ සිංහ තෙල් වගේ - ආචාර්ය වික්ටර් රත්නායක
    ඇසුවේද කව්රුන් හෝ ඔබෙන් - සුනිල් එදිරිසිංහයන්
    ඉස්සර මං ගිය පාසැල ඇරිලා - සුනිල් එදිරිසිංහයන්
    පැන මඩ කඩිති - සුනිල් එදිරිසිංහයන්
    පුංචි පන්ති වල - ටී.එම්.ජයරත්න
    ආදරේ කුරුටු ගෑ (මේක නම් ටිකක් අහන්න අමාරුයි) - කසුන් කල්හාර
    අපේ ගම්ගොඩේ - භාතිය සන්තුෂ් (තාලෙට ආස නිසා, වනත් අව්ල් නැති නිසා)
    මෑණියනි - ක්ලැරන්ස්

    මට සමහර ඒවා මතක් වෙන්නෙ නෑ. සමහර ඒවා ඇහුවා වචන අව්ලක් නැති තාලෙට ආස ඒවා. ඒවා මොකුත් නොහිතා තාලේ ගැනම හිත හිත හිටියා.

    එළ.. කට්ටියනම් නැත්තේ චන්දෙ බලනව ඇති පරදින අයගේ මුණු ටික බලන්න :baffled:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කෙල්ලො කොන්දලා,driverලා,බාස්ලා එක්කත් යාලුවෙනවනෙ බන්.ඇයි බන් අපිට කෙල්ලෙක් සෙට් වෙන්නෙ නැත්තෙ:(:(:(:(:(
    අපි කොච්චර හොද කොල්ලොද​
     
    Status
    Not open for further replies.