ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

Status
Not open for further replies.

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
9 කොටස.

මට ගමට යන්නට ඇති උවමනාව මා ඍජුවම ප්‍රකාෂ කර සිටියේ ආයතනයේ මුල්පුටුව හොබවන ඒ කීර්තිමත් ව්‍යාපාරිකයාටය. ඔහුගේ අදහස නම් මා ගමට යන්නේ නැතිව මෙහිම රැදී සිටිය යුතු බවය. ඔහු පවසන අන්දමට ඉන් මගේ අනාගතය බොහෝ සාර්ථක වෙනු ඇත. නමුදු දැන් මට මේ අවසානයක් නෙැදැන, දුවන රේස් එකෙහි දිවීම නිශ්පලයැයි සිතේ. ලොකු යන්ත්‍රයක ඉතා කුඩා දැති රෝදයක් මෙන් ආයතනය වෙත සම්බන්ධ වුනු මා, දැන් මේ යන්ත්‍රය මෙහෙයවන ලීවරයකි. නමුත් දිවි ඇතිතෙක් මේ යන්ත්‍රය මෙහෙයවුවද සැමදා මා යන්ත්‍රයේ කොටසක් පමණක් ලෙස පවතිනු ඇත. මා නැති කල යන්ත්‍රයට නම් වෙන කොටසක් දමා ක්‍රියාත්මක කරනුඇත. එනමුදු මාව අවැසි දෙමාපියන්, නෑදෑ හිත මිතුරන් තව දුරටත් මෙලෙස මගේ ජීවිතයෙන් ඈත් කර තබන්නට සිත් දෙන්නේ නැත. රැකියාවට මා ප්‍රිය කරන නමුදු තව දුරටත් ගමෙන් ඈත්වී සිටීම නිෂ්පලය.

මේ බව මා විසින් තව දුරටත් ආයතනයේ ඉහල නිලය වෙත කියා සිටීමට වූයේ බොහෝ කරුණු කාරනා සිතීමෙන් පසුවය. අවසන ඔහුගේ මතය වූයේ, මා උපන් නගරයේ ඇති, ශාකාවේ කළමණාකරධූරයට පුරප්පාඩුවක් ඇති කරන තෙක් පමණක් හෝ මෙහි රැදිය යුතු බවය. එයට මාද එකග වූයේ මෙම රැකියාවේ මා වැන්නෙකුට යා හැකි ඉහලම තලය එය වෙන නිසාවෙනි. එමෙන්ම ගමට යන්නද හැකිවෙන බව දැන් මට විස්වාසය.

කෙසේ නමුදු එම බලාපොරොත්තු වූ පුරප්පාඩුව සකස් වෙන්නට තවත් වසරක් පමණ ගතවුනි. නමුත් එම කාලය ගත වෙන තුරු මා නැවත ගමට යෑමට ඇවිටිලි කරන්නේ නැතිව සිටීමට වග බලාගත්තේය. මක් නිසාද යත් අද මම සිටින මෙම තත්වය, මට සකස් කර දුන් තැනට අවශ්‍ය ගරුත්වය දිය යුතු නිසාය. එහි ඉහළ මට්ටමේ අය හට මා කෙරෙහි ඇති ප්‍රසාදය දශමෙකින් හෝ අඩු කරන්නට මා ඉඩ නොදිය යුතුය යන්න මාගේ හැගිමය. එබැවින් මගේ අවශ්‍යතාවය කුමක් වුවද වෙනදා මෙන්නම හෝ ඇතැම් විට ඊටත් වඩා උනන්දුවෙන් පහුගිය වසර පුරාම මා කටයුතු කළ බව නම් කිව යුතුය. ඊට අවශ්‍ය ඇගයිම්ද මට නොඅඩුව ලැබුණි.

විවිධ හැලහැප්පීම් හමුවේ ජීවවන පොතෙහි එක් පරිඡ්චේදයක් නිමා කලේ එලෙසින්ය. වසර හතරකට අධික කාළයක් මාව හදාවඩාගත් මේ මිනිසුන්, පරිසරය, ගොඩනැගිලි හැරදමා නැවතත් ගම රට බලා පිටත් වෙන්නට දැන් මට හැකිය. එය සතුට මෙන්ම දුකද කැටිවූ මහා අමුතු අත්දැකීමකි. මේ විසල් නගරය හොදය, මට බොහෝ දේ මේ නගරය තුලින් ලැබුනි, නමුත් මා අපේක්ෂා කළ ජිවිතය ගත කිරීමට තරම් මේ නගරයේ සුදුසුකම් නැත. මගේම මෝටර් රතය සෙමෙන් පදවාගෙන ගම් පලාත වෙත යන මා අභිමුව කෙමෙන් කෙමෙන් මැවෙන්නේ මා ආදරය කළ පරිසරයි. මෙහි යන මා හට දැන් අගයක් තිබේ. හෙට සිට මා වැඩ කරන්නේ, අයතනය සතු මෙන්ම මටම වෙන් කල තැනකය. 'එය මගේ තැනකි'. යන හැගිම තදින්ම හිතට දැනුනි. දහවල් වෙන විට මට එන්නට ලැබුනේ මගේම නිවහන බදු නගරය වෙතටය. දැන් මෙහි ඇති මතක ස්මාරක වලට මගේ සිත පාරන්නට බැරිය. දැන් ඒවාට හැක්කේ විටින් විට මට පහුගිය සිද්ධි මතක් කර දීමට පමණි. නමුත් එක් ස්තානයක් නම් තවමත් මගේ හදවතට ඉදිකටු වලින් අනිනට තම් කුරිරු බව මා දනිමි. ඒ නිසා කිසි දිනක එහි නොගිහින් සිටිය යුතු යැයි මා තීරණය කර තිබුනි.

මා නැවතත් ගෙදර සිට වැඩට යෑම මවට, පියානන්ට මෙන්ම, සහෝදරයින් දෙදෙනාටද මහත් වූ සතුටකි. මටද දැන් මගේ පව්ගේ අය සමග සතුටින් ඉන්නට ලැබෙනු ඇත. ලොව කොහේ ගියද අම්මා උයා කන්නට දෙන බත් කටක් තරම් රස බත් කටක් කොහෙන් වත් කන්නට බැරිය. අම්මා සාදා දෙන තේ එක තරම් රස තේ එකක් සුපිරි හෝටලයක වත් නැත. දැන් මට ආදරය සමග ඒ හැමදේම නැවත ලැබෙනු ඇත. මටද ඔව්න් සැමගේ ඕනෑ එපාකම් සොයා බලන්නට පුළුවන. කිසිදාක විවාහය යන්න අපේක්ෂා නොකරන මාහට අවැසිද එයයි.

අලුත් තැන රැකියාව ගැන පිඹුරුපත් සකස් කරමින් රාත්‍රියේ නින්දට ගිය මා හට, උදෑසන දුරකතනයේ එලාම් නාදය වදින්නටද පෙර අවදි වුනි. එ් නම් සිතේ තිබෙන උනන්දුව නිසාම විය යුතුය. සුපුරුදු පරිදි මුලුතැන් ගෙයි විදුලි පහන් දැල්වෙමින් තිබේ. ඊට හේතුව අම්මා මුළුතැන් ගෙයි සිටීමය. අලුත් තැන රැකියාවට යන්නට මත්තෙන් මගේ බඩ පුරවන්නට ඇය කිරිබත් පිසිමින් සිටින්නීය. නිවසේ ගුවන් විදුලි යන්ත්‍රයේ පිරිත් හඩ ඇසෙන්නේ හාත්පස සුභ පතන්නා වූ පරිසරයක් මා හට මවා දෙමිනි. මුළුතැන් ගෙයි දර ලිප දැල්වෙන්නේ වටාපිටාව උණුසුම් කරමිනි. මාද මෑණියන් අසලට සෙමින් පිය මැන්නේය. ඇය පසුවන්නේ ඉතාමත් සතුටින් බව මා දුටුවේය. 'තේ ටිකක් හදන්නද පුතේ' යැයි හිස අතගාමින් ආදර බර හඩින් මා ඇමතූ අම්මා, මට තේ අවැසි බව වචනෙන් කියන්නටද පෙර දන්නේය.

දැන් මා ලිපට දර කැබැලි දමමින් සිටී. අම්මා විසින්, මා නැවතත් ගමට පැමිණීම අගය කරමින් මේ ලොව ඇති රසම තේ එක මා වෙනුවෙන් සදන්නීය. කළකට පසුව ගෙදර සිට වැඩට යන්නට සැරසෙන මා හට මතක් වෙන්නේ පෙර කළ, ගෙදර සිට පුවත් පත් ඒජන්සියේ වැඩට ගිය අන්දමයි. මොහොතකට හැගිම් බර වූ මා තේ පානයෙන් පසුව ඇග සෝදා ගැනීමට පිටත් වුනි.

දැන් දැන් මුලු ගෙදරම කිරිබත් සුවදය. එයම බඩගිනි ඇති කරවන්නකි. නැවත මා මුලුතැන් ගෙය වෙත එන විට මව කිරිබත් කැබලි කීපයක්, ලුණුමිරිස්ද සමගින් පිගානට බෙදා තිබුනි. මට අවැසි වන්නේ මවගේ අතින් කිරිබත් කටක් දෙකක් කවා ගැනීමය. කුඩා කළ කැවාට පසු ඇගේ අතින්, රසට ඇනූ බත් කටක් මා බොහෝ කළකින් කෑවේ නැත. එය ගැන සිතූ මා මෑනියන් හට පැවසුවේ 'පොඩි කාලෙ නම් අම්මා, මායි ලොකු මල්ලී දෙපැත්තේ තියාගන බත් කවනවා නේද' කියාය. එය කියූ සැනින් මට කවා ගන්නට අවැසි වී ඇති බව ඈ අවබෝධ කරගත්තා විය යුතුය. ඇය මගෙන් විමසුවේ 'මගේ පුතාට මම කවන්නද' කියාය. සිනහසී එය පිළිගත් මා කටක් දෙකක් නොව කිරිබත් පිගානම මවට කියා කවා ගත්තේය. මේ සමග ඔබ සියලු දෙනා දන්නා ඒ පෙර මතකය මගේ සිත තරමක් රිදවූ බව නම් කිව යුතුමය.

මා ගෙදර වැඩිමලාය, එනම් පුතාලගෙන් ලොකුම එකාය. නමුදු අද මා නැවත්ත පොඩි එකෙකු ලෙස මගේ සිතටම දැනෙයි. ඒ මවගේ ආදරය හමුවේ අප නොදැනුවත්වම ළදරුවන් වන නිසා විය යුතුය. මෑණියන්ටද අප කෙතරම් වයසින් වැඩුනද සිතෙන්නේ පොඩි උන් ලෙස බව නම් සැබෑය.

මෑණියනී හද සෙවන ගෙනෙන නිවන ඔබ තමා
මා ලයෙහී සුව මිහිර මවන පහන ඔබ තමා
ජීවිතයේ මා සොදුරු මිහිරි සිහින ඔබ තමා
මෑණියනී ඔබෙ දෙපය අසල වදිමි දණ නමා

ඔබෙ හසරැලි ඔබෙ කදුලැලි මට දැක පුරුදුයි
ඔබෙ උදහස ඔබෙ අදහස මට හුරුපුරුදුයි
සිරුර පුරා දිවයන ලෙය සුවද සුපුරුදුයි
සිරස නමමි ඔබෙ නාමය සදා පිවිතුරුයි


වෙනදාට වඩා උනන්දුවෙන් ලක ලැහැස්ති වීමෙන් පසු, අලුත් රැකියා ස්තානය වෙත මා පියමැන්නේ, එහි ඇති භාරදුර කර්තවයයන් සිත්හි මවාගනය. ඒ වෙතට පිවිසෙන මොහොතේ සිටම මාගේ සේවක මණ්ඩලයෙන් උණුසුම් පිළි ගැනිමක් ද ලැබුනි. ඒ අතර අදුනන මුහුනු කීපයක්ද වෙයි. ඔව්න් සැමට මෙන්ම ව්‍යාපාරයටද උපරිම සාධාරනයක් කිරිම මාගේ අරමුනය. මා ආදර්ශයට ගන්නේ මා මුලින් සේවය කළ ශාකාවේ සිටි ශාකා කළමනාකාර තුමාය. ඔහු වැනි සැවොම ප්‍රිය කරන චරිතයක් වීම මගේද අරමුණය. මට වාසනාවන්ත දිනයක් වූ එදින හිතාදර, එම ශාකා කළමනාකාර තුමන්, මිතුරු කපිල පමණක් නොව ව්‍යාපාරයේ මුල් පුටුව හොබවන ඔහුද මා වෙත ඇමතුම් ලබාදෙමින් සුභ පැතුවේය. සැබවින්ම මට මෙතනට එන්නට මග පෑදූ ඔව්න් සැමගේ ආශිර්වාදය මට අනාගතයටද අවැසි වන්නේමය.

සුපුරුදු පරිසරය හමුවේ දිනෙන් දින ඉතා වේගයෙන්, කාළය ගත වෙන්නට විය. මේ අතර ජිවිතය අර්තවත් කර ගන්නට අලුත් අදහස් සෙවීමට මා උත්සුකවීම ඇරඹීණ. එම අලුත් අදහස් සෙවීමට ගිය ගමන මගේ ජිවිතය සම්පූර්ණයෙන්ම සුන්දරත්වයේ පුරවාවි යැයි මා මොහොතකට හෝ සිතුවේ නැත.

ත්‍රෙඩ් එකෙහි මා සමග රැදී සිට කමෙන්ට් කරන අයට මෙන්ම
pm හා vm එවා මා දිරිමත් කළ ඔබ සියලු දෙනා හට සැම විට මාගේ හදපිරි ප‍්‍රණාමය පුද කරමි.


මතුසම්බන්ධයි...
10 කොටස 49 පිටුවේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1770550&page=49





 
Last edited:
  • Like
Reactions: ijay

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
:):):)
:):):)
:love::love::love: LOVE BUMP :love::love::love:
:):):)
ඉතුරු කොටසත් ඉක්මනින් දාන්න.....
:):):) ඔන්න දැම්මෝ.......
bump ela digatama lypn jaya
:):):) බොහෝම ස්තූතී.
බම්ප් කරන ලදී.
:):):)
alut epiya kooooooooooooooo
:):):) ඔන්න දැම්මෝ.......:D
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එම අලුත් අදහස් සෙවීමට ගිය ගමන මගේ ජිවිතය සම්පූර්ණයෙන්ම සුන්දරත්වයේ පුරවාවි යැයි මා මොහොතකට හෝ සිතුවේ නැත.

    උඹත් එක්ක අපි ඔක්කොම දුක් උන කාලේ ඉවරයි වගේ නේද කොල්ලෝ...

    ඒක නෙවෙයි මල්ලි මොකද්ද ගත්ත කාර් එක :cool::cool:
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Br21e3
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    හැමදෙයක්ම වෙන්නේ හොදටයි කියනවනේ ඔයාට වුන හැම දුකක් කරදරයක්ම අද ඔයා ඉන්න තැනට ගෙන්න පසුබිමක් වුනා.
    අද දුකක් කරදරයක් උනාම වැටෙන්නේ නැතුව ඔය වගේ නැගිටින්න පුළුවන් කීයෙන් කීදෙනාටද?
    අනාගතයට සුභ පතනවා..
    හෙට දවල් වෙනකොට ඉතුරු ටිකත් දාන්න. අපි උදේ ඉදන්ම බලන් ඉන්නවා.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඇයි පුටේ අර මතුසම්බන්ධයි කියලා දාලා තියන්නේ. ඉතිං තව තියෙන්නම එපෑ

    නැ නැ තව තියනව වගේ ..............නෙද බාතිය ........................:yes::yes::yes::yes:

    මට වැරදිලා.:(:(
    මතු සම්බන්දයි කියන කෑල්ල දැක්කේ නෑ
     

    xxc

    Well-known member
  • Oct 7, 2012
    524
    136
    63
    ඉලග කොටස බලන්න ඉන්න පෝලිමේ තවත් එකෙකි මං
     
    Status
    Not open for further replies.