ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

Status
Not open for further replies.

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
ඒකනම් ඇත්ත කොල්ලො .. :yes::yes: අපිත් ආසයි වානරයා දකින්න...... :lol::lol:
:lol::lol:
ng4gUpY.jpg

:cool::cool:
 

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
මේ ත්‍රෙඩ් එකේ මාත් එක්ක එකතු වෙලා මට කතාව ලියන්න දිරියක් ලබාදෙන අය.

senewimala1988 18
iuwick 17
dayt0na 12
AGSUPUN 12
Garrus 11
EvilEye 10
Dragon Kolla 9
Mr.Tom 8
pathfinderr 8
ajabenda 7
xxc 7
Absolute Zero 7
thilina.rp 7
amilabanuka 7
RedHat13 7
Sachira123 7
Anushanga777 6
shaminda peiris 6
Dodama 6
Ashan052 6
chaminV2 6
enadun 5
D_Mad 5
lasa_dal 5
SahanJ123 5
coolshano 5
Underground 5
H.O.R.T.O.N 5
hansakach 5
BlizZ 5
spunkyisii 4
heenputha 4
agdrig 4
ruwanrohitha 4
jempyz 4
hmv 4
SSandaruwan 4
Darshana Konara 4
Rajitha Lakshan 3
DJ_HarDWelL 3
ijay 3
thila22 3
Bathiiii 3
leoz 3
පට්ට අලේ 3
rmmahesh 3
cnk_123 3
DamN DoG 3
W33R3 3
OKman 3
gimhan24 3
akshalikas 3
rasikasampa84 3
T Eranga 2
aliman 2
sanjaya1975 2
kjRfue 2
SanukaWick 2
cvally007 2
C h o p p e 2
suneth hettiarachchi 2
vindi19 2
Wele-Suda 2
danushka_hansaka 2
ITtec 2
SilentWalker 2
cool_dodam 2
Pubudith 2
supun_sg 2
Nim94 2
Henry0 2
hakalanmulla 2
Sinhala King 2
namak nathi eka 2
makka_makka 2
MalindhaDR 2
creed1 2
dineshdcc 2
Harry Poter 2
AJ McLean 2
krish69 1
dilshan87 1
thilan_perera 1
Rajitha dilshan 1
inspiron 1
sat_12 1
Malith Malli 1
Adhikaram123 1
nkn 1
rigamage 1
harshana001 1
Arrow11 1
k10 1
Dadabbaraya 1
RiFTeR 1
jayadewa100 1
amilarnb 1
blogvampa 1
amilapunk 1
sahansira 1
isuru r 1
uduwake1980 1
tvw25 1
samanthaw 1
Ashman 1
lahiru.vithanage 1
dinesh4u 1
paththa 1
cvgdude 1
dtaluthge 1
sudumalli2009 1
masterit 1
Sams.Ryo 1
polkichcha 1
raveenaj 1
Mr UNKNOWN 1
uajanath 1
dmadushanka 1
Silly point 1
ManOfSteel 1
IsPra 1
Sara531 1
reddit 1
keshara 1
Double S 1
MihiCherub 1
genius,E=mc^2 1
richlife 1
KDH 1
funmalaya 1
u_make_me_sick_ 1
podi.kollo 1
wiky123 1
ghost99 1
A_S_I.T_H_A 1

ඔයාලා හැමෝටම මගෙ හද පිරි ස්තූතිය! ඔයාලා මෙහෙම ඉන්න නිසයි මට කතාව ලියන්න අවශ්‍ය දිරිය ලැබෙන්නේ.
ඒ වගේම vm,pm මගින් මාව දිරිමත් කරන හැමෝටමත් මගේ හදපිරි ස්තූතිය!
 

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
ඉතිං ඊට පස්සේ ඔබේ රන් පිළිරූ
පාට පාට දේදුනු සේ මා සිසාරා
මහද මැණික් පහනක් වූවා...

ඉතිං ඊට පස්සේ ප්‍රාර්ථනා වැස්සේ
කුරුළු පියාපත් හිස මැවුනා සේ
ගියෙමු පියාඹා දුර ආකාසේ
දේදුනු කැලුම් පෙම් සුවඳ විජිතයේ
ආනන්දනීය ආදරේ..."
 

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
11 කොටස.

එම ක්‍රියාවෙන් පසුව මම නැවත යාන්තමින් ඈ දෙස බැලුවද ඇය නම් නැවත බලන පාටක් නැත. මට ඇය දෙස ඇස්ගෙඩි දෙක ලොකු කරගෙන බලා සිටින්නටද බැරිය. මන්ද යත් මා එසේ සිටිනවා ඇස් කොනකින් හෝ ඇය දුටුවහොත්, මා කෙල්ලන් දිහා බලාගෙන සිටින පැනියෙකු ලෙස සිතන්නට ඉඩ තිබේ. කොල්ලෙකු ඇස්ගෙඩි දෙක ලොකු කරගෙන, ගොරක යකෙකු මෙන් තමන් දෙස බලා සිටිනවාට කිසිම කෙල්ලෙකු කැමති වේද. මේ නිසා මා ඇය දෙස ඕනෑවට වඩා නෙත් යොමන්නට ගියේ නැත. දැන් මට යන්නටද වෙලාව එළඔ තිබේ. නමුත් ඇය දෙස තවත් වරක් බලන්නට බැරිය. මා කලින් කළ ක්‍රියාවෙන් පසුව මගේ මුහුන ඇය විසින් දැකීමම පමණක් මට ප්‍රමාණවත් විය. මගේ යටි සිතේ තිබුනේ මට එදා ඇය දුටු සැනින්, ඇය කෙරෙහි ඇතිවූ හැගිමට සමාන හැගිමක් ඇගේ සිතේද ඇති වන්නේ නම් කියාය. නමුත් එවැන්නක් ඇතිවූයේද, නැද්ද යනන නම් දන්නේ ඇයම පමණි.

එදින මා පුස්තකාලයෙන් පිටවූයේ හදෙහි පුරවාගත් සතුටද සමගිනි. දැන් මට ඇයව මැවි මැවී පෙනීම තවත් වැඩිව තිබේ. නිතරම පාහේ ඇයව මතක් වෙයි. විවිධ බිය ජනක සිතිවිලි සිතට එන්නේද නැතිවා නොවේ. කලින් මෙන් මගේම හැගීම් දෙපසකට බෙදී රණ්ඩු කරණ වාරද අනන්තය. එම සැම රණෟඩුවක්ම අවසන් වෙන්නේ නැවත ඇයව දැකීමට ප්‍රිය කරන පාර්ශවයේ ජය ගැනීමෙන් පසුවය.

පහුවෙනිදා උදෑසන මම වෙනදාටත් වඩා උවමනාවෙන් රැව්ල කපා, හිස පීරා ලක ලෑස්ති උන බව නම් කිව යුතුය. යටි සිත කියන්නේම අදද අැය පුස්තකාලයට එන බවය. ඊයේ දිනයේ වේලාවටම අදද මම පුස්තකාලයට ගියේය. මගේ යටි සිත කී දේය හරිය. ඇය මට පෙර ඇවිත් ඊයේ සිටි තැනම අසුන් ගෙන සිටී. මමද ඊයේ සිටි තැනම අසුන් ගන්නට කියා පුටුව ඇද්දේය. ඒ සමගම ඇය දෙසද මා බැලුවේ නිරායාසයෙනි. පුටුව ඇදිමේදී ඇති වූ ශබ්ධය නිසාදෝ ඇය මා දෙස හිස ඔසවා බැලුවේය. සැබැවින්ම මේ වෙන විට මගේ හද ගැස්මේ වේගය නම් ඉතා වැඩිය. මා දෙස බැලු ඈ වෙත සිනහවකින් සංග්‍රහ කිරිමටද මට අමතක වූයේ එනිසාය.

පැය බාගයක් පමණ ගතවිය. ඇය කෙරෙහි අපූරු තොරතුරක් මට ලැබෙන්නේ එවිටය. ඇය අසලට පැමිණි පුස්තකාලයේ එම ශාලාව භාර නිලධාරිනිය ඇය අත යම් පාර්සලයක් තබා සෙමන් 'අම්මට දෙන්න පුතේ..' යැයි පැවසී. ඈයද හිස සලා සිනාසීය. එසේ නම් අදාළ නිලධාරී තුමිය ඇයව පුද්ගලිකව දන්නවා විය යුතුය. එසේ නම් ඇය නැවත පුස්තකාලයට එන්නේ නැතිව අතුරුදහන් වුවහොත් මට එම නිලධාරිතුමියගෙන් යම් විස්තරයක් හෝ ඇය ඉන්න ඉසව්වක් ගැන දැනගන්නට හැකි වෙනු ඇත. එය සිතට මහත් අස්වැසිල්ලකි.

දැන් නිලදාරී තුමිය සිටිනා නිසා මමද ඒ දෙස බලා සිටී. නිලධාරිතුමිය එතනින් නික්ම යනවාත් සමගම ඇය මා දෙස බලයි. එවර නම් මට සිනහා සෙන්නට හැකි විය. එවිට ඇගේ මුවේද මද සිනහවක් නොතිබුනො නොවේ.

මෙලෙසින් තවත් දින ගනනාවක් ගතවෙන්නේ විටින් විට මුහුන බැලීම පමණක් එකම ඇසුර කරගෙනය. එම ගත වූ කාලය මාසයකට වැඩි වුවද, අඩු නම් නැත. හරියට අප ගොලුවන් වැනිය. සැමදා දකිමි, දැන් දැන් හදුනන්නේය. නමුත් තවම එක් වචනයකුදු කතා කර නොමැත. ඇයව දැකීම මට දිනෙන් දිනම ප්‍රිය උපදවයි. දිනෙන් දින මෙසේ වචනයකුදු කතා නොකර මුහුනු බලමින් ගෙවූ කාලය තුළ සෑම දිනකම මගේ සිත තුළ අලුත් හැගීමක් ඇති කළ බව නම් කිව යුතුය. එම එක් එක් දිනයන් මෙහි විස්තර කළ නොහැක්කේ එය කතාවට උචිත නොවන ඒකාකාරී ස්වරූපයෙන් ඔබට වැටහිය හැකි නිසාය. කෙසේ නමුත් මුල් දින වල මෙන් නොව දැන් නම් ඇය මා දෙස උවමනාවෙන්ම බලා සිනාසෙයි. මාද ඇය දෙස උවමනාවෙන්ම බලා හිද සිනාසෙයි. එපමණක් නොව මා පුස්තකාළයෙන් පිට වෙන්නට නැගිටින විට දැන් ඇය මා දෙස බලන්නීය. මා හිස සොලවා ඇයට යන්නම් යැයි පවසයි. ඇයද සෙමෙන් හිස සලමින් මට යෑමට අවසර දෙන්නිය.

මෙතෙක් කළක් මගේ සිතේ ඇතිවි වැඩුනු මේ ප්‍රේමණීය හැගිම තව දුරටත් මට හිතේ තද කරගෙන සිටින්නට නම් බැරිය. නමුදු එය ඇය වෙත කියන්නටද බැරිය. බැලුවට හිස සැලුවට මා ඇයට මෙවැන්නක් කියන්නේ කෙසේද මගේ සිතේ තිබෙන්නේ ලොකු දෙගිඩියාවකි.

මේ ගැන මිතුරාට හෝ කියා හිතට යම් සහනයක් ලබාගත යුතුයැයි මට සිතුනි. මා සාමාන්‍යයෙන් ප්‍රශ්න මිතුරන්ට කියන්නේ ඉතාමත් අඩුවෙනි. කියනවාට වඩා උන් ඒවා මගෙන් හාරා අව්ස්සා දැන ගන්නවා කීවොත් මා නිවැරදිය. නමුත් ප්‍රශ්නයක් නොවන මෙය නම් නිකමට හෝ මිතුරාට කිව යුතු බව මගේ හිත දිගින් දිගටම කියයි. ඒ ගැන සිතා පාසල් කල සිට මගේ සැපට දුකට සිටි ඒ අඹයාලුවාට ඇමතුමක් ගත්තේය. 'මචං අද පත්තර ඒජන්සියේ වැඩ අඩු වෙලාවට පොඩ්ඩක් මාව හම්බුවෙන්න එන්න පුලුවන්ද' මා විමසීය. හේතු කිසිවක් නොවිමසූ ඔහු එයට එකගතාවය පළ කලේය. එසේ එන්නැයි කියූ කල හේතු නොවිමසීම ඔහුගේ හැටියකි.

කෙසේ හෝ දවල් වෙන විට මගේ රැකියා ස්තානයට ඔහු ආවේ 'මොකෝ බං සීන් එක' කියමිනි. මාද කිසිදු අඩුවක් නැතිව කතාව ඔහුවෙත දිග හැරියේය. එය පැවසූ සැනින් මට වඩා ඔහු සතුටු වෙන ගානය.ඔහුගේ මුහුන සතුටින් පරීගියේ මා බලාගෙන සිටියදීමය. 'කොච්චර දෙයක්ද මචන් මට නම් ඒ වාසනාවන්ත කෙල්ල අදම බලන්න ඕනේ' යැයි ඔහු පැවසූවේය. ඇය නම් දවසේම පුස්තකාලයේද දන්නේ නැත. නමුත් මට නැවත එහි යන්නට වේලාවක් නැත. එබැවින් මා මිතුරාට කියා සිටියේ අද බෑ බං යන්න ඕනි නම් ඒජන්සිය වහල හරි හෙට උදේ 10.30 ට වරෙන් කියාය. පසු දින මිතුරාද හරි වේලාවට එන්නට වැරැද්දුවේ නැත.

මා ඔහුට උපදෙස් දුන්නේ 'උඹ පුස්තකාලෙට ආවට කමක් නෑ හැබැයි මම ඉන්න මේසේ එහෙම ඉදගන්නවා නෙවෙයි' කියාය. මක් නිසාදයත් ඔහු මා අසල සිටියහාත් කෙල්ල මා දිහාද නොබලන බව නම් සහතිකය. ඔහුට තරමක් දුර සිට අප දෙස බලන ලෙස මා කීවේය. එවිට ඇයට ඔහුව නිච්චි නොවනු ඇත. ඔහුද එම වදන් ඒ ආකාරයෙන්ම පිළිපැද්දේය.

සුපුරුදු පරිදි මුහුනු බලමින් සිට, මුහුනෙන්ම ඇගේ අවසර ලබානෙ මාද නික්මුනි.

මා පුස්තකාලයේ පඩිපෙළ බැද එලියට විත් පසුපස බලන විට මගේ මිතුරාද මා අසලය. ඔහුගේ පළමු වචනය වූයේ උඹ වාසනාවන්තයි මචං. කියාය. මාද ඔහුට කීවේ ඔව් බං මාත් එහෙම හිතනවා යනුවෙනි. 'උඹ ඒක හිතනවා, මම ඒක දන්නවා' යැයි ඔහු කීවේ මගේ පිටට දඩාස් ගාමින් එකක් ගසන ගමන්ය. මේකා මේ මොනවද කියන්නේ යන්න සිතමින් මා ඔහු දෙස බැලිය. බැලින්නම් කෙල්ල මුන්ගේ ගමේ ගැහැනු ලමයෙකි. කුඩා කළ සිට ඇය ගැන විස්තර දන්නා ඔහු, ඇය ගැන හා පව්ලේ අය ගැන ඉතා හොද චරිත සහතිකයක් ලබා දුන්නේය. කෙල්ල සමග යාලුවීමට ගමේ කොල්ලන් කීප දෙනෙකුම පස්සෙන් ගොස් ඇතත් කෙල්ල උන් එකෙක් වත් සත පහකට මායිම් කර නැතිලු. දන්න තරමට ඇයට මින් පෙර කිසිදාක කොල්ලෙක් සිටද නැත. ඒ ගැන තවත් සොයා බලන්නම් යැයි මිතුරා පවසයි. එපමණක් නොව පුස්තකාලයේ එම ශාලාව බාරව සිටින නිලධාරීතුමිය ඇයගේ නැන්දා බවද ඔහු කියයි.:shocked: එබැවින් ඇයට ඇස ගැසෙන්නේ නැතිව දමන බැල්මක් දමන්න යැයි ඔහු කියයි.

ඔහුගේ එම වචන සියල්ල මගේ කනට ඉතාමත් මිහිරිය. සිත තුළ හටගත්තේද අධික ප්‍රීතියකි. ඔහු කිසිදාක මට අහිතක් කරන්නේ නැත, බොරු කියන්නේද නැත. එමෙන්ම ගම ගැන පමණක් නොව නගරය ගැනද හැම අස්සක් මුල්ලක් නෑරම ඔහු දනි. කුඩු කාරයාගේ සිට, උපාසකයා දක්වා ඔහු හදුනයි. ඉතින් ඔහු කියන මේ විස්තරයේ අඩුවක් තියෙන්නට නම් බැරිය.

විස්තර වල හැටියට කෙල්ලද මා මෙන්ම සාමාන්‍ය පව්ලක කෙනෙකි. ඇගේ දෙමාපියන් ගමේ මිනිසුන් හොදින් ආශ්‍රය කර සිටිනා අයයි. ආච්චි නම් තරමක් සැර පරුෂ තැනැත්තියක් යැයි කියයි. එය නම් මට අදාළම නොවේ. ඇය නම් සහෝදරියන් දෙදෙනෙකුගෙන් යුක්ත පව්ලේ වැඩිමලාය.

ආදර සම්බන්ධතාවයක් ඇතිවුවහොත් මගේ නිවසින් අවසර ගන්නට අවශ්‍ය සුදුසුකම් සියල්ල ඇයගේ පැත්තෙන් හරිය. මගේ පැත්තෙන්ද අඩුවක් නැතැයි තිතේ. මෙවැනි සිතුවිලි අතර හිරවී එකවරම පියවි ලොවට එන මා එතරම් දුරක් සිතිය යුතු නැති බවත්, එසේ සිතීමෙන් දුක පමණක් ඉතිරිවිය හැකිබවත් සිතා එක දිගට ඇදෙන ච්ත්ත රෑප පෙළ මැදින් කඩා දමයි.

කෙසේ නමුදු දැන් දැන් ඇය කෙරෙහි ඇති ආදරබර හැගීම මගේ සිතෙහි තව දුරටත් දළුලමින් වැඩෙයි. තවම වචනයකුදු කතා නොකර, කටහඩ පවා අසා නැති ඇයට එකවරම ආදරය පවසන්නට බැරිය. කියනවා නම් ආදරය ගැන කිවිය යුත්තේද ඍජුවම ඇයගේ ඇස්දෙස බලාගෙන යන්න මගේ අදහසය.

මෙසේ සිතමින් කල් ගෙවන අතර තුර වාසනාව කියන දෙය මා සොයාගෙන පැමිණියේය...

ත්‍රෙඩ් එකෙහි මා සමග රැදී සිට කමෙන්ට් කරන අයට මෙන්ම
pm හා vm එවා මා දිරිමත් කළ ඔබ සියලු දෙනා හට සැම විට මාගේ හදපිරි ප‍්‍රණාමය පුද කරමි.

මතුසම්බන්ධයි...
12 කොටස 60 පිටුවේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1770550&page=60
 
Last edited:

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ දවස් වල උබේ හදවත දඩ දඩ ගාල ගැහෙනවා ඇතිනේ , මටත් ඔය අවුලම තමා තියෙන්නේ හදවත පැනලා එලියට එන්ඩ වගේ :yes::yes:, ඔය වගේ යාලුවෙක් මටත් ඉන්නවා නම්, අපේ උන්ට මාව මතක් වෙන්නේ ඩේටා මදි වුනාම:(:(:(:(:(
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    දයා රෝහණ අතුකෝරාල මහත්තයාගේ දියුණුවේ රන් දෝරටුව කියවල තියනවද .මන් ලාගත් තියනවා පොත් තුනම ............ඉදල හිටලා කියවනවා .......ඇත්තටම වටින පොත් ටිකක් .............:yes::yes::yes::yes:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඉතින් මොකද වූනේ කියල ඉක්මනට කියනවකෝ බාතිය ...........:yes::yes::yes::yes::yes:
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ඒ දවස් වල උබේ හදවත දඩ දඩ ගාල ගැහෙනවා ඇතිනේ , මටත් ඔය අවුලම තමා තියෙන්නේ හදවත පැනලා එලියට එන්ඩ වගේ :yes::yes:, ඔය වගේ යාලුවෙක් මටත් ඉන්නවා නම්, අපේ උන්ට මාව මතක් වෙන්නේ ඩේටා මදි වුනාම:(:(:(:(:(
    ඒවෙලාවට එන හැගිමත් එක්ක එහෙම වෙනවා බං.
    ආශ්‍රය කරන්න හොද යාලුවෝ නැත්තං ආශ්‍රය නොකර ඉන්න එක තමයි හොද බං. මේ කතාවේ මම කියපු කපිල කියන චරිතෙ හැර අනිත් ඔක්කොම මගේ පොඩි කාලේ ඉදන් යාලුවෝ. අද වෙනතුරු පොඩි කාලේ ඉදන් හිටපු යාලුවෝ ටික ඇරෙන්න මචං ෆිට් එකෙන් ආශ්‍රය කරන්න හම්බුනේ ඔය කපිල කියන කෙනා විතරයි. ඊට අමතරව අර කියපු අයියා, කලින් කළමණාකරු, අදුරන තවත් අයියා කෙනෙක් වගේ කීප දෙනෙක් ඉන්නවා මට වඩා වැඩිමහල් අය. හැබැයි ඉතිං එයාලව මචං ෆිට් එකෙන් ආශ්‍රය කරන්න බෑනේ.

    :):):)
    patta. Pattama santosai :cool:
    :) බොහෝම ස්තූති මචන්.
     
    Status
    Not open for further replies.