ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

Status
Not open for further replies.

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
12 කොටස.

මේ කාළය වෙන විට සති දෙකකට වරක් වත් තරමක නිවාඩු පාඩුව ඇති සෙනසුරාදා දිනයේ පන්සල වෙත යෑම මාගේ පුරුද්ධකි. පන්සලේ තරමක් රැදී සිටීම හෝ සිතට අමුතුම නිදහසකි. පන්සලේ ඇති හදුන්කූරු සුවද,පොල්තෙල් පහන් දැල්වී නිවුනු පසු එන ඒ සුවද පවා සිතට මහත් සහනයක් සේ දැනෙයි. නමුත් අද නම් පන්සල් යන්නේ සිතට පහන් සිතුවිලි ඇති කර ගන්නට පමනක් නොවෙයි. පහුගිය සතියේ මෙන්ම මේ සතියේද, බෝ සමිදුට පැන් කළයක් වත්කොට යම් ප්‍රාර්ථනයක් කිරීම මගේ අරමුණයි. එම ප්‍රාර්ථනය නම් හුදෙක්ම ඇය මට ලබාදෙන්න කියා පමණක් නම් නොවේ. ඇය මට සුදුසුනම්, අප දෙදෙනා ගැලපේනම් පමණක් ඇගේ සිතේද මා පිළිබදව කැමැත්තක් ඇතිවිම මගේ ප්‍රාර්ථනයයි. එය සිතා මල් ටිකක්ද ෂොපින් බෑගයක දමාගෙන මා පන්සල් භූමිය වෙත ඇතුල්වූයෙමි. සුපුරුදු පරිදි සෙනසුරාදා දිනයේ පන්සලේ කීප දෙනෙකුම සිටින බව පෙනෙන්නට විය.

මා කෙමෙන් ඇවිද යන්නේ වෙහෙර වෙතටයි. මල්පුදා සෙමෙන් බෝ මලුව දෙසට හැරුණු මා එක් වරම දුටු දෙයින් හදවත ගැහෙන වේගය වැඩි විය. බෝ මලුවේ පහන් සූදානම් කරමින් සිටින්නේ වෙන කව්රුන් හෝ නොව ඇයයි. මා පුස්තකාලයේදී පමණක් දැක ඇති ඇය ඉන් පිටතදි මේ දකින්නේ පළමු වරටය. මේ ලැබුනු අවස්තාව නම් මග හරවා ගන්නට බැරිය. කෙසේ හෝ ඇය සමග කතා කළ යුතුම යැයි තීරණය කළ මා ඇය වෙත ගියේ එක් ක්ෂණයකිනි. ලගට යන විටම මාගේ කකුල් පමණක් නොව මුලු ගතම හොද හැටි වෙව්ලන බව නම් හොදින් දැනෙයි. මා දුටු ඇය සුපුරුදු ලෙසින් සිනා සුනේය. මා ඇසුවේ 'නංගි බෝදි පූජාවක් තියන්න ආවද' කියාය. එය නම් විමසන්නට දෙයක් නොවේ‍. ඇය බුලත් කොළ තබා ඒ මත පහන් තබා ලැස්තිවෙන්නේ බෝධිපූජාවට බව මා හොදින් දනිමි. 'ඔව් අයියා, ඔයා පන්සල් ආවද' ඇය විමසුවේය. ඇයද ඇසුවේ මා වැනිම උත්තර තිබෙන ප්‍රශ්නයකි.

අප දෙදෙනා කිසි දිනක කතා කර නැත. කතා කරන්නේම අදමය. නමුත් හොදින් දන්නා හදුනන අය සේ හිතට දැනෙයි. ඒ සිතින් නැතත් නෙතින්, හැගීම් වලින් අප බොහෝ කතා කර තිබෙන නිසා විය යුතුය. ඇයව බොහෝ සුපුරුදු සේ මට දැනෙයි. ඇයද මෙසේ කතා කරන්නේ මා අමුත්තෙකු සේ නොදැනෙන නිසා විය යුතුය. නැවතත් හඩ අවදි කළ ඇය 'අම්මත් එක්ක බෝධිපූජාව තියන්න ආවේ' සදුන් කිරිපැන් වලට සදුන් ගේනනට බැරිවී අම්මා කඩේට ගිය බව පවසන්නීය. 'අපරාදෙ කලින් ආවනම් මට ගෙනත් දෙන්න තිබුනා' යැයි මම කීවේ කටට ආවටය. අම්මා සිටියා නම් මා මෙලෙසින් ඇය සමග කතා කරන්නේ කෙසේද. (මා ඇතැම් විට ඔය වැනි ගොන් කතා කියයි) ඇය නැවතත් මල් සකසන්නීය.

නංගිගේ නම මොකද්ද? මගේ ඊලග ප්‍රශ්නය විය. මගේ මුහුන බැලු ඇය මධූෂි යැයි ඇය පැවසුවේය. (එය අනුවර්ථ නමකි) ඇය අසන්නට මත්තෙන්ම මම මගේ නම කියන්නට තරම් කළබල විය. ටික වේලාවකින් ඈත බැලූ ඇය. අර එන්නේ අපේ අම්මා යැයි පැවසූවේ. ඇගේ අම්මාද මේ දෙසට එමින් සිටී. දැන් එක්වරම මෙතනින් ලිස්යා යාම සුදුසු නැත. මා ඇයගේ මෑනියන් සමග සිනාසුනේය. මේ පුතා කව්ද.. ඇය විමසුවේ කරුණාබර හඩිනි. 'පුස්තකාලෙට එන අයියා කෙනෙක් අම්මේ..' යැයි ඇය පැවසුවේ කිසිදු හැන්ගීමක් නැතිවය. පුතා බෝධිපූජාවක් තියන්න ආවද? ඇය මගෙන් විමසන්නීය. දැන් මා ඇයට කතා කරන්නේ කෙසේද, ඇන්ටි කියා කියන්නට බැරිය. එය කිසිදු ලෙන්ගතු කමක් නැති වදනක් සේ මට දැනෙයි. එසේ නම් නැන්දේ කියන්නද? එයද එතරම් උචිත නොවන බව හැගෙයි.

ඇයට මා පිළිතුරු දුන්නේ ය. 'නෑ අම්මෙ මම වැදලා යන්න ආවා' යන්න එම පිළිතුරය. එය පැවසූ මා පෝධියටද පැන්කළයක් වත්කර හදුන්කූරුද දැල්වුවේය. මධූෂි සහ මව තවමත් බෝධිපූජාවට ලක ලැහැස්ති වෙමින් සිටී. මා යන බව ඔව්න්ට කියනවාද නැද්ද, යන්න මට ඇති මීළග පැනයයි. 'කතා කළ එකේ නොකියා යන එක කිසිසේත් සුදුසු දෙයක් නොවේ' යන්න මාගේ සිත කීවේය. ඔව්න් අසලට ගිය මා ප්‍රතමයෙන් මවට මම යනවා අම්මේ යැයි පවසා වැද අවසර ගත්තේය. මධූෂි ටද 'යන්නම් නංගි' යැයි කියා සිටියේ සිනහ පිරි මුවිනි. ඇයද සිනහ සී සුපුරුදු පරිදි හිස සැලුවේය.

ඔව්න් වෙතින් නික්මුන මා ගියේ විහාර ගෙය වෙතටය. එතැනින් පන්සලෙන් පිටවූ මා හට දැනෙන සතුට කියන්නට වචන නැත. මා ඇය සමග වදනක් හෝ කතා කරන්නට කෙතරම් කාලයක් බලා සිටියේද. අද මට එසේ කතා කරන්නට හැකිවූයේ අප දෙදෙනා අතර සාංසාරික බැදිමක් තිබෙන නිසාම යැයි මගේ සිත කියයි. සියලු දේ වී ඇත්තේ අප දෙදෙනාට කතා කරන්නටම කියනවා සේය. ඔව්න් පන්සලට පැමිණිම, මාද ඒ වේලාවේම පන්සල වෙත යෑම, ඇගේ මවට සදුන් අමතක විම වැනි සියලු කරුණු හරියට කළින් සැලසුම් කර ක්‍රියාත්මක කළ පෙළගැස්වීමක් වැනිය. මෙසේ සාර්තකව හැමදේම වෙන්නේ ඇය මට අයිති වෙන්නට ද? යන්න මම මටම කියා ගනි. අද නම් සිතට දැනුන සියලු හැගීම් වචන වලට කෙසේවත් පෙරලන්නට බැරිය. එතරම් සතුටක්, එතරම් සාර්තක බවක් මා සොයාගෙන ආවේ කෙලෙසින්ද යන්න මට සිතෙයි.

මීළගට එලඹෙන්නේ ඉරිදා දිනයයි. එදිනද සෙනසුරාදා මෙන් ඇය හෝ මම පුස්තකාලයේදී දකින්නේ නැත. මේ නිසා නැවත ඇය දකින්නට සදුදා තෙක් ඉවසන්නට සිදුවිය. එළඹෙන සෑම සතියේ දිනකම දැන් අප දකී. එපමණක් නොව යන විට හිසෙන් පමණක් නොව රහස් හඩින්ද එය ප්‍රකාෂ කරන්නට මා ඉදිරිපත් වූවේය. ඉන් නොනැවතුන අපි ඉද හිට වචනයක් දෙකක් කතා කරන තත්වයට දැන් හදුනන්නේය. මෙසේ තවත් මාස දෙකක් පමණ ගතවුනේ සිතේ සොදුරු ආදරබර හැගුම් තව දුරටත් වැඩෙමින්ය.

දිනක් මා පුස්තකාළයට යන්නේ වෙනදාට වඩා කලින්ය. මා පඩිපෙළ නගින විට තවත් අයෙක් පසුපසින් එනවා මෙන් දැනුනි. හැරී බැලූ මා එක් වරම දුටුවේ ඇයයි. ඇය පුස්තකාලයට එන්නේ මේ වෙලාවට විය යුතුය. මොහොතක් නැවතූ මා ඇය ඇමතුවේය. දැන් අප කතා කරමින් සෙමින් පුස්තකාලයේ පඩිපෙළෙහි ඉහලට නගි. මම ඇගෙන් විමසුවේ විභාගේ කරනවාද කියාය. ඇය දෙවැනි වර AL කරන්නීය. මගෙන්ද මොනවද කරන්නේ කියා අසන්නට ඇය ප්‍රමාධ වූයේ නැත. ඊට මාද ප්‍රතිචාර දැක්වූවේය. දැන් මා, ඇය පුස්තකාලයට එන වේලාව දනී. පුස්තකාලයට එන්නේ ඇයිද කියා දනී. එපමණක් නොව ඇගේ වයසද දනී. ඇයටද මගේ වයස දැන ගන්නට අවැසි වේයැයි සිතුන හෙයින් මා AL කළ වර්ශයද කියන්නට අමතක කලේ නැත.

එදින ඇතිවූ ඒ දෙබස් කෙතරම් සුන්දර හැගිමක් සිත තුළ ජනිත කළද පහුවෙනිදා නම් සිතට දැනුනේ මහත් වේදනාවකි. ඊට හේතුව නම් ඇය එන තුරු පුස්තකාලයේ බලා සිටි මාහට කෙතරම් වේලාවක් බලාගෙන සිටියද ඇගේ රුව දකින්නට නොලැබීම ය. ඊට පහුවෙනිදාද තත්වය එයමය. දැන් මගේ හිතෙහි ඇත්තේ මහත් කළබලයකි. ඇය මගේ සිතේ ඇති ආලවන්ත හැගිම දැනගෙන මාව මගහරින්නේද, එසේ නැත්නම් ඇය හට අසනීපයක්ද යන්න මගේ සිත නිතර නිතර ප්‍රශ්න කරයි. මේ කාලයේ රැකියා ස්ථානයේ වැඩද අතපසු වූ බව නම් නොකියාම බැරිය. නමුත් අන් අයගේ සහය නිසා ඒ කිසිවකින් ගැටලුවක් ඇතිවූයේ නම් නැත.

තව දින දෙකක් පමණක් ඉවසා මිත්‍රයා සමග ඇගේ නිවස අසලට ගොස් විපරම් කර බැලිම මගේ මීළග අදහසය. මිත්‍රයාටද මා එය පවසා සිටි බැවින් ඔහුද එයට එකගතාවය පළකර තිබිණ.

කෙසේ නමුත් හිතට මහත් අස්වැසිල්ලක් ඇතිකරමින් තුන් වැනි දිනයේදී නම් ඇය පුස්තකාළයට පැමිණියේය. පෙරදා මෙන් නොව මා පුස්තකාලයට ඇතුළුවෙන විටම ඇය පැමිණ ඇති බව මට දැනින. එසේ දැනුනේ ඇයව දකින්නටද පෙරය. ඒ මගේ සිතෙහි ඇය කෙරෙහි ඇති ඇල්ම නිසාම සිදුවූ දෙයක් විය යුතුය. මා ගොස් ඉදගත්තේ සුපුරුදු මේසයේ සුපුරුදු තැනය. ඇයද සුපුරුදු තැන සිට සිනහා වන්නීය. ගතවූ ඊලග මොහොතේ ඇය පොතක් සොයන්නටදෝ අසුනෙන් නැගිට්ටේය.

නමුත් ඒ පොතක් සොයන්නට නොව, ඇය ක්‍රමයෙන් එන්නේ මා අසලටය. ලගට පැමිණි රහසින් මට පවසා සිටියේ 'අපේ නංගි අසනීප වෙලා දවස් දෙකක් ගෙදර හිටියනේ අයියා. ඉතිං මට එයාව බලාගන්න උනා' යනුවෙනි. ඇය මෙසේ පැවසීම මොනතරම් අගනේද, එසේ නම් අැයට මා පිළිබද කුමක් හෝ හැගිමක් තිබිය යුතුය. අප දෙදෙනාම එකම සිතනවාදැයි මට සිතුනි. මොහොතකට නිශ්ෂබ්ධ වුනු මා ඇයට පැවසූවේ 'ඒක තමයි මම බැලුවා මොකද නංගි එන්නේ නැත්තේ' කියාය.

දැන් නම් මගේ හිතෙහි සිර කරගෙන සිටින ආලය තව දුරටත් නොපවසා සිටින්නට බැරිය. එම ආලවන්ත හැගීම තව දුරටත් මගේ හදවත තුළ පමණක් සිරකරගන සිටින්නට කොහෙත්ම ඉඩ හසර මදිය. ඇයගෙන්න ධනාත්මක ප්‍රතිචාර තිබෙන නිසා මා ඇයට ආදරය කරන බව පැවසුවහොත් ඇයද ඊට සුභවාදි ප්‍රතිචාර දක්වනු නියත යැයි මගේ සිත තරයේ කියා සිටියේය. නමුදු එය කීමට මෙය වේලාව නොවේ. ගහෙන් ගෙඩිඑන්නාක් මෙන් එක වරම මෙය ඇයට කියන්නට බැරිය. එවැන්නක් ප්‍රකාෂ කර සිටීමට තරම් මගේ හදවගේ අවශ්‍ය සූදානමද අද නැත.

සත්‍ය වශයෙන්ම ගැහැනු ලමයෙකු කෙරෙහි පිරිමි ලමයෙකුගේ සිතේ ඇතිවෙන අවංක ආදරයක් යනු, ප්‍රකාෂ කිරීමට ඉතා අපහසු දෙයක් බව නම් ඒ පිළිබදව අත්දැකිම් ඇති ඕනෑම අයෙකු දන්නවා විය යුතුය‍. වරෙක එය ප්‍රකාෂ කරන්නට සිතේ ඇත්තේ අධික බියකි. තවත් වරගෙක එය ප්‍රකාෂ කරන්නට ඇත්තේ දැඩි උවමනාවක් හා කළබලයකි. එකම අරමුණක් වෙනුවෙන් බිය, ආදරය, කැමැත්ත හා දැඩි උවමනාව වැනි මනෝභාවයන් සියල්ල එකට කැටි වෙන්නේ ආදරයක් ප්‍රකාෂ කර සිටින්නට යාමේදීම පමණි. මා රැකියාවේ කෙතරම් අභියෝග වලට මුහුන දී, දැන් සිටිනා තැනට ආ අයෙක්ද. පරිගණක වැඩසටහනක් තනන විට කෙතරම් නම් තාර්කික ගැටලු මනසින් විසදන්නට වන්නේද, නමුත් ඒ සියල්ලටම වඩා ආදරය ප්‍රකාෂ කිරීම නැමැති අභියෝගය මොන තරම් සිතට දැනෙන්නේද යන්න වග දන්නෝ දනිති යැයි සිතේ.

එසේ නම් ඇයට මෙය කියන්නේ කෙසේද? ඊට අනගි අදහසක් මතක් වු මාහට පසුදිනම එය ක්‍රියාත්මක කරවන්නට හැකිවිය.


ත්‍රෙඩ් එකෙහි මා සමග රැදී සිට කමෙන්ට් කරන අයට මෙන්ම
pm හා vm එවා මා දිරිමත් කළ ඔබ සියලු දෙනා හට සැම විට මාගේ හදපිරි ප‍්‍රණාමය පුද කරමි.

මතුසම්බන්ධයි...
13 කොටස 66 පිටුවේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1770550&page=66




 
Last edited:

iuwick

Member
Oct 12, 2016
103
3
0
එහෙ තමයි
giphy.gif
 

SanukaWick

Active member
  • Jul 31, 2016
    515
    43
    28
    ටික දවසකින් කිරියට ආවෙ, ආපු ගමන් එක දිගටම කියෙව්වා...
    ඔයාගෙ කතාව ගොඩාක්ම inspirational.
    මේ කතාව මගේ ජීවිතේ ගොඩාක් අඩුපාඩු හදාගන්න උදව්වෙයි කියලා හිතනවා...
     

    ajabenda

    Active member
  • Dec 29, 2010
    244
    24
    28
    Colombo
    එල සහෝ........ සුභ පැතුම්... රාත්‍රිය ඉක්මනින් එයි කියල හිතනවා....
     
    Status
    Not open for further replies.