14 කොටස.
සෙමෙන් සෙමෙන් ඇය මා සිටින තැනට ඇවිදගෙන එන්නීය. මගේ හදවත හැහෙන හඩ මටම ඇසෙන තරම් වේගවත් යැයි සිතේ. ඇයවිත් නතරවුනේ මා අසලය. නංගී.. යනුවෙන් පැවසූ මා ඇය වෙත සිනහවක් පෑවේය. ඇයගේ මුවේ ඇත්තේද මද සිනහවකි. මුහුන නම් තරමක් රතුවී ඇති බව පෙනෙයි. ඒ නම් මේ උදය වරුවේ කුඩයද ඉහලාගෙන පැමිණි ඇය හට හිරු රශ්මියෙන් ඇතිවූ පීඩාවක් නොවන බව මා හොදාකාරවම දනි. මම නැවතත් හඩ අවදි කලේය. 'මම ඔයාට ගොඩක් ආදරය කරනවා නංගි' යැයි මම පැවසුවේය. එහෙත් පෙර දින මෙන් එය පැවසීමට මා හට බියක් දැනුනේ නැති තරම්ය. ඇයද හඩ අවදි කලේ 'මාත් එහෙමයි අයියෙ' යනුවෙන් පවසමිනි.
මා ජිවිතයේ ඇසූ සොදුරුම වදන් පෙළ එයයි. මගේ හදට දැනුන ඒ සතුට දරාගන්නට පවා නොහැකි තරම්ය. මොහතක් මා හා ඇය ගොලුවී ගියේය. මා ඇය සමග සිනාසුනි. ඇයද සිනාසුනි. දැන් අප සෙමෙන් යන්නේ පුස්තකාළය දෙසටය. සැබැවින්ම ඇය මට වඩා මොන තරම් නම් එඩිතරද, ඇගේ මෙම ඍජු ගතිගුන ගැන මට ඇත්තේ ගෞරවයකි.
දහසක් දේ කිව යුතුයැයි සිතට දැනුනද මුව ගොලුවී ගොසිනි. ඇයද එලෙසින්ම ගමන් කරන්නීය. අදද මට ඇය සමග පුස්තකාලයට වී හිදින්නට බැරිය. අද නම් මා සිටියහොත් ඇයට පාඩම් කරන්නට නොහැකි වෙනු ඇත. මට එක්වරම හිතට එන්නේ ඇය නැවත පුස්තකාලයේ සිට ගෙදර යන විට මගට ඇය සමග ගමන් කිරිමය. මගේ මිතුරාගේ ගමට නගරයේ සිට කිලෝමීටර් දෙකහමාරකට වඩා වැඩි දුරක් යා යුතුය. ඒ දුර බොහෝ විට යන්නේ පයින්ය. එසේ නම් ඇය සමග මා ගියෝතින් අප දෙදෙනාට ගොඩක් කතා කරන්නට හැකිවෙනු ඇතැයි සිතුනි. මා ඇගෙන් විමසුවේ 'නංගි හවස කීයටද පුස්තකාලයෙන් යන්නේ' කියාය. ඇය '2.30 ට විතර' කියා ඊට ප්‍රතිචාර දැක්වුවේය. මා ඇගෙන් මීළගට විමසුවේ 'ඒවෙලාවට මම එන්නද ඔයාව මගට ඇරලවන්න' කියාය. ඇයද 'හා' කියා හිස සැලුවේය. 'එතකොට අයියා පුස්තකාලෙට එන්නේ නැද්ද' ඇය විමසා සිටී. මා ඇයට පැවසුවේ මා ආවොත් ඇයට පාඩම් කරන්නට නොහැකි වෙන බවය. සවසටද එන බැවින් මා ආවේ නැති වුනාට කමක් නැතිදැයි මා විමසා සිටියේය. ඇයද ඊට එකග වුනේය. පුස්තකාලයේ අපව හොදින් හදුනන පියගැටපෙළ ඉහලට පමණක් ගිය මා නැවතුනේය.
ඇය මට කියා සිටියේ පරිස්සමෙන් යන්න, බුදුසරණයි කියාය. මාද බුදුසරණයි යැයි පවසා එතැනින් නික්මුනේය. අද පාරේ යන මාහට දැනෙන්නේ වචනයෙන් විස්තර කරන්නට බැරි පුදුමාකාර සතුටු දායක හැගීමකි. මා ජීවිතයම ජය ගත්තා බදු හැගීමක් මට දැනෙයි. මා කෙතරම් වාසනාවන්තදැයි සිතෙයි. මම මෙච්චර පින් කරලා තියනවාද යන්න මා මටම කියා ගනී. මා හට ජීවිතයේ දැනුන වැඩිම සතුටක් උපදවන ජයග්‍රාහී හැගීම මෙයය. මා ශාකා කළමණාකාර ධූරය ලැබ මෙහි ආ දවස හෝ මෙවැනි ජයග්‍රාහී හැගීමක් සිතට දැනී නැත. මේ වෙන විට රැකියාවේ මගේ සේවය අගයා ලැබිය හැකි හොදම ඇගයිම් දෙකක් ලබා තිබුනද ඒ එක් අවස්තාවකදීවත් මෙතරම් ජයග්‍රාහී මෙන්ම ප්‍රීතිමත් හැගීමක් නම් සිතට දැනී නැත. සතුට පුරවා ගත් සිතින් රැකියා ස්තානයට ගිය මා මුලින්ම කලේ මගේ මිතුරාට ඇමතුමක් දී මේ සුභ පණිවිඩය ඔහුගේ කන තැබිමය. හේ කෑ ගසන්නේය. කේක් ඉල්ලන්නේය. දුරකතනයේ අනෙක් පැත්තේ එකම යුද්ධයකි.
දැන් සවසට මා ඇය බලන්නට යා යුතුය. ඊට පෙර සූදානම ඇති කර ගත් මා, අවශ්‍ය කරන වේලාව සකස් කර ගැනීමට උවමනා කරුණු සපුරාලමින් සිටී. ඒ අතරේද සැම තැන මැවෙන්නේ ඇගේ රුවයි. රුව පමණක් නොව ඇගෙ වදන්ද මා හට ඇසෙයි. ඇයට අද සවස කුමක් හෝ දිය යුතුයැයි මට සිත් වුනේ එක වරමය. මා විසින් ඒ සදහා තෝරා ගත්තේ චොක්ලට් එකක් සහ අලංකාර පෑනකි.
ඇය සමග ගම අසලට පයින් ඇවිදගෙන යෑම මගේ අරමුණයි. මෝටර්රතයේ ගියෝතින් නම් කිලෝමිටර් දෙකක් දෙකහමාරක් යනු නොදැනෙන දුරකි. එවිට අපට කතා කරන්නට පවා බැරි වෙනු ඇත. මේටර් රතය තැනක නවතා ඇය සමග කතා කර කර සිටීම ඇයට කිසිසේත් හොද නැත. එබැවින් ආයතනයේ රථගාල තුලම මෝටර් රථය තිබියදී පයින් යන්නට මා තීරණය කලේය.
සවස ඇය කියූ වේලාවට මා පුස්තකාලයේ පඩිපෙළ අසල සිටගෙන සිටී. හරියටම වේලාවට මා දෙසට ඇවිද එන්නේ ඇයයි. දැන් අප දෙදෙනා පාරදිගේ සෙමෙන් ඇවිදගෙන ගමන් කළද කතා කරන්නට දෙයක් නැතිය. මා ඇයව පාරේ අයිනට දමා, මා වාහන එන පැත්තෙන් යන්නේය. නිශ්ෂබ්ධතාවය බිදිමින් මා ඇය වෙත කියා සිටියේ මම ඊයේ ගොඩක් බයෙන් සිටියේ කියාය. ඇය සෙමින් සිනාසෙයි. මද දුරක් ඇවිද ගිය ඇය මමත් බය වුනා යැයි පැවසීය. ඊයේ මා ආදරය ප්‍රකාෂ කිරීමෙන් පසුව පුස්තකාලයට ගිය ඇය හට සැම තැන මැවී පෙනුනේ මා බව කියන්නීය.
ඇයටද පෙරදින රාත්‍රියේ නින්ද ගොසින් ඇත්තේ ඉතාම අඩු වේලාවකි. ඇයනම් හරිම අව්‍යාජය, නිරහංකාරය ඇතැම් කෙල්ලන් මෙන් බොරු රගපෑම් ඇයගේ නැත. සිතට එන දේ කෙලින්ම කියයි. මට ඈ කෙරෙහි ඇතිවූයේ අප්‍රමාණ ප්‍රසාදයකි.
මෙය ඇයගේ කුළුදුල් ප්‍රෙමය බව මා හොදාකාරවම විස්වාස කරමි. විස්වාසය පමණක් නොව මගේ මිතුරා පවසන ආකාරයටද එය එසේය. එසේ නම් මගේ සිතේ කලින් ඇතිව තිබූ තත්වය නිසා ඇය මාව ප්‍රතික්ෂේප කරාවිද. මෙය නම් මගේ සිතේ ඇති එකම බියයි. බිය වුවද එය අදම ඇයට පැවසිය යුතුය. එවිට මා එපා නම් ඇයට සිත හදා ගැනීමට තරමක් හෝ පහසු වෙනු ඇතැයි සිතින. මා ඇයට කියා සිටියේ පොඩි ප්‍රශ්නයක් කියන්න තියනවාය කියාය. ඇය ඒ කුමක්දැයි තරමක් විස්මයෙන් මෙන් මගෙන් අසයි. මා ඇයට කියා සිටියේ වසර පහකට පමණ මත්තෙන් මා අයෙක් කෙරෙහි ආලයෙන් පසුවූ බවය. තත්පර කීපයක් නිෂ්ශබ්ධ වුනු ඇය, ආයි ඔයා කවදාවත් එයත් එක්ක යාලුවෙන්න යන්නේ නෑ නේද යැයි විමසීය. මා එය කෙදිනකවත් නොවන බව පවසා ඒ පිළිබදව ඇය කියන ඕනෑම තැනක දිව්රා පොරොන්දු වෙන්නට හැකිබවත් කියා සිටියේය. එසේ දිව්රන්නට අවශ්‍ය නොවන බවත් මගේ ආදරය ඇයට දැනන බවත් ඇය කියයි. ඒ ගැන ඕනි විස්තරයක් තියනව නම් අහන්න, මම ඔයාට කියන්නේ 100% ක් ඇත්ත බවද මා ඇයට කිය. මොකුත් අහන්න ඕනි නෑ ඒ කෙල්ල නෙවෙයි වාසනාවන්ත මම නේ ඔයාව ලබන්න වාසනාවන්ත යැයි ඈ පවසන්නීය.
'මම නම් කලින් යාලුවෙලා නෑ'. ඇය කියන්නීය. ඇය සමග යාලුවෙන්නට ගමේ මෙන්ම පාසලේ කොල්ලන්ද බොහෝ සේ පස්සෙන් ආ බවද කෙදිනක වත් කා ලග හෝ හිත නතර නොවූ බවද ඇය කින්නීය. එය මගේ සිතට නම් මහත් සතුටකි. එවැනි සතුටක් ඇගේ සිතට අත් කර දෙන්නට බැරිවීම ගැන දුකක්ද මගේ සිතේ වෙයි.
දැන් ඇයගේ ගම අසලටම පැමිණ ඇත. මා ඇයට පැවසුවේ එහෙනම් මම නවතින්නම් යන්නය. ඇයද එයට එකග වූයේය. මා ඇයගේ දුරකතන අංකය ඉල්ලා ඇය වෙත මිස් කෝල් එකක් දුන්නේ මගේ අංකය සේව් කර ගැනිම සදහාය. එසේ නම් අදට ඇයට සමු දිය යුතුය. මා ඇයට පාරේ අයිනෙන් යන ලෙස පවසා, පරිස්සමින් යන්නද කීවේය. ගෙදර ගිය ගමන් මට එස්එම්එස් පණිවුඩයක් එවන ලෙසද මා ඇයගෙන් ඉල්ලා සිටියේය. ඇය 'හොදයි තාත්තේ...' යනුවෙන් කියා සිටියේ ආදරයෙනි. තරමක දුරින් පෙනෙන වන්ගුවෙන් ඇය නොපෙනී යන තුරුම මා ඇය දෙස බලා සිටියේය. ඇයද දෙවරක් පමණ හැරී මා දෙස බලා ඉදිරියට ගමන් කරන්නීය.
සවස නිවසට පැමිණි මා, ඇයට අසාධාරනයක් නොවන්නට මගේ ලග ඇති පූර්ණිගේ මතක සටහන් ඉවත් කරන්නට ගත්තේය. මතක සටහන් කියා මා සතුව වැඩි දෙයක් නම් නැත. මගේ පුද්ගලික ඡායාරූප ඇල්බමය තුළ, ඒ දවස පූර්ණීගෙන් ඉල්ලා ගත් ඡායාරූප තුනක් තිබේ. මා මුලින්ම කලේ එම ඡායාරූප තුන මව ලග ඇති පව්ලේ අයගේ ඡායාරූප ඇල්බම වෙත දැමීමය. එම විෂාල ඇල්බමයේ නම් පව්ලේ නෑදෑයින් බොහෝමයකගේ ඡායාරූප වෙයි. පූර්ණිගේ කුඩා කළ ඡායාරූප මෙන්ම දැන් චායාරූපද එහි තිබෙන බැවින් මා සතුව තිබූ ඡායාරූප තුනද ඊට දැමීම ගැටලුවක් නොවෙයි. පූර්ණිගේ පසුගිය උපන්දින පහටම ඇය වෙනුවෙන් බෝධිපූජා කළද මින් ඉදිරියට ඇයගේ උපන්දින වෙනුවෙන් බෝධි පූජා නොකරන බව මා සිතා ගත්තේය. වෙන නම් ඇත්තේ මාගේ පැරණි දුරකතනයයි. එය මගේ කුඩා කළ සෙල්ලම් බඩු ආදිය ඇති පෙට්ටියේය. තවද පූර්ණි ඉතා ප්‍රිය කරන මගේ ශර්ට් දෙකක් තිබේ. ඒවා මවගේ අල්මාරියේ රෙදි අස්සේ එබුවේය. මගේ අදින්නේ නැති ඇදුම් බොහෝමයක් මව අල්මාරියේ දමාගෙන සිටින බැවින් එය ගැටලුවක් නොවේ. මෙවැනි මතක සටහන් ඉවත් කරන්නට වූයේ ඒවා මගේ සිතට වද දෙන නිසානම් නොවේ. නමුත් දැන් ඒවා මා සන්තකයේ තබා ගැනිම අසාධාරනය.
පහුවෙනිදාද පෙර මෙන්ම අප හමුවුණි. ඇය මගෙන් අසා සිටියේ 'මේ ගැන ගෙදරට කියමුද' කියාය. ගිය වර AL ලියා අවසන් කර, ප්‍රතිඵල එන්නටද මත්තෙන් මීලග වාරයේ විභාගය සදහා ලක ලැහැස්ති වෙන ඇය දැන්ම මේ පිළිබදව නිවසට කිව්වෝතින් දෙමව්පියන් විරුද්ධ වේවි යැයි මා බිය වූණි. මගේ නිවසින් නම් කැමැත්ත ගැනීම කෙසේවත් අපහසු නැත. මා හැම විටම නිවැරදි තීරණ ගන්නා බව මැණියන් මෙන්ම පියානන්ද තරයේ විස්වාස කයි. එබැවින් මා ඇයට පහදා සිටියේ විභාගේ ඉවර වෙනකන් මේ ගැන නිවසට නොකියා සිටිමු යන යෝජනාවද සමගිනි. ඇයද ඊට එකග විය.
දිනෙන් දින ගතවෙත්ම අපගේ අදහස් කොතරම් ගැලපෙන්නේද යන්න පිළිබදව අප දෙදනාටම පුදුමය. මා යමක් සිතන්නේ නම් ඇයද එය එලෙසින්ම සිතන්නීය. අප දෙදෙනා කිසිදා බැණගෙන නැත. අඩුම තරමේ රවා බලා හෝ නැත. ආදරය පටන් ගත්දා සිට මා මෙය ලියන මොහොත දක්වාම අප දෙදෙනා එක් විනාඩියකට හෝ තරහා වී සිට නැත.
ඇය සෑම විටම මාගේ අදහස් වලට ගරු කරන්නීය. මාද සැම විටම ඇයගේ අදහස් වලට ගරු කරයි. ඇය විටක මට මවක බදුය. තවත් විටක මාගේ හොදම මිතුරියයි.තවත් විටක මගේ ගුරුතුමියයි.
දුකේදී හැඩුමට සැපේදී
සිනාසෙන්නට ළඟ ඉදන්
තවත් අම්මා කෙනෙකු ඇත්නම්
නුඹයි ඒ අම්මා
සොඳුරියේ නුඹයි ඒ අම්මා
අහස මෙන් ලත් චෝදනා
පොලොව මෙන් දුක් උහුලනා
මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපදීලා
සොඳුරියේ නුඹේ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා
සිතට සැනසුම් කල්පනා
ගෙනෙන පාදා වාසනා
තනා ටජ්මහලයක් පිවිතුරු සෙනෙහෙ ගංතීරේ
සොඳුරියේ නුඹේ රුව අඹා ගමි මහද මන්දීරේ
මෙලෙසින් ඉතාමත් ආදරණීයව අපගේ දවස් ගතවෙන්නේ නැවත කාළය තම ශක්තිය ප්‍රදර්ශනය කරන්නාක්මෙනි. සෙනසුරාදා ඉරිදා හැර සතියේ දවස් පහේම දැන් අප දෙදෙනා මුන ගැසෙයි. සෙනසුරාදා සහ ඉරිදා නම් ඇය එකව්න්ට්ස් හා ඉකෝන් ක්ලාස් දෙදකකට යන බැවින් මුන ගැසෙන්නට වෙන්නේ නැත. උදෑසන ඇය සමග ගමේ අක්කා කෙනෙකු නගරයට පැමිනෙන බැවින් මා ඇය එක්කන් එන්නට ගම්දොරට යන්නේ නැත. සුපුරුදු පරිදි පුස්තකාලය අසලට විත් මා ඈ එනතෙක් සිටී. එසේ ඇගේ මුහුන බලා වදනක් හෝ කතා කර රැකියා ස්තානය කරා යන මා සවසට පා ගමනින්ම ඇයව ඇරලන්නට යන්නේය. එබැවින් අප දෙදෙනාට බොහෝ සේ කතා කරන්නට අවස්තාව හිමිවේ. දැන් දැන් නම් කෙතරම් කතා කළද මදිය. ඇති තරම් කතා කරන්නට දේ අප හට තිබේ.
ත්‍රෙඩ් එකෙහි මා සමග රැදී සිට කමෙන්ට් කරන අයට මෙන්ම
pm හා vm එවා මා දිරිමත් කළ ඔබ සියලු දෙනා හට සැම විට මාගේ හදපිරි ප‍්‍රණාමය පුද කරමි.
Last edited: