මීතොටමුල්ල යාපනේ තිබුණානම්.......
මීතොටමුල්ල තිබුනේ යාපනේ යැයි
උපකල්පනය කලෙමි......
*මුලින්ම සිරිසේන ජනාධිපතිතුමා සිද්ධිය වූ ස්ථානයට ගුවනින් ලඟා වී එහි ගොස් තත්වය විමසා බලනු ඇත..
* රජය විසින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කොට හමුදා සාමාජිකයන් හාරපන්දහසක් එම ස්ථානයේ මුදාගැනීම් කටයුතු වලට යොදවනවා ඇත
*ජනාධිපතිතුමා සතියක් පමණ යාපනයේ නැවතී යාපනයේ සුභාෂ් හෝටලයේ හදිසි කැබිනට් රුස්වීමක් පවත්වනවා ඇත
*මියගිය අයට උපහාරයක් ලෙස සියලු උත්සව අවලංගු කොට සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කරනු ඇත
*පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ප්‍රථම වතාවට යාපනයේදී දැකගන්නට හැකිවනු ඇත
*අවතැන්වූ ජනතාවට අවශ්‍ය බඩු භාණ්ඩ රැගත් විශේෂ දුම්රියක් දිනපතා කොලඹින් යාපනය දක්වා ගමන් අරඹනු ඇත
*විදේශ තානාපති කාර්යාල හරහා බටහිර රටවල් වල නායකයන්ගේ කණගාටුව ප්‍රකාශ කරනු ඇත
*ඉන්දියාවේ සිට අවතැන්වූවන්ට අවශ්‍ය බඩු භාණ්ඩ සහිත නැව් තුනහතරකුත් හදිසි වෛද්‍ය කණ්ඩායම් කිහිපයකුත් දිවයිනට ලඟාවනු ඇත
***අගමැතිතුමා සිය විදේශ සංචාර වහාම අවලංගු කර දිවයිනට ලඟාවී කෙලින්ම යාපනය බලා පිටත් වනු ඇත
*සිද්ධිය අනුස්මරණ සඳහා සෑම වසරකම අප්‍රේල් දහහතර වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ගැසට් පත්‍රයක් මුද්‍රණය කරනු ඇත.එයට ජනාධිපතිතුමා යාපනයේදී අත්සන් කරනු ඇත
*සෑම නිවසකම සුදු කොඩි ඔසවා රජයේ ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස නිවේදනය කරනු ඇත
*එම කුණුකන්ද වහාම හම්බන්තොට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය වෙත රැගෙන ඒමට පියවර ගනු ඇත(එය දැනට භාවිතා නොකරන නිසා)
*කුණු එම ස්ථානයෙන් අයින් කල පසු මියගිය අය සිහිවීමට එම ස්ථානයේ ස්මාරකයක් ඉදි කරනු ඇත..
*අවතැන්වූ ජනතාවට හමුදා කඳවුරු ඉවත්කොට මුදවා ගත් ඉඩම් වලින් අක්කර දෙක බැගින් ලබා දීමට ඉඩම් ඇමතිතුමා නිර්දේශ කරනු ඇත
*මියගිය අය සඳහා මෙතෙක් රජයක් විසින් ලබා දුන් ඉහලම වන්දිය ලබා දෙනු ඇති අතර විනාශ වූ නිවාසවල අැස්තමේන්තු ගත මුදල මෙන් පස්ගුණයක මුදලක් දින හැටක් ඇතුලත ලබා දීමට කැබිනට් පත්‍රිකාවක් අනුමත වෙනු ඇත
-උපුටා ගැනිමකි.