ඔෆිස් ජීවිතේ ගොඩදාගැනීම.

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,830
    4,471
    113
    එපා වෙලානම් වෙන තැනකට පලකො.:frown: හිටපං මම ඒ ටිකත් කොටන්නම් නිවී හැනහිල්ලෙ.:yes:

    එල .තාම 1ක් සෙට් උනේ නැහැ :(:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට මගේ දන්ත සංරක්ෂනවේදය පිළිබදව මහාචාර්ය තුමා (දෙකක් දාල ඉන්න වෙලාවක) කීවේ

    ...........Don't ever go after money,
    But go after GOODWILL...............

    කියලා......
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැක්කෙ නැහැ වගේ ඉන්න ඕනි..
    ඒත් වටින අදහස් ටිකක් නිසා කොමෙන්ට් නොකර බැහැ..
    එලකිරි මෝරයියෙ...
    You must spread some Reputation around before giving it to Minimuthu Mora again.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එල එල
    තව වැඩිකල් මගෙනම් ජොබ් කරන යන්න කලපන්වක් නැහැ
    තමන්ගේ මොකක් හරි දෙයක් කරනවා ඒ ගමන් විනොදන්ස්හෙට වගේ ඉගෙනගන්නවා එක එක සබ්ජෙක්ට් :baffled::baffled:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    මෙන්න දෙවෙනි කොටස.

    ඔයාට ඔෆිස් එකෙන් යන්න අවස්තාව ඇවිත් කියල හිතාගන්න පුලුවන් කරුණු මොනවද? මෙන්න මේවා මටනම්;

    උදේ පාන්දර අවදිවුනාම ඔෆිස් යන්න ඕනි කියන සිතුවිල්ල මහා අප්රසන්න එකක් විදියට දැනෙනවනම්.
    තමන්ට අනාගතයේ ඉදිරියට යන්න ඉඩ ප්රස්තාව ආයතනය තුල නැත්නම්.
    අවුරුදු ගානක් කැපවීමෙන් වැඩකරලත් පඩි වැඩිවීමක්, සේවා උසස්වීමක් ලැබෙන්නේ නැත්නම්.
    තමන්ගෙ පුද්ගලික ජීවිතයෙ වැඩවලට අරමුනු වෙන්න බැරි තරම් ඔෆිස් එකේ ප්රශ්න මතක් වෙනවනම්.
    තමන්ට හරියන්නේ මේ ක්ශේත්රය නෙවේ වෙන දෙයක් කියල පැහැදිලිව පේනව නම්. (මේක ටිකක් අවදානම් දෙයක්. ඒත් තම්න්ට හරියන දේ හොයාගත්ත දාට ඔයා දිහුණුවෙ ඉහලටම යනවා කාටවත් වලක්වන්න බෑ, මාත් දෙපාරක් ෆීල්ඩ් එක වෙනස් කලා.)

    ඔෆිස් එකෙන් අස්වෙන්නෙ කොහොමද?

    මෙතනදි මූලිකම කරුණු දෙකක් තියෙනවා.

    එකක් තමයි ඔෆිස් එකෙන් රෙසිග්නේශන් දුන්නට පස්සෙ ඔයා පිච්චියට වැටෙනව කියන එක:yes:.
    දෙවෙනි කාරණේ තමයි ඔයා ඔෆිස් එකෙන් අයින් වෙන්නෙ තරහ වෙනව කියන එක නෙමෙයි බව. ආයෙ ඔෆිස් එකේ බොස් දැක්කොත් කතා කරන්න පුලුවන් තත්වයක් තියාගන්න ඕනි.:yes::yes:

    ඔෆිස් එකෙන් අස් වෙන්න තීරනය කලාට පස්සෙ පලමුවෙන්ම කරන්න ඕනි දෙය තමයි තමන්ගෙ ප්රදානියට ඒ පිලිබදව දන්වන එක. හොදින් කතා කරල අවබෝද කිරීම වැදගත්. අස් වෙන්නෙ කියන්න පුලුවන් සහ අදාල කාරනයකට නම් කියන්න, එහෙම කියන්නම ඕනි කියල නියමයක් නෑ.
    ඔයාගෙ බොස්ට අස්වීම බාර නොගෙන ඉන්න බෑ. ඔයාටත් හිටි හැටියෙ අස්වෙන්න බෑ. මාසයක් ඉන්න ඕනි ඔයා ස්තිර සේවකයෙක් නම්.

    පැහැදිලි ඉල්ලා අස්වීමේ ලිපියක් බාර දෙන්න ඕනි. ආයතනය විවේචනය කරන්නවත්, කලකිරීම ප්රකාශ කරන්නවත් ඒ ලිපිය යොදා ගන්න එපා. තේරුමක් නෑ. තම කැමැත්ත මත ඉල්ලා අස්වන බවත්, ඉදිරි මාසයක කාලය තුල තමන් අතින් ඉටුවීමට ඇති ඉතිරි සේවා කටයුතු සිදුකරන බවත්, මෙතෙක් කාලයකට තමන්ට පුද්ගලිකව සහ වෘත්තීයව ධක්වූ සහයෝගයට ස්තූති කරන බවත් පවසන්න.

    රෙසිග්නේශන් දුන්න කියල වෙනසක් පෙන්වන්නෙ නැතුව අන්තිම මොහොත දක්වා පෙරටත් වඩා උනන්දුවෙන් වැඩ කටයුතු කරන්න.

    සියලුම ණය තුරුස් ගෙවා දමන්න,වැඩ අවසන් කිරීමේ සටහනක් (තමාව අව්ස්යනම් සම්බන්දකරගත හැකි ආකාරය, තමන්ගේ ලිපිගොනු ස්තානගත කර ඇති ආකාරය ආදිය )

    සේවා ලිපියක් අනිවාර්යයෙන්ම ලබාගන්න.

    තමන්ට නියමිත හිග වැටුප් , ග්රැටිවිටි, ඊ ටී එෆ් ලිපි ආදිය ලබාගන්න. (මේ සම්බන්දයෙන්නම් නීතිමය දැනීමක් ල්දන්න කෙනෙක්ගෙන් අහගන්න වෙනවා )

    හරි දැනට මෙච්චරයි. ආයෙ විස්තර ගෙන එන්නම්.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඔරවන්න එපා... :P:P
    මට දවසකට හරි, එක වචනයකට හරි උදව් කරපු එකෙක්ට / තැනකට මට කෙළවුනත් කෙළවෙන්න දෙන්න හිතෙන්නෙ නැහැ මට... පුද්ගලික ජීවිතෙත් එහෙමයි.. රාජකාරි ජීවිතෙත් එහෙමයි.. දැන දැන දරාගෙන ඉන්නවා..:yes:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔරවන්න එපා... :P:P
    මට දවසකට හරි, එක වචනයකට හරි උදව් කරපු එකෙක්ට / තැනකට මට කෙළවුනත් කෙළවෙන්න දෙන්න හිතෙන්නෙ නැහැ මට... පුද්ගලික ජීවිතෙත් එහෙමයි.. රාජකාරි ජීවිතෙත් එහෙමයි.. දැන දැන දරාගෙන ඉන්නවා..:yes:

    හා:baffled:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,238
    1
    13,135
    113
    Gotham City
    මල්ටි නැෂනල් කම්පැණි එකක පඩි නැතිව හරි මුලින්ම වැඩ කරන එක්කෙනෙක්ට එක්ස්පීරියන්ස් ගන්න එක වටිනවා.
    අයිස් ගහන්න තියෙනවා කියලා ඒ වගෙ කම්පැණි වල ඉන්න එක තෙරුමක් නැහැ. තමන්ට දියුණුවක් නැහැ.දන්න දේත් මොට්ට වෙනවා.අනික අයිස් ගහන එක ස්ට්‍රෙස් එකෙ වැඩ කරන එකෙක් ඉස්සරහා රස කර කඩ කිව්වාට කියන තරම් රසයක් නැහැ. එපා වෙනවා වැඩෙ ටික කලක් යද්දි.
    ඔය ආණ්ඩුවෙ ජොබ් කරන එකෙක් සහ හොඳ මල්ටි නැශනල් කම්පැණි එකක වැඩ කරන එක්කෙනෙක් බලන්න.
    පෙනුමෙන්ම වෙනස කිව්ව හැකි.